සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියාගේ 112 වැනි ගීත සමුච්චය එළි දැක්වීම නිමිත්තෙන් පන්ඩුක සමරසේකර දිනමිණ වෙනුවෙන් නිහාල් නෙල්සන් මහතා සමග කරන ලද පිළිසඳරක් ඇසුරිනි

පුරා දශක 5ක් තිස්සේ රසික මන දොල සංසිඳවාලූ නිහාල් නෙල්සන් සිය 112 වැනි ගීත සමුච්චය ලෙස “වසර 50යි නිහාල් ඇවිත්”සංගීත තැටිය මෙම 15 (හෙට) වැනිදා එළිදක්වයි. එයට සමගාමීව “වසර 50යි නිහාල් ඇවිත්” නමින් සංගීත ප්‍රසංගයක් ද එදින පස්වරු 6ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙම සටහන ඒ නිමිත්තෙනි.


නිහාල්ගේ උපන් ගම මොරටුවයි. ඔහු අධ්‍යාපනය ලැබුයේ මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් හා මොරටු මහා විද්‍යාලයෙනි. පාසල් වියේ පටන් නිහාල් කවි ගීත රචනයටද හපනෙක් විය. ඔහු තමා විසින්ම නිර්මාණය කරගත් කවි ගීත පාසැලේ සාහිත්‍ය සංගමයේදී ගායනා කළේය. සභාවක් ඉදිරියේ කවි ගීත ගායනයෙන් සිය සබකෝලය පාසල් දිවිය තුළදීම යටපත් කරගත් නිහාල් මංගල උත්සව සඳහා ද ගී ගැයුවේය.

ප්‍රකට සංගීතඥයකු වන ඒ.ජේ. කරීම් නිහාල්ට හමුවූයේ එවැනි එක් මංගල සාදයකදීය. එදා මංගල සාදයට සංගීතය සැපයූවේ ඒ.ජේ. කරීම්ය. ඔහු නිහාල් ගැන පැහැදුනේය.

“යාළුවා තමුසෙ එනවද මගෙත් එක්ක ප්‍රසංග වලට යන්න”.

ඒ.ජේ. කරීම් මේ පුංචි කොලු ගැටයාගෙන් විමසීය.

“හරි යමු” ලැබුණු අවස්ථාවෙන් උපරිම පල ලබන්නට නිහාල් නෙල්සන් එක පයින් කැමැති විය.

ඒ.ජේ. කරීම් මහනුවර “කැන්ඩි ලේක් ක්ලබ්” අවන් හලේ ප්‍රසංගවල සංගීත සපයයි. කරීම් කැඳවාගෙන ආ මේ කොලු ගැටයා ගේ ගායන විලාශය දුටු රසිකයෝ මහත් අමන්දානන්දයට පත් වූහ.

ඒ.ජේ. කරීම් සංගීතවේදියා නිහාල්ගේ නිහතමානී ගති පැවතුම්වලට බොහෝ සේ ඇලුම් කළේය. ඔය අතර එක් සංගීත ප්‍රසංගයකදී නිහාල්ට කරුණාරත්න අබේසේකරයන් හමුවිය. කරු අයියා නිහාල්ගේ හොඳ මිතුරකු වූයේ ඔහුගේ කුසලතාවයන් ලෙන්ගතු කමත් නිසා ය.

ඉන් පසු කැන්ඩි ලේක් සමාජශාලාවේ ප්‍රසංගයන්ට අමතර කරු අයියා නිවේදන කටයුතුකළ ප්‍රසංගයන්හි ද නිහාල් නිතර දකින්නට ලැබුණි.

වර්තමානයේ බොහෝ ප්‍රවීණයන්ව සිටින ශිල්පීන්ට අත හිත දුන් කරු අයියා නිහාල්ටද ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් සඳහා දොර කවුළු විවර කර දුන්නේය. ඒ.ජේ කරීම් මගින් ඔහුට සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේන ද හඳුනා ගැනීමට ලැබුණා.

අන් අයගේ ගීත ගයමින් වේදිකාව ජයගත් නිහාල් තමාටම කියා ගීතයක් රචනා කරගන්නේ එවකට සරත් මුණසිංහ නම් කවියා වූ වර්තමානයේ මීගහ වෙල සුමනසාර හිමියන්ගෙනි. එම ගීතයේ තනුව නිර්මාණය වූයේ නිහාල් නෙල්සන් අතිනි.

ආර්. ඒ. චන්ද්‍රසේනයන් එම ගීතයට සංගීතය මුසු කළේය. ඒ “ලස්සනට පිපුණු වනමල්” නම් අදටත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ ඇති ගීතයයි.

එම ගීතයෙන් නිහාල් නෙල්සන් නම් ගායකයා

1963 මාර්තු 31 දින ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් මෙලොව එළිය දුටුවේය. ඒ කරු අයියා ගේ ඇවෑමෙන් ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වීමෙනි. කරු අයියා එදා කීවේ මේ මල් වෙඩිල්ල පත්තු කරනවා. එය දිලි දිලී තියෙනවා. කවදාවත් නිවෙන්නෙ නැහැ යනුවෙනි. එය සාක්ෂාත් කරමින් වසර 50ක්ම ඔහු ගීත අඹරේ දිලි දිලී ඇති අයුරු මනාව පසක් වෙයි.

වසර 50ක් පුරා නිහාල් නෙල්සන් දෙස් විදෙස් සංගීත ප්‍රසංග අප්‍රමාණ ගණනක ගීත ගයා ඇත. ඇල් මැරුණ ප්‍රසංග ජව සම්පන්නව ඉදිරියට ගෙන යාමට නිහාල් ගේ සම්ප්‍රාප්තිය සංගීත ප්‍රසංග සංවිධායක යෝ, සංගීත කණ්ඩායම් මෙන්ම ප්‍රේක්ෂකයෝද පුල පුලා බලා සිටිති.

වසර 50ක් පුරා නිහාල් නෙල්සන් එළි දැක්වූ නිර්මාණ එකතුව ගණනින් 112 කි.

එය මෙරට සංගීත ඉතිහාසයේ කිසිදු ගායකයකු නොකළ හපන්කමකි.

චිත්‍රපට පසුබිම් ගායකයකුද වූ නිහාල් පෙම් කුරුල්ලෝ , දියමන්ති, වාලම්පුරි සඳවට රන්තරු, මල්වරුසා, සක්විති සුවය රෝදය, හරියනකොට ඔහොම තමයි, රතු මකරා, ශිරානි, වැනි චිත්‍රපට රැසක පසුබිම් ගායනයෙන්ද දායක විය.

සෘජු, ප්‍රතිපත්තිගරුක ගායකයකු ලෙස ගීත ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටින නිහාල් නෙල්සන් සිය 50 වසරක දීර්ඝ ඉතිහාසය තුළ අපමණ විචාරකයන්ට නොසැලී මුහුණ දෙමින් ඉදිරියට පැමිණි අතර එයට අත්වැල සැපයුයේ ප්‍රිය බිරිඳ මාලිය. එකම පුත් කාංචන තරංග නෙල්සන් ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකවරයකු ලෙස වර්තමානයේ කටයුතු කරයි. නිහාල් එය සිහිපත් කරන්නේ ඉතා හැඟුම්බරවූ භක්ති ප්‍රණා මයෙනි.

ගී පද රචකයකු, තනු නිර්මාපකයකු හා ගායකයකු ලෙස සිය 50 වසරක සංගීත ගමනේ මුල් යුගයේ සිය ගායනයට වයලීන් වාදනය සැපයූ ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයකු වූ ආචාර්ය වික්ටර් රත්නායකයන් නිහාල් ගැන මෙසේ පවසයි.

“කන්දේ දෙපැත්තෙන් නිහාල් හා මම ඉහළට නැංගා. අපි දෙන්නම හිනි පෙත්තේ ඉන්නේ. අපි දෙන්නා මේ කන්දෙන් පහළට තල්ලු කරන්න තරම් සමතෙක් මිහිපිට නැහැ” යනුවෙනි.


පණ්ඩුක සමරසේකර


12 comments:

  1. මේ හඬ අමරණීයයි..නිහාල් නෙල්සන්ගේ ගීත වලින් මම වැඩියෙන්ම ආස " එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ" කියන ගීතයට..

    සංගීත ක්ෂේත්‍රය තුල 50 වසරක ඉතිහාසයකට හිමිකම් කියන ඔහුට අපෙන් සුබ පැතුම්!

    ReplyDelete
  2. හරිම ආසාවෙන් තමා මේ ආත්මකතනය කියෙව්වේ. වයස ගියත් ස්ටේජ් එකේ දාන දැගලිල්ල තාම අඩු නොවෙච්ච නෙල්සන්ට අපේ සුභාශිංශනය!!!

    ReplyDelete
  3. ///“කන්දේ දෙපැත්තෙන් නිහාල් හා මම ඉහළට නැංගා. අපි දෙන්නම හිනි පෙත්තේ ඉන්නේ. අපි දෙන්නා මේ කන්දෙන් පහළට තල්ලු කරන්න තරම් සමතෙක් මිහිපිට නැහැ” යනුවෙනි.ලට්ට බට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය...///


    සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය....

    කාලයක් අපිටත් නැතිවම බැරි පාසල් කාලයේ ගායකයා.. නොන්ස්ටොප් එකේ අන්තිම සින්දු ටිකට වගකිව්වෙ නිහාල් නෙල්සන්ගේ වේගරිද්ම ගීත... මතක් වෙනවා..

    ReplyDelete
  4. හ්ම්ම්ම්... මාත් ආදරේ කරන ගායකයෙක් තමා...

    ReplyDelete
  5. මෙයා බයිලා ගායකයෙක් නේද?

    ReplyDelete
  6. ඉස්සර අපි පොඩි කාලේ නිහාල් නෙල්සන් ප්‍රසංග වේදිකාවෙ ගී ගයනවා බලන්න හරිම ආසයි. ස්ටේජ් එක පුරාම ඔහු මයික් එකත් අරන් එහේට මෙහේට යනවා . ඔහු ගීත බොහෝ ගනනක් ගායනා කරලා නැති උනත් , ඔහුගේ හැම ගීයක්ම හරිම ජනප්‍රියයි . වේග රිද්ම ගී ගයන ගායකයන් අතරින් කැමතිම ගායකයෙක් .
    …බොහොම ස්තූතියි තොරතුරු වලට .

    ReplyDelete
  7. බොහොම දක්ෂ ගායකයෙක්...

    ReplyDelete
  8. අනෙක් අයට කෙසේ වෙතත් මම කැමතිම ගායකයෙක්...මගේ වේගරිද්ම ගායකයන්ගේ ලැයිස්තුවේ මුලම මුලම තියෙන නමක්.

    ReplyDelete
  9. ලට්ට භාග එකතු කරල දවසෙ ඉතුරු හරිය සද්ද බද්ද දාලා හදන මෙක කොත්තු රොටිය .... ^_^

    ReplyDelete
  10. මම කැමති නෙල්සන්ගේ ඇක්ෂන් වලට. ..සින්දුත් පට්ට...අර මයික් එක අතින් අනික් අතට මාරු කරන එක පට්ට

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT