සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මෙය අත් හදා බැලීමකි. සඳැස් කවියක් එළිසම රැකෙන්න බ්ලොගයට දමන හැටි මා මාතලන්ගේ බ්ලොගයෙන් අසා සිටියා. එය ට නිසි පාර ඉවාන් පෙන්නලා තිබුණා. මා මෙසේ අත් හදා බලන්නේ අලුත් මල්ලීගේ නවතම සොයාගැන්මත් එක්කයි. ඒ ගැජට්ටුව මෙතැනින් ගිහින් බුක් මාක් එකක් දාගන්න. කවි ලියන හැම දෙනාටම මෙය අතිශය වටිනවා. ඉතින් මුලින්ම තෝරගත්තේ ඉවාන් මලයා මට දාපු කවි ප්‍රතිචාරයක් සහ එයට දුන් මගේ පිළිතුරයි

       
යන්ට හිතෙනව බුකිට්බිත්තන්
දකිනකොට අර චූටි ගැට තන්
සරත් අයියත් එක්කයන තැන්
නලින් අයියා වගේ මුත්තන්
  
ප්‍රගිත් වැනි තරුණ කොල්ලන්
ගිහින් එන්නට ඕන මේ තැන්
සරා වැනි උන් ගිහින් ආ තැන්
මමත් ගියහම වරද කිම බන්
  

41 comments:

  1. වරද ඉතින් ඔය වයසට යන එකයි තලස්තෑනි වයසනේ හික් හික් හික් ඔය ගැට අස්සේ පැහිච්ච එහෙම නැද්ද අයියේ? :P

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මලයා වයසට යනවා දැන් වේගෙන්ම..

      Delete
  2. ආ...ආ...ආ..... එනපොටනම් හොද නෑ වගේ .... මුලින් මුලින් කවි... පහුවෙනකොට බයිලා වෙයිද දන්නේ නැතෝ

    ReplyDelete
  3. මේක මචෝ ඉවාන්ටත් කලින් තව කවුරු හරි මට කිව්වා.. එකම දේ මේකට සෑහෙන වෙලාවක් යනවා.. මම කරන්නේ "ප්‍රිවීව්" දාලා "ස්පේස්" වලින් හදනවා.. එත් එතකොට මෙච්චර ලස්සනට එන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මාතලන් මේක නියම භාණ්ඩයක් තිතට වැඩේ වෙනවානේ.. හරිම ලේසියි වැඩේ කරන විදිය. මං නං බුක් මාක් එකක් දාගත්තා..

      Delete
  4. ඔය වැඩේ මෙන්න මේ විදිහට කරන්න සරළව...





    <span style="font-size: large;"> කවියේ මුල් පද කීපය මෙතනට දමන්න </span></td><td style="text-align: right;"><span style="font-size: large;"> කවියේ අවසාන පදය මෙතනට දමන්න </span>

    ReplyDelete
    Replies
    1. බලමු ඒකත් කරලා ස්තුතියි සහන්...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හි හි මාත් ලියන්න ඕන කවි

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න...... මේ විදිය අත්හදා බලන්න

      Delete

  7. ඔන්න ඔවුවට අනේ නැහැ මන්
    පවුල්කමි මං සෙමෙන් දැහැමින්
    නලින් මලයා ගියේ මොන තැන්
    කියා දන්නෙත් ඊයෙ මම බන්

    ReplyDelete
    Replies
    1. කියන ඒවා හිචිච් කොල්ලන්
      අල්ලා දාලා ඉන්න හැකිනන්
      සරා අයියට ගහපු මඩනන්
      සෝද ගන්නට පාර කියපන්

      Delete
    2. කමෙන්ට් කවිවලටත් මේ වැඩේ කරන්න හැකි විදියක් තියේද කියලා දන්න කෙනෙක් කියල දෙනවද අපට.

      Delete
  8. හොදයි හොදයි

    ReplyDelete
  9. නියමයි මම මෙච්චර කල් හිතා හිටියේ ටැබ් වලින් ඒක කරන්නේ කියලා ඊට වඩා පහසුවේවි මේ ක්‍රමේ..

    ReplyDelete
    Replies
    1. මේකෙන් කවි දාන කොට ලස්සනයි පිළිවෙළයි, ඒ වගේම පහසුයි දයා.

      Delete
  10. අපුරුයි නලීන් අයියා.උත්සහ කරල බලන්න ඕනා

    ReplyDelete
    Replies
    1. කවි ලියන කාටත් මේක ඉතා වැදගත්.

      Delete
  11. කෙරුවද කතුව පොරසිදු දිනමිණේ ඉතින්
    බැලුවද මැලේ අඟනුන් ඔය නාකි නෙතින්
    ගෙතුවද කවිය උන් ගැන කෙල පෙරා සිතින්
    යවහන් පිරී නැත රසයක් කිසිම අතින්

    ReplyDelete
    Replies
    1. පුවත් සකසු මුල් පුටුවක හිටියාට
      කවියෙක් නොවෙමි පද වැල් ගෙතුවාට
      සුන්දර ළඳුන් වෙත මා නෙතු දිව්වාට
      මගෙ පණ දෙවැනි දූවරු දෙන්නාට

      Delete
  12. ආසයි මටත් සිව් පදයක් අමුණන්න
    යවහන් දෝෂ මාත්‍රා සමබරවෙන්න
    එළිවැට අර්ථ රස ශබ්ධය සුරැකෙන්න
    ලියනෙමි මෙලෙස ටෙස්ටින් බව සකන්න


    අනේ ඒක කෝ වැඩ කරන්නේ නැහැනේ මන් ඔහේ ටයිප් කළා මේ එකමනේ ,,කෝ CODE එකක් උනේ නැහැනේ මන් ලියපු එකමනේ අයියෝ

    ReplyDelete
    Replies
    1. ඒක කොමෙන්ට් වලට හරියන්නේ නෑ අසූචියෝ .

      ටෙස්ටින් කොරන්නට ලියූ කවිපද නියමයි ඔමායා
      ඒ වුනාට කොමන්ට් වලට එය වැඩ නෑ එසේයා
      වචනත් බරපතල වැඩියි කොහොම ලියමි මෙසේයා
      කකුලට වැටුනොත් අකුරක් ඇඟිලි තැලෙයි බතලියා

      Delete
    2. @ අපූර්විට -

      දොස් නැති පද පේළි අමුණා තියෙච්චි
      කෙල්ලගේ හැකියාට හොඳහැටි දැන්ච්චී
      තව කිවිඳියක් කරලිය මත රගච්චී
      ලියපන් නගේ නව කිවිඳිය අසුච්චී

      Delete
    3. අපූර්වී නමට හොඳින් ගැලපෙන
      කෙල්ලක් සිටී සීයෙක් බලාගෙන
      සඳැස් කයියක පදේ බැඳගන
      ඔමායා කවි ලියයි ඉඳගන


      ඇස් රතු කරගන්න ඔට්ටු නෑ...

      Delete

    4. ඉවාන් නලින් දෙපිලට තුති කිලෝවයි
      අම්මා දාපු අරුම නම දැන් නම් එපාමයි
      අපහාසෙට සෙට් වෙන වුන් බොහෝමයි
      ඉදගෙන කියමි බ්ලොග් කාරයෝ ඔහොම්මයි

      Delete
  13. කවි ලියන්ට බැරි හන්දා ට්‍රයි කරන්ට විදියක් නෑ. කවුරු හරි කවියක් ලියලා දුන්නානම්...:D

    ReplyDelete
  14. මමත් කීප දෙනෙකුට ඔතනට පාර පෙන්නලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාමත් මේකට ගියේ කාගේ හරි බ්ලොගක ඩූඩ්ගේ කොමෙන්ටුවක් දැකලා , එදාම් බුක් මාක් කරගත්තා එත් තාම ටෙස්ට් කොරන්න බැරිවුනා , ඒ පාර නලින් අයියට ලින්කුව දුන්නා , වැඩේ හරි වගේ .තැන්කු වේවා ඩූඩ්

      Delete
  15. අපේ හිතේ තියෙන දේවල් දාපුවම කවියක් හදාගන්න පුලුවං ගැජට් එකක් නැද්ද අයියා...

    ReplyDelete
  16. ඒ කියන්නේ වැඩේ හරි වගේ නලින් අයියේ , එල දැන් ටෙස්ටින් ගොඩ නිසා හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන්, මේක අලුත් මල්ලිගේම නිර්මාණයක්, එයාට ස්තුතියි.

    ඉන්දිකයා කියූ ලෙසට පිරී නැතත්...........යවහන්
    ෆොටෝ දැකලා අපිට අනේ ඉන්නට බෑ.......ඉවසන්
    නලින් අයියා ගිහින් ඇවිත් විඳලා සියලු........රසතැන්
    කියන විටදී කොහොම නොයා ඉමිද බුකිට්.....බිත්තන්

    ReplyDelete
  17. මාත් ඉස්සරනම් කවි ලිව්වා.පත්තරේට එහෙමත් දැම්මා..ආයෙත් ලියන්න පටන් ගන්න ඕනැ..

    ස්තූතියි අයියා..

    ReplyDelete
  18. මට නං කවි ලියන්න බැරි නිසා ගානක් නෑ

    ReplyDelete
  19. පොඩි කොල්ලන් කුමට ගාටනු බින්තන්
    හතර වටේ ඇත ලෝකල් කෙලි පැට්ටන්
    ඕවා බලා හිත කුරවල් නොම කරගන්
    කාලය ගෙන යාවි යායුතු තැනකට නිතැතින්

    ReplyDelete
  20. හෙලබස කවිය සිව් පදයෙන් පණ නැගුනේ
    එය ගැන කවර කල කාටද සැක හිතුනේ
    මෙහෙවර අගය කර කියනෙමි ගුණ වරුණේ
    නිරතුරු ලැබෙනු ඇත හැම දෙවි රැකවරණේ

    ReplyDelete
  21. උඹ ඊළග සැරේ වරෙන්කො නලින් අයියෙ..ආතොල් කටින් යන්න දෙන්නම්..අලුත් මල්ලිගෙ අලුත් ගැජට් එක ඒ දවස්වලම මම දැක්කා...

    ReplyDelete
  22. අප්සට් එකක් නොපෙනේ
    කවි රස නම් දැනේ

    ReplyDelete
  23. ඒක මරු නලිය.....
    මාරම ගති

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT