සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

| ගමටම කොස් දුන් හාමුදුරුවෝ |
පහුගිය ඉරිදා අපේ ගමට විශේෂ දිනයක් වූණා. ඒකට නිමිත්ත වුණේ අපේ ගමේ නායක හාමුදුරුවන්ගේ උපන් දිනය යෙදී තිබුණු නිසා.
මේ වෙනුවෙන් හාමුදුරුවන්ට වුවමණා වුණා ගමේ හැමදෙනාම එක් කරගන බෝධි පූජාවක් කරන්න.
ඒ එක්කම එන හැමෝටම ගමේම දෙයින් කෑම වේලක් දෙන්න.
අන්න ඒ අනුව තමා අපි කීප දෙනෙක් මුල් වෙලා කොස් තම්බලා කෑම වේලක් ගමටම දෙන්න තීරණය කළේ. කාරල්ලොයි, වියළිමිරිසුයි ඇරෙන්න අනිත් හැම දේම ගමෙන් හොයාගත්තුවා.
.
අන්න ඒ කෑම වේල හදන්න කොස් කඩලා කොස් ගෙනල්ලා කපලා උයන්න ගමේ බොහොමයක් දෙනා එකතු වුණා. බලන්න ගමකට කොස් දෙන්න උයන විදිය මේ වීඩියෝවෙන්. අඹ ඇඹුල හදන හැටි මුල සිටම වෙනම එකකින් දාන්නම්.
මැල්ල කොළ කැළෙන්, පොල් ගමේ ගෙවල්වලින්, කොස් ගමෙන්, අනෙක් බොහොමයක්මත් ගමෙන්මයි හොයා ගත්තේ. ඒ වගේම මේ ඉවීමේ කටයුත්තට බාල මහළු තරුණ කොයි කවුරුත් එකා වගේ උදව් වුණා. ගමක සුන්දරත්වය තාමත් රැකුණු මගේ ගමට මං තාමත් ආදරේ ඒනිසයි.
වීඩියෝව හොදනම් තවත් අයට බලන්න ෂෙයා කරන ගමන්ම මගේ චැනලය ඔබ තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්න කියන ඉල්ලීමත් කරනවා.
වීඩියෝව පහළ ඇත.
#Village_Life #village_food  #village_foods  #village_life #naleen_video #Naleen_videos #Village #village_culture #traditional_foods #cooking #cooking_in_village #cooking_in_my_village


1 comment:

  1. Karallo bedeemen pranagathayata anubala deela nede?Ehema nouna num hondai

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT