samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

maxresdefault
මේ සේයාරුව අන්තර්ජාලයෙනි
මාදුරු ඔය මිටියාවතේ හිටිවනම අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය තරණය කරන්නට පසුගිය දා අපට හැකිවිය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත මේ පර්වතය අදත් හදුන්වන්නෙ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසිනි. එනිසාම මේ පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි.
කන්දේගම පිහිටි මේ පර්වතය ගැමියන් හඳුන්වන්නෙ දනවානාගල ලෙසිනි. එයට හේතුව මුඛ පරම්පරාවෙන් පැවත එන මතයකි. එනම් ධනය වනා තිබූ ගල ලෙස පුරාවෘත්තයන් හි සඳහන් බවට ගැමියන් අදහන මතයක් හේතුවෙනි.
4-as-seen-from-google-earth
මේ සේයාරුවත් අන්තර්ජාලයෙනි



20161022_085908

20161022_085921

20161022_090008

20161022_090045

20161022_091010

20161022_100528

20161022_112301

20161022_112302
දානිගල මුදුනේ

20161022_112425

20161022_140403

20161022_140837

FHD0002
දානිගල පාමුල විහාරස්ථානය


එහෙත් මේ පිළිබඳව විදිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ තාමත් කර නොමැත.
එවන් හැදෑරීමක් කරන්නේ නම් ඒ සඳහා වූ අපුරුම තැන් ගණනාවක් මේ වනපෙතෙන් සොයා ගැත හැකි බව ගම්වාසීහු අප හා පැවසූහ.
කොළඹින් පාන්දර 12ට පිටත් වූ අප නුවර මහියංගනය දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල හරහා පසුදා උදේ 6 වන විට කන්දේගම නම් ගම්මානයට පිවිසුණෙමු. මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ යි. 
ඒ ගම්මානයෙන් අපට මග පෙන්වන්නට සුනිල් ශාන්ත මහතා එක් වීය. ඉතාමත් අසීරු කඳු නැගීමේ අද්දැකීමක් අපි සියල්ලෝම ලබා ගතිමු. අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ අපි කෙමෙන් කෙමෙන් පර්වත මුදුනතට ළගා වන විට දහවල් 11 පමණ විය.
ඒ යන අතරමග දුටු එක් දසුනකින් අප කාගේත් සිත් සසල විය. වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙයි. මේ ගුහා දැනට වනපෙතට යට ව ඇති සෙසකි. සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇත. 1985 වසරේදි පමණ මේ විනාශය සිදු කර ඇති බව අපේ මග පෙන්වන්නා පැවසීය. අද ද කිසිවකුගේ අවධානයක් නොමැතිව ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් අගනා පුරාවස්තු රැසක් මෙසේ වන පෙතට යටවෙමින් පැවතීම ගෙන දුන්නේ හදවතට දුකකි.
එවන් සන්තාපයෙන් යුතුව වව කඳූ මුදුනට ආ අපට මාදුරුඔය මිටියාවතේ ඇත කෙළවර දක්වා දිස්වන දසුන දෙනෙතට රසඳුනක්ම විය. 
පිටසක්වල යානා පැමිණෙන්නේ යැයි කියන කියමන එකවරම බැහැර කරන්නට බැරි අපූරුම තැනිතලා බිමක් එහි මුදුනත වෙයි. එය වචනයෙන් විස්තර කරනවාට වඩා සියැසින් දැකගැන්ම වටී.
කඳු මුදුනතට යන්නට අප තෝරාගත් මග එතරම්ම අසීරු නොවුවත් ආපසු කන්ද බසින්නට අප තෝරාගත්තෙ අතිශය දුශ්කර මාර්ගයකි. හිටිවනම පිහිටි බැවුම ගල් ගුහා අතරින් ඉතා අනතුරු දායක ලෙස බසින්නට අපට සිදු විය. මග පෙන්නන්නට සිටි පලපුරුදු සුනිල් මහතාත්, කඳු තරණය වෘත්තිය මට්ටමින් සිදු කරන ඇවිදින්නෝ සමූහයේ පෙර සූදානමත් උපකරණත් හේතුවෙන් ඉතා පරිස්සමින් අපි කන්ද පහළට ආවෙමු. එහිදි ඇවිදින්නෝ හි පළපුරුදු මගපෙන්වන්නන්ගේ සහෝදරාත්මක උදව්වද අපට මහත්ම රුකුළක් විය.
කඳුනැගීමේ අද්දැකීම් ලබන්නට කැමති කා හටත් කදිම තැනකි දානිගල කන්ද තරණය.
ආපසු එන ගමනේදී ඔබට මාදුරුඔය වනෝද්‍යානයේ අලි ඇතුන්ද දැකගනිමින් එන්න හැකිය. ඒ අතර මහඔය උණුවතුර ළිං ද නරඹන්නට අමතක නොකෙරුවෙමු.
20161022_165316
මේ කඳු මුදුනේ අලි ඇතුන් ගැවසේ. මහඔය මාර්ගයේ එනවිට හමුවන කන්දක්

20161022_170859

20161022_170908
මහඔය උණුවතුර ළිං

20161022_171027


විස්තරය:
අපේ කණ්ඩායම - සාමාජිකයයන් 12කි
මග පෙන්වීම - කන්දේගම ගමේ සුනිල් ශාන්ත මහතා සහ ඇවිද්න්නෝ
කුමක් සඳහාද - කඳු නැගීම, හැදැරීම, ඡායාරූපකරණය,ගවේශනය
කාලගුණ තත්ත්වය - වියළි කාලගුණයක්, සිසිල් සුළං හමයි.
රැගෙන යා යුතු දේ - කඳු නැගීමට අවැසි ආරක්ෂිත උපකරණ, අවම එක් අයෙකු සඳහා බීමට වතුර ලිටර් 3ක්, කෙටි කෑම වර්ග,
විශේෂ උපදෙස් - කිසිවිටක ප්ලාස්ටික් බඳුන් ඉටිකොළ වැනි දෑ රැගෙන නොයන්න. තවම මෙම පරිසරය එවන් දැයින් කිළිටිව නැත.
වන පෙතට යන්නට පෙර අදාළ පොලිස් ස්ථානය හා ගමේ විහාරස්ථානය දැනුවත් කර අවසර අරන් වනයට ඇතුළුවන්න.

විශේෂ ස්තුතිය ඇවිදින්නෝ කණ්ඩායමේ තිමිර ජනිත් යාපා මහතාට

31 comments:

  1. blogger_logo_round_35

    මේ වගේ අපි නොදන්න තැන් තව කොයිතරම් නම් ඇතිද???
    අපූරු සටහන...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි නෙදන්න ොච්චර තැන් තියනවද තව

      Delete
  2. blogger_logo_round_35

    /* වන පෙතට යන්නට පෙර අදාළ පොලිස් ස්ථානය හා ගමේ විහාරස්ථානය දැනුවත් කර අවසර අරන් වනයට ඇතුළුවන්න. */

    ප්‍රාදේශීය සභාවෙන් නොවෙයි ද අවසර ගන්න ඕනෑ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අවසරයක් අවශ්‍ය නෑ දැනුවත් කර යාම ආරක්ෂිතයි

      Delete
  3. blank

    කුතුහලය දනවන අපූරු ලිපියක්

    ReplyDelete
  4. 4612_1153885331604_6370426_n%5B1%5D

    ඒලියන් ස්ලීව්ලස් ටීෂර්ට් එකක

    ReplyDelete
  5. blogger_logo_round_35

    නලින් අයියගෙ සංචාරක සටහන් නම් නියමයි... කඳු නඟින්න නැති ආරක්ශාකාරීව කාන්තා පිරිමි දෙගොල්ලන්ටම කෑම්පිං කරන්න හොඳ තැන් මොනවද අයියා?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නකල්ස් පර්ඩේල් මාර්ගයේ තැන් තියනවා, හෝර්ටන් තැන්න, ආරුගම්බේ, පානම, වැලිගම, ගොඩක් තැන් තියනවා.

      Delete
  6. blogger_logo_round_35

    කොමෙන්ට්ස් වලට උඩින් ප්‍රදේශය කියන තැන මොකද්ද ඒ තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒකනම් මේ ගූගල් හාදයා ඔටෝ දාලා වගේ ඉන්න මම ඒක හදන්න බලන්නං මමත් දැක්කේ දැන් ඒක.

      Delete
  7. blogger_logo_round_35

    නලින්, හැමදාම මේ වගේ සොඳුරු විස්තර ගේන්න පුළුවන් ගානට සෞඛ්‍යය රැකගන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ොොම ස්තුතියි පැරා. මටත් ඒක දැන් දැනිලා තියනවා.

      Delete
  8. blogger_logo_round_35

    නලින් අයියාට තව නගින්න කඳු තියෙනවාද දැන් මෙහේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තව තියනවා අමාරුම ටික තරණය කරා තව නොගිය තැන් තියනවා.

      Delete
  9. MyPhoto

    යන්න ආසාව තියෙනවා. ඒත් අවදානමක් ගන්න ටිකක් බයයි. මේක නියම තැනක්. අපි තවත් තැන් කිහිපයක් ගැනම කථා වුණා නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තව අපේ රටේ අපි නොගිය තැන් කොපමණ තියනවද? මම හැකි හැම වෙලාවෙකම බලන්නේ නොගිය තැනකට යන්න දැන්.

      Delete
  10. 564055_3860779430666_1978721177_n

    සොඳුරු සටහනක්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි දිල්ෂාන්

      Delete
  11. blogger_logo_round_35

    කන්ද උඩ ඇවිදින්න සෑහෙන ඉඩක් තියනව වගේ නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් විශාල තැනිතලා බිමක් කන්ද උඩ තියෙන්නේ අමුතුම පිහිටීමක්

      Delete
  12. blogger_logo_round_35
  13. unnamed

    සුපර් මචං..ඇත්තටම කියනවනම් කියවනකොට ඉරිසියයි.. ඒත් මට නගින්න බැරි යන්න බැරි තැන් වල තව තවත් ගිහින් අඩුම තරමින් අපිට බලන්න මෙහෙම පෝස්ට් එකක් හරි දාන්න උඹලට සවි ශක්තිය තව තවත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. 564055_3860779430666_1978721177_n

      උඹට නගින්න බැරි තැන්වල නැගලා අපි පෝස්ට් දැම්මට කමක් නැද්ද එහෙනම්.. හැක්...

      Delete
    2. unnamed

      // නගින්න බැරි තැන්වල// යේස්.. නෝ ප්‍රොබ්ලම්! ෆොටෝ එක්කම දාපල්ලා පෝස්ට්! හැබැයි රජෝ.. මට නගින්න පුලුවන් තැන්වල නගුන්න තියා හිතලවත් අහුවෙනවා නෙවෙයි හරිය.. සීනි දාල වෙඩි තියෙනවා කූඹි කාල මැරෙන්න දැනගං..

      Delete
    3. blogger_logo_round_35

      උයාලා ඉතින් බිල්ඩින්වල උඩටම නගිනවනේ කමි මලයෝ

      Delete
  14. 12832864909625

    මගදී එලියන් ල එහෙම හමු උනේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නෑනේ සයුරි. එකනේ කිව්වේ මේ තැන ගැන තාම විදිමත් පර්යේෂණයක් කෙරිලා නෑ කියන එක

      Delete
  15. Kusume

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT