samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]





images+(1)මෙම ලිපිය මා අතට පත්කරන්නේ මා මිත්‍ර මුස්ලිම් ජාතිකයෙකි. ඔහු මැනවින් සිංහල දෙමළ හා ඉංගිලිසි (කකාගෙන් මා උගත් වචනයකි) භාෂා හසුරුවයි. ඔහු විසින් පුවත් පතට ලියන ලද මේ ලිපිය මා අතට පත් කළේ සමකය වටේ අඩවියට ගැලපේදැයි අසමිනි. මෙතැන් සිට කියවන්න ෆවුස් මොහොමඩ් සිංහලෙන් ලියූ දෑ. මෙය අප කවුරුත් කියවා අදහසක් ගත යුතු ලිපියකි.


ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත.

14053929-muslim-arabic-children-with-teacher-at-school
නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම නිදසුනය.


මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් ගාලු කොටුවේ ජීවත්වන මුස්ලිම් ජන කොට්ඨාසය ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ ජාතිකයන්ගේ ප්‍රධානතම භාෂා වන්නේ ද සිංහල හා ඉංග්‍රීසිය.

එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු මුණගැසුණුවිට දෙදෙනාම කතා බහ කරන්නේ දෙමළ බසිනි. එමෙන්ම එය මුස්ලිම් ජාතියේ අනන්‍යතාවයක් බවට ද පත්වී තිබේ.

එහෙත් ලෝකයේ සෙසු රටවල්වල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ මවුබස පිළිබඳව සොයා බැලීමේ දී අප රටේ මුස්ලිම් ජනතාවගේ මවුබස පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පැන නගී.ලොව ඕනෑම රටක මුස්ලිම් ජනයා ඒ ඒ රටවල මවු භාෂාව නැතහොත් ප්‍රධාන භාෂාව තම මවුබස බවට පත්කරගෙන සිටිති. අමෙරිකාවේ මුස්ලිම්වරුන් ඉංග්‍රීසි බසින් ද, චීනයේ මුස්ලිම්වරුන් චීන බසින් ද, රුසියාවේ මුස්ලිම්වරුන් රුසියානු බසින් ද කතා බහ කරති. ඒවා ඔවුන්ගේ මවු භාෂාව ලෙස හඳුන්වති. භාෂා රැසක්ම භාවිතා කෙරෙන අසල්වැසි ඉන්දියාවේ මුස්ලිම් ජනයාගේ භාෂා විවිධාකාරය. එසේ සිදුවී ඇත්තේ එක් එක් ප්‍රාන්තවල භාවිතා කෙරෙන භාෂාව අනුවය.

නමුත් අවාසනාවකට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මවු භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහල බස වූයේ නැත. එය ඉතා ඛේදජනක කරුණක් වන්නේ අතීතයේ වෙළෙඳාම සඳහා බේරුවලට පැමිණි අරාබි ජාතිකයන් සිංහල කාන්තාවන් හා විවාහ වීමෙන් අපේ රටේ මුස්ලිම්වරුන්ගේ පැවැත්ව ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන්වන නිසාය. බිරිය සිංහල වීමත්, දරුවන් හැදෙන පරිසරය සිංහල පසුබිමක් සහිත එකක් වීමත් හේතුවෙන් සැමියා අරාබි (මුස්ලිම්)ජාතිකයකු වූවත් දරුමුනුපුරන් සිය මවුබස ලෙස සිංහල බස තෝරාගත යුතුව තිබිණි. එසේත් නැතිනම් පියා අරාබි ජාතිකයකු වීම හේතුවෙන් දරුවන් අරාබි බස සිය මවුබස කරගත යුතුව තිබිණි.

එහෙත් ඒ භාෂා දෙකම පසෙක ලා අපේ රටේ මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම ආගන්තුක බසක් වූ දෙමළ බස තෝරාගෙන ඇත්තේ කෙසේදැයි යන්න ගැටලුවකි.

මාධ්‍යවේදී එම්.එස්.එම්. අයුබ් මහතා විසින් රචිත ‘යෝනකයා සහ බිරියන් සිවුදෙනා‘ ග්‍රන්ථයෙන් දැක්වෙන අන්දමට ශ්‍රී ලංකාවට ඉස්ලාම් ධර්මය රැගෙන ආ අරාබීහූ මුල් කාලයේ පෙරදිග සමඟ සම්බන්ධතා පැවැත්වූයේ ඉරාක අගනුවර වන බග්දාද් (බැග්ඩාඩ්) හරහාය. එහි පැවැති අබ්බාසිද් කලීෆාවරුන්ගේ පාලනය 13වැනි සියවසේ මැද භාගයේ බිඳ වැටී ඊජිප්තුව අරාබිකරයේ කේන්ද්‍රස්ථානය වී තිබේ. මේ නිසා එතෙක් බග්දාද් සමඟ සංස්කෘතික සම්බන්ධතා පවත්වාගෙන ආ ශ්‍රී ලංකාවේ අරාබි මුස්ලිම්වරුන් මුස්ලිම් ලෝකයේ හුදෙකලා වන තත්ත්වයක් ඇතිවිය. එහෙත් දකුණු ඉන්දියාව සමඟ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් පවත්වාගෙන ගිය සම්බන්ධතා හේතුවෙන් එවැනි තත්ත්වයන් වැළකී ගියේය.

මේ ඉන්දියා මුස්ලිම්වරුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ එවකට පැවැති අරාබි මුස්ලිම් සමාජයේ අරාබි ලක්ෂණ ක්‍රමයෙන් අහෝසිවෙමින් ඉන්දියා ලක්ෂණ ආදේශවන්නට විය. එකල දකුණු ඉන්දියාවේ වානිජ භාෂාව වූ දෙමළ බස ද මෙරට මුස්ලිම්වරුන්ගේ භාෂාව බවට පත්විය.

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ විකාශය සිංහල මවකගෙන් ආරම්භවූවත් සිංහල භාෂාවේ අකුරක්වත් නොදන්න මුස්ලිම්වරුන් අපමණය. සිංහල භාෂාව දන්නා මුස්ලිම්වරුන් ඒ භාෂාව හසුරුවන ආකාරය ද ආගන්තුකය. මැනවින් සිංහල බස හසුරුවන්නේ මුස්ලිම්වරුන්ගෙන් අතළොස්සකි. දෙමළ බස මෙරට මුස්ලිම් ප්‍රජාව අතර කෙතරම් මුල් බැසගෙන තිබේද යත් බොහෝ මුස්ලිම් දේවස්ථානවල කිසිවකු දෙමළ බස වෙනුවට සිංහල බස භාවිතා කිරීම සෙසු අයගේ විමතියට හා අවධානයට භාජනය වීමට ද හේතුවකි. ඔවුන්ට අනුව ඉස්ලාම් භක්තිකයන් දේවස්ථානයේ දී භාවිතා කළ යුත්තේ දෙමළ භාෂාවය.

අවාසනාවන්ත කරුණ වන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දෙමළ බසට හුරුවීමේ හේතුවෙන් දෙමළ බස නොදන්නා සිංහල ජනයාට ඉස්ලාම් ධර්මය තවමත් ආගන්තුක ධර්මයක් බවට පත්වී තිබීමය. එසේවීමෙන් ඉස්ලාම් දහම පිළිබඳව ගොඩනැගෙන ඉතා වැදගත් කරුණු ගණනාවක් අදටත් අපේ රටේ සිංහල ප්‍රජාවට නුහුරුය. එබැවින් බොහෝ අවස්ථාවල දී වැරැදි වැටහීම් හේතුවෙන් මත ගැටුම් ඇතිවන තත්ත්වයන් අතීතයේ ද දක්නට ලැබිණි.

එසේ නොවී මෙරට මුස්ලිම්වරුන් අපේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහල තම මවුබස කරගත්තේ නම් සිංහල බස භාවිතා කරන ක්‍රිස්තියානි ප්‍රජාව මෙන් සිංහල බස භාවිතා කරන මුස්ලිම් ප්‍රජාවක් බිහිවීමෙන් ඉස්ලාම් ධර්මය පිළිබඳ නිවැරැදි අවබෝධයක් සිංහල ජනතාවට ඇතිවනු නිසැකය.

- ෆවුස් මොහොමඩ්


43 comments:

  1. blogger_logo_round_35

    මෑත කාලීන මා දුටු සංවේදීම ලිපියක්.යම් යම් කාරණා මිනිස්සුන්ට වටහා ගැනිමට නොහැකි තරම් පැත්තකට ශ්‍රිලංකිකයින් යමින් ඇත.එවන් අවස්ථාවක හරවත් ලිපියක්. සමාජය තුල පවතින රින ආකල්ප තුරන් කිරිමට ගත් උත්සහායක් ලෙස හැදින්විය හැකිය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. 11312781_909946182385043_9158189637692344954_o

    විම මට් වින්නෑ දට් විං බට් විත්තරේ උට්.

    එයාලට “විට්“ භාෂාව හොදද බලපං

    ReplyDelete
  3. blogger_logo_round_35

    කාලීන වැදගත්කමක් ඇති ලිපියක් . ලාංකීය මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව විය යුත්තේ සිංහල.
    මුස්ලිම් පල්ලිවල දෙමල භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද සිකුරාදා දින දේශන පැවැත්වේ .
    ලිපියේ අඩංගු විදියට ආගමික දැනුම ලබාගැනීමට දෙමල භාෂාව භාවිත කිරීමට සිදුවිය.

    ReplyDelete
  4. blogger_logo_round_35

    ඇත්තට මට මේ ප්‍රශ්නේ ගැන කලින් හිතුනා.ඇත්තටම මුස්ලිම්වරු සිංහල භාවිතා කරා නම් මෙච්චර මත ගැටුමක් ඇති වෙන එකක් නැහැ.සිංහල අන්තවාදීන් ඔවුන්ව කොන් කරන එකක් නැහැ.

    ReplyDelete
  5. blank
    ලාංකීක දෙමලමුස්ලිම්March 12, 2013 at 8:26 PM

    ලාංකීය මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල භාෂාව

    ReplyDelete
  6. blank
    දෙමල මුස්ලිම්March 12, 2013 at 8:31 PM

    ලාංකීය මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල භාෂාව

    ReplyDelete
  7. blank
    ලාංකීය මුස්ලිම්March 12, 2013 at 8:32 PM

    ලාංකීය මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල භාෂාව

    ReplyDelete
  8. blank
    ලාංකීය මුස්ලිම්March 12, 2013 at 8:33 PM

    ලාංකීය මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල භාෂාව

    ReplyDelete
  9. blogger_logo_round_35

    මම මුස්ලිම් වරුන්ගේ දකින නරකම දෙය තමයි.අපි එයාලගේ කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියාම නිල තීරණය කරන්න එයාලගේ බශාවෙන් කතා කරන එක;එතකොට අපි නිකන් කොන වෙලා වගේ දැනෙනවා.එක නිසා එයාල සිංහල කතා කලොත් හොදයි

    ReplyDelete
    Replies
    1. blank

      එහෙනම් හිතා ගන්න පුළුවන්නේ දෙමල මනුස්සයන්ට ලංකාවේ බාසාව නිසා විදින්න වෙන කරදරය.

      Delete
    2. blank

      මුස්ලිම් වරුන්ගේ කඩේට යන්න එපා.

      Delete
    3. blank

      මෙරට සිංහල රට මුස්ලිම් වරුන්ගේ මව් භාෂාව දෙමල භාෂාව

      Delete
  10. blank
    පුංචි මුස්ලිම්March 12, 2013 at 8:38 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මිත්‍රයා තම මතය කියන්න. කුණ හරුප කියන්න වෙන තැනක් තෝරා ගන්න.

      Delete
    2. blank
      පුංචි මුස්ලිම්March 13, 2013 at 11:35 PM

      නලින් (Naleen)කට වහපිය

      Delete
    3. blank
      අපි මුස්ලිම්March 13, 2013 at 11:39 PM

      අපි මුස්ලිම් නලින් (Naleen)කට වහපිය

      Delete
    4. blogger_logo_round_35

      මහත්මා ගුණ නැති උන් එක්ක මහත්මයෙක් වගේ ගනු දෙනු කල නොහැකියි නලින් මහත්මයා...

      Delete
    5. blank
      ලාංකීය මුස්ලිම්March 14, 2013 at 7:22 PM

      This comment has been removed by a blog administrator.

      Delete
    6. blank
      ලාංකීය මුස්ලිම්March 14, 2013 at 9:42 PM

      MUSLIM POPULATION IS GOING TO BE DOUBLE IN 2050 SO IN 2012 IS 3.2 BILLIONS AND IN 2050 WILL BE 6.5 BILLIONS AND IN 2070 MUSLIM POPULATION WILL BE 8 BILLIONS AND IN 2100 90 % THE WORLD WILL BE WITH MUSLIMS AND IN 2150 ALL THE WORLD WILL BE MUSLIMS.

      Delete
  11. blank

    සමාවන්න කියුවට මට නම් හිතෙන්නේ මේ ලිපිය තවත් බොහෝ දත්තයන් සොයා බලා පෙලගැස්වූවා නම් හොඳයි කියලා.මෙතන කතුවරයා මුස්ලිම් කියන්නේ කාටද? ඔවුන්ගේ භාෂාව විය යුත්තේ කුමක්ද ? කියන තර්කය මම නම් පිලිගන්නේ නෑ.සිංහල භාෂාව ඔවුන්ගේ භාෂාව විය යුතුයි කියන එක කතුවරයා විසින් බලෙන් ඔබ්බන්න හදපු බවක් තමා මට හිතෙන්නේ.

    ලංකාවේ මුස්ලිම් ආගම නොහොත් ඉස්ලාම් ආගම අදහන 'මුස්ලිම් වරුන්' වර්ග බොහෝ ඉන්නවා.
    1. මරක්කල- මොරොක්කෝ කියන රටින් ලංකාවටවිත් පදිංචි වූ මිනිසුන්.(ද්‍රවිඩ භාෂාව කතා කරයි.)
    2.හම්බන්කාරයින් - ඉන්දියානු මුස්ලිම් වරුන් (ද්‍රවිඩ භාෂාව කතා කරයි.)

    3.මේමන් ( භායි )මොවුන්ට ප්‍රධාන භාෂාවක් තිබේ.
    4.බෝරා ( භායි )මොවුන්ටද ප්‍රධාන භාෂාවක් තිබේ.
    5.මැලේ මොවුන්ටද ප්‍රධාන භාෂාවක් තිබේ.
    6.පාසි ( ඉරානියන්) මුවුන්ද ටික දෙනෙකු ලංකාව තුල ජීවත් වෙති.මොවුන් කතා කරන්නේ පාසි භාෂාවයි.

    මේ සියඵුම ජාතීන් මුසල්මානුවන්ය.මරක්කල සහ හම්බන්කාර මිනිසුන් අද එකට මිශ්‍ර වී ඇත.මේ දෙපිරිසම කතා කරන්නේද ද්‍රවිඩ භාෂාවයි.ඒ ඔවුන් මුල් කාල වලදී පදිංචි වූයේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවල වීම නිසාය.මන්ද ඒ ප්‍රදේශවල එදාත් බොහෝ ද්‍රවිඩ පිරිස් ජීවත් වූ බැවිනි.මම වැරදියි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. blank

      මම මෙම ලිපිය නැවතත කියවා බැලුවේ මෙහි එන සමහර ෆැක්ට්ස් මම නොපිලිගන්නා හෙයිනි.
      මුස්ලිම් මිනිසුන් එදා සිංහල මිනිසුන් හා විවාහ වූ බව ඔහු කියයි.එහෙත් ද්‍රවිඩ මිනිසුන් සමඟද ඔවුන් විවාහ වූ බව ඔහුට අමතක වූ සෙයකි.අරාබි ජාතිකයින් ලංකාවට ආ බවත් ව්යාපාර දකුණු ඉන්දියාව සමඟ ව්යාපාර කල බවත් ඔහු කියයි එහෙත් දෙමළ භාෂාව කතා කළ ඉන්දියානු මුසල්මානුවන් ලංකාවටවිත් පදිංචි වූ බව ඔහු නොකියයි.

      බේරුවල පදිංචි වූ මුස්ලිම්වරු ගැන කියන මොහු මන්නාරම හා නැගෙනහිර පලාත්වල පදිංචි වූ මුස්ලිම්වරු ගැන කතා නොකරයි.මේ ලිපියේ බොහෝඅඩු පාඩු දුටිමි.ඕනෑම දෙයක ඉතිහාසය ගැන කතා කරන විට ඉතා පුලුල්ව කතා කරන්න නැත්නම් ඉදිරියටත් ඔබගේ ලිපි වලට එය ප්‍රශ්නයක් විය හැකියි. මම කොහෙත්ම මුස්ලිම් විරෝද කෙනෙක් නම් නොවෙමි.පහත ලින්ක් එක කැමති නම් කියවලා බලන්න.ලාංකික මුසල්මානුවන්ගේ ඉතිහාසය ගැන ලියවුනු අපූරු ලිපියක්

      http://www.missionislam.com/knowledge/srilanka.htm

      Delete
    2. blogger_logo_round_35

      Shamithru ඔබ නිවරදියි ලංකාෙව් මුස්ලිම් උදවිය විවාහ වුෙන් සිංහල කාන්තාවන් සමග ෙනාව දමිල කාන්තාවන් සමගයි.

      Delete
    3. blogger_logo_round_35

      @Shamithru : හොද පැහැදිලි කිරීමක්...

      Delete
    4. blogger_logo_round_35

      මේ ලිපියට වැදගත් පිළිතුරක් ලබා දීම සතුටක්.ඒ වගේම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ විශාල අවබෝධයකින් සිටිම ගැනත් සතුටුයි. ඔබ කියන ඇතැම් කරුණු මම පිළිගන්නවා. නමුත් මගේ ලිපියේ අරමුණ සිංහල භාෂාවේ වැදගත්කම පිළිබඳ මුස්ලිම්වරුන් දැනුවත් කිරීමයි. අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් රටේ සෑම පුරවැසියකුටම සිංහල කතා කිරීමේ හැකියාව තිබිය යුතුයි.චීනයේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රධාන භාෂාව චීන බස නම් ඇයි අපේ රටේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රධාන බස සිංහල නොවන්නේ?

      Delete
    5. blogger_logo_round_35

      This comment has been removed by the author.

      Delete
  12. FB_IMG_1561654098205

    එයලගෙ මව් බාෂාව වෙනස් කරන්න නම් අමාරු වෙයි. ඒත් ඉස්ලාම් ධර්මය ගැන නම් අපි එයාලට වඩා දන්නවා.

    ReplyDelete
    Replies
    1. blank

      මේක තමයි උද්ධච්ඡ බවේ අන්තය.

      Delete
    2. 1620660_540673746066368_1008982561639182722_n

      AnonymousMarch 13, 2013 at 4:20 AM


      අනේද කියන්නේ.... මේක දැක්කම... මට කියන්න එක එක ඒවා හිතෙනවා.. එක්කෝ ඕනි නැහැ ... බුදුසරණයි

      Delete
  13. blogger_logo_round_35

    මේ ටික කියන්න ගිහින් ඊලඟට භාෂාව අල්ලාගෙන ප්‍රශ්ණයක් ගොඩනඟා ගනීවිද....

    ReplyDelete
  14. blank

    මුස්ලිම් අය දමිල භාෂාව කතා කරන්නේ ඇයි කියන ගැටලුව නම් මටත් තිබුනා.

    ReplyDelete
  15. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    මට හිතෙන්නෙත් එයාලගේ මව්භාෂාව අරාබි කියලා. ඒත් ඉතින් තමන් ජීවත්වෙන රටේ පුරවැසියන් වෙනකොට ඒ රටෙ ප්‍රධාන භාශාව ඔවුන්ගේ භාෂාව වියයුතුයි.

    ස්තූතියි නලින් අයියට මේ ලිපියට.

    මම හිතන විදියට අපේ රටේ සිංහල,දෙමල,මුස්ලිම් හැම කෙනෙක් අතරම මේ ඇතිවුන හැම අරගලයටම ලොකුම හේතුව ඔය භාෂාවන් අතර තිබුන අනවබෝදය. අපි කියන දේ ඔවුන්ට තේරෙන්නේ නෑ ඔවුන් කියන දේ අපිට තේරෙන්නේ නෑ. අපි ඉස්සරහ එයාලා එයාලගේ භාෂාවෙන් කතාකරාම අපිට හිතෙන්නේ අපේ වැරදි කියනවා කියලා. එයාලටත් එහෙම දැනෙනවා ඇති.අපි හැමෝම ඒ භාෂාවන් කතා කරානම් ඒ ප්‍රශ්නය ඇතිවෙන්නේ නේ

    මගේ තාත්තා දෙමළ භාෂාව හොදින් කතා කරා. ඔහු ඒ පලාත්වල සේවය කල නිසා. එනිසා ඔහු කියන්නේ සාමාන්‍ය දමිළ ජනතාව ඉතා මිත්‍රශීලි හිත හොද අයබවයි

    දැනට අපි ජීවත්වෙන රටේත් ඉතාලි භාශාව ප්‍රදාන භාෂාව මේ රටට එන සියල්ලන්ම කතා කරන්න ඕනේ ඒ භාෂාවෙන් ඒ නිසා අන්ත් අය අතර සම්බන්දීකරනයේදී ගැටලු මතුවෙන්නේ නෑ.තමන් කැමති භාෂාවකින් තමන්ගේ අය එක්ක කතා කරගන්න පුලුවන්. ඒත් අපේ රටේ දෙමල, මුස්ලිම් බොහෝ අයට සිංහල බෑ. ඒකයි ප්‍රදාන වැරැද්ද.

    ReplyDelete
  16. blank

    මම දෙමල නොදන්නා ලාංකික මුසල්මානුවෙක් වෙමි.
    ලංකාවේ මුසල්මානුවන් භාවිතා කරන බස, ඔවුන් පරම්පරාවක් දෙකක් ජීවත් වූ පරිසරය මත පදනම් වන දෙයකි. පොදුවේ දෙමල කතා කරන බව කීවත්, දෙමල බසේ ගුණාත්මක බවේ විශාල වෙනසක් පලාතෙන් පළාත අනුව වෙනස් වේ. උතුරු නැගෙනහිර මුසල්මානුවන් පිරිසිදු දෙමල බස කතා කලත්, දකුණේ කතා කෙරෙන දෙමල බස අධික ලෙස සිංහල ආභාෂයට ලක්ව ඇත. අරාබි භාෂාවට විශේෂ තැනක් හිමිවී තිබෙන්නේ එය ඔවුන්ගේ ධර්මය සමග බැදී තිබෙන බැවින්ය.මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙයෙන් කොටසක් අරාබි බසින් සිදු කිරීමේ හේතුව ආගමික හේතුවක් විනා මව් බස කුමක් විය යුතුද යන්න මත පදනම් වූවක් නොවේ.

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මවු භාෂාව සිංහල නොවීම අවාසනාවක් ලෙස දැකීම අවාසනාවකි. එය දෙමල බස සුළු කර තැකීමේ මානසකත්වයේ ලක්ෂණයකි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      යන්නේ කොහේද මල්ලේ පොල්... මේ යකා බේසමේ කිඹුල්ලු දැකලා...

      Delete
  17. lotus_flower-300x225

    මේ ගැන නම් මට කියන්න දෙයක් නැහැ . සිංහල පලාත්වල ඉන්න මුස්ලිම් අය බොහෝ විට භාෂා තුනම දන්නවා .සිංහල අයට දෙමල ඉගෙන ගන්න තමා ඉඩක් නැති වුනේ . මොකද දෙමල මුස්ලිම් අය සිංහල හරි ඉංග්‍රීසියෙන් හරි අපි එක්ක කතා කල නිසා අපට අවශ්‍යතාවයක් වුනේ නැහැ දෙමල ඉගෙන ගන්න . දැන් ඉස්කෝල වල දෙමල ටිකක් හරි උගන්නන එක හොඳයි .

    අනික් අතට භාෂාවක් කියන්නේ සන්නිවේදන මාධ්‍යයක් . අතින් පයින් කතා නොකර ඔය මොන බසින් කතාකර ගත්තත් කමක් නැහැ .මේවා අපි උලුප්පලා බලෙන් සිංහල කරනය කළා කියල තව ප්‍රශ්නයක් ඇති කරගන්නේ මොකටද .
    මේ ලියු කෙනා මුස්ලිම් නිසා හොඳයි . නැත්නම් මෙතන ගිනි විජ්ජුම්බරයක් .

    ReplyDelete
  18. ds

    ඔව් ඔය පුරස්නය ගැන මාත් සෑහෙන්න හොයල තිබුනේ. ඉතිහාසමය කරුණු මත පාදක වූ දෙයක් උනත් ලේඛකයාගේ මතයට එකගයි

    ReplyDelete
  19. new

    නැවත වරක් කියවිය යුතු ලිපියක්.

    ReplyDelete
  20. .com/img/b/R29vZ2xl/AVvXsEgqE_PRuiYN8ry6L3b-RAbKyYpePKPRYMFyWgNHz-5J9WALnQgPwgPnONOcd9fSMlQo_-Y-w4wn_BaDBZWzw_s44mIl9zCWStDYY9JrYXuTtLriwRBzdaYJxFCMCgHSwgE/s45-c/

    ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  21. blogger_logo_round_35

    ලාංකීය මුස්ලිම් ප්‍රජාව ගැන අවබෝදයක් අනික් ජාතීන්ට ලබාදෙන එක මේකාලෙ ගොඩක් වටින දෙයක්,,,

    ReplyDelete
  22. blogger_logo_round_35

    මටනම් හිතෙන්නේ, මොන බාෂාව කතාකලත් කමක් නැහැ මනුස්සකම් රකගේනිම තමයි වැදගත් වෙන්නේ කියලයි.

    ReplyDelete
  23. IMG_20190902_075227

    කාලීන සටහනක් නලින්. මොන ජාතියේ උනත් අපි එකට ජීවත්විය යුතුයි. ඒ නිසා මව් බස ඉගෙනීම තමා කරන්න ඕනෙ. අප්‍රිකාවෙදී ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නිසා ඒය තමා භාවිතය. ගෝත්‍රික භාෂා නොවේ. අපේ ප්‍රධාන භාෂාව සිංහල නිසා එය තමා භාවිතා විය යුතු. එතකොට ගැටලු අඩුයි. මිනිසත්කම පෙරදැරිව කටයුතු කිරීම තමා හොඳම.

    ReplyDelete
  24. blogger_logo_round_35

    මුස්ලිම් අය දෙමල කතා කරන්නේ මොකද කියලා මමත් කල්පනා කළා. වැදගත් ලිපියක්

    ReplyDelete
  25. twilight3+-+Copy

    ජාතීන් අතර සමගියට ඔය භාෂාව හුඟක් බලපානවා. අදහස් සන්නිවේදනය හරි හැටි සිද්ධ නොවුනොත් හුඟාක් ගැටළු ඇති වෙනවා. ඒ නිසයි රාජ්‍ය සේවකයන්ට දෙමල න්හාෂාව අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි කියලා නීතියක් ගෙනත් තියෙන්නෙත්.
    කොහොම උනත් ලාංකීය දමිළ ජනතාවට බොහෝ දුරට දමිල, ඉංග්‍රීසි හා සිංහල භාෂා තුනම පුලුවනි. මුස්ලිම් අයටත් සිංහල දමිල භාෂා පුලුවනි. ඒ හේතුව නිසාමද මන්දා සිංහල අය හුඟක් දෙනෙකුට ඉංග්‍රීසි සිංහල භාෂා දෙක පුලුවන් උණාට දමිල භාෂාව බැහැ,

    මම හිතාගෙන හිටියේ මුස්ලිම් අයගේ මවු භාෂාව අරාබි කියලයි. මුස්ලිම් අය පැවත්ගෙන එන්නේ අරාබි ජාතිකයන්ගෙන් නෙවෙයිද? ඇයි එයාලගේ මවු භාෂාව රටින් රටට වෙනස් වෙන්නේ? එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක් එයාලට නැද්ද? රටක ජීවත් වෙනකොට ඒ රටේ ප්‍රධාන භාෂාව භාවිත කලත්, එය ඔවුන්ගේ මවු භාෂාවම වෙන්න ඕනෙද?

    ReplyDelete
  26. 1620660_540673746066368_1008982561639182722_n

    අනේ මන්ද....... මටනං මුස්ලිමුයි මුස්ලිම් කාරයොයි.. ඇලජික්.. අනික් එක මට ඒ අයත් එක්ක කටයුතු කරලා පුරුදු නැහැ.. අපේ පැත්තේ ආසාවට මුසොල්මානුවෙක් දකින්න නැහැ.. එක නිසා වෙන්න ඇති... මමනං කැමති සිංහල බෞද්ද රටකට... තියෙන්නෙත් එක රටයි එකට කෙලින්න මුනුත් එන්නේ.. අනේ මන්ද ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT