samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




IMG_20121228_095929
ප‍්‍රසාද් සංකල්ප තම නවතම නිපැයුම ඇතැතිව
අකුණු ගහන ගොරවන මහ වැස්සේ දීත් නිවසේ රුපවාහිනිය නැරඹිය හැකි අකුණු සන්නායකයක් හා නවතම රුපවාහිනි බූස්ටරයක් බෝගහගොඩ අගුළුගහ වැලිකොන්ද ගමෙහි වයස අවුරුදු 15ක් වු එච්.එම්.ප‍්‍රසාද් සංකල්ලප සිසුවා නිර්මාණය කොට ඇත. ඔහු බෝගහගොඩ දෙරපේ මහා විද්‍යාලයේ 2013 වසරේ 10 වන පංතියට සමත් වු සිසුවෙකි.
IMG_20121228_095758
 අකුණු සංනායක බූස්ටරය
මම නිවාඩු කලයේ දී මෙම උපකරණය සකස් කළා. අම්මා රුපවාහිනි බලනකොට බනිනවා. වහිනිකොට විදුලි කොටනකොට ගොරවනකොට ටී.වී එක  වහන්න. අකුණු ගහනවා කිය කියා කෑ ගහනවා. ඒ නිසා මම හිතුවා විදුලිය කොටනකොට ඒ කියන්නේ අකුණු ගහනකොට  වහිනකොට ගොරවන විට රුපවාහිනි නරඹන්න හැකි ක‍්‍රමයක් ගැන. මම නිවාඩුවට ගෙදර ඉදගෙන කල්පනා කළා. ඒ අනුව මම මෙම උපකරණය  සකස් කළා යැයි, ප‍්‍රසාද් සංකල්ප පවසයි.
IMG_20121228_100045
 ඔහුට මෙම නිපැයුම සකස් කිරීමට උපදෙස් දී ඇති
විදුලි කාර්මික චමින්ද ජයසිංහ මහතා සමඟ
මෙහි විශේෂත්වය වන්නේ වැස්සේ දී හෝ අකුණු ගැසිමේ දී රුපවාහිනිය බුස්ටරය හා ඇන්ටනාව සම්බන්ධ කෙරෙන වයරය ගලවන්න උවමනා නොවීමයි. අකුණු ගහනකොට ඉබේම රුපවාහිනියට සම්බන්ධ කර ඇති බූස්ටරයේ වයරට විසන්දී වන ආකාරයට සකස් කර ඇති අතර අකුණ ගසා අවසන් වු   විඟස සැණින් යළිත් රුපවාහිනියට මෙම වැයරය සම්බන්ධ වීමයි.ඇන්ටනාවේ වැයරය ගලවා මිදුලට විසිකිරීමේ පැරණි ක‍්‍රමය මෙහි දී දැන් අවශ්‍ය නොවේ.
ඒ සියල්ලම ස්යංක‍්‍රීයව සිදු කෙරෙනවා.  ඕනෑම ආකාරයේ බූස්ටරයකට රුපවාහිනි යන්ත‍්‍රයකට මෙම නවතම අකුණු සංනායක ටී.වී.ස්යංක‍්‍රීය බූස්ටරය යොදා ගත හැකි බව, ප‍්‍රසාද් සංකල්ප කියයි. ඒක අපි අත්හදා බැලූවා. රුපවාහිනියට හානියක් සිදු වන්නේ නෑ. හෙතෙම කියයි. මෙම නවතම නව නිපැයුම සකස් කිරීමට සංකල්පට පහළ වු නව සංකල්පයට පන්නරය දී ඇත්තේ දොරපේ විද්‍යාලයේ විදුහල්පති එස්.කමලබන්දු මහතා හා තම පන්තිභාර ගුරුතුමියවන මල්කාන්ති කුමාර ගුරුතුමිය බව හෙතෙම කියයි. මෙම උපකරණය සකස් කිරීමට උපදෙස් හා සහයෝගය ලබාදුන්නේ ප‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු චමින්ද ජයසිංහ මහතාය.
---------------------------------------------------------------------------------
ලංකින්ද නානායක්කාර


14 comments:

  1. SDR1
    Replies
    1. blank

      ගොඩාක් හොඳ වැඩක් මගේ පුතේ. ඔයා වගේ දූලා පුතාලා මේ රටට තවත් ඕනේ.. පුතේ ඒත් පුංචි කාරණයක් කියන්නම්. තමන් කරන දේ ගැන හොඳ විශ්වාසයක් ඇතුව කරන්න. පුතා හදල තියන නව නිර්මාණය ගොඩක් හොඳයි. පුතේ මතක තියාගන්න මේ දේත්.. විදුලි සන්නායකයක් ඔය තරම් කුඩාවට හදපු එක ගොඩාක් වටිනවා. ඒත් පුතේ විශාල 20000 කිලෝ වොට් පමණ අකුණකට ඕක ඔරොත්තු දෙන වග සොයාබලන්න.. ඉතා හොඳ නිර්මාණයක්. මේ වගේ තවත් නිර්මාණ පුතාගේ අතින් බිහිවේවා. ඔබ ජාතියට සම්පතක්.

      Delete
  2. blogger_logo_round_35

    අන්න කොල්ලො... වැඩක් ගන්න ඕන මේවගේ ළමයින්ගෙන්.. දැං කවුරුහරි ඕක හදල වෙළඳපළට දාන්න උදව් කළානං..

    ReplyDelete
  3. blank

    ගොඩාක් හොඳ වැඩක් මගේ පුතේ. ඔයා වගේ දූලා පුතාලා මේ රටට තවත් ඕනේ.. පුතේ ඒත් පුංචි කාරණයක් කියන්නම්. තමන් කරන දේ ගැන හොඳ විශ්වාසයක් ඇතුව කරන්න. පුතා හදල තියන නව නිර්මාණය ගොඩක් හොඳයි. පුතේ මතක තියාගන්න මේ දේත්.. විදුලි සන්නායකයක් ඔය තරම් කුඩාවට හදපු එක ගොඩාක් වටිනවා. ඒත් පුතේ විශාල 20000 කිලෝ වොට් පමණ අකුණකට ඕක ඔරොත්තු දෙන වග සොයාබලන්න.. ඉතා හොඳ නිර්මාණයක්. මේ වගේ තවත් නිර්මාණ පුතාගේ අතින් බිහිවේවා. ඔබ ජාතියට සම්පතක්.

    ReplyDelete
  4. blogger_logo_round_35

    ඒක නම් නියම වැඩක්.. අන්ත ඒවා තමයි කල්පනා කරන්න ඕනේ.. හි හි..
    මාත් ඉතිං ටීවී එකේ එල්ලිලා හිටපු කාලේ අකුණු ගහන ‌කොට වැස්සට සාප කර කරනේ හිටියේ...

    ReplyDelete
  5. IMG_9898%252520copy

    එල අපිට තාමත් විශිෂ්ඨ නිර්මාණ කරුවන් ඉන්නවා නේද?

    ReplyDelete
  6. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/
  7. Boompeek

    හොඳ සංකල්පයක් නමුත් මට පේන විදියට තවත් වැඩිදියුණු කරන්න.
    - අකුණක් අවොත් ඇතිවන වෝල්ටීයතාවයට ඔබ බාවිතා කල බව පෙනෙන relay එක ඔරොත්තු දෙන එකක් නැහැ. එයට විසදුමක් තියෙනවා නම් අගෙයි.
    - බහුල ලෙස විදුලි උපකරණ විනාසයට බලපාන්නේ ඇන්ටනාව හරහා එන අකුණු වලට වඩා අකුණු ගසන විට විදුලි සැපයුමේ ඇතිවන වැඩිවීම් නිසා විදුලි සැපයුම වැඩිවන විට ගෙදර ඇති trip switch එක(RCCB) off වුනත් එහි තියන ප්‍රමාදය නිසා හානි වෙන්න පුළුවන් එයටත් විසදුමක් දෙනවා නම් හොඳයි.
    මේකට කොහොම හරි ප්‍රමාද නොකර පේටන්ට් ගන්න. නැත්නම් batapola antenna වගේ රට හැමතැනම හොර නිෂ්පාදකයෝ මේක copy කරයි.
    දිගටම ඉගෙනගෙන හොඳ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වෙන්න.

    ReplyDelete
  8. blank

    Godak Hoda nirmaanayak. Eth malli oka akunu gahanakota ana high voltage ekatanam oroththu dena eka nam adui. Akata full try eka daala thawa circuit ekak hadanna.

    Gud Luck........

    ReplyDelete
  9. blank

    Use : Ln : 20KA, Uc : 280Vdc (If you can make it use for external with cable, and external addition with G (earth).

    ReplyDelete
  10. blank

    godak honda nirmanayak. malli .eth relay eke contact points athara space eka langa wediy. ekata wisandumak hoyannath wenawa. kohoma unath oya wage dewal hithanna puluwan kama thamai thiyenna one. oyata suba pathanawa.

    ReplyDelete
  11. blank

    ane puthe uba ahu unada chaminda kiyana gothayata.kottawagama handiyata avith gal chaminda kiyanne katada ahanna onama knk kiyavi.ITN ekenuth copy karapu dekata nadu dala thibuna.gura gana poddak hoyala balala wada karanna natnam godak kollonta una dema oyatath wei

    ReplyDelete
  12. blank

    An interesting invention. I think he can bring a lot of happiness to families. You just need to get used to this selection - it always happens

    ReplyDelete
  13. blank

    Cool and that i have a super proposal: What Was The First Home Renovation Show home reno contractors

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT