samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


562178_367961649916975_123911204322022_998812_398165811_n
බුකිට් බින්තන් හි දසුනක් සේයාරුව ගූගල්ගෙන් ගත්තේ
මේ විදියට අප කැමරා රැගෙන ගියේ නැත
මැලේසියාවේ ගෙවු දෙවන දින සවස් කාලය කුරේ සමග ගත කරන්නට ලැබිමෙන් අපි බොහෝ තැන් දැක ගත්තෙමු. වසර ගණනක් පුරා එරටේ දිවි ගෙවන්නකු ලෙස ඔහු ලත් අද්දැකීම් මත අප යා යුතු තැන් කියා දුන්නා පමණක් නොව ඒ තැන් කරා ඔහුගේම වාහනයෙන් අප රැගෙන යන්නට ද මේ සයිබර් මිතුරා අමතක නොකළේ ය. එහෙයින් ම අපට වෙනත් සංචාරකයෙකු ට අත් විඳින්නට නොලැබෙන ආස්වාදයක් මිහිරක් ලබන්නට ද අවස්ථාව උදා විය.

ආදර සරත් අයියා ගේ හමුව තවත් දිනකින් පසුව සිදු වුවත් සරා හා ගෙවුණු කාලයේ පිංතුර කීපයක් මෙතැන ට එක් කරන්නේ හිතවත් බ්ලොග් කරුවන් කීප දෙනකුම ඒ ගැන විමසා ඇති නිසාවෙනි. සරා පමණක් නොව පැතුමා මෙන්ම සිරාව ද මට මැලේ රටේ දී මුණ ගැසිණි.

DSCF5552
සරත් ලංකාප්‍රිය සමග

DSCF5555
බිත්තියේ පැතුමාව හමුවෙන්නත් අමතක කළේ නෑ

DSCF5557

DSCF5558
බ්ලොගය නිසා හට ගත් මිත්‍රත්වය
එදින රාත්‍රියේ අපේ සැලසුම් මොනවාද යන්න වීමසූ කුරේ අප අනුගමනය කළ යුතු දේ ද මැනවින් පහදා දී අපෙන් සමුගත්තේ ඉර අවරට ගොස් හෝරා කීපයක් ද ගෙවීමෙන් අනතුරුවය.

ක්වාලාලාම්පූර් පුරවරය රාත්‍රියට තරුණය. කොහේ සිට බැලුවද විදුලි ආලෝක සළුපිළියෙන් හැඩ වුණු පෙට්‍රෝනාස් හා කේඒල් ටවර් අප දෑස ඉදිරිපිට යෝධයන් සේ දිස්වෙයි. රාත්‍රි වින්දනයට චයිනා වීදිය ද කදිම තැනකි. කුරේ ගේ උපදෙස් මත නන් ඉයෑන් හෝටලයේ ම සිට මැලේ මධු විතක රස බලමින් හෝරාවක් දෙකක් ගෙවා දැමූ අප චයිනා වීදියට පිළිපන්නේ රාත්‍රී 10ට පමණය.

මහත් අරුමයකි. සැදෑ කාලයේ සාමාන්‍ය පාරක් සේ දිස් වුණු චයිනා වීදිය දැන් සැණකෙළි සිරියක් උසුලයි. විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් ජනී යනයා දස දහස් ගණනෙකි. මග දෙපස විවිධ වර්ගයේ කෑම වර්ග සාදන සංචාරක අවන්හල් ය. මේ සෑම දෙනාම සොම්නසිනි. එකෙකුගෙන් අනෙකාට කිසිදු හිරිහැරයක් නැත. මේ නම් කන්නම උපන් ජාතියක් යැයි මට සිතේ. හැමෙකෙක්ම මහ විසාල ආහාර තොගයක් ගිල දමති. දුම් දමන විවිධ අහරින් මේ හැම කෙනෙකුගේම මේස පිරී ඇත. මැලේ ජාතිකයෝ කන්න ම උපන් ජාතියක් යැයි සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා ලියූ සරවක් නදිය දිගේ නම් පොතේ තැනක ඇත. එම පොත දොරට වැඩියේ අප මැලේ රටට එන්නට දින දෙකක් තිබිය දී මෙපුරවර යේ දී ම ය.

DSCF5565
කොහොමද හිච්චි එකී

DSCF5566

DSCF5576
චයිනා වීදියේ කෑම

DSCF5577

DSCF5578
මුං රෑටනේ කුරුම්බා බොන්නෙත්

DSCF5579
මේ ආප්ප නොවේ බත් වගේ කෑමක් ඊයම්
කොලයක් ඇතුලේ තමා තැම්බෙන්නේ

DSCF5580

DSCF5581

DSCF5583
ඈතින් දිස්වන්නේ KL කුළුණ

අවට විසිතුරු දකිමින් නෙතට අහර ගනිමින් අපි දෙදෙන වීදි පුරා ඇවිද්දෙමු. ඒ ඉඳහිට තැනක සිට සුරුපිනියන්ගෙන් අපට ඇරයුම් ය. කිසිවෙකුගෙන් කිසිවෙකුට තහංචියක් ද නැත. එහෙත් අප සියල්ල නෙතින් දකිමින් සිත් සේ ඇවිද්දෙමු.

දැන් වේලාව මධ්‍යම රාත්‍රීයට ආසන්න ය. කුරේ මෙන්ම හිතවත් සරා අයියා ද කියා තිබූ පරිද්දෙන් අපගේ මී ළඟ සැලසුමට කාලය පැමිණ ඇත. ටැක්සි රථයකට අත දැමූ අපි බුකිට් බින්තන් යැයි කීවෙමු. මිල රිගිට් 20කි. කල් වේලා ඇතිව නියම මිල ගණන් දැනගන සිටි බැවින් අපි එය රිගිට් 10 දක්වා අඩු කරගන ගමන ඇරඹුවෙමු.

බුකිට් බින්තන් යනු සුපිරි සංචාරක වීදියයි. චයිනා වීදිය සුර පුරක් නම් බුකිට් බින්තන් යනු දෙව්ලොවකි. 
ලොව සුපතල කොක්ටේල් මධු විතක් තොල ගාන්නට ද රිසිසේ නැටුමින් ගැයුමෙන් වැයුමෙන් පිරිපුන් ආස්වාදයක් විඳගන්නට ද මේ කදිම වීදියකි
විදිය දෙපසම විවිධාකාරයේ රාත්‍රී සමාජ ශාලා ය. ඒ හැම තැනකම සංචාරකයෝ කති බොති නටති විනෝද වෙති. මේ විදියේ සරන්නට අප යද්දී කැමරාවක් රැගෙන නොයාම ගැන දැනුදු ඇත්තේ විස්සෝපයකි. කුරේ සහෘදයා අපට උපදෙස් දුන්නේ රාත්‍රී ගමන්වලදී කිසිම දෙයක් රැගෙන නොයන ලෙසයි. පාස්පෝට් එක හා අවශ්‍ය තරමට මුදල් හැරෙන්නට වෙන කිසිවක් අප රැගෙන නොගියේ එහෙයිනි.

එකී විදියේ වූ කැරෝකේ ශාලාවකට වැදුණු අපි කොක්ටේල් වඩියක් තොල ගාමින් මියුරු සංගීතය හා මුසුව නැටුවෙමු. සිත් සේ විනෝද වූයෙමු. නැටුමේ අපේ තනි නොතනියට එක් වන්නට සූරූපිණියන් එකිනෙකා පොර කති. කලින් වූණු දැනුවත් කම හේතුවෙන් මේ සියල්ල උපේක්ෂාවෙන් විඳගන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ ආඩම්බරය මුසු සතුටකි.

පහත සේයා රූ සියල්ල බුකිට් බින්තන් හි විවිධ අවස්ථාය. ඒ සියල්ල ගූගල් වෙතින් උපුටාගන්නා ලදී

5

429027_338790086167465_1875281801_n

562178_367961649916975_123911204322022_998812_398165811_n

563163_372002199512920_123911204322022_1009570_173739101_n

960227_10151573915839494_744338082_n

6365175-BINTANG_WALK_Kuala_Lumpur+(1)

සිරි නරඹමින් විදිය දිගේ ඇදෙන ලොව විවිධ රටවල සංචාරකයන් ආකර්ශණය කරගන්නට විවිධ ජාතින්ගෙන් යුත් සුරූපිණියන් ගන්නා වෙහෙස ඇත සිට නැරඹීම ද ආස්වාදයකි. මෙහි කිසිදු ජාතිවාදයක් නැත ආගම් වාදයක් නැත. සියල්ලෝම මනුස්සයෝ ය යන්න මැනවින් පසක් වෙයි. එකම තැන රුසියානූ,චීන,ජපන්,මැලේ,නයිජීරියා,සුරූපිණියන් ය.ඇතමෙක් රන්වන් පැහැතිය. තවෙකෙක් සුදෝ සුදු ය. ඒ අතර කළුම කළු අප්‍රිකානු සුරූපිනියන්ද වෙයි. මේ හැමෝගේම අරමුණ සංචාරකයෙකු තම ගනුදෙනු කරුවා කරගැන්මයි.

පුදුමයකි අප දුටු අයුරින් මේ කෙල්ලන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ කළු කෙල්ලන්ට ය. අතිශය විනෝද බර මොහොතක වුව මගේ සිතේ මේ කෙල්ලන් ගැන ඇති වූයේ අනුකම්පා සහගත හැගුමකි. ජීවිතය ජය ගන්නට නේ තම මවු රටවල් අතහැර නොදන්නා රටක මේ සේවා සපයන්නේ.

මේ අනුකම්පා සහගත හැගුම මසිත වඩාත් තීවෘ වූයේ මේ කෙල්ලන් අතර සිංහල කෙල්ලන් ද සිටි නිසාවෙනි. ඔවුන් මුලින් සිතුවේ මාත් මිතුරාත් ඉන්දියන් හෝ පකිස්ථාන් ලෙසය. අප ශ්‍රී ලංකාවෙන් බව දන්නේ නම් ඔවුන් මග හරිනවා නිසැකය. අප බොහෝ දේ කතා කරම්න් සිට එකවරම සිංහල බසින් ඇය ඇමතූ කල ඇගේ මුහුණේ ඇති වූ දෝමනස්ස සහගත පෙනුම මගේ හදවත තාමත් හඬවයි.

මෙවන් ඉරණමකට අපේ කෙල්ලන් පත් ව ඇති අයුරු මා නොලියමි. මැලේ රාල යම් දිනෙක ඒ ගැන ලියාවි. මැලේ රාල දැනට ලියන දේ අනුව මේ ගැනත් ලියනු ඇත යන්න මගේ අනුමානය යි. නැතිනම් මගේ ඇරයුම මැලයෝ ඒ ගැනත් නුඹ නොදන්න විදියක් නෑ. ලියපන් ඒ වගත් තවත් අපේ කෙල්ලන් අමාරුවේ වැටීමෙන් වළකාගන්න.

උතුරා යන සතුටත් වින්දනයත් මිහිරියාවත් ඒ යටින් දිවයන සාංකාවත් සමගින් අප අලුයම් කාලයේ නැවතත් නවාතැනට පැමිණියෙමු. නිදි නැති දවසක තව හොරාවකින් පමණ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස් නරඹන්නට යා යුතුව ඇත. මේ හෝරාව ඒ අඩ නින්ද ට යි.
හමුවෙමු තවත් කොටසකින්.




97 comments:

  1. blank

    අනේ ෂෝක් ,, අනිත් පාර කැමරාවක් ගෙනියන්න කොහේ ගියත්

    /// ඒ ඉඳහිට තැනක සිට සුරුපිනියන්ගෙන් අපට ඇරයුම් ය. කිසිවෙකුගෙන් කිසිවෙකුට තහංචියක් ද නැත. එහෙත් අප සියල්ල නෙතින් දකිමින් සිත් සේ ඇවිද්දෙමු//// කෙන්ජයියා හිටියනම් ඉතින් ඔහොම කියන්නේ නැහැ හි හි ඔයත් අපේ දේශක තුමා , අටන් ලොවේ අටන් තුමා වගේ ,,

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කෙන්ජයියම මේවට උත්තර දෙයි. උපාසක බළල්ලු මීයො අල්ලන්නේ දෙන්න දෙන්නලු කියල කතාවක් අහල නැතෙයි ඉදගෙන.

      Delete
    2. 2023216-mount_fuji

      මොන මගුලක්ද යකෝ කෙරුවෙ...??? සිය පවුල සමග නොගිය ගමන.
      ඔය කළු එකීලා ගැන නම් මට ෂුවර් නැහැ.
      හැමෝටම අමුවෙන් වලදන්න පුළුවන් ලයිසොම් ඇත්තියෝ ඉන්නෙ.
      මම දන්නෙ නැහැ මැලේ රාලය හොරට ලයිසොම් දෙන ඒවත් තියෙනව ද කියල.
      මම නම් තනියම එහෙ ගිය වෙලාවට,පුද්ගලික හිතවත් කම් මත මුස්ලිම් කෑලි දෙක තුනකට වනල තමයි එන්නෙ.
      එහෙට යන බජට් ටිකට්ටුවෙ ගාන බේරගන්නවත්.

      Delete
    3. blank

      හි හි ඇත්ද මන් කිවුවා ඉදගෙන ,,

      Delete
    4. blogger_logo_round_35

      කෙන්ජෝ මේකි තාම ඉඳගන.. කළු දොදොල් රහයි බං. රේන් කොට් තියනවනේ තෙමෙන්නේ නැතුව ඉන්න.

      Delete
    5. 2023216-mount_fuji

      කතරගම යද්දි කන කළු දොදොල් රහයි.
      ඇෆ්රිකන් කළු මට අරහං.
      වෙනිසියුලා,බ්‍රසිල්,පිලිපින් මට රහයි.

      Delete
    6. blogger_logo_round_35

      යකෝ මේ කියන්නේ චොකෝ බ්‍රවුන් ගැන. ඇයි කාම්බෝජියා වියට්නාම් මාර රහයි

      Delete
    7. blogger_logo_round_35

      කෙන්ජයියේ කිඹුලා කනවා ඉවසතහැකි මේ කොහිලකටු අනිනකොටනේ ඉවසන්නම බැරි ඉදගන

      Delete
    8. 29472859_1646887432064557_5693423662783266816_n

      //යකෝ මේ කියන්නේ චොකෝ බ්‍රවුන් ගැන. ඇයි කාම්බෝජියා වියට්නාම් මාර රහයි//

      ඔන්න නලියෝ බළලා පැන්නා මල්ලෙන් එලියට ,

      සරම උස්සලා මූණ වැහුවට බිජ්ජ එලියේ

      Delete
    9. blogger_logo_round_35

      සරම උස්සලා මූණ වැහුවට බිජ්ජ එලියේ අම්මෝ මගේ බඩ

      Delete
    10. farmer

      @ අටම්පහුර +++++++++++++++++++

      Delete
    11. blogger_logo_round_35

      අටමයි යි බොරලුගොඩයි මගේ සරම ගලෝලනේ යකෝ... මැලයත් ඒ මැද වැටක් දාලා.

      Delete
  2. blogger_logo_round_35

    ඔය සුරූපිනියන් අසල්වැසි රටවලින් සාමන්‍ය වීස මත පැමිණ මුදල් හොයන්නෙ මේ විදිහටයි..ඉඳහිට පොලිසිය සිය ගනන් එක තැන්කින් අල්ලන් ගියත් ඒ බොරු ශෝ එකකි.. අන් දේ මෙන්ම ගණිකා වෘත්තියද පවතින්නේ සියල්ල්න්ම දැනුවත්වයි.. සංචාරක කර්මාන්තයේ යහපත වෙනුවෙන් ඇස් පියාගෙන ඉන්න බවයි පෙනෙන්නෙ. අසරණ ගැහණු තද සූරාකෑමකටයි ලක් වෙන්නෙ. හිනාවෙන් පිරුනු වෙස්මුහුණු යටින් ඇත්තේ මහා දුක් කන්දරාවල්..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක තමයි ඇත්තම කතාව සරත් අයියා... ඒ බැව් අපටත් හොදින් වැටහුණා.

      Delete
  3. FB_IMG_1561654098205

    මට දුක ගොඩක් උන් දිවිය ළෝකේ ගියාමත්. අනිත්‍ය මෙනෙහි කරගෙන ඇවිල්ලා විඳවන එක ගැන.. ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි යකෝ විඳින්න.. ඕවා හැමදාම දෙයියෝ දෙන්නේ නෑ.. අන්න එදාට උඹට දුක හිතෙයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පිස්සුද මාතලන් මම ජීවිතය විඳිමි. කිසි දින නොවිඳවමි. මේ ඉන්නා ටික කාලේ.

      Delete
    2. blank

      එහෙනම් බොරුනේ ලියලා තියෙන්නේ

      Delete
  4. 1+-+Copy

    උඹ වාසනාවන්තයා බව මම කලිනුත් කියලා තියෙනවානේ. ඉතින් මේ අපිට කියන්න පුලුවන් හරිය විතරක් බව මට තේරෙනවා. හාහ් හාහ් හා...

    සරත් දැකගත්තා කොහොමින් හරි. ඇත්තෙන්ම සරත්ගේ නම සරත් ලංකාප්‍රිය නෙවෙයි කියලයි මම හිතා හිටියේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හෙහේ.... සුලෝහිතයෙකුට සුලෝහිතයෙක් නොදැනෙන්න විදියක් නෑනේ ඩූඩෝ... සාරා ලංකාප්‍රිය කෑල්ල වෙනම එකතු කරගත් කොටසක්. අපි ඒ නමින් හදුන්වන එකනේ යුතුකම.

      Delete
    2. 29472859_1646887432064557_5693423662783266816_n

      හම්.... හම් .... හරියටම හරි නම කියුවහම වරායේ වැඩ කරන , වැඩකරපු උන් , වල් ඌරා දැක්ක පොළගා වාගේ කෙලින් වෙනවා

      Delete
  5. blogger_logo_round_35

    දැන් අර කැසිනෝ වීදිය ආවම මෙහෙත් මේවා දකින්න ලමෙයි කියලයි මමනම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කැසිනෝ ගැනත් ලියන්නම් ජෙන්ටින් ලිපියෙන්. ලොව සුපතලම කැසිනෝවක් එහි ඇත.

      Delete
    2. 2023216-mount_fuji

      ගෙන්ටින් හයිලන්ඩ් කියන්නෙ සුරපුරයක්.
      කාමර 7'500 කට වැඩි හෝටල් කීපයක්.ඔන් ලයින් බුක් නොකොට මිසක් එහෙදි කාමරයක් ගන්නවා බොරු.
      KL සිට බසයේ පැමිණ මගදී ගොඩවන කේබල් කාර් ගමන නම් බොක්ක සීතල වෙන ගමනක්.
      එහි ඇතුලතදී අවුරුද්දේ ළදරුවාගේ සිට තාමත් නැට්ට කෙලින් වෙන මා වැනි මහල්ලන් දක්වා විනෝද වෙනවා නම් ඔන්න තැන්.

      Delete
  6. blogger_logo_round_35

    //නැටුමේ අපේ තනි නොතනියට එක් වන්නට සූරූපිණියන් එකිනෙකා පොර කති. // අම්මප නලියෝ මෙහෙමත් කෙප්ප ගහනවද බොල ,,, අනේ අනේ ....

    කොහොම හරි කමක් නැහැ බොලා ආතල් එකක් ගත්තනේ ./././ අපිට ඒ ඇති ....

    එල විස්තරයක් නලියෝ ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොරු මක්කටෙයි මගියෝ මෙන්න තැන යනවනං.
      HAVANA BAR & GRILL IN KUALA LUMPUR
      LATIN AMERICAN NIGHTCLUB IN CHANGKAT BUKIT BINTANG

      Delete
  7. blogger_logo_round_35

    //කලින් වූණු දැනුවත් කම හේතුවෙන් මේ සියල්ල උපේක්ෂාවෙන් විඳගන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ ආඩම්බරය මුසු සතුටකි.///

    සංසාරේ බවේ දුකා ......උඹ,උඹත් දේශකයගෙන් පිච්ච මල් සුවඳ විඳින හැටි ඉගෙන ගත්තද බන් ??????

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      යකෝ කොරන කියන දේවල් ප්‍රසිද්ධියේ කීවැකිද?

      Delete
    2. blank
    3. blogger_logo_round_35

      මේ ඔමායා කෙල්ල කින්ඩි දනවා නේද?.. හිටු උඹව මළ මුහුදේ ඔබලා ගොඩ ගන්නවා.

      Delete
    4. blogger_logo_round_35

      හිරුවගේ හිනාව මේ කෙල්ල හොරෙන් අරගන. ඔමායෝ ඕක හරියන්නේ නෑ වෙන එකක් හදාගනින් හි..හි. අයිති හිරුවට

      Delete
    5. blogger_logo_round_35

      හිරුවා මේ ටිකේ පේන්න නැති නිසා ඔන්නොහෙ ඔමා හිනාව දාපුවාවේ.. හි හි...

      Delete
    6. blank

      ඒකනේ අක්කා මට කියලා ගියේ කටවහන් ඉන්න

      Delete
  8. new

    නලීන් අයිය ඔය සුරුපිනියකට ලයින් පාරක් එහෙම දැම්මේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කෝ හාමිනේ ළග පාතක නැතෙයි.

      Delete
  9. Profil+Pic

    ජෙන්ටිං හයිලන්ඩ් කේබල් කාර් එකේ ගිහිල්ලා - ස්පේස් ෂොට් එකේ දි පපුව හිර කර ගත්තෙ නැත්තං ගතියක් නැ

    ReplyDelete
    Replies
    1. farmer

      ඕක මචන් ඉංග්‍රීසියෙන් ලියන්නේ Genting Highlands කියලා උනාට නම ශබ්ද කරන්නේ මලේ උන් "ගෙන්ටින්" කියලා නලින් ඔයත් ඊලග සැරේ "ජෙන්ටින්" නෙමෙයි "ගෙන්ටින්" කියලම දාන්න එතකොටයි හරියටම හරි

      Delete
    2. blogger_logo_round_35

      සුප්රා ගමනක් ඒකනං. මතක් වෙනකොටත් කකුල් දෙක වෙව්ලනවා. හැබැයි එහෙට ගිහින් හොරෙන් අරන්ගිය එකෙන් ෂොට් දෙකක් දාගත්තයින් පස්සේ තිම්පාර්ක් එකේ අර උස කනුවෙනුත් පැන්නා.

      Delete
  10. farmer

    මෙන්නෝ කෙජියාගේ බ්ලොගේ නලියා පොස්ට් එකක් දාලෝ ........

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මැලයෝ උඹට කළ ආරාධනාව දැක්කැයි. ලියපාන් ඒ ගැනත්.

      Delete
  11. farmer

    ඔයා කිව්ව පොස්ට් එකට මම ලග අවශ්‍ය තොරතුරු සියල්ලක්ම තියෙනවා..... ඉදිරියේදී එක දානවාමයි...... දැනට අදාල අය මේ රටින් පිටවෙනකම් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35
    2. 2023216-mount_fuji

      හොද වෙලාවට අපේ නලිය ගෙන්ටින් හයිලන්ඩ් මාරක බස් අනතුරෙන් ඉස්සෙල්ල ගිය එක.

      Delete
    3. blogger_logo_round_35

      ඕක උනේ මෙයාල ඇවිත් හරියටම සති 2කකට පස්සේ.... 37ක් මළා.....
      මෙන්න විස්තරේ
      http://www.themalaymailonline.com/malaysia/article/express-bus-plunges-down-genting-ravine-15-feared-dead

      Delete
    4. blogger_logo_round_35

      සති දෙකකුත් නෑ රාලේ... අපි ගිය බස් එකක්ම තමයි. පුදු සෙන්‍ට්‍රල් ගෙන්ටන් බස් එකක්නේ අනතුරට පත් වු‍ණේ.

      Delete
  12. blank

    මචං නලීන්......යාලුවෝත් එක්ක ඉන්න ෆොටෝ ටිකයි, කෑම ෆොටෝ ටිකයි, නියමයි. අර මැලේ පිකල්ස් ඉන්න ෆොටෝස් නම් මම කැමති නැහැ. මම ඕවට නැහැ. රටකට ගියාම යාලුවෝ සෙට්වෙන එක ලොකු දෙයක් නේද? මෙහේ එනවා නම් අපිටත් කියපන්. පුලුවන් උපරිමෙන් සලකන්නම්.උඹට ඇඳ දීලා අපි සෙටියේ.තව විස්තර ලියපන්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නන්නාදුනනා රටකදී දිවියේ කිසිම දිනක දැක නැති කෙනෙක් බො‍හොම ලෙන්ගතුව නම කියා අමතා අපේ බසින් කතා කරන කොට දැනෙන සුවය කෙඹදුද? අරු ඔබ ඉන්න රට මා දන්නේ නැ. මේ මැලේ රටේදිත් මට හමුවුණේ දිවියේ කිසි දිනෙක දැක ඇති මිතුරන් නොවේ . බ්ලොගය තුළන්ම දැනගත් මිතුරන්. සරා කුරේ එවන් දෙදෙනෙක්. සිරා පැතුම් අපේ රටේ දී හමු වී තිබුනා එක් වරක්.

      Delete
    2. blank

      මචං.....මම චාල්ස්ගේ අම්මාගේ රටේ.

      Delete
    3. blogger_logo_round_35

      සිහිනයක් ඇත දිනෙක යුරෝපයේ සංචාරයක නියැලෙන. බලමු නේද?

      Delete
  13. Su+1

    ආතල් බලපු බවනම් පේනවා - ගත්තු බවක්නම් දැගන්න නෑ....

    ReplyDelete
    Replies
    1. 29472859_1646887432064557_5693423662783266816_n

      මෙහෙම හරි ඉදලා හිටලවත් අපිව බලන්ඩ එන එක වටිනවා සුම්මා , උඹ ඉස්සර වාගේ අපිව බලන්ඩ එන්නේ නැති එක හෙලා දකිනවා , කමෙන්ට් කරහං , ප්‍රහාරය ආයෙත් දියත් කරහං

      Delete
  14. ME

    //පුදුමයකි අප දුටු අයුරින් මේ කෙල්ලන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ කළු කෙල්ලන්ට ය.//

    මේක නම් ඇත්ත. ඉස්සරට වඩා කලු කෙල්ලොත් දැන් හරි හැඩයි.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මම නම් ආස කලුයි,සුදුයි දෙකට මැදි වෙච්ච පාට ට.
      තනිකර කලුයි,සුදුයි දෙකම අප්පිරියයි.

      Delete
    2. blogger_logo_round_35

      කෙන්ජි ඔය කතාව කාම සුත්‍රයේත් කියල තියෙනවනේ.
      ඒක ලිව්වෙත් කෙන්ජි තුමාද දන්නේ නැ...

      Delete
    3. 2023216-mount_fuji

      ආනේ ඇත්තද...??
      මම නම් කැත පොත් කියවලම නැහැ.
      ඔය දේම එකේ තියෙන වනම් ෂුවර් එකට ගිය ආත්මෙ මම ලියල.

      Delete
    4. blogger_logo_round_35

      පොඩ්ඩි දැන් මාර ගැටලුවක නේ? කළුද සුදුද තළෙළුද? මේ කෙන්ජියත් දාන් ලෙඩ කෙන්ලන්ට.

      Delete
    5. 29472859_1646887432064557_5693423662783266816_n

      කළු ගෑණුන්ගේ හිත සුදුයි, මේ කියන්නේ අත්දැකීමෙන්

      Delete
    6. blogger_logo_round_35

      කළු දොදොල් රස දන්න කෙනෙක් නේ ඔයත් නේද අටං.

      Delete
    7. blank
  15. blogger_logo_round_35

    ලෝකේ කොහේ කොහේ ගියත් බ්ලොගර්ස්ල සෙට් වෙනවා නේද ? කියපු ෆන් වගේම නොකියපු ෆනුත් ඇතැයි සිතමී :D

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      අපිල වගේ කෙලින් කියන අය අඩුයි බං,මේ මොකක්ද මගුල් විශ්වයේ....

      Delete
    2. blogger_logo_round_35

      නලිනුත් කියයි හෙමීට :D

      Delete
    3. 2023216-mount_fuji

      නලින් කියන්නෙ කොහෙද?
      කෙලි පැටික්කි යො දෙන්නත් මේක බලන වානේ.
      මම මේකේ සිංහයා වගේ කොටන්නෙත් මගේ දෙන්න මේ පැත්ත පලාතෙ එන්නෙ නැති නිසානෙ:).

      Delete
    4. 29472859_1646887432064557_5693423662783266816_n

      ඒ උනාට කෙන්ජියෝ බලාගන . දැක්කොත් විනාසයි

      Delete
    5. blogger_logo_round_35

      අන්න අටං මලයට තේරුණා වැඩේ

      Delete
  16. Photo0815

    //අප බොහෝ දේ කතා කරම්න් සිට එකවරම සිංහල බසින් ඇය ඇමතූ කල ඇගේ මුහුණේ ඇති වූ දෝමනස්ස සහගත පෙනුම මගේ හදවත තාමත් හඬවයි.//
    ඔය කියලා තියෙන වචන ටිකනම් හිතට දෑනුනා හොදටම,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අප ලංකාවේ බව දැනගත් මොහොතේ ඒ සොයුරියන් පත් වු අපහසුතාව ගැන කියන්න වචන නෑ දර්ශිකා

      Delete
  17. blogger_logo_round_35

    කාලා බීලා එන්න යන්නෝනි :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හා ඒකටවත් යමු එහෙනං. අර දිගාවත් එක්ක යන්න.

      Delete
  18. blogger_logo_round_35

    වැඩේ හරියන්න නෑ අපිත් රට යන්න ඕනේ.. ඇයි යකෝ කැම් එක ඕන තැනටම අරන් ගිහින් නෑ නේ අන්න එකට සිරා අයියා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇයි යකෝ නන්නාදුන තැනකට රෑපානේ යනකොට ඕව ගෙනිහින් හරියනවද බං

      Delete
  19. ds
    Replies
    1. blogger_logo_round_35

      මොනවද බැලුවේ දේශකයෝ.

      Delete
    2. blogger_logo_round_35
    3. blogger_logo_round_35

      හුකෑෂ්.....දේශකයට ගැලවුමක් ඇත්තෙම නෑවගේ දැන්

      Delete
  20. rani-mukherjee-63j

    හොඳ අවස්තාවක් හම්බෙලා වගේ බ්ලොග් යාලුවෝ ඇසුරු කරන්න...

    ඉතිරි ටිකත් ලියමු

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලියමු ලියමු නිවාඩු පාඩුව..

      Delete
  21. blogger_logo_round_35

    ඇත්තට ම ඔවුන් ගැන දුක හිතුණා.

    ReplyDelete
  22. blogger_logo_round_35

    රටට විදේශ විනිමය කොයිතරම් ආවත් වැඩක් නැහැ ඔය ගණිකාවන් හරහා.
    ඔය රැකියාව ඔවුන් කැමැත්තෙන් කරන දෙයක් නෙමේ වෙන්න පුළුවන් බොහෝ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනේ මන්ද මනෝජ්..... අකමැත්තකින් නම් නොවේ ඒත් ශ්‍රම සූරාකෑමකට ලක්වෙලා ඇති.

      Delete
  23. blogger_logo_round_35

    //චයිනා වීදිය සුර පුරක් නම් බුකිට් බින්තන් යනු දෙව්ලොවකි.//
    මෙ දෙකෙ වෙනස මොකක්ද.දන්නෙ නෑති නිස ඇහුවෙ.මුල්ම කෙමෙන්ට් එකෙන් වෑඩෙ මාට්ටු නෙ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙතැන මගේ වාග් කොෂයේ ලුහුඬුකමක් ඇති දමිත්. ඒත් මට කියන්න ඕන වුණේ චයිනා විදිය සුරංගනා පුරයක් වෙනකොට බින්තන් දිව්‍ය ලෝකයක් වගයි. චයිනා විදිය අපායක් ලෙස ගලපන්න මට හිත දුන්නේ නෑ.

      Delete
  24. MyPhoto

    මට තවම නලියව හම්බ වෙන්න බැරි වුණා විස්තර ටික අහ ගන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙලාවක සෙට් වෙලා කයියක් දාමු සුදික

      Delete
  25. image

    "කවද හරි මේ සියල්ල දෑසින් දැක ගැනිමට ඇත් නම්" කියා කියවන්නන්ට සිතෙන ලෙස ලියු රසවත් ලිපියකි..... ඊලග කොටසත් ඉක්මනින් ලියන්න නලින් අයියා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ශානුත් ලෝකේ ඇවිදපු කෙනෙක් නේ නේද? ඉතින් ඒ ගැනත් ලියන්න. ඉතිරි කොටසත් විවේවයක් ලද වහාම ලියනවා

      Delete
    2. blank

      ඔව් අක්කේ ,, කෑම ජාති ගැනවත් දාන්න අනේ

      Delete
    3. blogger_logo_round_35

      මේකි හදපු කැම වගේ ඒවනං එපා.

      Delete
    4. image

      අනිවාර්යෙන් නලින් අයියේ ඔයා ගිය තැන් ගැන ලියද්දි මටත් මන් ගිය තැන් ගැන ලියන්න හිතුනා. ඉදිරියට ලියන්නම්.
      @ ඔමායා හරි හරි බලමු බලමු වේලාව තියෙන විදිහට ලියන්න උත්සහ කරන්නම්

      Delete
  26. photo

    යන්ට හිතෙනව බුකිට් බිත්තන්
    දකිනකොට අර චූටි ගැට තන්
    සරත් අයියත් එක්ක යන තැන්
    නලින් අයියා වගේ මුත්තන්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ප්‍රගිත් වැනි තරුණ කොල්ලන්
      ගිහින් එන්නට ඕන මේ තැන්
      සරා වැනි උන් ගිහින් ආ තැන්
      මමත් ගියහම වරද කිම බන්

      Delete
  27. Photo0815

    ආසයි යන්න රටකට.. කලෙන් කලෙට කියවන පොත් එක්ක යන්න ආස රටවල් වෙනස් උනා ... ගුරු ගීතය කියෙව්වෙ පුංචි දවස් වල තවමත් හීන දකිනව යන්න කිර්ගීසියවට,,,, කාශ්මීර් ... පෑරිස් , ඉතලි යන්න ආස හිතුන රටවල්.. අත් ඉතින් එව්වා හෑමදම හීනම තමා...
    බ්ලොග් යලුවො හමුවුන එක අහන්න සතුටුයි. මටත් ඉන්න එක බ්ලොග් යාළුවෙක් වත් මම දෑකල නෑ. මට බ්ලොග් ගෑන කියල දිපු අනු මල්ලිවත් කත කරනවා වුනාට තවම දෑකල නෑ.

    ReplyDelete
  28. blogger_logo_round_35

    අපුරුයි නලින් ගමන....
    චයිනා විදියේ කෑම සැහෙන රසයි වගේ..... :)
    // පුදුමයකි අප දුටු අයුරින් මේ කෙල්ලන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ කළු කෙල්ලන්ට ය.//
    මේක යුරෝපයේ , මධ්‍යම ආසියාවේ හඳුන්වන්නේ function of color tan කියන නමින් ....

    සුදු කොල්ලන්ගෙන් කළු කෙල්ලන්ට බේරීමක් නැහැ වගේම , කළු කොල්ලන්ට සුදු කෙල්ලන්ට බේරීමක් නැත......
    :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      විදුර සහෝ බොහොම කාලෙකින් වගේ.. මේ දිනවල කොහෙද ඉන්නේ. කො ගේනනකෝ රසවත් තොරතුරු ගොන්නක් අපට කියවන්න

      Delete
  29. sira

    ෆොටෝ ටික ලස්සනයි...මේ වතාවෙ එහෙ මෙහෙ යන්න බැරි උනාට ඊලග වතාවෙ මෙහෙ ආවොත් අපි නිසැකවම එදාට වඩා හොද වාතාවරණයකදි හමු වේවි...මමත් සරත් අයියව මුලිච්චි වෙන්න හිතාගෙන හිටියට තාම අවස්ථාවක් ලැබුනෙ නෑ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT