සයිබරයේ නිවැරැදි සිංහල බස කියලා පොඩි වැඩක් මං පටන් ගත්තනේ.
මේ වැඩේට මොකද වුණේ කියල අපේ දේශකයයි කෙන්ජියි නිතරම එහේ මෙහේ දොස් පරොස් දකිමින් ඇනුම්පද කිය කියා යනවා. ඉතින් මං ඇත්තම කියන්නංකෝ මොකද වුණේ කියලා.
මේ වැඩේ මට තනියම කරන්න හැකි දෙයක් නොවේ නේ. ඉතින් මං මේකට හරියන සගයෙක් දෙන්නෙක් හොය හොයා ජාලයේම කරක්ගහනකොට තමා අසංක වාසල කියන මෘදුකාංග නිර්මාණ ඉන්ජිනේරුවරයා හමුවුණේ. ආචාර්ය උපාධියේ කටයුතු හමාර කොට දැනට විදේශගත වෙලා ඉන්න අසංක කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂා තාක්ෂණ පර්යේෂණ කණ්ඩායමේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ පර්යේෂණ කණ්ඩායම නිවැරදි සිංහල බස සයිබරයේ ස්ථාපිත කරන්නට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා.
අසංකගේ මග පෙන්වීම මත තමයි චමිලවත්, චමිල හරහා ආචාර්ය රුවන් වීරසිංහයන්වත් මට හමුවන්නේ. ඉතින් සිංහලෙන් බ්ලොග් ලියන ඔබ සැමටත් අසංකලාගේ ඒ උදාර කටයුත්තට දායක වන්න හැකියි.
සයිබර් අවකාශය තුළ සිංහල බසෙන් පෙළහර පාන්නන් මේ වන විට බොහෝ සේ ඉදිරියට පැමිණ ඇත. ප්‍රමිතිගත සිංහල යුනිකේත ආගමනයත් සමග මේ සිංහල විස්කම් ලොව පුරා පැතිරෙන්නට විය. ලොව දියුණුම ජාතීන් සයිබරය හරහා සිය අනන්‍යතාවන් හි නිම් වළලු පුළුල් කරගනිමින් සිටිද්දී අපටම පමණක් අනන්‍ය වූ සිංහල බසට සයිබරයේ ඉඩකඩක් වෙන්කරගන්නට පුරෝගාමී වූයේ මහැදුරු වී.කේ. සමරණායකයන් ය. වසර 1980 දි සමරනායක සූරීන් ආරම්භ කළ එම ව්‍යාපෘතිය මේවන විට ඉතාමත් ප්‍රශංසනීය මට්ටමක පවතී. එම ව්‍යපෘතියේම දිගුවක් ලෙස දිවෙන දිවෙන සුබස වෙබ් අඩවිසේ සේවාවන් සිංහල බසට ඉමහත් සේවාවක් සපයයි.
සිංහල බසින් පරිගණකය භාවිතා කිරීමේ දී ඇතිවන වියරණ දොස් නිරාකරණය, අක්ෂර වින්‍යාසය වැනි අවශ්‍ය බොහෝ පහසුකම් මෙම 'සුබස' (www.subasa.lk) වෙබ් අඩවිය හරහා ලබා දෙයි.
සුබස බෙව් අඩවිය නිර්මාණය කිරීමට ඔබ ඇතුළු කණ්ඩායමට හේතු වූ පසුබිම මොනවාද?
ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය වී කේ සමරනායක ,මහාචාර්ය ජේ බී දිසානායක සහ එස්. ටී. නන්දසාර මහත්වරු සිංහල යුනිකේත ක්‍රමය මේ රටට හඳුන්වාදීමට උත්සාහ කළා. එය ක්‍රමිකව වර්ධනය වීම නිසා අද අප සිටින තත්ත්වයට පැමිණීමට සමත්ව තිබෙනවා. 1980 වකවානුවේ දී මේ ක්‍රමය හඳුන්වාදීමට උත්සාහ දරන විට සම්මත සිංහල භාෂාව පිළිබඳ විවිධ ගැටලු රැසක් මතුව තිබුණා.
අසූව අගභාගයේ මහාචාර්යවරුන් එක්ව සිදු කළ පර්යේෂණවලින් අප දැනට භාවිතා කරන යුනිකේත ක්‍රමය (unicode) හඳුන්වා දීමට හැකි වුණා. 1998දී අප යුනිකේත ක්‍රමය අත්නර්ජාලයට
හඳුන්වාදීමට යද්දී පිටරට සිටි අයෙක් එම ක්‍රමය එය සම්මත කරන්න උත්සාහ කළා. එහිදී අපේ ජේ. බි. දිසානයක මහතා ඇතුළු මහාචාර්යරුන් එයට මැදිහත්වි එය නතර කිරීමට කටයුතු කළා.
එතන ඉදලා වසර කිහිපයක් අපට ගත වුණා සිංහල සම්මත ක්‍රමයක් හඳුන්වා දීමට. මොකද යුනිකේත ක්‍රමය වෙන භාෂාවලට හැරවිමට ලෝකයේම ක්‍රමයක් තිබුණේ නැති නිසා. 2000 වසරේදී මේ පිළිබඳ විශාල වෑයමක් කර 2004 වසරේදී තමයි සිංහල යුනිකේත ක්‍රමයක් රටට හඳුන්වා දෙන්නේ.
2004 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කරන ස්ටෑන්ඩඩ් සහතිකය යටතේ අපි යුනිකේත ක්‍රමයක් හැඳුවා. ඒ ක්‍රියාමාර්ගයේ එක කොටසක් ලෙස අප මේ ගැන මහජන අදහස් විමසිම සිදු කළා. පොත්වලින් ගෙනැල්ලා තිබෙන ක්‍රමයක් කියලා සමහරු මේ දෙයට විශාල වශයෙන් විරුද්ධ වුණා.
අපි තාක්ෂණය උපයෝගීකොටගෙන යුනිතේක ක්‍රමයට සිංහල අකුරු හැඳුවට මෙවලම් වල (ඇඩෝබි, ගූගල්) වල මේවා නිවැරැදිව වැඩ කළේ නැහැ. ඒනිසා මේ කාර්ය තවත් අමාරු වුණා. අපි කියනවා මෙහෙම කරන්න කියලා. නමුත් ඒවා වැඩ කරන්නේ නැහැ කියලා අදහස් ආවා. එය නිවැරැදි කිරීමට වසර කිහිපයක් අපිට වෙහෙසෙන්න සිදු වුණා.
මේ තාක්ෂණය හොඳය කියා අප කිව්වාට භාවිතා කරන කෙනා තමයි තීන්දු තීරණ ගන්නේ.
2007-2008 වන විට අන්තර්ජාලයේ ගූගල්, විකිපීඩියා, බ්ලොග් භාරගත්තේ යුනිකේත ක්‍රමය විතරයි. පරණ ක්‍රම එයට සපෝට් කරේ නැහැ. අපේ ඉන්නවා හොඳ නිර්මාණකරුවන්. සිංහලෙන් බ්ලොග් කරන්න අය ඉන්නවා. ඒ අය මේ ක්‍රමය ඉගන ගත්තා. ඊට පස්සේ මේ යුනිකේත ක්‍රමය ඉදිරියට ගෙන යන්න යුනිකෝඩ් සංසඳය නිර්මාණය වුණා.
එය තවත් ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන්ගේ සංසඳයක් නිර්මාණය වුණා. මේ යුනිකේත ක්‍රමය ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන් ඉතා වැදගත් වුණා. වර්තමානය වන විට මේ ක්‍රමය නිවැරැදිව තිබෙනවා.
අන්තර්ජාලය තුළ සිංහල භාෂාව ඉහළින් තැබීම සඳහා ඔබ ඇතුළු කණ්ඩායම ට කවරෙකුගෙන් හෝ සහයෝගය ලැබුණා ද, ඒ පිළිබඳව කතා කළොත්?
මේ සඳහා අරමුදල් රජයෙන් ලබාදී නැහැ. අපි සරදියල් රොල් එකෙන් තමයි මේ සුබස වෙබ් අඩවිය ක්‍රියාත්මක කර ගෙන යන්නේ.
සිංහල යුනිකේත ක්‍රමයෙන් සිංහල වචනයක් ගූගල් වල සෙවීමක් කළහොත් ඒ පිළිබඳව ලැබෙන හිට්ස් ගණන දැන් ලක්ෂය පවා ඉක්මා තිබෙනවා. එයින් යුනිකේත ක්‍රමය ප්‍රචලිත කිරීම පෙනෙන්නට තිබෙනවා.
මේ ක්‍රමයට අපි යොමු වුණේ 2004දී වෙනම මූල්‍ය ආධාර ලැබුණ නිසයි. 2004දී භාෂා තාක්ෂණ පර්යේෂණගාරයක් අපි පිහිටවනු ලැබුවා. ඊට පෙර අපි මේ සඳහා තනි තනිවයි ක්‍රියා කළේ. මේ පර්යේෂණගාරය තුළින් ව්‍යාපෘති කීපයක්ම ඉදිරියට ඇවිත් තිබෙනවා.
එහිදී අප විශේෂයෙන් සිදු කළේ යුනිකේත ක්‍රමයට සිංහල භාෂාව සඳහා මෙවලම් නිර්මාණ කිරීමයි. එහි ප්‍රතිඵලයක් විදහට තමයි ‘සුබස’ වෙබ් අඩවිය නිර්මාණය වුණේ. දෙමළ භාෂාව සඳහාත් අපි යම් යම් මෙවලම් නිර්මාණය කරලා තිබෙනවා. ඒත් සුබස වෙබ් අඩවියට ඒවා ඇතුළත් කරලා නැහැ. මොකද සුබස වෙබ් අඩවිය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියක් නිසා.
මෙරට සිංහල ගුරු කුල කිහිපයක් තිබෙනවා. මේ සුබස වෙබ් අඩවිය නිර්මාණ කිරීමේ දී ඔබ භාවිත කර තිබෙන්නේ මොන ගුරු කුලය ද?
සුබස වෙබ් අඩවිය දිනකට පිරික්සන ගණන කොපමණද? ඒ ජනතාවට සුබස වෙබ් අඩවියෙන් ලබා ගත හැකි දෑ මොනවාද?
දවසකට සුබස වෙබ් අඩවිය විශාල පිරිසක් භාවිතා කරනවා. සිංහල යතුරු පුවරුව නුහුරු අයට අපි ශබ්දිම ක්‍රමයට ටයිප් කරන්න යතුරු පුවරුවක් සකස් කරලා තිබෙනවා. ඒක බොහෝ පිරිසක් භාවිතා කරනවා.
ඒ වගේම සුබස ඉඟිය ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය සඳහා ඈඳිය හැකි ශබ්දකෝෂයක්. ඔබ නොදන්නා ඉංග්‍රීසි වචනයක් මත මවුස් පොයින්ටර් එක තිබ්බාම එහි සිංහල තේරුම බලා ගන්නත් කිසියම් සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම බලාගන්න අවශ්‍ය නම් ඒ මත මවුස් පොයින්ටර් එක තිබ්බාම එහි ඉංග්‍රීසි අදහස බලාගන්නත් ඒක උදව් වෙනවා.
මේ වෙබ් අඩවියට අලුතින්ම එකතු වුණු මෙවලම් දෙකක් තියෙනවා. ඒ ‘පෙළ කැටපත‘ සහ ‘ඉඟිවදන‘. ඒකෙන් ‘පෙළ කැටපත‘ කියන්නෙ සිංහල මුද්‍රිත අකුරු හඳුනා ගැනීමේ මෘදුකාංගයක්. පින්තූරයක් විදියට තියෙන යම් සිංහල ලේඛනයක් මේ මෙවලම මගින් ඉලෙක්ට්‍රොනික පෙළක් බවට පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ‘ඉඟිවදන‘ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කෙරුණු ස්වයං පෙළ පිරික්සුම් මෘදුකාංගයක්. ඔබ ස්මාට් ෆෝන් එකක් හරි ටැබ්ලට් පරිගණකයක් හරි භාවිතා කරනවා නම් මේ මෙවලම ඉතා වටිනවා. යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතා කරලා යතුරු ලියනය කරලා තියෙන ලියවිලි යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය කර ගන්නත් මේ අඩවිය හරහා අපි පහසුකම් සපයා තියෙනවා.
සිංහල භාෂව සයිබර් අවකාශයට ගෙන ගිය ඔබ ඇතුළු කණ්ඩායම දැනට කරගෙන යන අලුත් සොයා ගැනීම් පිළිබඳ කතා කළොත්?
දැනට සිදු කෙරෙන පර්යේෂණවලින් සිංහල කථනය හඳුනා ගැනීමේ පර්යේෂණය සහ සිංහල-දෙමළ භාෂා සඳහා භාෂා පරිවර්තන මෙවලමක් නිර්මාණය කිරීම සඳහා සිදු කෙරෙන පර්යේෂණය ඉතා වැදගත්. ඒ අතරිනුත් සිංහල-දෙමළ භාෂා සඳහා භාෂා පරිවර්තන මෙවලමක් නිර්මාණය කිරීමට අපි ලොකු වෑයමක් දරමින් සිටින්නේ භාෂා පර්වර්තන අංශයට මෙවලමක් හඳුන්වා දීමට. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේවත් මෙවන් පහසුකමක් නැහැ.
සිංහලෙන් දෙමළට, දෙමළෙන් සිංහලට පරිවර්තකයෝ නැහැ. එහේ සිදු කරන්නේත් සිංහලෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් දෙමළවලට තමයි සිදු කරන්නේ. එම පරිවර්ථක මෙවලම ටිකක් සංකිර්ණයි. එහි පළමු අදියර මේ වසරේ දෙසැම්බර් මාසයේදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එය සියයට සියයක් සාර්ථක වෙන්න නැති වෙන්න පු ළුවන්. නමුත් ඉදිරි වසර තුන ඇතුළතදි එය නිවැරැදිව හා වඩාත් හොඳින් නිර්මාණය කිරීමට අප වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. ඒ සඳහා අධ්‍යයනය කරමින් ඉන්නේ.
මෙයින් අපි පළමුව බලාපොරොත්තු වන්නේ ඉගියක් ලබා ගැනීමටයි. වර්තමානයේ රාජ්‍ය කාර්යාලවල සිටින පරිවර්තකයන් පරිගණකය භාවිතා කරන්නේ නැහැ. අලුත් පරිවර්තක පරපුර පරිගණකය භාවිතා කරයි කියා අප විශ්වාස කරනවා. ඒ නිසා අපි පරිවර්තක මතකයන් ඇති මෙවලමක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා පර්වර්තන අපි සොයමින් සිටිනවා. වාක්‍යයෙන් වාක්‍යයට පරිවර්තන සිදු කර තිබෙන පරිවර්තන අපි සොයනවා. ඒවා එකතු කරලා අපේ මෙවලමට ලබාදුන් පසුව මෙය ක්‍රියාත්මක කළ හැකියි. දෙමළ සිංහල පරිවර්තනය ඉතා හොඳ මට්ටමට ගෙන එන්න්ට වාක්‍ය ලක්ෂ තුනක්වත් අවශය වෙනවා. මේ වසරේ දෙසැම්බරු මාසයේදී අපි ඉදිරිපත් කරන පරිවර්තකය සතුව තිබෙන්නේ වාක්‍ය පනස් දහසක් පමණයි. ඒ නිසා එහි අඩුපාඩු තිබෙන්නට පුළුවන්.
මේ වැඩේට මොකද වුණේ කියල අපේ දේශකයයි කෙන්ජියි නිතරම එහේ මෙහේ දොස් පරොස් දකිමින් ඇනුම්පද කිය කියා යනවා. ඉතින් මං ඇත්තම කියන්නංකෝ මොකද වුණේ කියලා.
මේ වැඩේ මට තනියම කරන්න හැකි දෙයක් නොවේ නේ. ඉතින් මං මේකට හරියන සගයෙක් දෙන්නෙක් හොය හොයා ජාලයේම කරක්ගහනකොට තමා අසංක වාසල කියන මෘදුකාංග නිර්මාණ ඉන්ජිනේරුවරයා හමුවුණේ. ආචාර්ය උපාධියේ කටයුතු හමාර කොට දැනට විදේශගත වෙලා ඉන්න අසංක කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂා තාක්ෂණ පර්යේෂණ කණ්ඩායමේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ පර්යේෂණ කණ්ඩායම නිවැරදි සිංහල බස සයිබරයේ ස්ථාපිත කරන්නට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා.
අසංකගේ මග පෙන්වීම මත තමයි චමිලවත්, චමිල හරහා ආචාර්ය රුවන් වීරසිංහයන්වත් මට හමුවන්නේ. ඉතින් සිංහලෙන් බ්ලොග් ලියන ඔබ සැමටත් අසංකලාගේ ඒ උදාර කටයුත්තට දායක වන්න හැකියි.
- නලින්
සයිබර් අවකාශය තුළ සිංහල බසෙන් පෙළහර පාන්නන් මේ වන විට බොහෝ සේ ඉදිරියට පැමිණ ඇත. ප්‍රමිතිගත සිංහල යුනිකේත ආගමනයත් සමග මේ සිංහල විස්කම් ලොව පුරා පැතිරෙන්නට විය. ලොව දියුණුම ජාතීන් සයිබරය හරහා සිය අනන්‍යතාවන් හි නිම් වළලු පුළුල් කරගනිමින් සිටිද්දී අපටම පමණක් අනන්‍ය වූ සිංහල බසට සයිබරයේ ඉඩකඩක් වෙන්කරගන්නට පුරෝගාමී වූයේ මහැදුරු වී.කේ. සමරණායකයන් ය. වසර 1980 දි සමරනායක සූරීන් ආරම්භ කළ එම ව්‍යාපෘතිය මේවන විට ඉතාමත් ප්‍රශංසනීය මට්ටමක පවතී. එම ව්‍යපෘතියේම දිගුවක් ලෙස දිවෙන දිවෙන සුබස වෙබ් අඩවිසේ සේවාවන් සිංහල බසට ඉමහත් සේවාවක් සපයයි.
සිංහල බසින් පරිගණකය භාවිතා කිරීමේ දී ඇතිවන වියරණ දොස් නිරාකරණය, අක්ෂර වින්‍යාසය වැනි අවශ්‍ය බොහෝ පහසුකම් මෙම 'සුබස' (www.subasa.lk) වෙබ් අඩවිය හරහා ලබා දෙයි.
කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනායතනයෙහි භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. එම පර්යේෂණ කණ්ඩායමෙහි නියමුවා ලෙස කටයුතු කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුවන් වීරසිංහ මහතා සමග සුබස වෙබ් අඩවිය සම්බන්ධව කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසෙයි.
සුබස බෙව් අඩවිය නිර්මාණය කිරීමට ඔබ ඇතුළු කණ්ඩායමට හේතු වූ පසුබිම මොනවාද?
ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය වී කේ සමරනායක ,මහාචාර්ය ජේ බී දිසානායක සහ එස්. ටී. නන්දසාර මහත්වරු සිංහල යුනිකේත ක්‍රමය මේ රටට හඳුන්වාදීමට උත්සාහ කළා. එය ක්‍රමිකව වර්ධනය වීම නිසා අද අප සිටින තත්ත්වයට පැමිණීමට සමත්ව තිබෙනවා. 1980 වකවානුවේ දී මේ ක්‍රමය හඳුන්වාදීමට උත්සාහ දරන විට සම්මත සිංහල භාෂාව පිළිබඳ විවිධ ගැටලු රැසක් මතුව තිබුණා.
මහාචාර්ය වී.කේ . සමරනායක |
අසූව අගභාගයේ මහාචාර්යවරුන් එක්ව සිදු කළ පර්යේෂණවලින් අප දැනට භාවිතා කරන යුනිකේත ක්‍රමය (unicode) හඳුන්වා දීමට හැකි වුණා. 1998දී අප යුනිකේත ක්‍රමය අත්නර්ජාලයට
හඳුන්වාදීමට යද්දී පිටරට සිටි අයෙක් එම ක්‍රමය එය සම්මත කරන්න උත්සාහ කළා. එහිදී අපේ ජේ. බි. දිසානයක මහතා ඇතුළු මහාචාර්යරුන් එයට මැදිහත්වි එය නතර කිරීමට කටයුතු කළා.
එතන ඉදලා වසර කිහිපයක් අපට ගත වුණා සිංහල සම්මත ක්‍රමයක් හඳුන්වා දීමට. මොකද යුනිකේත ක්‍රමය වෙන භාෂාවලට හැරවිමට ලෝකයේම ක්‍රමයක් තිබුණේ නැති නිසා. 2000 වසරේදී මේ පිළිබඳ විශාල වෑයමක් කර 2004 වසරේදී තමයි සිංහල යුනිකේත ක්‍රමයක් රටට හඳුන්වා දෙන්නේ.
ආචාර්ය අසංක වාසල |
2004 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කරන ස්ටෑන්ඩඩ් සහතිකය යටතේ අපි යුනිකේත ක්‍රමයක් හැඳුවා. ඒ ක්‍රියාමාර්ගයේ එක කොටසක් ලෙස අප මේ ගැන මහජන අදහස් විමසිම සිදු කළා. පොත්වලින් ගෙනැල්ලා තිබෙන ක්‍රමයක් කියලා සමහරු මේ දෙයට විශාල වශයෙන් විරුද්ධ වුණා.
අපි තාක්ෂණය උපයෝගීකොටගෙන යුනිතේක ක්‍රමයට සිංහල අකුරු හැඳුවට මෙවලම් වල (ඇඩෝබි, ගූගල්) වල මේවා නිවැරැදිව වැඩ කළේ නැහැ. ඒනිසා මේ කාර්ය තවත් අමාරු වුණා. අපි කියනවා මෙහෙම කරන්න කියලා. නමුත් ඒවා වැඩ කරන්නේ නැහැ කියලා අදහස් ආවා. එය නිවැරැදි කිරීමට වසර කිහිපයක් අපිට වෙහෙසෙන්න සිදු වුණා.
මේ තාක්ෂණය හොඳය කියා අප කිව්වාට භාවිතා කරන කෙනා තමයි තීන්දු තීරණ ගන්නේ.
2007-2008 වන විට අන්තර්ජාලයේ ගූගල්, විකිපීඩියා, බ්ලොග් භාරගත්තේ යුනිකේත ක්‍රමය විතරයි. පරණ ක්‍රම එයට සපෝට් කරේ නැහැ. අපේ ඉන්නවා හොඳ නිර්මාණකරුවන්. සිංහලෙන් බ්ලොග් කරන්න අය ඉන්නවා. ඒ අය මේ ක්‍රමය ඉගන ගත්තා. ඊට පස්සේ මේ යුනිකේත ක්‍රමය ඉදිරියට ගෙන යන්න යුනිකෝඩ් සංසඳය නිර්මාණය වුණා.
එය තවත් ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන්ගේ සංසඳයක් නිර්මාණය වුණා. මේ යුනිකේත ක්‍රමය ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන් ඉතා වැදගත් වුණා. වර්තමානය වන විට මේ ක්‍රමය නිවැරැදිව තිබෙනවා.
අන්තර්ජාලය තුළ සිංහල භාෂාව ඉහළින් තැබීම සඳහා ඔබ ඇතුළු කණ්ඩායම ට කවරෙකුගෙන් හෝ සහයෝගය ලැබුණා ද, ඒ පිළිබඳව කතා කළොත්?
මේ සඳහා අරමුදල් රජයෙන් ලබාදී නැහැ. අපි සරදියල් රොල් එකෙන් තමයි මේ සුබස වෙබ් අඩවිය ක්‍රියාත්මක කර ගෙන යන්නේ.
සිංහල යුනිකේත ක්‍රමයෙන් සිංහල වචනයක් ගූගල් වල සෙවීමක් කළහොත් ඒ පිළිබඳව ලැබෙන හිට්ස් ගණන දැන් ලක්ෂය පවා ඉක්මා තිබෙනවා. එයින් යුනිකේත ක්‍රමය ප්‍රචලිත කිරීම පෙනෙන්නට තිබෙනවා.
මේ ක්‍රමයට අපි යොමු වුණේ 2004දී වෙනම මූල්‍ය ආධාර ලැබුණ නිසයි. 2004දී භාෂා තාක්ෂණ පර්යේෂණගාරයක් අපි පිහිටවනු ලැබුවා. ඊට පෙර අපි මේ සඳහා තනි තනිවයි ක්‍රියා කළේ. මේ පර්යේෂණගාරය තුළින් ව්‍යාපෘති කීපයක්ම ඉදිරියට ඇවිත් තිබෙනවා.
එහිදී අප විශේෂයෙන් සිදු කළේ යුනිකේත ක්‍රමයට සිංහල භාෂාව සඳහා මෙවලම් නිර්මාණ කිරීමයි. එහි ප්‍රතිඵලයක් විදහට තමයි ‘සුබස’ වෙබ් අඩවිය නිර්මාණය වුණේ. දෙමළ භාෂාව සඳහාත් අපි යම් යම් මෙවලම් නිර්මාණය කරලා තිබෙනවා. ඒත් සුබස වෙබ් අඩවියට ඒවා ඇතුළත් කරලා නැහැ. මොකද සුබස වෙබ් අඩවිය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියක් නිසා.
මෙරට සිංහල ගුරු කුල කිහිපයක් තිබෙනවා. මේ සුබස වෙබ් අඩවිය නිර්මාණ කිරීමේ දී ඔබ භාවිත කර තිබෙන්නේ මොන ගුරු කුලය ද?
අපේ පර්යේෂණවලදි අපි එක් ගුරු කුලයකට සීමා වී නැහැ. අපි මෙම පර්යේෂණ සිදු කරන්න පෙර පළමු කටයුත්ත විදියට කළේ මේ සඳහා අවශ්‍ය වන වාග් සංහිතාවක් නිර්මාණය කරන එක. වාග් සංහිතාවක් කියන්නෙ ලේඛන එකතුවක්. අපි මේ සිංහල වාග් සංහිතාව නිර්මාණය කරන්න මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වැනි ලේඛකයින්ගේ ලේඛන වගේම පුවත්පත් ලිපි, ශාස්ත්‍රීය ලිපි ආදී ලේඛන එකතු කළා. අන්තිමට අපිට පුළුවන් වුණා වචන මිලියන 10ක වාග් සංහිතාවක් නිර්මාණය කරන්න. මේක නිර්මාණය කිරීමේදි දැඩි කැපවීමක් කළ වින්සට්න් හලහකෝන්, දුලිප් හේරත් මහත්වරුත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන.
පරිගණකය මගින් භාෂාව සම්බන්ධව සිදු කරන පර්යේෂණවලදි මේ වාග් සංහිතාව තමයි අපි සිංහල භාෂාව විදියට සලකන්නෙ.මේක භාවිත කරලා බොහෝ පර්යේෂණ කරන්න පුළුවන්.
විශේෂයෙන්ම සුබස වෙබ් අඩවිය හරහා අපි ලබා දෙන අකුරු විනිස පිරික්සුව ගැන මෙතනදි සඳහන් කරන්න ඕන. මොකද එම අකුරු විනිස පිරික්සුව නිර්මණය වෙන්නෙත් මේ කියන වාග් සංහිතාව උපයෝගී කර ගෙන. එතනදි අපි මුලින්ම සිංහල අකුරු යෙදීමේ සම්භාවිතාව පිළිබඳ පරීක්ෂණය කළා. උදාහරණ විදියට ක අකුරට පස්සෙ ළඟින්ම එන්න පුළුවන් අකුරු මොනවද කියලා හිතුවොත් ර,ළ වගේ අකුරු යෙදීමේ සම්භාවිතාව ඤ,ෆ අකුරුවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්න පුළුවන්. මොකද කර සහ කළ කියන ඒකක භාෂාවේ සුලබව යෙදෙන නිසා. ඒත් කඤ හෝ කෆ වැනි ඒකක දකින්න ඉතා අසීරුයි.
ඒ විදියට අපි සිංහල භාෂාවේ අකුරු දෙකක් සහ අකුරු තුනක් යෙදීමේ සම්භාවිතාව පරීක්ෂණය කරලා එයින් ලබා ගත් අගයන් ඔස්සේ තමයි අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන්නෙ. සිංහල ලියන අයට බහුලව වරදින්නෙ ණ-න, ළ-ල, ශ-ෂ-ස සහ අල්පප්‍රාණ මහප්‍රාණ අකුරු යෙදීමයි. ඒ නිසා අපි මේ අකුරු විනිස පිරික්සුව හරහා ඒ කියපු වෙනස්කම් සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කළේ.
භාෂාවේ ව්‍යාකරණ රීති මත පදනම් නොවී දත්ත පදනම් කරගන මෙම මෙවලම ක්‍රියාත්මක වන නිසා මෙයින් ලබා දෙන ප්‍රතිඵල බොහෝවිට නිවැරදි වුණත් ඇතැම්විට නිවැරදි වචන වැරදි ලෙසත්, වැරදි වචන නිවැරදි ලෙසත් පෙන්වන්න ඉඩ තියනවා. ඒ නිසා මේ අකුරු විනිස පිරික්සුවෙන් ලබා දෙන ප්‍රතිඵලවල නිරවද්‍යතාව වැඩි කරලා මේක වැඩි දියුණු කරන්න ඔබටත් දායක වෙන්න පුළුවන්. ඔබ මේ මෙවලම හරහා අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගත් යම් ලේඛනයක යම් වචනයක් සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රතිඵලය ඔබට සැක සහිත නම් එම වචනය මත රයිට් ක්ලික් කළාම ‘වචනය යොමු කරන්න‘ කියලා පෙන්වනවා. ඒක හරහා ඔබට පුළුවන් ඔබ දන්නා වචනයක් නම් නිවැරදි වචනය ටයිප් කරලා හරි ඔබ නොදන්නා වචනයක් නම් එය සඳහන් නොකර හරි අප වෙත යොමු කරන්න.
සුබස වෙබ් අඩවිය දිනකට පිරික්සන ගණන කොපමණද? ඒ ජනතාවට සුබස වෙබ් අඩවියෙන් ලබා ගත හැකි දෑ මොනවාද?
දවසකට සුබස වෙබ් අඩවිය විශාල පිරිසක් භාවිතා කරනවා. සිංහල යතුරු පුවරුව නුහුරු අයට අපි ශබ්දිම ක්‍රමයට ටයිප් කරන්න යතුරු පුවරුවක් සකස් කරලා තිබෙනවා. ඒක බොහෝ පිරිසක් භාවිතා කරනවා.
ඒ වගේම සුබස ඉඟිය ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය සඳහා ඈඳිය හැකි ශබ්දකෝෂයක්. ඔබ නොදන්නා ඉංග්‍රීසි වචනයක් මත මවුස් පොයින්ටර් එක තිබ්බාම එහි සිංහල තේරුම බලා ගන්නත් කිසියම් සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම බලාගන්න අවශ්‍ය නම් ඒ මත මවුස් පොයින්ටර් එක තිබ්බාම එහි ඉංග්‍රීසි අදහස බලාගන්නත් ඒක උදව් වෙනවා.
මේ වෙබ් අඩවියට අලුතින්ම එකතු වුණු මෙවලම් දෙකක් තියෙනවා. ඒ ‘පෙළ කැටපත‘ සහ ‘ඉඟිවදන‘. ඒකෙන් ‘පෙළ කැටපත‘ කියන්නෙ සිංහල මුද්‍රිත අකුරු හඳුනා ගැනීමේ මෘදුකාංගයක්. පින්තූරයක් විදියට තියෙන යම් සිංහල ලේඛනයක් මේ මෙවලම මගින් ඉලෙක්ට්‍රොනික පෙළක් බවට පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ‘ඉඟිවදන‘ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කෙරුණු ස්වයං පෙළ පිරික්සුම් මෘදුකාංගයක්. ඔබ ස්මාට් ෆෝන් එකක් හරි ටැබ්ලට් පරිගණකයක් හරි භාවිතා කරනවා නම් මේ මෙවලම ඉතා වටිනවා. යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතා කරලා යතුරු ලියනය කරලා තියෙන ලියවිලි යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය කර ගන්නත් මේ අඩවිය හරහා අපි පහසුකම් සපයා තියෙනවා.
මීට අමතරව අපි පැරණි පොත් එකතු කිරීමේ වැඩසටහනකුත් මෙම අඩවිය හරහා සපයා තිබෙනවා. සුබස පොත්ගුල විදියට නම් කරලා තිබෙන මෙම වැඩසටහනට දැනට අපි සම්භාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වැඩසටහනටත් ඔබට දායක වෙන්න පුළුවන්. දැනට ඔබ ළඟ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක ඉලෙක්ට්‍රොනික පිටපතක් තිබෙනවා නම් එය ltrl@ucsc.lk යන ඉ-තැපැල් ලිපිනය හරහා අප වෙත ලබා දුන්නොත් අපට පුළුවනි මෙයට ඇතුළත් කරන්න.
මේ සුබස වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙන සේවාවලට අමතරව අපි හදපු තවත් මෙවලම් අපි ජනතාවට ලබා දී තිබෙනවා. ඒ අතරින් සිංහල ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංගය ශ්‍රී ලාංකික දෘශ්‍යාබාධිත ප්‍රජාව අතර ජනප්‍රිය මෙවලමක්.
ඒ වගේම පරිගණකය ඇසුරින් භාෂා ඉගෙන ගැනීමේ මෙවලම් දෙකකුත් අපි නිර්මාණය කළා. ඒ සිංහලෙන් දෙමළ ඉගෙනීමට සහ ඉංග්‍රීසියෙන් සිංහල ඉගෙනීමට. එහිදී අපි ශිෂ්‍යයාගේ ආකර්ෂණය වැඩි වන විදියට පින්තූර සහ හඬ යොදා ගෙන තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ සියලු මෙවලම් අපි කිසිදු අය කිරීමකින් තොරවයි ජනතාවට ලබා දෙන්නෙ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන සුබස වෙබ් අඩවිය හරහා අපි ලබා දෙන්නෙ යුනිකේත ක්‍රමයට ජනතාව පෙළඹවීමට අවශ්‍ය කරන සේවාවන් විතරයි. ඊට අමතරව යම් අයෙකුට ඕනනං යුනිකේත ක්‍රමයට තියෙන ලේඛනයක් යුනිකේත නොවන ෆොන්ට් එකකට පරිවර්තනය කරගන්න අපේ පර්යේෂණාගාර වෙබ් අඩවිය (www.ucsc.lk/ltrl) හරහා අපි ඒ සඳහා පහසුකම් සපයා තිබෙනවා. මං මුලින් සඳහන් කළ මෙවලම් ලබා ගැනීමට වගේම තවත් අපගේ සේවා පිළිබඳ දැන ගන්න පුළුවන් පර්යේෂණාගාර වෙබ් අඩවියට පිවිසීමෙන්.
අපි කරලා තියෙන අනිත් පර්යේෂණ ගැනත් යමක් සඳහන් කළොත්, සිංහල භාෂාව සඳහා වදන් දැලක් (Wordnet) නිර්මාණය කරන්නත් අපි පර්යේෂණයක් කළා. ඒ වගේම සිංහල භාෂාව සඳහා පරිගණකමය ව්‍යාකරණයක් සකස් කරන්නත් අපි පර්යේෂණ සිදු කරගෙන යනවා. ඒ සියල්ලත් ඉදිරියේදි ජනතාවට ලබා දීමට හැකි වේවි. ඊට අමතරව මයික්‍රෝසොෆ්ට් ඔෆිස්, වින්ඩෝස් වගේම ගූගල් දේශීයකරණය කිරීම සඳහාත්, මයික්‍රෝසොෆ්ට් ඔෆිස්හි අක්ෂර වින්‍යාස පරීක්ෂකය සඳහාත් අපි දායක වුණා.
දැනට සිදු කෙරෙන පර්යේෂණවලින් සිංහල කථනය හඳුනා ගැනීමේ පර්යේෂණය සහ සිංහල-දෙමළ භාෂා සඳහා භාෂා පරිවර්තන මෙවලමක් නිර්මාණය කිරීම සඳහා සිදු කෙරෙන පර්යේෂණය ඉතා වැදගත්. ඒ අතරිනුත් සිංහල-දෙමළ භාෂා සඳහා භාෂා පරිවර්තන මෙවලමක් නිර්මාණය කිරීමට අපි ලොකු වෑයමක් දරමින් සිටින්නේ භාෂා පර්වර්තන අංශයට මෙවලමක් හඳුන්වා දීමට. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේවත් මෙවන් පහසුකමක් නැහැ.
සිංහලෙන් දෙමළට, දෙමළෙන් සිංහලට පරිවර්තකයෝ නැහැ. එහේ සිදු කරන්නේත් සිංහලෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් දෙමළවලට තමයි සිදු කරන්නේ. එම පරිවර්ථක මෙවලම ටිකක් සංකිර්ණයි. එහි පළමු අදියර මේ වසරේ දෙසැම්බර් මාසයේදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එය සියයට සියයක් සාර්ථක වෙන්න නැති වෙන්න පු ළුවන්. නමුත් ඉදිරි වසර තුන ඇතුළතදි එය නිවැරැදිව හා වඩාත් හොඳින් නිර්මාණය කිරීමට අප වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. ඒ සඳහා අධ්‍යයනය කරමින් ඉන්නේ.
මෙයින් අපි පළමුව බලාපොරොත්තු වන්නේ ඉගියක් ලබා ගැනීමටයි. වර්තමානයේ රාජ්‍ය කාර්යාලවල සිටින පරිවර්තකයන් පරිගණකය භාවිතා කරන්නේ නැහැ. අලුත් පරිවර්තක පරපුර පරිගණකය භාවිතා කරයි කියා අප විශ්වාස කරනවා. ඒ නිසා අපි පරිවර්තක මතකයන් ඇති මෙවලමක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා පර්වර්තන අපි සොයමින් සිටිනවා. වාක්‍යයෙන් වාක්‍යයට පරිවර්තන සිදු කර තිබෙන පරිවර්තන අපි සොයනවා. ඒවා එකතු කරලා අපේ මෙවලමට ලබාදුන් පසුව මෙය ක්‍රියාත්මක කළ හැකියි. දෙමළ සිංහල පරිවර්තනය ඉතා හොඳ මට්ටමට ගෙන එන්න්ට වාක්‍ය ලක්ෂ තුනක්වත් අවශය වෙනවා. මේ වසරේ දෙසැම්බරු මාසයේදී අපි ඉදිරිපත් කරන පරිවර්තකය සතුව තිබෙන්නේ වාක්‍ය පනස් දහසක් පමණයි. ඒ නිසා එහි අඩුපාඩු තිබෙන්නට පුළුවන්.
අපගේ සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, ගැටලු ඇත්නම් විමසා දැන ගැනීමට වගේම අපේ පර්යේෂණවලට සහයෝගය දීමට කැමතිනම් ඔබට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න.
ලිපිනය: භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය,
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය,
නො: 35, රීඩ් මාවත,
කොළඹ 07.
ඉ-තැපැල් ලිපිනය: ltrl@ucsc.lk
දුරකථන අංකය: 0112158962
කතාබහ
චමීර ඇල්ලදෙණිය
මචං එළකිරි නොදන්න සිංහල සයිබර් ඉතිහාසයෙන් බිදක් පෙන්නලා දුන්නට . හම්බෙච්ච වෙලාවක අරවා එකක් අරගන දෙන්නං . ( වෙන මොනවා දුන්නත් අඹට වැඩක් ඇතැ )
ReplyDeleteඑව්වනං කොයි වෙලාවේ බැරිද බං අපි දෙන්නට.
Deleteමේ අය ගැන කතා කිරීම බොහොම වටිනවා. නිහඬ ජාතික සේවයක් කරන පිරිසක්.
ReplyDeleteනිහඬ ජාතික මෙහෙවරක් කළ පිරිසක්. තව මේ වගේ අය ඇති. සොයමින් ඉන්නේ ඒ ගැන.
Delete\\\එය තවත් ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන්ගේ සංසඳයක් නිර්මාණය වුණා. මේ යුනිකේත ක්‍රමය ඉදිරියට ගෙන යන්න බ්ලොග් කරුවන් ඉතා වැදගත් වුණා. වර්තමානය වන විට මේ ක්‍රමය නිවැරැදිව තිබෙනවා. \\\
ReplyDeleteමෙතනට එන්න ඕනේ " ගෝල් සෝන් , එළකිරි , කප්රුක ග්රූප් , ඉන්ෆෝ ලංකා ටීම් , නරේෂ් රඩ් රෂියා " වැනි එකමුතු නලින් අයියේ. "සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය" කියන අය කරේ තමන්ගේ පටු ගමනක් යෑම. නැතුව සද්භාවයෙන් වැඩක් කිරීමේ අරමුණක් තිබුණේ නැහැ . GTRS ( සැබෑ නම කිව යුතු නැහැ ) වැනි අය තමයි මූලිකම තිරයෙන් ඉදිරිපස කාර්යන් කරේ තමන්ගේ අතින් වියදම් කරන්.
අද නම් අයිතිකාරයෝ බොහෝමයි නෑකම් කියන්න.. ආචාර්ය , මහාචාර්ය කියාගන්න ගොඩක් අය බැලුවෙම මේවට අකුල් හෙළන්න.අන්තිමට කපන්න බැරි අත ඉම්බා ලැජ්ජා නැතුව..
නියම ගෞරවය හිමි විය යුත්තන්ට කවදා හෝ නිශ ගෞරවය ලැබේවා...!
උඹ වගේ පොරක්.
Deleteයකෝ ගෝල් සෝන්, එලුකිරි, හොර අරක්කු විකුනපු කප්රුක වගේ එවුන් මොකද්ද යකෝ සිංහල ප්‍රචාරය කොරන්න කලේ? ( යකෝ යනු නලින්ද සිල්වා මහාචර්යතුමාට අනුව අපේ අනන්‍යතාවයයි.-අපහාසාත්මක ආමන්ත්‍රනයක් නොවේ )
යුනිකෝඩ් අවශ්‍යතාවය ආවේ ඇයි කියහන්කෝ මට මුළින්ම..? එක එක්කෙනා එක එක ෆොන්ට් හදන් වැඩ කරේ 2002 වගේ කාලේ ඉඳන් . කපුටා කට්ටිය වෙනම , තව තව අය වෙනම..යූසර් කෙනෙක්ට හැම ෆොන්ට් එකම දාගන්න වෙනවා මේ ප්‍රශ්නේ නිසා..අන්තර්ජාලයතුල සිංහල භාවිතය වැඩි කරන්න මූලික උනේ උඹ ඔය දොස් කියපු සෙට් එක තමයි..ඒ කාලේ සිංහල සයිට් කීයද තිබ්බේ කියහන්කෝ මට..ඒවට තමයි මුළු පිරිසම එකතු උනේ.. EK යුනිකෝඩ් යෑම එක්ක තමයි ඔය හැම අයියම පහල උනේ..හැමෝම පෑල දොරින් තමන්ගේම ගමනක් ගියා..
Delete( උඹ යන්න අපහාසත්මකව යෙදුවා නොවේ ඈ )
සහන් ඒක් එක් කාලවලදී විවිධ අකුරුවර්ග එක් එක් අය හැදුවා. ඒත් ඒ අකුරු හැම පරිගණකයකම ස්ථාපිතව තිබුණේ නෑ. මගේ පරිගණකයේ හදන ලියැවිල්ලක් වෙනත් අයෙකුගේ පරිගණකයක විවෘත කරන්න බැ. එසේ කරන්නට නම් අකුර එහි ස්ථාපිත කළ යුතු වුණා. මේ අකුරු වර්ග නිකන් දුන්නේ නෑ. මුදලට දුන්නේ. ඒත් බොහෝ දෙනෙක් හොරෙන් භාවිත කළා. එය වැරදි වැඩක්. මේ අනුව තමා යනිකේත අකුරක අවශ්‍යතාව රටට දැනුනේ. අද වන විට වින්ඩොස් හි මේ යුනි අකුර අනිවාර්යෙන්ම ඇතුළත් කොට තමයි තියෙන්නේ. එයට වෙනම මුදල් ගෙවන්න ඕන නෑ. ලොව කොතැනක සිට වුවත් සිංහල කියවන්න හැකි වෙන්නේ ඒ නිසයි.
Deleteඔය නලින් අයියා කියපු දේම තමයි මාත් දෙවෙනි කමෙන්ට් එකේ කියලා තියෙන්නේ.ප්‍රශ්නේ තියෙන්නේ දැන් පියවරු ගොඩයි..
Delete( සාර්ථකත්වයට පියවරුන් දහසකි , පරාජය අවජාතකය කියන්නේ නිකන්ද )
ඔය මොකාටවත් තනි අයිතියක් ගන්න බෑ. 2002 ට ඉස්සෙල්ලත් සිංහප ෆන්ට් තිබ්බා. ඒ කාලේ යුනිකෝඩ් කේතය සිංහල කරගන්න හුග දෙනෙක් මහන්සි උනා. හැබැයි මොන විදියෙන් හරි වීකේ ලොක්කා ඒකේ අවශයතාව දැනගෙන තමා ටීම් එකක් දාලා අයිසීටී එක ඇතුලේ තමන්ට අවශ්‍ය වැඩ සටහන් කරන්න ගත්තේ. ඒ දේ වැඩි දියුණු උනා. සමස්ථයක් විදියට “අවශ්‍යතාවය“ හේතුකොට ගෙන මේවා වැඩි දියුණු උනා. එකෙක්ට කප් එක දෙන්න බෑ මේකට. ඒ කාලේ ඔහොම යුනිකෝඩ් සිස්ටම් එකෙන් සිංහල ගහන්න බැරිද කියල ඔය ආචාර්යවරුන්ගෙන් අපි අහල තියෙනවා..
Deleteඔව් 2002 ට කළින් ඉඳලා ෆොන්ට් තිබ්බා . රූපවාහිණියේ නම් පෙළගස්වන්න අකුරු ගෙනාවේ ජපානෙන්. ඒ කාල වල හැමෝම තනි ගමනක් ගියේ. මට ෆොන්ට් එකක් ඕනේ නම් මම කාගෙන් හරි ෆොන්ට් එකක් හදාගන්න ඕනේ.ඊට පස්සේ මම වැඩක් කරද්දී මගේ කස්ටමර්ස්ලා හැමෝටම ඒ ෆොන්ට් එක දෙන්න ඕනේ. සිංහල වෙබ් සයිට් එද්දියි හැමෝටම වැඩේ බරපතලකම තේරුණේ. මගේ සයිට් එකේ පෙන්නන සිංහල වෙන කෙනෙක්ගේ එකේ වැඩ නැහැ. කෝපි පේස්ට් එකක් කරන්න බැහැ.කන්වර්ට් කරන්න බැහැ. මටම මගේ සයිට් එකේ වෙන ඉන්ඩෙක්ස් එකක් හදන්න බැහැ. සියලු දේම අලුතෙන් ලියන්න වෙනවා. අන්තිමට මල විකාරයක් උනා. ඊට පස්සෙයි UTF 8 එන්කෝඩින්ග් එකේ ඉඩ අරන් පොදු කැරැක්ටර් identification එහෙකට යමු කියන තැනට ආවේ.. ඒවට වැඩ කරේ ඔය දැන් නම් කියාගන්න මිනිස්සු නෙවේ.
Deleteඔය අයි සී ටී කෙහෙල් මල් ඒ කාලේ තිබුණේ නැහැ මල්ලි.අපිත් මේකේ පොල් ගෑවේ නැහැ. තව කතා කරන්න ඕනේ නම් කතා කරන්න පුළුවන්.
මේ ලිපියෙන් කිසිවකුට අයිතියක් ගැන කතා කර නෑ දේශා... පුරෝගාමි මෙහෙවරක් අගය කිරීමක් පමණයි කොට ඇත්තේ.
Deleteමේ ලිපිය ආචාර්ය රුවන් වීරසිංහයන් දැක්වූ අදහස් මත සැකසුවකි. මා ඉදිරිපත් කොට ඇත්තේ ඔහු හා කළ සංවාදයයි. මෙය තාම මුද්‍රත මාධ්‍යෙයන් ප්‍රසිද්ධ නොකළ ලිපියක්.මේ නම නම් මට වටහාගන්න අපහසුයි.
ReplyDeleteඇත්තටම ඔවුන්ගේ මෙහෙහෙවර නොවෙන්න සයිබරය එක්තරා පන්තියකට විතරක් සීමා වූ දෙයක් වීම නොවැළැක්විය හැකියි.
ReplyDeleteසත්‍ය ලෙසින්ම එය වන්න ඉඩ තිබුණා සුමිත්.
Deleteමෙන්න මචෝ දෙවිවරු. මල් තියලා වැන්දත් පාඩු නෑ. නැත්නම් ඉතින් අපි ඉන්ගිරිසියෙන් කියවන්නෝ පමණයි. අනික මැරීගෙන හරි ඉන්ගිරිසියෙන් ලිව්වා කියමුකෝ. ඒක අපිට දැනෙන්නේ නෑ. ශේක්ස්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා වගේ. ඒ වගේද වේදීකාවේ වැනීසියේ වෙළෙන්දා නාට්‍යය. අනික අපි ලියලා යවන එවා කවදාවත් පත්තරේක දාන්නේ නෑ. දැම්මත් දාන්නේ කපලා කොටලා. කවි පිටුව උනත් එකම සෙට් එකකට වෙන් වෙලා තියෙන්නේ. ඕන සපෝට් එකක් ඕන නම් කියන්නෙයි කියන්න.
ReplyDeleteමේ යුනිකේත අක්ෂර හරහා අප ලද ලොකුම අවස්ථාව තමා නිදහස්ම මාධ්‍ය භාවිතයක ඉඩ කඩ විවරවීම මාතලන්.
Deleteයුනිකේත එන්න කලින් පුෂ්පානන්ද ඒකනායක කියලා මහත්මයෙක් ඉතාම හොඳ මට්ටමේ ෆොන්ට් කිහිපයක් නිෂ්පාදනය කළා. කිසිදු මුදල් අය කිරීමකින් තොරව එය බෙදා හැරුණා. ඒ වෙනකොට අපිට සිංහල විකුණපු තිබස් වගේ කට්ටියට ඒකෙන් සෑහෙන පහරක් වැදුනා. දැනුත් බොහෝ ආයතන වල තිබස් පාවිච්චි කරන්නේ.
ReplyDeleteසුදීක ඔය කියන්නෙ ෆොන්ට් මාස්ටර්ලගෙ එෆ්.එම්. ෆොන්ට්ස් සෙට් එක ගැන වෙන්න ඕන. ඒවා පිටවුනාට නොමිලේ බෙදන්න හදපුවා වෙන්න බෑ. ඒකෙම තව විසිතුරු ෆොන්ට්ස් සෙට් එකකුත් තියෙනවා නේද. මම හිතන්නෙ ඒ විසිතුරු ෆොන්ට්ස් සෙට් එක මිලදී ගන්න අය අර ෆොන්ට්ස් ටිකත් ගන්න ඕන. මම අහල තියෙන හැටියට හැත්තදාහක් විතර වෙනව ඒක. ග්‍රැෆික් නිර්මාණ කරන අය ඒ ෆොන්ට්ස් බහුලව භාවිත කරනවා.
Deleteමටත් මතකයි ඉස්සර අපි ලියුමක් ගහගන්න ගියාම සිංහල අඩුංගු කීමෑන් අපිට තිබුනෙ නෑ. සිංහල අකුරු හරියට බැඳෙන්නෙ නැති නිසා ඕල්ටර් කී එකත් එක්ක කී හතරක් විතර ගහන්න ඕන එක අකුරක් ගන්න. නැත්නම් හැමතිස්සෙම අකුරු ඉන්සර්ට් කර කර යන්න ඕන.
සුදික පුෂ්පානන්ද තමා ෆොන්ට් මාස්ටර්(FM)අක්ෂර නිර්මාණය කළේ. ඔහු අකුරු වර්ග ගණනාවක්ම හැදුවා. ඒ අකුරු තමා ලංකාවේ වැඩිම ප්‍රමාණයක් භාවිත වුණෙත්. ඒත් ඒ අකුරු නොමිලේ දුන්නේ නෑ. අලෙවි කළා. ඒත් බොහෝදෙනෙක් හොරකම් කර ඒ අක්ෂර භාවිත කළා.
Deleteඑයට පිළියමක් ලෙස තමා යුන්කේත අකුරු අප අතරට එන්නේ. මේ යුනිකේත අකුර දැන් වින්ඩොස් එක්කම ස්ථාපිත කොට එවනවා. අන්න එතැනට අප ගිය එකයි වටින කම. මේ අකුරු ඕනම කෙනෙකුට නොමිලේ ස්ථාපිත කරගත හැකියි.
eya DOS game heduwe nedda meya?? FONT witharada heduwe :P
Deleteමේවා ඇත්තටම රජය මැදිහත් වෙලා ප්‍රතිපාදන දීලා කරන්න ඕන වැඩ. අගය කරනවා ඔවුන් කළ මෙහෙය...
ReplyDeleteසත්‍ය වශයෙන්ම විය යුත්තේ එයයි. විශ්වවිද්‍යාලය හරහා එවන් දෙයක් ඉටුවනවා කියන්නෙත් පොඩි හෝ නිල පිළිගැනුමක් තියෙන බවයි. රාජ්‍ය ආධාරත් ටිකක් ලැබෙනවා ඇති.
Deleteඅද තත්වයට සිංහල ෆොන්ට් දියුණුවී/වර්ධනයවී ඇති හැටි දකින්නේ ලොකු ආඩම්බරයක් ඇතුව. එදා තිබස් නම් MS-Dos ටූල් එකෙන් පටන් ගත් මා අදටත් පාවිචි කරන්නේ UCSC ඔන්ලයි-ටූල් එක, නිතර සුබස උපයෝගී කරගන්නවා. ඔවුන්ගෙන් ඉටුවෙන සේවය අගේ කලයුතුයි.
ReplyDeleteඅද සිංහල ෆොන්ට් නිර්මාණය ගැන ගෞරවය අත්පත් කරගන්න අය බොහෝය, එහෙත් ඒ වෙනුවෙන් වැඩ කර බහුතරයක් නිහඬයි.
මේ ගැන ලියන්න හිතා අතෑර දාපු වාර අනන්තයි. ඒත් මේ ලිපිය දැක නිහඬව යන්න හිත දුන්නේ නැහැ.
1984 මුල් කාර්තුව වෙද්දි මා සම්පූර්ණ සිංහල හෝඩිය හා සිංහල වර්ඩ් ප්‍රොසෙසර්යක් හදා සාර්ථකව ටෙස්ට් කර තිබුණා. ඒ කාලේ මං වැඩ කරේ සිස්ටම් ඩිසයින් වල නිරත වූ පොඩි කන්සල්ටන්ට් ආයතනයක. කොම්පියුටර් ක්ෂේත්‍රයේ මුල් පියවර තියන මා උන්නේ එදා ක්ෂේත්‍රයේ පතාක යෝධයින් කිහිප දෙනෙකු සෙවනේ. ඔවුන් හා ආයතනය ලබා දුන් සහය අපමණයි.
ඒ කාලේ MS-Dos, CP/M වගේ ඔපරේටිං සිස්ටම් අලුත්. Windows ආවේ ඉන්පසුව. PC නිෂ්පාදකයින් පාවිච්චි කලේ ඔවුනොවුන්ට ආවේණික ඔපරේටිං සිස්ටම්ස්, සොෆ්ට්වෙයාර්. තවද පොදු සම්මතයන් වූයේ බොහෝම අල්පයක් කියන්න පුලුවනි.
ඒ කාලේ WordStar කියන ප්‍රමුඛපෙලේ වර්ඩ් ප්‍රොසෙසරයෙ ස්ටෑන්ඩර්ඩ් වලට සමවූ අපේ වර්ඩ් ප්‍රොසෙසරය ද ඒ කාලේ ලංකාවේ තිබුණ එක්තරා බ්‍රෑන්ඩ් එකක් මුල් කරගෙන කෙරුණා. අද වගේ true type font (TTF) වෙනුවට හෝඩියේ අකුරු එකිනෙක ඩිසයින් කරන්න සිදුවුනා. ඒවගේම සෙට් එකක් ප්‍රින්ටර් මොඩල් වලටත් කරන්න සිදු වුණා. ඒ හැම දෙයම ඉතා සාර්ථකව සිදු වුනා. අරකී බ්‍රෑන්ඩ් එකේ ලංකා නියෝජිතයෝ මේ ගැන ප්‍රධාන සමාගමට දැනුම් දීමෙන් පසුව ඔවුන් ඒ කාලේ හැටියට ලොකු ගානක් ගෙවා මිලදී ගන්න ඉදිරිපත් වුනා. ඔවුන්ගේ කොන්දේසි වුනේ ප්‍රඩක්ට් එකේ සම්පූර්ණ අයිතිය බ්‍රෑන්ඩ් එකට පැවරීම හා එය ඔවුන්ගේ නැගෙනහිර අසියාතික රටක වූ රිසර්ච් වින්ග් එකක නිපැයුමක් හැටියට ඉදිරිපත් කිරීම. අපි සෙට් එකම අපේ අයිතිය නැතිවීමට වඩා ලාංකීය නිපැයුමක් කියන ගෞරවය නැතිවීමට එකඟ වුනේ නැහැ. ඒ නිසා මාස ගනනාවක් කර සාකච්චා බිඳ වැටුනා.
ඒ අතර තුර රූපවාහිනියේ වැඩසටහන් ඩිස්ප්ලේ කිරීමට සිංහල අකුරු අවශ්‍යතාවයට අපේ ප්‍රඩක්ට් එක සැලකිල්ලට ගත්තා. ඒ වෙද්දි වෙනත් බ්‍රැන්ඩ් එකක් මාකට් කර සමාගමක් ක්ෂේත්‍රයේ පියෙකු කියන ඇදුරුතුමෙක් හවුල් කරගෙන ලොකු ඩීල් එකක් කර අපිට පයින් ඇන්නා.
මම සිංහල වර්ඩ් ප්‍රොසෙසරය මත්තේ නැහෙද්දි මගේ ගුරුවරයෙක් වූ මට අතහිත දුන් පතාක යේධයෙක් කිව්වා "උඹට පිස්සුයි" කියලා. ඒ කාලේ මම ආයතනයක ලෙක්චර්ස් කරලා හොයාගත් සල්ලි මගේ සිහින වර්ඩ් ප්‍රොසෙසරයේ හිරවී ලාච්චුවකට සීමා වුනා. ගේම්ස් ඩිසයින් කර කට්ටිය නම් යමක් හොයාගත්තා.
දිගින් දිගටම බැට කෑ මා ප්‍රසිද්ධ මණ්ඩලයක ලැබෙන්න තිබූ පත්වීමක් නැතිවීමෙන් මැදපෙරදිග රටක සේවයට ගියේ 1986 දී. මගේ ප්‍රඩක්ට් එක වැඩ කර සමාගමට බාර දී ගියා, ඉන්පසුව මොනවා වුනාද මා දන්නේ නැහැ. නොයෙකුත් හේතු මත මගේ සීනියර්ස්ලා ද විදෙස් රටවල පදිංචියට ගියා. මා ලොකු සිස්ටම්ස්/සොෆ්ට්වෙයාර් පැත්තට යොමු වුනා.
1990 දී තිබස් එළිදැක් වූවා, ඔවුන්ගේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් ස්වේච්ඡාවෙන් වැඩ කරා. තිබස් උපන්නේ නුවර මූලික අධ්‍යාපන ආයතනයෙන්, ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කර සිසුන් එය පිටට විකුනන්න ගත් උත්සාහයක් නිසා ආයතනය මෘදුකාංගය ෆ්ලොපි වල දා නොමිලේ බෙදාහැරියාලු. කෙසේ වුව ද තිබස් සිංහල හා දෙමළ අකුරු සෑහෙන ඉස්සරහට ගෙනාවා.
එහෙත් වසර 30කට කලින් වූ මගේ සිහිනය මල්පල ගැන්වීම ගැන මගේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ප්‍රඩක්ට් එකක් හැටියට සාර්ථක වෙන්න බැරි වුනත්, මාව දැණුමෙන් පෝෂණය කර, නැගිටින්න අත දුන් බාසාවේ දියුණුවට යමක් කරන්න උත්සාහ කරා කියන ආඩම්බරයක්.
අදටත් සිංහලින් අකුරු කරන්නේ අභිමානයෙන්.
අපේ කොම්පියුටර් බාවිතය ගැන සටහනක් අහංකාර සුකුමාලිය නිර්මාණ සටහනේ ඇත.
(ඒ උත්සාහය අරන් 30 වසරක් සනිටුහන් වීම නිමිත්තෙන් ලියන්න හිතා හිටි ලිපිය මෙතැන ලියැවුනි, ලොකු කොමටුවට සමා කරත්වා).
ගල්මල් මේ අගනා කමෙන්ටුවට මුලින්ම තුති. මාත් සොය සොයා සිටියේ ඔබ වන් අයයි. හැකිනම් මේ ලිපිනයට මට මේලයක් දාන්න ndilruksha@gmail.com
Deleteමේ සම්බන්ධ තොරතුරු බොහොමයක් ඔබ සතු බවයි පෙනියන්නේ.
@ගල්මල් : ලංකාවේ ඔබ වැනි සැබෑ නිර්මාණකරුවන්ට තැනක් නැතිවීම කණගාටුදායකයි. ඔය දේමයි ආචාර්ය රේ විජේවර්ධනටත් උනේ. ආචාර්ය රේ විජේවර්ධන
Deleteඅළුත් වැඩ ගැන අපි දැනගන්න කැමතියි.
@ ඩීන්
Deleteතරහ වෙන්න එපා ඇස්කි ගැන වත් වැටහීමක් නැති බව නේද මේ පේන්නේ ? ඔය කිසිම දෙයක් සත්‍ය නෙවේ.
@නලීන්: මං මේල් කරන්නම්
Delete@සාගර: ඒ අංශයෙන් ඉන් එහාට ගියේ නැහැ.
@සහන්: මම ටෙච්ක්නිකල් පැත්තට බර නොවී ලිව්වේ සරළව. ASCII විතරක් නෙවේ PETSCIIත් උපයෝගී කරගත්තා.
මං කොමන්ටුවේ සඳහන් කරා ඒ කාලේ කොම්පියුටර් නිපදවන්නන් ඔවුනොවුන්ට ආවේණික විදියට බොහෝ දේවල් කර බව.
ඔබ කවදත් ඉක්මනට උත්තර දෙන්න පෙළඹෙන නිසා හෝ විස්තර දිරවන්නේ නැති නිසා කොමන්ටුව කියවලා නැති හැඩයි. මට බොරු කියලා දිනන්න දෙයක් නැහැ බ්ලොග් මිත්‍රයා.
තම මට්ටම තම්මැට්ටම්ලු
තම මට්ටම තම්මැට්ටම්ලු
Delete100% ...!
ඔබේ මේලය මට දෙන්නකෝ ..මම තාම draft වල තියන් ඉන්න පෝස්ට් එකක් එවන්න..
නලීන් මම නිතර සුබස පාවිච්චි කරන කෙනෙක්. එහි ඉඳහිට බිඳ වැටීම් වනවා. ඒ වෙලාවට මම තරම් ඔවුන්ට කරදර කරන කෙනෙක් තවත් නැතුව ඇති. එහි රැකියාව කරන මගේ මිතුරන් මාර්ගයෙන් දිනකට දහ දොළොස් වතාව මම ඔවුන්ට කරදර කරනවා. ඒ හැම විටම තම නිහතමාණීකම පෙන්වමින් ඉතාම ඉවසීමෙන් ඔවුන් උපදෙස් ලබා දෙනවා. වගේම ඒ නිවැරදි කිරීම් කරනවා. මේක අවස්ථාවක් කරගන්නව ඔවුන්ට මගේ සුභාශිංසන පුද කරන්න. නලින් ඔබ කළේ හොද වැඩක්. මෙවන් නිහඬ සේවයක් කරන අය අගයන්න අවශ්‍යමයි.
ReplyDeleteසීයා හිටවපු ගස් වල පල නෙලන්නේ මුනුපුරාළලු..... ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් මුනුපුරාලට ගහ හිටවපු සීයාව අමතක වීමයි ..... ඉදලා හිටලා හරි මෙහෙමවත් ගහ හිටවපු සීයලව මතක් කරන එක ලොකු දෙයක්
Deleteඒ උදාහරණය මැලේ රාළ ගෙනි
මැලේ පිරුළක් වගේ..
DeleteSome history.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/History_of_Sinhala_software
මේ ලිංකුවට බොහොම ස්තුතියි. ඉතිහාසයේ බොහෝ තැන් එහි තිබෙනවා.
Deleteසුබස අකුරු විනිස පිරික්සුව තව දුරටත් දියුණු හා නිවැරදි විය යුතු බව මගේ අදහස.. අසීරු කාර්යයක් විය හැකියි.. එය මා විසින් ලියන ලද නිවැරදි අක්ෂර සහිත වචන ඇතැම් ඇතැම් විට වැරදි කොට පෙන්වයි.. දුරය --> ධුරය වගේ ['ය' යන්න හැම විට කඩා වෙන් කොට නොලියන බැවින්] එහෙත්, එය ඉතා අසීරු කාර්යයක් බවට නිසැක ව දනිමි.
ReplyDeleteලිපිය වැදගත්.
ඔබට එසේ හමුවන වැරැදි සෘජුවම සුබසට යොමුකරන්න හැකියි. නැතිනම් මේ ලිංකුවට හෝ එකතු කරන්න. එවිට මා එම වදන් ඔවුන් වෙත යොමු කරන්නම්.
Deletehttps://docs.google.com/document/d/1o6torlSDwYbKjgTsQ0eaT4xlatQBkhuZaBc6lVulRhs/edit#heading=h.ugjc9bxcgh01
ඔබේ මේලය එවන්න.
Deleteමම මේ නලින්ට ගෝලයෙක් හොයල දෙන්න කියල එන කොට මෙන්න ගෝලයා මෙතැනට බැහැපි.. ඔන්න කදු අල්ලගත්තනං හරි වැඩේට...
Deleteමටත් මතකයි වින්ඩොස් විස්ටා වලට දෑනට සම්මතෙ විදිහට තියෙන ඉස්කොඔල පොත ෆොන්ට් එක ඇතුල් කරන්න ලන්කාවෙ කට්ටිය වෙච්ච මහන්සිය.මමත් එඅ කාලෙ මයික්රොසොෆ්ට් එකෙ වෑඩ කල.දෑන් වින්ඩොඔස් 7 පාවිච්චි කරන අයත් අවුලක් නතුව සින්හල කියවන්නෙ එඅ වුනු මහන්සිය නිසා.
ReplyDeleteඑඅ වගෙම මට අරන්චි වුනු විදිහට අලුතෙන් එන ඈඩොබි ක්රියෛටිවෙ සුඋට් (සිඑ.එස්) එකට එයාල ඩිරෙක්ට් යුනිකොඔඩ් ප්ලග් ඉන් එකක් හදගෙන යනව. මම හිතන්නෙ එකෙන් ගොඩක් ලොකු සෙවයක් වෙවි හෑමොඔටම...
එඅ වගෙම නලින් සහොදරය ඔයාටත් ස්තුත්යි මෙක ගෑන මතක් කලාට.
ඒ ආරංචියනම් මසුරං විදුර.ඔබේ පැමිණීමත් සතුටක්.
Deleteඉතා ම වටින වැඩක්. මමත් සුබස අඩවිය භාවිත කරන කෙනෙක්.
ReplyDeleteඑය වඩාත් නිවැරැදි කරගැන්මයි කළ යුත්තේ දැන්.
Deleteබොහොම වටිනා වැඩක්. මේ අයට තමයි ලංකාවේ නිසි තැන ලැබිය යුත්තේ. නමුත් එක එක පුස්සන්ට තමයි තැන ලැබෙන්නේ. සිංහල බ්ලොග් ලියන අපි සියලුදෙනාගේ උපහාරය මොවුන්ට ලැබිය යුතුයි. මේ තොරතුරු ගෙනාවාට ඔබට ස්තුතියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේ පිරිවර විසල් මෙහෙයක් නිහඬව සිදු කොට තිබෙනවා විචාරක තුමා.
Deleteවටිනා වැඩක්..... තොරතුරු වලට ස්තූතියි නලින් අයියේ.....
ReplyDeleteස්තුතියි සමනලියේ
Deleteස්තුතියි නලින්.
ReplyDeleteඅද අප මේ ලබන ලාභය සමුහ ක්‍රියාකාරිත්වයක ප්‍රතිපලයක්. අද අපි මෝටර් රථය නිර්මාතෘ විදිහට හෙන්රි ෆෝඩ් සැලකුවත් මටනම් හිතෙන්නේ රෝදය සොයාගත් තැන සිටම වූ පරිනාමයේ ප්‍රතිපලයක් ලෙසයි මෝටර් රථය. මෙයත් ඒ වගේ දෙයක් කියලයි ම සිතන්නේ.
මෙය මගේ පුද්ගලික අදහසක් පමණයි.
කතාව ඇත්ත අයිලාෂ් ඒත් සුබස නම් අගනා මෙවලම තැනුවේ මේ පිරිසයි. එයට ඔබ කි සියල්ලන්ගේ ආබාසය ලැබෙන්න ඇති.
Deleteනලීන්,
ReplyDeleteඔබ රත්තරන්, මේ අප අද මෙහෙම ලියන්නෙත් කවුරුහෝ ඔවුන් නිසයි. කිසිවෙකුගේ අගය කිරීමකින් තොරව කාරිය නිමතර නිහඬවයි ඔවුන් සිටියේ. ඔවුන් ගැන කිව්වෙත් ඔබ මිස ඔවුන් නොවෙයි. කොතරම් ගල් මුල් එව්වත් කළබල නැත්තේ නම් ඔවුන්මයි. තැන් තැන් වල එකමදේ සොයාගත් වාරත් ඕනැතරම් ලෝකයේ ඇති. ටිකක් කරලා හුඟග් කියවන අයත් එහෙමමයි.ටිකක් තිබ්බ එක ලෝකයටම ගෙනැවිත් නිහඬවම ඉඳිමින් සිටීමත් ආචාර්ය උපාධි දිනාගෙන දේශිය මෙන්ම විදේශ විශ්වවිද්‍යාල වල් ආචාර්ය මහාචාර්ය වරු වීමත් (මා අසා ඇති අන්දමට ආචාර්ය රුවන් වීරසිංහ මහත්මා ලංකාවේ මහාචාර්යකම ලබාදීමේ සමහර නිර්නායක වල පහත් තත්වය නිසා එය ඉල්ලන්නේවත් නැති අයෙකි. ඔහු සැබෑම මහඇදුරෙකි.),කොහේඉඳගෙනහෝ ඩාතියට සේවය කරන ඒ අයගේත් තමනම් ඇතුලු වාග් මාලාවෙන්ම හඳුනාගන්නට හැකි අන් අයගේත් වෙනස තමාටම හඳුන්වාදන්නට වේදිකාව සැකසූ ඔබට නොවක් තුති. ඔබදිරිමත්ව මෙම සේවය දිගටම කරන්න. කිසිදාක බ්ලොග්වල ලියානැති අපි අවදිකලාටත් තුති.
යුනිකෝඩ් භාවිතාකරන එහෙත් මෙහෙය කල අය නොදැන සිටි
අපි.
ඔබට ජය.
ඇත්ත මිත්‍රයා..
Deleteසහන් සමග සමහර කරුණු ගැන මටත් එකඟ වෙන්න පුළුවන්. හැබයි මුල් කාලයේ වාණිජ පරමාර්ථයෙන් හරි සිංහල ෆොන්ට් නිර්මාණයට උත්සාහ කල අය ගැනත් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. මොකද මේ අය තමයි පෙරහරේ කස කාරයෝ උනේ. මුලින්ම සිංහල පරිගනකයට ඇතුල් කිරීම සඳහා මේ අය දැරූ මහන්සිය තමයි අද මේ දක්වා දිග ගමනක් ඇවිත් තියෙන්නේ. මට මතකයි ms-dos පද්දතිය මත ධාවනය උන word perfect,lotus123 වැනි මෘදුකාන්ග වලටත් මෙම සිංහල ෆොන්ට් බාවිතා කරන්න හැකියාවක් තිබුනා. ඒ වෙනකොට Unicode සම්මතයක් වෙලා තිබුනේ නැ. ASCII මත පදනම්ව තමයි මෘදුකාංග ක්‍රියාත්මක උනේ. පහු කාලීනව Unicode පැමිණීමත් සමග සිංහල අකුරු සඳහා සම්මතයක් නිර්මාණය කරගන්න තිබුණු වාද විවාද වලට ලොකු ප්‍රසිද්දියක් ලැබුනා. අවසානයේ අප අද භාවිතා කරන පොදු සම්මතයට ආවා උනත් ඒ සඳහා මුලින්ම උත්සාහ කරේ ඔය කියන ෆොන්ට් නිර්මාපකයින් සහ ජාලය තුල සිංහල වෙබ් අඩවි ඇති කිරීමට මුලික වූ අය. මට මතකයි "කපුටා" අඩවිය ආරම්බ කරපු අය ඒ සඳහා විශාල ප්‍රචාරණයක් කරා ඒ යුගයේ තවත් සිංහල වෙබ් අඩවි තිබුනත් ඒවා ඒවා පිලිබඳ දැනගෙන හිටියේ කොළඹ හා ප්‍රධාන නාගරික පිරිස පමණයි. කොහොම උනත් අපිට සතුටු වෙන්න පුළුවන් අද තිබෙන තත්වය ගැන. එහිදී එක කණ්ඩායමකට පමණක් ලකුණු දෙන්න බැ හැමෝම මේ සඳහා කැප උනා. මෙම ෆොන්ට් භාවිතා කරමින් ඒ පිලිබඳ ගුණ දොස් ඉදිරිපත් කල භාවිතා කරන්නන් පවා සිහිපත් කල යුතුයි.
ReplyDeleteඅන්න හරි නිශාන්ත මේ සිද්ධිය 100 % හරියට දැකලා තියෙනවා.. අද මේ තියෙන සිංහල ටික පෙන්න ගැනීම සඳහා ආ ගමනේ විශාල දෙනෙක් ඉන්නවා. හන්දියේ කමියුනිකේෂන් එකක් දාගෙන හිටපු කෙනත් මේකට දායක උනා. ෆ්ලොපි වල දාගෙන එහෙට මෙහෙට එහෙට මෙහෙට පුස පැදපු අයගේ ඉඳන් කීදාහක් ඉන්නවද ...? ඉස්සර 256 ලයින් එකක් කීයද ? 30/40 දහස් වල බිල් ගෙවන් බැංකු ගානේ ගිහින් වෙබ් සර්වර් වලට ලක්ෂ ගණන් ගෙවලයි ඔය සයිට් පටන් ගත්තේ. ඒවට අකුරු හෙව්වේ / හැදුවේ බලු දුක් විඳලා. තව පිරිසක් වින්ඩෝව්ස් වල දුවන අකුරු හැදුවා.( මොකද PC එකේ පේන්න එපැයි වෙබ් වලින් දෙන දේ ) ඔය සියලුම දේවල් කරේ කිසිම ලාබයක් බලාගෙන නෙවේ . භාවිතය වැඩි වීම එක්කයි මේ සියල්ල එක තැනකට එකතු කරන්න අවශ්‍යතාවයක් ආවේ. ජාතික රූපවාහිනියට අකුරු හැදුවේ පුදුම දුකක් විඳලා .ඉමේජ් ප්‍රොසෙසර් කියන ක්‍රමේ මගින් ජපානෙන් දීපු. ඒවගේ අභාෂයෙන් තමයි සිංහල අකුරු රටා හැදුණේ පස්සේ පස්සේ.. (TV වල උනත් මේ මෑතක් වෙනකම් අකුරක් පෙන්න ගත්තේ ඉමේජ් ප්‍රොසෙසින් වලට පින් සිද්ද වෙන්න )
Deleteමම කියන්නේ පුස් බයික් එක පැදපු කෙනාගේ ඉඳන් ලක්ෂයක් විතර දෙනා මේ වැඩේට සම්බන්ධයි.. මේ ගමනේදී වෙච්චි අමිහිරි තැන් ගැනත් කියන්න පුළුවන්. සිංහලය තමන්ට සින්නක්කර ලියන් හිටපු ආචාර්ය / මහාචාර්යවරු නම් මේවට අකුල් හෙළපු එකමයි කරේ. ඒකනම් මම ඕනේ තැනක කියනවා.. පස්සේ කොල්ලෝ ටික වැඩේ ගොඩ දැම්මට පස්සේ ලැජ්ජා නැතුව ඇවිත් අත ඉඹිනවා..
නිශාන්තට තේරෙනවනේ සිද්දිය..ඒ ඇති..ඕව කතා කරලා වැඩක් නැහැ ..සිංහල අකුරු මොනවද මේ රටේ වෙච්චි දේවල් වල හැටියට..
නිෂාන්ත මා ඔබ සමග එකගයි. මේ වැඩේට බොහෝ දෙනෙක් වෙර දරා තිබෙනවා. ඒ හැමෝම අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එහෙත් මේ ලිපියෙන් මා කතිකාවට ලක් කරන්නේ සුබස නම් බස සුරකින මෙවලම හා ඒ හා බැදුන තොරතුරු ගැනයි. මේ සංවාදයට එක්වීම ගැන ස්තුතියි.
Deletehttp://anthoniyo-bahijata.blogspot.com/
ReplyDeleteසිංහල යුනිකේතවල අඩුපාඩු කිහිපයකුත් මම සඳහන්කලා ඒ ගැනත් බලන්න
කියන මගේ බ්ලොග් එකේ සිංහල යුනිකේත ගැන ලිපි කිහිපයක් ලිවුවා
ඒකෙ තියෙන
මම සිංහල යුනිකේත සඳහා හදපු මෘදුකාංග 2 ක් ගැන දන්වන්න කැමතියි
එකක් සිංහලASCII වලින් හදපු වෙබ් අඩවි යුනිකෝඩ් වලට හරවන එකක්
ඒක හැදුවෙ විශේෂයෙන්ම රිවිර පත්තරය කියවන්න
අනික සිංහල අකුරු ටයිප් කරන්න හදපු එකක් ඒක
windows xp වලදිනම් හොඳට වැඩ කරනවා නමුත් windows 7 වලදි දෝශයක් දෙනවා
ඒගැන කවුරුහරි පැහැදිලි කරලා දෙනවානම් ලොකු උදව්වක්
සිංහල යුනිකේතවල අඩුපාඩු කිහිපයකුත් මම සඳහන්කලා ඒ ගැනත් බලන්න
http://anthoniyo-bahijata.blogspot.com/2012/11/blog-post.html
මේ තොරතුර ගැන අවධානය මා අදාළ පාර්ශ්ව වෙත යොමු කරනවා සහෝ
Deleteමා මුලින්ම භාවිතා කලේ (1991) මහානාම සෑදූ සිංහල අකුරුයි. ඒවා TTF නොවේ. මෙහෙයුම් පද්ධතියට පිටින් "ඇප්" ලෙස දුවපු වදන් සැකසුම්. ඒක දිව්වේ සුවිශේෂී මැෂිමක විතරයි. ඒවා වික්කේ රත්මලාන පැත්තේ කොම්පැණියක්.
ReplyDeleteමේ අදත එකේ සිටි ඉන්දසාර වැනි නමක් තිබූ පොරක් වදන්තරුව නම් සොෆ්ට්වෙයා එකක් හැදුවා. ඒ wordstar, wordperfect කාලේ. මයික්‍රොසොෆ්ට් word ජනප්‍රිය වෙන්න පෙර.
පසුව මහානාම වින්ඩෝස් වලට ෆොන්ට්ස් ලියන්න ගත්තා. ඒවා කොල්ලුපිටියේ කම්පැණියක් හරහා අළෙවි කළා.
මගේ ලිවීමේ වැඩවලට මං මුලින් භාවිතා කලේ කපුටා. වසර 2005 දී සැදූ මගේ මුල්ම බ්ලොග් එකට මං කපුටාවලින් ලියූ දේ රූප විදියට යි දැම්මේ. (මේ ලියන්නේත් කපුටා අකුරෙන් UCSC කන්වර්ටර් එකේ)
මොන ෆොන්ට්ස් තිබුණත් සිංහල භාවිතය වැඩි වුණේ යුනිකෝඩ් නිසයි.
මොන යුනිකෝඩ් තිබුණත් අදත් මුද්‍රණය සඳහා ගන්නේ පුෂ්පානන්ද ගේ FM අකුරුයි!
ඔබ හරි කතන්දර... 84 වසරේදි පාසලේ උගන්නපු පරිගණකවල තිබුණේ ඔබ කියන වර්ගයේ අකුරු.
Delete//මොන ෆොන්ට්ස් තිබුණත් සිංහල භාවිතය වැඩි වුණේ යුනිකෝඩ් නිසයි.//
මේ කතාව තමා ඇත්ත.
ඊටත් වඩා ඇත්ත කතාව මේකයි
//මොන යුනිකෝඩ් තිබුණත් අදත් මුද්‍රණය සඳහා ගන්නේ පුෂ්පානන්ද ගේ FM අකුරුයි!//
ඔබ දන්නවද දැන් දිනමිණ භාවිත කරන්නේ පෙනුමෙන් fm ෆොන්ට් වගේ අකුරු. නමුත් ඒ සියල්ල යුනිකෝඩ්. සියලුම Fm අකුරු පුෂ්පානන්ද විසින්ම යුනිකෝඩ්වලට හරවා දුන්නා අපේ ආයතනයට.
සිංහල යුනිකේත සැකිසී ඇති ආකාරය
ReplyDeletehttps://docs.google.com/document/d/1gaRbfdmt31W51Y6j2YVBbISQLll1x7mZd8NBEL9ftI8/preview