samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

mahinda-rajapaksa_13+copy
අද මට සුවිශේෂී  දවසක්. අද, අපේ රටේ ජනපතිවරයා ගේ සහ මගේ ලොකු දෝණි ගේ උපන් දිනය (18) යෙදී තිබෙන නිසා.
දුව යනු මට මහත් වස්තුවක්....ඉතින් එයා මට කොහොමත්ම වැදගත්. ඒත් ඇයි මේ ජනාධිපතිවරයා ගේ උපන් දිනය මට වැදගත් වෙන්නේ.
විස්තර මොනවවත්ම කියන්නේ නෑ. මේ පිංතූර ටික බලපුවාම ඔබට දැනේවි ඇයි මං මහින්ද රාජපක්ෂ කියන ජනපතිට කැමති කියලා.
ජනපති මහින්ද නොවන්නට අපට මේ වන විට රටක් නොතිබෙන්න බොහෝ විට ඉඩ තිබිණි. එකල මා යුද බිමේ තත්ත්වය සියැසින් ම දැක ඇත. දොළොස් වසරක් පමණ කාලයක් පුරා මා විටින් විට යුද බිමට දෙපාර්ශ්වය පැත්තෙන්ම (රජයේ හමුදා සහ කොටි ත්‍රස්තයන් සමග) ගොස් ඇත.

එසේ  මා දුටු ඒ සත්‍යන් බිඳකි මේ සේයා රෑ.....ජනපති මහින්ද වැන්නෙක් හා එකට අත්වැල් බැඳගත් ලාංකීයයන්ගේ පිටන පහල වූ විරු සෙන්පතියන් පොකුර නොවන්නට අද මේ රට කොටියාගේ ම ය. විරුවන් යුද්ධය කරද්දි ජාත්‍යන්තර බලවේග තුට්ටුවකට මායිම් නොකොට උපක්‍රමශීලීව යුද්දය නිමා කොට දුන්නේ ජනපති මහින්ද ය


sl_mbrl

Chalai_05

Chalai_09


wanni-front


Chalai_13


K_66


PoonerynNew01


PoonerynNew09


SW_01


SW_07


SW_08


SW_09


SW_10


dharmapuram2


fg


ltte_mortar


rpgfire


rpgfire1




slarmy_personal_carrier


thoppigala_operation2


thoppigala_pix_5


wanni-front-6




ltte_captured_armes


Chalai_02



ඉතින් ජනපති තුමනි, ලොකු දුවණියනි...
දෙදෙනාටම චිරං ජයතු


255 comments:

  1. ZXVzZPRm8UvRR--H-Xzq8w

    වසන්තයෙ පැතුම් මල් පුදින සුබම සුබ උපන් දිනක් වෙවා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි මලයා. ඒක නොවෙයි හැමදාම මුලින්ම බ්ලොගයට ගොඩවදින්නකෝ මලයා. බලන්නකෝ ඇති වූ සංවාදය.

      Delete
  2. FB_IMG_1561654098205

    අමතක වුන ඇත්ත...
    දෙන්නටම...

    සුබ අනාගතයක්....!!!
    තෙරුවන් සරණයි....!!!

    ReplyDelete
  3. flower

    දවසක් අපේ ගෙදරට හොරෙක් ඇවිත්.. අහල පහල මනුස්සයෙක් තමයි ඌව එළවලා බඩුමුට්ටු බේරගෙන තිබ්බෙ.. ඒත් ඉතින් මිනිහාගෙන් එදා ඉඳන් හරි කරදරේ.. එව්වා මෙව්වා ඉල්ලන්නම එනවා.. අපි ඉල්ලපු දේ දෙන්න ආදිමදි කළාම මිනිහා කියන්නෙ 'මතක නැද්ද? මමනෙ ඒගොල්ලන්ගෙ ගේ එදා හොරුන්ගෙන් බේරගත්තෙ. මම නැත්නම් ඕක කොහොමත් ඔයාලට නෑ'
    මේ විදිහට දීමේ සීමාව කොතනද?

    තුල්යාමී සඳෝදාට සුභ උපන් දිනයක් කිව්වා කියන්න..

    ReplyDelete
    Replies
    1. DSC002481
    2. Untitled-1
    3. blogger_logo_round_35

      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. images
    5. blank

      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. Frangipani+Flowers
    7. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/
    8. Bl
    9. Untitled-1.

      සිරා කතාව හරී :D +++++++++++++++++++++++++++++

      Delete
    10. blank

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    11. sg
    12. sira
    13. 11312781_909946182385043_9158189637692344954_o
    14. FB_IMG_1561654098205

      තනි ඇහැට ඇඬෙනවා ඕයි

      Delete
    15. blogger_logo_round_35

      හරී මාත් වැටක් ගහනවා.. පට්ට කථාව .

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    16. blank

      වැඩේ කියන්නේ,අරවා මේවා ඉල්ලලා ඉවරයක් නැති එකා වෙනුවට ගේයි බඩුමුට්ටු හොරාට ලියලම දෙන්න හදපු උන් ටිකකුත් හිටියා කියලා අමතක ගෙදර මිනිස්සුත් ඉන්න එකනේ. නමුත් හොරා ගෙට පැනලා ආටක නාටක කරද්දී නිකමටවත් හොරා එලවන්න හිතුවේවත් නැති උදවියට දැන් හොරා එලවපු එකා තමා ලෝකේ ඉන්න ලොකුම හොරා.හොරාට හොරකම පාඩුවේ කරං යන්න දීපු අය හොඳ බබාලා.

      Delete
    17. DSC_8285

      ++++++++++++++

      තුල්යෝමි සදෝඳා දියණියට සුභම සුභ උපන් දිනයක් සහ වාසනාවන්ත අනාගතයක් පතමි.

      Delete
    18. blank

      මේ රට කොටි අල්ලගත්තනම් අපේ උන් ප්‍රබාකරන් විවේචනය කරලා බ්ලොග් පොස්ට් ලියන හැටිත් අනිත් උන් ඒවාට කොමෙන්ට් දාන හැටිත් මට මැවිලා පේනවා ඕයි ,මාත් ගහනවා වැටක් හැබැයි කොටින්ට විරුද්දව

      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    19. blank

      බලාගෙන ලොක්කා කොටින්ට විරුද්ධව වැට ගහලා මාමා ඇවිත් ඔයාගෙ කනට ගහයි. පිරබාහරන් මූසලයාගෙන් පස්සෙ කොටි නායකයා වෙච්ච් කේපී දැන් මාමාගෙ ෆ්‍රෙඩානෙ. මාමාගෙ උපදේශකත් කොටියෙක්නෙ. මාමාගෙ පස්සෙ උප සභාපති කෙනෙකුත් කොටියෙක්නෙ. ඉතින් මොන වැටවල්ද ලොක්කා. වැට ගහන්ඩ වෙන්නෙ පස්ස පැත්තෙ.

      Delete
    20. blank

      +++++++
      Api me iyata kiyamu pattarak liyagena supurudu widihata kade yana eka witarak karanna kiyala..Blog walata awith link dada eyage blog ekata kastiya genath me wage nondi wada nokara inda kiyala,, mata tyana pasne me wadeta salli denne kauda kiyala.. lole lol

      Delete
    21. DDT

      හරී. ඔයාගෙ කතාවට මමත් එකඟයි. මටත් දැන් මේ මඟුල එපා .... වෙල තියෙන්නෙ.

      Delete
    22. blogger_logo_round_35

      මෙතැන මම වැඩි දෙයක් කියන්නේ නැ. දියණියට සුබ පැතූ වෙද මහතා ඇතුළු සියලුම දෙනාට තුති.
      මේ අපේ රට කොටියට ලියලම දෙන්න හදපු කාලෙ අමතක නැතුව ඇති අපේ මිත්‍රවරුන්ට. සාම ගිවිසුම් එහෙම. අද දෙයියනේ කියල පාරක බැහැල යන්න නිදහස අපරාදේ නේද අපට ලැබුණේ..බෝම්බ හැමතැනම පිපිරුනානං මරු නේද.

      ඇත්ත ඇති සැටියෙන් දුටු ඇනෝට ජාතියේ ප්‍රණාමය

      Delete
    23. blank

      --ඇත්ත ඇති සැටියෙන් දුටු ඇනෝට ජාතියේ ප්‍රණාමය--

      --බලාගෙන ලොක්කා කොටින්ට විරුද්ධව වැට ගහලා මාමා ඇවිත් ඔයාගෙ කනට ගහයි. පිරබාහරන් මූසලයාගෙන් පස්සෙ කොටි නායකයා වෙච්ච් කේපී දැන් මාමාගෙ ෆ්‍රෙඩානෙ. මාමාගෙ උපදේශකත් කොටියෙක්නෙ. මාමාගෙ පස්සෙ උප සභාපති කෙනෙකුත් කොටියෙක්නෙ. ඉතින් මොන වැටවල්ද ලොක්කා. වැට ගහන්ඩ වෙන්නෙ පස්ස පැත්තෙ. --

      මේ ටික ලියපු මට නේද? ස්තුතියි. ඒත් ජාතියේ ප්‍රණාමය දෙන්න ඔයා කවුද? ඕක තමයි බහුතරයක් පත්තර කාරයින්ගේ තත්වය. මිනිස්සු ඉන්ටවු කරලා ආටිකල් ලියනකොට 'අනේ මහත්තයෝ' කියලානෙ ලියන්නෙත්.

      Delete
    24. blank

      මිනිස්සු ඉන්ටවු කරලා ආටිකල් ලියනකොට 'අනේ මහත්තයෝ' කියලානෙ ලියන්නෙත්

      ඒ මදිවාට තමුන්ගෙ අදහසට ප්‍රතිවිරුද්ධ ඒවා දානවද? හිතට එකඟව කියන්න නලින්. මම ලියපු බ්ලොග් පෝස්ට් එක කියලා නලින් හෙට ආටිකල් එකක් ලිව්වොත් මේ කමෙන්ට් ඔක්කොම ගැන කියාවිද?

      Delete
    25. blogger_logo_round_35

      පත්තර කලාවේදි මහතා යන්න යෙදෙන තැන් කීපයක් ඇත. ඇතැම් තැනක ජනපතිවරයා මෙසේ ද පැවසීය යනුවෙන් යෙදෙයි. එහි මහතෙක් නැත. වෙනත් තැනක ඒ මහතා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ වැනි යෙදුම් ද භාවිත වේ ඒ තැනට අනුවය. දෙකට නැවි ඉන්ටවීව් කලාවක් මම නම් නොදනිමි.
      පුවත් පතන් හිමි කර්තෘ වරයාටය. එහි අන්තර්ගතය කිමෙක්ද යන්න පාලනාධිකාරිය මත රදා පවතී. ලොව ඕනැ ම මාධ්‍යයක තත්ත්වය එයයි. මාධ්‍ය කරුවාට පඩි පත් ගෙවන්නේ කව්ද ඒ මතය තහවුරු කරන්නට මාධ්‍ය කරුවාට සිදුවේ. අකමැතිනම් ඉවත්ව යා හැකිය.එහෙත් බ්ලොගයට පඩි ගෙවන්නෙක් නැත. හැම කමෙන්ටුවක්ම එළි දක්වා ඇත. පෞද්ගලික මඩ ප්‍රහාරයක් ඇරෙන්නට. (එයද මට නොව)පඩි ලබන ආයතනයක ප්‍රකාශනයක හා බ්ලොග් අඩවියක වෙනස එතැනයි.මා මේ බ්ලොගයට ඉදිරියේ දී ලියන ලිපියක මට මේ කමෙන්ටු සංස්කරණයකින් තොරව එක් කළ හැකිය.ඒත් ඇනෝ කමෙන්ට් වැඩක් නැත. කිසිවෙක් ගනන් නොගනියි.

      Delete
  4. DSC002481

    දෝනිට සුභ උපන්දිනයක් මාත් ප්‍රාර්තනා කරනව. අනිත් එක්කෙනාට අමුතුවෙන් සුභපතන්න ඕන නෑ මොකද එයාගෙ පාටියට වියදම් අපෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Untitled-1.

      මම කියන්න හිතද්දී රාජ් අයියා කියලා ඉවරයි.. ++++++++++++++++++

      Delete
    2. blank

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. sira

      දැන් පෙන්වනවා....

      ඒකාධිපති වියරුව අලුත්ම නාටකේ...

      Delete
    4. FB_IMG_1561654098205

      ඉස්සර ලලිත් කොතලාවලගේ බෝත් ඩේ එකත් මේ වගේමයි. කොම්පැනි 300 ක් විතර නේ. උදේ ඉඳලා පෝලීම මල වඩම් එහෙම අරගෙන. අලුත් කිට් ගහලා. අරයත් ඉතින් සීනී බෝලේ වගෙ ඉඳන් එන එන එකාට අත දෙනවා. අපිත් යන්නම ඕන. කොතලාවල තරහ වෙනවට නෙමේ. අපේ කොම්පැනියෙ ලොක්කා බලනවා මොකාද නොගිය එකා මොකාද ගිය එකා කියලා. හැම ඒකාටම හොඳම තැනකින් ස්නැක්ස් පාර්සලේකුත් හම්බ වෙනවා. මේ ඔක්කෝම වියදම් කොම්පැනියෙන්. හැන්දෑවට ලොක්කන්ට කොක්ටේල් එකක් තියනවා. ඒකේ වියදමත් කොම්පැනි වලට එවනවා. නොදන්න එකා කොතලාවල මහත්තයට පින් දෙනවා. මේකත් ඒ වගේම තමයි සමහර උන් ලිපි ලියලා. හැම අමාත්‍යශයෙන්ම පත්තර පිටු පුරවලා. පව් ඇමතිවරුන්ගේ සල්ලි.

      Delete
    5. blank

      ලොක්කා කොතයට කෙලියා. කොතයගෙන් හොඳට කාලා ඇදලා හිටි මාතට කෙල උනා.මාතා ලොක්කා එක්ක ඔරොප්පු උනා. දැන් මාතා බ්ලොග් එකෙං ලොක්කට කෙලිනවා.

      සාධාරණයි මාතා. උඹලා කාටත් මොන මොනවා හරි හේතු තියෙනවා මහින්දට වයිර බදින්න.

      Delete
    6. FB_IMG_1561654098205

      මම කවදද බන් ලොක්කට බැන්නේ. දන්නෝ දනිති.. මගේ තියරිය ඇවිල්ලා...

      " Whether he is right or wrong. BOSS IS ALWAYS RIGHT "

      Delete
    7. DDT

      අද පත්තරවල පිටුපුරා සුභ පතල තියෙන රාජ්‍ය ආයතන ගොඩ දැක්කම මට පුදුමත් හිතුන, එච්චර ලක්‍ෂ ගානක් වියදම්කරල කරන්න උන්නැහෙලට වෙන වැදගත් වැඩක් තිබුණෙම නැත්ද මන්ද.

      Delete
    8. blogger_logo_round_35

      මගේ පොස්ටුව හොඳට කියවන්න ඇති කියා හිතනවා. අපට නිදහසේ බියෙන් තොරව ඉන්න රට බේරා දෙන්න කැප වූ කණ්ඩායමක නායකයාගේ උපන් දිනයට සුබ පැතුමක් පමණයි එහි ඇත්තේ. එයත් වරදක් සේ දකින්න තරම් කුරිරු වුයේ ඇයි මේ සමාජය.

      Delete
    9. blank

      //අපට නිදහසේ බියෙන් තොරව ඉන්න රට බේරා දෙන්න කැප වූ කණ්ඩායමක නායකයාගේ උපන් දිනයට සුබ පැතුමක් පමණයි එහි ඇත්තේ.// හොඳයි දෙසැම්බර් 18 වෙනිදාටත් අප මෙවැනි පෝස්ටුවක් බලාපොරොත්තු වෙනවා. එදාට බලමු.

      Delete
    10. blogger_logo_round_35

      හොද අදහසක් ඒත් ඇයි ඇනෝ එන්නේ නමින් එන්නකෝ එළියට.

      Delete
  5. Untitled-1

    ඔබගේ දියණියට ප්‍රිතිමත් අනාගතයකට සුභ පැතුම් ,

    01) මහින්ද රාජපක්ෂ යුද්ධය හැර අන් සියල්ලගෙන්ම 100%ක් අසාර්ථකය .
    02) යුද්ධය අවසන් වුවද , තවමත් ප්‍රශ්නයේ අහුකොන් එලෙසින්ම පවතී
    03) ජාත්‍යන්තර බලවේග පිලිබඳ බිල්ලෙක් රට තුල මවා පැවාට , ඇමරිකාව , යුරෝපා රටවල් සහ ඉන්දියාවේ සිවු වෙනි ඊලාම් යුද්ධයේ නොයෙකුත් අවස්ථාවන් හිදී ලැබුනු උපකාරයන් , විදේස් දේශපාලන විචාරකයින් විසින් නොයෙක් විට විග්‍රහ කර ඇත , මහින්ද රාජපක්ෂ ලෝකයට ගෙම්බර් දැමු නායකයෙකු ලෙස ශ්‍රි ලාංකිකයින් සිඟින් ආතල් එකක් ගත්තත් , සැබැ කථාව නම් කිසිදු වැදගත් රටක් ඔහුව පඩයකට හෝ මායිම් නොකිරීමය (ඒ පශ්චාත් යුධ සමය තුලදී ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ දක්ෂතාවයේ ප්‍රථිපලය ) , දැන් ඔහුට ඉතිරිව ඇත්තේ කපටි චීනුන් සහ ස්වාසිලන්තය උගන්ඩාව වැනි නොදියුණු රටවල ගෝත්‍රික නායකයින් පමණි
    04) මහින්ද රාජපක්ෂට චිරං ජයතු කියා තවත් රට වලපල්ලට යවන්නට ආශිර්වාද කිරීමේ හැකියාවක් නැත , එනිසා උපන් දිනයට පමණක් සම්මත වශයෙන් සුභ පැතුමක් එක්ක නිහඬ වෙමි

    ප.ලි- මාරයා , නෝ ෆ්‍රේම් වැන්නවුන්ට අන්ත කුජීත ලෙස මහින්දගේ දෙපරංශය ලෙව කන එකෙක් බ්ලොග් අවකාශයේ සිටිනා බැව් මා කලින් දැන සිටියේ නැත

    ReplyDelete
    Replies
    1. CTK3133

      අන්න අන්න බුවා..එව්වා කැත වැඩ... මගේ ප්ලේස් එක නැති කරන්න එපා...

      Delete
    2. blogger_logo_round_35

      මෙතරම් සාර්ථක සංවාදයකට මුල පිරූ බුවා ට තුති.

      මාරයා මේ වැඩේට ගාවන්නේ ඇයි..... මේ පෝස්ටුව මගේ දෙයක්. මගේ කැමැත්තක්.

      මා මහින්දගේ දෙපරැන්ද ලෙවකන්නේ යැයි ඔබ කියන්නේ නම්. ඒ ශ්‍රී ලංකාවේ ජනපතිගේය. බහුතර කැමැත්තෙන් දෙවන වරටත් පත් වූ ජනපතිගේය. එවිට ඔබ මේ දෙපරැන්ද මැද නැට්ටක එල්ලී සිටින්නේ කාගේද....මුළු රටටම එපා වු වකුගේ නොවෙද..වඩා නිවැරදි කවුද...

      Delete
    3. Untitled-1

      මාරයා ඒවා ගැන සිරියස් ගන්නේ නැති බව දනිමි ,

      කරන හැම වැරැද්දම වසාගෙන මොකෙකුටවත් මා කඩේ යන්නේ නැත , ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවකුත් නැත . මා කෙනෙකුට කඩේ යන්නේ යැයි ඔබ පවසන්නේ නම් ඒ සඳහා සාධක ඉදිරිපත් කල යුතුය. ජනතාවගෙන් බහුතරයක් පත් කල පමණින් ජනපතිවරයා කරන සියලු දේම නිවැරදි වන්නේ නැත , කරන හොඳ ඇගයීමටත් වරදක් කරන විට විවේචනය කිරීමටත් මා පෙලඹෙන්නේ එයෙහිනි .එනිසා මිනිස්සුන්ට ඕනැවුවකුගේ හෝ එපාවුවකුගේ දෙපරංශය ලෙවකැමක් මාගේ නැත . වෘත්තිය වශයෙන්ම එය සිදු කරන්නේ ඔබයි .

      Delete
    4. blank

      //සීරියස්// නෙමේ බන් //සීරියල්// ලූ වචනේ

      Delete
    5. blogger_logo_round_35

      මෙහි මා කඩේ ගිය තැන පෙන්වාදෙන්න බුවා...පෝස්ටුව හොඳින් කියවා බලන්න...

      Delete
  6. blogger_logo_round_35

    තුල්යාමී සඳෝදා දුවට සුභ උපන්දිනයක් වේවා! අනිත් කෙනාටත් ඔන්න ඔහේ එසේම වේවා! මහින්ද මාම ගැන මගේ අදහස හරියටම හරී සහ රාජ් කියල තියෙනවා. යුද්ධය ඉවර කරපු එක නම් ලොකු පිනක් හැබැයි එහෙමයි කියල අර ගඩාෆි කරපු වැඩේ කරන්න හදන එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉතිං ඇනෝ..../ යුද්ධය ඉවර කරපු එක නම් ලොකු පිනක් / මාත් කියල තියෙන්නේ එච්චරම තමා නේ.....

      Delete
  7. images

    දැන් නම් යුද්ධේ දිනාගත්තු එක මාර්කට් කරන්න බෑ. ඒක දැන් විකිණෙන්නේ නෑ. යුද්දේ දිනා දීලා ඊට පස්සේ බලයට ඇවිත් කරපු කියපු දේවල් ටික හොඳටම ඇති.

    වැඩිදුර කියන්න නම් යන්නේ නෑ බුවා + හරී + රාජ් මේ ගැන වැඩිදුර කියලා තියෙනවා.

    අයියගේ දුවට සුබ උපන්දිනයක් පතනවා. ඒ වගේම දුවට නිදුක් නිරෝගී චිර ජීවනය වගේම දුව කරන කියන දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තුති සහෝ....
      යුද්ධය මාකට් කළා නොවෙයි මලයා අතීතයක මතකයක් අවධි කළා පමණයි... එලිපන්ට හවුස් බොම්බයේ පටන් කැබිතිගොල්ලැව බස් ප්‍රහාරය දක්වා පිංතුර මා සතුව තියනවා. ඒවා දාල හදවත් හඬවන්න මට ඕන කළේ නැ.

      Delete
  8. blogger_logo_round_35

    දුවණියට සුබ උපන් දිනයක් වේවා ....පුද්ගලිකව මම දේශපාලනය පිළිබඳ රිසි බවක් නැති නිසා , දේශපාලකයෙක් සඳහා නොව , මගේ ගම් පළාතේම වූ එතුමාට සුබ උපන් දිනයක් පතන්නට එක් වෙනවා ...

    ReplyDelete
  9. blogger_logo_round_35

    සුබ උපන් දිනක් වේවා

    ReplyDelete
  10. CTK3133

    හෆ්ෆට සිරි... :D:D:D

    දෙන්නටම සුභ උපන්දිනයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තැන්කූ මාරෙ සහෝ...
      ඔන්න බුවා මේ පොස්ට් එකට උඹවත් පටලන්න හදනවා.....

      Delete
  11. blank

    දෙදෙනාටම සුභ උපන්දිනයක් වේවා.ලේක් හවුස් මාද්‍ය වේදියෙක් විදිහට ඔබ වෙන මොනවා කරන්නද.මහින්ද අබේසුන්දර මහත්තයත් හිටිය තැන නොවැ.

    ReplyDelete
    Replies
    1. Untitled-1

      අප්පා මෙයෙයැ ලේක් හවුසියේ මාධ්‍ය වේදියෙක්ද , එහෙනම් ඉතින් වැඩේ සාධාරණයි !

      Delete
    2. blank

      ලේක් හවුසියේ ගොඩදෙනෙකුත් මේ බ්ලොග බලනවා. ඒ අයටයි මේ ප්‍රශ්නය.

      ඔබලා ජනපතිට පක්ෂපාතී වෙන්නෙ (කඩේ යන්නේ කියලා නොකියා ඉන්නම්) හිතට එකඟව හදවතින්ද? නැතිනම් රස්සාව බේරාගන්න වුවමනා නිසාද?

      Delete
    3. blogger_logo_round_35

      හිතවත් ඇනෝ.... මේ බ්ලොග මං ලියන්නේ මගේ නියම අනන්‍යතාව හෙළි කරමින්..මගේ සියලු විස්තර මගේ fb ප්‍රොෆයිලයේ ඇත.මහින්ද අබේසුන්දර තාමත් ලේක් හවුසියේම ඉන්නා බව ඔබ හොඳින්ම දන්නවත් ඇතිනේ..
      බුවා අපිත් ඔය කියන හුගක් ආණ්ඩු යටතේ මෙහි සේවය කළ අය. ඔයාට අනුව අද අපි කඩේ යනවා. එදා වෙන පිරිසක් රනිල් මහත්තයට කඩේ ගියා. එහෙම නේද...
      යකෝ ලේක් හවුසිය කියන්නේ අපේ රස්සාව කරන තැන. අපේ මතය නොවෙයි.

      ලේක් හවුසියේ ඇනෝ ට....ආයතනයක් වැටුපක් ගෙවයි ද අප එතැන න්‍යායපත්‍රයට වැඩ කළ යුතුයි. අප කරන දේ රටට පෙනෙන අතර නිවට ඇනෝලාගේ වැඩ රටට නොපෙනේ. වෙනස එතැනයි.

      Delete
  12. blank

    නලින් අයියගේ දියණියට සුබම සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  13. Frangipani+Flowers

    දුවණියට සුබ උපන් දිනයක් වේවා!!!!බලන්නකො වැඩේ හැටි ?? කෙල්ලට අයිති දවසත් එතුමා අරගෙන නොවැ.

    මම නම් දරුවංගෙ දවස් විශේෂ නිසා අනිත් එව්ව එක්ක පටලගන්නෙ නැහැ. දවසම අර විළි රුදාව මතක්කර කර ඉන්නවා. ඒ දරුව උපන් මොහොතෙ පෙකැනිවැල කපල අතට දුන් දරුවගෙ හැඬුම කනට මතක්කරගන්නවා. නහයට බෙහෙත් ගඳ මතක්කර ගන්නවා. ඒ දිනය තරම් සුන්දර සුවිශේෂී දිනයක් කැලැන්ඩරේ නැහැ මට වෙන.

    ReplyDelete
    Replies
    1. Untitled-1.

      මේ අත්දැකීම මේ ආකාරයෙන්ම දවසක අපටත් විඳින්න හැකි වේවී... :)

      Delete
    2. blogger_logo_round_35

      අනේ නැන්දේ බය කරන්න එපා....

      Delete
    3. blank

      ඔයා බය වෙන්න එපා අක්කි සිසේරියන් තියෙනකල්. අර නැන්දට වගේ නෙවෙයි ඔයාගේ අයියා ඔයා ගාව ඉදි දාලා නොයා ඒ වෙලාවටත්.නැන්දගේ මාමා මග ඇරියට.

      ළිහිණි අක්කේ ඔයාට ෂුවර්ද?

      Delete
    4. blank

      නැන්දේ මට මගේ අම්මාව මතක් උනා.

      Delete
    5. blogger_logo_round_35

      ඔබ තුමිය මේ පැත්තට ඒම ගැන හරිම සතුටුයි..අනෙක් අදහස් හා බැලිමේදි බොහොම වෙනස් මතයක්...
      ඒත් ඒකට හිරුව බයවෙලා... බයවෙන්න එපෝ...

      Delete
  14. SDC15404

    නංගාට සුභ උපන්දිනයක්... රාජපක්ෂට ඉතින් අනේ මන්දා....ඉක්මනට තොලොංචි වුනොත් රටට සුභ අනාගතයක් ලැබෙයිද දන්නේ නැහැ. රාජපක්ෂ ගියත් එන්නේ පවුලේම අයනේ...

    ReplyDelete
  15. blank

    ලොක්කට නම් අනේ මන්දා... දෝනිට නම් සුභම සුභ උපන්දිනයක් වේවා....!!!!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි ප්‍රසන්න..

      Delete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    දියණියට සුභ උපන් දිනයක් වේවා!
    ගොඩක් ආඩම්බරෙන් තමන්ගේ දරුවා උපන්නේ "විශේෂ" කෙනෙක් උපන්න දවසේ කියලා කියන ආදරණිය තාත්තා කෙනෙක් කියල තමයි මට මේක පෙන්නේ!
    ඒත් අපිට නංගි පෙන්නලා කොලේ වහන සීන් නම් හරි යන්නේ නැති වෙයි මොකෝ "යුද්ධය" කියන්නේ රටේ තිබිච්ච එකම ප්‍රශ්නේ වත්...ඒක විසදපු හින්දා ඔක්කොම ප්‍රශ්න නැති වෙලාවත් නෑනේ!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ නියම තැනට ආවා.....
      රටේ ජනාධිපතිවරයා ගේ උපන් දින දවසෙම මොනවා හෝ ලියල මාසෙ පඩි ගන්න පත්තර කාරයෙකුගේ දුවෙකුගේ උපන් දිනයත් යෙදෙනවා. මේ මෝඩ පත්තරකාරයා ඒ සිද්ධිය කඩේ යාමකට හරවගෙන. එහෙම නේද පේන්නේ...
      ඒත් මෙතැන දී මගේ අරමුණ වෙන දෙයක්.. එය දැන් මා දැස් ඉදිරිපිටම කට්ටිය පෙන්නුම් කර තිබෙනවා.
      ස්තුතියි නාඩි සහෝ

      Delete
  17. Bl

    දියණියට සුබම සුබ උපන් දිනයක් කියලා පතනවා!

    ReplyDelete
  18. Untitled-1.

    නලින් අයියගේ ආදරණීය ලොකු දුවණියට සුබම සුබ උපන් දිනයක් වේවා ! බුදු සරණින් ඇගේ ජීවිතයට යහපතක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ලෙංගතුයි ඔබේ සුබ පැතුම...

      Delete
  19. new

    දුවට සුබ උපන්දිනයක් පතනවා. ඒ වගේම දුවට නිදුක් නිරෝගී සුවය වගේම දුව කරන කියන දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් පතනවා.

    ReplyDelete
    Replies
    1. Untitled-1.

      This comment has been removed by the author.

      Delete
    2. blogger_logo_round_35

      කෝරලේ මලේ බොහොම ස්තුතියි...ඔය දෙන්නටත් වාසනාවත්ත අනාගතයක් පතනවා.

      Delete
  20. Untitled-1.

    නලින් අයියා අපිට යුද්ධය ගැන මතක් නොකලත් අපිට යුද්ධය ගැන මතකයි. අපි ඉපදෙන්න අවුරුදු ගාණකට කලින් පටන් ගත්ත යුද්ධය එක්කම අපිත් ලොකු මහත් උනා. යුද්ධයේ කටුකත්වය අපි වින්ඳා. ඒත් අයියේ හැම දෙයකටම ඒ හේතුවක් නෙමේ. යුද්ධය මාර්කට් කරලා මිනිස්සු රවට්ටන්න දැන් බෑ. ඒක අයියත් දන්නවා... ඒ උනාට නොදන්නවා වගේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      යුද්ධය මට කිසිවිටකවත් අමතක කළ නොහැක. මා කුඩා කලම මගේ පියා මට අහිමි කළේ මේ කාලකන්නි යුද්ධයයි. එසේම මා තරුණ වයසට එත්ම මේ යුද්ධය හා මා බොහෝ සෙයින් එයට බද්ධ වූවෙක් ද වෙමි. උතුරෙන් මෙපිට අය ට යුද්ධය දැනෙන්නේ කෙතෙක්ද එයට වඩා සිය දහස් ගුණයක් එපිටින් මා එය විඳ ඇත. එවන් විඳිමක් අද මගේ වයසේ කෙනෙක් වින්දා නම් ඒ හමුදා සාමාජිකයෙක් ම විය යුතුය.
      දශක තුනක යුද්ධය පැවති සමයේ දී යුද බිමට ගිය (අපේ හමුදා සමග පමණක් නොව කොටි සමග ද)පත්තර කාරයන් වෙත්නම් ඒ තිදෙනෙකි. එයින් කෙනෙකි මම. අනෙක් දෙදෙනා නම් අද මවුබිම පුවත් පතේ කර්තෘ තුෂාර ගුණරත්න හා ලක්බිම පුවත් පතේ ප්‍රාෙද්ශිය කර්තෘ ක්‍රිෂ්ණ විජේබණ්ඩාරය.එවකට අපි තිදෙනාම ලංකාදිපයේ සාමාජිකයන් වූයෙමු.
      ඊයේ සහ අද මා ඉදිරිපත් කළ පෝස්ටු දෙක වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර දෙස විමසිල්ලෙන් බලා සිටිමි.වෙනත්ම මානයක බ්ලොගයක් කර ගන ගිය මා එක වර ඉසව්ව වෙනස් කළේ ඇයි.ඒ පාඨක ප්‍රතිචාර කෙඹදුද යන්න විමසා බැලීමටයි. එසේම මේ ප්‍රතිචාර වෙනුවෙන් අවසන උත්තර බඳින්නම්.
      //ඒත් ඇයි මේ ජනාධිපතිවරයා ගේ උපන් දිනය මට වැදගත් වෙන්නේ.
      විස්තර මොනවවත්ම කියන්නේ නෑ. මේ පිංතූර ටික බලපුවාම ඔබට දැනේවි ඇයි මං මහින්ද රාජපක්ෂ කියන ජනපතිට කැමති කියලා.// මේ වැකිය තුළ මාගේ අරමුණ සැගව ඇත එය යම් තරමකට හෝ තේරුම් ගත්තේ ඔබ පමණයි ළිහිණි.

      Delete
    2. blank

      Lajjai oii thamun wage kade yana pattara karayo set ekak dan pattara liyanne..minissunta dan ati wela me baila ahala..hamadama yudde market karanna be.. me dakala lokka oyatath loku wahanayak wath aran dunnoth hodai..ath api nam samanya minissu widihata kamathi kade yannath openly kata karana pattarakarayanta. kawada hari me rata mehama nasti kara widihata minissunge salli winasa karana ekata duk wenna wei. edata tamunnasselath pali owata..any way duwata suba upandinayak wennda onaa

      Delete
    3. blank

      පත්තරකාරයෝ දන්න යුද්දෙ. එකා පිට එකා මැරිලා වැටෙත්දීත් තමුන්ගෙ ජීවිතය ගැන නොහිතා දරු පවුල් ගැන නොහිතා යුද්ද කරපු අපේ කොල්ලන්ට මල් තියලා වැන්ඳත් පව් නෑ. ඔබතුමා ගිහින් යුද්දයට ඇත්තටම දායකවෙච්ච සොල්දාදුවො කීපදෙනෙකුගෙන් (කඩේ නොයන) අහලා බැලුවොත් තේරේවි අද වෙනකොට හිතේ අමාරුවෙන් ඉන්න තරම. අපි යුද්ද කළේ මේකටද කියන උන්ගේ තරම. නිලධාරීන් ලොකු අතු වලට යටවෙලා ඒ හරහා සොල්දාදුවා පීඩනයට පත්වෙලා. අදටත් සමහරු දුක්වෙනවා තමුන්ට යුද්දෙන් පස්සෙ කොන්ද පණ තියෙන හමුදාපතිකෙනෙක් නොලැබීම ගැන. විශේෂයන් ඇමති පුත්‍රයන්ගෙනුත් ගුටිකන්න වීම ගැන.

      මෙම ලිපිය ගැන නම් මගේ අමනාපයක් නෑ. හුදෙක් යුද්දයෙන් මියගිය පියා නිසා තැවුලට පත්වූ ඔබ ඊට පලිය ගත් මහින්දගේ පැත්ත ගන්නවා. මාරයාත් ඊට සමානයි. ජේ ආර් ගේ රජයෙන් ජූලි වර්ජකයෙක් ලෙස පියාව නෙරපූ පලිය ඔහු ගන්නේ අලියාව පෙන්වන්න බැරිව යාමෙන්. නමුත් ස්වාර්ථය මූලික කරගෙන රටක පාලකයන් ගැන ලිවීම ඔබ වැනි මාධ්‍යවේදියෙකුට කොහෙත්ම නොගැළපේ.

      ඔබගේ දියණියට වගේම රටේ නායකයාටත් සුභ උපන් දිනයක් පතමි. ඒ කුමන වැරදි තිබුනත් බහුතර කැමැත්තට ගරු කළයුතු නිසාය.

      Delete
    4. blogger_logo_round_35

      ඉංගිරිසි ඇනෝ..... එතකොට ලංකාවෙම ඉන්න හැමොම කාට හරි කඩේ යනවා. මහින්දය කඩේ යාම වැරදියි.. ඒක නේද ඔබ කියන්නේ...සුබ පැතුමට ස්තුතියි...

      දෙවන ඇනෝ.... මම සැබැවටම යුද බිමේ මාස ගනන් හිටපු කෙනෙක්.1992 වසරේ සිටම. ඒ වගේම පොස්ට් එකේ මම කියල තියන දෙයත් හරියටම කියවලා බලන්න.
      ඒ වගේම ස්තුතියි ඔබටත්..

      Delete
  21. sira

    දුවට සුභ උපන් දිනයක් පතනවා... 1 වැනි පර්සි රජතුමාට උපන් දින සුභ පැතුම් ගෙනඑන්න මට නම් ඕනෙකමක් නෑ... දුප්පත් මිනිහට වැලේ වැල් නැතිවෙන්න ඇරලා රේසිං කාර් මිළ අඩු කලාටද අපි එයාට සුභ පතන්නෙ....

    ReplyDelete
    Replies
    1. MyPhoto

      සිරාට 1990 දී වයස කීයද ?

      Delete
    2. blogger_logo_round_35

      සුදීක ඇහුව දේ මටනම් තේරුනා

      Delete
  22. vlcsnap-2011-06-16-20h04m58s141

    ඔබේ දුවට සුබ උපන්දිනයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. මම කාලෙකට කලින් ට්‍රයි කළ ගැල්ළමයෙකුගේ උපන්දිනයත් අදටම යෙදිලා තියනවා.මේ පෝස්ට් එක නිසා මතක් වුණේ.

    ReplyDelete
  23. waterfall3

    දියණිය සුභ උපන් දිනයක් පතනවා.

    ReplyDelete
  24. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

    දියණියට සුබම සුබ උපන් දිනයක් කියලා පතනවා....

    ReplyDelete
  25. 2023216-mount_fuji

    දියණියට සුභ උපන්දිනයක් වේවා!ඉදිරි අනාගතය සුභ වේවා!!!දියණියගේ උපන්දිනේට කබරයකුගේ උපන්දිනය සම කිරීම "මුල් පිටුව" කරපු දෙයක්ද කියල හිතෙනවා??????????????

    ReplyDelete
  26. blogger_logo_round_35

    දියණියට සුබම සුබ උපන් දිනයක් වේවා!

    කියන්ට තියන ඔක්කොම හරි අපූරුවට කට්ටියම කියල.....

    ප්‍රෂ්නෙ තියෙන්නේ මිනිස්සු බහුතරයක් හිතන්නේ මේ විදියටනම් 60 ලක්ෂයක් ඉක්මවපු ඡන්ද ප්‍රමානයක් ලැබුනේ කොහොමද කියන එක..එක්කො මුන් බොරු කියනවා. නැත්තම් ලොක්ක හොර කරනවා...

    ReplyDelete
    Replies
    1. blank

      අන්තර්ජාලයේ අදහස් දක්වන සුළුතරය යනු රටේ ඡන්දය දෙන බහුතරය නොවන වග තේරුම් ගන්න මිත්‍රයා. වැඩි දුර ඒ ගැන හිතන්න එපා. මේ අදහස් දක්වන අයගෙන් වැඩි හරියක් අඩුම වශයෙන් සිය චන්දය පාවිච්චි කරපු අයවත් නෙවෙයි.

      Delete
    2. Untitled-1

      අයිටින් , මේක ලියන එකා වැඩ කරන ආයතනය ඇතුලු ජනතාවගේ සල්ලි වලින් පඩි ගන්න පිංගුත්තර රාජ්‍ය මාධ්‍ය වේදීන්ගේ සහ කොන්ද පණ නැති පුද්ගලික මාධ්ය වල ආශ්චර්ය ෆැන්ටසියට රැවටුන උන් 60%කට වඩා ලංකාවේ ඉන්නවා , මුන්ට දෙන්න එපා අපිට දියල්ල කියලවත් ජනතාවට කියා ගන්න බැරි ආබාධිත විපක්ෂය ගැන කලකිරුණු උන් ඡන්දෙ දවසට බුදිය ගන්නවා .

      Delete
    3. blogger_logo_round_35

      අනෝ මම මීගොඩ එකෙක් බං... බොලාගෙ ලොක්ක පහුගිය පාර වැඩි ඡන්ද වැඩිම ගානකින් දිනුවේ අපේ වැයික්කියෙ ... ( හෝමාගම ප්‍රාදේශීය සභාව ) ඒ පැත්තෙ කතාකලත් ලොක්කට අම්ම මෝ නැතුව බනින උන් තමා වැඩිපුර ඉන්නේ.. හොඳක් කියනවනම් ඒ ඡන්දෙට බැහැල වැඩකරපු එවුන් විතරයි..

      එව්ව ඇහෙද්දිත් හිතෙන්නේ එක්කො ගමේ එකාලා බොරු කියනවා නැත්තම් ලොක්ක හොර කරනවා කියලා.. මම මැද කොළඹ එකෙක්වත් උනානම් එහෙම නෙවෙයි කියල හිත හදාගන්න තිබ්බ බං

      Delete
  27. blank

    නලින්, තමන්ගේ ගෙදර හොරුන්ගෙන් බේරගත්ත අසල් වැසියා කොයිතරම් කරදරයක් උනත්, ඔහුගේ හෝ ඇයගේ උපන්දිනයට සුබ පැතීම තමයි මනුස්ස කම. මෙතන නලින් සුබ පතල තියෙන්නේ අපිත් අපේ මතු පරම්රවත් රටත් බේරලා දුන්න පුද්ගලයෙකුට. එහෙව් පුද්ගලයෙකුගේ උපන්දිනයට සුබ පතන්න බැරි කුහක පුද්ගලයන්ට උත්තර බදින්න යාමත් ඔබගේ වටිනා කාලය කා දැමීමක්.

    මාතලං ඔහුගේ බ්ලොග් එකේම කියල තිබුන විදිහටම මේ සියලු දෙනාම කරන්නේ ගැලරිය පිනවීමක්.

    ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ දියණියට සුබ උපන් දිනයක්

    ReplyDelete
    Replies
    1. blank

      ඔයා ලේක් හවුසියේ නේද?

      Delete
  28. blogger_logo_round_35

    නංගාට සුබ උපන්දිනයක් !

    ReplyDelete
  29. blank

    Wish your daughter and The President a Happy Birth Day

    A Good news on this special day

    //Sri Lanka’s per capita income, growth support positive rating: Moody’s //

    http://www.thehindubusinessline.com/news/international/sri-lankas-per-capita-income-growth-support-positive-rating-moodys/article4105294.ece

    ReplyDelete
  30. blogger_logo_round_35

    ම්ම්ම්ම්...නංගි බබාට සුබම සුබ උපන් දිනයක් කිව්වා කියන්න..!! මහින්ද මාමා ගැන නම් අනේ මන්දා..ඒත් එයාටත් සුබ උපන් දිනයක්..!!

    ReplyDelete
  31. 11312781_909946182385043_9158189637692344954_o

    ඇයි මගේ කමෙන්ට් එක විතරක් ගිලලා තියෙන්නේ?

    ඒක තිත්තද එතරම් ??

    මම සරලව දැම්මේ //දියණියට සුභ උපන්දිනයක්// කියලා විතරයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සැම් මම කමෙන්ට් එකක් වත් අයින් කලේ නැ....

      Delete
    2. blank

      ඇයි සැමෝ ජනදිපතිට සුබපතුවම උබට පාඩුවක් වෙනවද. උබල රෝද හතරක් අරගන ජොබක් කරගන ඉන්න රටේ ජනාදිපති නේද. ආණ්ඩුවට බනින්න ජනදිපතිට බනින ගොඩක් එවුන් හොද ආර්ථික මට්ටමක ඉන්න එඋන්. සමහරුන්ගේ ප්රෝෆිලේ බැලුවම ඉන්ජිනරුවොලු, ඉන්න තැනට 15000 කුලිය ගෙවනවලු. එඅත් මේ ආණ්ඩුව නිසා හාමතේ මරනේව වගේ කතාව.

      Delete
    3. blank

      ඇයි බං ...බඩට වේල නොකා ඉගෙනගෙන ..රස්සාවක් අරන් මහන්සිවෙලා වැඩකරල පඩියක් ගන්නවට...ආන්ඩුවෙ රෙද්දක් ගාවන්නෙ මොකටද..! මේ බ්ලොග් කරුවො පඩි ගන්නෙ මහන්සිවෙලා වැඩ කරල...! මොන ආන්ඩුවක් තිබුනත් අපිට මොකෝ.

      Delete
  32. Su+1

    තුල්යාමි දියණියට සුබ උපන්දිනයක් වේවා.....!!!

    (ශිෂ්ට පුරවැසියකු ලෙස)....ජනපතිටත් සුබ උපන්දිනයක් වේවා....!!!
    හැබැයි යුධ ජයග්‍රහණය විතරක් පදනම් කරගෙන ජනපතිව හෝ ආණ්ඩුව ඔසවා තැබීම සම්පූර්ණයෙන්ම වැරදියි. රොබට් මුගාබෙත් හොද දේශප්‍රේමියෙක් ඒත් සිම්බාබ්වේට අද මොකද්ද වෙලා තියෙන්නෙ කියන එකත් සලකා බලන්න ඕන.

    කඩේ යෑම ගැන කතා කරන්නේනම්, මහින්දට කඩේ යෑමත් රනිල්ට හෝ සජිත්ට කඩේ යෑමත් එක සමානයි. දෙපරැන්ද ලෙවීමද එසේමය.

    ReplyDelete
  33. blank

    ඇත්තටම අපරාදේ කියලා හිතෙනවා රට කොටින්ගෙන් බේරාගත්තේ ,උන්ට රට අල්ලගන්න දෙන්න තිබුනේ ,මෙතන කොමෙන්ට් දාලා තියෙන එකෙක්වත් මායිම් ගම්මානෙක වැඩ කරලා ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ ,එහෙම හිටපු කෙනෙක් විදිහට මන් නම් ඒක දන්නවා ,ගෙදර එන්න චෙක් පොයින්ට් කීයක රෙදි ටික ඇදලා පෙන්නුවාද ?බෝම්බ නිසා බස් එකේ වැඩට නොගොහින් දාඩිය දාගෙන බයිසිකල් කට්ටේ ගියපු හැටි මටනම් තාම මතක තිබේ ,

    දැන් ඇතිවී තිබෙන තත්වය කෙසේ වුවත් රටේ දැනෙන සංවර්දනයක් ඇතිවී ඇති බව ඔබ කවුරුත් පිලිගන්නවා ඇති ,ජීවන වියදම ඉහල ගොස් ඇති බවත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවත් සීයට කෝටියක් ඇත්ත ,ගසා කෑමත් එසේමයි ,එහෙත් අපිට විකල්පයක් තිබේද ?පේන තෙක් මානෙකවත් ,මෙයාට වඩා හොද කෙනෙක් ඇත්නම් නම් කරන මෙන් ඉල්ලසිටිනවා ,එදාට අපිත් අත් දෙකම ඔසවා කැමැත්ත දෙන්නම් ,හැබැයි ඒ සරත් ෆොන්සේකා නම් නොවේයැයි මන් සිතමි ,

    ReplyDelete
    Replies
    1. blank

      හැබැයි රටේ ජනතාවගේ මුදල් වියදම් කර පත්තරවල පිටු පිරවීමත් ලොකු ලොකු පාටි දැමීමත් මාත් අනුමත නොකරමි ,

      Delete
  34. blogger_logo_round_35

    නංගාට සුභ උපන් දිනයක් වේවා.. ඒ වගේම ජනාධිපතිතුමටත්...

    මට නලින් අයියට බනින්න හිතෙන්නේ ඇයි දන්නවද.... ඔයාට මේ පෝස්ට් එක අර පොඩි කෙල්ලට පෙන්නලා එයාගේ මූණෙ හිනාවක් බලාගන්න බැරි වෙන හින්දා.. එයාට දුක හිතෙයි.. මට සුභ පතනවට වැඩිය කට්ටිය කරලා තියෙන්නේ ජනාධිපතිට බනින එකනේ කියලා...

    යුද්ධෙ කියන්නේ අපිට කිසිදාක අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. යුද්ධෙ දිනපු එක මාකට් කරනවා කියන අයට මතක නෑ ඒ කාලේ යුද්ධෙ කොහොමද මාකට් කළේ කියලා... ගෙදරින් ගිය කෙනා ආපහු ගෙදර එනකම් පපුවේ ගිනි තියාගෙන බලං හිටපු සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ වෙන‌ෙකාට අමතක වෙලා මේ රටේ තැන නොතැන නොබලා බෝම්බ පිපිරුව කාලයක් තිබ්බා කියලා...

    මට උඩින් ඉන්න ඇනෝ කියලා තියෙන කතාව තමා ඇත්තටම ඇත්ත...

    මම මේක කළිනුත් තැනක කිව්වා.. හරි හමන් විකල්පයක් නැති අපි එදා ඉඳලා කළේ ඌ හරි නෑ මූව ගේමු කිය කිය පක්ෂ දෙකකට මාරුවෙන් මාරුවට බලය දුන්න එක විතරයි... ඒත් ඇත්තටම කරන්න ඕනේ ඉන්න එකාගෙන් හරියට වැඩක් ගන්න එක... ඒක කරන්න නම් විපක්ෂය සහ මාධ්‍ය කොන්ද පණ ඇතුව ඉන්න ඕනේ.. යකා හරි නෑ කියලා මහසෝනා ගෙනාවොත් අපි මීට වැඩිය ලොකු අමාරුවක වැටෙනවා..

    ReplyDelete
    Replies
    1. Untitled-1

      කොන්ද පණ ඇති මාධ්‍ය , බම්බුව තමා ලංකාවේ කොහෙද් එහෙම එවා තියෙන්නේ . භාගයක් මාධ්ය දේශපාලකයින්ගේ හෝ නැදැයින්ගේ , ඉතුරු ටික පඩත්තර බිස්නස් කාරයින්ගේ , මේක ලියන එකාත් ඇනෝ ඇවිත් කැහැලා යන උනුත් රස්සාවට කඩේ යන ඉතුරු මාධ්ය ටික ආණ්ඩුවේ , කෝ කොන්දක් !

      //යකා හරි නෑ කියලා මහසෝනා ගෙනාවොත් අපි මීට වැඩිය ලොකු අමාරුවක වැටෙනවා..//

      ඉන්න යකාවයි , යකාගේ හත්මුතු පරම්පරාවයි දිගටම තියාගෙන ඉඳහල්ලා ,එතකොට ආතල්නේ .

      Delete
    2. blank

      අනේ මහලොකු කොන්ද පන ඇති එක. කොන්ද පන තියන නිසා තමයි ඒ මනුස්සය තමුන්ගේ නියම නමින් ඇවිත් බ්ලොග් ලියන්නේ ෆොටෝ දන්නේ.

      Delete
    3. blogger_logo_round_35

      හරි හරි බුවා... අනේ මට එකපාරක් කියන්න එකම එක ඔය කියන විදියේ හොඳ එකෙක්ගේ නමක් ඡන්දයක් දෙන්න.. යකාගේ හත්මුතු පරම්පරාව ගෙදර යවලා ගේන්න පුළුවන් එකෙක් හේතුසාධක එක්ක...

      බනින්න ඕනේ කෙනෙකුට පුළුවන්.. අපි එදා ඉඳලම කළේ ඒකනේ.. නේද... මට මතක කාලේ උනේ පාන් 3.50ට දෙනවා කිව්ව චන්ද්‍රිකා ගෙනාපු එක... හැමදාම මාකට් කරපු යුද්දේ මාකට් කරගෙන මහින්ද ආවා... වෙනසකට උනේ යුද්දේ ( යන්තම් හරි) ඉවර වෙච්ච එක... දැන් එකෙකුටවත් කියන්න බෑ අපි ආවොත් යුද්ධෙ ඉවර කරනවා කියලා... එහෙම එකේ දැං කියන්නේ රජය ජනතා මුදල් ගසා කනවා කියලා... හරි පුළුවන් නම් එකෙක් කියන්න ජනතා මුදල් ගසා කන්‌ෙන් නෑ කියලා සහතික වෙන්න පුළුවන්..... ඒ වගේම දැං මේ කරගෙන යන වැඩ ටික අතරමඟ නවත්තන්නේ නැතුව කරගෙන යනවා කියලා සහතික වෙන්න පුළුවන් කෙනෙක්... ( මොකද මේවා කරන්න අරන් තියෙන ණය වලින් බාගෙකට වැඩිය කට්ටිය සාක්කුවෙ දාගෙන, ඉතුරු ටිකෙන් වැඩ ටිකක් කරගෙන යන නිසා අඩු ගානේ ඒ ටික හරි රටට ඉතුරු වෙයි කියලා හිතන්න පුළුවන්.. හැබැයි අලුතෙන් එකෙක් ඇවිල්ලා මේ කරපු ටිකත් සමතලා කරලා දැම්මොත් අපිට ඉතුරු වෙන ඉටි ගෙඩියක් නෑ ගෙවන්න වෙන ණය මිසක්..)

      හැබැයි සිද්ධාලේප මුදලාලි වගේ අය නම් නෙවෙයි හොඳේ...

      Delete
    4. blank

      බුවාණෝ, අප දැන් කුමක් කල යුතුද? පවසන්න නොවළහා,අප කිනම් සුර දූතයානන්ට අපගේ මනාපය දිය යුත්තේද?

      Delete
    5. blank

      නලක බුවා

      ඔය අපිට නොකියා කියන්නේ රනිල් අයියට දෙන්න කියලා නේද? යන්න මියා යන්න

      Delete
    6. blank

      //ඒ වගේම දැං මේ කරගෙන යන වැඩ ටික අතරමඟ නවත්තන්නේ නැතුව කරගෙන යනවා කියලා සහතික වෙන්න පුළුවන් කෙනෙක්// මේ කරන එව්වා දිගටම කරන්න නම් මොකටද කෙල්ලෙ අලුත් එකෙක්.

      Delete
    7. Untitled-1

      @AnonymousNovember 18, 2012 3:52 PM
      කඩේ යන්න ෆොටෝ දාන්න බැරි මොකෝ ඕයි , අර මුන්ගේ හිටපු මහ එකා (තෝ ලෙක් හවුස් ගොබිලෙක් නම් තොගෙත් ) , නම ගම පිටින් හෙලුවැල්ලෙන් විමසුමක් කියල මකබාවක් ලිව්වේ. නම ගම හොඳට දන්න මාධ්ය වේදියෙක් වරෙන්තු පිට තාම එලියෙ ඉන්නේ අනේ යකෝ තොපේ කොන්ද

      @AnonymousNovember 18, 2012 4:07 PM
      ඔය දෙන විදිහටම දීගෙන පලයල්ලා ආයේ මොකෝ වෙනස් කරන්න යන්නේ

      @AnonymousNovember 18, 2012 4:10 PM
      මොකෝ ඔයා රනිල්ට දෙන්න යන්නේ , එයාට දෙන්නේ සාගලලා අකිලා විතරයි , ඔයා දැන් දෙන එක්කෙනාටම දීගෙන නිකා ඉන්න

      Delete
    8. blank

      අනේ බුවා අගේ නොකර කියන්නකෝ රනිල් නේද හොඳ කෙනා. ඔයා ඇයි ඒකට උත්තරයක් දෙන්නේ නැත්තේ?

      Delete
    9. Untitled-1

      @හිරු -අර ඇනෝ කිව්වත් වගේ මේවම කරගෙන යන්න නම් අලුතෙන් එකෙක් මොකටද. විකල්පය මොකක්ද කියල තමන්ගේ බුද්ධියට වැටෙහෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැ , එක දෙයක් දේශපාලනයේ අංග සම්පූර්න චරිත හොයන්න එපා . අදාල මොහොතට සාපේක්ෂව හොඳම කෙනාවයි තෝරන්න තියෙන්නේ , ඔයා විකල්පක් කෝ , කවුරු ආවත් එකයි , කෝ කාටද දෙන්නේ වගේ ප්‍රශ්න ඔලුවට එන්නේ රටට ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක තමන්ට නොදැනෙන නිසා , එහෙම නැත්නම් රටට මොන හෙණයක් ගැහුවත් තමන්ට එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා . ඉතින් ඔහොම යයි . දැන් ඇති කියල කවද හරි හිතුන දවසක ඡන්දෙයක් තියන වෙලාවක වෙන එකෙකුට කතිරේ ගහන්න (මැතිවරණ ක්‍රමයක් රටේ ඉතුරු වෙලා තිබුනොත් )

      Delete
    10. blogger_logo_round_35

      AnonymousNovember 18, 2012 4:21 PM

      සමාවෙන්න.. මම අදහස් කළේ ණය තොගයක් අරගෙන හදන හයිවේ එක, එයාපෝර්ට් එක සහ වරාය වගේ වැඩ ටික ගැන.. අනිත් ඒවා ගැන නම් ඉතිං ඔයා කියපු දේ ඇත්ත තමා.. හි හි..

      Delete
    11. blogger_logo_round_35

      ///අදාල මොහොතට සාපේක්ෂව හොඳම කෙනාවයි තෝරන්න තියෙන්නේ ,//
      ///කෝ කාටද දෙන්නේ වගේ ප්‍රශ්න ඔලුවට එන්නේ///

      පළවෙනි දේ බුවා අදාළ මොහොතට සාපේක්ෂව ගේන්න වෙන එකෙක් වත් ලංකාවේ නෑ...

      ///එක දෙයක් දේශපාලනයේ අංග සම්පූර්න චරිත හොයන්න එපා ///

      ඒකයි කිව්වේ යකයි මහසෝනයි කතාව... ඒක තේරුම් ගන්න පුළුවන් නේ.. සාපේක්ෂව වැරදි අඩුවෙන් කරයි කියලා හිතන කෙනා විතරයි...

      ///එහෙම නැත්නම් රටට මොන හෙණයක් ගැහුවත් තමන්ට එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා .///

      ඇත්තටම බුවා මේ ප්‍රශ්න අපිට ( මටයි අපේ මහත්තයටයි) බලපානවා වැඩියි.. මොකද අපි ‌රු 30000 ක පඩියකින් ජීවිතේ පටන් අරන් ගෙවල් රෙන්ට් ගෙවාගෙන, ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන අය... ( මගේ බ්ලොග් එකේ ඔය හැම දෙයක්ම තියෙනවා.. ඒක නිසා මෙතන කිව්වට කමක් නෑ නේ) එහෙම උනත් අපි මේ රටේ ජීවත් වෙන‌ෙකාට අද යමිකිසි දියුණුවක් දකිනවා.. වැරදි අනන්ත තියෙනවා තමයි.... ඒත් යමක් කෙරෙනවා... උදාහරණයක් විදිහට හයිවේ එක... කට්ටිය කියනවා හයිවේ එක පොඩියි.. ප්‍රමිතියකට නෑ කියලා.. ඇත්ත වෙන්න පුළුවන්.. ඒත් ඒ කවුරුවත් කතා කරන්නේ නෑ නේද මෙච්චර කල් රටේ නොතිබිච්ච හයිවේ එකෙන් මිනිස්සු ගන්න වැඩ ගැන.. ( ඊයේ වෙච්ච දේ ගැන මම දැක්කා.. ඒ ගැන කතා කරන්න ඉක්මණ් වැඩියි තාම)

      මුන් මේකට ගත්ත ණයෙන් බාගෙකට වැඩිය ගසා කාලා හරි හයිවේ එකක් හැදුවනේ... අපි තව එකෙක් ගෙනාවොත් ඌ මේ ටික සමතලා කරලා, නැත්තම් ගරා වැටිලා යනකම් අතෑරලා දාලා ඉඳියි... ( අපේ හැම ආණ්ඩුවම එහෙමයි කියලා අපිට අත්දැකීම් තියෙනවනේ) එතකොට අපිට ණය ගෙවන්න විතරයි නේද ඉතුරු වෙන්නේ.... මහවැලි ව්‍යාපාරය පටන් ගනිද්දි කොච්චර දේවල් කිව්වද.. කොච්චර කල් ඇද්දද.... මොකද උනේ අන්තිමට...

      අපේ රටේ මිනිස්සුන්ට පිට රටින් ඇවිත් කළොත් හරි අගෙයි.. ඒත් ලංකාවේ ඉංජිනේරුවෝ වැඩක් කළොත් ඒක දෙකේ පන්තියේ වැඩක්.. අඩු ගානේ මුන් උත්සාහ කළානේ කියලවත් කියන්න එකෙක් නෑ....

      Delete
    12. blank

      ඇත්තටම බුවා අර අභීත අයියා අහනවා වගේ බුවා කාටද ලබන චන්දේ දෙන්නේ?

      Delete
    13. blogger_logo_round_35

      හිරු මේ ප්‍රතිචාර වලින් මා වඩාත් අගය කරන ප්‍රතිචාරය ඔයාගේ.ඒ මන්ද යත් සමස්තයක් විදියට ගත් කළ මේතන අදහස් ප්‍රකාශ කර ඇති ආකාරයට තමයි අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ අදහස් වෙන්නේ.
      http://manasindiviyata.blogspot.com/ මම මෙම සිතුවිලි පිළිබඳ මට දැනෙන විදියට ලියලා තියෙනවා.ජනපති ප්‍රභාකරන් වගේ පාපතරයෙක් නොවන නිසා ජනපතිට මම ද සුභ උපන් දිනක් කියලා පතන ගමන් ඔබේ ආදරණිය දියණියටත් යහපත් ආකල්ප වලින් පිරුණු සිතක් ඇත්තියක් ලෙස දෙමාපියන්ටත් රටටත් අඩම්බරයක් ඇති තරුවක් වේවායි මම පතමි.කවුරු කේසේ කිවත් ඕනෑතරම් එඩිතර හමුදා පුද්ගලයින් හමුදාව තුල සිටියත් වසර 30 ක කුරිරු යුද්ධය නිමා කිරීමට හරියමන් දේශපාලන නායකත්වයක් නොතිබු අඩුව නිසා මේ රමේ අඩවපු ඇස් අන්තයයක් විය.අපේ දෙමාපියන් අද සැනසිමේ බත් කටක් කනවා කියන සිතුවිල්ල ද සිත තුල තබාගෙන නිවැරදි රටක් ගොඩ නැඟිමේ නායකත්වය නිවරදි ආකාරයට සිදු වේවායි අපි අධිෂ්ඨාන කරමු.

      Delete
    14. Untitled-1

      පළවෙනි දේ බුවා අදාළ මොහොතට සාපේක්ෂව ගේන්න වෙන එකෙක් වත් ලංකාවේ නෑ...
      ඒකයි කිව්වේ යකයි මහසෝනයි කතාව... ඒක තේරුම් ගන්න පුළුවන් නේ.. සාපේක්ෂව වැරදි අඩුවෙන් කරයි කියලා හිතන කෙනා විතරයි...//

      ඒක තමයි නෝන මහත්තයෝ මම කීවේ ඔයාට විකල්පයක් ඕනි නැ කියල පේනවා නම් ඒ කියන්නේ ඔය යන විදිහට ගියාට ප්‍රශ්නයක් නැ කියලා හිතෙන එක තමයි කියලා .. 30000කින් ජීවත් වෙන්න අමාරුද? ඔබතුමිලාගේ (දැනට ලංකාවේ ආදේශකයක් නොමැති ), නායකතුමාගේ ගෝලයින් කියන විදිහට නම් ඔය දෙන්නට 5000කින් ඉන්න පුලුවන් වෙන්න ඕනි . ඒ කියන්නේ 5000+රෙන්ට් එක .
      අධිවේගය ලොක්කගේ ප්ලැන් එකක් නෙවෙයි , ඊට කලින් පටන් ගත්ත එකක් . ලොක්ක කලේ වේගවත් කරල ඉවර කරපු එක . සමහර අය නම් කියන්නේ ට්‍රැක් 6ට තිබ්බ පාර 4ට බැස්සුවාය කියල , අනේ මන්ද අපි දන්නේ නැ ඇත්තද බොරුද කියල නම්

      Delete
    15. blogger_logo_round_35

      අනේ බුවා... කොහෙත්ම ඔයාගෙන් බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්..

      ///අධිවේගය ලොක්කගේ ප්ලැන් එකක් නෙවෙයි , ඊට කලින් පටන් ගත්ත එකක් . ලොක්ක කලේ වේගවත් කරල ඉවර කරපු එක////

      මේක ගැන නම් කියන්න තියෙන්නේ ඉතිං යුද්දෙත් ලොක්කා පටං ගත්ත එකක් නෙවෙයිනේ.. ඉවර කළාට... හි හි.. දැං ඔය කෙරෙන ගොඩක් වැඩ ඉස්සර ඉඳලම කරන්න හදපු ඒත් කරගන්න බැරිවෙච්ච ඒවා කියලා ගොඩක් අය දන්නවා ඇති මං හිතන්නේ.. ඔය නුගේගොඩ හරියේ, කොට්ටාව හරියේ පාර පළල් කරගන්න එකටම කොච්චර ප්‍රශ්න ආවද... අර පන්නිපිටියේ ගුවන් පාළම කොච්චර කල් වැඩ නැවතිලා තිබ්බද... මුල් ගල් කීයක් පැළ උනාද....

      කො‌ෙහාම උනත් බොහොම ස්තූතියි...

      Delete
    16. blank

      හනෙ හප්පෝ මේ බවලත් උන්දෑ.බුවාට ඇපත් නැහැ නේද?

      Delete
    17. blank

      හිරු ඒක නම් ඇත්ත. බුවාට උදාහරණත් එක්කම දෙනවා නම්

      1. වරාය - ලෝකයේ තියෙන එකම පිනට නැව් ඇතුළු කරන වරාය
      2. හයි වේ - පාරේ යනගමන් ගංවතුරේ සුන්දර අසිරිය වගේම කඳු නායයෑම් සියැසින් දැකගැනීමේ අවස්ථාව. හයිවේ එකේ යනවානම් 60Km/h වලට අඩුවෙන් යන්න කියලා බ්ලොගයක තියෙනවත් දැක්කා.
      3. නෝරොච්චෝලෙ - ඉන්දියාවෙන් ගල් අඟුරු ගෙන්වා ත්‍රිකුණාමලයෙන් ගොඩ බා කල්පිටියට ප්‍රවාහනය කළත් නිපදවෙන විදුලියක් නැත. හැමදාම ලෙඩ
      4. මොරගහකන්ද
      5. බෝල නොපෙනෙන සූරිය වැව
      6. රන්මිහිතැන්න දිරන මාළිගා
      7. ඔයාමඩුව

      Delete
    18. Untitled-1

      ලොක්කා බාර ගන්නකොට රටේ යුද්ධයක් තිබ්බේ නෑ , ජනවාර්ගික අර්බුධයට විකල්ප විසඳුමක් ක්‍රියාත්මක වෙමින් තිබුනේ , ඒක අතැරල යුද්ධ කරන්න තීරණය කලේ , කරගෙන ගිහින් ඉවර කලේ උන්නැහේ . අධිවේගය එහෙම කථාවක් නෙවෙයි ,

      පාරවල් හැදෙනවා බලාගෙන ගන්න චූන් එක දිගටම ගන්න අපේ මොකෝ , ජීවත් වෙන්න 30,000 නෙමෙයි 300,000 ගියත් මොකෝ ණයට අරන් එයින් භාගයක් හොරාත් කාලා ඉතුරු භාගෙන් පාරත් හදනවා නම් . දෙහිවල ගුවන් පාලම වගේ බරවාහන යන්න බැරි වෙන්න හදන ගුවන් පාලම් , දාල වැහි දෙකෙන් ගලවල යන කොන්ක්‍රිට් පාරවල් වුනත් කමක් නැනේ , මොනව හරි වැඩක් කෙරෙනවනේ

      ඇනෝ -අනුන්ගේ ඒවට ණයට කහින්නේ නැතුව තමන්ගේ අදහස කොටනවකො

      Delete
    19. Untitled-1

      AnonymousNovember 18, 2012 6:25 PM ට තමා කලින් කමෙන්ටුවේ උත්තර දුන්නේ

      Delete
    20. blank

      බුවාට
      බුවා පුළුවන් නම් කියපන් මේ නංගී භූමිතෙල් පාර කාපු ගැරඬියා වගේ දිවීමට හේතුව.

      Delete
    21. blogger_logo_round_35

      ආයෙමත් කියන්නේ මේකයි බුවා...

      විකල්ප විසඳුමක් දැනට පේන්න නෑ... ඔයා අදහස් කරන විසඳුම රනිල් නම් මම මහසෝනා කියලා අදහස් කළේ එයාව... ( සහ ඒජාපය.. ඔන්න කෙලින්ම කිව්වා)

      සරත් ෆොන්සේකා හොඳ හමුදාපතිවරයෙක්... ඒ වගේම ඉහලින් දෙන අණ පිළිපැදලා තමන්ට පැවරුණ වැඩේ හොඳට උත්සාහ ගත්ත කෙනෙක්... ඒ ඇරෙන්න හොඳ නායකත්වයක් එතුමා තුළින් දකින්න නෑ...

      මම දන්න තරමට ලංකාවේ ජනාධිපතිධූරයට තියෙන විකල්ප ඔච්චරයි... සිද්ධාලේප මුදලාලි ඇරුන‌ෙකාට... සමහරවිට වෙන්ඩෝල් සමාගමේ අයිතිකාරයා සහ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාත් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා.... තව කෙනෙක් ඉන්නවා නම් එක එක තැන, එක එකාට බැන බැන, යන එක නවත්තලා තමන්ගේ මතය කෙලින් ඉදිරිපත් කරන්න....

      පාරවල් කියන්නේ රටේ ප්‍රධාන යටිතල පහසුකමක් බුවා.. ඒක සුළු දෙයක් නෙවෙයි... කරන දේට වැරදි කියන්න කාටත් පුළුවන්.. අනිත් එක වැරදි නැතුව නෙවෙයි.... නමුත් එහෙම හරි නොකරපු රටක් මේක..

      ///පාරවල් හැදෙනවා බලාගෙන ගන්න චූන් එක දිගටම ගන්න අපේ මොකෝ ,///

      හි හි.. මොනවා කියන්නද... අපි ගැන අපිම බලාගන්න එපැයි...

      AnonymousNovember 18, 2012 6:33 PM

      ඔව් ඔයා කියන දේ ඇත්තක් නැතුව නෙවෙයි... නමුත් ඔයාට ලිස්ට් එකක් ලියන්න තරම් දේවල් කරලා තියෙනවා නේද.... ?

      වරාය සම්බන්ධයෙන් ඔයා කියන දේ මට තේරුනේ නෑ.. පිනට නැව් ඇතුල් කරන කතාව.. හයිවේ එක මේ රටේ පළවෙනි එක... එතකොට ප්‍රශ්න එනවා තමා... මමම ලිව්වා 60ට අඩුවෙන් ගියොත් හොඳයි කියලා... යන්න බැරි කමකට නෙවෙයි.. වැස්ස වෙලාවට පේනවා අඩු නිසා... මේක ලංකාව.. බ්‍රිතාන්‍ය ඇමරිකාව නෙවෙයි.. අපේ රටේ මිනිස්සු මාර්ග නීති පිළිපදින්නේ නැ... ඒක හැමෝම දන්න පොදු ඇත්තක්..
      හැමදාම ලෙඩ දෙන නොරච්චොලෙත් ඒ වගේ තමා.. ලංකාවේ පළවෙනි ගල්අඟුරු බලාගාරය..

      ඇත්ත.. මම කිව්වේ යකා කියලා විතරයි... දෙයියෝ කියලා නෙවෙයි... ( රට කන උන්ගෙන් සාපේක්ෂව අඩුවෙන් රට කන කියන එකයි අදහස.. නැතුව රට හදන එක නෙවෙයි... එකෙක්වත් රට හදන්නෙ නෑ... )

      Delete
    22. blogger_logo_round_35

      බුවා අභිතගේ කමෙන්ට් එකට දීලා තියෙන රිප්ලයි එක දැක්කේ පස්‌ෙස්...

      සජිත් ජනාධිපතිවරණයට ඉරිපත්වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි... ඒත් ඉදිරිපත් උනොත් පරාද වෙන්නේ නායකත්වය කියන තැනදි... මොකද වටේට ඉන්න අයගේ සහයෝගය නැතුව ඉදිරියට යන්න තියෙන හැකියාව අඩුයි.... නමුත් බුවා කියන විදියට අනිත් හැමෝගෙන්ම සහයෝගයත් එක්ක සජිත් ආවොත් සජිත්ට අවස්ථාවක් ලැබෙයි... නමුත් ඒජාපයට නම් නෙවෙයි... අන්න එතනදි චන්ද්‍රිකාට වෙච්ච දේ සජිත්ට වෙයි කියලා හිතෙනවා...

      Delete
    23. blank

      ඔයත් එක්ක වාදකරලා ඵලක් නෑ. ඔයාට ශුවර්ද ඔයා කතාකරන්නෙ ශ්‍රී ලංකාව ගැන කියලා.

      ලැයිස්තුවක් හැදුවට වැඩක් තියෙනවද ඔක්කොම පුස් නම්. ඔයා බැඳලා නම් ඔයාගෙ මහත්තයා ගෙදරට පොළෙන් සල්ලි දීලා එළවළු ගේනවා. ඒ එළව්ළු ඔක්කොම කුණුවෙලා නම් ලැයිස්තුව දික්වීමෙන් පලක් තියෙනවාද? සල්ලි නාස්තියක් විතරනෙ.

      පිනට නැව් ඇතුළු කරන කතාව දන්නෙ නෑ. ඇයි හත්දෙයියනෙ නැව් එන්නෙ නැති නිසා දැන් හම්බන්තොට වරායට එනවානම් අය කරන්නේ නෑනෙ. 60ට යන්න හයිවේ ඕන නෑනෙ. හයිවේ එකේ වාහන මූණට එනවද?

      ලංකාවෙ පළමු ගල් අඟුරු බලාගාරය කිව්වට ඒක හැදුවෙ චීනෙන්නෙ. අනික ළමයො රටේ ලෝකෙ තාක්ෂණේ තියෙනවානම් අපි මුල ඉඳන් ඒක හොයාගන්න ඕනෙ නෑ. ඔයා කියන්නෙ ලංකාවෙ කාර් එකක් හදනවා නම් රෝදය හොයන් ඉන්න වගේ කතාවක්නෙ.

      /රට කන උන්ගෙන් සාපේක්ෂව අඩුවෙන් රට කන කියන එකයි අදහස/ ඔයා රැවටිලා.

      රටකට ආර්ථිකයක් කියලා දෙයක් විදේශ ප්‍රතිපත්තියක් කියා දෙයක් තිබෙනවා. රටේ දියුණුව තියෙන්නේ එතනයි. ඒත් හුඟක් මිනිස්සු හිතන්නෙ ගෙදර කක්කුස්සියට යන පාරත් කොන්ක්‍රීට් කරලා නම් ඒක දියුණුව කියලයි. ලොක්කත් ඕක දන්නවා. ඒකයි ණයවෙලා හරි පාරවල් හදන්නෙ.

      Delete
    24. Untitled-1

      එජාපය විකල්පයක් නෙවෙයි නම් විකල්පයක් කවදාවත් නැ තමයි , රටක පක්ෂ දෙකක් අතර තමයි බලය දෝලනය වෙන්නේ ඔය දෙකේ විකල්ප නැත්නම් හඳෙන් අරන් එන්නද , ඔබතුමී ඔය විකල්ප කථාව ගැන හිතන එකත් අපරාදේ . රටේ ප්‍රධාන පක්ෂයක් ගෙඩිය පිටින් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ , කෙලින්ම අපි නම් මොනව කලත් මහින්දට කියන අය වගේම තමයි . සජිත් කියන පුද්ගල චරිතයට එජාපයෙන් තොරව පැවැත්මක් නැ , සජිත් එනවා කියන්නේ එජාපය එනවා කියන එක තමයි . එජාපය ඇලජික් වුනාට අපිට කරන්න දෙයක් නැ . ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කෙනෙක් විදිහට මට නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් ඇලජික් නැ .

      p.s - වරායෙන් නැව් ගාස්තු ගන්නේ නැ , ප්‍රති අපනයන වැඩේට මේක හොඳයි . නමුත් කොළඹට ආපු වාහන නැව් බලෙන් හම්බන්තොට යවපු එකෙන් ඒ ආදායමත් නෑ , වාහන හම්බන්තොට බාල වැඩි දුරක් ප්‍රවාහනය කරන්න ඕනි . ගල් අඟුරු බලාගාරය පලවෙනි එක කියල හැමදාම කැඩුනාම හරිද ?

      Delete
    25. Untitled-1

      //රටකට ආර්ථිකයක් කියලා දෙයක් විදේශ ප්‍රතිපත්තියක් කියා දෙයක් තිබෙනවා. රටේ දියුණුව තියෙන්නේ එතනයි. ඒත් හුඟක් මිනිස්සු හිතන්නෙ ගෙදර කක්කුස්සියට යන පාරත් කොන්ක්‍රීට් කරලා නම් ඒක දියුණුව කියලයි. ලොක්කත් ඕක දන්නවා. ඒකයි ණයවෙලා හරි පාරවල් හදන්නෙ//

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  35. blogger_logo_round_35

    අදමයි මම මේ පැත්තේ ආවේ
    හොද බ්ලොගක්.
    මන් හැමදාම එන්නම්..

    දෙන්නටම සුබම සුබ උපන් දිනයක්..!
    ජය හා සතුට පිරි අනාගතයක්..!

    එන්න මගේ බ්ලොගේ කියවන්න..
    http://katumatige.blogspot.com
    පාලුව යන්න සිංදු අහන්න..
    www.srisararadio.com

    ReplyDelete
  36. sd

    ඔබගෙ දියණියට සුබම සුබ උපන් දිනයක් කියලා පතනවා

    ReplyDelete
  37. spidy

    තුල්යෝමි සදෝඳා දියණියට සුභම සුභ උපන් දිනයක්. මගෙ හිතේ කුහක කමක් නම් නෑ. මේ රට බේරලා දුන්න එක ගොඩාක් වටිනවා. කියාගන්න බැරි තරමට.ඒත් මට කියන්න තියෙන්නෙ හරී කියපු කතාව තමයි හරි. ඒත් මනුස්සයෙක්ට සුබ පතන එකේ වරදක් නෑනෙ. ජනාදිපති තුමාටත් හැපි බර්ත් ඩේ

    ReplyDelete
  38. blank

    දෙදෙනාටම සුභ උපන් දිනයක් ඔබ ලියු දෙය 100% නිවැරදියි. සම හරක් ට මේක නො‍ත්රෙන එකට මට සහ ඔබට කරන්න දෙයක් නෑ. ඒත් බහුතරයක් වු ශ්‍රී ලංකිකයින්ට මේක තේරෙනවා. සිතා බලන්න මිනිසුනේ 2005 නොවැම්බර් 18 වැනිදා මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුනා නම් අද රටේ තත්වය.

    ReplyDelete
  39. blank

    කෙළෙහිගුණ නොදත් බල්ලන් කොපමණ උඩුබිරුවත් යුද්ධය ජයගත්තේ අපේ ජනාධිපතිතුමා. සුභම සුභ උපන් දිනක් මැතිඳුනි. ඔබට ජය ශ්‍රී!

    බල්ලනි මුලින්ම මේවා බලපියව්.

    http://www.youtube.com/watch?v=JBSOPG1yGnE

    ReplyDelete
  40. my+Self

    අම්මට සිරි.. මේ ගිනි අරන් තියෙන්නේ අපූරුවට.. කාලයකට පස්සේ මෙහෙම එකක් දැක්කේ.. මට හරි ජොලි ඉතින්.

    ඉස්සෙල්ලාම දුවට සුභ පතනවා සුභ උපන් දිනයකට... (නම දාන්න ඇත්තේ අනිවාර්යයෙන්ම අහුබුදු ශූරීන් වෙන්න ඕන..)

    දැන් ඊලඟ සුභ පැතුම... එතුමාටත් සුභ උපන් දිනයක් වේවා...!

    දැන් කට්ටිය මෙතන කියපු කාරණා සම්භන්ධව මගේ අදහස...

    යුද්දෙ දිනුවේ මහින්ද... ඒකට අපි සැවෝම ණයගැතියි.. එහෙම කියලා කර තියාගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන.. හරි වැරැද්ද ආණ්ඩුවට කියලා දෙන්න කවුරු හරි විපක්ශයක් තියෙන්න ඕන... මේ පැත්තේ උන්ට සල්ලි කුට්ටි කුට්ටි දීලා හරි ඒ මිනිස්සුන්ව හරවගන්න ඕන.. මේ මොකුත් වෙන්නේ නැත්නම් අපිට හිතන්න තියෙන්නේ මොකක්ද? රටේ වර්තමාන දේශපාලන දක්ශයා මහින්ද කියන එක.. මහින්ද අත ඇරලා දැම්මට පස්සේ විකල්පය කවුද?

    මේ ප්‍රශ්ණේ අහන්නේ බුවාගෙන්.. ඊලඟ චන්දෙදි බුවා චන්දෙ දෙන්නෙ කාටද..? ඒ ඇයි..? මම මෙහෙම ඇහුවේ ඔබේ පුද්ගලික දේවල් දැන ගන්න තියෙන ආශාවකට නෙවේ.. ඔබ මහින්දටත් බැනලා රනිල්ටත් බැනලා තියෙන නිසා.. එහෙම උනහම ඔබේ පාඨකයෙක් වෙච්ච අපට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ වෙනවා... ඔබ කියන්නේ වෙනත් පාර්ශ්වයක් ගැනනම් මගේ මතය මෙයයි...

    දෙපැත්තකට චන්දේ බෙදලා රට දෙපැත්තට ඇදෙනවානම් තව පැත්තක් මේකට හවුල් කර ගත්තොත් කොහොම තියේවිද?

    ReplyDelete
    Replies
    1. blank

      This comment has been removed by a blog administrator.

      Delete
    2. blank

      අභීත මට හිතෙන්නෙ උඹ බ්ලොග් ලියවිල්ල අඩු කරාට පස්සෙ උඹේ වැඩේ මූ පටන් අරන් වගේ. කට්ටියට ඇර ගන්න මාතෘකාවක් හදා දීලා පේනවා නේද උඹ වගේම හොරාට ඇනෝ කමෙන්ට් දාන හැටි. උඹ එහෙම මූට ව්‍යාපාරික උපදෙස් දුන්නද?

      Delete
    3. blank

      Matta kawawath newe ilagata promote karanna one Sajithwa..Ranilta karanna puluwan magulak neh,,man nam dakinne ekama kena Sajith witarai danata..balapalla tama minissu kiyanne pramadasa mahattaya karapu wada misak oya lokka karapu wada newei.kauru mona kiwath ekai atta...koma hari sajithwai vipakshei shaktimath unoth anduwe horaa kana ekawath adu karaganna puluwan..aka koma karannada me wage kade yana un blog liyannath awama

      Delete
  41. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    ලොකු දුවට හැපි බර්ත් ඩේ වේවා!!!!!!!!!!!!

    ReplyDelete
  42. SDR1
  43. blank

    ආන්න ඒක තමයි අපි කියන්නේ ,චන්ද්‍රිකා වගේ තනියම ඔක්කොම නොකා රටටත් ටිකක් දීලා කන එක සාපේක්ෂව කොතරම් හොදද .

    ReplyDelete
  44. DDT

    හෆ්ෆටසිරි, බටකැලේ ගිනිගත්තු වගේනේ. මම නම් මොකුත් කියන්නෑ. කස්ටිය කලින්ම කියන්න ඕන ටික ඔය කියල තියෙන්නෙ. දිනමිණ පත්තරේට ලිවිල්ලයි බ්ලොග් ලිවිල්ලෙයි දෙකේ වෙනස අයියට අද හොඳින්ම අවබෝධවෙන්න ඇති කියල හිතෙනව. එහෙම නැත්නම් මේ වගේ කේස්වලට ලෑල්ල අල්ලල හොඳට පළපුරුදු අර මාරය අයිය වගේ ‘ආයු රක්ඛන්තු ආවඩා..‘ කියල කමෙන්ට් වහල පෝස්ට් එක දැම්ම නම් ගොඩ.

    තුල්යාමී සඳෝදා දියණියට සුභම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගතය යහපත් වෙන්න කියල නැවතත් පතනව.

    මොනව උනත් එතුම රටේම ජනාධිපතිනේ. මනුස්සයෙකුට උපන්දිනේට සුභ පැතුවට ඇඟෙන් පැත්තක් යනවයැ. ඔන්නොහෙ එතුමටත් සුභ උපන්දිනයක්. එතනින් එහාට සුබ පතන්න විදියක් නෑ, දූගෙ අනාගතෙත් සුභ වෙන්න කියල එතුමගෙ අනාගතෙත් සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න බෑනේ, ඒ දෙක පරස්පරයිනේ. පේන හැටියට නම් එතුමයි මේ ඇම්බැට්ටයො රැළයි තව හිටියොත් නම් රටේ දරුවන්ගෙ අධ්‍යාපනෙයි අනාගතෙයි අඳුරෙ.

    ReplyDelete
  45. blogger_logo_round_35

    සහෘද මිතුරනි නලින් දිල්රුක්ෂ කිසිදිනක ඇනෝ කමෙන්ට් දාන්නේ නැත.එසේම ඕනම මතවාදයක් කියන්නට ඉඩද ඇත.පෞද්ගලික මඩ පමණක් මෙතැනට නොගෙනෙන්න.අභීතට එල්ල කළ මඩ ප්‍රහාරය ඉවත් කළෙමි. එපමණකි.

    ReplyDelete
    Replies
    1. blank

      අනේ බාං ඉතිං මෙතන කරන්නේම පෞද්ගලික මඩ ප්‍රහාර නේන්නං. ඔය උඹටත් ගහලා තියෙන්නේ බාල්දිය පිටින්ම. එහෙමනං ඒවාත් අහක් කරලා හිටං එපැයි ඕක අහක් කරන්න.

      Delete
    2. blogger_logo_round_35

      මට කෙතරම් මඩක් ගැසුවත් කම් නැත. මගේ බ්ලොගය හරහා අනුන්ට මඩ නොගසන ලෙස දයාබරව ඉල්ලා සිටිමි. මේ වාදය යන අතර තුර මම සමකය වටේ හැඩය වෙනස් කෙරුවෙමි. එයට අවැසි තාක්ෂණ සහාය දුනි මිතුරු නදීකට ප්‍රණාමය.

      Delete
    3. blank

      එතකොට මේ ජනාධිපතිට-රනිල්ට-සජිත්ට-මාරයට-මාතලංට-කවිකාරිට කී දෙනෙකුට මඩ ගහලද මේකේ අතරින් පතර? අනේ නලින්?

      Delete
  46. blogger_logo_round_35

    නායකයෙකු නැති කම නෙමෙයි අපි දැන් ලබන පරාජය හරියමන් විපක්ෂයක් නැති කමයි.අපේ වල්වැදුනු විපක්ෂය කරන්නේ රටේ වෙන අකටයුතු කම් පෙන්වන එක නෙමෙයි බලය ලබා ගන්න රටේ සුභසිද්ධියටද හරස් වෙමින් කරනා විප්ලවයකි.මැතිවරණයක් ආ කළ විපක්ෂය රජයේ දුර්වල තැන් පෙන්වා දෙමින් තමන්ගේ මැතිවරණ ප්‍රචාර කරගෙන ගියාට කම් නැත.එහෙත් ඔවුන් අනෙකුත් කාලයේදි කළ යුත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වන එකය.එවිට ජනතාව විපක්ෂය කෙරෙහිද පැහැදිමක් ඇති කර ගනි.එහෙත් පිස්සු බල්ලො වගේ හැසිරෙමින් කරනා බොලඳ විචෙචන තුලින් රටේ ජනතාව ඔවුන් කෙරෙහි තව තවත් කළකිරිමක් පමණයි ඇති වෙන්නේ.රටේ සංවර්ධනයට ඔවුන්ට ක්‍රියාකාරිව සම්බන්ධ වි වැඩ කරන්න බැරිකමක් නැත.

    ReplyDelete
  47. Untitled-1

    අභීත සහෝදරයා මගේ බ්ලොග් එක මුල ඉඳලම කියවල තියනවා නම් දන්නව ඇති ලංකාවේ දැනට ඉන්න හැම දේශපාලන (නායක මට්ටමේ ) චරිතයක්ම මම විවේචනය හෝ උපහාසයට ලක් කරල තියනවායේ කියන එක . ලංකාවේ ප්‍රායෝගිකව නොකෙරෙන විකල්ප බලවේගයක් ගැන මගේ කිසිම විශ්වාසයක් නැ , ඊලඟ ජනාධිපතිවරණයට මහින්ද එක්ක තරඟයට එන්නේ රනිල් , සජිත් හෝ කරු නම් මගේ ඡන්දය හම්බවෙන්නේ ඒ අයගෙන් කෙනෙක්ට . නමුත් මොන ක්‍රමයකින් හරි නැවතත් ෆොන්සේකා පොදු අපේක්ෂක්යා විදිහට ආවොත් , මම ගෙදර . දැනට තියන තත්වය අනුව නම් සජිත්ට හැර වෙන මොකාට ඡන්දය දුන්නත් වෙනසක් දකින්න ලැබෙයි කියලත් මම හිතන්නේ නෑ, නමුත් සජිත්ගේ පාලනයක් මහින්දගේ පාලනයකින් වෙනස් වෙන්නෙත් බොහොම සුලු වශයෙන් වෙන්න පුලුවන් , කොහොම වුනත් එක්කෙනා දිගටම ඉන්නවට වඩා වෙනසක් අවශ්‍යයි .

    ප.ලි - මහින්දගේ පැත්තෙන් මහින්ද වෙනුවට වෙන කෙනෙක් එන්න සම්භාවිතාවක් ඇත්තේම නැති තරම් වුනත් , එහෙම වුනොත් මේ බැලන්ස් කිරිල්ල වෙනස් වෙන්න පුලුවන් !

    ReplyDelete
    Replies
    1. blank

      ඒක නිසා අපි ඔක්කොම එකතුවෙලා ඊලග පාර බුවා ජනාදිපති කරමු .අපි බුවාට ,බුවා අපිට ආ ....සොරි සොරි ,බුවා සජිත්ට ...

      Delete
    2. blank

      දැන් බුවයියේ මෙහෙම හිතන්නෝ, ඔන්න සජිත් යනවා වෙනම එකක් හදාගෙන හරිය. ගෝඨාභයත් යනවා වෙනම එක්ක හදාන. ඊ ළග චන්දෙට ඔහොම ගිහින් හතර දෙනාම ඉල්ලනවා.

      රනිල්
      සජිත්
      මහින්ද
      ගෝඨාභය

      දැන් බුවයියා මොකද කරනෝ?

      Delete
    3. Untitled-1

      ගෝඨා උන්නැහේ මොකටෙයි වෙනම ඒවා හදා ගන්නේ , රනිලුයි සජිතුයි දෙකට කැඩුනොත් ගෙදර ඉන්න එකම තමා හොඳ , ලොක්කට ගේමක් නෑ .

      Delete
    4. blank

      හරි බුවයියේ අපි හිතමුකෝ එහෙම උනා කියලා. ඕනනෑමනං අපි හිතමු බැසිලුත් ගිහිං ඔය චන්දෙටම ආවා කියලා.

      දැන් ඔන්න පහයි හරිද? ආ අපි තව SF වත් දාමු. දැන් හයක්ම ඉන්නවා. ඕනනං සිද්ධාලේප මුදලාලිවයි ASP ලිය‍නගේවයිත් දාමු. කමක් නැහැනේ නේද?

      ඔන්න දැන් තියෙනවා බැලට් පේපරේ

      රනිල්
      සජිත්
      මහින්ද
      ගෝඨාභය
      බැසිල්
      ගාර්දිගේ සරත්
      වික්ටර් හෙට්ටිගොඩ (දේශමාන්‍ය)
      ASP ලියනගේ
      වික්‍රමබාහු කරුණාරත්න
      සිරිතුංග

      හා දැන් බුවයියා ඇත්තටම මොකද කරන්නේ?

      Delete
    5. Untitled-1

      ඔය මදි තව දාහන් - කරු , දයාසිරි, එස්.බී , ජෙප්පන්ගෙන් මොකෙක් හරි එකෙක් .

      උඹට හිතෙන බැලට් පේපර් නෙවෙයි , ඊලඟ ජනාධිපතිවරණ තියන කාලෙක ඉන්න කට්ටිය මොක්කුද කියල බලල ඔය ගැන කථා කරමු

      Delete
    6. blank

      මං දන්නවා බුවයියේ අයියා ඕකට උත්තර දෙන්නේ නැතිව ලිස්සනවා කියලා. කමක් නැහැ බුවයිය යන්න ලිස්සලා මං ආයේ ආයේ ඕක අහලා බුවයියාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ගුඩ් බායි බුවයියේ

      Delete
    7. blank

      බුවා පැනලා නේද කැලේ

      Delete
    8. blogger_logo_round_35

      ඒකනේ බුවා....පිළිතුරක් නැනේ විකල්පයකට යන්න.

      Delete
    9. blank

      බුවා ගල් ආඳා. රනිල්ගේ කපාපු පළුව.

      Delete
    10. Untitled-1

      ඇනෝලා ඩබල සහ නලින් - මනස් ගාත ලයිස්තු වලට උත්තර දීලා කාලේ කන්න අවශ්‍ය නැ , මගේ කමෙන්ට් එකේ පැහැදිලිව කියල තියනා මහින්දට විරුද්ධව ඉල්ලන්න පුලුවන් සම්භාවිතාවක් තියන අයගෙන් මගේ තේරීම මොකක්ද කියල . නලින්ලට විකල්ප මොකටද , කඩේ යන තරමටනේ උඹලගෙ මඩිය තරවෙන්නේ

      Delete
    11. blank

      මං කිව්වේ විකල්පය = බුවා

      Delete
    12. blank

      අනේ පව් සුදු චූටියා. පුංචි පතියා.උක්කු බොලේ.උම්මාහ්.

      නලින් මාමි කඩේ නන තලමට මාමිගේ මඩිය තල වෙනවනං පුංචි පතියගේ මඩිය තල වෙන්නේ තනිල් මාමට කඩේ නනකොට නේද මයෙ අම්මා?

      Delete
    13. Untitled-1

      නලින් මාමා වැඩ කරන්නේ ලේක් හවුස් එකේනේ , ඒ කියන්නේ රස්සාවම කඩේ එකනේ , කඩේ නොගිහින් හිටියොත් නලින් මාමා ගෙදරනේ ඒකනේ කඩේ යන තරමට මඩිය තරවෙනවා කියන්නේ . හැබැයි මම මාධ්යක රස්සාවක් කරන්නේ නෑ , උඹ මම කරන රස්සාවක් ගැන දන්නේ නෑ , මගේ බ්ලොග් එක හරියට කියෙව්වොත් මොලේට හුලං බහින රෝගයක් නැති එකෙක්ට තේරුම් යන්න ඕනි , ඒක ලියනවට මොකාගෙන්වත් ගාණක් ගන්න බැ කියන එක . ඒ නිසා නිකන් මෝඩ චූන් ගන්නේ නැතුව ඉඳහන්

      Delete
    14. blank

      අනී සුතී පතියා,නලින් මාමිත් රත්තාවක් කරන කෙනෙක්නේ පතියෝ. බුවා පතියත් රත්තාව කරන තැන නොකිව්වට අපි දන්නවද පතියෝ උයා තනිල් මාමිගේ කන්තෝරුවේ පියුං මාමිද කීලා? අනික පතියෝ උයා එහෙම රත්තාවක් කලනවනං අල මාලයා මාමි වගේ මෝද තාලෙට තනිල් මාමිට කඩේ යන්නේ නෑ නේද මයෙ අම්මා. තික වෙන්න තනිල් මාමිත බැනලා ගොඩ වෙන්න මහින්ද මාමිට බයිනවා මිතක්. දැන්නං මත බුවා පතියව වදා ගන්න ඉතෙනවා. උලතල් පතියා.උම්මාහ්

      Delete
    15. Untitled-1


      //බුවා පතියත් රත්තාව කරන තැන නොකිව්වට අපි දන්නවද පතියෝ උයා තනිල් මාමිගේ කන්තෝරුවේ පියුං මාමිද කීලා//


      තෝ දන්නේ නැති නිසා තමයි කට පියාන ඉන්න කියන්නේ , නොදන්න මගුල් කථා නොකර .

      Delete
    16. blank

      අම්ම පතියගේ සැල!
      පුංති ළමයි සැල නෑ පතියෝ.

      පතියට විතලද එතකොත අනිත් අයත බයින තෙල්ලම කරන්න පුළුවං. තෝයි පතියා.උම්මාහ්

      Delete
    17. blank

      දෙනවයි කියලා මෙහෙමත් ආතල් දෙනවද ‍යකෝ. හිනා කාලා මැරෙනවා.

      Delete
    18. blank

      බුවා කේන්ති අරං මොකද? රනිල්ගේ ගතියත් ඔහොමයි. අනිත් අයට බණ කිව්වට තමන්ව විවේදනය වෙනවට කැමති නැහැ.අනේ මංදා මුංට රට දුන්නොත් කොහොමට හිටීවිද? රනිල් කියන්නේ පක්ෂය ඇතුලේවත් අනිත් අයගේ මතයට සවන් දෙන කෙනෙක් නෙවෙයි.

      Delete
    19. Untitled-1

      මාව විවෙචනය වෙනවට අකමැති නම් මේ වගේ වාද වලට පැටලෙන්නේ නැහැනේ මහත්තයෝ , මම කරන රැකියාව ගැන නොදැන හිතට එන එන ඒවා කියලා මෝඩ ආතල් ගන්න එපා කිව්වා විතරයි . තරහ අරගන්නේ මොකටද මේ අකුරු ටිකක් කොටන එකකට .

      Delete
  48. 1620660_540673746066368_1008982561639182722_n

    නනගි කියන්න බහ.. මගේ වයසෙමයි.. සුදු මහත්තයා එයාව මතක් කල කියන්නකෝ.. උපන් දිනේට සුබ පැතුවා කියන්න... මහින්ද මාමනං වැඩක් නෑ.. :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපට දැනුම බෙදන සුදු මහත්තයගේ වයස කියද. මගේ දුවට 14යි. අදට.

      Delete
  49. blogger_logo_round_35

    දැන් සේරම පේනවනේ අපේ රටට තාම මහින්දගෙන් තොර විකල්පයක් නැත. විකල්පයක් පේන තෙක් මානයකවත් නැත.

    ReplyDelete
    Replies
    1. DDT

      අනේ නලීන් අයියා ..... ඔයා ආයිත් වටේකින් මේක පටන් ගන්න හදන්නෙ.

      විකල්ප එහෙම හිටිගමන් ඇතිවෙනවද, ඉන්න කෙනාගෙ අවසානය ආසන්න වෙද්දි තව කෙනෙක් ක්‍රමිකව ඒ ආසන්නයට එයි. හැමදාමත් උනේ ඒක. සමහරවිට ඔය දැන් ලිස්ට් එකේ උඩින්ම ඉන්න අය එතකොට ලිස්ට් එකේ නැති වෙන්නත් පුළුවන්.

      Delete
    2. blank

      ඇතිවෙන්න කාලා ඇනෝලා දෙතුන් දෙනෙක් තමුන්ගේ පැත්තට කතා කලාට පස්සෙ (ඒ තමුන්නැහෑ හා ලේක් හවුසියේ මිතුරන් නොවේ නම්) නිකන් ජාමේ බේරගන්න හදන්නෙ නැතුව කියන දෙයක් හේතුවක් ඇතුව පැහැදිලිව කියන්ඩකො මහත්තයෝ. සමකය වටේ යන්ඩ එන්ඩ කියලා ඔහේලා කඩේ යන හැටිනෙ පෙන්වන්නෙ. අපිට මේවා කියවන්ඩ බ්ලොග් බලන්ඩ ඕනෙ නෑ. ITN හරි දිනමිණ පත්තරේ හරි බලන්නම්.

      Delete
    3. blank

      ඉතින් ඔයත් ඇනෝ මාත් ඇනෝ ,අපි ඔක්කොම ඇනෝ

      Delete
  50. my+Self

    මම අද දාපු පෝස්ට් එකේ දෙවෙනි කොටස ලිය ලිය හිටියේ..බුවා හිතනවද මේ තියෙන තත්ත්වේ උඩ සජිත් එක්සත් ජාතික පක්ශයෙන් ඉදිරිපත් වුනොත් දිනාවි කියලා... මම අහන්නේ හිතට එකඟව හිතනවද? එහෙම ආවොත් මම ඡන්දේ දෙන්නෙත් සජිත්ට.. ඒත් දිනන්නේ නෑ කියන එක මට ඉර හඳ වගේ විශ්වාසයි...

    ReplyDelete
    Replies
    1. Untitled-1

      මම හිතන්නේ පුලුවන් කියල. සජිත් ලංකාවේ මිනිස්සුන්ට ඕනි දේ විකුණන්න දන්නවා. ප්‍රේමදාස මහත්තයගේ පුතා වීම , රනිල් වගේ සමාන්‍ය ජනතාව අතර හාස්‍යයට ලක් නොවීම , දේශද්‍රෝහි ලේබලය වැදී නොතිබීම , වේදිකාවේ කට වරද්දා නොගැනීම, මෙතෙක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ අලුත් චර්ටිතයක් වීම වගේම රනිල් ට වඩා සමාන්‍ය යූඇන්පී කාරයින් අතර තියන ප්‍රසාදය වගේ කාරණා ගොඩක් තියනවා ඡන්ද එකතු කරගන්න වැදගත් වෙන . ඊලඟ ජනාධිපතිවරණය එන්නේ අඩුම වශයෙන් 2014නේ , ඒ වෙනකොට පාරවල් දිහා බලාගෙන ආතල් ගන්න දේශප්‍රේමින්ගෙන් කොටසකටත් ලොක්කාව එපා වෙලා තියෙයි , නිදන් කේස් ඇරුණාම සජිත්ට එරෙහිව අදින්න තියන පොයින්ට්ස් අඩුයි . ලොකු ප්‍රේමදාසගේ කෙරුවාවත් අල්ලගෙන නලින්ලගේ ලෙක් හවුසියටත් , අයිටින් එකටත් ගේමක් දෙන්න බැරි වෙන එකක් නැ , හැබැයි ඉතින් ප්‍රේමදාස ගැන දන්නෝ දනිති නිසා ලොකුවට බලපාන එකක් නැහැ .

      Delete
    2. my+Self

      ඔය කාරණා ඔක්කොම හරි බුවා... ප්‍රශ්ණේ තියෙන්නේ ඔතන නෙවෙයි... මෙන්න මෙහෙම හිතහන් මචන්..,

      මහින්ද බලයට ආපු දවසේ ඉඳන් පොරට එරෙහිව ආපු බලවේග සියල්ල යටපත් කලා.. කොටින්ගේ ඉඳන් ෆොන්සේකා දක්වා.. ඔය කියන දුරට සජිත් නැගිටිනකන් ලොක්කා පොල් ගායිද? යූ එන් පී කාරයෝ සජිත්ගෙන් පොඩි පුල් එකක් කික් එකක් ගනීවි.. ඒත් ඒක දිනන්න ලංවෙන්නෙවත් නෑ මචන්... චන්ද කාලෙට මහින්දගේ හැසිරීම දැන් දෙපාරක් අත්දැක්කනේ... තුන්වෙනි වෙලාවෙදි එය මීටත් වඩා ප්‍රභල කරනවා.. එආ මාකටිං වලට ගහන්න සහ හැප්පෙන්න සජිත්ට හැකියාවක් තියෙයි.. දයාසිරියි, රංගෙ බන්ඩාරයි ඇරුනම කතිකයෝ.. මේ මොකෙක්වත් නැතුව කොහොමද බන් මහජන බලවේගයක් හඳන්නේ...

      Delete
    3. Untitled-1

      සජිත් තමන්ගේ ජනපදනම සැහෙන දුරට හදාගෙන ඉවරයි පක්ෂය ඇතුලේ ,ඔය ගැන වාද කරන්න පදනමක් මටත් නැහැ , අපි බලමු මොකො වෙන්නේ කියල

      Delete
    4. my+Self

      උඹ වාදය නවත්තපු නිසා මමත් නවත්වන්නම් එකම එක කරුනකින්.. සජිත් දිනන්න ඔක්කොම කරුනු මේ වෙද්දි හරි පක්ශය පැත්තේන්... ඒත් වැදගත්ම වෙන එක කරුණක් අසම්පූර්ණයි...

      සජිත් ඉල්ලන දවසට මේ පැත්තේ ඉන්න උන්ගෙන් කොටසක් සජිත්ගේ පැත්තට පනින්න ඕන.. ලපයි සිපයි නෙවෙයි... එස්බී, රාජිත, කෙහෙලිය, වගේ මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කටක් තියෙන පිරිසක්.. එහෙම උනොත් සජිත් දිනනවා... වෙන්නේ නැත්තෙත් ඒකමයි..

      අපි බලාගෙන ඉමු...

      Delete
    5. blank

      උඹෙ අදහසට එකඟයි අභියා. අපි හැමෝම මුලින් එක්තරා පාට කණ්ණාඩියක් දාගන්නවා. ඊටපස්සෙ ඒක සාධාරණීකරණය කරනවා. අපේ ලොක්කා හොර ඡන්ද දාලා හරි දිනනවා කියලා සතුටු වෙන එවුන් දෙපැත්තෙම ඉන්නෙ. මෙරට ඡන්ද දාකයා බුද්ධිමත් වෙනතුරු මේ ක්‍රමය නවත්වන්න බෑ බන්. බුද්ධිමත් කිව්වෙ සහතික නෙමෙයි චින්තනය.

      Delete
    6. blank

      කියන්න අමතක වුනා. මම නම් සජිත්ට කැමති නෑ. මහින්දට කොළපාට ගෑවත් සජියෙක් හැදුවැකි. මම නම් එකෙන්ම කැමති රනිල්ට. රනිල් පරිපාලනයේ දක්ෂයෙක්. ඔහු තරම් ව්‍යවස්ථාව ආදිය ගැන දැනුමැත්තෙක් පාර්ලිමේන්තුවේ නෑ. ඒත් ඔහු මෝඩ ගැමියන් රැවටීමට තරම් දක්ෂයෙක් නෙවෙයි.

      අනේ අපිටත් ඇමරිකාවෙ වගේ අපේක්ෂකයන් අතර විවාදයක් තිබුනා නම්.

      Delete
  51. blogger_logo_round_35

    නලීන් අයියාගේ පෝස්ට් එකට ආයෙත් කොමෙන්ට් එකක් දාන්න හිතුන කට්ටියගේ කොමෙන්ට් ටික දැකලා. රටේ පුරවැසියෙක් විදිහට ජනාධිපතිට සුබපතන එකේ වරදක් නැහැ. ඒත් දූට සුබපතන එකයි මේකයි පටලගත්ත එක තමයි වැරදි. බලන්න ඒකෙන උනේ කට්ටිය මහින්ද මාමට බැන්න එක මිසක් දූට සුබපතන එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. blank

      මෙන්න අපේ ලොකු අපුච්චත් ඇවිත්

      Delete
    2. blank

      අද කුණු හරපනං නැහැ. ඒක ලොකු දෙයක්.

      Delete
    3. blank

      //අද කුණු හරපනං නැහැ. ඒක ලොකු දෙයක්.// ඔව්. මේ පෝස්ට් එකේ ගොඩදෙනෙක් ඇත්ත තත්වය කියලා තියෙනවා. නලින් ලොක්කාට තියෙන්නෙ එකම බයිලෙම තමයි. යුද්දෙ දින්නා. දැන් බෝම්බ නෑ. අපි සතුටින්. මාමට ජය.
      බලමු ඔය කරන හොරකම් ඇත්ත කියලා නලින් ලොක්කා කටක් හොල්ලයිද කියලා. යුද්දය දිනුව එක හරි. හැබැයි මේ යන විදිහ වැරදියි කියලා නිකමට කියයිද? මෙන්න කැට.

      Delete
  52. MyPhoto

    ඔබගේ දියණියට සුබ උපන්දිනයක් පතනවා ඒ වගේම මේ රට එක්සේසත් කල ජනාධිපතිතුමාටත්. කෙනෙක් යම්කිසි දෙයක් කලහම ඒකට ක්‍රෙඩිට් එක තියෙනවා හැම දාම. බත් දුන් පියා, පොත් දුන් පියා වගේ. ඒවා අර චන්දෙට එකයි මේ චන්දෙට එකයි කියල හිලව් කරලා ඉවර කරලා දාන්න පුළුවන් කමක් නෑ. යුද්දේ මාකට් කරන්න පුළුවන් කියල /හිතාගෙන ඔයාල ගෙනාව විකල්පයක්. හරි ගියාද ? නෑ. හේතුව ? මේ රටට අවශ්‍ය යුධ සෙන්පතියෙක් නොවන නිසා. මිනිසෙක් විදියට හිතන්න පුළුවන් කෙනෙක් අවශ්‍ය නිසා.

    රාජපක්ෂවරු දැන් ගෙනයන පාලනය හෝ ක්‍රමය හරි නොයන බව ජනතාවට තේරුනොත් එයාල වෙන පැත්තක් බලයි. ඔයාලටත් අයිතියක් හා හැකියාවක් තියෙනවා විකල්ප මත ඉදිරිපත් කරන්න. අපිට 89/90 කාලේ ඒවගේ දේවල් හිටන්නවත් අපිට බෑ.

    අර ඒකාධිපති කතාව ඇහුවාම මට හිනා ගියා. මොකද 1982 තමන්ම විධායක ජානාධිපති කියාගත්ත ජයවර්ධන ජානාධිපති තුමා එයාට අමතන්න කිවුවේ උතුමාණන් කියලා. එහෙම නෙවෙයි නම එහෙම ලේක්හවුස් ආරම්භක පලකල ගිහින් බලන්න. ප්‍රේමදාස ජානාධිපති තුමා එයාව හඳුන්වන්න හොඳ ක්‍රමය ශ්‍රීමතාණන්, ශ්‍රීමත් කියල තමයි තිබුනේ. එහෙම නෙවෙයි කියනවානම් 89/90 කාලේ නිවුස් ටිකක් හොයාගෙන බලන්න ශ්‍රීමත් කියන වචනය කී වතාවක් තියෙනවද කියල එක දවසක නිවුස් එකක. ඒ කාලේ තිබ්බ චැනල් තුනේම පෙන්නුවේ එකම නිවුස්. දැන් කවුද ඒකාධිපති. අද තියෙනවා ඒකාධිපති වාදයට ගෙනාපු එකම දෝෂාභියෝගය ගෙනාව විදිය. ගෙනාවේ එකම පක්ෂේ ලලති ගාමිණි ප්‍රේමචන්ද්‍ර කියන අය. හේතුව ? එයාලටම දැනිල තිබුනා ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස කොයි වගේද කියලා. ඒවා දැක්ක කෙනෙක්ට දැන් මොන වගේද කියල කියන්න බා. බනින්න ඕනේ ඔය තනතුර නිර්මාණය කරපු කෙනාට.

    ඔයාලගේ දේශපාලන බංකොලොත් භාවය වහ ගන්න ගෙනාපු අර රටක් වටිනා මිනිහා ගැන එක වචනයක්වත් මේ කමෙන්ට් එකක වත් නෑ. ඒ ඔයාලගේ අවශ්‍යතාව ඉටු නොවුන හින්දද ? හැබැයි සෑමා තවම එක හිතින් කතා කරනවා. ඒ අතින් සෑමාට දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. එතුමාගේ වටේ හිටිය අයත් එතුමාව අසරණ කරලා දාල යනවා.

    දෙස් තියන අය. හොඳ විකල්පයක් හොයාගෙන අපිට කියන්න අපිත් දෙන්නම් හොඳ සපෝර්ට් එකක්.

    මම දේශපාලනය කතා කරන්න අකමැතිම මාතෘකාවක් වුනත්, මේ ටික නොකියා බැරි නිසා කිව්වා. අපිට සාපේක්ෂව හිතන්න වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Untitled-1

      හිත හිත ඉන්නකො , ඒ අතරට මැරිච්ච ජේ.ආර් , ප්‍රේමදාස එහෙම කරපුවත් තව මතක් කර කර ඉන්න . සන්තෝසයි !

      Delete
    2. my+Self

      මෙන්න මේකට මම විරුද්ධයි සුදීක.. යුද්දේ ඉවර වුනාට පස්සේ මහින්ද පවතින්නේ ඔය කියන ගුණාංග නිසා නෙවෙයි... මිනිස්සුන්ගේ හදවත් තේරුන් ගත්ත නිසා නෙවෙයි.. මිනිසෙක් විදිහට හිතන්න පුලුවන් නිසා නෙවෙයි..

      මහින්ද සාර්තක ඕන බොරුවක් ඇත්ත කරලා පෙන්වන්න පුළුවන් දක්ශ කතිකයෝ ටිකක් ඔහු වටේ ඉන්න නිසා.. ගැමි ජනතාවගේ බොක්ක තේරුම් අරන් ඒ බොක්ක වෙනස් වෙන්න ටෝක් දෙන්න පුළුවන් අය ඔහු වටේ ඉන්න නිසා... මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන රඟපෑම් කරන්න පුළුවන් නිසා.. මහින්ද රාජපක්ශ කියන පුද්ගලයා ගැන මට කියන්න තියෙන්නේ වචන පහයි...
      ඒ තමයි ඔහු

      "රත්තරන් තහඩුවකින් වහපු ලැට් වලක්"

      මේ රත්තරන් තහඩුවේ තියෙන දිස්නෙට අපි රැවටිලා ඉන්නේ... පොදුවේ ගත්තම මමත් රැවටිලා ඉන්නේ.. අපි කැමති නෑ අපි රැවටිලා කියලා පෙන්වන්න.. ඒ නිසා අපි අපේ මතය සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා... එච්චරයි.. ලංකාවේ දැනට සිද්ධවෙන දේවල් සාධාරණීකරණය කරන්න හිතට එකඟව අපට බෑ..ඒත් අර වටේ ඉන්න සෙට් එක අපිට විරුද්ධ වාදියොත් එක්ක වාද කරන්න ඕන තරම් පොයින්ට්ස් දෙනවා.. අපිත් රැවටිලා ඒ ගැන කිය කිය බෙරිහන් දෙනවා.. හවසට කල්පනා කරලා බලපුහාම අපි ආයෙත් රැවටිලා...

      Delete
    3. blogger_logo_round_35

      සහතික ඇත්ත සුදීක ,අපි හිතන්න ඕන අපිට තියෙන විකල්පත් එක්ක සාපේක්ෂවයි ,සජිත් නම් කිසිසේත්ම විකල්පයක් නෙමෙයි ,ඔහු තමන් වෙනුවෙන් ඉදිරිපත් උණු අය පවා අනාථ කල කෙනෙක් ,උදාහරණය කරු ජයසූරිය

      Delete
  53. MyPhoto

    අර දෝෂාභියෝගය ගැන තියෙන්නේ අද ලක්බිමේ.

    ReplyDelete
  54. blogger_logo_round_35

    කොම්මෙන්ට් ටික දැක්කම මට මතක උනේ සූරපප්පලයි රෝමන් කාරයොයි අතර වලියක් http://www.youtube.com/watch?v=k_AtAmi7CLU

    ReplyDelete
  55. blank

    මට නම් නලින් අයියේ මේ එක එක බහුභූත වැඩක් නෑ. එක ප්‍රශ්නෙකට උත්තර දුන්නොත් ඇති.

    අතිගරු මහින්ද රාජපක්ෂ දැන් රට පාලනය ගෙන යන හැටි හරිද? වැරදිද?

    a. ඔව්
    b. නෑ

    එකක් තෝරාගන්න. විස්තර කිරීම් සඳහා කාලය වැය කරන්න එපා.

    ReplyDelete
  56. Untitled

    නලීන් අයියගේ ලොකු දෝණිට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා....!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT