samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බ්ලොග් ලියන කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි කෙන්ජිත් බ්ලොග් එකක් පටන් අරන්. ඉතින් කට්ටිය තාම ඒතැනට ගොඩවැදුණේ නැත්නම් මෙතැනින් ගිහින් ම එන්නකෝ ඒ පැත්තටත්. 
Untitled-1

මුලින්ම බ්ලොග් කරුවන් දිරිමත් කරන කමෙන්ට් කරුවෙකු ලෙස පැමිණ මගේ බ්ලොගය හරහා රචනයට එක් වුණු කෙන්ජිගේ බ්ලොග් ආගමනය මගේ හිතට ඇති කළේ පුදුම සතුටක්.


ඒ වගේම යුනි කේත මගින් මේ වනවිටත් අකුරු කරන ඒත් බ්ලොග් පැත්තට නැඹුරුවක් නැති තවත් පිරිසක් ඉන්නවා මා එක්ක. ඒ තමයි රට පුරා විසිරුණු ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් පිරිස. මේ අයවත් බ්ලොග් රචනය දෙසට යොමු කර ගැන්මේ අදහසින් අද මවිසින් තවත් බ්ලොග් අඩවියක් ආරම්භ කළා. එය නම් කලේ e-journalist-sri lanka කියලයි. මෙතැනින් ගිහින් ඒකත් බලන්න කියලා මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
තැපෑලෙන් හා ෆැක්ස් මගින් පුවත් එවමින් සිටි මේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් විද්‍යත් තැපෑල මගින් පුවත් එවන තැනට ගේන්න අපි සෑහෙන්න වෙහෙසක් ගත්තා. එය තෙවසරක ව්‍යපෘතියක්. මේ වන විට එම ව්‍යපෘතිය බොහෝ සතුටු දායක තැනකට ඇවිත් තියනවා.
එහි තවත් පියවරක් ඉදිරියට තැබීමක් තමයි මේ http://e-journalist-srilanka.blogspot.com බ්ලොග් අඩවිය. සිංහල යුනිකේත භාවිතයෙන් අකුරු කරන හැම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්ම මෙහි පූර්ණ බලය සහිත ඇඩ්මින් වරයෙකු බවට පත් කිරීම තමයි මගේ අරමුණ. ඒ අනුව ඔවුන්වත් බ්ලොග් කියවන ලියන සාමාජිකයෙක් කරගැන්ම මගේ අභිප්‍රායයි.
ඒ වගේම මෙහි ඇඩ්මින් වරයෙක් වෙන්න කැමති කවුරුන් හෝ වෙත් නම් තම විද්‍යුත් ලිපිනය මෙහි කමෙන්ටුවක් ලෙස දාන්න.
ඉතින් මේ වැඩේට පලපුරුදු හැම දෙනාගේම සහායද මා බලාපොරොත්තු වෙනවා. හැකි නම් මේ ලිංකුවක් ඔබගේ බ්ලොගයේ ද දමා සහායක් දෙන්න. එය නවක පිරිසක් වෙනුවෙන් කරනා අගනා මෙහෙයකි.

39 comments:

  1. blank

    හොද වැඩක් fb ත් ශෙයා කරන්න ..

    ReplyDelete
  2. blogger_logo_round_35

    මටත් ඔනා ඇඩ්මින් පොස්ට් එකක්

    ReplyDelete
  3. sira

    රාළට දෙනවා නම් මටත් ඕනෙ....නිකං දෙනවා නම් මන්නා පාරක් උනත් අපි ගන්නවා...අලුත් වැඩේ නැගලම යන්න කියලා ප්‍රාර්ථනා කොරනවා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දෙන්නටම එවලා තියෙන්නේ මචෝ

      Delete
  4. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    අන්න හොඳයි නලින් අය්යේ මේ වැඩේ... රටේ ඉන්න මාධ්‍ය වේදියෝ ටික එක තැනකට ගන්න මුල් වෙන එක හොඳයි... ( හැබැයි සුපර් ඇඩ්මින් කමක් තියාගන්න. )

    ReplyDelete
  5. Boompeek

    ඉතා හොඳ වැඩක්.
    //තැපෑලෙන් හා ෆැක්ස් මගින් පුවත් එවමින් සිටි මේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් විද්‍යත් තැපෑල මගින් පුවත් එවන තැනට ගේන්න අපි සෑහෙන්න වෙහෙසක් ගත්තා. එය තෙවසරක ව්‍යපෘතියක්. //
    තොරතුරු තාක්ෂණයට හුරු නොවූ පිරිසක් ඒ සඳහා හුරුකරගෙන පටන්ගත් මෙහෙය ඉතා අගෙයි. ඒ වගේම ඔබට හොඳ වාර්තා කරුවන් පිරිසක් එක් කරගත් නිසා. හොඳ තොරතුරු ප්‍රමාණයක් මෙන්ම නිතර තොරතුරු එන සේවයක් දෙන්න පුළුවන්. ලංකාවේ බොහෝ gossip සයිට් තිබුනත් හොඳ පුවත් ඔවුන්ළඟ දුලබයි. බොහෝ විට යන්නේ පුවත්පත් වලින් ගත් උපුටා ගැනීම්. මම හිතනවා මාධ්‍යවේදියෙක් වන ඔබට සුපිරි වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. මගෙන් සුබපැතුම්.

    නිතර backup තියා ගන්න. domain name එකක් දා ගන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි විශ්ව...... මේ වෑයම සාර්ථක වුවහොත් අගනා නිවුස් බ්ලොග් එකක් කරන්න හැකියි. මේ තැනට මේ අය ගේන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා පෞද්ගලිකවම මට. දැන් ඒ අය අතර ඇම්මක් ඇති කළ යුතුයි. මේ ඒ වෙනුවෙන් කරනා උත්සාහයකි.

      Delete
  6. blogger_logo_round_35

    ඉතාම හොද වැඩක් නලින්... මමත් සුබ පතනවා..

    ReplyDelete
  7. blogger_logo_round_35

    මමත් සුබ පතනවා.. උපරිමයෙන් කරන්න..

    ReplyDelete
  8. unnamed

    ජයවේවා අන්න වැඩ

    ReplyDelete
    Replies
    1. sira

      බොලා මොකද දැන් පේන්න නැත්තෙ...

      Delete
  9. blank

    නලීන්..........පෙරටම යන්න.....ඔබට ජය!!!

    ReplyDelete
  10. blank

    නලීන්..........පෙරටම යන්න.....ඔබට ජය!!!

    ReplyDelete
  11. IMG_7741+rat

    ඔන්න මාධය කලාවේ අතහිත.. මේවිවා නියම සුපිරි වැඩ... දෙකක් නෑ ඕබේ උත්සාහය අති සාර්ථක වේවා මමත් පතනවා... කෙන්ජිගේ බ්ලොග් එක පැත්තේ යන්නම්

    ReplyDelete
  12. blogger_logo_round_35

    ඔය තියෙන්නේ සුපිරි වැඩක්. ජය වේවා

    ReplyDelete
  13. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    මරු වැඩක් අයියා! අපි fb එකෙනුත් දෙමු හොඳ publicity එකක්! පුළුවන් නම් twitter පැත්තටත් යමු! මොකෝ news වලට ඒ ක්‍රමේ ටිකක් හොඳයි!

    ReplyDelete
  14. 156582_2134116490686_798455850_n

    හොද වැඩක් නලීන් අයියේ.. ඔන්න මාත් ඒ පැත්තට ගියා..

    ReplyDelete
  15. image

    සුබ පැතුම්! නලින් අයියේ

    ReplyDelete
  16. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    ගොඩක් වටිනා වැදගත් අදහසක් නලින් අයියේ සාර්ථක වෙන්න කියලා පතනවා. හදවතින්ම

    ReplyDelete
  17. photo

    අන්න නියම මාධ්‍යවේදියෝ.... සුබ පැතුම් නලින් අයියා....!

    ReplyDelete
  18. penhand

    සුභ පැතුම්.... නලින්...

    ReplyDelete
  19. 2023216-mount_fuji

    අෆ්පට සිරි මටත් පබිලියක් දීලනේ.
    හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ නලින් මල්ලි.
    ජය වේවා....!

    ReplyDelete
  20. FB_IMG_1561654098205

    සුපිරි වැඩක් නලියෝ... අපේ සම්පූර්ණ සහයෝගය..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මමත් ගිහින් බැලුවා. මගෙත් සුබ පැතුම් වැඩේට!

      Delete
  21. new

    සුභපතනවා අයියේ!!!!!!!!!!!!!!

    ReplyDelete
  22. blogger_logo_round_35

    ස්තුතියි කෙන්ජි අයියා ලියන්න ගත්තු එක. අනිවා එකෙන්ම අපි එතනට එනවා.
    නලීන් අයියා - මාධ්‍ය වේදීන් වෙන්න බලාගෙන ඉන්න අපිට මුකුත් අත හිත දීමක් නැත්ද ?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      බෙනා මොකද සද්දයක් නැත්තේ...?

      Delete
  23. 1+-+Copy

    අන්න අගේ ඇති වැඩක් නලියා. ජයම වේවා.

    අපි ඇඩ්මින්ලා වුනාට ප්‍රවෘති බ්ලොග් එකකට මොනවා ලියන්නද මචං. අනික මේ ලියන එකත් ලියාගන්නේ අමාරුවෙන්.

    මම කියන්නම්. උඹලා ලියාපල්ලා. අපි කියවන්නම්.

    උඹලගේ කට්ටියට කියාපං අපේ බ්ලොගුත් කියවලා බලන්න කියලා.


    එහෙම හොඳයිනේ?

    ReplyDelete
  24. .com/img/b/R29vZ2xl/AVvXsEj_n5kcfWMsk5noiFBVy6IwO836Mqi_qujlYD30Q-8X4XEPRbkE9bbPCTMHqR3SpnEyupIQTBZpxKhfDDVE8xZB4GeSogfXaHcm4cP9D8qR5j7GlFj1o8p9MoS-_jyBlg/s45-c/

    හොදයි හොදයි,
    නලින් අයියගෙන් අලුත් වැඩක්..
    අපෙන් උපරිම ගට..

    ReplyDelete
  25. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

    නියමයි. සුභ පැතුම් නලින්.

    ReplyDelete
  26. logo

    මාධ්‍ය උන්නැහේලා ලීව්වට නම් කමක් නෑ දේශපාලන කඩ දාගන්නැතුව ජය

    ReplyDelete
  27. blogger_logo_round_35

    බොහොම හොඳ වැඩක්.මගෙන් සුබ පැතුම්. කෙන්ජිව බලන්නත් ගියා බොහොම ස්තුතියි දැනුම්දීම ගැන.

    ReplyDelete
  28. images+%282%29

    නලින් මල්ලි උදේ ඉදල බැලුව අලුතින් උපද්දපු දේ...
    බලන එවුන්ට වචනයක් දෙන විදියක් බලන්න...
    නැත්නම්..අනිද්දා ඉදල කව්රුත් නැහැ...

    ReplyDelete
  29. images+%2826%29
  30. blank

    සිංහල බ්ලොග් ජනප්‍රිය කිරීමට හා එයට පාඨකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට නලීන් දරන උත්සහයට් බොහොම ස්තූතියි...
    අළුත් බ්ලොග් අඩවිය තියෙන තැනට ගියා..ඒක ප්‍රවෘතිමය වටිනාකමක් පමනක් ඇති තැනක් නිසා සමහර විට ඉදිරියේදී පාඨකයන් කොයි තරම් ඒතැනට සමීප වෙයිද කියන ප්‍රශ්ණය මට නැගුනා..කෙසේ නමුත් ප්‍රදේශිය පුවත් වාර්තාකරුවන් සයිබර අවකාශයේදී එකතු කරන වේදිකාවක් වශයෙන් එය ඉතා ප්‍රයෝජනවත් විය හැකියි..සමහර විට ඔබේ බලා පොරොත්තුවත් එවැන්නක් විය හැකියි

    ReplyDelete
  31. blogger_logo_round_35

    //හැඩකාර,කටකාර,මනමාල,විසේකාර කොල්ලෙක් මම // - කෙන්ජි
    ඈ බං, නලියෝ, පොරත් එන්න එන්නම තිරිහන් වෙනවද?

    ReplyDelete
  32. MyPhoto

    ඇත්තටම බ්ලොග් ගොඩක් ජනතාව අතරට ගිහිං නෑ. මේ ක්‍රමය ගොඩක් ඉවහල් වෙයි කියලා හිතෙනවා බ්ලොග් අවකාශය පොදු ජනතාව නිතර එන තැනක් කරන්න.

    වෑයම සාර්ථක වේවා !!!

    ReplyDelete
  33. .com/img/b/R29vZ2xl/AVvXsEj7yctO6IIU4zQBoV7yvNOdUtGF8r4EobK_VYD8cOuhCY9mlJcjjFwbt0eL6-PkdXRiI0mqKF8nUeIqJcEXOOaqWDB48ex90fmWniFLt-zSi9txvHKYdoEN9EHAfuVnrg/s45-c/

    වැඩේ එල....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT