මෙම ලිපිය ප්‍රවිණ ගත් කතුවර කපිල කුමාර කාලිංගයන් විසින් බද්දර මල්ල අතිරේකයට ලියන ලද්දකි.
ඇගේ නම Tsitsi Dangarembga ය. මට එය උසුරුවන්නට අපහසු ය. ඉංග්‍රීසි අක්ෂර අනුව නම් ට්සිට්සි ඔන්ගරෙම්බ්ගා ය. අප්‍රිකානු ලෝකය තුළ පමණක් නොව, ඉංග්‍රීසි පාඨකයන් අතර ද ඇගේ නම පතළ ය.
වයස 24 දි Nervous Conditions නමැති නවකතාව පළ කළ ට්සිට්සි ඔන්ගරෙම්බ්ගා, සිම්බාබ්වේ දේශයෙන් පහළ වූ පළමු කළු ජාතික ඉංග්‍රීසි නවකතා කතුවරිය වශයෙන් වාර්තාගත වූවා ය.
ට්සිට්සි
ඔන්ගරෙම්බ්ගා
|
'චකිත සමය' වැනි අරුතක් හඟවන 'නර්වස් කන්ඩිෂන්ස්' නවකතාව ඇරඹෙන්නේ මෙසේ ය.
'මගේ සාහෝදරයාගේ මරණය ගැන මම ශෝක නොවුණෙමි' එතැන් සිට ඇරඹෙන, සිම්බාබ්වේ (එකල රොඩේෂියාව) ගොවි පවුලක කතාව අපට කියන්නෙ ටාම්බු නමැති කෙටි නමින් හැඳින්වෙන යුවතියකි. ඇගේ පිය ජෙරමියාන් නූගත් ගැමියෙකි. සාම්ප්‍රදායික අදහස් තුළ සිරවුණු පුද්ගලයෙකි. මව - මාෂියාන්ගි - දරු සතර දෙනකුගෙන් යුත් පවුලේ පැවැත්ම සඳහා අලුයම සිට අඳුර වැටෙන තුරුම ගෙර දොරේත් වත්ත පිටියේත් වැඩෙහි යෙදෙයි.
ජෙරමියාන්ගේ සොහොයුරන් වන බබාමුකුරු සහ බම්බාමුනි තෝමස් ඉංග්‍රීසි උගතුන් ය. උසස් අධ්‍යාපනයක් නොලද්දකු වුවත් ගුරුවරයකු වශයෙන් සේවය කරන තෝමස් යහපත් ආර්ථිකයකින් යුතු ජීවිතයක් ගත කරයි.
පවුලේ උගතා වන බබාමුකුරු සැමගේ සිත් දිනා ගත්තෙකි. ජෙරමියාන් පවා තම සොහොයුරාගේ මතයට හිස නමයි. බාමුකුරු සිය දරු පවුලද සමඟ එංගලන්තය බලා යන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබා උපාධිධරයකුවීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඔහුගේ නික්ම යාමෙන් පසු, ටාම්බුගේ පවුලේ ආර්ථිකය ද කඩා වැටෙයි. බබාමුකුරු තම ආදායමින් කාටත් උදව්පදව් කළ බැවිනි.
ටාම්බුගේ පවුලෙන් පාසල් යන්නේ ඇගේ දෙටු සොහොයුරා වන න්හාමෝ පමණි. ඔහු හා ටාම්බු අතර පවතින්නේ නිරන්තර ගැටුමකි. ටාම්බු ද පාසල් යාමේ දැඩි ආශාවෙන් පෙළෙයි. එහෙත් ඊට හරස් වන බාධක දෙකකි. දෙදෙනෙකුට උගැන්වීම සඳහා, ජෙරමියාන්ට හයියක් නැත. අනෙක, ගැහැනු ළමයින් සිටින්නේ ගෙදර දොර වැඩටය යන ආකල්පය ය. ටාම්බු තම 'පාසල් සිහිනය' ගැන කංකෙඳිරිගාන හැම විටකම ඇගේ පියා අවඥාවෙන් සිනාසෙයි.
'උඹේ මනුස්සයට කන්ඩ දෙන්ඩ යන්නෙ ඉස්කෝල පොත් ටික තම්බලද? ගෙදර ඉදං උයන්ඩ පිහන්ඩ ඉගෙන ගනිං. එළවළු වවපං.'
එහෙත් ටාම්බු ඊට හිස නොනමයි. කෙසේ හෝ පාසල් යා යුතු යැයි ඇය අදිටන් කර ගනී.
තනිවම බඩ ඉරිඟු වගාවක් අරඹන ඇය, එම අස්වැන්න නගරයට ගෙන ගොස් විකුණා මුදල් සොයයි. එහිදී මුණ ගැසෙන ඉංග්‍රීසි කාන්තාවක ද පවුම් දහයේ නෝට්ටුවකින් ඇයට උදවු කරයි. එය විශාල මුදලකි. පාසල් වාර දෙක තුනක් සඳහා ම ප්‍රමාණවත් ය.
ගමේ පාසලේ ගුරුවරයාගේත්, තම මවගේත් උපකාරයෙන් පියාගේ කැමැත්ත ද ලබා ගන්නා ටාම්බු පාසල් යාම අරඹයි.
නගරෙයේ මිෂනාරි පාසලට යන ටාම්බුගේ සොහොයුරා කෙමෙන් කෙමෙන් පවුලේ උදවියගෙන් දුරස්වන්නට ගනී. ඔහුට තම මවුබස වන 'සෝනා' ව අමතක වෙයි. ඉංග්‍රීසියෙන්ම කතාබහ කරයි. ඔහු තම මවට පවා කතා කරන්නේ වචන දෙක තුනකි.
කලකට පසු, උපාධිධාරි බබාමුකරු ආපසු සිය රට එයි. එදින ටාම්බුලාගේ නිවසේ පැවැත්වෙන පිළිගැනීම සහ භෝජන සංග්‍රහය, අපේ රටේ ගම්බද 'ඇට්හෝං ගෙදරක්' සිහියට නංවන සුලු ය. සියල්ලෝ ම කති, බොති, නටති.
අන්තිමේට කෑමට යන ටාම්බු සහ නංගිලාට ඉතිරිව ඇත්තේ හොදි පමණි.
බබාමුකුරු බාප්පා, ටාම්බුගේ සොහොයුරාව, තමන් සේවය කරන මිෂනාරි විද්‍යාලයේ ඉගෙනුම සඳහා කැඳවාගෙන යයි. නිවාඩු කාලයන්හි පවා ඔහු නිවසට නොඒම මව මහත් දුකට පත් කරවයි.
එක් දිනෙක, බබාමුකුරු පැමිණෙන්නේ අශුභ ආරංචියක් සමඟිනි. හිදිසියේ අසනීප වන න්හාමෝ මිය ගොසිනි. මව බාබමුකුරුට දොස් පවරමින් හඬා වැටෙයි.
'මේ සේරටම මුල ඉංග්‍රීසි! ඉස්සෙල්ලම උඹල මගේ පුතාගෙ දිව කපල දැම්මා. ඊට පස්සෙ දුරකට එක්කරං ගිහින් මරල දැම්මා.... දුවේ ටාම්බු.... උඹත් පරිස්සං වෙයන්!'
බබාමුකරුගේ දරුවන් දෙදෙනා ද ඉංග්‍රීසිය මිස තම බස කතා නොකරන බැවින්, ඔවුන් ද ටාම්බුගේ ලෝකයෙන් ඈත්වෙයි. න්‍යාෂා නමැති එම ඥාති සොහොයුරිය ක්‍රම ක්‍රමයෙන් නිශ්ශබ්ද හුදෙකලා චරිතයක් බවට පත් වෙයි. සංස්කෘතින් දෙකකට මැදිවීම ඇයට පෙනෙන්නේ උගුලකට හසුවීමක් ලෙසිනි. ඇය කෑම අරුචියෙන් පෙළෙන්නට වෙයි. බබාමුකුරු කෙරෙහි කෝප වී, පහර දෙයි. අවසානයේ, නගරයේ වෙසෙන ඉංග්‍රීසි මනෝ වෛද්‍යවරයකු වෙත න්‍යාෂා කැඳවාගෙන යයි. එහිදී වෛද්‍යාවරයා පවසන්නේ, කළු ජාතිකයන්ගේ මානසික විෂාදියට හේතු සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ විෂාදි හේතු අතර විශාල පරතරයක් ඇති බවයි. ඒ නිසා, න්‍යාෂට ප්‍රතිකාර නියම කිරීමෙන් වළකී. දෙවනුව, ඇය ගෙනියන්නේ කළු ජාතික වෛද්‍යවරයකු වෙතට ය. ඔහුගේ නිගමනය වන්නේ ඇය සති කීපයක් විවේක ගත යුතු බව ය. න්‍යාෂාගේ කෑම අරුචිය තුළින් සංකේතවත් කෙරෙන්නේ, පවත්නා ක්‍රමය පිළිබඳ ජුගුප්සාවය.
මේ සියලු ව්‍යසන මැද ටාම්බු සිය අධ්‍යාපනය කරගෙන යයි. එහෙත් තමන්ගේ කම නැති කරගෙන අනුන්ගේ සාරධර්ම වැලඳ ගන්නා ජනතාවකගේ ශෝකාලාපය ඇයගේ පරිසරය පුරා නින්නාද වෙයි.
ටාම්බුගේ ඥාති සොහොයුරිය මෙන් ම වැඩිමල් සොහොයුරා ද මානසික හා කායික වශයෙන් විනාශ වන්නේ, කළු සුද්දන් වීම සඳහා 'වයිට් වොෂ්ඩ්' වීමෙනි. ' මේ සේරට ම මුල ඉංග්‍රීසිය' යනුවෙන් ටාම්බුගේ මව නඟන චෝදනාව කතාව පුරා නින්නාද වෙයි.
ලංකාව මෙන් ම ඉංග්‍රීසි කොලනියක් තිබූ රොඩේෂියාව, 1980 දී සිම්බාබ්වේ බවට පත්වන්නේ රොබට් මුගාබේ ප්‍රමුඛ ස්ව ජාතික නායකයන්ගේ සටන් තුළිනි. මනසින් 'සුදු' වෙමින් සිටි කල්ලන්ව යළි අප්‍රිකානුකරණය කිරීම (Africanization) මුගාබේ රජයේ පළමු වැඩපිළිවෙළ විය.
මේ පෙරළිය සිදුවන කාලයේ, ට්සිට්සි සිටින්නේ එංගලන්තයෙහි ය. ඇය ආපසු සිය රට එන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම ද අතර මග නතර කරමිනි. පසුව ඇය සිම්බාබ්වේ විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව හදාරයි. චිත්‍රපට අධ්‍යක්ෂවරියක ද වන ට්සිට්සි, නාට්‍ය කණ්ඩායම් සමඟ වැඩ කරන නාට්‍ය රචිකාව ද වෙයි. 1989 දී පොදු රාජ්‍ය මණ්ඩලයී ය ලේඛක සම්මානයෙන් ද පිදුම් ලද ඇයගේ ප්‍රථම නවකතාව (Nervous Conditions) හොඳම අප්‍රිකානු නවකතා 100 අතරට ද තෝරා ගැනුණි.
කොලනි හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් පටවා ගිය ගති පැවතුම් හා ඇගැයුම්, ජාතික දේහය තුළ පිළිකාවක් මෙන් වැඩෙන අයුරු ට්සිට්සි, තම කතාව තුළින් මනාව පිළිබිඹු කරයි. වයස අවුරුදු 24 දී, නවක ලේඛිකාවක වශයෙන් වුව ද ඇය දුටුවේ සියලු කොලනිවාසීන්ට පොදු සත්‍යයකි. කොලනි මානසිකත්වය වසා පැතිර ගත් ඉංග්‍රීසි උමතුව, නිට්ටාවට සුව කළ නොහැකි ව්‍යාධියක් බව ඇය ලියා තබන්නේ ද ඉංග්‍රීසියෙන්ම ය!
කපිල කුමාර කාලිංග
kapilakalinga@gmail.com
රසවත් ලිපියක්... නම තමයි පොඩ්ඩක් කියවගන්න බැරි.. :/
ReplyDeleteස්තුතියි ශම්මියෝ..
Deleteකනගාටුවට කරුණ නං මෙවැනි පොතක් සිංහලෙන් පල නොවීමයි. එතෙක් මේ විවරණය ඉතා වැදගත්.... ස්තුතියි නලින්
ReplyDeleteචිනුවා අචබේ ගේ පොත් එහෙමනං පරිවර්ථනය වෙලා තියනවා..දේශක..
Deleteඔව් ඒවා කියවා තියෙනවා...
Deleteකොලනි මානසිකත්වය වසා පැතිර ගත් ඉංග්‍රීසි උමතුව, නිට්ටාවට සුව කළ නොහැකි ව්‍යාධියක් බව ඇය ලියා තබන්නේ ද ඉංග්‍රීසියෙන්ම ය!
ReplyDeleteඑපමනකුදු නොව එය අපට දැනගන්නට ලැබෙන්නේද ඉංග්‍රීසියෙනි.
මෙය දෛවයේ සරදමක් නොවේද?
ලොවත් සමග ගනුදෙනු කර ගැනීමේදී ඉංග්‍රීසි අනිවාර්ය සාධකයකි. එහෙත් ගමේ එවුන් තලා පෙලා දමන්නට එය භාවිතා කරයි නම් ?
Deleteසත්‍ය ලෙසම දෛවයේ සරදමක් වෙලා ඩූඩ්..
Deleteමේ පොත තවමත් සිංහලට පරිවර්තනය කරන නොමැති නම්, ඒ සඳහා මා සුදානම්.
ReplyDeleteඑහෙම දෙයක් කරනවා නම්,,මමත් ස්තූතිවන්ත වෙනවා..
Deleteකරන්ටකෝ අනේ...
Deleteප්‍රකාශක අවසරය ගන්න ඕන මුලින්ම බලන්න ඊතලයක් යවලා ඒ පැත්තට..
Deleteඔව් ඔව් ලියන්න.අපටත් කියවන්න.
Deleteනලින්ගෙ බ්ලොග් එක ලොකු පුස්තකාලයක් වගෙයි..
ReplyDeleteමේ වදන මට සියුම් සතුටක් සරත්..
Deleteමම මේකට බැන්නත් එක්ක බ්ලොගේ මගුලක් කරලයි කියලා. ඒත් නලින් කරපු වැඩේ හරි.. අපට මිස් වෙන නිව්ස් හිටං මම බලන්නේ සමකය වටේ ගිහින්.
Deleteමේකෙ ලියල තියෙන විදියට ඒ පොත නම් සොයාගෙන කියවන්න හිතෙනවා...
ReplyDeleteමෙය ලිව්වේ කපිල කුමාර කාලිංග නම් දක්ෂ ලේඛකයා යි.
Deleteඅප්‍රිකානු සාහිත්‍යය ඉතා පොහොසත් සාහිත්‍යයක්. එයින් අපේ රට ලැබී ඇත්තේ ඉතා සුළු කොටසක් පමණයි. පරිවර්තන කෘති කියවීමේදී අප්‍රිකානු සාහිත්‍යයෙන් පරිවර්තනය වූ කෘති තිබෙන්නේද අතලොස්සක්. මෙවැනි හැඳින්වීමක් මගින් පාඨකයා තුල උද්දීපනයක් ඇතිවෙනවා මෙවැනි කෘති පරිශීලනය කරන්නට. බොහොම ස්තුතියි මේ හැඳින්වීම ගැන.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් විචාරක තුමනි, ටොම් මාමගේ කුටිය කාන්තාරයේ කුසුම වැනි පොත් ඉතාම අගේ ඇති අප්‍රිකා සාහිත්‍ය කෘති..
Deleteසුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කල හඬනු මැන නිදහස දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ සැබෑ නියමුවා වූ ස්ටීව් බිකෝගේ කතාව.
Deleteඔව් එය ඩොනල්ඩ් වුඩ්ස් නම් පත්‍රකලාවේදියාගේ නිර්මාණයක්..
Deleteහඩනු මැන නිදහස බිකෝ ගේ කතාව වුවත් එහි මගේ වීරයා වූයේ ඩොනල්ඩ් වුඩ්ස්.
Deleteමටත් එසේමයි රතු
DeleteThis comment has been removed by the author.
Deleteලබන සැරේ මගේ ගේන්න පුළුවන් සේරම බර පොත් වලට යයි වගේ, දැන් තරූ අක්කගෙයි නලීන් අය්යගෙයි හදුන්වාදිමෙන් ලිස්ට් එක ටික ටික වැඩි වෙනවා..
ReplyDeleteහරිම සතුටුයි කියවන්නියක් අපේ ගොඩට එක් වීම ගැන.
Deleteසුද්දෝ කවදාවත් කළු හැමට සලකන්නේ නැහැ
ReplyDeleteසුද්දියෝ නං කළු හමට කැමතියි මලයා..
Delete|ඉස්සෙල්ලම උඹල මගේ පුතාගෙ දිව කපල දැම්මා| මේ කියන්නේ මව් භාෂාව අමතක කෙරෙව්වා කියන එක වෙන්න ඕනි.
ReplyDeleteව්‍යංගාර්ථ රසය ඔබ හොඳින් වටහාගෙන.
Deleteසුද්දෝ කළු වුන් ගැන හිතන්නේ වනචාරී මිනිසුන් විදියට. කළු වුන් කියන්නේ එහෙමයි.
ReplyDeleteලස්සන කතාවක් වගේ.
කපිල කුමාර කාලිංගයන් යමක් කියන්නේ හොදින් සොයා බලා අසරණයා.
Deleteඇඩෙනවා නේ....
ReplyDeleteනලීන් මාමේ ඉංග්ලිෂ් වින්ග්ලිෂ් ෆිල්ම් එකත් බලන්න වෙලාවක :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩන්න එපා රජෝ..මං ඒක බලන්න උත්සාහයක් ගන්නම් මලයා තොරතුරට ස්තුතියි
Deleteකළු හමට හැමතැනම අවමන්!
ReplyDeleteකියවන්න ආස හිතෙන පොතක් වගෙයි.
අප්‍රිකා සාහිත්‍යයේ බොහෝ රසවත් තැන් තිබෙනවා
Deleteමේ සටහන කියවාගෙන යද්දී මට මතක් වුණේ කාන්තාරයේ කුසුම පරිවර්තනය. හොද පොත්වලට තවමත් තැනක් තිබෙනවායැයි තහවුරු කරමින් එහි පිටපත් 27000ක් අලෙවි වී තිබුණා. දැන් තවත් වැඩි ඇති.
ReplyDeleteමගේත් සිත් ගත්ම පොතක්. එහි දෙවැනි කොටසත් ඇවිත් තිබෙනවා දැන්.. ඉහළ කමෙන්ටුවකට මං මේ පොත ගැන කියා තිබෙනවා රතු..
Deleteකොලනි මානසිකත්වය නැති කරන්න නම් ලංකාවේ අපේ ය මකවලා ගන්න වෙනවා!
ReplyDeleteස්තූතියි! නලින් මේ සටහනට. මේ දේශයේ කාලයක් වාසය කල නිසා බොහොම ආසාවෙන් කියෙව්වා. මේ මානසිකත්වය අප්‍රිකානු බොහෝ රටවල තියෙන්නක්. අපි වාසය කල සැම්බියාවේද මෙහෙම තමා. ඉන්නේ, කන්නෙ , බොන්නෙ, ඇඳුම් පැළඳුම් සියල්ලමත් සුද්දො වාගේ. කොච්චර හොඳ ගොත්‍රික සංස්කෘතියක් තිබ්බත් හැසිරීම මෙහෙමයි. කවදාවත් ගොඩ එන්න බෑ. මේවාටම වහල් වෙලා. ඒ ඉංග්‍රීසින් විසින් ඇතිකල ව්‍යසනය නිසා. අපේ මව් බසවත් අපිට කියා උරුමයි. ඒ අයට ඒක ලියන්නෙත් ඉංග්‍රීසි අකුරුවලින්මයි. කතාව විතරයි බෙම්බා හෝ න්‍යංජා හෝ ලෝසි හෝ ශෝනා හෝ එන්ඩෙබෙලේ වෙන්නෙ. සුද්දෝ ඒ රටවල් සූරා කෑවා මදිවට මේ විදිහට තරුණ පරපුරත් විනාස කලා. හරිම කණගාටුදායකයි තමා. කපිලටත් ඔබටත් ප්‍රණමය සටහනට.
ReplyDeleteමේ පොතේ සිංහල පරිවර්ථනයක් නැතිද???
ReplyDelete