samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



aaaaaaaaaaaaaaaa
පිංතුරය ගත්තේ මෙතැනින් www.kaniya.info
සයිබර් අවකාශය සිංහල යුනිකේත අකුරින් සරසන බ්ලොග් කරුවන්ගේ මෞලි මංගල්‍යය අත ළගටම ඇවිල්ලා. 

එළැඹෙන අප්‍රියල් 20 
වැනිදා පැලවත්ත බුද්ධදාස පිටියේ දි දවස පුරාම පවත්වන්නට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය මේ වන විට ලහි ලහියේ සූදානම් වෙනවා. 


බ්ලොග් කරුවන් එක්ව සෑම වසරකම පවත්වන බක් මහ උළෙල තමා ඔවුන්ගෙ ප්‍රධාන ම උත්සවය. දෙස් විදෙස් මේ කොතැනත් ඉන්න 
බ්ලොග් කරුවන් සෑම දෙනාම පාහේ මෙදිනට ඇවිත් එකිනෙකා හදුනාගන බොහොම සුන්දර දිනයක් ගත කරනවා.


වසරක් පාසා අඛණ්ඩව පවත්වාගන ආ මෙම සිහින බක් මහ උළෙලට මෙවර නායකත්වය දෙන්නේ තරුණ බ්ලොග් කරුවන් පිරිසක්. 

ඔවුන්ට දැවැන්ත ශක්තියක් වෙමින්; මෙවන් උත්සව සංවිධානය කර පළපුරුද්ද ඇති පැරණි බ්ලොග් කරුවන් පිරිසක් අයෝමය පවුරක් සේ 
පසුපසින් සිටිනවා.

ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා හොඳ සංවිධානයකින් යුතුව මෙවර බක් මහ උළෙළ පවත්වන්නට හැකි පෙර නිමිති මේ වනවිට 
පෙනෙන්නට තිබෙනවා. එනම් මෙවර බක් මහ උළෙල සඳහා සාදර අනුග්‍රහය දක්වන්නට ඕෂනික් ගේම්ස් ආයතනය ඉදිරිපත්ව සිටීමයි.

එය සමස්ථ සිංහල බ්ලොග් කරුවන් ලද මහගු ජයග්‍රහණයකි. මතු බිහිවන බ්ලොග් කරුවන්ගේ සුබ අනාගතයක පෙර නිමිත්තකි.

එවන් අනුග්‍රාහකයෙකු වෙනුවෙන් අපට කළ හැකි ප්‍රති උපකාරය කුමක් ද?.... 

මිතුරු මිතුරියණි.... ඔබේ අගනා බ්ලොග් අඩවියේ මේ දින කීපය තුළ අපගේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ලෝගෝව හා අනුග්‍රාහක ලෝගෝව එල්ලා සහායක් දක්වන ලෙස බොහොම දයාබරව ඉල්ලා සිටිනවා..

පහත ලිංකු මගින් එය කළ හැකියි........

අපේ ලෝගෝව ලිංකුව

 <object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object> 

අනුග්‍රාහක ලෝගෝව ලිංකුව 

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

ඉතින් අනිත් කරුණ තමයි එදිනට ඔබගේ සහභාගීත්වය... ඔබ තාමත් සහභාගීත්වය තහවුරු කොට නොමැතිනම් නොපමාව මේ ලිංකුවෙන් 
ගොස් ෆොරමය පුරවන්න
වඩාත්ම වැදගත් ඔබගේ ගෞරවනිය සහභාගිත්වය යි.

මේ උළෙල බ්ලොග් ලියන්නන්ට පමණක් නොවේ ලියන අපට මහගු ශක්තියක් වුණු බ්ලොග් කියවන්නන්ට ද සහභාගි විය හැකියි. 
කියවන්නන් තමා අපට සිටින ලොකුම ශක්තිය.

ඉතින් සංවිධායක මඩුල්ල වෙනුවෙන් මම සියලුම සිංහල බ්ලොග් ලියන හා කියවන සැමට ආරාධනා කරනවා එන්න අප හා එක්වන්න 

මතකනේ දිනය මේ 20 වැනි දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩා පිටියට...

මේ ගැන ලියැවුණු අපේ නිල අඩවියට මෙතැනින්....
තවත් සවිස්තරාත්මක සටහනක් මෙතැනින්..

ඔබ කොහේ සිට අකුරු කළත් ඒ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙනි... බැනරය එල්ලා අපට අයෝමය ශක්තියක් වන්න.. හැකිනම් මේ 

ගැන ඔබේ අඩවියෙන් දැනුම්වත් කරන්න....ඔබේ මුහුණු පොතේ ගිණුමේ බෙදාගන්න...

හමුවෙමු සොඳුරු දිනය අප්‍රියල් 20

80 comments:

  1. blank

    මචං......අයෝමය ශක්තියක් වෙන්න නම් කැමතියි.. ඒත් අර දෙක එල්ලගන්න දන්නේ නැහැ. තියෙන දෙක එල්ලගෙන ඉන්නම් දැනට. උඹලාට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මචං වචනෙත් ඇති. එල්ලන විදිය ලෙසටම සසිදුවා පිංතුරත් එක්කම ලියලා තියනවා මං ඒ ලින්ක් එකත් දාලා තියනවාතවත් සවිස්තරාත්මක සටහනක් මෙතැනින් කියලා තියල තැන ඔබලා බලන්න

      Delete
    2. photo

      ඔයා දෙක දෙක බක් බක ගානේ නැතුව එන දවසක් කියනවද මෙතන අපිට හොයාගෙන ඇවිල්ලා ඇනයක් වෙන්න

      Delete
  2. 11406625_1047576465270789_967693792463328651_n

    එල එල නලින් අයියා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එදාට එනවනේ මලයා

      Delete
    2. MyPhoto

      ආ සමියා උඹ ඉන්නවා නේ. පරිස්සමේ හිටපං.

      Delete
  3. ds

    එකක් දැම්මා නලියෝ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක දැක්කෝ උඹට උම්මා මයේ පැටියෝ

      Delete
    2. sira

      එකක් කිව්වෙ ඩ්‍රෑම් එකක් උගුරෙන් පල්ලෙහාට දා ගත්තද ? මම ලංකාවෙ හිටියානම් ඔය පිට්ටනිය ලගින් එදාට පොඩි බාර් එකක් දානවා බොලාගෙ පහසුවට...

      Delete
  4. photo

    man of the series = නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  5. blogger_logo_round_35

    එන්න උත්සාහ කරමි.

    ReplyDelete
  6. Original+Logo+-+Sandumal

    සහභාගිවීමට ඉතාමත්ම කැමතියි. නමුත් රැකියාව නිසා එන්න තියෙන අවකාශය අඩුයි. කොහොම උනත් ඔන්න ලින්කු දෙකම එල්ලුවා.

    ReplyDelete
    Replies
    1. Original+Logo+-+Sandumal

      වැඩක් නෑ දැම්මට. සුදුපාට කොටුවක් විතරයි පේන්නෙ.

      Delete
    2. blogger_logo_round_35

      එහෙම වෙන්න විදියක් නෑ මලයා

      Delete
    3. Original+Logo+-+Sandumal

      හරියන්නෙම නෑනෙ. ඔන්න බලන්න ගිහින්. වම් පැත්තෙ උඩම තියෙන්නෙ සුදු හිස් කොටුවක්.

      http://masandumal.blogspot.com/

      Delete
    4. blogger_logo_round_35

      බ්ලොගර් ලේ අවුට් එකට ජාවාස්ක්‍රිප්ට් විජට්ටුවක් දාලා ඔය කෝඩ් එක දාන්න. මට නං ප්‍රශ්ණයක් පේන්නේ නෑ!

      Delete
    5. blogger_logo_round_35

      වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිංහල බ්ලොගක් සජීවීව පවත්වාගන යන කතන්දර ගේ මේ වදනට ස්තුතියි

      Delete
    6. Original+Logo+-+Sandumal

      දාල තියෙන්නෙ නම් එහෙම තමා. ඒත් මට පෙන්නන්නෙ නෑනෙ. ඔයාලට මගේ බ්ලොග් එකේ පේනවද මේක?

      Delete
    7. Original+Logo+-+Sandumal

      දෝශය හොයාගත්තා. මේක අපේ නෙට්වර්ක් අවුලක්. ගූගල් ඩ්‍රයිව්, සෝෂල් නෙට්වර්ක් වලට අපේ කනෙක්ශන් එකෙන් ඇක්සස් නෑ. ඒකයි අවුල. ඩොන්ගල් එකෙන් එනකොට පෙන්නනවා.

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEiqSvSGUBOkxoNjnAP4E9bDb9CqkY9i4BLkHNxWyluEzkQJ829o4xsYiF2vJkCH24-LX8jqJFVxL9WoOQiNJiherWkyCncnkoh1QnHeqgAHp3cu_baINTtkaMdcWKrX0A/s45-c/

    අරු වගේම මමත් ඔය එව්වා මෙව්වා එල්ලන්න දන්නැහැ.

    කිසි දිනෙක බ්ලොග්කරුවන් හමුනොවන මුත්..

    සොදුරු සුබ දිනයක් වේවා...“!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි... එල්ලන විදිය රුපරාමු එක්කම සසිදු මලයා ලියලා තියනවා එය මාත් ලින්කුවක් ලෙස දාලා තියනවා ඒ ගැන අරූටත් කියලා තියනවා

      Delete
    2. blank

      @ පිනි
      කෙප්ප කෙලින්නැතුව හිටු..
      අර අගේට එල්ලලා තියෙන්නේ....

      Delete
  8. IMG_0203
    Replies
    1. blogger_logo_round_35

      බලමු නොවේ වර... උඹ වගේ සුන්දර මනුස්සයෙක් දැක ගත්තෙත් ගියවර අවුරුදු උත්සවයෙන්නේ

      Delete
  9. Close-up+of+baby+holding+mother%27s+finger

    අරක්කුත් ඇති සින්දුත් ඇති එදාට ඔතන !!!
    මට මාවම කන්ඩ් හිතෙනවා බං..නොදකිං .

    ReplyDelete
    Replies
    1. 12957658_981562591899718_5460096581317172886_o
    2. blogger_logo_round_35

      ඒ සේරම තියේ මලේ උඹත් එක්ක අර කොංගෝවත් තිබුණනම් මල් මසුරන්.

      Delete
    3. Close-up+of+baby+holding+mother%27s+finger

      ප්‍රියා
      ඔව් බං කලව හරියෙං කෑල්ලක් කපාගන්න ඕන :D

      නලින් අයියේ.. චැහ් .වැඩක් නෑ බං කතාකරලා.උන්නානං කොයි ලෝකෙ තිබුනත් භාන්ඩෙ එක්ක මං ඔතන.. !!
      අපි ආයෙ ජොලියක් දාමු ඇරියස් යන්ඩත් එක්කලා ..

      Delete
    4. photo

      අපෝ මමනම් වල ඌරු මස් කටේ තියන්නේ නෑ,

      Delete
    5. Close-up+of+baby+holding+mother%27s+finger

      අනේ එහෙම කර්න්න එපා..මට උදව්වක් කියල හිතල හරි කාපං ..!!

      Delete
  10. FB_IMG_1561654098205

    කියන්නත් කලින් එල්ලා අවසන්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි බ්ලොග් ලියන්න ඇව්ත් අපි දන්නෙත් නැතුව අපේ බ්ලොග් එල්ලලා සප් එක දුන් ඔයාව අමතකද කවදාවත්

      Delete
  11. 12957658_981562591899718_5460096581317172886_o

    ෆෝම් පිරෙවුවා. ඔය ලෝගො දෙකත් ඊයෙම එල්ලගත්තා.
    අපි අනිවාර්‍යෙන් එනවා අයියෙ.

    ඔබ සැමගේ උත්සාහය අති සාර්ථක වේවා……!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ වදනත් ලොකු හයියක් මලයෝ

      Delete
  12. blogger_logo_round_35

    පත්තරෙත් යයි ද විස්තරේ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා යනවා කතන්දර තුමා

      Delete
  13. .com/img/b/R29vZ2xl/AVvXsEj_RTJ2WmupEZyLoRthGEUiEU8A94gJSXedeh51tWv_jWeYZIDgapQEQlBOUveUnIyfUwf9KJ_2KPdY88_FCFypRwGp4K1UsJUnk4QmWQBfql4VSalxMWkGBUuB_VxzSg/s45-c/

    අනිවා අනිවා එන්න එපැය :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපිනං නොහික්මුණු එවුන්ව සත පහකට ගණන්ගන්නේ නෑ......

      Delete
    2. blogger_logo_round_35

      අම්මපා ඇත්ත නලින් අයියේ :D

      Delete
    3. blogger_logo_round_35

      ඒකනේ කියන්නේ මලයා මේ ානාහික්මුණු එවුන් එනව එබෙන්න

      Delete
  14. blank

    ඒනවා ඒනවා.....
    සසිදු ගේ උපෙදස් අනුව එල්ලා ගත්තා...

    තරගෙට අරක්කු බොන තරගයක් හෙම නැතෙයි..

    ජය වේවා!!!

    ReplyDelete
  15. sira

    මම නම් දැනටම එල්ලගෙන ඉන්නෙ...නැත්තං කුපාඩි කොල්ලො අහනවනෙ එල්ලංද අයියෙ ඉන්නෙ කියලා....

    සමස්ථ නොව සමස්ත ලෙස ලියනු...අඩේ මේ පත්තර කරුවන්ටත් අපිට කියා දෙන්න වෙලා නොවැ.

    ReplyDelete
    Replies
    1. 12957658_981562591899718_5460096581317172886_o
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      ඕ යේස් !! බැලන්ස් එකට එල්ලගනිං .නැත්තං පැත්තක් පාත් වෙයි.

      Delete
    3. sira

      අනිවාර්යෙන්ම පත්තරයො...තිතට බැලන්ස් කරලා එල්ලුවෙ.

      Delete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/
  17. 11659415_894934480581263_6736145559461767013_n

    එල අයියේ, වැඩේ නැගලා යනවා :)

    ReplyDelete
    Replies
    1. blank

      හැලපයියාගේ වැල්පෙනල සාත්තුව වගේ

      Delete
    2. 12957658_981562591899718_5460096581317172886_o

      සසියා, වට පිටාවෙ වැල් පෙනෙල තියෙනවද බලහන්. :)

      Delete
    3. blank

      මෙන්න වැල් පෙනෙලේ ගුණාගුණ මෙතැනට කොටල බලල කැඳ එකකුත් ගහලම එන්නකෝ බක බක

      Delete
  18. blogger_logo_round_35

    කී ලෙසම කලෙමි...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දුටුවෙම් ස්තුතියි

      Delete
  19. 12832864909625

    එන්න ඇත්නම් කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොනව කරන්නද ලංකාවට ආ දවසක මුනගැසෙමු අපි

      Delete
  20. DSC002481

    මාත් එල්ලගන්නං එන්නෙ නැතත්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි රාජ් එන්නත් වෙර දරමු දැන් අධිවේගෙත් තියන එකේ. කඩුවෙල ඉදලා බොහොම ලගයි පිට්ටනියට.

      Delete
  21. blogger_logo_round_35

    මාත් බ්ලොග් එකෙයි වෙබ් එකෙයි එල්ලන්නම්... කට්ටියට උපරිම ෆන් එකක් ගැනීමට ලැබේවා කියා පතන ගමන් ..:D

    චමි 4යු ~chami4u

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගොසිප් එකේ නං බැනරය පේන්නේ නැතෝ චමි

      Delete
  22. blogger_logo_round_35

    ඔං මමත් එල්ල ගත්තා. ජය වේවා..!

    ReplyDelete
  23. blogger_logo_round_35

    උඹලගේ උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා. ලංකාවේ හිටියානම් අනිවාර්‍යයෙන්ම සහභාගි වෙනවා. ජය!!

    ReplyDelete
  24. blogger_logo_round_35

    අනේ මන්දා නලින්ට ලේක් හවුස් එකෙන් පඩි ගෙවන්නේ මේවටද?

    ඔය පිට්ටනිය අර පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් කියන එකද?

    ඔය අනුග්‍රාහකයා නම් එල්ලගන්න බැහැ.ඕකුන් කෛරාටික තක්කඩි.
    ඔය චන්නගේ කම්පැනියද?අචලා අලස්ගේ කොම්පැනියද?නැතිනම් වෙනම එකක්ද?
    කෝකවුනත් ..මම නම් ම්හු.(පාඩුවෙයි නේද? )

    මල් පැණියෙන් උතුරන,මගුලක් වේවා.!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලංකාවේ දී සමාජ සේවාවක් කරන්නේ නම් හොද පදමට කූණු කතා අසන්නට බලාගනම ඒ වැඩේට බැසිය යුතු වග අනගාරික ධර්මපාල තුමන් කලකට ඉහතදී පවසා තිබුණා.

      ඉතින් ඒ සේරම බලාපොරොත්තුවෙන් තමා මට හැකි උදව්ව මං බ්ලොග් අවකාශයේ මිතුරන් වෙනුවෙන් කළේ. එන ගල් මෙන්ම මල්ද සම සිතින් දරාගමි

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      ගල් + මල් = ලොවෙත් නෑ !!!

      Delete
    3. blogger_logo_round_35

      පාවෙලා.......ආ...ආ........ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේවා....

      Delete
    4. Close-up+of+baby+holding+mother%27s+finger

      සඳ මිදුලට එනවා !!! ඕ යේස් :D

      Delete
  25. images+%282%29

    කෑලි 12ක් එක්ක බහිනව ලංකාවට 18 නලින්.......

    ReplyDelete
    Replies
    1. blank

      Patta pata pata maraine. Uba ela buwek kiyala piligannawa edata.aniwa.

      Delete
    2. blogger_logo_round_35

      සාදරයෙන් පිළිගන්නවා කෙන්ජයියා සැට් එකම

      Delete
  26. images

    හා හා ගිහිල්ලා ජොලි කරලා එන්නකෝ කට්ටිය.. අපිත් කවද හරි පාසල් ගමන නිමා කරයිනෙ!!

    ReplyDelete
  27. d1

    එන්න් ට්‍රයි කරනවා

    ReplyDelete
  28. pp

    ඇයි අයියේ ආරාධනා නොකර ආයාචනා කරේ?...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැඩි හොදට මලයා

      Delete
    2. blogger_logo_round_35

      //වැඩි හොදට මලයා// ආපු ගමන් මට ඕක පෙනුනේ "වැඩි හොඳටම මලයා" වගෙ. අවුරුදුත් කිට්ටු නෙ. අවුරුදු, අවුරුදු !!!!!! :D :D

      Delete
  29. blogger_logo_round_35

    අපිත් මෙහෙ ඉඳන් හුරේ පාරක් දාන්නම්..

    ReplyDelete
  30. blogger_logo_round_35

    me dawas tike blog balanna bari una , adayi meka dakke , banner eka nam ella gathtaha :) , me menuwen suba pathanawa harenna , enna pinak naha nova,
    SUBA PATHUM OBA SAMATA

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT