රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-03-26

| නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙළ 2016 |

වෝටර්ස් එජ් හි ඊයේ (25) සවස් යාමයේ පැවැති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මහත් හරසරින් යුතුව පැවැත්වීණි.
එහිදී මගේ "සමකය වටේ" [ http://samakayawate.blogspot.com ] බ්ලොග් අඩවියට මා ලියූ කොළපතන ඇල්ල සොයා ගිය ගමනක් නම් චාරිකා සටහන වෙනුවෙන් සංචාරක හා ඡායාරූප අංශයෙන් දෙවැනි ස්ථානය හිමිවිය. මා එම සම්මානය ලබන මොහොතේ, මා සමග කොළපතන ඇල්ල චාරිකාවට එක් වූ දෙදෙනකුම [ Sathyajith Kannangara සහ Sanuja Gunawardhana ] ශාලාවේ සිටීම සතුටක් ම විය.



මේ මොහොතේ හදපිරි බැතියෙන් සිහි කර යුතු පිරිසක් වෙයි. වෙබ් නිර්මාණය ගැන මෙලෝ හසරක් නොදැන සිටි කාලයක යන්තම් බ්ලොගක් අටවාගන්නට මට ගුරු හරුකම් දුන්නේ සුදුමහත්තයා ය.[ සුදු මහත්තයා නොහොත් Narthana Jananjaya ය.]
එසේ අටවාගත් බ්ලොගට වෙසෙස් වෙබ් පෙනුමක් ලබා දුන්නේ මා හිත මිත්‍ර නදික සෙනරත් පතිරණය. [ Nadeeka Senarath Pathirana ]
බ්ලොග ලියාගන යද්දී ඇති වූ කලකිරීම් මැද මා දිරිමත් කළේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේය. [ Priyantha Hewage Maathalan ]
ඒ වගේම ආදරණිය අටමා [ ලක්මාල් කන්දෙවිදානෙ ] දුන් උපදෙස්ද කිසිදා අමතක නොවේ.
එසේම මගේ ලිපිය සම්මාන උදෙසා නිර්දේශකොට යොමු කරේ කවුරුන්ද යන්න මම අදටත් නොදනිමි.
සම්මානයෙන් මා ලබන අහිංසක සතුට නිඹඳවම ඉහත සහෘදයන් පිරිසටද හිමි විය යුතුම ය. සටහනට පාදක මන්දාරම් නුවර චාරිකාවට මා හා එක් වූ සැම දෙනවද මේ මොහොතේ හදපිරි බැතියෙන් සිහිපත් කරමි.


මේ සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේෂිත, සම්මාන ලාභී සහෘද බ්ලොග්කරුවන් සැම දෙනාටමත් සුබ පතන අතර, සංවිධායක මඩුල්ලට තුතු පුද කර සිටිමි.

කොළපතන ඇල්ල සොයා ගිය ගමන මෙතැනින් කියවන්න


55 comments:

  1. සුබ පැතුම්.

    සිළුමිණේ ගිය නකල්ස් ලිපියත් ඉතා හොඳයි

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි මචෝ... උඹ නොයින්න බ්ලොග පටන් අරන් මාස කිපයකින්ම නවතනවා. ඒක වැළැක්වුයේ නුඹයි මචෝ.

      Delete
  3. ලබන පාර එක ම වේවා ...
    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. එක ලැබුණේ නියම සුදුස්සෙකුට. මම ඉල්ලීමක් කරේ නෑ. එත් කවුරු හෝ මගේ මිතුරෙක් මගේ මේ ලිපිය දාලා.

      Delete
  4. Replies
    1. නුඹත් සුපිරි පොරක් කලින් කියවා තිබ්බේ නෑ. හේතුව බ්ලොග්වලින් ඇත් වෙලා බුකියට හුරු වූ නිසා. ස්තුතියි.

      Delete
  5. Replies
    1. දන්නවා ඉවාන් උඹලා කවුද යන්න ඉතා හොඳින්. ඔය හදවත් කවදාවත් මියෙන තුරු අමතක නැ මට.

      Delete
  6. සුබ පැතුම් නලීන් අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොයුරිය

      Delete
  7. සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගනිමි සුබ පැතුම

      Delete
  8. නලියා ගොඩ යන්නනම් ඕවට වඩා මේවා කරහන් හෙට ඉල්ලන්නේ මේවා රටට

    https://www.youtube.com/watch?v=2dbBF6dyVT0

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.... එහෙම නොයා මේ කරන දේ කරන්නේ. ගොඩ යන්න හිට්ස් ගන්න උපක්‍රම හොදින් දනිමි ඇනෝ ආව මචෝ.

      Delete
  9. සුභ පැතුම් නලින් අයියේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නිතර හමු නොවුණත් කතා බහ නොකරත් ලෙන්ගතුකම එදා සිට දන්නවෝ මචෝ.

      Delete
  10. නලියා.. උඹ ඇවිත් ඉන්නවා දැක්කම පුදුම සතුටක් දැනුනේ.. උණුසුම් සුභ පැතුම්! (ලිපිය කවුරු නිර්දේශ කරාම මොකෝ.. ;) පුළුවන් හැම වෙලේම උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගනින්.. ඒකයි වටින්නේ. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉඩ ලැබෙන විදියට ලියන්නම් මචෝ....ඇත්තටම මටත් සතුටුයි ඊයේ දවසේ අපි හමුවීම ගැන

      Delete
  11. සුභ පැතුම් නලියෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලි...

      Delete
  12. හෘදයංගම සුබපැතුම්, නලින්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකොනො .... ඔබටත් සුබ පැතුම්......

      Delete
  13. ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිරන්ජන්

      Delete
  14. රහමෙර පොඩ්ඩක් පානය කරලා සමරන්න තිබුනානම් වටිනවා

    ReplyDelete
    Replies
    1. මේ දිනවල මම දැඩි අසනීප තත්ත්වයක මචෝ. ඒකයි කලින්ම ගියේ.

      Delete
  15. හරිම සතුටුයි නලින් අයියා. සුබ පැතුම් මගෙනුත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති

      Delete
  16. සුභ පැතුම් නලියෝ..

    ReplyDelete
  17. ඔබ මේ ගැන ප්‍රසාදය ට පත්වීම අපට ඉතා සතුටක්. හමුවී කතා කිරීමට නොහැකි වීම ඉතා කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මම ආවේ ටිකක් පමා වෙලා. ඒවගේම ඔබ ඉතා කාර්ය බහුලව හිටියේ. මමත් අසනීප තත්ත්වයෙන් සිටි නිසා ඉක්මනින්ම ගියා. හමුවෙමු වෙලාවක සතුටුයි හදුනගන කතා කරන්න.

      Delete
  18. හදපිරි සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයාල්

      Delete
  19. Replies
    1. බොහොම ස්තුතියි බක්කරේ....

      Delete
  20. සුබ පැතුම් නලීන් අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි

      Delete
  21. ජයෙන් ජයම වේවා නලින් අයියේ... හමුවෙලා වචනයක් කතා කරන්නට ලැබීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු සතුටක් මං වගේම ඇවිදින්නෙක් හා මොහොතක් හෝ කතා කර හදුනාගන්න ලද එක..

      Delete
  22. සුබ පැතුම් නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ...

      Delete
  23. සුබ පැතුම් නලින් අයියා.මේ සංචාරක සටහන් වලට නලින් අයියාට සම්මනයක් නොලැබුණොත් එක අරුමයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ් මලයෝ

      Delete
  24. සුභපැතුම් අයියේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයෝ

      Delete
  25. සුබ පැතුම් නලින් අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්