ගම්පහ මල් වත්තේ දී මුළු දුන් බ්ලොග් ලියන්නන්ගේ සුහද හමුව පිළිබඳව මේ වන විට බොහෝ තොරතුරු මූණු පොත හා බ්ලොග් සටහන් හරහා ඔබ සැම කියවා හමාර ය. ඒ දිනය ගෙවුණු හැටි සම්බන්ධයෙන් ලියන්නට තවත් විස්තර මට නොමැති තරම් ය. ඉතින් ඒ දිනය ගැන මේ ලියන්නේ මගේ ආත්ම කථනය යි.
එදින පැහැබර දිනෙකි. දුරුත්තේ සිතලත් සමග හරියටම උදේ 8.00 ට ගම්පහ දුම්රිය පොළ ට මම සේන්දු වුණෙමි. කිසි දාක දැක නැති, කතා කොට නැති, බ්ලොග් පෝස්ටුවකින් එහෙමත් නැත්නම් මුහුණු පොතෙන් පමණක් හදුනන ඒ සහෘදයන් සහෘදිනියන් සොයමින් මගේ දැස ඔබ මොබ යොමමින් කල් මැරුවෙමී. දුම්රිය පොළ ඉදිරිපිට කල් මරණ තරුණයෙකු හා තරුණියක හැරෙන්නට තවෙකකු බලාපොරොත්තුවෙන් සිටිනා කිසිවකු එහි නොමැත. ඒ දෙදෙනා ද කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටිනා සේ ය. මේ නම් මා සොයනා බ්ලොග් කරුවෙකු හා කාරිණියක මැ යි ක්ෂණිකව මට හැගිණි.
හිමින් සිරුවේ තරුණයා ළගට කිට්ටු කළ මා මෝඩ සිනාවක් පා මල් වත්තට යන්න දැයි විමසුවේමි. (බ්ලොග් සුහද හමුවට යන්න දැයි නො ඇසුවේ කුප්ප කමට ය)
"මළ සමයං මං කිව්වනේ ඔයාට මෙතැන ඉන්න බෑ කියලා" කියමින් තරුණිය මා දෙස දවා යන අන්දමේ බැල්මක් හෙළමින් තරුණයාවද ඇදගෙන් එතැනින් වහා ඉවතට ඇදි ගියා ය. ඒ මොහොතේ මට ඇති වූයේ බියක් ද චකිතයක්ද සතුටක් ද ලැජ්ජාවක් ද යන්න තාම මට අපැහැදිලි ය.
තව දුරටත් මෙතැන කල් මැරිම උගහට ය. පාරෙන් අනික් පැත්තට පැන්න මම ත්‍රිරෝද රියක ට නැග ගතිමි.
කොහාට ද මහත්තයා
මල් වත්තට යමු
සිහින් සිනාවක් සමග ආපසු හැරි මා දෙස බැලූ මේ තරුණ රියැදුරා
ගෑනු ළමය මගින් ද නගින්නේ යැයි විමැසිය....
නෑ නෑ මං තනියම යන්නේ ..... අපේ පොඩි සුහද හමුවක් තියනවා මං මේ ඒකටයි යන්නේ...
ඒක මිසක් නැත්තං මල්වත්තට තනියෙං යන්නැ කවුරුවත්.....එතැන් පටන් ඕප දූපයක් ඇදබාමින් අපි ගමන ඇරඹුවෙමු.
ත්‍රිරෝද රිය ප්‍රධාන පාරෙන් හැරී මදක් පටු මල්වත්ත පාරට හරවන විටම පාර මැද නතර කොට ඇති සැප පහසු නවින මෝටර් රථයකි. නලාව දෙවරක් නාද කළ ද වාහනය අයින් කරන පාටක් ද නැත. දැන් ත්‍රිරෝද රියැදුරු ට මල පැන ඇත. මම ද එසැවී ඒ දෙස බැලූ කල් හි දුටුවේ සුරූපී තරුණියක් රියැදුරු අසුනෙන් බැස ඉදිරියට ගොස් නැමී කුමක් හෝ බලන අයුරකි.
රියැදුරු මේවනවිට නොසරුප් වදන් වපුරමින් නොඉවසිල්ලෙන් ය.
ඒ ළමයට මොකක් හරි ප්‍රශ්නයක් ඇති අපි අනික් පැත්තෙන් අයින් කරලා යං.
ත්‍රිරෝද රිය මදක් පසුපසට ගෙන අනෙක් පසින් හෙමිහිට ඉදිරියට ගන්නා විට මා දුටු වේ පාරේ වැටි සිටි බලු පැටවෙකු හේතුවෙන් අර තරුණිය සිය මෝටර් රිය නතර කොට ඌ ඉවත් කරන්නට උත්සාහ කරන බවයි.
ත්‍රිරෝද රියැදුරුගේ කේන්තිය ද මැකියන යුරු දිස් විය.
ඇත්තටම ඒ වැටී සිටියේ මිය ගිය බලු පැටවෙකි. ඔයා ට කේන්ති ගියාට ඒ හොඳ හදවතක් ඇති කෙල්ලක් වෙන කෙනෙක් නම් බලු කුණ යට කරන් යනවා යැයි මම පැවසිමි.
නැ මහත්තය මට ත් ඒක දැන් තේරුණා ඒ වුණාට හුගක් සල්ලිකාරයෝ ළග මනුස්ස කම නැ. මං හිතුවේ ලොකු කමට පාර මැද නවත්තලා කියලා හේ පසු තැවෙමින් මා හා පැවසි ය.
කතාවෙන් කතාවෙන් මා දැන් මල්වත්තේ ගේට්ටුව අසල ය. එතැන වූ පොඩි බැම්ම මත කොලු කෙලියන් රෑනකි. හිමින් සීරුවේ මම ද ඒ අතරට ඇදුණෙමි. මුහුණු පොතෙන් දන්නා එක් මුහුණක් යන්තමින් මතක ය. වහා මම ඒ රුව දෙසට ඇදුණෙමි.
මේ ....ත......රි...
මට අසන්නට ලැබුණේ එපමණකි....මේ අපේ නලින් අයිය නේද ඒ සුරත මාවෙත දිගු විය. ඔව් ඒ තරියා ය. තරියාගේ කෙරුවාව ලියන තරියා ය.
ගෙට්ටුවේ පළමු සහෘදයා මට හමුවිය. දැන් මට තනි නැත.
එදා මෙදා තුර මගේ දිවියේ ගෙවි ගිය 45වසර තුළ මා බොහෝ සම්භාෂණ සැනකෙළි සුහද හමු යනාදියට එක්ව ඇත්තෙමි. ඒ හැම එකකට ම මා සහභාගී වී ඇත්තේ කලින් හදුනන එක් මිතුරෙකු හෝ සිටින තැනකට නැතිනම් තවත් මිතුරන් සමග ය. කිසිවකු නොහදුනන දැක නැති මෙවන් සුහද හමුවකට මා ගිය පළමු අවස්ථාව මේ බ්ලොක් ගෙට්ටුව යි. ඒ හැරෙන්නට මා බ්ලොග් ලියන්නට අරන් තාම මාස 5කි. ඉතින් තරමක විචිකිච්චාවක් ද ම සිතේ නැතුවා නොවේ.
එතැනට ඒ වන විටත් පැමිණ සිටි නාඩියා විපොකුරේ වී යා සුමිත් කස්සා ඩබල (සියලු නම් අමතකය. වයසක මනුස්සයානේ අමනාප නොවන්න) වැනි සහෘදයන් ගේ ලෙංගතු පිළිගැන්ම හමුවේ මගේ චකිතය විචිකිච්චාව නැත්තටම නැතිවී ය. ඔන්න ඒ සමගම එතැනට එන තවත් දෙදෙනෙකි.. එකෙක් කළු තට්ටයෙකි අනිකා නව යොවුණ් කම බේරෙන කදිම තරුණෙකි. තට්ටයා කෙළින්ම මා වෙතට පැමිණෙයි. නලින් අයිය කියන්න බලන්න මං කවුද කියලා...මගේ අනුමානය ද නිවැරදි විය ඒ අටං ය. අමාරුවෙන් අටවාගන අටම්පහුර ලියන අටං ය. අර ලස්සන කොල්ලා චමි 4 යූ ලියන චමියා ය.
ඉන්පසු ප්‍රවේශපත්‍රය ගන්නා තැනට ගිය මම එතැන සිටි පොඩි මලයාට මුදල් දික් කෙරුවෙමි. අයියගේ නම මොකක් ද කලින් රෙජිස්ටර්වෙලා නේද?
මල්ලි මම නලින්....
ආ සමකය වටේ ලියන නලින් අයිය ද..............මම සමි යා. එවිටම පසුපසින් ගැහැනු කට හඬකි.. නලින් අයියා මම චතු මිතු....ඇගේ සුරත මා මා දැත මතය. බ්ලොග් ලෝකයේ මට හමු වූ පළමු යුවතිය එසේ හදුනා ගැනිණි. එවිටම එතැන සිටි අම්බලමගෙන්ද සාදර පිළිගැන්මකි..හැමතැනින්ම මා වෙත සුහදත්වය දෝරේ ගලා යයි. ඇත්තටම දැන් මා තනි නැත.
ඇතුළට යන්නට තවමත් කාලය ඇත. එකිනෙකා හදුනාගනිමින් අපේ සල්ලාපය ඇදී යයි. මහ පුදුමෙකි මා කලින් කී බලු පැටියොගේ සිද්ධියේ රු බර කාන්තාව ද ටිකට් පතක් රැගෙන දැන් අප අසලය. මම ඇය නොහදුනමි. ඇය ද මාව නොහදුනන්නිය. අතරමග සිදු වූ බලුපැටියා ගේ සිද්ධිය තාමත් මසිත රැව් පිළිරැව් දෙයි. ඇ වෙත ඇදුණු මම
හොලෝ මම නලින් ඔයා කව්ද?
මං නයා......
මං හොල්මන්ය.. බ්ලොග් තුළ මා නයෙක් නොහදුනමි. මගේ කුකුස ඇයට ද දැනුනා සේය.
මං තමා ඊ-මේල් කවිකාරි....කට්ටිය මට කියන්නේ බ්ලොග් ලියන නයා කියලනේ ...ඇය සුන්දර ලෙස සිනාසෙයි....
ඇත්තටම ඇය නයෙක් ද. නැත ඇ කව්ද කෙබදු හදවතක් ඇත්තියක් ද යන්න මේ වන විටත් මා උදේ සිදුවිමෙන් තීන්දුවකට පැමිණ අවසන් ය. කෙනෙකුගේ හදවත ස්පර්ශ නොකොට ඇතැම් තීන්දු තීරණවලට යාමේ වරද මා දැස් ඉදිරි පිටම විද්‍යමාන වෙයි. මිතුරනි යමෙකු ගේ මතුපිට දුටු පමණින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි තීරණවලට නොබසින්න.
ඇයි අද දුවව එක්කන් ආවේ නැත්තතේ අද ම දුටු කවි කාරිය මගෙන් ලෙංගතු ලෙස විමසයි. ඇත්තටම පොඩි දුව මා සමග එන්නට කැමැත්තෙන් සිටියා ය. එහෙත් ලොකු දුවට පන්ති ය. එක් දුවෙක් රැගෙන ආවානම් අනෙකා ගේ සිත රිදෙයි. දෙදෙනාම නවතා මම තනිවම ආවෙමි. මේ සියලු දේ හරහා මා කවිකාරියගේ නිහතමානිත්වය ද මැනවින් තේරුම් ගත්තෙමි.
දැන් සියල්ල සුදානම් ය. අපි දැන් යමු තැනට. ඒ සෑමා හා සිරා ගේ විධානය යි. අපි ඉදිරියට ඇදුණෙමු. මෙතැන් පටන් සිදු වූ සියල්ල සහෘද බ්ලොග් සටහන් හරහා අලංකෘතව, විදග්ධ ව හා උපාහාස රසයෙන් යුතුව ඔබ සැම මේ වන විටත් කියවා අවසන් ය. එනිසා මම ඒ ගැන නොලියමි.
ඉතාමත් සැහැල්ලුවෙන් නාදුනන තරුණ දක්ෂ බ්ලොග් කරුවන් කාරිණියන් හා දොඩමලු වෙමින් කාලය ඇදි යයි.
ක්‍රිකට් තරගයට එක්වන්නට මා තුළ ඇත්තේ දැඩි ආසාවකි. එකල මගේ ප්‍රියතම ක්‍රිඩාව වුයේ ක්‍රිකට්ය. මගේ පාසලේ සම කාලිනයන් වූ රොෂාන් මහානාම අසංක ගුරුසිංහ වැන්නවුන් සමග එකල පාසල් පිටියේ කොනක සෙල්ලම් කළ ඒ සොදුරු අතීතය මතකයන් අතර චිත්‍රනය වෙයි. එකල පාසල් කණ්ඩායමේ වර්ණලාභි මේ ක්‍රීඩකයන්ට සැහැල්ලුපන්දු ක්‍රීඩා කිරම තහනම්ය. එහෙත් තම මිතුරන් වෙනුවෙන් මේ නිහතමානි ක්‍රීඩකයන් දෙදෙනාම බලධාරීන්ට හොරෙන් සෙල්ලමට එක්වෙයි. දියාරුව පවතින අපේ සෙල්ලමට ජීවයක් දෙයි. උන් දෙදෙනාට ප්‍රණාමයක් ලෙසයි මේ කෙටි සටහන මෙතැන තැබුයේ.
එහෙත් අද මට ක්‍රිකට් සෙල්ලං කරන්නට නොහැකි ය. ඒ.... මේ වන විට මා උග්‍ර ලෙස අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙලෙන බැවිනි. ටෙනිස් බෝල දැන් මට පොඩි වැඩිය. දුර දි පන්දුව දකින්ට හැකි වුව ළගට එන විට නොපෙනේ. ක්‍රිකට් ගසන්නේ වොලිබෝලයකින් නම් මට ද තරුණ කොල්ලන් හා තරගයක් දිය හැකි ය. තරුණ දස්කම් දකිමින් දැස් කෙවෙණි මත දිදුලන කදුළු කැට පිසලමින් කාටත් හොරා පිටු පසට ඇදී සිගරට්ටුවක් දල්වා ගතිමි.
ඔන්න එතැනදි තමයි අටං මිත්‍රයා මගේ තනියට එන්නේ. සියල්ලෝ ක්‍රිකට් තරගයේ එල්බ ගෙනය. මා සේම සුමිත් නිරිඇල්ල ද හුදකලාවේ ය. ඌට කර ඇති අපරාධය හද කකියවන සුලු ය. මොකක්දෝ හේතුවකට චමි මලයාද අප මෙන්ම ය. මේක හරියන්නේ නෑ බං අපි රවුමක් දාල එමු. අටං ගේ යෝජනාවට අප තිදෙනාම එකගය. ඔන්න ඔහොමයි අපි හතර දෙනා එකවරම අතුරුදන් වෙන්නේ. මල්වත්තෙන් අතුරුදන් අපි මතුවන්නේ ගම්පහ වලෙන් ය.
මෙතැන අප හතර දෙනා විටෙක සාහිත්‍ය කතිකාවක ය, විටෙක බ්ලොග් ඉතිහාසයේ ය. කොහොමත් මේ හෝරාව හරිම සුන්දර ය. අටං දොඩමලු වෙමින් අතපුච්චාගත් කතාවේ නිධාන කතාව ගෙන හැර පෑවේ ය. මම ද සුදුහාමිනේ කතාවේ යටගියාව කියා දැම්මෙමි. සුමියා ට අප කියන කිසිවක් නැසෙයි. ඒත් ඌ අප සමග බොහොම ලෙංගතු කමින් තොලකට තෙමා ගනියි. මේ සියල්ල චමියා රූගත කරයි.
වලේ දී උණුසුම් සංවාදය අටං සුමිත් සහ මම |
"ආ නලියා උඹ කැරලිකාරිත් එක්ක අප්සෙට් එකක් දාගත්ත ද කවදා හරි දවසක". අටං ට පරණ සිද්ධියක් දැන් වාගේ මතක් වී ඇත. මම ද හොල්මං වීමි.
නෑ එහෙම කිසි දෙයක් වෙලා නෑ. ඇත්තටම මට එවන් සිද්ධියක් මතක නැත. මා ඇය සමග චැට් කිරීමක් හෝ කළ මතකයක් නැත.
නැ බං ඒකි මට කිව්වනේ උඹ මහ අප්සට් ජොකෙක් කියලා. උඹ මොකක් හෝ නොහොබිනා කමෙන්ට් එකක් එකිගේ පෝස්ට් එකකට දාල කියල තමා ඒකි කිව්වේ. හැබැයි ඒ වෙලාවේ මං ඒකිට කිව්වා නලියා කියන්නේ ජෙනුවින් පොෆයිල් එකකින් ඉන්න එකෙක් ඔයා ඉන්නේ ෆේක් ඌට එහෙම චොදනා කරන්න එපා කියලා .
අටමා එතැන දී මා බේරා ගෙන ඇත. මේ ගෙට්ටුව නිසා මට එරෙහි මේ චොදනාව දැන ගතිමි. සත්‍ය ලෙසම මගෙන් වූ දෙය තාම මම නොදනිමි. කැරලිකාරියේ ඔබ මෙය දුටුවොත් මගෙන් වරදක් වී ඇත්නම් එය මට පෙන්වා දෙන්න.එසේම සමා වන්න. සිතා මතා මා කෙනකු අපහසු තාවට පත්කරන්නේ නැත. එසේම මා දමනා සියලු කමෙන්ටු මගේ නමින් පමණකි මා දමන්නේ. සිත් රිදවිමක් වන දෙයක් වුයේ නම් එය නොපමාව මා වෙත පෙන්වා දෙන්න. මන්ද යත් එවැන්නක් යළිත් මා වෙතින් නොවිම සඳහා. මේ ගැන කවුරුන් හෝ දන්නේ නම් මට කියනු මැනවි.
ඉන් පසු අපේ කතාව ඇදී ගියේ අපේ පැරණි බ්ලොග් ලියන්නන් ගැන ය. මාරයා, ඩූඩ්, මාතලං, හිරු, හිරු හිමාවී, සුදු මහත්තයා, විචාරක,සරත් , සරා, සයිලන්ට් සහන්, බුවා, රුවා,හසී, දුකා, තව නම් කියැවිණි මට දැන් අමතකය ඒ අය බොහෝ දෙනකු ඉන්නේ විදෙස් ගතවය. මේ ගෙට්ටුවට ඔවුන්ගේ අඩුව තදින්ම දැනි තිබිණි. නවක බොහෝ දෙනකු ආවේ මේ සහෘදයන් හා වදනක් දෙකක් දොඩමලුවන්න ය.
දැන් දැන් අපේ මේසයේ හඬ උස්වෙයි. සෝඩාව ,කොකාකෝලාව දෙක තුන වෙයි. අපි විවිධ ඉසව් ස්පර්ශ කරමින් සල්ලාපයේ යෙදුණෙමු.
ඔන්න එවිටම සුදික ගෙන් ඇමතුමක්...කොහෙද යකෝ උඹල ගියේ...ඉක්මන්ට වරෙං...ඉතිරි සියල්ල උගුරට දෙකට අහවර කළ අපි යළිත් සහෘදයන් හා එක්වුණෙමු. එතැන් පටන් සෑමාගේ කාරයේ වූ සිදුවිම්ද මේ වන විට ඔබ සැම අනෙකුත් පෝස්ට් වලින් කියවා ඇත.
ගෙට්ටුව සුන්දර අද්දැකීමකි. බොහෝ දක්ෂතා ඇති යොවුන් මානවක මානවිකාවියන් ගොන්නක් හදුනා ගැන්ම දිවියේ ලද භාග්‍යයකි. පියවි සිහිය මදක් සසලව තිබුණ ද කොල්ලන් කෙල්ලන් පිරිස සමග වචනයක් හෝ කතා කර ගත්තෙමි.
සිත්තමී ශම්මි සිත්තරි ශෂි අයිස්කැටේ නිනු සිහින මදාරා චතු මිතු උමා මේ මට මතක තියන එහි දී හමු වූ පැංචියන් ගේ නම් ය.
පැංචන් ගැන නම් වෙන වෙනම නම් නොකියමි. මන්ද යත් ඒ එකෙකුගේ හෝ නමක් දෙකක් අමතක වුවොත් එය හරි මදි නිසා ය. එතැනට ආ ඒ හැම පැංචෙක්ම ගුණයහපත් ය. දඟකාර ය කෙළි ලොල් ය දක්ෂ ය. ඉතින් දරුවනේ උඹලා ගේ සමාගමය එදින මට දිව ඔසුවක්ම විය. ඒ වගේම පුංචි ඉල්ලිමකුත් කරනවා... මට මග හැරුණු ඔබලාගේ බ්ලොග් අඩවි වෙත්නම් කරුණාකර මේ පෝස්ටුවේ ලිංකුව දමා යන්න.. මම අනිවා එනවා ඔබේ අඩවියට.
සෑමා හා සිරා යනු දක්ෂ සංවිධායකයන් දෙදෙනෙකි. උන්ගේ වෙහෙස නොවන්නට මට මෙවැන්නක් අහිමි වන්නට තිබිණි. සුදීක හා ප්‍රදීප් ද එසේම ය. ඉතින් මේ සංවිධාන කටයුතුවලට නන් අයුරින් සහාය දුන් සැමට ද මගේ ප්‍රණාමය.
ඉතින් මට මොනවද මේ ගෙට්ටුවෙන් ලැබුණේ..
කොටියකටවත් මිල කළ නොහැකි රට පුරා විහිදී ගිය අගනා මානව සම්පතකි.
මොනවද මට අහිමි වුණේ
මගේ කාලයෙන් පැය හය හතක් පමණි...
ඉතින් මං වාසනාවන්ත නැද්ද....කියන්න බලන්න..
ඔබ වාසනාවන්තයි නලින් අයියේ.මම නම් අවාසනාවන්තයි ටිකක්.මානුෂිය සම්බන්ධකම් තරම් වටිනා වෙන දෙයක් නොමැත.මම හරි කැමතියි සුහදත්වයට.ඒත් මගේ රාජකාරි ස්වභාවය මත මට ගෙට්ටුව මඟ හැරුණි.ජිවිතයේ එවැනි විශේෂ අවස්ථා මට මඟ හැරි ගිය අවස්ථාද බොහෝය.එහෙත් ජිවිතය මට ලැබුණු තරමින් මම සැනසෙන්නට හිත හදාගෙන හමාර ය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබේ රාජකාරි ස්වභාවය පිළිබද මනා වැටහීමක් ඇත. ඉදිරියට තව අවස්ථා උදාවේවි..
Deleteදැනුයි පොස්ට් එක දැක්කේ , මට දැන් බ්ලොග් කියවන්න තියෙන කාලය ටිකක් අඩුවේගෙන එනවා ,
Deleteනලින් අය්යා සම්පුර්ණ විස්තරේම දාල තියෙනවා හරිම ආසාවෙන් කියෙව්වා , 27 හරිම සුන්දර දවසක් , ඒ වගේම වල අමතක කරන්නත් බැහැ .. අපි බ්ලොග් ගැන ගොඩක් කතා කළා වලේදී නේද ..... අපේ හදිසි අතුරු දහන වීමේ රහස ඔන්න නලින් අය්යා පැහැදිලිවම හෙළිකරලා....
ෂා 27 ලංකාවේ හිටියනම් මරු කියල හිතුන මේ කතාව දැකල .
ReplyDeleteහිටියනම් කොයි තරම් වටිනවද .....
Deleteහප්පා.. අදනම් කොෙහාම හරි ආවා කමෙන්ට් එකක් දාන්න.. ඒත් ඉතිං කියන්න දෙයක් ඉතුරු කරලා නෑ නේ...
ReplyDelete( හෑබෑට කට්ටිය නලින් අයියා එළ කොල්ලා කියන කොට මට නම් හිනා ගියා ඉතිං.. ගනං ගන්න එපා.. මට පිස්සු නේ... හි හි... )
නලින් අයියා එල කොල්ලා තමා ඈ!!!
Deleteඅන්න මම දාපු පොටෝවක් තියෙනවා කොල්ලෝ සෙට් එකක! ඒකේ හැන්සන්ම්ම නලීන් අයියා ඈ! :)
උඔ නැති අඩුව හොදින්ම දැනුනෝ......හිරුවෝ
Delete
ReplyDeleteමගේ භාෂාවෙන් කියනවා නම් මගේ හිත කියන විදියට ගම්පහ ගේට්ටුවට ආව සොදුරු හිතක් තියෙන බ්ලොග් කරුවා තමයි නලින් අයියා , එන්න කලින් දුන්න උපදෙස් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි :)
http://nohikmunuasa.blogspot.com/2013/01/2013-gampaha-blogger-get.html
ඔන්න මගේ පොස්ට් එක ගෙට් එක ගැන
තැංකූ මලේ....ඒත් අර රහස මට කිව්වේ නෑනේ දෙන්නම....යකෝ සුබ පතනවානේ දන්නවනම් දෙන්නටම..
Deleteහෙහ් හෙහ් ... පාන්දරම අර කපල් එකට කරපු වැඩේ නම් නරකයි.
ReplyDeleteඑහෙනම් නලින් අයියත් කොල්ල වගේ (වගේ මොකද නේද) ගෙට්ටුවට ගියා, තොලකට තෙමාගන්න ගියා කිව්වෙ අරුන් දෙන්න ෂැලකුවේ නැතුවාවත්ද. මම නම් කියන්නෙ ඔය පැඟිරි කොල්ලොන්ට තිබුන නලීන් අයියල වගේ කොල්ලො වෙනුවෙන් ෆුට් බෝල සෙල්ලමක්වත් දාන්න, දොඩම්ගෙඩි සයිස් ටෙනිස්බෝල පැත්තකට දාල. අඩෝ සිරා .... වැඩේ කැතයි, ආ ....... :)
කොහොම උනත් අටම් අයිය නම් දැන් කාගෙත් කතාවට මාතෘකාව වෙලානේ. මට නිකමට හිතුන කියනකොටම අර ලේඩි කවිකාරි අක්ක වෙන්න පුළුවන් කියලත්. මම මේ බලන් ඉන්නෙ සිරා විස්තරේ දානකන් පොටෝස් එක්ක, කට්ටියවම බලාගන්න.
මටත් නිකං ඉන්නකොට පොඩ් ආතල් ගනන හිතෙනවනේ මලේ....
Deleteඅයියෝ අපි හොදට සප්පායං වුණා.
ලොකු බෝල තිබුණනං අපිත් සෙල්ලං කරනවා.
කවිකාරි තමා ඒ ...නිහතමානි කෙනෙක්
Nalin aiyaa elama ela bn...
ReplyDeleteAiyath ekka katha karapu tika welawe unath pudumaakara hardayangama bawak danunaa..
Oba wayasin apata wadaa bohoo wadimal uwath,aiyaa kiyana suhada amantranaya ha obe senehasa,hardayangama bawa hamuwe thawaduratath aiyaa lesa amathimata kamaththemi..
Hamuwima loku sathutak...
Ayith hamuwemu..
Mahaloku durakath nemeine inne..
Jayama wewa !!!
ස්තුතියි මල්ලෝ.....ඉන්න ටික කාලේ මිනිසුන් සමග සතුටින් ඉන්න තියනවනම් ඒක තමා වටින්නේ...උඹලත් හරිම හොදයි බං...
Deleteමම කියවපු ලස්සනම පෝස්ට් එක,මෙහෙම කිව්ව එක ගැන අනිත් අය මම එක්ක තරහා වෙන එකක් නෑ, මොකද ඒ අයටත් ඒකම හිතිලා ඇති,
ReplyDelete//ඇයි අද දුවව එක්කන් ආවේ නැත්තතේ අද ම දුටු කවි කාරිය මගෙන් ලෙංගතු ලෙස විමසයි. ඇත්තටම පොඩි දුව මා සමග එන්නට කැමැත්තෙන් සිටියා ය. එහෙත් ලොකු දුවට පන්ති ය. එක් දුවෙක් රැගෙන ආවානම් අනෙකා ගේ සිත රිදෙයි. //
ඊළග සැරේ එද්දි නම් නංගිලා දෙන්නවත් එක්කන් එන්න අංකල් මතක ඇතුව,අපි එයාලව බලාගන්නම්.. :)
http://shammiworld.blogspot.com/2013/01/blog-post_28.html
Deleteමෙන්න මගේ පෝස්ටුවේ ලින්ක් එක
""ඊළග සැරේ එද්දි නම් නංගිලා දෙන්නවත් එක්කන් එන්න අංකල් මතක ඇතුව,අපි එයාලව බලාගන්නම්.. ""
Deleteහිකිස්... මේක දැකල මට හිනත් ගියාද මංදා... මෙහෙම කියන හැමෝවම බලාගන්නත් කෑවා අහරි ඕන වෙන එකනේ අප්පා වැඩේ... :p
ඹම හොදයි හරිද?. සුට්ටක්වත් දඟ නෑ... ^_^ එදා හිටි අය දැක්කා ඒක.. (එදා සද්ද දාලා මාව එක්කන් ගියේ කියලා කාවුරුත් දන්නේ නෑනේ)
Deleteමගේ පොඩි කෙල්ල හරිම දග මල්ලක් එයා ගෙනාවනං මට ඉතින් එයා පස්සෙම තමා ඉන්න වෙන්නේ.
Deleteඔයාගේ තාත්තත් ඔයා පස්සෙන්ම තාම ඉන්නව නේද. ඒ තාත්තලා දුවලට ආදරේ නිසා තමා...
මේ පණුව මොකක්ද කියන්නේ...
පණු අක්කා කිව්වේ අංකල් දැන් පොඩි නංගියා ගැන කියපු එකම තමයි... හිහි,, ඒකනේ අපේ තාත්තා මගේ පස්සෙන්ට ඉන්නේ, මොන බාල්දියක් පෙරළයිද දන්නෙ නෑනේ ඊළග මොහොතෙදි... අනේ එදා තාත්තා ආවා අදුන්වලා දෙන්න බැරිවුනා.. :(
Deleteඅනේද කියන්නේ අංකල්... සුට්ටි නගාව එක්කං එන්න කියන අක්කව බලාගන්න තව ගාඩ් එකක් දාන්න වෙයි කියලයි මට බය.. :p
Deleteනලින් අයියා ගේ සහභාගිත්වය සහ අපත් සමග එකතුව දුන් සහයෝගයට යලි යලිත් ස්තුතිය.
ReplyDelete:)
දෙවෙනිපාරට හොරෙන් සැට් වීම නම් වැරදී ඈ !
ජය වේවා !
දෙවැනි පාරක් සෙට් වුණේ නැතෝ මේ ලියා තියෙන්නේ පළවෙනි පාර ගැන. දෙවනුව සෙට් වුණේ ඔයාගේ කාර් එකේ තමා මල්ලෝ
Deleteනියමයි නලීන් අයියේ මේක... ඇත්තමයි...මටත් මේ අවස්ථාව මිස් වුණා...ඒත් මේ පෝස්ට් එකෙන් තමයි මට හිතුණේ "එදා හිටියා නම්..." කියලා....
ReplyDeleteඔව් රන්දු ආවනං මාර ආතල් තමා...
Deleteනලින් අයියා මම වේලාසනින් එතැනින් සමුගන්න අව්ස්තාවේ ඔබ කියූ දේ තාමත් මතකයි..
ReplyDelete" වීයා කොළඹ ආපු වෙලාවක කෝල් එකක් දීපන් ඕන උදව්වක් ඉල්ලපන්"
වචනෙම ඇති මචං..!
උඹේ නිරහංකාරකමට ස්තුතියි..!
මං අදුනගන්න ඕන කියා හිතන් ආව පිරිසෙන් කෙනෙක් තමා වියෝ ඔබ....ඒ ලෙංගතු කම දිගටම තියාගනිමු.
Deleteඅඩේ මුලිංම හම්බෙලා තියෙන්නේ මාව ඈ...
ReplyDeleteනලීන් අයියට අන්තිම ටිකේ කතාබහ කරපුවා මතකත් නැතුව ඇති අපේ අටමට වගේ...
හික්ස්....
ඒකනං ඇත්ත මලේ.... මං පිස්සු කෙළියද ඇත්තම කියපං මලේ.
Deleteවයසත් එක්ක අරක්කුත් එක්ක තියන තරහා වැඩි වෙනවා. මුන් අපිව බයිට් එකට ගන්නවා. හොදට මතක තියාගන්ඩ ඕන ආයේ හුජ්ජ කොල්ලෝ එක්ක නොබොන්ඩ
Deleteඅපි ආයේ තරියා සමග නොබොන්නෙමු.. ඒ කියන්නේ තරියත් බීලා
Deleteඅන්න හලි අටමො අපි සැට් වෙමු මටත් කියපන්..ඔය හුජ්ජ කොල්ලො නැතිව..:))
Deleteඑළම තමා... ඒත් තරියා අහිංසකයා බං
Deleteඇත්ත ඔබ වාසනාවන්තයි. මා දිනය ඉදිරිකර ගැනීමට පමණක් සමත් විණි. නමුත්, නොපැමිණීමට හේතු නැතුවාම නොවේ. එය මට අනුව සාධාරණයි. නමුත්, හේතු දැක්වීමට ඉදිරිපත් නොවෙමි.
ReplyDeleteආවනං සතුටුයි නිර්මලා...ඒත් නොවැලැක් විය හැකි හේතු තියනවානේ..
Deleteවිස්තරේ දැක්කම නම් හිතුණා අනේ එදා හිටිය නම් කියල.. ඒත් මිස් වුණේ ඇයි කියන එකට හේතුව බ්ලොග් ලිපියකම පළ කරන්නම්කෝ...
ReplyDeleteමිනිස්කම මේ විදියට විඳින්න පුළුවන් මනුස්සකම තියෙන හිතකටම පමණයි..
ඇත්තටම ඇයි නාවේ අදුනගන්න කැමැත්තෙන් හිටි කෙනෙක් ඔබ...
Deleteමං මේ දුවගෙන අවේ නලීන් අංකල් ට බ්ලොග් ගෙට්ටුවෙන් අහිමු වුනේ මුනාද කියල බලන්න..
ReplyDeleteවටිනා දෙයක් ලැබිලා නෙව තව වටිනා දෙයක් අහිමි වෙලා තීන්නේ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අනේ පණුවෝ ඔයාවත් අපි මතක් කළා ඒත් මේ පෝස්ටුවට දාන්න අමතක වුණා...ඔයාල තමා මගේ බ්ලොගට මුලින්ම ආපි අය...
Deleteඒ වුණාට ඔයත් මගේ හෙඩිමට අහුවුණා නේ...ඒ කියන්නේ මං සාර්ථකයි.....
ජය වේවා!
දැම්මේ නැතුවට මොකෝ අංකල්... හිතේ ඉන්නවා නේ ඒ ඇති..
Deleteහිකිස්.. ඒකට බය වෙලා තමයි මේ දුවන් ආවේ..
ජය වේවා!!!
නලින් අයියේ [මාමේ :p ] ෆොටෝ කෝ ?
ReplyDeleteවලේ ගත්තුව තමා තියෙන්නේ ඒව දැම්මොත් මං සුං
Deleteබ්ලොග් හමුව ගැන හදවතින්ම ලියු ලියවිල්ලක් .
ReplyDeleteමිනිස්සුන්ගෙන් අංශු මාත්‍රයක් වත් බ්ලොග් එකේ ලියවෙන්නේ නැහැ . ඒ නිසා පුරවා නිගමන අරගෙන ලේබල් ගහන එක වැරදියි . ඔබේ අදහසට එකඟයි .
අන්තිම කොටසට වඩා කැමතියි . අහිමි වූ පැය හත ...එය කියූ විදිහ අපුරුයි
ඒ උනාට බින්දී ඔයත් ඔයාගේ හිතින් සමහර අයව ලේබල් කරන් නේද ඉන්නේ ?
Deleteස්තුතියි බින්දි දවසක ඔයාලවත් අදුන ගන්න ආසයි....ලංකාවට ආවිට හමුවෙමු..
Deleteඅනිවාර්යෙන්ම වාසනාවන්තයෙක්!!!
ReplyDeleteඔබේ වචනයත් මට සතුටකි
Deleteගම්පහ උන්දැලට ස්තුතී
ReplyDeleteරාජ් මට ඔබව මග හැරුණා...හදුනාගන්න ආසාවෙන් හිටි කෙනෙක් ඔබත්..අපි දෙන්න මත දෙකක හිටියත් මනුස්සකමට ඒ සියල්ල යටයි.
Deleteඅය්යෝ මෙහෙම අඩවන එක හරිද මම අහන්නේ... දුක තමයි ඉතින්... අප්‍රේල් එන්න වෙන්නෙත් නෑ...
ReplyDeleteඅයියෝ මේ පෝස්ට් එක ඇඩෙන්න ලියපු එකක් නොවෙයිනේ....වෙලාවක ලියන්නංකෝ ඇඬවෙන එකකුත්..
Deleteහ්ම්ම්ම්..... හරිම අපුරුවට ලියල මේක..... මං ගෙට්ටුව ගැන කියවපු හොදම පෝස්ට් එක මේක කියල හිතෙනවා. හදවතටම දැනුන. පොඩි දුකකුත් ආව. ගෙට්ටුවට යන්න බැරි වීම ගැන.... ඒත් හරි සතුටුයි ඔයාලගේ පෝස්ට් කියෙව්වම. මාත් ගියා වගේම තමා..... :D
ReplyDeleteසමනළ පැටව් ඉතින් මේවට එන්නෙ නෑනේ...ආවනං කොයි තරම් අගේ ද...අගය කිරිමට ස්තුතියි.
Deleteමේ සටහනේ මගේ හිත තදින්ම බැඳුනු, නැවතුනු තැන් කීපයක්ම තිබුනා. ගෙට්ටුවේ විස්තරය ජීවය කවා මෙලෙස සටහන් කලාට ස්තුතියි නලින් අයියේ..!
ReplyDeleteස්තුතියි මලයෝ...
Deleteඅප්පේ..නලින් අයියේ උඹ දැක්ක වෙලේ ඉඳන් මට අපේ සීයා දැක්කා වගේ බං! ඒ මොකෝ අපේ සීයාත් උඹ වගේ හරිම අවිහිංසක හිනාවක් තියෙන ජොලි බුවෙක්!! උඹත් එක්ක ඉද්දි අපි වයසක උන් උනා බං! උඹ තාම තරුණයි!
ReplyDeleteහික්ස් බෝක්කුව උඩ මුලින්ම හමු වුණු මිත්‍රයා.....උඹල එක්ක ඉන්නකොට තරුණ වෙනවා බං...ආසයි උඹලගේ විසේකාරකම් බලං ඉන්න..ඒ සේරමත් එක්ක උඹලා හැබෑ දක්ෂයෝ....
Deleteමඩ නැති වීම ගැන විරෝධය ........... මරු දවසෙ නේ !!! තිත් දෙකයි ඩී
ReplyDeleteමං ඉතිං වැඩිය මඩට බර නැනේ මලේ...හිටහං කෝ ටිකක් අනිත් මඩ අහවර වෙනකං...
Deleteහ්ම්ම්..ඔයා වාසනාවන්තයි තමා. අපි තමා අවාසනාවන්ත. පින්තුර ටිකකුත් දැම්මනම් කට්ටියව බලාගන්න තිබුනා :)
ReplyDeleteකවදා හෝ දිනක ඔබවත් දැකගන්න ආසයි...පිංතුර අනෙක් බ්ලොග් වල තියනවා සේරම වගේ.
Deleteනියම පෝස්ට් එක.....
ReplyDeleteමම නම් කලින් බ්ලොග් ගෙට් දෙකකට සහභාගී වෙලා තියෙන නිසා, බොහෝ දෙනෙක් හදුනනවා.ඒත් ගම්පහ අයගෙන් කලින් දැනගෙන හිටියෙ; සෑමයි පවනියි විතරයි.සිරාව හඳුනා ගත්තෙත් ගම්පහ ස්ටේෂන් එකේදියි.නලින්ව දැනගෙන නොහිටියත් ආවෙ දන්න කෙනෙකුගෙන් චරිත සහතිකත් අරගෙනයි...(හමුවෙදි වුනේ ඒක තහවුරු වෙච්ච එක විතරයි)
නැවතත් සයිබර් බක්මහ උළෙලෙ දී හැමෝම හමු වෙමු.
කවුරුවත් එක එක විකාර කියලා මගහරින්න හදන්න එපා, අපට ජීවත් වෙන්න තියෙන්නෙ කෙටි කාලයයි.....
උඹට ටිකයි අපිට තව ගොඩක් තියනවා
Deleteසුමියා කොහොමද අපේ මැච් එක...ආසයි බං උඹලත් එක්ක සෙට් වෙන්න.
Deleteමාමාව හම්බවෙලා කතා කරන්න ලැබුනු එකත් ඇති :)
ReplyDeleteහැමදාම චැට් කළා ඔන්න එදා තමා දැක ගත්තේ හරිම සතුටුයි..
Deleteනියම ලිපියක් නලින් අයියේ....... මටත් ගම්පහ එන්න ලැබුණානම් කියලා හිතුනා ඊලග අවුරුද්දෙනම් අනිවා මමත් එනවා
ReplyDeleteඅනිවා එන්න මලේ...
Deleteගෙට්ටුව ගැන ලියැවුණු හොදමම පෝස්ට් එකක්.ඇත්තටම එන්න බැරි වීම ගැන හුගක් දුක හිතෙනව මේව කියවද්දි.මං එනවාට ගෙදර අය කැමති වුන්නෑ.තව ලොකු වෙලා එක්ක යන්නං කිව්ව.මං එයාලට වැරැද්දක් කියන්නෑ.ඒත් ඉතින් ඇත්තටම මට ගොඩක් දුකයි එන්න බැරිවෙච්ච එකට.කොහොම නමුත් සහභාගි වුණු හැම කෙනෙක්ම ඒ අවස්ථාව හදවතින්ම වින්දා නම් ඒ ගැන හිතල සතුටු වෙන්න පුළුවන්..
ReplyDelete..ඒ වගෙම ඊටත් වඩා සතුටු වෙන්න තිබුණ ඒ අවස්ථාව සිහියෙන් එතැනට ආපු පිරිස සිහියෙන්ම විසිර යන අවස්ථාවක් වුණා නම්.එහෙම කීවාට අමනාප වෙන්න එපා.අමනාප වෙන එකක් නෑ කියල හිතනවා..ජය වේවා!
කිසිම අමනාපයක් නෑ දුව...
Deleteතව බත් ගොඩක් කාලා ඉක්මනට ලොකු වෙන්ඩ
Deleteහික් හික් හොදයි බත් ගොඩක් කනවා ඔන්න අද ඉදන්...)))
Deleteඇත්තටම වයස කීයද දුවේ.
Deleteඒ නගා දෙදාස් පහළොවේ ඒ ලෙවල් ලු... එ කියන්නෙ ගිය අවුරුද්දෙ ඕලෙවල්...
Delete(මං දන්නෑ.. ප්‍රොෆයිල් එකේ තිබ්බෙ...)
වයස අවුරුදු දාසැයයි මාස තුනයි දවස් පහලොවයි...))))
Delete@යාන්ත්‍රිකයා,
මං ගිය අවුරුද්දෙද කොහෙද තමා ඕ ලෙවල් කළේ අය්යණ්ඩි..P තැන්කූ ප්‍රෝෆයිල් එක බලලා වයස ලියා තිව්වට!
අනේ තව සුට්ටං බට්ටිච්චෙක්නේ.....හරි සතුටුයි ඔබ වැන්නෙක් බ්ලොග් ලියන්න පටන් ගැන්ම ගැන. ඒත් අධ්‍යාපනය ගැනත් නිරන්තර අවධානය යොමන්න. පළමුව එය දෙවනුව බ්ලොග්.
Deleteඅවුරුද්දට එන්නකෝ තාත්තත් එක්කවත්...
හා හා බොහොම ස්තූතියි මාමේ.අවුරුද්දට එන්න බලන්නම්කෝ...)))
Deleteහරිම සුන්දර සටහනක් නලීන් අයියේ..
ReplyDeleteඔයා අන්තිමට කරපු කතා බහෙන්ම නලීන් අයියගේ හදවතේ තිබුනු සුන්දරකම මං නං දැක්කා. හරිම නිර්ව්‍යාජ, සොදුරු නිහතමානි මනුස්සයෙක්. ගොඩාක් සන්තෝසයි එදා දැක ගන්න කතා කරන්න ලැබුනට :)
මටත් හරිම සතුටුයි ඔයාලව හදුනාගැන්ම මලේ
Deleteහිතට දැනෙන්න ආපු අයට, නාපු යට ඒ ගැන දුක හිතෙන්න ලියලා තියෙන ලියවිල්ල සුපිරියි........
ReplyDeleteකවුද කියන්නේ නලින් අය්යාට වයසයි කියලා.... කොල්ලා වගේ ඉන්නේ ඔය ලස්සනට....
තැන්කූ දේවා.....උඹත් හොද දක්ෂයෙක් කොල්ලෝ...
Delete//සුහද හමුවෙන් මට ලැබුණු දේ හා අහිමි වුණු දේ//
ReplyDeleteමං මේ ආවේ දෙකක් කියන්ඩ ,අපි මොනවද යකෝ උඹේ ගත්තේ කියලා
ඇයි බොල රු. 800 ක් අරන් තියෙන්නේ.. ඒ දුකට තමා ඕක සුපිරියට ලියවිල තියෙන්නේ.
Deleteඅයියයියෝ මට එතැනින් කෝටියක් වටින දේවල් නේ ලැබුණේ.
Deleteකමෙන්ටු වලින් හඳුනගෙන තිබුණු එකේ මේ විදිහට දැක බලාගෙන කතා කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනවා.... මට එක දවසක් කමෙන්ටුවක නරක කතාවකුත් කියල තිබුණා... අහන්නයි හිටියේ ඒ ගැන... ඒත් දැක්කට පස්සේ ඒක අමතක කරලා දැම්මා ;)
ReplyDelete@සඟවපු අමනාපෙන්
^_^
ආයෙම හමුවෙමු......... කනා මුට්ටි එහෙමත් බිඳිනවද අවුරුද්දට...?
තරහා ගන්න එපා සිත්තරියේ....මට ත් ඔය වෙලාවකට ඒක එක විකාර අදහස් ඔලුවට එනවනේ...ඇත්තටම මං මොකක්ද දාල තිබ්බේ. මට ඒහෙම මතකයක් නෑ..හැම කමෙන්ටුවක්ම මම දාන්නේ මගේ නියම නමින් සිත්තරියේ...ඒවා අල්ලා දාන්න...දැන් අපි යාළුවොනේ..
Delete//ඒ ළමයට මොකක් හරි ප්‍රශ්නයක් ඇති අපි අනික් පැත්තෙන් අයින් කරලා යං.
ReplyDeleteත්‍රිරෝද රිය මදක් පසුපසට ගෙන අනෙක් පසින් හෙමිහිට ඉදිරියට ගන්නා විට මා දුටු වේ පාරේ වැටි සිටි බලු පැටවෙකු හේතුවෙන් අර තරුණිය සිය මෝටර් රිය නතර කොට ඌ ඉවත් කරන්නට උත්සාහ කරන බවයි.
ත්‍රිරෝද රියැදුරුගේ කේන්තිය ද මැකියන යුරු දිස් විය.
ඇත්තටම ඒ වැටී සිටියේ මිය ගිය බලු පැටවෙකි. ඔයා ට කේන්ති ගියාට ඒ හොඳ හදවතක් ඇති කෙල්ලක් වෙන කෙනෙක් නම් බලු කුණ යට කරන් යනවා යැයි මම පැවසිමි. //
ඔය තරුණ නැන්දා තමා බං බ්ලොග් අවකාශේ ලස්සනම කැවුත්ත තියන ගෑණි
ඒකනේ බං මං ඒ ගැන ලිව්වේ
Delete//අර ලස්සන කොල්ලා චමි 4 යූ ලියන චමියා ය.//
ReplyDeleteචමියා ආපු දවසට අපේ බල්ලා බත් කන්නෙත් නැ .උගේ ලස්සන බලලා බඩ පිරිලා
අනේ අම්මේ මේකා ආවෙත් ඌ එක්ක...
Delete//මා සේම සුමිත් නිරිඇල්ල ද හුදකලාවේ ය. ඌට කර ඇති අපරාධය හද කකියවන සුලු ය//
ReplyDeleteකොට ඇගිලිදෙක ගෙවෙනකං අල්ලේ ඇතිල්ලුවත් මට සුමිත් එක්ක කතා කරන්ඩ තියන දේවල් ඉවර කරන්ඩ බෑ නලින් අයියේ
ඔන්න ඕක තමයි බං මට තියෙන එකම අවුල (අනෙකා මා සමග දොඩමළු වෙන්න යම් වෙහෙසක් දරන්න වීම) ඒ හින්දම තමයි කතා කරන්න ඕන වුනත් වැඩි දෙනෙක් එක්ක කතාවට නොගියෙ....
Deleteඅටම් අයියා සුමිත් අයියාට මාව අදුන්වල දුන්න සිද්ධිය මට දැං වගේ මතකයි.. :'(
Deleteසුමියා කොහොම වුණත් උඹ එක්ක අපි ඉන්නවා...ඒක අපට කරදරයක් නොවෙයි...අපිත් ඇට මස් නහරවලින් හැදිච්ච උන් බං...අටමා කියන්නෙත් බොක්කම දෙන්න වුණත් කැමති එකෙක්..
Delete"ආ නලියා උඹ කැරලිකාරිත් එක්ක අප්සෙට් එකක් දාගත්ත ද කවදා හරි දවසක". අටං ට පරණ සිද්ධියක් දැන් වාගේ මතක් වී ඇත. මම ද හොල්මං වීමි.
ReplyDelete//නෑ එහෙම කිසි දෙයක් වෙලා නෑ. ඇත්තටම මට එවන් සිද්ධියක් මතක නැත. මා ඇය සමග චැට් කිරීමක් හෝ කළ මතකයක් නැත.
නැ බං ඒකි මට කිව්වනේ උඹ මහ අප්සට් ජොකෙක් කියලා. උඹ මොකක් හෝ නොහොබිනා කමෙන්ට් එකක් එකිගේ පෝස්ට් එකකට දාල කියල තමා ඒකි කිව්වේ. හැබැයි ඒ වෙලාවේ මං ඒකිට කිව්වා නලියා කියන්නේ ජෙනුවින් පොෆයිල් එකකින් ඉන්න එකෙක් ඔයා ඉන්නේ ෆේක් ඌට එහෙම චොදනා කරන්න එපා කියලා//
අන්න ලොකු අයියේ උඹටත් වෙරි,මම ඒක කියුවේ බොන්ඩ කලින් මල් වත්ත ඇතුලේ
උඹ හරි මං මේ කතාව නිර්මාණය කරන විට තැන වෙනස් කෙළේ...එය මා හිතා මතා කළ දෙයක් අටමෝ....
Deleteමේ සිද්ධිය අටං මට කිවේ මා අතින් යම් වරදක් සිදුවේ නම් එයින් මා මුදා ගන්නා ඒකායන අදහසකිනි.එය කේලමක් හෝ වෙනයම් අරමුණකින් කියන ලද්දක් නොවේ.ඇත්තටම අටං මෙය මට කිවුවේ ගෙට්ටුව පටන් ගෙන සුළු මොහොතක දි ය.ඒ නියම නමින් පෙනී සිටිනා මා වෙනුවෙන් ඇති ලෙංගතු කම නිසාය.මා එය දෙකක් කොට මෙසේ නිර්මාණයකට එක් කිරීම තුළ අටං මලයාව අපහසුතාවට පත් නොකරන්න.
Deleteමම එතනදි කියුවා උඹව බ්ලොග් රෝලෙන් අයින් කරන බවත්,නිවුස් දාන හන්දා
ReplyDeleteමං නිවුස් දාන හැබෑ හේතුව කිව්වනේ අටං මලේ..
Deleteමේ නලින්ගේ ෆොටෝ එක දැක්කම මට පෙන්නේ මාවන් අතපත්තු වගේ. වෙනසකට තියෙන්නේ කන්නාඩිය. නලින් කියන්නේ ලෝකේ බොහෝ තැන් වල ගිය බොහෝ දෙනා ඇසුරු කරපු පරිනත පුද්ගලයෙක්. මමත් ඇතුලට ගිහින් මුලින්ම ප්ලග් වුනේ කවිකාරි, නලින් ඉන්න තැනට එතන හිටිය තට්ටයගෙන් ඔයාගේ බ්ලොග් එක මොකක්ද කියල අහලා "ඇයි බං මං අටමා" කිව්වේ නැද්ද. මට මාර ලැජ්ජාවක් ඇති වුනේ. අපේ තරුණ කැලගේ පොස්ට් සේරම වගේ බැලුවේ ඒත් මේක වෙනස් දෘෂ්ටි කෝණයකින් දැකපු වෙනස් පොස්ට් එකක්.
ReplyDeleteස්තුතියි සුදික.... එදින ඔබව හමුවිමත් හරිම සතුටට කරුණක්.. ඔබත් බොහොම සංවේදි මනුස්සයෙක් වග ඔබ දකින්නත් කලින් සිට මා ඔබේ නිර්මාණ හරහා වටහාගෙන සිටියේ.. එය එදා යථාර්තයක් බව පසක් වුණා.
Deleteමට නං මේකේ කිසිම අවුලක් නෑ නියමෙට තියෙනවා. උඹ ඉතිං කොහොමත් සාමාන්‍ය බුවා නෙව.හැබැයි පුතෝ එක තරහක් තියෙනවා අර ඉස්ටේසමේ හිටිය කපල් එකට කරපු අපරාදේ ගැන...
ReplyDeleteමටත් ඔය හිටපු ගමං අලුගුත්තේරු වැඩක් දෙකක් කරන්න හිතෙනවා මලේ...
Deleteලබන සැරේ අපිත් එනෝ :)
ReplyDeleteරුවෝ අනිවා එන්ඩෝ...
Deleteඑළ එළ
ReplyDeleteෆිට් තමා..
Deleteහමුවෙමු ළඟදීම....
ReplyDeleteමාතලන් හදුනා ගැන්මට කැමැත්තෙන් තමා එදා ආවේ. මං ඔබේ ලියැවිල්ලට හරිම කැමතියි.
DeleteGampaha enna une naa dukai
ReplyDeleteAvurudu uthsavedi aniva defa set vemu.
Gampaha get eka gana liyala thibba post valin hodama post eka meka
ස්තුතියි මලේ.....අනිවා අවුරුද්දට සෙට්වෙමු.
Deleteඇත්තටම නලීන් අය්ය... ඔයා මේක හොදට ලියල තියෙනවා... ඇත්තටම ලස්සනයි...මම දැන් ඇත්තටම දුක් වෙනව මට එන්න බැරි උන එකට... මොකද මම ඇත්තටම ආවෙ නැත්තෙ මට යාලුවො නැති නිසා.. මම බ්ලොග් අවකාශයට අලුත් සාමාජිකයෙක්.... පුලුවන් වෙලාවක ඇවිත් මගේ බ්ලොග් එකත් බලල යන්න.... වැරදි අඩුපාඩු තියෙනවනම් එහෙම මට කියන්න... අනිවාර්යයෙන් මම ඊලග ගෙට්ටුවට එන එක එනව.... ඒකෙ කතා දෙකක් නෑ.....
ReplyDeletehttp://jeevithayasundharai.blogspot.com/
සොදුරුතම මොහොතක්...ඊලග එකට එන්න. ඔබේ බ්ලොගට ගොඩවදිනවා අනිවා..
Delete:( :( :( :( :( :(
ReplyDeleteඅනේ රෝසේ ඔයා අවේ නැත්තේ ඇයි රත්තරන් ..?
Deleteමොකද රෝස් වරහං විතරක්......ඔබත් ආවනං කොතරම් සුන්දරවෙයිද එදා
Deleteමචං නලීන්. මේක උඹ ලියපු හොඳම පෝස්ට් එකක් වගේම ගම්පහ ගෙට්‍ටුව ගැන ලියැවුනු පෝස්ට් වලිනුත් හොඳම එකක් මට නම්.
ReplyDeleteබ්ලොග් ලියන්නන්ගෙ ඇතිවෙන හෘදයාංගම භාවය ගැන කිව්වොත් මම එකට ඉස්කෝලෙ ගිය අද උඹත් එක්ක එකට වැඩ කරන ජයකොඩියා එක්ක ඇති තරම්ම හෝ ඊට වඩා බැඳීමක් මට, මේ මාස කීපයක් තිස්සෙ බ්ලොග් වලින් අඳුනාගත්ත උඹත් එක්ක ඇති බව උඹට තේරෙන්න ඇති.
තව උදාහරණයක් කිව්වොත්, මගෙ පරණම යාලුවෙක් වන ගාමිණීගේ විජිතය ලියන ගාමිණී සමරකෝන් ගැන මම මෙච්චර කාලයක් දැනගෙන හිටියට වඩා දේවල් මම ගාමිණී ගැන දැනගත්තෙ ඒකා බ්ලොග් එක ලියන්න ගත්තට පස්සෙ. ඒකෙන් තවත් අපි ලං වුනා.
ඉතින් උඹ මේ ගෙට්ටුව නිසා අත් විඳපු දේ මට කිසිම පුදුමයක් නෑ.
ඔබ වැන්නෙකුගෙන් ලැබෙන මේ සහතිකය මට මහ මෙරක් තරම්ම වටිනවා. මේය කියවද්දි මගේ දැස් තෙමෙනවා...
Deleteගාමිණි අයියගේ පොත දොරට වැඩුමට මං ගියා. එතැනදි වෙනි අයියත් හමු වුණා.
අවාසනාවක මහත.. අතළඟම තිබුණ එක මගහැරුණා.. ඒත් මේ ලියල තියෙන විදියටනම් මමත් එතැන හිටියා වගේ තමයි.. සංවිධායක මණ්ඩලයට හදවතින්ම සුබ පතමි.
ReplyDeleteඅයියෝ දයා ඔයටත් එන්න තිබුණනේ...අනිකට එන්න
Deleteමම කැමති සරල චාම් පුද්ගලයා :) හමුවිම දැක ගන්නට ලැබිම සතුටක් අෆ්ෆෙ.
ReplyDeleteඔබ හමුවිමත් සතුටකි දුව...දෙන්නටම මගේ සුබපැතුම්
Deleteනලින් අයියේ මාරම හිතට වදිනවා මේ පෝස්ට් එක.හරිම සංවේදී විදිහට ලියල
ReplyDeleteතියෙනවා .ඔයාගේ හිතේ තියෙන ලස්සන මනුස්ස කම දැනෙනවා මේක දකිද්දී .
ඒ වගේම ඒක නිසාම වෙන අපහසු තාවයන් ගැනත් තේරෙනවා ( අර මල් වත්තට
යන්නද ඔයාලත් ඉන්නේ ?????? ) සමහර සිද්දි දකිද්දී..අනිත් දේ තමයි ඔයා
පුදුම ඉවසීමේ ශක්තියක් තියෙන නියම මාධ්‍ය කරුවෙක් . ඒක ගැන හරි ආඩම්බරයි .
ලියන්න නම් පුදුම දේවල් හිතට එනවා .ඒත් ඕනේ නැහැ .මනුස්ස කම දැනෙනවා
හොදටම ඒ ඇති ..
තව දෙයක් ගොඩ වෙලාවට සෙට් උන අය ගැන්සි බැහැල අනික් අය හලනවා..ඒ උනත්
නොගිය අපි ගැනත් මතක් කරපු එක , මතක් උන එක ගැන ගොඩක් සතුටුයි..
ඔයාල හැමෝටම බුදු සරණයි ...
Shermie Fernandez.
සහන් උඹ තුළත් නොකියන නොපෙන්නන මනුස්සකමක් තියනවා.. මට එය දැනි දැන් ගොඩක් කල්...හමුවට ආවානං ඒ දිනය තවත් රසවත් වෙනවා...අපට හිනා වෙන්න තියෙන්නේ මේ වගේ වෙලාවල් විතරයි සහන්...
Deleteසහෘද සුලෝහිත ජ්‍යෙෂ්ඨයෙකුගේ මානුශීය සහෝදරත්වය උපරිමේට දැක්කා නලින් අයියා ඔයාගෙන්.. ගීතෙන් ගීතෙට පළවෙනි සිංදුව මතක් කොරල දුන්නට පිං ඈ..
ReplyDeleteඅප්‍රියෙල් 21 මුණ ගැහෙමු. :ඩී
අඩේ අප්පා මලේ උඹත් සුලෝහිතයෙක් ද මං ඒක එදා දන්නේ නෑනේ. ඩුඩ් ගාමිණි මොඩන් පේට්‍රියට තුන්දෙනත් සුලෝහිතයෝ. අනිවා උඹල එක්ක ගෙවපු දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. අනිවා සෙට්වෙම් එදාටත්
Deleteනලින් අයියට අයිය අයිය කියුවට මොකෝ අපෙ අප්පච්චිගෙ වයසනෙ ඈ.......................
ReplyDeleteඅපෙ අප්පච්චිටත් අවිදුර දෘෂ්ඨිකත්වෙ තියෙනවා...... අප්පච්චිත් දිනමිණට ලියනවා..........:))
කොහොම උණත් නලින් අයිය එල කොල්ලෙක් කියල අපි දන්නව.. මගේ බ්ලොගේ පටන්ගත්තු දා ඉඳල අපිත් එක්ක හිටපු අමතක නොකර හැම පෝස්ට් එකටම කොමෙන්ටුවක් කොටපු එළ පොරක්...
අපිට ඔය ගේට්ටුව මගෑරුනේ දුර නිසා නෙව.... නුවරයි ගම්පහයි කියන්නෙ ඉතිං තේරෙනවනේ...
පැය දෙකයි බොල
Deleteනුවර ඉදං කෙල්ලොත් ආව යාන්ත්‍රික මලේ..
Delete@ ඇනෝ,
Deleteනුවර කියුවට නුවර ඉඳන් ටිකක් දුර....
නුවර ටවුමට එන්නත් පැය දෙකක් යනවා....කෝමද හෙන ඩොටේකනේ....:))
අනික නුවරට පාන්දර බස් හිඟයකුත් තියෙනවා.... උදේම බස් එක තියෙන්නෙ පාන්දර පහමාරට...
පහමාරට ඇවිත් කොහෙ එන්නද?
එනවනම් කළිං දවසෙ ඇවිත් මල්වත්තෙ ලගින්න වෙනවා...:)
@නලින් අයියා,
මමත් ටවුමෙ හිටියනං එනවා...:P
මලයා අප්පච්චි කවුද නම මොකක් ද.
Deleteඅනේ යාන්ත්‍රික පුතේ මම නම් නුවර නගරයේමයි. කොහෙද බන් උඹේ ගම ?
Deleteඑදා නම් සුපිරි තමා නලින් අයියා.එත් අපිට නොකියම වලවල් ගානේ ගිය එකනම් දුකයි ඈ.
ReplyDeleteමට මහලු වයසේ බැරිය කිරිකට් සෙල්ලං පෙරසේ... ඉතිං මලේ වලේ නොබැහැ මොනව කරන්නද අනේ. ඒකට අමනාප නොවන්න..උඹ පොඩි උනාට දක්ෂයෙක් දැක්මක් තියෙන කොල්ලෙක්
Deleteලොකු වුණාට නලීන් අයියාත් පැංවෙක් තමා
ReplyDeleteහරි මලේ..
ReplyDeleteනියමෙට ලියල තියෙනව නලින්.
ReplyDeleteඑහෙනං අටමව වලේ දාපු කට්ටියගෙං මෙයත් එක්කෙනෙක්. :D
නැතුව නැතුව ඉතිං අපි හතර දෙනා තමා පැන්නේ...ත්‍රිභාෂා මිත්‍රයා ඔබේ පැමිණිමත් මට හරි සතුටකි.
Deleteදෙයියණේ මම කර ගත්ත අපරාදයක් කියලා හිතෙනවා ,
ReplyDeleteමේ විදියට ගෙට්ටුව නිර්වචනය කරාම කොහොමද අපි හිත හදා ගන්නේ ,
ඇඹුල් කන කෙනාටත් වඩා බලන් ඉන්න අයට හිරි වැටෙනවා ,ඒ වගේ මේ රසවත් කම කියන කොට නලියන්නේ එන්න බැරි වුන අයටණේ.................
ආවනං කෙතරම් සුන්දර වෙයිද. ඒත් මං දන්නවා අම්පාරේ ඉදන් එන්න තියන කට්ට කොහොමද කියලා. අවුරුද්දට සෙට් වෙමු.
Deleteමෙදා සැරේ බක්මහට මම එනවෝ්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්
Deleteසමකයවටේ ලියන එකා මහා පොෂ් පොරක් වෙන්න ඇති කියල තමා අපි මුලින් හිතං හිටියේ.මහින්ද මාම ගේ ආන්ඩුවේ තදයෙක්නේ ඔයා.එදා ගේට්ටුවට ඇවිත් බැක් මල්ලක් එල්ලං අයිනක් ගහල ඉන්නකොට හිතුනේ මහා කැදයෙක් කියලයි.හවස්වෙද්දි කරටි කැඩෙන්න ගහල ඉන්නකොට හිතුනේ නොම්බර එකේ බේබද්දෙක් කියලයි. හවස වෙරිමරගාතේ කතාව පවත්තනකොට හිතුවේ ගම කයි කියලයි.ඒත් කතාව ඉවරවෙනකොට අයියා අපේ පොඩි සෙට් එකේම වීරයෙක් වෙලා ඉවරයි:d)
ReplyDeleteඒ වෙලාවේ අපි අයියට තැග්ගක් දෙන්න කතාවුනත් වෙලාවේ කරගන්න බැරි උනා.මේ පොස්ට්එක කියවනකොට හිතෙනවා අපි මොනවද ලියන්නේ අයියා අපිව පුකේ තියාගන ලියන්න හැකි පොරක් කියලා.යීරිසියයි අයියේ මේලියවිල්ල ගැන.ඊලගපාර අපේ ගානේ අයියට සම්මානයක්.....දැං සමකයවටේ ලියන්නේ අපේ වීරයෙක්-නිවුස් නොදා මේ විදියට ලියන්න අයියේ - පොඩි කොල්ලෝ
ඇනෝ පොඩි කොලුවා දැන් බිලාද මන්දා කරටි කැඩෙන්නේ..
Deleteඅයියෝ ඇනෝ මලයෝ.. ඇත්තටම එදා මං චාටර් ද බං. මාත් බං උඹල වගේම එකෙක් තමා.
Deleteමට මේ හැම දෙයක්ම කියවද්දී සතුට වගේම පොඩි ඉරිසියාවක් එනවා.මන් නැතත් මේ හැම තැනකදීම මන් හිටියා වගේ මවාගෙන කියෙව්වා..මටත් මේ පිස්සෝ ටික ඉක්මනින් අදුරගන්න ලැබේවා..
ReplyDeleteඑන්න අනේ ලොව නිදහස්ම මාධ්‍ය කරුවන් හා එකතු වෙන්න. ඒක හිනයක් නොකරන්න
Deleteනලින් මල්ලී මෙය හරිම හදවතට දැනුන ලියවිල්ලක්. මට අවාසනාවට එන්න බැරි උනා. පොඩිපුතා සමඟ දවසම ආසිරි රෝහලේ ගෙවන්නට උනා. කරන්න දෙයක් නෑ . කවදා හෝ අපි යලි හමුවේවි. මෙහෙම සහෝදර කමකින් බැඳුන එක කොච්චර හොඳද? කවිකාරි නංගි මට කලින් දාක චැට් කලා. මගේ අපහසුතාව ඇයට කීවා. ඈ හරිම හොඳ හදවතක් ඇත්තියක් බව දන්නවා මල්ලියේ. අදත් දවසම අපේ අළුත් ව්‍යාපාරය ආරම්භය සඳහා වෙහෙසුනා. මේ වෙලාවේ මෙය දැක්කාම වෙහෙසත් නිමා උනා. සැමට සුබ පැතුම් සමග වසනාවන්ත ඉදිරි ගමනක් පතනවා සෙනෙහසින්ම.
ReplyDeleteඅක්කව දැක ගන්න හරිම ආසාවෙන් ඉන්නේ. යමින් එමින් ගමනක හෝ මා හමුවන්න එන්න. මා ඉන්න තැන අක්කා දන්නවනේ.
Deleteඅපරාදෙ,මටත් එන්න බැරි වුණානේ.මට ඒ ඉරිදා ඔෆිස් යන්න වුණානේ.
ReplyDeleteඔබ එතැන සිටියානම් එය මට යෝධ ශක්තියක් ම වේවි..අවුරුදු උත්සවයට එන්න.
Deleteනලියා ,,ගෙට්ටුව ගැන මේක තමයි මම කියවපු හොදම පෝස්ටුව. මම නොගියත් ගියා වගේ දැනුණා. ඒ වගේම උඹ ලිව්වෙත් කාලෙකින්.
ReplyDeleteරත්තෝ ඇත්තටම එතැන ඉන්න ඕන කෙනෙක් ඔබත්. හමුවෙමු දවසක. එදින මෙදාටත් වඩා සොදුරුම වේවි.
Deleteඋඹ එනවා කියලා පොල්ල තිබ්බ එක කැතයි රතුවො...අරිද ?
Deleteගෙට්ටුව පිළබද ලියැවුනු අනෙකුත් සියලුම පෝස්ටු වලට වඩා වෙනස්ම ලියවිල්ලක්...ඒ වෙනස තමයි ඔබේ වියත් බව, ගෙට්ටුව දවසෙ හමුවීමට ලැබීම ඇත්තටම සතුටක්...ආයෙත් දවසක හමුවෙමු !
ReplyDeleteමේ සියලු දේවල් ඔබගේත් සෑමාගේත් නොවක් උත්සාහය නිසයි සිරා මලේ
Delete//මිතුරනි යමෙකු ගේ මතුපිට දුටු පමණින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි තීරණවලට නොබසින්න.// ඒක නම් ඇත්ත. අර කවිකාරිව කෙල්ලෙක් විදිහටනෙ දැකලා තියෙන්නෙ.
ReplyDelete//මගේ පාසලේ සම කාලිනයන් වූ රොෂාන් මහානාම අසංක ගුරුසිංහ වැන්නවුන් සමග එකල පාසල් පිටියේ කොනක සෙල්ලම් කළ ඒ සොදුරු අතීතය මතකයන් අතර චිත්‍රනය වෙයි.// ඒ පාර නයා බෝවෙලා
//මේ වන විට මා උග්‍ර ලෙස අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙලෙන බැවිනි. ටෙනිස් බෝල දැන් මට පොඩි වැඩිය. දුර දි පන්දුව දකින්ට හැකි වුව ළගට එන විට නොපෙනේ. //අවිදුර දෘෂ්ටිකත්වය කියන්නෙ දුර නොපෙනීම
1. මෙතැන දී කවිකාරිය කෙල්ලක්ද ගැහැනියක්ද යන්න ගැන එතරම් තැකිමක් නොකරන්න.මා පෙන්නා දෙන්නේද එයයි. මුල්ම වරට ඇය දකින මා සිතන්නේ ද ඇය කෙල්ලක ලෙසය. එහෙත් හමුවේදි ඇය කව්ද යන්න මට වැටහේ. එහෙයිනි මා ඔබ පෙන්වාදෙන වැකිය එක් කොට ඇත්තේ.
Delete2. මගේ අවශ්‍යතාව නයෙක් අරින්න නම් පාසලේ පිටියේ කොනක යන වදන නොගනිමි.අප වැනි සොක්කන්ට විවේක කාලයේ පවා පිටියට යන්නවත් අවසර නැත. අප සෙල්ලම් කරන්නේ හතරේ සීමාවෙන් එපිට තැනකය.මා ඉහත නම් කළ පසු කලෙක ලෝක පූජිත වූ මේ ක්‍රීඩකයන්ගේ එදා පවා තිබූ නිහතමානිත්වය වෙනුවෙන් ඒ වැකි කිපය එක් කෙරුවෙමි.
රොෂාන් මහානාම නොව දේවක මහානම ගේ පටන් දන්නා සොඳුරු අතිතයක් ඇත.උපාලි මහානාම (රොෂාන් ගේ පියා) එක් පිලකට නායකත්වය දෙද්දී රොෂාන් අනෙක් පිලේ නායකයාව සිටි අසිරිමත් අතීතයක මතක සටහන්ද තවමත් මා සතුව ඇත.
3.මෙතැන නම් මට වැරදි තිබෙන්නට හැකිය.එය පෙන්වා දීම ගැන තුති. මෙතැන දි මා කියන්න උත්සාහ කළේ මට ළග නොපෙනෙන බවයි.ළග නොපෙනිමට කියන වචනය මොකක් ද?මට මේ මොහොතේ ඒය සිහියට නොනැගෙයි.
මේ දේ පෙන්වාදිම ගැන ඇනෝට තුති.
පොඩ්ඩක් තදවෙලා වගේ. විහිලුවක් කළේ. මමත් නලින්ගෙ ලිපි නිතරම කියවන්නෙක් වගේම අනික් බ්ලොගුත් කියවනවා. නරකද බ්ලොග් නොලියන ඒත් කියවන අපි වගේ අයටත් එකතුවෙන්න අවස්ථාවක් දුන්නොත්.
Deleteඅවිදුර දෘෂ්ඨිකත්වය = ළඟ පෙනීම හෙවත් දුර නොපෙනීම
දුර දෘෂ්ඨිකත්වය = දුර පෙනීම හෙවත් ළඟ නොපෙනීම
මාධ්‍යවේදියෙකුට සිංහල උගන්වන්න උනානෙ.
හැමදාමත් අපේකවී කතා කියවල වැරදි අඩු පාඩු පෙන්නන නලින් යය දක්කින්,දන හදුනා ගන්න එක ලෝකෝ සතුටක් අයියේ ,,,අපේ බ්ලොග් පවුලේ තාත්ත වගේ ඔයා.ගොඩක් සතුටුයි හමු වීම ගැන
ReplyDeleteමගෙ අම්මෝ මට එච්චර පට්ටමක් එපෝ..... ස්තුතියි ඇගයීම ගැන මලේ..
Deleteඇත්තද නලින් අයියේ අටමා දෙකක් දාගත්තගමන් ආණ්ඩුව පෙරලන්න හදනවා කියන්නේ
ReplyDeleteපිස්සුද මලේ ඌ එහෙම නෑ. හැබැයි පොඩ් කොල්ලන්ව නං අල්ලගෙන හපා කනවා දැක්කා..ඒ ඌ කොල්ලන්ට ඇති ලෙංගතු කම හින්දා.
Deleteඅනේ පලඩෝ යන්ඩ
Delete/අනේ පලඩෝ යන්ඩ// මේ මටද කියන්නේ සුජියට ද?
Deleteබ්ලොග් දෙක තුනක් යාන්තං කියවගත්තා. වහල් මෙහෙයේ උපරිම ටික මේ ටිකේ යන්නේ. මේ සටහන් කියවද්දී නිකම්ම හිතට දුකක් දැනෙනවා. ඒ බව ඊයේ මමයි කෝරෙලෙයි කතා කරද්දීත් කියැවුණු දෙයක්. අලුත් නම් ගොඩක් තියනවත් දැක්කා. සුභපැතුම් කට්ටියටම..!!
ReplyDeleteස්තුතියි අලෙක්ස්.... ලංකාවට ආවාම හමුවෙමු අපි.
Deleteඅයියෝ සැන්ඩර්, සැන්ඩර්, තා කළ පවු නිසා තට වහල් සේවය නමැති මාහැගි දඩුවම ලබා දී ඇත. එම්බා සැන්ඩරය, මුනු පොතේ මුලිච්චි වූ දිනක තා හට අපායේ තතු ලබා දෙමි.. එතෙක් හිටුව...
Deleteස්තුතියි නලීන්. ලොකු වර්ණනාවක් කරලා තියෙන්නේ.
ReplyDeleteමම වාහනයෙන් බැස්සේ ඩිස්ට්‍රෙස් ලයිට් පත්තු කරලා. එතකොට පිටිපස්සෙ එන අය දැනගන්නට ඕනෑ රියැදුරා යම් අපහසුවකට මුහුණ දී ඇති බව. ත්‍රී වීලර් එකේ එක්කෙනා ඒක දන්නැතිව වෙන්ටැ එහෙම කිව්වෙ. ලංකාවේ අය ඩිස්ට්‍රෙස් ලයිට් පත්තු කරන්නෙ සතර මං හන්දියේ කෙලින් යන විට නොවැ.
අපේ ඇදුරුතුමත් සුලෝහිතයෙක් හොඳේ.....
ඕකට කියන්නේ ඩිස්ට්‍රෙස් ලයිට් කියල නෙවේ. හසාර්ඩ් ලයිට් කියල .ඩිස්ට්‍රෙස් ලයිට් කියන්නේ බෝට්ටු වල කරදරයක් උනාම දාන ඒවට :D. දෙයක් දන්නේ නැත්නම් බොරු නොකියා ඉන්ට අනේ.. අනික ආනන්දේ නාලන්දේ රොයල් ගිය අය ඕනේ තරම්
Deleteඉන්නවා තමන්ගේ පාඩුවේ , නිහතමානීව ..ඕව මහ දේවල් නෙවේ කොළඹ රටේ අපිට නම් ...
Thank you Ano " flashing hazard lights " I learned my word of the day.
DeleteLet not the wise man boast of his wisdom............ I agree.
http://en.wikipedia.org/wiki/List_of_Nalanda_College_Colombo_Alumni_(Old_Nalandians)#Academics
ඔන්න ඇනෝ මාත් වචනයක් උගත්තා ඔයාගෙන්...
Deleteකොළඹ ඔයාට සුලෝහිතයෙක් කියන එක මහ දෙයක් නොවුණට ගමේ හද්ද බයියෙක් වුණු මට නම් මහ මෙරක් වගේ. අනෙක කොහේ හෝ සුලෝහිතයෙක් හමුවීම හෝ හදුනාගන්නට ලැබීමත් මට අනුව මහා දෙයක්..සුලෝහිතයෙක් තවත් සුලෝහිතයෙක්ව අදුනගන්න කැමති බව කවිකාරි දන්න නිසයි ඒ බැව් පවසා ඇත්තේ.
ඉතින් අපේ ගමේකමට ඔය කොළඹ මහත්තැන්ලගේ අනුකම්පාව ලබාදෙන්න..
වර්ණනාවක් නොවෙයි කවි කාරියේ මේ පෝස්ටුවේ තියෙන හැම දෙයක්ම ඇත්තටම එදා මා අත්දුටු දේවල්. එමෙන්ම මගේ හිතට වැදුණු දේවල්...
මම තමයි නලින් අය්යට ටිකට් එක දුන්නෙ. දැකපු වෙලේ මගෙ කටින් ආව වචන ටික හොදවෙලාවට අමතක වෙලා. ඔයගොල්ලො බීල තියෙන්නෙ අපේ වත්තෙ, අටමට පොඩ්ඩක් අරන් එන්නම් කියල ටවුමට ආව ටිකට ඔතන සෙට් වෙලා.
ReplyDeleteකවිකාරී අක්ක කොතරම් නිහතමානී කෙනෙක්ද කියල කතා කරපු වෙලේම හිතුන.
අඩේ මොනාද මලේ කිව්වේ මට මතක නෑනේ ඒක...
Deleteඅප්පට ඒ ඔයාගේ තැනක්ද කවුද දන්නේ . අනේ බං මම උම එනකං ඉන්නවා කෙහෙද මේ නලින් අයියගේ අතපය වෙව්ලනවා කියුවනේ
Deleteබලපංකෝ මෙතැන මුගේ තැනක් කියල අපි දැනං හිටියේ නැනේ.
Deleteළමයිනේ ඒක බදු දීල තියෙන්නෙ, ඔතන බයිට් නියමෙට දෙනව,
Delete@ නලින් අය්ය, මම කිවුවෙ " අහ් ... මම හිතුවෙ නලින් කියන්නෙ වයසක කෙනෙක් කියල ,මේ කොල්ලෙක්නෙ "
@ අටම නොම්බරේ දාල ඊයක් දාපන් මම හැමදාම රාගමින් යන්නෙ
madawaj7@gmail.com
දැං ඉතිං කම්මල් මලයා රෙන්ට් එක මාසිකව ලැබෙන ගාන අඩුවේවි. අපි යනවා හැමදාම... ඔන්න සෙටිවෙයං නලියෝ. අටමෝ...
Deleteනියමෙට ලියලා තියෙනවා නලින් මලයෝ. මමත් ආවනම් අපි දෙන්නට වොලී බෝලයක් හොයාගෙන ක්‍රිකට් ගහන්න තිබුන බන්.
ReplyDeleteමට ඉතින් කලා පොලට වෙලා ඉන්න උනා 26, 27 දවස් දෙකේම, අපේ පොඩි එකා කලා පොලට සහබාගි උන හින්දා
අයිලාෂ් අයියා ඔයාව හදුනාගන්න ආසයි. වෙලාවක හමුවෙමු. කොළඹ ආවොත් එන්න අපේ පැත්තටත්.
Deleteනලින් මල්ලි, මම ඉපදුනේ, හැදුනේ වැඩුනේ නුවර උනාට දැන් ඉන්නේ කොළඹ, ඔෆිස් එක තියෙන්නෙත් මරදානේ. හමුවෙන්න අසයි. ළඟදීම දවසක හමුවෙමු. මට ayilas419@gmail.com වලට මේල් එකක් දාන්න ෆොනේ නම්බෙර් එකත් එක්ක. අපි හමුවෙලා කතා කරමු.
Deleteඅඟහරුවාදා මට වෙනි මලයා සහ ගාමිණි අයියා හමු උනා. අර ගාමිණි අයියගේ පොත එළිදක්වපු වෙලේ.
ඉතිං එදා මාත් එතැනට ගියානේ. වෙනි අයියත් මට මුල් වරට හමුවුණේ එදා තමා.අපි දෙන්නා මිස් වුණේ කොහොමද.මං ඊ තලයක් විදින්නං හෙට. මා ගැන විස්තර මූණු පොතේත් තියනවා.
Deleteකසිප්පු කාරයන්ගේ සංගමේ සභාපති උනේ කවුද අපේ අටම් අයියද? නලින් අයියටත් සම සභාපති කම දෙන්න වටිනවා
ReplyDeleteලෙලි පොල් කෝරාල කනපලාගන්ඩ ඕනද
Deleteඅපිව දඬු කඳේ ගහන්න කෝරලේ මේ තරම් පමා ඇයි කියල තමා අපට හිතුනේ.අනේ කෝරාලේ මං ඉතිං පිනා නේ.ඔන්න මෙයිට උඩින් කදිරා ඇත්තෝ කට ඇරලා. විසුමක් වෙන එකක් නැ.ඔය පෝරිසාදයා කොරලේට ගිනි බිඳින්නත් බැරි නැතුවා.
Deleteදුකයි එන්න බැරිවුන එක ගැන..... ඒත් මේ අවසානය නෙමේනේ.....:‘(
ReplyDeleteමේ බ්ලොග් අස්සේ අමුතුම ආරක කවි කරණයේ යෙදෙන ඔබ සහ වකා නමින් ලියන්නිය වත් දැක ගැන්මේ ආසාවකින් තමා එදා මා එතැනට ආවේ.
Delete//මේ අවසානය නොවේ.//
ඒත් මගේ හෙට දවස ගැන එතරම් විශ්වාසයක් ද මට නැත.
මමත් මේක දැන් නෙ කියෙව්වේ ... මෙහෙම හරි හඳුනාගන්න ලැබීම ගැන සතුටු වෙනවා.
Deleteමේක ආයේ ඇවිල්ල බ්ලොග් රෝලට මුලට විනාඩි 16 කට කලින්
ReplyDeleteචැක්...දුකේ බෑ අයියෝ..නලීන් අයියා සිහින උළෙලෙදිවත් ඔයාලව බලාගන්න ආසාවෙන් ඉන්නවා..
ReplyDeleteඅපි අද ත් ලන්ච් වලට ඩුබායි ඉන්න සපා (සපතේරු උන්නැහේ - බ්ලොග් එකේ නම මට මතක හැටියටා ලගේ ගෙදර ගියා.
ReplyDeleteබ්ලොග් ලියන රුචා, මීගොඩයා වගේම බ්ලොග් කියවන යාලුවොත් කීප දෙනෙක් එක්කම. ගිහින් එන ගමන් මම මාත් එක්ක ගිය ජනක මල්ලීට කිවේ "මම මගේ බ්ලොග් එකේ නිතර කියලා තියෙනවා මතක ඇති මෑත කාලයේ මට වෙච්චි හොඳම දේවල් දෙක මගේ පුතා විරුල් සහ බ්ලොග් එක" කියලයි.
ඒ දෙන්නම මාව වෙනස්ම මනුස්සයෙක් කලා.
මැරෙන තුරාවට හිතවත් කමඉන් ඉන්න පුලුවන් පුදුම සුන්දර මනුස්ස්යෝ රාසියක් මට අඳුන්වලා දුන්නේ මගේ බ්ලොග් එක.
මම ජනකගෙන් ඇහුවේ ඉතිං මම මගේ බ්ලොග් එකට නය ගැතියි කියන එක බොරුවක්ද කියල.
ඔයාගේ හර්ද්‍යාංගම ආත්මකථනය මට නම් අහම්බයක් නෙමේ මොකද මමත් ඒ වින්දනය විඳපු විඳින කෙනෙක් නිසා.
අවුරුදු උත්සවේට මෙදා සැරේත් එන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ බලමු එදාට වත් මුන ගැහෙන්න . ..
දුකා.... මං බ්ලොග් ලියන්න අරං තාම මාස 5ක් ඉවර නෑ. ඒත් බ්ලොග් ලියන්නන් අතර ඔබට ඇති තැන මං ඉතාම හොදින් දන්නවා. ඔබ වැන්නෙක් මෙතැන මෙවන් කොමෙන්ටුවක් දැමිම අර ඩූඩු දැමු කමෙන්ටුව හා සමානමයි. ඩුඩුවනම් හමු වුණා. ඔබවත් හදුනාගන්න හරිම කැමතියි.
Deleteලෝකය හරිම පුංචි තැනක් අයියේ . . දැන් ඒක විශ්ව ගම්මානයක් තරම් පොඩි වෙලා. ඉක්මනටම කොහේදි හරි මුන ගැහෙයි
Deleteසමකය වටේ ඔබ ගෙට්ටුව ගැන නියමෙට ලියලා...
ReplyDeleteඅලුත් මිත්‍රෙයක් වගේ . ස්තුතියි මලේ
Deleteමේ දවස්වල සෑහෙන්න වැඩ ඒකයි එන්න පරක්කු උනේ. ඇත්තටම ලබැඳි සටහනක්. ගෙට්ටුව ගැන වෙනස් විදියෙ සටහනක්.
ReplyDeleteමගේ කමෙන්ටුව කො ?
ReplyDeleteමමනං මැකුවේ නැ එකක් වත්
ReplyDeleteගෙට්ටුව නියමෙට තිබිල නේද..
ReplyDeleteආයෙ එකක් තිබුනොත් මාත් අනිවා සෙට් වෙන්නම්..
නලීන් අයියා ගැන විස්තර මදාරා මට කතා කරපු වෙලාවෙත් කිවුවා.. ලංකාවට ආව වෙලාවක පුළුවන් උනොත් හමු වෙමු අයියේ..
ReplyDelete//ගෑනු ළමය මගින් ද නගින්නේ යැයි විමැසිය..../// ට්‍රයිෂෝ ඩැයිවර් පොට්ටද කොහෙද..? අයියගේ වයසවත් බලලද මූ කතා කරලා තියෙන්නේ... :D මට එන්න බැරිවුනා අප්පා... :(
ReplyDelete