මහින්ද හිමියන්ගේ කවි වලින් දරුවන්ට උගන්වන්නේ කොහොමද?
කුඩා දරුවෙකුගේ මුවින් තාලයට ගිලිහෙන සුරතල් කවි පදයක් ඇසීම මවකට පියෙකුට මෙන්ම ඕනෑම වැඩිහිටියෙකුට සතුට දනවන කාරනාවකි. මවුකුසින් මෙලොව එළිය දකින දරුවා සමාජයේ විවිධ දේ ක්‍රමානුකූලව දකිමින් බහතෝරන වියට පත්වෙයි. අම්මා, තාත්තා, අක්කා, අයියා, සීයා, ආත්තම්මා, බජිවා, තැත්තා වැනි කුඩා වචන තමාට ඇසෙන පරිදි හසුරුවා දරුවා ඉන් පසුව වචන එක්කොට කුඩා වැකියක් තැනීමට උත්සාහ ගනී. මේ කාලයේදී දරුවා තමාට ඇසෙන ඕනෑම දෙයක් කීමට උත්සාහ ගැනීමත් තමා දකින ඕනෑම දෙයක් අනුකරණයට හුරුවීමත් ස්වභාවික සංසිද්ධියකි.
බහතෝරන දරුවා කුඩා වියේදී කවිගායනයට හුරුවන්නේ වැඩිහිටියන්ගේ නිවැරදි මඟපෙන්වීමෙනි. අම්මා, තාත්තා, ආච්චි අම්මා සහ සීයා සෙවනේ ක්‍රමයෙන් වැඩෙන දරුවා ඔවුන් විසින් කියනු ලබන කවි වලින් අහුලාගත් වචන මුල් වියේදී තාලයට ගයනු ලැබේ.
උදාහරණයක් ලෙස
'අම්මා ගෙදර නෑ
මල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා
නලව ගන්නවා"
වැනි කවියක් කුඩා දරුවකුට හුරු කිරීමේදී මුලිකව නෑ, වා, දීල, වා වැනි අවසන් පද පමණක් ගායනා කරනු ලැබේ. ඉන් අනතුරුව වර්ධනය වන දරුවා ක්‍රමයෙන් කවියෙහි කොටස් අහුලා ගනිමින් මතකයෙන් මුළු කවියම ගායනා කරනු ලැබේ.
මේ සාමාන්‍ය දරුවකු කවිය මුලිකවම හුරුවන අවස්ථාවකි. ඉන් පසුව මව, පියා, සීයා, ආච්චි, මාමා, නැන්දා හෝ දරුවාට සමීප ඥාතීන්ගේ මඟපෙන්වීම සහ අත්වැල යටතේ දරුවා කවි සහ ගීත ගායනයට යොමුවෙයි. මේ අතරතුර දරුවා කතන්දර කීමටත් පරිසරයේ විවිධ සිත ගිය තැන් සමඟ කතා කිරීමටත් පෙළඹෙයි.
මේ අවධියේදී දරුවාට ගෝචර දරුවන්ට ඕනෑම තැනකදී ඉදිරිපත් කළ හැකි උසස් නිර්මාණ හුරුකරවීම මවුපියන්ගේ වගකීම සහ යුතුකම වෙයි. මන්දයත් දරුවා ක්‍රමයෙන් වර්ධනය වීම සමඟ ඔහු හෝ ඇය ඉදිරියට ගෙන යන්නේ කුඩා වියේදී උගත්, ඇසුණු දැනුනු රසාස්වාදනය හෙයිනි.
මේ ලිපිය ලියන්නට හේතුවු කාරණය සංවේදී සිදුවීමකි. අපගේ මිතුරන් පිරිසක් දරුවන් සමඟ එක්දින චාරිකාවකට සහභාගි වුහ. මෙහිදී දරුවන් එළිමහන් බිමක මවුපියන් ඉදිරියේ තමා උගත් කවි ගී ගායනා කලේ චාරිකාවේ සතුට දෙගුණ තෙගුණ කරන්නටය. ඇතැම් කුඩා දරුවෝ ඉංගී‍්‍රසි ළමා ගීත ගැයු අතර තවත් දරුවන් කිහිප දෙනෙකු සිංහල ළමා කවි ගීත ගැයුහ.
මේ අතර ඉදිරියට පැමිණි එක් දරුවෙකු
'පිස්සු හැදෙනවා ඔයාගේ ඇස් දෙක දැකලා
ලව් කරන්න මටත් හිතෙනවා
මගෙ හදවත කීරි ගැහෙනවා
අම්මපා අඩු වයසින් මමත් බඳිනවා"
යැයි කියාගෙන ගියේය. එකවරම මව්පිය සැවොම නිශ්ශබ්ද වු අතර මේ කුඩා දරුවාගේ මව සහ පියා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට පටන්ගත්තේය. අනෙක් දරුවන්ද මේ අළුත් කවිය
කුමක්දැයි තුෂ්නිම්භූතව බලා උන්නේය.මේ සිදුවීමෙහි වැරුද්ද බොහෝ දෙනෙකු පැටවුයේ මාධ්‍යයටයි. නමුත් මා දකින පරිදි මේ සිදුවීමෙහි සෘජු වැරුද්ද ඇත්තේ මවුපියන් අතය. ඔවුන් මේ තුන් හැවිරිදි දරුවාට අර්ථවත් නිර්මාණයක රසාස්වාදය සපයා නැත. මේ නිසා මාධ්‍යයට දොස් නැගීම අර්ථ ශූණ්‍ය කටයුත්තකි. සැබැවින්ම මේ තත්වයට
සීයයට ගණනක් මාධ්‍යය වගකීව යුතුය. ඩෙංගු යනු රෝගයකි. රෝගයෙන් වැලකී සිටීමට අපි අවට පරිසරය පිරිසිදුව තබාගත යුතුය. අර්ථ ශූන්‍ය නිර්මාණ ප්‍රචාරයද දිනෙන් දින අපේ දරු පරපුර බිලි ගන්නා රෝගයකි. නමුත් මවුපියන්ගේ අවධානය සහ දැනුම මේ රෝගයෙන් දරුවා මුදා ගැනීමට හේතුවනවා නියතය.
බොහෝ විට මවුපියන් දරුවන්ට කවියක් ගීතයක් කතාන්දරයක් කියාදීමට දන්නේ නැත. ඒ නිසා ගුවන් විදුලිය, රූපවාහිනිය හෝ ගී තැටි ප්‍රචාරය කරමින් දරුවා ඒ ඉදිරියේ හිදුවා තබමින් තමාගේ වැඩක් කර ගැනීමට ඔවුහු පෙළඹී සිටිති. මෙය ඉතාම ඛේදජනක ඉරණමකි. ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ විකාශය වන ඕනෑම දෙයක් දරුවා ක්ෂණිකව ග්‍රහණය කර ගනී. නමුත් මේ බොහෝමයක් නිර්මාණ ළමා මනසට ගෝචර නිර්මාණ නොවෙයි. ඉන්සිදුවන ඛේදජනක ඉරණම කුමක්දැයි ඔබට හදුන්වා දිය යුතු නොවන්නේ
පෙර කතාන්දරය තුළ මේ දුක්බර තත්වය අපුරුවට ලියැවී ඇති නිසාවෙනි.
මෙවැනි කරුණු කාරනා රැසක් හේතුකොට ගනිමින් "දියණී" වරින්වර මෙවැනි අරුත්බර ලිපි ඔබේ දෙනෙතට සමීප කරවන්නේ දෙනෙතින් දැක බුද්ධිමත්ව සිතා ඔබේ දරුවා හෝ ඔබට හමුවන ඔබය ඇසුරු කරන්නට ලැබෙන ඕනෑම කුඩා දරුවකු යහපත් නිර්මාණ ඇසුරට පත් කිරීමේ ධෛර්ය ශක්තිය මෙන්ම බුද්ධිය ඔබට ලැබේවායැයි පතමිනි. එවිට යහපත් අර්ථවත් ගුණවත් නිර්මාණ ඇසුරේ හැදෙන වැඩෙන පරපුරක සිහිනය අපට සැබෑ කරගැනීමට හැකිවනවා නියතය.
අද අපි එස්. මහින්ද හිමියන්ගේ ළමා පද්‍ය සාහිත්‍ය පිළිබඳව විමසා බලමු. මේ කරුණු දරුවන්ට කියා දෙමු. මේ අර්ථවත් කවි දරුවන්ට හුරු කරමු.
එක දහස් නවසිය එක වර්ෂයේ හිමාලයට නුදුරු සුන්දර ටිබෙට් දේශයේ ගැමි සුවඳ උතුරා පිටාර ගලන සිකිම් ගම්මානයේ උපත ලද ටසිලිම් ගල් තම ලද දරුවා අපේ රටේ ප්‍රසිද්ධත්වයට පත් වන්නේ එස්. මහින්ද හිමියන් ලෙසටය.
1914 වසරේදී අපේ ලක්දිවට පැමිණ රත්ගම සිරිමුල සුමන හිමියන්ගෙන් සිප් සතර හැදෑරු එස්. මහින්ද හිම්යන් සිකිමි මහින්ද නමින් දොඩන්දූවේ ශෛල බිම්බාරාමයේදී අමරපුර
නිකායෙහි පැවිද්ද ලබා ගත්තේය.
විදේශිකයකු ලෙස මෙරටට පාත්‍රවු එස්. මහින්ද හිමියන් හොදින් සිංහල උගත්තේය. ඉන් පසුව සිංහල ජාතිය අවධි කරලීමේ උදාර චේතනාව ඇතිව උන්වහන්සේ සාහිත්‍යකරණයට අවතීර්ණ වුයේ ඔවා 'මුතුදම" රචනා කරමිනි.
ජාත්‍යාලය ජාතික හැඟීම පුබුදුවාලනු පිණිස මහින්ද හිමියන් විසින් කෘති දෙකක් රචනා විය. කවිමිණ, පහල බාලාංශය ළමා කවි කළඹ ළමා කවි කළඹ නිදහසේ මන්ත්‍රණය ලංකා මාතා වැනි කවි රචනා කල උන්වහන්සේ චරිත කතා කිහිපයක්ද රචනා කලසේක.
මහින්ද හිමියන් දරුවන් වෙනුවෙන් පැබැදු නිර්මාණ අදටද අපේ දරු පරපුර මහත් ආදරයෙන් වැළදගනු ලබන්නේ ඒ කවි තුළ ගැබ්ව තිබෙන සර්ව කාලීන ගුණාංග හේතු කොට ගනිමිනි. එසේම දරුවන් වෙනුවෙන් මහින්ද හිමි ලියු කවි තුළ අන්තර්ගත විශේෂ ලක්‍ෂණ බොහෝය.
ඉන් පළමුවැන්න උන්වහන්සේ දරුවාට අතිශය සමීප මාතෘකා තමන්ගේ නිර්මාණ වලට දායක කර ගනීමයි. එමෙන්ම එම මාතෘකා ඕනෑම දරුවකු දන්නා හදුනන සජීවි මාතෘකා වීමද සුවිශේෂත්වයකි.එමෙන්ම මේ කවි තුළ හමුවන බොහෝ වස්තූන් දරුවාට හිතෙහි මවාගත හැකිි අතිශය සරල සුන්දර ඒවාය.
ඒ නිසාම මහින්ද හිම්යන්ගේ කවි ගායනා කිරිමේදී දරුවාට සංකල්ප රූප උපදවා ගැනීම ඉතා පහසු කටයුත්තකි. එමෙන්ම මේ කවි තුළ ගැබ්ව ඇති සරල වස්වහරක් දරුවිට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වචන රටා යොදා ගැනීමත් තවත් සුවිශේෂත්වයකි.
'හඳහාමී අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුළං දැල් විදින්ට
දොරට යන්න හොද වෙලාව"
මෙම කවියට වස්තු බීජය වන හඳහාමී දරුවන්ගේ ලෝකයේ අමිල වස්තුවකි. කුඩා කාලයේ සිටම සඳට ආදරය කරන දරුවෝ රාති‍්‍රයට හඳමාමා දෙස බලා පී‍්‍රතියෙන් උතුරා යති. ඒ නිසාම දරුවන් සඳට සිනාසෙති. කවි කියති කතාන්දර කියති හඳමාමාට පෙනෙන්නට බත් කති. ඒ නිසාම මෙම කවිය දරුවාට ඉතාම සමීප මාතෘකාවකි.
හඳහාමි දරුවන්ට සිනාසෙන බව කියන මහින්ද හිමියන් මේ ජනිත කිරීමට උත්සාහ ගන්නේ දරුවා සහ සඳ අතර ඇති නොබිදෙන බැදීමකි. දරුවන් සඳ සමඟ කොතරම් සම්බන්ධ ද ඉර සමඟද දරුවන්ගේ ඇත්තේ එවැනිම සබඳතාවයකි.
මේ සබඳතාවය වස්තු බීජය කොට ගනිමින් මහින්ද හිමියන් රචනා කරන ලද 'හැන්දෑව" නම් පැදි පෙළද දරුවන්ගේ සිත තුල චිත්තරූප ජනිත කිරීමට සමත් වු නිමැවුමකි.
'නිල් රෙද්දක රන් තැටියක්
හංගන හැටි මෙන්න කියා
රන්වන් අපේ ඉරු දෙවියෝ
හැංගෙති මහ මුහුදු කුසේ"
මුහුද දෙසින් ඉර බැස යන දර්ශනය දරුවන්ට ගෝචර පරිදි මහින්ද හිමියන් නිමවන්නේ හරි අපුරුවටය. මහ මුහුද නිල්පාට රෙදි කඩකඩ උපමා කරන මහින්ද හිමියන් ඉර උපමා කරන්නේ රන් තැටියකටය. මේ කවිය කියවන දරුවගේ සිතෙහි මේ අපුරු චිත්‍රය ඉතාමත් ඉක්මනින් මවාගත හැකිව ඇත්තේ ඉතා සරල දරුවන්ට උචිත උපමා භාවිතය හේතුකොට ගත් නිසාවෙනි.
සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොල පිට්ටනියක්
වගෙය අහස අන්න බලනු
කොච්චර ලස්සලද රූට
බකමුනෝ පියා ඹතී
අනෙක් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසති
මේ කවිය තුළ ගැබ්ව ඇති සොබාදහමේ අපුර්වත්වය කැටි කොටගත් රාති‍්‍රය රචනාවක් බදු වුවකි. මේ කවිය කියවන දරුවාගේ සිතෙහි රාති‍්‍රය පිළිබඳ ඇතිවන්නේ ආනන්දනීය හැගීමකි. මේ කවිය දරුවාට කියාදෙන දෙමවුපියන් රාති‍්‍රය පිළිබඳ දරුවාගේ මනසට අපුරු චිත්‍රයක් එන්ත් කිරීමේ වගකීමද බාරගත යුතුය. බකමුණන් පියාඹද්දී අනෙක් කුරුල්ලෝ නිදන්නේ ඇයි? මෙවැනි කරුණු මේ කවිය සමඟ මවුපියන් දරුවන්ට අවබෝධ කල යුතුය. මහින්ද හිමියන්ගේ මේ කවිය දරුවාට රාති‍්‍රය ගැන කියාදෙන කදිම තක්සලාවක් බදුය. දරුවාට මේ කවියෙහි ඇති අරුත කදිමට වටහාදීම දෙමාපියන් වන ඔබේ වගකීමකි. මේ කවි තාලයට ගයමින් දරුවාට අවබෝධ කරදීම උසස් නිර්මාණශීලි චින්තනයකින් හෙබි දරුවකු බිහිකිරීමට හේතුවනවා නියතය.
විවිධ කවි පන්ති හරහා සොබාදහමේ අපුර්වත්වය දරුවාට අවබෝධ කරදීමට උත්සාහ ගත් මහින්ද හිමියන් තමාගේ උසස් ගුණැති නිර්මාණ හරහා යහපත් දරු පරපුරක් බිහි කිරීමට අවැසි ඔවදන් ලබා දීමටද කදිම උත්සාහයක් දැරූසේක. 'හොඳ ළමයා" ඊට කදිම උදාහරණයකි.
'මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරුවන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්නට"
ගෙඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
හොඳ ගුණාංග කුඩා කාලයේදීම ජීවිතයට ඇඳා ගන්නා ඕනෑම අයකුගේ දිවි පැවැත්ම ඉතාමත් සාර්ථක වු එකක් වීම අනිවාර්යයෙන්ම සිදුවෙයි. ඒ නිසාම කුඩා දරුවා ගුණධර්ම වලින් පෝෂණය කිරීම පවුල් සංස්ථාව මගින් සිදුවිය යුත්තකි. මෙවැනි කවි දරුවාට සංඥාමයෙන් අවබෝධ කිරීම හරහා හොද ගුණාංග දරුවාට ඉබේටම හුරු කරදීමේ අවස්ථාව උදාවෙයි. එස්. මහින්ද හිමියන් කවිය හරහා දරුවාට උගන්වන්නට උත්සාහ දරන ගුණාංග තවත් විශ්ලේෂණය කරමින් දරුවාට අවබෝධ කරදීමේ වගකීම හිමිවන්නේ දෙමාපියන්
වන ඔබටය.
හොද ගුණාංග පිළිබඳ දරුවාට අවබෝධ කරන එස් මහින්ද හිමියන් යහපත් දිවියකට දරුවා හුරුකරවීටද කවි පබැදීම උන්වහන්සේ තුළ දරුවා යහපත්ව හැදීම සහ වැඩීම පිළිබඳ තිබු උනන්දුව ප්‍රකට කරවයි.
කල් ඇතිව නැගිටිමි
මල්වත්තේ ඇවිදිමි
ඇල් සුලගේ රසබොමි
කම්මැලිකම දුරලමි
ගුරුදෙවි දැක නැගිටිමි
නැගිට දෙපා වදිනෙමි
වැදපොත් පාඩම් දෙමි
දීලා සත් උගනිමි
මෙම කවි ද්විත්වය තුළ අන්තර්ගත පාඩම දරුවා යහපත් කිරීමට ප්‍රබල සාධක බව අපට පෙනීයයි. උදයේ නැගිටීම, ගුරුවරුන් දුටුවිට නැගිටීම, ගුරුවරුන්ට උපහාර දැක්වීම, අකුරු උගනිම වැනි දරුවකුගේ ජීවිතයේ ප්‍රගුණ කල යුතුම මුලික ගුණාංග මේ කවි හරහා දරුවාට අබවෝධ කර දීමට ඔබට හැකිය.
ජිවිතය සොබාදහම හොඳ පුරුදු පිළිබඳ දරුවාට කවි තුලින් ඉගැන්වීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකල එස් මහින්ද හිමියන් දරුවන්ට අකුරු පිළිබඳ මුලික දේ ඉගෙන ගැනීමට රචනා කල මේ කවි දෙස බලන්න.
අ ඇ ඉ
උ එ ඔ
මේ ටිකනම් බොහොම කොටයි.
අ ඈ ඊ
ඌ ඒ ඕ
මේ වානම් බොහොම දිගයි.
මෙවැනි කවි තුළ ගැබ්ව ඇති දේ දරුවන්ට හුරුකිරීම දරුවා දැනුමෙන් සුපෝෂිත වීමට නිතැතින්ම හේතුවනවා නොඅනුමානය. අරුත් සුන් ගීත, කාටුන් ළමා වැඩසටහන් දරුවාට හුරුකරන මොහොතේ මෙවැනි කවි එකතු කර දරුවා ලවා ගායනා කරවීම තුළ ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය වර්ධනයට සිදුවන මෙහෙය ගණනය කල නොහැකිය.
අප කුඩා කාලයේ දිශාවන් මතකට නංවා ගැනීමට ගායනා කළ
'උපුල් ඊළඟ නැවෙන් ගිහිං දම්මි නිදිද බලා වරෙන් "
වැනි යෙදුම් අදද අපට ඕනෑම විටෙක මතනයට නැගෙන්නේ ඒ රිද්මයානුකූල වාක්‍ය රටාව අපේ මනසේ කාවැදී ඇති බැවිනි. මේ කවි තුළ තිබෙන ඒ දැනුමද කුඩා කල
දරුවන්ට පරිශීලනය කිරීමට හැකිවුවහොත් ජීවිතය පුරාවට ආලෝකයක් වපුරා ගැනීමට ඉඩ ලැබෙනවා ඒකාන්තය.
සොබාදහම ගැන නිරතුරුව කතා බහට ලක්වන මහින්ද හිමියන්ගේ කවි අතර සතා සීපාවුන් පිළිබඳ දැනුවත් කිරීමේ කවි වලටද ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. ඇතැම් විටදී ඒ කවි දරුවාට රචනාවකට අවශ්‍ය කරුණු සම්පාදනය කරනු ලබන දත්ත ගබඩාවක් බදුය.
'දවල් තිස්සෙ
පදුරු අස්සෙ
හැංගෙන පොඩි හාවා
පාට දුඹුරු
ඇස් වටකුරු
ලෝම තිබෙන හාවා"
දරුවන් තදින්ම ආදරය කරන හාවා පිළිබඳ දත්ත ඇතුලත් මේ කවිය කියවන ඕනෑම අයකුට හාවාගේ ස්වභාවයක් ඒ අහිංසක ඇසුත් මැවී පෙනෙයි. දරුවන්ට ඉතා පහසුවෙන් කදිමට උච්චාරණය කල හැකි වචන මෙන්ම නිතර යෙදෙන අලංකාර කුඩා වචන කවි වලට එක්කරගැනීම තුළ ඒවා දරුවන්ට සමීප කරලීමට මහින්ද හිමියන් පෑ ප්‍රතිභාව අනර්ඝය. ඒ නිසාම දරුවන් ඉතාමත් ඉක්මනින් හුරුවන මෙම කවි පන්ති ඔවුන්ගේම ඒවා බවට පත්වන්නේ නිරතුරුවම භාවිතා වන සරල බස නිසාය. ළමා මනස පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව මහින්ද හිමියන් පබැදු කවි වලින් දරුවාගේ කුඩා සිත තුළ ඔහු හෝ අය උපන් රට පිළිබඳ උත්තරීතර හැගීම් සමුදායක්ද ජනිත කරලීමට සමත්ව තිබේ.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහණක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
දැක සස්නට වන විපතා
ඒ අප දුටුගැමුණු පුතා
දෙමළුන් සුන් කරනු කතා
ඉගෙන ගනින් මගේ පුතා
මේ කවි දරුවාට කියාදෙන අතරතුරු 'අම්මේ දුටුගැමුණු කතාව කියන්නේ මොකක්ද?" දරුවා නිරතුරුවම කියාදෙන්නාගෙන් ප්‍රශ්න කරනු ඇත. එවිටදී දරුවාට දුටුගැමුණු රජතුමාගේ කතාන්දරය කියාදිය හැකිය. 'ඉගෙන ගනින් මගේ පුතා" යනුවෙන් මහින්ද හිමියන් දරුවාට කරනු ලබන හොඳ සිහි කැඳවීම කි‍්‍රයාවට නැංවීමට දෙමාපියන් දරුවාට උදව් කල යුතුය. මෙම කවි කියවීමෙන් ගායනා කිරීමෙන් දරුවාගේ සිතෙහි පැන නගින කුතුහලය හෝ ආශාව දෙමාපියන් විසින් හදුනා ගැනීම ඉතාමත් වැදගත්ය.
ළමා මනස වර්ධනය කරමින් රසාස්වාදයට ළමයා හුරුකරවමින් දරුවාට හඩනගා කිවහැකි විරිතකට අනුව නිර්මාණය වු මෙවැනි කවි දරුවාට සොයාදීම දෙමාපියන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි.
ටිං ටිං ලේනා
දැන් දැන් පැන්නා
වලිගය උස්සා
මෙතනින් වැස්සා
සුරතල් පානා
කෝ මගේ ලේනා
ටිං ටිං ගානා
කෝ මගේ ලේනා
නැති වු ලේනා නම් මේ කවි පෙළ තාලයට ගායනා කරමින් දරුවා අභිනයෙන් රංගනයට යොමු කිරීමට ඔබට හැකිය. දැන් දැන් පැන්නා කියමින් පැනීමටත් වලිගය උස්සා යන තැන ගායනා කරමින් දිවීමටත් ඔබට හැකිය. එවිට දරුවා ඔබේ රංගනය අනුකරණය කරමින් ගැයීමට හුරුවනවා ඇත.
එස්. මහින්ද හිමියන්ගේ ළමා පද්‍ය සාහිත්‍ය හා ඒවා අපේ දරුවන්ට කියාදීම පිළිබඳ බොහෝ දේ කතා වන කල හැකිය. මේ ලිපිය තුල අන්තර්ගත කරුණු සහ කවි ඉතා සියුම්ව ගනිමින් බුද්ධිමත්ව ඔබේ දරුවාට ඒවා හුරු කිරීම නිර්මාණශීලිව බුද්ධිමත්ව හිතන සංවේදී දරුවකු ලොවට දායාද කිරීමට හේතුවනවා ඇත.
එමෙන්ම ඔබේ දරුවා ඕනෑම තැනකදී ඉදිරිපත් කල හැකි නිර්මාණ උගත් බුද්ධිමත් දරුවකු වනවා ඇත.
'පිස්සු හැදෙනවා ඔයාගේ ඇස් දෙක දැකලා
ලව් කරන්න මටත් හිතෙනවා"
වැනි පහත්ව පහත් ගීත ගයන අප පෙර කතා කල දරුවා
'මගෙ නංගිගේ පොඩි හිනාව
වගේය මේ පිච්ච පොකර
ඇගෙ කම්මුල් දෙකේ පාට
කොයින්ද මේ රෝස මලට"
වැනි ගීත ගයන දරුවකු කල හැක්කකේ මෙවැනි අධ්‍යන තුල මවුපියන් දැනුවත්වීම තුලිනි.
කුඩා දරුවා කතා කරන ගිරවකු බදුය.ඒ නිසාම ඒ දරුවා ඇසෙන ඕනෑම දෙයක් කීමට පෙළඹෙයි. දරුවාට ඇසෙන්නට අර්ථවත් දේ කිව යුත්තේද ඒ හෙයිනි.

- චතුර ගීතනාත් බණ්ඩාර
ගූගලය සුද්ද පවිත්‍ර කරන්නට ගොහින් මගේ බ්ලොගයට කෙළම විය.
අයියෝ සල්ලි....දැන් එක පිංතුරයක් වත් පේන්නේ නැනේ.
— feeling sad.

ගොඩක් දෙනා කියවන්න අකැමති වුණත් කියවිය යුතුම ලිපියක් ,, මාත් හැකිතරම් පැරණි කවි සාහිත්‍ය ගැන මගේ fb යාලුවොත් එක්ක බෙදාගන්නවා ,, අනේ මේවල තියෙන ඒ රසය විදින්න අපේ වුන් නවතිනවානම් කොච්චර හොදද
ReplyDeletebohma stuthy souruya
Deleteඅගෙයි..
ReplyDeleteනියමයි නලින් අයියේ. වටින ලිපියක්. පින්තුර නැති උණා කියලා ගණන් ගන්න එපා. ආයෙම පටන් ගමු
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDelete//මේ සිදුවීමෙහි වැරුද්ද බොහෝ දෙනෙකු පැටවුයේ මාධ්‍යයටයි. නමුත් මා දකින පරිදි මේ සිදුවීමෙහි සෘජු වැරුද්ද ඇත්තේ මවුපියන් අතය.// මේ කතාවට මමත් එකඟ යි. දරුවා බහ තෝරන කාලෙට දෙමව්පියෝ පුරුදු වෙන්න ඕනේ හරවත් වැඩසටහන් බලන්න. එහෙම නැත්තං රූපවාහිනියෙන් ඈත් වෙලා ඉන්න. ඒත් අද අම්මලට රෑට යන ටෙලි නාට්‍ය නොබලා ඉන්න බැහැනේ :( මට මතක යි ඒ කාලේ 5 වසරේ සිංහල පොතේ එස්. මහින්ද හිමි ගැන පාඩමක් තිබුණා. උන් වහන්සේගේ කවි විතරක් නෙමෙයි කුමාරතුංග මුණිදාස මහත්තයාගේ සහ සිබිල් නැන්දගේ කවි කතන්දර තමයි පොඩි ළමයෙක්ට වඩාත් ගැළපෙන්නේ.
ReplyDeleteලක්වැසියන් කෙරෙහි නැමී
ReplyDeleteඅරහත් මහා මිහිදු හිමි
පෙව්වේ උතුම් සදහම්මි
පුතා නුබටත් පොවමි එමි
ජාතිය රන් දෙරෑන්ක් වේ
ආගම මිනි පහනක්වේ
එය රැකගත්නට මෙලොවේ
සමත් වෙතොත් පුතා නුබ වේ
මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
ඒ ගැන වැඩ කලොත් පුතේ
නුබෙත් මගෙත් නම කියවේ
(එස් මහින්ද හිමි)
අද දවසේ කොමෙන්ටු හැටියට මම කොයපු දෙවන කවිය
පීන්තුර හොයාගන්ඩ පුලුවං කමක් ඇති බං . හොයලා බලමු
ReplyDeleteචූටි කාලේ මම කියපු කවිය.
ReplyDelete" වත්තට යන්නම්...
මලක් කඩන්නම්.....
අම්මට දෙන්නම්...
දීලා වඳින්නම්....
පොත් ටික ගන්නම්....
පාසල් යන්නම්.... " ඉතුරු ටික මතක නැහැ.
ආසයි ඒ කාලෙට තාමත්. බොහොම වැදගත් ලිපියක්.. කළු සුද්දන් නැති කරන්නට පෑන අවියක් කරගත්තු හිමි නමක්..
මට මතකයි මම පහ වසරේ ඉද්දි, අපේ ගෙදර ගහක් තිබ්බ ළඟම මම ඕකට නැගලා
ජාතිය රන් දෙරෑන්ක් වේ
ආගම මිනි පහනක්වේ
එය රැකගත්නට මෙලොවේ
සමත් වෙතොත් පුතා නුබ වේ
කියන සින්දුව කියනවා. ඒ දවස් වල ජාතික වීරයෝ, චරිත කතා කවි අම්බානකට කියෙව්වා. ඒකට අද නලීන් අයියා කියනවා වගේ, ගන්න කිසිම රසයක් නැහැ මේ අද ගැයෙන සින්දු වල..
සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොල පිට්ටනියක්
වගෙය අහස අන්න බලනු
කොච්චර ලස්සලද රූට
පහ වසරේ පොතේ මෙව්වා අපුරුවට තියෙනවා අයියේ.. මට මේ ලඟදි මගේ පරණ පොත් අදිනකොට ඔය පොතක් හම්බ උනා. ආසාවෙන් කියෙව්වේ. ඒ තරමට ඒ දේවල් රසවත්.
අපේ රටේ මිනිස්සු රස විඳින්න දන්නේ නැහැ ගොඩක් දෙනෙක් ඒ ගැන හිතනකොට දුකයි..
ඔයාගේ මේ ගීත ඛණ්ඩ නිදසුන එකට ප්‍රමාණවත්. මේ වගේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ එක නිසා වෙන්න ඇති. දුකයි සිලින් බිලින් සද්දේ ඇහෙද්දී මටනම්..
'පිස්සු හැදෙනවා ඔයාගේ ඇස් දෙක දැකලා
ලව් කරන්න මටත් හිතෙනවා
මගෙ හදවත කීරි ගැහෙනවා
අම්මපා අඩු වයසින් මමත් බඳිනවා" බලන්න කොච්චර කැත නිර්මාණයක් ද කියලා.
ආදරේ කරන්න - ආදරේ කරන හැටි සෞදර්යත්මකව ලියවුන ගීත මේ රටේ කොච්චර තියේ ද ?
අහස පොලව වටපිටාව හරිම හිස් තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඩා වැටෙන හද මඩලට
ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක් - නැහැනේ තනිකමක්....
කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
අහස පොළව...
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා
අහස පොළව...
බලන්න සුනිල් එදිරිසිනාහයන් කොච්චර අපුරුවට ආදරේ සහ ඇය ගැන කියන හැටි...
අද කාලේ පුංචි උන්ට අහන්න දකින්න ලැබෙන්නේ වෙනස්ම දේවල්. අපි කියලත් මහා උන් නෙමෙයි මමත් පුංචි එකෙක්. ඒත් අනේ මන්දා..
නලින් අයියා
ReplyDeleteතමන්ට පුලුවන් හැටියට මේ වගේ දේකින්වත් දැනුවත් කරන්ඩ.. නැත්තං දවසක ලමයි තාත්තට මචං කියයි !
ඕක නං දැනුත් තියෙන්නෙ.. තාත්තයි පුතයි දෙන්නම බෝතලයක් කඩාගත්තම මචංලා තමයි.... හි හි
Deleteඕං අක්කෙ උඹට් මතක් වෙච්ච එක් ඉතිං :-):-)
Deleteඅපි පව් නැද්ද හා ??? ඔව අවුසද බං අවුසද !!
සෑහෙන්න වටින ලිපියක් නලීන් අයියේ. ඇත්තටම ඒ වෙච්ච සිද්ධිය අහන අපිටත් ලැජ්ජා හිතෙනවා.ඇත්තටම අපේ සමාජය පිරිහෙන්නේ විහින් නේද?අපි සෑහෙන්න පම්පෝරි ගහනවා දරුවෝ රටේ අනාගතය කියලා.ඊටපස්සේ අපි රටේ අනාගතයට බස් කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලාගේ වගේ පහත් රසාස්වාදයක් හඳුන්වලා දෙනවා.(එහෙම කියන්නේ අපහාසෙට නෙවෙයි) ඒත් අපි දරුවන්ගේ රසාස්වාදනය මොට කරලා ඔය වගේ බාල සිතුවිලි තියෙන පරම්පරාවක් බිහි කරනවා දුරදිග නොබලා වැඩ කිරීමෙන්.
ReplyDeleteමට තාම මතකයි අපේ සිංහල පොතේ තිබ්බ "දොරට වැඩුම" කවි පන්තියම , යහපත් දේවල් වලට මව් පියන් ළමයින්ව හුරු කරනවානම් ඒ පුරුද්ද ජීවිත කාලය පුරාවටම තියෙනවා
ReplyDeleteඕකට හේතුව අර මං කලින් පෝස්ට් එකක ලියපු දේ තමයි නලීන් අයියෙ.. ළමයා බඩේ ඉන්නකොටත් අහන්නෙ ඔපෙරා... හි හි... ඒව නං අවුලක් නෑ කියමුකෝ... ඉපදිච්ච දවසෙ ඉඳලා පුරුදු කරවන්නෙ ඉංග්‍රීසි කතා කරවන්න මිසක් ළමයගේ දැනුම, රසාස්වාදනය, නිර්මාණ ශක්තිය වර්ධනය කරන්න නෙවෙයි.. මොකද ලොකු වෙලා “ ලොකු” රස්සාවක් කරන්න ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කම මිසක් කවි කියන්න, කවි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ කියල එකක් නෑ නේ.. විභාග පාස් වෙන එක මිසක්, දැනුම ලබා ගන්න එක නෙවෙයිනේ ලංකාවෙ සිස්ටම් එක... බෙලෙක්ක මියුසික් එක්ක හරි “ ඉංග්‍රීසි” සින්දු අහන කෙනා තමයි හැමතැනම ලොකු වෙන්නෙ...
ReplyDeleteමම මේ ඉංග්‍රීසියට බනිනවා නම් නෙවෙයි.. අපි ඉංග්‍රීසියට වඳින එකටයි මම බනින්නෙ... ඒකට අම්මලට බැනලා වැඩක් නෑ... මොකද අම්මලා බලන්නෙ කොහොම හරි ළමයා ලොකු උනාම හරි හමන් රස්සාවකට දාලා, ඒ ළමයගේ ආර්ථිකමය අනාගතය හදන්න.. මේ රට යන විදියට එහෙම කරන එකට අම්මලා වැරදි නෑ... ඉංග්‍රීසි නැත්තං හොඳ රස්සා නෑ... හොඳ රස්සාවක් නැත්තං සල්ලි නෑ.. කාර් නෑ.. ගෑණියෙක්/මිනිහෙක් හොයාගන්න බැ...
දැන් තේරෙනවද මොකේද අවුල තියෙන්නෙ කියල... දැං තියෙන තත්වෙ හැටියට මහින්ද හාමුදුරුවන්ගෙ කවි ළමයෙක්ට කියලා දෙන එක මල විකාරයි කියල කෙනෙක් හිතනවනං ඒකත් වැරදි නෑ... අනිත් එක ගොඩක් ළමයි යන්නෙ ඉන්ටනැෂනල් ස්කූල්ස් වලට.. ඒවයෙ ඕවා උගන්නනවයැ.. එහෙම ළමයෙක්ට මේ කවි කියලා දෙන්න ගියාම උන් හිතන්නෙ මේ මොන විකාරයක්ද කියල.. මේ අත්දැකීමෙන්ම තමයි කියන්නෙ...
තව ටික කාලෙකින් මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනව.. ඒ තමයි රජයේ පාසල් වල සිලබස් එකයි, ජ්‍යාත්‍යන්තර පාසල් වල සිලබස් එකයි එක්ක ඇති වෙන පැටලැවිල්ල... ඒවයින් එළියට එන ළමයි ටක් ගාලා ජොබ් වලට පැන ගන්නවා ඉංග්‍රීසි නිපුණත්වය හින්ද... රජයේ පාසල් වලින් කැම්පස් යන ළමයි ඒ ජොබ් වලට යන්නෙ තව අවුරුදු 3-4ක් පහුවෙලා... අන්න එතනදි අද තියෙන තත්වෙටත් වඩා මේ තත්වෙ බරපතල වෙනව...
'මවුපියන්ට ගුරුවරුන්ට
Deleteගුණවත් වැඩිමහල්ලන්ට
කීකරුවන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්නට"
ගෙඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
'මවුපියන්ට ගුරුවරුන්ට
Deleteගුණවත් වැඩිමහල්ලන්ට
කීකරුවන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්නට"
ගෙඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
මල් මසුරන් ළිපියක්..
ReplyDeleteමගේ ලිපිය කියවල අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි !
Deleteකතාව සහතික ඇත්ත. වර්තමානයේ ළමයින්ට කියා දෙන්න අම්මල තාත්තල වත් මේ වගේ කවි දන්නෙ නෑ නෙ :) දරුවගෙ කය වගේ ම මනස පෝෂණය කරන්නත් හොඳ වැඩපිළිවෙළක් දැන් රටට අවැසි යි.
ReplyDeleteපුංචි බළු රාලේ
ReplyDeleteමමගෙදර නැතිවේලේ
කව්ද මගෙ බෝලේ
පෙරල පෙරලා උන්නෙ මිදුලේ ?
මට මතක මං ආසාම කවිය..
අපුරු කවි ටිකක් එ වගෙම වටිනා ලිපියක්....
ReplyDelete'අම්මා ගෙදර නෑ
ReplyDeleteමල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා
නලව ගන්නවා"
මං සූටි කාලේ කීවේ මෙන්න මේක තමා :D
ගොඩක් හොඳ ලිපියක්...........
දැන් ඒ කවිය වෙනස් රෙහානි
Deleteඅම්ම ගෙදර නෑ
මල්ලි අඬනවා
නලවගන්නේ කොහෙද
අක්ක මලක් කඩනවා
ඉවා
Delete+++++++++++++++++++++++
:D
Deleteඑකෙන්ම සෑහෙන වටිනා ලිපියක් .......... නිදහසේ කියවන්න ඕනේ .......................
ReplyDelete////////'අම්මා ගෙදර නෑ
ReplyDeleteමල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා
නලව ගන්නවා"///////////////////
අම්මලා අපිට කියලා දුන්නා.....අපි මල්ලිලාට කියලා දුන්නා....පස්සේ අපි අපේ ළමයිට කියලා දුන්නා.....හැමදාකමත් රැක ගතයුතුයි.
මමත් හිතන්නේ භාවිතය සහ පරිසරය කුඩා ළමයෙකුට ගොඩා බලපානවා.
ReplyDeleteහොද ලිපියක්
ReplyDeleteඉතාමත්ම අගය කොට සලකන ලිපියකි. ජය වේවා!
ReplyDelete