රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-12-27

ලිංගිකත්වය ගැන එළිපිට කතා කරමුද? your life is having sex

pix by google

සයිබරය තුළින් මගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් සැකසිය යුතු සමාජ විද්‍යාත්මක නිබන්ධනයක් සඳහා තොරතුරු එක් රැස් කරගන්නයි මේ වෑයම. 
කතා කරන්න යන්නේ බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැනයි. ලාංකීය සමාජයේ ලිංගික අද්දැකිම් තමා මාතෘකාව. මෙහෙම කිව්ව ගමන් බය වෙන්න එපා. මේ ගැන කතා කරන කාගෙවත් අනන්‍යතාවක් අඩුම තරමින් මටවත් දැනගන්න ලැබෙන්නේ නෑ.

අපේ සමාජයේ විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ගේ ලිංගික අද්දැකීම් කෙඹදු ද ඒ කවරාකාර ද යන සරළ දත්ත එකතුවක් පමණයි අප බලාපොරොත්තුවෙන්නේ. 
ඉතින් මං මගේ බ්ලොග් යාළුවන්ගෙන් මේ සඳහා සහායක් මා බලාපොරොත්තු වෙනවා. ඔයාලා කරන්න ඕන මේන්න මෙතැනට ගිහින් පෝරමය පුරවා සෙන්ඩ් කරන එක විතරයි.මට කරන උදව්වක් ලෙස එය පුළුවන් තරම් පිරිසක් අතරට මෙය යවාගන්නත් එය පුරවා එවන්නත් අමතක කරන්න එපා. 
මේ පෝස්ටුවේ දී මොන යම් හෝ කරුණක් දැනගන්න ඇත්නම් එය ඇනෝ කමෙන්ට් එකක් විදියට දාන්න. නැත්නම් අනන්‍යතාව පිළිබඳ ගැටලුවක් එන්න ඉඩ තියන නිසා.

ඒ වගේම දයාබරව ඉල්ලා සිටිනවා මේය විහිලුවක් සේ‍ නොගන්නා ලෙසත් අනවශ්‍ය කමෙන්ට් නොදමන ලෙසත්.

72 comments:

  1. දැන් මේකට ස්වයංවින්දනයත් ඇතුලත්ද නලීන් අයියෙ? නැත්නන් දෙදෙනෙකු අතර ඇතිවෙන ඒවා විතරද :)

    ReplyDelete
  2. පුරවන්න වෙන්නෙ අනාගතයෙදි..තාම හිච්චි කොල්ලෙකි.. නිබන්දනය සාර්තකව නිම කරගන්නට සුභ පතමි!

    ReplyDelete
  3. ඉදල හිටල -කන එකටත් කෙලින්ඩද බං උඹ හදන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකට වාර‍ණයක් දාන්න යන්නෙ :D

      Delete
    2. නලියා උඹට මලපැන්නද බං විහිලුවක් කලේ , ඔන්න මමත් පිරෙවිවා

      Delete
    3. උත්තර දිල තියෙන්නේ මං නොවේ සසිදුවා. මට මක්කැටයි මල පනින්නේ බං

      Delete
  4. ඔන්න පිරෙව්වා.....:D

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රශ්නෙටම කිසිත් නැත කියලා එකකුත් දාන්න අයියේ...අනිත් එක ස්වයංවින්දය සඳහා ද කොටසක් වෙන් කරන්න...(යෝජනාවකි)

      Delete
    2. සවයං වින්දනය හැමෝම කරන එකක්නේ මලයෝ

      Delete
    3. ස්වයං වින්දනයත් අයිති ඇතුලත් උනනම් හොඳයි කියලා මමත් හිතනවා.

      Delete
  5. කොහොමත් මෙවැනි දේ ගැන සමීක්ෂණ තියන එක හොඳයි. මමත් ඇවිත් පිළිතුරු දෙන්නම්. ලංකාවේ තියෙන්නේ ලොකු ලිංගික අසහනයක්.

    මම අලුත් බ්ලොග් කරුවෙක්. මෙන්න මගේ බ්ලොග් එකේ පළමු ලිපිය. sex ගැනම තමයි. කවුරුත් බැලිය යුතු කාලීන ලිපියක් මෙතනින් ගිහින් කියවන්න.
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?

    ReplyDelete
    Replies
    1. එතැනට ගොඩවැදුනෙමි. ස්තුතියි

      Delete
  6. හරි විස්තර දාලා පුරවද්දී කොටු ගොඩාක් ඉතුරුයිනේ

    ReplyDelete
    Replies
    1. මොනවටද තව කොටු එන්න ඕන මලයා

      Delete
  7. ඕහ්.. අපිට චාන්ස් එකක් දිල නෑනෙ ඉතින්..
    :D

    ReplyDelete
  8. නලීන් අයියේ, මම නම් කලින්ම පිරෙව්වා. සමස්ථ ප්‍රතිඵලය දැනගන්නත් ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. 1000ක් අවශ්‍ය වෙනවා. අනිවා සමස්ථ සමරියම මේ අඩවියට එක් කරනවා.

      Delete
    2. සමස්ථ නෙමෙයි....සමස්ත කියලා ලියන්න...

      Delete
  9. උත්තර වලට තව ඔප්ෂන් වැඩි කොලොත් නේද හොඳ?
    උදා:
    පළමු අත්දෑකිමේදී සහකාරිය ගැන අහන එකට "පැහැදිලි අදහසක් නැත" වාගේ කොටුවක් ආවොත් හොඳයි.

    සහකාරියගෙන් බලාපොරොතු වෙන දේවලුත් තොරගන්න කොටු ටික් කරන්න කීපයක් දීලා වෙනත් කියලා එතැනට ටෙක්ස් බොක්ස් එක දුන්නනම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මචෝ තීසීස් එකට දීල තිබුණු ටික විතරයි මං දැම්මේ දැනවනං තව කප්පරක් මගේ හිතේත් තියනවා.

      Delete
  10. ඔන්න මමත් ෆිල් කළා.
    නැත්නම් ඉතින් තාමත් තරහයි කියල හිතයි හි...හි.....


    මම යන්න යනවා ........
    ඔබ සැමගෙන් සමු අරන්........

    කෙන්ජිගේ කොලම නිසි බලධාරියා විසින් වසා ඇති බව කරුණාවෙන් සලකන්න.!

    ReplyDelete
    Replies
    1. අම්මපා මු පොඩි එකෙක්ද?

      Delete
    2. කෙන්ජයියේ පිස්සු කෙළින් නැතුව හිටු. වුණු දේ වුණා ඒවා අහවරයි.

      Delete
    3. මම නම් හිතාගෙන හිටියේ කෙන්ජී කියන්නෙ,

      අත්දැකීම් බහුල,
      හොද පෞර්ශයක් තියෙන,
      ඕනෑම දෙයක් දරා ගන්න පුලුවන්,

      පුද්ගලයෙක් කියලයි.

      මේ වාගේ සුලුදෙයකට ඔච්චර ලොකු තීරණයක් ගන්නවා නම්
      ලන්කාවේ දැන් අපිට වෙන දේවල් වලට, වහ බීලා ගොඩාක් කල්.

      අද බෝතලයක්ම බීලා, හොදට නිදාගෙන, හෙට ඉදලා ආයි බ්ලොග අරිමු කෙන්ජි, මේ පොඩි පොඩි දේවල් අමතක කරලා දාලා.

      කෙන්ජී කියන්නෙ, බොලොග් ලෝකයට නැතිවම බැරි මිත්‍රයෙක් නිසයි කියන්නෙ.

      Delete
    4. කුනුහරප කීවට කෙන්ජි තාම කොටහලු වෙලා නෑ

      Delete
    5. අනෙ අම්මපා ඕනයෝ උඹනං.. :D

      Delete
  11. පුරවලා දැම්ම එහෙනම්

    ReplyDelete
  12. කළ යුතුම වැඩක් වගේ හොඳ වැඩක් පාසලෙත් උගන්වන්නෙ නැති කොට මේවා කතා කළ යුතුමය.

    ReplyDelete
    Replies
    1. සයිබර් අවකාශයේ සැරිසරන 1000ක් හොයාගන්න වෙනවා. ඒත් තාම ප්‍රතිචාර මදි දයා. බලමු තව ටිකක් වෙහෙසිලා.

      Delete
  13. ලිංගිකත්වය ගැන ලස්සන ලිපියක් දමනවා.ඒකෙන් කතා කෙරෙන්නෙ ලිංගිකත්වය ගැන නව ඇසකින් බලන පිරිසක් ගැන.අනාගතයෙදි ලිංගිකත්වයේ සුවිශේෂ අංගයන් ගැනත් ලිපි දමනවා.මගෙ බ්ලොග් එකෙන් දෙන්නෙ කුණු රසයක් නොවෙයි ලිංගික අධ්‍යාපනයක්

    http://yakaageadaviya.blogspot.com/

    ReplyDelete
  14. අපි ඔවුවා දන්නේ නෑ... :/ මේ මේකේ නම් ගම් ප්‍රසිද්ද කරනවද :O :3

    ReplyDelete
    Replies
    1. අපොයි මට වත් දැනගන්න බැ මේක පුරවන්නේ කවුද කියලා. ඒ නිසා පුරවන සෑමදෙනාම ආරක්ෂිතයි.

      Delete
  15. මටත් පුරවන්න වෙන්නේ නැත. තාම පොඩි එකානේ.. වැඩේ සාර්ථක වේවා!!

    ReplyDelete
  16. මට නං කොටු මදි මදි වගේ හිතුනා නලින්,කොහොමත් වැඩේ සාර්ථක වේවා.

    ReplyDelete
  17. ඔයා මේක බුකියෙ ශෙයා කරපු ලිංක් එකෙන් ගිහින් එවලෙම පිරෙවුවා අයියෙ.

    ReplyDelete
  18. මෙකෙ තව තොරා ගැනිමේ අවස්ථාවන් වැඩි කරා නම් හොද නැත්ද ??

    ReplyDelete
  19. පුරවලා දැම්ම. වයිෆ් එහෙම දැක්කොත් මම පැදුරයි, කොට්ටෙයි අරන් එනවා ලේක් හවුසියටම.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. පුරවන්න බෑ අලේ.....

    ReplyDelete
  22. අපි වගේ තනිකඩ එවුන්ටත් පුරවන්න මොනවා හරි දැම්මනම් හොදයි...
    කොහොම හරි වැඩේ සාර්ථක වේවා කියලා පතනවා...

    ReplyDelete
  23. එවලෙම පිරෙවුවා අයියෙ .... වැඩේ සාර්ථක වේවා!!

    ReplyDelete
  24. පුරවමි.අපිටත් කියන්න ඕනේ මේකේ ප්‍රතිපලේ.

    ReplyDelete
  25. ඕං මාත් පිරෙව්ව!

    ReplyDelete
  26. ෆෝරමය අසම්පුර්නයි වගේ. ඔයිට වඩා පුළුල් උනා නම් සාර්ථකයි

    ReplyDelete
  27. මාත් පිරෙව්ව ඕන්. සමහර එව්ව පැහැදිලි කොරන්න දීල තියෙන් තේරීම් මදි මදි වගේ ඕන් :/

    ReplyDelete
  28. අපිත් යන්නන් එ පැත්තෙ

    ReplyDelete
  29. මං අත්දැකීම් ලබලා නෑ.. මට පුරවන්න බෑ ඒ නිසා. :3

    ReplyDelete
  30. ඔන්න මමත් පුරවලා ඉවරයි.

    ReplyDelete
  31. මං ඉතිං මේ ටිකේ පරක්කු කෝච්චියෙනෙ... හි හි... ඔන්න පිරෙව්ව..

    ReplyDelete
    Replies
    1. හිහි හි හි උඹ පුරවපු එක නලියගෙන් ඉල්ලගන බලන්ඩ ඕන

      Delete
    2. යකෝ කවුද පිරෙව්වේ කියලා මටවත් හොයන්න බෑ බං

      Delete
    3. සික් මේ අටමට (මන් කිව්වෙ මේ අටම් අයියට :D ) ලැජ්ජ නැද්ද මන්ද අනුන්ගෙ මේ වගේ දේවල් හොයන්නෙ :D

      Delete
  32. ෙමව්වා පුරවන්ඩ අපිට බෑ. තවම අපිට අද්දැකීම් නෑ.

    ReplyDelete
  33. ද්විලිංගික අත්දැකීම කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතිතියි මචං මතක් කර දිම ගැන එය විශම ලිංගික විය යුතුයි. මගේ අතින් වදර වුණේ ඒත් දැන් හදන්න බෑ දත්ත වෙනස් වෙන නිසා.. බොහොම ස්තුතියි.

      Delete
  34. මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.

    ReplyDelete
  35. නිබන්දනය ට සුබ පතනවා මාමේ... තවම අවුරුදු 19 ක පොඩි එකෙක්මි.. මෙවැනි දේවල් පිළිබද අත්දැකීම් නැත.. :)

    ReplyDelete
  36. ඕං එහෙනං මගෙ සතපහත් හරි ඈ.

    ආයෙ නොකීවයි කියන්න එපා රිසාල්ට් එක ඕනෙ

    ReplyDelete
  37. පුරෝලනං දැම්මා...

    (තොපි ඕකටත් බද්දක් ගහන්න හිතංද තොරතුරු හොයන්නේ..?)

    ReplyDelete
    Replies
    1. බද්දක් ගහන්න උනත් බැරිකමක් නෑ, හැබැයි ඒ අපේ මැති ඇමතිවරු.

      Delete
  38. ප්‍රිය නලින් මහතා වෙත

    මම සැමට මිතුරු.මට සයිට් එක සමබන්ධ පොඩි ප්‍රශ්න වගයක් වෙලා වහන්න වුනා.ඒක කළේ වේදනාවෙන්.නමුත් වෙන විකල්පයක් තිබුනේ නෑ.අනේ මහත්මයා මට නැවත සයිබරයට එන්න අත දෙන්න.ඔබගෙනුයි සහන්ගෙනුයි මංජුගෙනුයි විතරයි මේ ඉල්ලීම කරන්නෙ

    ඔබට ජය

    ReplyDelete
  39. ඉතා කාලෝචිතයි, නමුත් අපේ රටේ තත්වය අනුව මේක ටිකක් පරෙස්සමින් තමයි කරන්න ඕනේ. මටත් අත්දැකිම් ගොඩක් තියෙනව කියන්න. මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න පුලුවන්නම්. මමත් මීට කිට්ටු අදහසක් සමජයට දෙන්න උත්සහ කළා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්