රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-12-30

දරුවනේ එන්න! ඇවිත් මල් කඩන්න!


නූතන ‘බොඩිබිල්ඩර්ස්ලාට’ අනුව ආදරය යනු පිස්ටන් එකකි. පිස්ටනයකට වැදගත් වන්නේ බලය, ශක්තිය හා ක්‍රියාකාරිත්වයයි. ආදරයට ද ඒවා ප්‍රමාණවත් යැයි ඔව්හු කල්පනා කරති. මේ නිසාම අද කොල්ලෝ ජවය පමණක් රැගෙන සිය පෙම්වතියන් ළඟට යති. ඇයට කෑල්ල යැයි කියති. ගැටුමේ ආරම්භය එතැනය. මෙබඳු”ගොඩිගල්” මිනිසුන්ට ආදරයේ මහිම කියා දෙන අපූරු පොතක් ලෙස “මනුෂ්කා” නවකතාව හඳුන්වා දෙන්නට පුළුවන.

2013-12-27

ලිංගිකත්වය ගැන එළිපිට කතා කරමුද? your life is having sex

pix by google

සයිබරය තුළින් මගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් සැකසිය යුතු සමාජ විද්‍යාත්මක නිබන්ධනයක් සඳහා තොරතුරු එක් රැස් කරගන්නයි මේ වෑයම. 
කතා කරන්න යන්නේ බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැනයි. ලාංකීය සමාජයේ ලිංගික අද්දැකිම් තමා මාතෘකාව. මෙහෙම කිව්ව ගමන් බය වෙන්න එපා. මේ ගැන කතා කරන කාගෙවත් අනන්‍යතාවක් අඩුම තරමින් මටවත් දැනගන්න ලැබෙන්නේ නෑ.

2013-12-25

සයිබර් උළෙලට පාර කැපුණේ මෙහෙමයි Cyber Mega Beach Party

සයිබර් අවකාශයේ (මා සහභාගී වූ) පළමු හමුව පැවතියේ ගම්පහ මල්වත්තේ ය. එයට මා ගියේ ආධුනික බ්ලොග් කරුවෙකු ලෙස ය. සොඳුරු බ්ලොග් කරුවන් රැසක්ම එහිදී මට හඳුනා ගන්නට ලැබිණි. එදා ඇතිවුණු මිතු දම මේ වන විට දැඩි ලෙසින් තහවුරුව ඇත. අනතුරුව මහරගම පැවැති අවුරුදු උත්සවයට ද එක් වන්නට තරම් මම වාසනාවන්ත වූයෙමි. එම උලෙළින් අනතුරුව ගෙවී ගිය කාලය දීර්ඝ බවක් දැනෙන්නට විය. 
දිනක් මුහුණු පොතේ සැරිසරන අතර තුර රනා හා ප්‍රදීප් ට මම ඒ බැව් පැවසීමි. ගල්කිස්සේ පැවැති සුහද හමුවට පාර කැපුණේ එතැන් සිට ය. 

2013-12-18

ගල් හිතකින් ලියැවුණු බොල් පොතක්! කලකට පසු යළිත් අමරෙගේ පොත් විචාර


බොල් වස්තුවල පිටත පෙනුම හොඳය. එහෙත් ඇතුළ හිස්ය. තට්ටු බනිස් නම් කෑම විශේෂයෙහි උඩ කොටස කර කොට - ඩයි දමා පැණිඔබා - සීනි තවරා කටට කෙළඋනන ආකර්ෂණයකින් යුතුව වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබේ.

ලියනගේ අමරකීර්ති

2013-12-12

ජාතිය පුබුදු කළ හෙළ නද - ගංගොඩවිල සෝම හිමි


ගංගොඩවිල සෝම හිමියන්ගේ 10වන ගුණ සැමරුම වෙනුවෙනි

සසුනඹර එකලූකළ පැවිදි මිණිපහනක් බඳු පූජනීය ගංගොඩවිල සෝම නම් දේශයේ සැබෑ මුරදේවතාවුන් වහන්සේගේ හදිසි නික්මයෑම ස්මරණය කිරීම හා උන්වහන්සේ සිංහල ජාතියට හෙළිදරව් කළ පණිවුඩය කුමක්ද යන්න පැහැදිලි කරදීම මෙම ලිපියේ උත්සාහයයි.
”සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි” යන්න තේමාව කරගනිමින් දැවැන්ත මානව හිතවාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් හදිසියේම ජාතියට අහිමිවී වසර 10ක් සපිරෙන මේ මොහොතේ උන්වහන්සේ රටට කළ අසමාන සේවය පිළිබඳ නැවත මෙනෙහි කිරීම කළගුණ දන්නා මිනිසුන්ගේ ස්වභාවයයි. ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ යනු සුවිශේෂී වාග් චාතුර්යයක් ප‍්‍රකට කරමින්, ජන හදවත්වලට ඉතා වේගයෙන් සමීප වී, ඒ සමීපවීමේ භාග්‍යය වැඩිකල් අත්විඳීමට ඉඩ ප‍්‍රස්ථා නොතබමින් හදිසියේම නික්මගිය, මෙම යුගයේ අභීත යතිවරයාණන් වහන්සේ නමකි.

2013-12-08

කළු සල්ලි - 08 BLACK MONEY

නවල කොස්වත්ත පාරේ මීටර් කීපයක් ගියපසු දකුණට හැරී..,සිරගතව සිටිද්දී ඉබේ මැවුන දේශපාලක මන්දිරය පසුකර ගිය පසු අවසන් මන්දිරය පලිපාන නිවසය.

2013-11-30

ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා

සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ඇතිවන කතිකාව සිතට සුව ගෙනේ. 
එසේනම් අප වටා එක් රොක් වන පාඨක පිරිස වැඩි කර ගැනීම අද දවසේ අපගේ වගකීමක් වන්නේ ය. පාඨක පිරිස වැඩි කරගන්න නම් ඉතා හොඳ රචකයන් පිරිසක් ද අත්‍යවශ්‍ය වන්නේ ය.
ඉහත කර්තව්‍යයන් දෙකම ඉටු කරගනු වස් බ්ලොග් මිතුරන් කීප දෙනකු එකතුව උදාර අරමුණකින් අලුත් වැඩකට අත ගසා තිබේ. මෙන්න මේ ලිංකුවෙන් එතැනට ගොස් ඒ ගැන දැනගන්න. කැම්පස් සින්ඩිය

2013-11-27

මහින්ද හිමියන්ගේ ළමා පද්‍ය සාහිත්‍ය ඔබ සහ දරුවා

මහින්ද හිමියන්ගේ කවි වලින් දරුවන්ට උගන්වන්නේ කොහොමද?

කුඩා දරුවෙකුගේ මුවින් තාලයට ගිලිහෙන සුරතල් කවි පදයක් ඇසීම මවකට පියෙකුට මෙන්ම ඕනෑම වැඩිහිටියෙකුට සතුට දනවන කාරනාවකි. මවුකුසින් මෙලොව එළිය දකින දරුවා සමාජයේ විවිධ දේ ක්‍රමානුකූලව දකිමින් බහතෝරන වියට පත්වෙයි. අම්මා, තාත්තා, අක්කා, අයියා, සීයා, ආත්තම්මා, බජිවා, තැත්තා වැනි කුඩා වචන තමාට ඇසෙන පරිදි හසුරුවා දරුවා ඉන් පසුව වචන එක්කොට කුඩා වැකියක් තැනීමට උත්සාහ ගනී. මේ කාලයේදී දරුවා තමාට ඇසෙන ඕනෑම දෙයක් කීමට උත්සාහ ගැනීමත් තමා දකින ඕනෑම දෙයක් අනුකරණයට හුරුවීමත් ස්වභාවික සංසිද්ධියකි.

2013-11-21

සයිබරයේ අපි ආයිත් සෙට් වෙන්නයි යන්නේ වරෙල්ලා .......

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?



සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.

එහෙමනම් මෙන්න මෙතැන්ට ගිහින් වැඩි විස්තර බලාගන්නකෝ.. මේ ලිංකුව හැකිතාක් ෂෙයාකරමින් සහායක්ද දක්වන්න.

 http://cyberfestival.blogspot.com/





2013-11-17

චොගම් ගැන රජයේ දැක්ම


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් සිදු කර තිබීම සම්බන්ධයෙන් රාජ්‍යනායකයන්ගේ ප්‍රසාදය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පළ කෙරේ.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව සීඝ්‍ර දියුණුවක් ලබා ඇති ශ්‍රී ලංකාව ලොව දියුණුතම රටක් බවට අනාගතයේදී පත් වනු ඇති බවත් ඔවූහූ අවධාරණය කරති.




බ්‍රිතාන්‍ය අගමැතිව ඩේවිඩ් කැමරන් මහතා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පසුගිය දිනවලදී එක්වෙමිනි. 

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී 15 වැනිදා හමු විය.


බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සංවිධාන කර ඇති ආකාරය පිළිබඳව සිය සතුට පළ කළ බ්‍රිතාන්‍ය අගමැතිතුමා ඇතැමුන් යෝජනා කළ ද රැස්වීම වර්ජනය කිරීමේ අදහස තමා නොපිළිගත් බව පැවසීය. 

තමා උතුරේ කළ චාරිකාව සිහිපත් කළ කැමරන් මහතා ගැටලු අවසන්වීමෙන් පසු විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව දක්නට ඇතැයි සඳහන් කළේය. උතුරු පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වීම සමඟි සන්ධානය සඳහා ගනු ලැබූ අතිශය වැදගත් පියවරකැයි හැඳින්වීය.

එසේ වුව ද අවතැන් වූවන්, ඉඩම් ගැටලු, උතුරු පළාතේ හමුදාව රැඳී සිටීම සහ අලුතින් පත් වූ පළාත් සභාවට බලතල පැවරීම වැනි ක්ෂේත්‍රවල විසඳිය යුතුව ඇති ප්‍රශ්න තිබෙන බව කැමරන් මහතා කීය.

අවතැන්වූවන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, ගැටුම් සමයේ විනාශ කළ යටිතල පහසුකම් යළි ඉදිකිරීම වැනි අංශවල සුවිසල් වැඩ කොටසක් සම්පූර්ණ කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් පැහැදිලි කළේය. 

දේශපාලන කරුණු සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට පැමිණීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති බවත් අදාළ සියලූ පක්‍ෂවලට ඊට සහභාගී වී සිය අදහස් පළකොට එකඟත්වයකට පැමිණීමට හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

පොදු එකඟත්වයකට පැමිණීම සඳහා ඇති හොඳම වේදිකාව තේරීම් කාරක සභාව බව පැවසූ ජනාධිපතිතුමා ගැටුම් අවසන් වී තවම ගතවී ඇත්තේ වසර 04 ක් පමණක් බවත් ප්‍රධාන අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවට තව යම් කාලයක් අවශ්‍ය බවත් පැවසීය.

මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් ද 15 වැනිදා සවස සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී පැවැත්විණ.


 සිංගප්පූරු අගමැති ලී සියැන් ලූං මහතා

 ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා සමග

රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

 වනුආටු ජනාධිපති මොආනා කාර්කසෙස් කැලෝසිල් මහතා 
ජනාධිපතිතුමා මුණගැසුණු අවස්ථාව

 සීෂේල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

 සමාරම්භ උළෙලේදී ජනාධිපතිතුමා සහ චාල්ස් කුමරු

 වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැති රාජ්‍ය නායක සැසියේ අවස්ථාවක්

 රාජ්‍ය නායක ආර්යාවන්ගේ නිල ඡායාරූපය

 චාල්ස් කුමරු කොළඹ කෞතුගාරයට පැමිණි අවස්ථාව

 සමාරම්භක උළෙලේ නර්තන අංගයක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව මනාව සංවිධාන කිරීම ගැන ශ්‍රී ලංකාවට සහ ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළ සූමා මහතා දැනටමත් යහපත් මට්ටක පවතින ශ්‍රී ලංකාව සමග සබඳතා පුළුල් හා වැඩිදියුණු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ඇති කැමැත්ත පළ කළේය. 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය ආණ්ඩුව දක්වන අභිලාශය දැනුම් දුන් රාජපක්‍ෂ මහතා දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සමගි සන්ධාන කොමිසම හා ඒ පිටුපස වූ ක්‍රියාදාමය ගැන වැඩිදුර අධ්‍යයනය කිරීමට තමා කැමැත්තෙන් පසුවන බව පැවසීය. 

සත්‍යය කොමිසම ගැන වැඩිදුර හැදෑරීමට රාජපක්‍ෂ මහතා දක්වන උනන්දුව අගය කළ දකුණු අප්‍රිකානු ජනාධිපතිතුමා ඒ සඳහා දෙරට අතර දූත පිරිස් හුවමාරුව ක්‍රියාදාමය පහසුකිරීමට ඉවහල්වනු ඇතැයි සඳහන් කළේය.

වනුආටු ජනාධිපති මොආනා කාර්කසෙස් කැලෝසිල් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පෙරේදා (16) මුණගැසුණේය.

තම රටේ පැවැත්වෙන 2017 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව සංවිධාන කිරීම සඳහා සහාය දෙන ලෙස වනුආටු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතම සංවාද මණ්ඩපය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගැනීමෙන් සහය වීමට තමා සූදානම් බව රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාව මට මගේ රට වගෙයි යයි පැවසූ කැලෝසිල් ජනාධිපතිතුමා තම ජනතාව මෙන් ශ්‍රී ලාංකීය ජනතාව ද ආගන්තුක සත්කාරයට ලැදි, මිත්‍රශීලී සහ සිනහමුසු ජාතියක් බව කීය. වනුආටු ලොව ප්‍රීතිමත්ම ජාති ලෙස දෙවරක්ම ශ්‍රේණිගත වී ඇත.

ස්වාසිලන්ත අගමැති බානබස් සිබුසිසෝ ලමිනි මහතා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැ දුටු අතර ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබදතා වර්ධනය කර ගැනීමේ ස්වාසිලන්ත අභිලාශය පළ කළේය.

රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  හමුවිය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සත්කාරකත්වය සැලසීම වෙනුවෙන් සිදුකර ඇති සංවිධානය පිළිබඳව රුවන්ඩා ජනාධිපතිතුමා රාජපක්‍ෂ මහතාට ස්තුතිය පළ කළේය.

සිංගප්පූරු අගමැති ලී සියැන් ලූං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ ආරම්භක උළෙල අත්‍යාලංකාරව සිදු වූ බවත් අනතුරුව පැවති සාකච්ඡා හොඳින් කෙරීගෙන ගිය බවත් සිංගප්පූරු අගමැතිවරයා පැවසීය.

සමුළුවේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිතුමා කළ දේශනය ඇගයීමට ලක් කළ සිංගප්පූරු අගමැතිවරයා දේශනය නව අදහස්වලින් පොහොසත් එකක් යැයි පැවසීය.

විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. 

මෙන්න දැන් ලද තොරතුරු කීපයක් පස්වරු 4.50 

වසර තිහක ත්‍රස්තවාදයක් නිසා උද්ගත වූ ප්‍රශ්න විසැඳීමට කිසිවකු හෝ විසින් කාල වකවානු නියම කිරීම සාධාරණ නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.




එම ප්‍රශ්න විසැඳීමේ ක්‍රමවේදයක් දැනටමත් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා කලක් ගත විය හැකි බව පැවසූ ජනාධිපතිවරයා සතියකින්, මාසයකින්, මාස තුනකින් එය නිම කළ යුතු යැයි කීම අසාධාරණ බව පැවසීය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාපලන පක්ෂ එකතුව එමඟින් ලබා දෙන විසැඳුම ක්‍රියාවට නැංවීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වසර තිහක් දුක් විඳි ශ්‍රී ලාංකික ජනතාව ජීවිත් වීම අරඹා තිබෙන මොහොතක කරුණාකර සාධාරණ වී මෙම ප්‍රශ්න විසඳා ගැනීමට අපට උපකාර වන ලෙස විදෙස් මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් කරමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවට අද (17) එක්වෙමිනි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අවසන් ප්‍රගතිය මාධ්‍ය වෙත පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත් වුණු අතර තිරසාර හා සියල්ලන්ට සමව බෙදී යන සංවර්ධනයක්, කාලගුණ විපර්යාස, සංවර්ධන කටයුතුවලදී තරුණයන්ගේ දායකත්වය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණ සිටිති. අපට ව්‍යවස්ථාවක්, ඉතා හොඳ නීති පද්ධතියක් තිබෙන අතර එයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සියලු මැතිවරණ නිසි කලට පැවැත්වෙන බවත් ප්‍රකාශ කළේය. ජනතාව විසින් තමාට තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ජනතාව රැක බලා ගැනීමේ වගකීම තමා සතු බව පැවසීය. වසර 30ක යුද්ධයක් අවසන් කර ජනතාව ජීවිත ආරම්භ කළා පමණක් බවත් සැමගේ වගකීම වන්නේ ඊට සහාය දීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගැටුම් නිරාකරණය කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා ගැනීමට කණ්ඩායම් යවා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා තමා දකුණු අප්‍රිකාව සමඟ ඒ ගැන ප්‍රථමයෙන් කථා කළේ අද ඊයේ නොව තමා විපක්ෂයේ සිටියදී බව පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් ලෙස එහි වටිනාකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන කිරිමට පැමිණෙන් චීනය පමණක් නොව ලොව ඕනෑම රටක් සාදරයෙන් පිළිගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. දකුණු අප්‍රිකානු ජනාධිපති ජකොබ් සුමා, මැලේසියානු අගමැති නජීබ් රසාක්, සෙන්ට් කිට්ස් සහ නෙවිස් ජනාධිපති ඩෙන්සල් ඩැනියෙල්, ගයානා ජනාධිපති ඩොනල්ඩ් රමෝටා, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.



සේයාරූ චොගම් නිල මාධ්‍ය අංශයෙනි


දැන් කස්ටියට පුළුවන් කඩේ යනවා කියලා මට බනින්න. ඒ වගේම වැදගත් යමක් තියනවනං උපුටගන්න විවේචනය කරන්න මේ කෝක කළත් ඒ සියල්ල සතුටින් බාරගන්නත් සූදානම්.


2013-11-14

චාල්ස් කුමරුගේ චොගම් ආගමනය

මෙයිට සුළු මොහොතකට පෙර බ්‍රිතාන්‍ය යේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් හා කැමෙලා ආර්යාව ලංකාවට පැමිණි අවස්ථාවේ දසුන් කීපයකි මේ.

2013-11-08

විශ්වවිද්‍යාල සඳහා මේ වසරේ අවම z අගයන් මෙන්න

විශ්ව විද්‍යාල ප්‍රවේශයේ 2012-2013 අධ්‍යයන වර්ෂය සඳහා 2012 වසරේ පැවැති උසස් පෙළ විභාගයේ නව හා පැරණි විභාග ප්‍රතිඵල මත එක් එක් පාඨමාලා සඳහා බදවාගන්නා අවම z ලකුණු ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත ලින්කු ඔස්සේ ගොස් දැක ගන්න.

පැරණි නිර්දේශය

නව නිර්දේශය




2013-11-03

සහෘදයන් රෑනක් එක තැනකට එක් කරන්න වෑයමක්

බ්ලොග් ලියන කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි කෙන්ජිත් බ්ලොග් එකක් පටන් අරන්. ඉතින් කට්ටිය තාම ඒතැනට ගොඩවැදුණේ නැත්නම් මෙතැනින් ගිහින් ම එන්නකෝ ඒ පැත්තටත්. 

මුලින්ම බ්ලොග් කරුවන් දිරිමත් කරන කමෙන්ට් කරුවෙකු ලෙස පැමිණ මගේ බ්ලොගය හරහා රචනයට එක් වුණු කෙන්ජිගේ බ්ලොග් ආගමනය මගේ හිතට ඇති කළේ පුදුම සතුටක්.

2013-10-30

මෙච්චර කල් නටපු නැටිලි මදෑ පුතේ - BLACK money

සේයාරුව ගත්තේ මෙතැනින් www.romance-fire.com

පළිපාන හොටලයක් තුළ තුරුණු සුවය සොයද්දී නුවර ඔහුගේ මහ ගෙදර දී ඔහුගේ දෙන්නා දොමාල්ලෝ කතිකාවක නිරතව උන්හ. මේ ඉන් අනතුරුව යි.

2013-10-27

මොහාන් රාජ්ගේ ආදර පිම්ම - ලොවීනා

හිත මිතුරු මොහාන් රාජ් මඩවල ගෙන් ඇමතුම ලැබෙන විට මා සිටියේ බොහෝ වෙහෙසකර දින ගණනාවක් ගෙවා දමා ලද විවේකයක ගම කොනේ පිහිටි විල්ලුවක් අසබඩ මිත්‍ර සමාගමක ය. හිතාදර මිතුරාගේ ඇමතුම බොහෝ ඉසව් කරා විහිද ගියේ ය. 
“මගේ ලොවීනා පොත කියෙව්වද මචං“
“තරමක ලජ්ජාවක් ද මසිතට නැගිනි..... නෑ මචං තාම බැරි වුණා... විචාර කීපයක්ම නං කියෙව්වා මචං...“
රන්ජන්ගේ විචාරය කියෙව්වේ නැද්ද?

ඒකත් කියෙව්වා මචං....
එහෙනං උඹත් පොත කියවල බලපං.....
තවත් බොහෝ තොරතුරු හුවමාරුවෙන් පසු අපේ සංවාදය අවසන් විය..
වෙනදා රන්ජන් අමරරත්න දිනමිණ වෙනුවෙන් ලියූ හැම විචාරයක්ම පාහේ මේ අඩවිටය එක් විණි. බොහෝ විට දිනමිණ ට කලින් මේ අඩවියට එක් කරන්නට රන්ජන්ම කැමැති විය. වෙනදා කටගැස්ම වෙනුවෙන් රන්ජන් මේ විචාරය ලියන්නේ මගේ රාජකාරි මේසය අල්ලපු අසුනේ සිටය.. එහෙත් රන්ජන් සිළුමිණ පුවත් පතේ ප්‍රධාන කර්තෘ ධුරයට ගිය දා සිට එය ලියැවෙන්නේ එහි සිටය. අප දෙදෙනාගේ හමුව දුරස් වූ බැවින් කටගැස්ම මා අතට පත් වුයේ ද නැත. මොහාන් රාජ් ගේ ලොවීනා වෙනුවෙන් රන්ජන් අමරරත්න ලියූ මේ කටගැස්ම සටහන ද ලියැවෙන්නේ සිළුමිණ මුල් පුටුවේ සිට ය. මා හිතවතා වෙනුවෙන් රන්ජන් ලියූ එම විචාරය මෙසේ අද සමකයට එක් කරමි.

2013-10-22

test 1

අලුත් පෝස්ට් බ්ලොග් රෝල්වලට නොවැටේ මේ එය පරික්ෂාවකි.


පහත පෝස්ට් එක අප්ඩේට් වී නොමැත..

සොඳුරු වන අරණක මතක මං පෙත - කන්නෙලිය

2013-10-21

සොඳුරු වන අරණක මතක මං පෙත - කන්නෙලිය


දිනය ජූලි 13. දවස් ගානක් තිස්සේ  හුඟක් තැන් වලට වැටුණු වැස්ස නිසා, මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරපු අපේ ගමන අසාර්ථක වෙයිදෝ කියලා පුංචි බයකුත් තිබුණා. නමුත් උදේ ගමන පිටත්වුණු වෙලේ සිටම මග දිගටම තිබුණෙ හිතට සතුට දෙන කාලගුණයක්. අපේ කණ්ඩායම ඔක්කොම අට දෙනෙයි. උදේම පිටත්වුණු නිසා අපි අටදෙනාම හිටියෙ නොසෑහෙන විඩාබර ගතියකින්. උණු තේ එකක් බොන්න ලැබෙන්නෙ කොයි වෙලේද කියලා හිත හිතා හිටියෙ. අපි කෝරළේගම, අපේ නවාතැන්පොළට යනවිට හවස 4.45ට විතර ඇති.  අපිට ලැබුණු කාමර වල පිහිටීම දැක්කම ඇත්තෙන්ම තේ අමතකවුණා. කාමර මුහුණ පා තිබුණෙ අපූරු දොළ පාරකට. 


2013-10-11

මාත් එක්ක බස් එකට ගොඩවන්න එන්න


මේ ටිකේම බ්ලොග් පැත්තේ කරක්ගහන්න තිබුණේ බොහොම අඩු කාලයක්. ඉතින් ඒ කාලේ බ්ලොගක් දෙකක් කියෙව්වා මිසක කමෙන්ට් එකක්වත් දාන්න තරම් කාලයක් තිබ්බේ නෑ.
ඒත් අවිවේකයෙන් හෝ මේ සටහන කොටන්න හේතුව තමයි පොඩි ආරාධනයක් කරන්න. මේ ඉරිදා රාත්‍රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩසටහනට ගොඩ වදින්නේ මං. 
එදාට මේ වැඩසටහනෙන් මාධ්‍ය කලාව හා පුද්ගලික වල් පල් ටිකක් දොඩන්න තමයි හිතාගන ඉන්නේ.

ඉතින් සහෘද ඔබ සැමට එදාට බස් එකට ගොඩ වෙන්න ආරාධනය කරනවා.



මෙන්න බස් ලිංකුව මෙතැනින් බස් අහන්න හැකියි.



2013-10-09

සකුරා පිපී ඇතිදැයි බලන්න යන්න තරුණ ඔයාට වරමක්..!!!



ගිය සතිය පුරාම මා හට කාලය මිඩංගු කිරීමට සිදු වුයේ, දකුණේ නම දරාපු මා හිතවත් සුජිත් අයියා මෙහෙට එවපු නඩයක් සමගය.
ආව නාඩයත් එසේ මෙසේ අය නොවේය.
ඇමති,මල් හේන්,(හොර)ගව පට්ටි හිමිකරු වකුගේ කස්ටිය ය.
මෙහෙට ආපු ප්‍රධාන ම හේතුව වුණේ ඒ පවුල් වල අයගෙ ළමයි 8 දෙනෙක් පමණ ජපන් ඉස්කෝල වලට දාගන්න.
ඒ වැඩ ටික කරලා දීල රෝන්දේ යන එකත් කොලා මගේ වැඩවලට පොඩි විරාමයක් දීල.
ඇමතිගේ 60 පැන්න මාම තමා නඩේ ලොක්ක. කන්න,බොන්න,ලෙවන්න දෙයිය.
ඉස්කෝල වැඩ වලට යන දින දෙකේ ඇරුනම උදේ ඉදන්ම මාම කාරය එක්ක දෙකක් නමා ගන්නව සකේ.
සකේ වඩියක් උගුරට හලා ගත්ත ගමන් ඒ යකා කියන්නෙම ගමේ සුදුව වගේමයි කියල.
අන්තිම දවසෙ කස්ටිය එක්ක රැය පහන් කොලේ මුහුද මැද,cruiser බෝට්ටුවක.
එයාල ලංකාවෙන් ගෙනාපුව වගේම මෙහෙ ඒවත් එක්ක හොදට තිත තිබ්බ එලටම.
ඒ අතරෙ මාම කියන කෙනා මට මෙහෙම කිව්ව..

".,.දැන් පුතා කල වයසත්....හරි නේද..පෙළ...ව.....,.,..................,.,.,........
,.,.,........................,.,.,......................"

ඔය වගේ කතාවලින් පස්සෙ,කෑවද මන්ද මගේ කුටියට ඇවිත්......ලැපාට කොටපු දේවල් මෙතැන් සිට........................

සුහද ඇරයුමයි ඔබලාට/ඔයාලට.
බොදු/ගොවි/පහත රට 
ධනු ලග්නයෙන්/වෘශ්චික නවාංශකය/සිකුරු 7/අශ්ව යෝනි/පුවපල් නැකත් 
වයස අවු:36 ක් වුවද, 22ක හින්දි නළු පෙනුමැති,උස 5'9.5" ඇති,
පිය උරුමයෙන්, කටට බ්රේක් නොමැති ඇමති කෙනකුගේ නිවසට කිට්ටුවෙන් නාවලින් සියලු පහසුකම් ඇති දෙමහල් නිවසක් ද,
අක්කරය ශත ගානට මිල නියම කොට, මගේ පියාට රජයෙන් ලැබුන රෝස මල් වගාවත් සමග බංගලාව සහිත නුවරඑළියේ ඉඩමද,
ජපානයේ ප්‍රධාන නගර 4 ක තිබෙන ව්‍යාපාරික ස්ථානද,
ජනප්‍රිය ශ්‍රී ලාංකික ව්‍යාපාරික UWට අයිතිව තිබු,(ඔහු විසින් රබර් උදුරා දමා කොකෝ වගා කොට,ඔහු සුදු වෑන් එකෙන් ඉන්දුනීසියාවට ගියායින් පසු)කොකෝ උදුරා "පාම්"ගස් සිටුවන ලද,
දැනට පාම් ඔයිල් නිෂ්පාදනාගාරය සහිත අක්කර 800 ක මැලේසියාවේ පිහිටි ඉඩම ද,
අර ලංකාවෙ Rබිගෝ සුපර් මාකට් ගත්ත කෙනා කියනවනෙ, Rබිගෝ එක ගත්තෙ මාගෙ පොකැට් මනිවලට වියදම් කරන්න කියල.
අන්න ඒ වගේ ඒවත් මට තියෙනවා.
ඊ ලගට..................මාගෙ චරිතය...ගැන  කියනවනම්...ඉතාම සුළු..ඒ..කියන්නෙ..
දැනට ගැහැණු දැරියන් 9 දෙනකුට උසාවිය මගින් තීන්දු කල මිල අන්තිම ශතයට ගෙවා ඇත්තෙමි.
එය සිදු වුයේ මා ඇසුරු කළ යුවතියන් මා සමග තිතට මත තබපු වේලාවල, එයාලගෙ වීදුරුව මාගෙ අතින් බිදී ඇති බව ඔවුන්ගේ මාපියන් නඩු මගට බැස DNA පරීක්ෂණ වලින් ඔප්පු වූ බැවිනි.
18ට වෙනකන් මාස් පතා ගෙවන කේස් එකක්වත් නැත.
එහෙම වන මා.....පතනු යේ..
එහෙට මෙහෙට පැනීමේදී සහ තනිව සිටීමේදී ඉටි පන්දම් පත්තු නොකර එලිය බලන්න ගිහිල්ල යමක් වෙලා නම් සමාව දෙමි.
වයස 18ට පැන්න 24වත් ලගා වී සිටිය යුතුමය.
රූපය නම් අපායට කැලැන්ඩර් නොගසන රූපයක් තිබුනම හොදටම ඇතිය.
..............................................
>>පෙම් යුවලක් සේ ගිවිසා ගනිමු අපි..ඊඊඊඊ...
    කිසිදා වෙන් නොවෙනා...ආආආආආ...<<<

මේක බලල අදහසක් දක්වන්න කාරුණික වෙන්න.
                                                                             Kenji @ Japan

2013-09-30

ජප්පෝ මේවා දන්නවනම්.- Black Money - 6

ස්ථානය:-Cinnamon Grand Colombo
             Lobby

ඇමති:...හෙක්..හහ්..හහ්..හා...පලී.....චුට්ටක්.,.,පරක්කු උනා.,.,..,

පලිපාන: ...ආ..ඇමති තුමා...මමත් දැන් තමා ආවේ...
            අපි මෙතන කතා කරමු....ද...

ඇ: ...පිස්ෂුද.,.,.පලී...මේ තැන්වල...හෙක්..හොදට තියෙයි...හෙට උදේ...නෙමේ..
    ..තව ටිකකින්..අර වැබ් සයිඩ් ද...මොනවද කියන්නෙ.....ඒවල යයි..අපි...
    දෙන්නගෙ මුනුත් එක්ක..."ඇමති 20%කොමිස් කතා"කියල.....අර...අර..
    ..දැන් හැම තැනම ඉන්නවලු ගොස්පී කියල....එකාල වගයක්......

පලී: ...ok ..ok ..ඒ ගැන මොකුත් හිතන්න එපා ඇමති තුමා...අපි දෙන්නට ..
       කතා කරන්න වෙනම room එකක් ලෑස්ති කරල තියෙන්නෙ....අපි යමු...
       ......පුතා...මගෙ...1107...කී එක දෙන්න...Thanks ..........
.....................................................................................................

පලී: ..ගන්න ඇමති තුමා ...මොනවද මික්ස් කරන්නනෙ...මම නම් ඉතින්..
      ..අයිසුයි වතුරයි තමා......

ඇ: ...මට නම් ඉතිං...හැක්...හැක්...කොක්..කොක්...තමයි...හෙක්...හෙක්,,,
    ...ක්රාක්...ක්...ක්හුම්...ම්...අම්බෝ...බැරැන්ඩි..ක්හ්..ක්හ්..වල සැර...
    ඔන්න පලී...අද සෑ තමයි හෙක්... හෙක්...සෑ......
   අද අලුතින් පටන් ගන්න මෙගා එකේ,මේන් රෝල කරන ලපටි කැබැල්ල..
   එක්ක ඇදේ ඉදන්ම එයාගෙ රග පෑම දකින්න සැලැස්සුව...
   අපි දෙන්නගෙ කතාව ඉවර වෙච්ච ගමන්...සිරිය කැබලි ටිකත් එක්ක ...
    ඕටලේ...හෙහ්...
    ජයික් එකේනෙ ඉන්නේ...අතේ...දුර....හැක්..හැක්..හැක්..හේ..
    අරි..අපි කතාවට බහිමු පලී..............

පලී: ..දැන් ඇමති තුමා..ජපන් අයගෙ සැලසුම ගැන ඔබ තුමාගෙ අදහස ..
      ...මොකක්ද..?

ඇ: ...මරු...මරේ...මරු...හැබැයි පලී ඔය ශේරම වෙන්න ඕනා...මගේ අතින්..
     ...හරිය...

පලී: ..මෙහෙමයි ඇමති තුමා...ජපන් රජය දියුණුවෙන රටවල් සදහා උපකාර
       කිරීමට වෙනම ආයතනයක් පිහිටවල තියෙනව ජයික කියල......

ඇ: ...අප්පට සිරි .....හැක්..හැක්...බඩු ටික ඉන්නෙත් ජැයික්..එකේ..නේ ..

පලී: ..නැහැ..නැහැ..ඇමති තුමා..මම කියන්නෙ,Japan International Cooperation Agency (jicA )කියන ආයතනය ගැන.

ඇ: ..හෙක්..ඒම කියන්න එපෑ...හික්...සිංගලෙන්..හික්..හික්...
     ඉතිං පලී..ඔය බඩ කඩෙත්තුව මොකෑ කොරන්නෙ....???

පලී: ..ඔය ජයික ආයතනය ලෝකයේ දියුණු වන රටවල් සදහා නොයෙකුත් ආකාරයෙන් උපකාර කරනව.
      ප්‍රධාන වශයෙන් දුප්පත් කම නැති කිරීම,ඇතුළු ජනතාව ගේ සුභ සිද්දිය තකා උපකාර කිරීම ගැන තමයි ඒ අය වැඩ කරන්නෙ.

ඇ: ..අප්පට සිරි...ගජ...ඕක ..නියම ආයතනයක් ...නෙ...හැක්..හැක්..
     ඔය දුප්පත් හැත්ත ඉන්ද අපි පෝසත්...උනාට ...පලී.....
     ...ඔය ...හැත්ත...කව..දාකවත්..පෝසත්..,,.කොරන්න..නරකයි.....

පලී: ...මම හිතන්නෙ ඇමති තුමා ඔය ජපන් රජයත් ලෝකෙට පෙන්නන්න වෙන්න ඇති ඔය වගේ ආයතන පිහිටවාගෙන දුප්පත් රටවලට උදව් කරනව ඇත්තෙ.
 .... මොකද....එයාලගෙ කර්මාන්තශාලා,එක එක බලාගාර වලින් පරිසරයට වෙන හානිවලට වඩා ලෝකයට දෙයක්,එයාල කරන බව 

පෙන්වන්න වෙන්න ඇති කියලයි මම හිතන්නෙ...

ඇ: ...හැක්,.,.හැක්,.,.පලී...ත්..ඇවිල්ල....කැ..මේ....මේ...කැපු...... මේ..මේ..මාර පොරක්නෙ...
  .....ඒ රටේ ඉදගෙන..උන්ටම කපනව නේ...හෙක්..හෙක්..හේ.. ආපු ජප්පෝ මේවා දන්නවනම්...මෙහෙදී ම බඩ කපාන මැරෙනවා..,.,.හික්...හික්.....,

පලී: ...මේ කිව්ව ඒවා ඇමති තුමා එහෙම පාර්ලිමේන්තු ඇතුලෙදි ප්‍රකාශ විදියට කියවන්න එපා ජපන් රජය මෙහෙමයි වැඩ කරන්නෙ කියල එහෙම....
...අන්තිමට එහෙම වෙලා පත්තර කාරයො එහෙට කතා කරල ඇහැව්වොත් මට කියන්න වෙන්නෙ ඔබ තුමාව එකවරයි මුණ ගැසිලා තියෙන්නෙ,එහෙම දෙයක් කිව්වෙත් නැහැ කියල.
ඇ:අරි...අරි...පලී...ඊඊ...මම ඔය මැල වියලා,ඉංදි යල වගේ බයිලා කියන්නෙ නැහැනේ......
....ඒක..නෙමේ..පලී..මට සිරිය කිව්ව,මේ..මොනවාද..තව බිසිනස් වගයක් කොරන්න බලනව කියල...මෙහෙ...

පලී: ...ආ..ඔව්..ඔව්..මේ ...rice වලින් සකේ හදන්නයි,කජු පුහුලන් වලින් වයින්...හදන්නයි..ම්ම්....කිරි....නිෂ්පාදන.....

ඇ:කිරි කිව්වේ....තනද......කජුද......

පලී: ...තන.....?

ඇ: ..ඔව්..වොව්..වොව්..ඔන්න....ලේකම් කිව්ව කොහෙද කුප්ප රටක තන කිරිත් බෝතල් කොරල වෙළද පොලොට දානවා...කියල...

පලී:ආ...එහෙමද..?...ඉතින්..ඊයේ මගේ තාත්තයි මලික් අයියගෙ යාලුවො ටිකයි ඔය ගැන කතා කලා....

ඇ: ...අයියෝ...මලී...නෙහ්...පලී...ඔය ටික මට ලෂ්සනට කොර තැකී..නේ..
   බණ්ඩාර... කිව්වම...ලොක්ක ...හික්..ඔඅනම..එහෙකට ..අනුමතේ..හික්...

පලී: ...නැහැ ඇමති තුමා..තාත්තයි,මලික් අයියයි පාටියට ආපු නායක තුමයි කතා 
     කලයින් පස්සෙ..නායක තුමා හරියට සතුටු වුනා ප්‍රොජෙක්ට් ගැන...
     එවෙලෙම බොසා ට කෝල් කලා නායක තුමා...සේරම විස්තර කිව්වම බොසා
    හරියට සතුටු වෙලා...පළාත් බබාල කියන අය ගස් කපපු,පස් කපපු ඉඩම් 
    වගයක් තියෙනව ගලහ පැත්තෙ...ඒ පැත්තෙ ඉඩම් දෙන්නම්,ඒ ගැන වහාම 
    ක්‍රියාත්මක කරන්න කෙනෙක් ඉක්මනින් එවන්නම් කියල....
    නායක තුමා ට හරි සතුටුයි...ඇමති තුමා...හිනා වෙවී එයා කියනවා..
    පේනවා නේද....හැලප නොකා කෝපි විතරක් බිව්වම තියෙන සැලකිල්ල....
    කියල....හෙහ්...හෙහ්...

ඇ: ....මොකාද..ආවේ..පලී..ෂුවර්..එකටම...කොට...හු...මේ කවුද හැබෑට...
     ආවේ...?

පලී: ...මේ..කවුද...ටිකිරි....ව.ගෙ....න...

ඇ: ...මම කිව්වෙ....උපතින්ම කඩුව අරං....ආපු එවුන් කියල ....තමයි කියන්නෙ.
     ...මාලිගාවෙ පිං කැටේ,ඉදල රත්තරං ටිකයි,මාලිගාව වටේ තියෙන ගස්/ඉඩම්
    ටිකට ඒකා වගේම කොට නැලමේ එක්ක එකතු වෙලා කෙළවන කොට රැවුල් 
    බුවා නේද...?....හැක්...හැක්...

පලී: ..තාත්ත දන්නව ඇතිතිනෙ කට්ටියව...ඇමති තුමා...
       එහෙනම්...ඇමති තුමා...
       සැටඩේ....සෙනසුරාද..රෑට...ජපන් අය පාටියක් ලෑස්ති කරල තියෙනව...
      කට්ටියටම එයාලගෙ විදියට ශෂිමි ,සුෂී වගේ කෑම...

ඇ: .....අම්බට...උඩු...ඔය ශ්..ෂි....කියන කෑම..මගේ...ප්‍රියතම...එල..එල...

පලී: ...එහෙනම්...ඔබ තුමා අද මෙහෙනෙ..?  
      ළමයි ටික Hilton එවන්න මම යනව ඇමති තුමා..ගුඩ් නයිට්..
      ඔයස්මි.....නසායි.....!!!!
                                                                          
                                                                          Kenji @ Japan
මතු සම්බන්ධයි.
සේයාරුව ගූගල් වෙතිනි


2013-09-27

යකෝ සතාගේ නම තියන පෙති පැකට් එකක් ගෙනෙන් - Black Money - 5



ඇමති: ...හ්ම්ම්ම්ම්...සිරීඊ....අන්න පලිපානය ජප්පන්වත් අරගෙන නුවර ගිහිල්ල.....උගෙ පාදර් කාරය මාළිගාව වැදිල්ලේ ඉදල..,,කැපුවත් කොළ ලොක්කො සෙට් එකක් එක්ක පාටිත් සෙට් කොරල බං...,,


...සිරිට කිව්වේ නැද්ද නුවර යන සිං එක..,,

සිරි: ....මට කිව්වා....ඇයි ඇමතිතුමා....,,,

ඇ: ......ඇයි කියන්නෙ යකෝ මං හිතාගෙන ඉන්න දේවල් ඔලට වෙන මොක්කු හරි පැන්නොත්....??
...අර කැපුවත් පාට කාරයො ඉන්නේ වැලේ වැල් නැතිව....හිටපු වාචාලයො ටික නම් ගාන කපන් පැන්න....,,
අනේ මන්ද සිරීඊඊ .....පලියගේ වැඩ ටික ෂුවර් නේද....?????

සිරි:.....ඇමති තුමාට කිව්ව ප්‍රොජැක්ට් එක ෂුවර්....ඉතින් ඔබතුමාල හොඳ සායෝගයක් දුන්නොත්...ගොඩම තමයි....

ඇ: ..මම බැලුවෙ සිරි කුණු ටික අදින්න අපේ ලොකු මල්ලි ගෙ නමට අරගෙන ආණ්ඩුවෙන් ගාණක් කපන්න........
එහෙම අරන් ජප්පන්ට විකුණල එතනිනුත් ගාන කපන්න්...හැක..හැක්...හැක්.....කොහොමද මගෙ....හික්..හික්..හි.හික්...මොළේ...???

සිරි: ....මිස්ටර් පලිපාන කිව්වෙ ඔය කුණු නිකං ඕන කියල නේද..,,..ඇමති තුමා....,,?

ඇ: ....මාද්ධියට කියන එව්ව කවද්ද බං...අපි කොලේ..හෙක්..හෙක්..හික්...හේ..
එයාලට කියන්නෙ එකක් අපි කොරන්නෙ වෙන එකක් නොවැ.
ඒක තමා සිරි කියන්නෙ...උන්ට කුණු ඕන..,,උන් හදන්නෙ අපෙන් කුණු ටික අරන් සුද්ද කොරපු මුදු වතුර දෙන්න.....

කවුද යකෝ දන්නෙ ඔය සුද්දෙ දාන වතුරෙත් අර DCSL ද මොකක්ද මගුලක් තියෙනවද කියල...හ්ප්...,
නැද්ද මං ආන්නේ.....අනිත් ඒක අපිට වතුර මොනවටද...මෙච්චර ගගවල්,වැව වල් තියෙද්දී....
බොකු බඩවැල් දියවෙනව කියල කෑ ගාන එවුන් සුමාන දෙකයි නේ බං ජවුසන් නටන්නෙ නැද්ද හොදා.......
ඔය ජප්පෝ අපිට මොත්තේ දාල කුණු ටික නිකං අරං ගීල්ලා අරාබියන් ගෙන් ගාන මරනව ද...කවුද දන්නෙ....,.,
අපි නොදන්න හරිත ප්‍රොජැක්ට්....සිරි අර මැඩම් මොකක් ද කිව්වෙ....අර..අඅ.....
....වැබ් සයිඩ් ද..අ.අ.අ...මොකක්ද කියල..ඒ ගැන මොකුත් දන්නෙ වැයි..

සිරි: ....ආ,.,.ආ,.,.දවසක් ඇමතිතුමා අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
නලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ

ඇ: ...වොව්...වොව්...අපිම දීපුවනේ...ඒවා...අපි දුන්නොත් දෙයක් උන් බදාගෙනම තමයි ඉන්නෙ..,.,.කන බොන වෙලාවට විතරක් නෙමේ බං....කොටින්ම නිදා ගන්නෙත් ළග තියං....හාහ්,.,.හාහ්,.,.හා
එතකොට මොනවද,.,.ඔය වැබ් ද..හබ් ද..එවලින් කොරනව කියන්නෙ බං...,,,...,.

සිරි: ...ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....

ඇ: ....උඹේ සිරික්කිය නැතුව කියපන්..යකෝ,,..

සිරි: ...හ්ප්....ඇමති තුමාට කේන්ති යනවනේ....
....ඔය වැබ් එකේ රට පෙරළන්න,.,.,ලියන එව්වොත් අපෙන් කාල..අපේ..ලොක්කටම.,.,කතිරේ ගහන එවුන් 

ඇ: ...සිරි...දැන් මම,...යන්න ඕන..,.හෙට...අ...අ...අ...රෑ 9 ය වෙද්දි සහනයගෙන්......ඉන්න ඉටිකිරිස් ඒවලින් 4ක්...ඉල්ලන් වරෙන්....
කාලෙකින්.....ඔව්...වොව්...මට.............මතක ඇතුව අරව......පැකට්..එහෙකුත් ගෙනෙන්.....
කුඩ නෙමේ බං..ඒවානම් කාමරේ ඕන තරම් තියෙන්නෙ....
....යකෝ....සතාගෙ නම තියෙන පෙති පැකේට් එකක්....


Kenji @ Japan 
මතු සම්බන්ධයි


2013-09-23

ගුබ්බෑයමේ ඉඳල පොලිසියට කොටු වුණේ තමුසෙද? Black Money - 4


ඇමති: මොනවද ඔය පයිල් ගොඩ.............

මැඩම්: මේ...මේ....මේ සතියෙ දාන කැබිනට් පේපර් ටිකක්......
          දෙසරයක්ම පැත්තකට දාපු පේපර් දෙකත් මේ එක්කම                තියෙනවා....
          උපදේසකළ කියල දාගෙන ඉන්න එකාලට හරියට වැඩක් කරන්න  ඇහැක්ක....
           මේවා ටික හදෝගත්තේ සිරි අදුන්නල දුන්නු,ලගදි රට ඉදල ආපු මිස්ටර් ආරියනන්ද කියල කෙනෙකුට කියල...
            ආන්න... මිනිස්සු...හුක්..අපි ලග ඒවාගේ එකෙක් ඉන්නවද....?
            මම ඒකතමා කියන්නෙ දරුවෝ තුන් දෙනාව ඉක්මනට පිටරට ඉස්කෝලෙකට යවමු කියල.....


ඇ: එයාවත් සිරී මද සෙට් කොරේ...හැක්......හැක්........බැලුවම සිරී,පොරින් කටියම නොවැ ආස්සරේ. කෝ දෙන්න බලන්න ඔය ටික.....


මැ:...ඔහේ බැලුව කියල තේරෙනව යෑ.....සේරම ලියල තියෙන්නෙ ඉංගිරිස් වලින්නෙ....
        මම ළමයින්ගෙ ටියුසන් ටීචර්ට එන්න කිව්ව,මේ ටික සිංහලට පෙරලගන්න.....


ඇ:.....ඒක හොදයි...ඒක හොදයි....මේ සැරේවත් මේ ටික පාස් කොරෝගන්න ඕන අප්පා......


මැ:.....ඔව්ව්ව්...වොව්...හැම ඉරිදාම ලොක්කයිය උදේ පාන්දරම කට ගොන්නක් බීගෙන ඇවිල්ල...මිනිස්සු ඉස්සරහ.....
    අහනව අදත් මස්සිනා නැද්ද කියල...එයායිව කන්න හදනවලු චන්දෙට වියදම් කොරපු අයලා.....
      හැම ඉරිදකම මිදුලේ පිරිලා ගම් වල හැත්ත බුරුත්තම...මම තනියම උත්තර බදින්න ඕන හැම එහෙකටම......
      දැන් මාස ගානක ඉදල එක ඉරිදාවක් ගමේ හිටියද ඔහේ...හැම සිකුරාදා දවල් ගියාම දකින්නෙ සදුදා...
       එක එක හමුවීම් කියල මොන ගුබ්බෑයම් වල ලගින්න යනවද මන්ද.....?
       ඔන්න ලොකු පුතා කිව්ව මොනවද මේ..මේ...වැබ් සයිඩ් ද මොහොකද තිබුනලු ඇමති කෙනෙක් ගෑනු වෙලෙන්දියෙක් ගෙ.....
        ගුබ්බෑයමක ඉදල පොලෝසිය ට අහුවෙච්ච කතාවක්....


ඇ:..හැක්...හැක්...හැක්...ඕව අනේ....මඩ....මඩ...අපේ ජයග්‍රහණය දිරවන්නෙ නැති හැත්තගේ මඩ..අඅඅඅ....
          නැද්ද සිරීඊඊඊඊඊඊ.......මේ සිරී ගෙන් අහල බලන්න......
          මේ ජයතිස්සට ලොකු අක්කගෙ විස්තර ටික දීල එයයිගෙන්ම විස්තර ටික අහං අදම ඒ වැඩේ ඉවර කරලා දාන්න....
          පරම්පරාවම ගොඩ යන වැඩක් සිරී ගෙනල්ල තියෙන්නෙ....හෙක්..හෙක්..හෙක්....
...........................................................................................................


ඇ:....හලෝ...මිස්ටර් පලිපාන මම බණ්ඩාර ඇමති තුමා...හැක..හැක්..හැක....
කොහෙද ඉන්නෙ..තාම ඇදක් උඩද?...හික්..හික්.. 


පලි:....Good Morning ඇමති තුමා...,,මම ජපන් අය එක්ක Kandy ආව...


ඇ: ...ෂෙක්...ඇයි පලී මට කලින් නොකිව්වෙ...මම මාලිගාව ලෑස්ති කොරනවනේ ජප්පෝ ටික කොර වෙන්න......


පලී:..Thanks .....ඇමතිතුමා....මගේ තාත්ත් රන්ජන් අයියට කියල ඒ සේරම සුදානම් කරල තමයි අපිව මෙහෙට ගෙන්න ගත්තෙ...
        තාත්තගෙ යාලුවො කට්ටියකට ජපන් අයව මුන ගස්වන්නත් යොදා ගෙන තිබෙනවා.......


ඇ: ....පලී,..එහෙනම් අද හවස හෝටලේදි හම්බු වෙමු නේ...දෙන්නට තනියම කතා කරන්නත් බැරි උනා නේ..හාහ්...හාහ්...හේ..


පලී: ....Sorry ....ඇමති තුමා.....අද රෑට පාටියක් සුදානම් කරල මලික් අයියල ගෙ ගෙදර...
        මමත් අවුරුද්දකට විතර පස්සෙ ආව නිසා කට්ටිය හරි Happy එකේ ඉන්නෙ... 
        නෑදෑයෝ තාත්තට කියල මේ සැරේ නම් හොරෙන්ම යන්න දෙන්න බැහැ කියල...හි..හි..හෙහ්..හෙහ්...
       මට පේන්නෙ මෙයාලගේ සුදානමක් තියෙනවද කොහෙද මට නායක තුමාවත් මුන ගස්වන්න......
        රන්ජන් අයිය කිව්ව නායක තුමත් අද මාලිගාව වැද ගන්න එන කතාවක්....අපි හෙට මුණගැහෙමු ඇමති තුමා....


ඇ: ...හොදයි...හොදයි...එහෙම කරමු...හෙට හවස හත වෙද්දී හෝටලේ හරී...බීප්..බීප්..බීප්..බීප්..
මතු සම්බන්ධයි.

                                                                                Kenji @ Japan
කාටුනය ගූගල් වෙතිනි 

2013-09-19

ලස්සන දියණියන් තාත්තලාට බලය දෙන සැරසිලි ද? Tony abbott's campaign


ඔස්ට්‍රේලියා මැතිවරණ වේදිකාව මත පසුගිය දිනවල කම්කරු පක්ෂය හා ලිබරල් සන්ධානය අතර පැවැති උණුසුම් වාද විවාදවලදී කාබන් බද්ද, සංක්‍රමණික ප්‍රශ්නය වැනි සංවේදී මාතෘකා ද තිබිණි. මේ වාද විවාද අස්සේ ලොවපුරා ආකර්ෂණයට ලක් වූ තවත් දසුනක් විය. ඒ, ඇහැට – කනට පෙනෙන සිය තරුණ දියණියන් තිදෙනා ද පිරිවරාගත් ලිබරල් පක්‍ෂ නායක ටෝනි ඇබට්ගේ මැතිවරණ ව්‍යාපාරයයි.

2013-09-17

සීපද අග පදය පේළියට ලියන හැටි - Test


මෙය අත් හදා බැලීමකි. සඳැස් කවියක් එළිසම රැකෙන්න බ්ලොගයට දමන හැටි මා මාතලන්ගේ බ්ලොගයෙන් අසා සිටියා. එය ට නිසි පාර ඉවාන් පෙන්නලා තිබුණා. මා මෙසේ අත් හදා බලන්නේ අලුත් මල්ලීගේ නවතම සොයාගැන්මත් එක්කයි. ඒ ගැජට්ටුව මෙතැනින් ගිහින් බුක් මාක් එකක් දාගන්න. කවි ලියන හැම දෙනාටම මෙය අතිශය වටිනවා. ඉතින් මුලින්ම තෝරගත්තේ ඉවාන් මලයා මට දාපු කවි ප්‍රතිචාරයක් සහ එයට දුන් මගේ පිළිතුරයි

       
යන්ට හිතෙනව බුකිට්බිත්තන්
දකිනකොට අර චූටි ගැට තන්
සරත් අයියත් එක්කයන තැන්
නලින් අයියා වගේ මුත්තන්
  
ප්‍රගිත් වැනි තරුණ කොල්ලන්
ගිහින් එන්නට ඕන මේ තැන්
සරා වැනි උන් ගිහින් ආ තැන්
මමත් ගියහම වරද කිම බන්
  

2013-09-15

මැලේ රටේ රාත්‍රියක් - Nightlife in KL Malaysia


බුකිට් බින්තන් හි දසුනක් සේයාරුව ගූගල්ගෙන් ගත්තේ
මේ විදියට අප කැමරා රැගෙන ගියේ නැත
මැලේසියාවේ ගෙවු දෙවන දින සවස් කාලය කුරේ සමග ගත කරන්නට ලැබිමෙන් අපි බොහෝ තැන් දැක ගත්තෙමු. වසර ගණනක් පුරා එරටේ දිවි ගෙවන්නකු ලෙස ඔහු ලත් අද්දැකීම් මත අප යා යුතු තැන් කියා දුන්නා පමණක් නොව ඒ තැන් කරා ඔහුගේම වාහනයෙන් අප රැගෙන යන්නට ද මේ සයිබර් මිතුරා අමතක නොකළේ ය. එහෙයින් ම අපට වෙනත් සංචාරකයෙකු ට අත් විඳින්නට නොලැබෙන ආස්වාදයක් මිහිරක් ලබන්නට ද අවස්ථාව උදා විය.

ආදර සරත් අයියා ගේ හමුව තවත් දිනකින් පසුව සිදු වුවත් සරා හා ගෙවුණු කාලයේ පිංතුර කීපයක් මෙතැන ට එක් කරන්නේ හිතවත් බ්ලොග් කරුවන් කීප දෙනකුම ඒ ගැන විමසා ඇති නිසාවෙනි. සරා පමණක් නොව පැතුමා මෙන්ම සිරාව ද මට මැලේ රටේ දී මුණ ගැසිණි.

සරත් ලංකාප්‍රිය සමග

බිත්තියේ පැතුමාව හමුවෙන්නත් අමතක කළේ නෑ


බ්ලොගය නිසා හට ගත් මිත්‍රත්වය
එදින රාත්‍රියේ අපේ සැලසුම් මොනවාද යන්න වීමසූ කුරේ අප අනුගමනය කළ යුතු දේ ද මැනවින් පහදා දී අපෙන් සමුගත්තේ ඉර අවරට ගොස් හෝරා කීපයක් ද ගෙවීමෙන් අනතුරුවය.

ක්වාලාලාම්පූර් පුරවරය රාත්‍රියට තරුණය. කොහේ සිට බැලුවද විදුලි ආලෝක සළුපිළියෙන් හැඩ වුණු පෙට්‍රෝනාස් හා කේඒල් ටවර් අප දෑස ඉදිරිපිට යෝධයන් සේ දිස්වෙයි. රාත්‍රි වින්දනයට චයිනා වීදිය ද කදිම තැනකි. කුරේ ගේ උපදෙස් මත නන් ඉයෑන් හෝටලයේ ම සිට මැලේ මධු විතක රස බලමින් හෝරාවක් දෙකක් ගෙවා දැමූ අප චයිනා වීදියට පිළිපන්නේ රාත්‍රී 10ට පමණය.

මහත් අරුමයකි. සැදෑ කාලයේ සාමාන්‍ය පාරක් සේ දිස් වුණු චයිනා වීදිය දැන් සැණකෙළි සිරියක් උසුලයි. විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් ජනී යනයා දස දහස් ගණනෙකි. මග දෙපස විවිධ වර්ගයේ කෑම වර්ග සාදන සංචාරක අවන්හල් ය. මේ සෑම දෙනාම සොම්නසිනි. එකෙකුගෙන් අනෙකාට කිසිදු හිරිහැරයක් නැත. මේ නම් කන්නම උපන් ජාතියක් යැයි මට සිතේ. හැමෙකෙක්ම මහ විසාල ආහාර තොගයක් ගිල දමති. දුම් දමන විවිධ අහරින් මේ හැම කෙනෙකුගේම මේස පිරී ඇත. මැලේ ජාතිකයෝ කන්න ම උපන් ජාතියක් යැයි සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා ලියූ සරවක් නදිය දිගේ නම් පොතේ තැනක ඇත. එම පොත දොරට වැඩියේ අප මැලේ රටට එන්නට දින දෙකක් තිබිය දී මෙපුරවර යේ දී ම ය.

කොහොමද හිච්චි එකී


චයිනා වීදියේ කෑම


මුං රෑටනේ කුරුම්බා බොන්නෙත්

මේ ආප්ප නොවේ බත් වගේ කෑමක් ඊයම්
කොලයක් ඇතුලේ තමා තැම්බෙන්නේ



ඈතින් දිස්වන්නේ KL කුළුණ

අවට විසිතුරු දකිමින් නෙතට අහර ගනිමින් අපි දෙදෙන වීදි පුරා ඇවිද්දෙමු. ඒ ඉඳහිට තැනක සිට සුරුපිනියන්ගෙන් අපට ඇරයුම් ය. කිසිවෙකුගෙන් කිසිවෙකුට තහංචියක් ද නැත. එහෙත් අප සියල්ල නෙතින් දකිමින් සිත් සේ ඇවිද්දෙමු.

දැන් වේලාව මධ්‍යම රාත්‍රීයට ආසන්න ය. කුරේ මෙන්ම හිතවත් සරා අයියා ද කියා තිබූ පරිද්දෙන් අපගේ මී ළඟ සැලසුමට කාලය පැමිණ ඇත. ටැක්සි රථයකට අත දැමූ අපි බුකිට් බින්තන් යැයි කීවෙමු. මිල රිගිට් 20කි. කල් වේලා ඇතිව නියම මිල ගණන් දැනගන සිටි බැවින් අපි එය රිගිට් 10 දක්වා අඩු කරගන ගමන ඇරඹුවෙමු.

බුකිට් බින්තන් යනු සුපිරි සංචාරක වීදියයි. චයිනා වීදිය සුර පුරක් නම් බුකිට් බින්තන් යනු දෙව්ලොවකි. 
ලොව සුපතල කොක්ටේල් මධු විතක් තොල ගාන්නට ද රිසිසේ නැටුමින් ගැයුමෙන් වැයුමෙන් පිරිපුන් ආස්වාදයක් විඳගන්නට ද මේ කදිම වීදියකි
විදිය දෙපසම විවිධාකාරයේ රාත්‍රී සමාජ ශාලා ය. ඒ හැම තැනකම සංචාරකයෝ කති බොති නටති විනෝද වෙති. මේ විදියේ සරන්නට අප යද්දී කැමරාවක් රැගෙන නොයාම ගැන දැනුදු ඇත්තේ විස්සෝපයකි. කුරේ සහෘදයා අපට උපදෙස් දුන්නේ රාත්‍රී ගමන්වලදී කිසිම දෙයක් රැගෙන නොයන ලෙසයි. පාස්පෝට් එක හා අවශ්‍ය තරමට මුදල් හැරෙන්නට වෙන කිසිවක් අප රැගෙන නොගියේ එහෙයිනි.

එකී විදියේ වූ කැරෝකේ ශාලාවකට වැදුණු අපි කොක්ටේල් වඩියක් තොල ගාමින් මියුරු සංගීතය හා මුසුව නැටුවෙමු. සිත් සේ විනෝද වූයෙමු. නැටුමේ අපේ තනි නොතනියට එක් වන්නට සූරූපිණියන් එකිනෙකා පොර කති. කලින් වූණු දැනුවත් කම හේතුවෙන් මේ සියල්ල උපේක්ෂාවෙන් විඳගන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ ආඩම්බරය මුසු සතුටකි.

පහත සේයා රූ සියල්ල බුකිට් බින්තන් හි විවිධ අවස්ථාය. ඒ සියල්ල ගූගල් වෙතින් උපුටාගන්නා ලදී







සිරි නරඹමින් විදිය දිගේ ඇදෙන ලොව විවිධ රටවල සංචාරකයන් ආකර්ශණය කරගන්නට විවිධ ජාතින්ගෙන් යුත් සුරූපිණියන් ගන්නා වෙහෙස ඇත සිට නැරඹීම ද ආස්වාදයකි. මෙහි කිසිදු ජාතිවාදයක් නැත ආගම් වාදයක් නැත. සියල්ලෝම මනුස්සයෝ ය යන්න මැනවින් පසක් වෙයි. එකම තැන රුසියානූ,චීන,ජපන්,මැලේ,නයිජීරියා,සුරූපිණියන් ය.ඇතමෙක් රන්වන් පැහැතිය. තවෙකෙක් සුදෝ සුදු ය. ඒ අතර කළුම කළු අප්‍රිකානු සුරූපිනියන්ද වෙයි. මේ හැමෝගේම අරමුණ සංචාරකයෙකු තම ගනුදෙනු කරුවා කරගැන්මයි.

පුදුමයකි අප දුටු අයුරින් මේ කෙල්ලන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ කළු කෙල්ලන්ට ය. අතිශය විනෝද බර මොහොතක වුව මගේ සිතේ මේ කෙල්ලන් ගැන ඇති වූයේ අනුකම්පා සහගත හැගුමකි. ජීවිතය ජය ගන්නට නේ තම මවු රටවල් අතහැර නොදන්නා රටක මේ සේවා සපයන්නේ.

මේ අනුකම්පා සහගත හැගුම මසිත වඩාත් තීවෘ වූයේ මේ කෙල්ලන් අතර සිංහල කෙල්ලන් ද සිටි නිසාවෙනි. ඔවුන් මුලින් සිතුවේ මාත් මිතුරාත් ඉන්දියන් හෝ පකිස්ථාන් ලෙසය. අප ශ්‍රී ලංකාවෙන් බව දන්නේ නම් ඔවුන් මග හරිනවා නිසැකය. අප බොහෝ දේ කතා කරම්න් සිට එකවරම සිංහල බසින් ඇය ඇමතූ කල ඇගේ මුහුණේ ඇති වූ දෝමනස්ස සහගත පෙනුම මගේ හදවත තාමත් හඬවයි.

මෙවන් ඉරණමකට අපේ කෙල්ලන් පත් ව ඇති අයුරු මා නොලියමි. මැලේ රාල යම් දිනෙක ඒ ගැන ලියාවි. මැලේ රාල දැනට ලියන දේ අනුව මේ ගැනත් ලියනු ඇත යන්න මගේ අනුමානය යි. නැතිනම් මගේ ඇරයුම මැලයෝ ඒ ගැනත් නුඹ නොදන්න විදියක් නෑ. ලියපන් ඒ වගත් තවත් අපේ කෙල්ලන් අමාරුවේ වැටීමෙන් වළකාගන්න.

උතුරා යන සතුටත් වින්දනයත් මිහිරියාවත් ඒ යටින් දිවයන සාංකාවත් සමගින් අප අලුයම් කාලයේ නැවතත් නවාතැනට පැමිණියෙමු. නිදි නැති දවසක තව හොරාවකින් පමණ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස් නරඹන්නට යා යුතුව ඇත. මේ හෝරාව ඒ අඩ නින්ද ට යි.
හමුවෙමු තවත් කොටසකින්.