දිනය ජූලි 13. දවස් ගානක් තිස්සේ හුඟක් තැන් වලට වැටුණු වැස්ස නිසා, මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරපු අපේ ගමන අසාර්ථක වෙයිදෝ කියලා පුංචි බයකුත් තිබුණා. නමුත් උදේ ගමන පිටත්වුණු වෙලේ සිටම මග දිගටම තිබුණෙ හිතට සතුට දෙන කාලගුණයක්. අපේ කණ්ඩායම ඔක්කොම අට දෙනෙයි. උදේම පිටත්වුණු නිසා අපි අටදෙනාම හිටියෙ නොසෑහෙන විඩාබර ගතියකින්. උණු තේ එකක් බොන්න ලැබෙන්නෙ කොයි වෙලේද කියලා හිත හිතා හිටියෙ. අපි කෝරළේගම, අපේ නවාතැන්පොළට යනවිට හවස 4.45ට විතර ඇති. අපිට ලැබුණු කාමර වල පිහිටීම දැක්කම ඇත්තෙන්ම තේ අමතකවුණා. කාමර මුහුණ පා තිබුණෙ අපූරු දොළ පාරකට.
වටපිටාවෙ කැපීපෙණුනු අනිත් දේ තමයි බාඳුරා.
කෘමි සතෙක් කෙණ්ඩිය තුළට ගියවිට උඩ පියන වැසෙන බව අපි
කවුරුත් විශ්වාස කරන මතය වුණත්, එය වැරදි බව පසුව දැනගන්නට ලැබුණු වැදගත් කරුණක්.
ගල්පර මැදි කරගෙන ගලන දොළේ හෝ හඬින් කන් පිරිලා. තේ බීලා,
ඇතිවෙනකල් ඇලේ බැහැලා ඉඳලා, රෑට රසම රස රොටීත් කාලා ඉක්මනින් නින්දට ගියෙ,
මහන්සියටත් වඩා පහුවදා උදෙන්ම ගියොත් කැලේ ගොඩක් ඇවිදින්න පුළුවන් නිසා.
උදෙන්ම කීවට පිටත්වෙන කොට වෙලාව පහුවෙනිදා උදේ 7.30ට
විතර ඇති. නවාතැන්ගත් තැන සිට පැය බාගයක විතර ගමනක් නිසා අපි තීරණය කරා පයින්ම
යන්න.
ගෙදරින් ගමන පිටත්වෙනවිට අරමුණ තිබුණෙ කන්නෙලියෙ යන්න
විතරක්වුණත්, නවාතැනින් දැනගන්න ලැබුණෙ එතැන් සිට ධූලි ඇල්ලට තියෙන්නෙ දුර කි.මී.
30ක් පමණ වන බව. කලින් ආපසු එන්න ලැබුණොත් එහි යන බලාපොරොත්තුවත් තියාගෙනයි උදේ
පිටත්වුණෙ.
කන්නෙළියෙ අනන්‍යතාවය වගේ පවතින කබ්බලේ කන්ද දුර
සිටම දර්ශනය වුණා.
හරිම ලස්සණ දොළ පාරෙන් එගොඩ වෙලා අපි කන්නෙලිය පිවිසුමට
ආවා. ප්‍රවේශ පත්‍ර මිළදීගෙන, අපිට මඟපෙන්වන්න පැමීණි
ගුණදාස මහතාත් එක්ක ගමන පිටත්වුණා. කැලය බලන්න අපි තෝරගත්තෙ නාරංගස් ඇල්ල මංපෙත. කැලයට
වාහන ඇතුළුවීමට අවසර නැහැ. ඉතිං අපිට සිදුවුණා සබන්, සිධාලේප වගේ කූඩැල්ලන්ගෙන්
බේරීමට අවශ්‍ය දේවලිනුත් සන්නාහ සන්නද්ධවෙන්නට.
කන්නෙලිය අයත්වන්නේ පහතරට වැසි වනාන්තර ගණයට.
එක්තරා වෙබ් අඩවියක සඳහන්වුණේ ‘It’s
like the son of father Sinharaja’ කියලා. සිංහරාජයේ ඇවිදලා නැතිනිසා කොයිතරම් දුරට
මේ කතාව ඇත්තද කියන්න නම් දන්නෙ නෑ. නමුත් අපි ගමන පටන්ගන්න මුල හරියෙම වගේ තිබුණු
ගස් දකින විට හිතෙන්නෙ ඒ කතාව ඇත්තක් විය හැකිබව. මෙහි පිවිසුමට ආසන්න ප්‍රදේශයේ දකින්නට
ඇත්තේ, 1989දී විතර සිදුවූ ගිනි තැබීමකින් පසු පැලවූ වසර 20ක් පමණ පැරණි ද්වීතියික
වනාන්තරය.
නාන තොටුපොළ පිහිටා ඇත්තේ වනයට ඇතුල්වී ටිකදුරක්
යනවිට වම්පස පහළ බෑවුමේ. උදෙන්ම නිසා වෙන්න ඇති අපි යන වෙලාවෙ නම් එහි කිසිවෙක්
සිටියේ නෑ. අපේ නවාතැන ළඟින් ගලන්නෙත් මේ ඔයමයිලු.
තුනීලෑලි සංස්ථාවේ පිහිටි අවදියේ, එහි වාහන
ගමනාගමනය සඳහා කැලය මැදින් තැනූ තාරපාර
නිසා ගමන පහසුවුණත්, අපි හැමෝටම දැනුණෙ ඒ නිසා එහි ස්වභාවික සෞන්දර්යයට තරමක් දුරට
හානියක් සිදුවී ඇති බවක්.
ඇතුළුවී ටික දුරක් යනවිට වම් පස බෑවුමෙන් ගල්ලෑලි
දොළ දකින්නට පුළුවන්. දොළට මේ නම වැටී ඇත්තේ ගල්තලාවක් මතින් වතුර ගලන නිසාලු. මේ
ප්‍රදේශයේ පරිණාමය නොවූ ප්‍රාථමික යුගයේ ශාක බොහොමයක් දකින්නට හැකියි. දිරච්ච
කොටන් වල, කොළ ගොඩල්වල පැළවුණු මීවන පැල වලට උදේ අව්ව වැටුණම ඒවායේ දකින්නට ලැබෙන හරිත
වර්ණය හරිම ලස්සණයි.
ගුණදාස ගස්වල නම් කියාගෙන කියාගෙන යනවා. සමහර
ගස්වල නම් නම ගහලම තිබුණා.
පහුගිය දවස්වල මහා ආන්දෝලනයට ලක්වුණු වල්ල පට්ටා
ශාකය අපි දුටුවෙත් පළවෙනි වතාවට. ගස්වල නම් අළුත් නොවුණට, දකින්නෙ පළවෙනි වතාවට
නිසා මතකතියාගන්න ටිකක් අමාරුයි මුලදිම. පහුවෙනකොට නම් හැම එකක්ම නැතත් හුඟක් ගස්
දකිනවිට නම මතක් කරගන්න පුළුවන්වුණා. ඒ අතරින් ගොන් දිව කියන්නෙ සුදු පාට ඉරි
වැටුණු හරිම ලස්සණ කොළ තියෙන පැළයක්.
දැල් වියාගෙන ගොදුරු සොයන ලස්සණ මකුළු වර්ගත්
කීපයක්ම දකින්නට ලැබුණා.
වල් මිදි ගැන ඇහුවෙත් පළවෙනි වතාවට. මිදි ගෙඩියක්
තරමේ ප්‍රමාණයේ රතු පැහැති ගෙඩි පිරුණු ලොකු පොකුරු කීපයක්ම දකින්නට ලැබුණා.
ගුණදාස කීව විදිහට නම් මේ ගෙඩි හුඟක්ම විෂයිලු.
ගමන් කරන්නට තිබුණේ කුඩා දුරක් වුණත්, ගල්ගුහාවක්
හරහා වැටී තිබූ උමං මාර්ගයේ ගමන හැම කෙනෙකුටම ගෙනාවෙ අපූරුම අත්දැකීමක්. ගල්ගුහාව
තුළින් ගැලූ වතුර පාර දිගේ අපිට ඉහළට ඇවිදින්නවුණේ දෙකට නැමීගෙන.
ගුහාව ඇතුළත තිබුණේ දැඩි අඳුරක්. චූටි වවුල් ගඳකුත්
දැණුනා. නමුත් දරාගන්න බැරි තරමටම නෙමෙයි. දොළ පාර පුරාම විවිධ වර්ගයේ ගෙම්බන්
රැසක් හිටියා. ඇතුලත දැණුනු සිසිල, වෙහෙස වෙලා සිටි අපිට ලැබුණු තෑග්ගක් වගේ. ඒ
විතරක්ද, අපි ගල් ගුහාව තුළට යනවිට කඩාවැටුණු
වැස්ස අපි ගුහාවෙන් පිටවන විට නැවතිලා. ඉන්පස්සෙ යාන්තම් වැටුණු පොද වැස්ස නිසා වැසි
වනාන්තරයක අපූරු අත්දැකීමත් විඳගන්නට ඉඩ ලැබුණා.
තවත් ටික දුරක් යනවිට හමුවුණු මහල් තුනකින්යුත්
දෙවැනි ගිමන්හල හරිම අපූරු නිර්මාණයක්. විශාල ශාක කඳන් මැදට සිමෙන්ති පුරවා තැනූ
උස කණු හැරෙන්නට මෙහි අනෙක් කොටස් සම්පූර්ණයෙන්ම වගේ නිමවා ඇත්තේ දේශීය අමුද්‍රව්‍ය වලින්.
අපි දකින පළවෙනි දිය ඇල්ල, අනගිමල ඇල්ලට යන අතුරු
පාර ආරම්භවන්නේත් මෙතනින්මයි. අතරමගදී හමුවන දියපාරින් එගොඩවීම සඳහා ඉදිකර ඇති
ලෑලි පාලමත් සුන්දර නිර්මාණයක්. හිතාගන්නට බැරි තරමේ; බොහෝ දුරට මිලියන ගණනක් වියහැකියි; කූඹි පාරක් අපි දුටුවෙත් මේ අඩි පාරෙදිමයි.
හැමදාම දකින එකා පසුපස එකා යන ගමන වෙනුවට බිම වැටී තිබුණු කුඩා අත්තක්
සම්පූර්ණයෙන්ම වසා ගත් කූඹි පාරක් කොහේදෝ යනවා.
මේ වගේ දේවල් දකින්න නම් ඇත්තෙන්ම ඉතාමත්ම විමසුම් ඇසින්
යායුතුයි.
ඈතින් ඇසුණු ඇල්ලේ ශබ්දය අපේ ගමන් වේගය තවත් ටිකක්
ඉක්මන් කරන්නට සමත්වුණා. ගල්කුළු අතරින් ගලා බසින අනගිමල ඇල්ල සොබාදමේ තවත් එක්
මනස්කාන්ත නිර්මාණයක්.
දියඇල්ල බැලීමට තනා තිබූ වේදිකාවක, දැන් ඉතිරිව ඇත්තේ
කණු පමණයි. තද වැහි කාලයකදී ගැලූ, සැර
වතුර පහරක් වේදිකාවත් අරගෙනම ගිහින්. ඉතිරිවී ඇති කණුවල උස දකිනවිට ගැලූ වතුර පාර
මොන තරම් ප්රචණ්ඩවෙන්නට ඇතිද කියා හිතාගන්නත් බැරි තරම්.
ඇල්ලට පහළින් ඇති කුඩා වලවල් විවිධ වර්ණයේ ජීවීන්ගෙන්
පිරිලා. රතු පැහැති පොකිරිස්සන් වැනි මසුන් හරිම ලස්සණයි.
අපි ආපහු ගිමන්හලට ඇවිත් ළඟ තිබුණු අන්තිම බිස්කට් ටිකත්
ඉවරවෙනකල්ම කෑවා. ඒ තරමටම මහන්සියි. මග දිගට තිබුණු පිරිසිදු දිය පාරවල් නිසා
පිපාසයෙන් නම් කරදරයක් වුණෙ නෑ.
අපි ආයෙම ගමන පටන්ගත්තා. මේ අතරෙ, ගොඩක්ම නැතත්,
ඉඳලා හිටලා හරි කකුල්වල එල්ලුණු කූඩැල්ලන් ගලවන්නවුණු බවත් ලියන්නම ඕනෙ.
අපි ඊළඟට බලන්න ගියේ යෝධ පුස්වැල. මේ නම් වචනයේ
පරිසමාප්ත අරුතින්ම යෝධ වැලක්. දැනගන්නට ලැබුණු විදියට මේ වැල හෙක්ටෙයාර් එකක පමණ
ප්‍රදේශයක පැතිරිලා තියනවලු. වනාන්තරේ ඉපැරණි බවට තවත් සාක්ෂි මොනවටද. මේ යෝධ වැල
මවා තිබූ රටා, සොබාදමේ අපූරු, දුර්ලභ නිර්මාණයන්.
කන්නෙලිය නැරඹීමට නාරංගස්ඇල්ල මංපෙත අපි තෝරගත්තෙ
මේ පාරෙන් දිය ඇලි දෙකක්ම බලාගන්නට හැකිවෙන නිසා. ඒත් පිංතූර ගැනිල්ල (ඇත්තම
කියනවා නම් පමණ ඉක්මවා ගියපු), අපේ ගමන් වේගය සෑහෙන්න අඩු කරා. අපේ ඊළඟ නැවතුමවුණු
යෝධ නවඳ ගස ළඟට යන්න කලින්, මේ වනවිට රන් හා සමානව දැණුනු වටිනා කාලයෙන් මිනිත්තු
දහයක් විතර කැප කරන්නවුණා සාකච්ඡා වටයකට.
එතැන්
සිට නවඳ ගසට තිබුණේ පොඩි දුරක්. කුඩා ඇලක් හරහා ඉදිකර තිබූ පැද්දෙන ලෑලි පාලම
ලස්සණට පෙණුනා.
තවත්
ටික වෙලාවකින් අපි ඉදිරියේ දර්ශනයවුණේ, මේ අපූරු කැලෑවෙ ඉපැරණි බව පෙන්වමින්
විරාජමානව වැඩ සිටින යෝධ නවඳ ගස. ඇස් දෙක චූටි කරගෙන උඩ බැලුවත් ගස මුදුන නම්
දකින්න ලැබුණේ නෑ.
ගසේ වයස සඳහන්වෙන්නේ වසර 250ක් ලෙස. අනිත්
තැන්වලට වඩා මෙහි පස් වල තිබූ තෙත ගතියත් කැපී පෙණුනා.
අපි
ආපසු ගමන් ඇරඹුවා. මෙතෙක් වේලා පැමිණි පාරෙමයි ආපසු යන්නවුණෙත්. කැලෑව කොයිතරම්
පුදුමද. උදේ අපි පසුකර පැමිණි දේ, දැන් අපේ ඉදිරියෙන් දකිනවිට පෙනෙන්නෙ වෙනස්
විදිහකට. ඒ නිසාම ආපසු ගමන අපි සිතූ තරමටම ඒකාකාරී වුණේ නෑ.
කන්නෙලිය පිවිසුමෙන් අපි පිටවනවිට වෙලාව සවස
3.30යි. කකුල් දෙකට වැඳ වැඳ හෙමින් හෙමින් කන්ද නැග්ගා අපි. විශ්වාස කරන්නත් බැරිතරම්; අපේ රියදුරු නිමල් වාහනෙත්
අරගෙන එනවා අපි
පරක්කු ඇයි බලන්න; අපිට දැණුනෙ
දේවාශීර්වාදයක් වගේ.
දහවල් ආහාරය ගන්නකොට වෙලාව සවස හතරයි.
බඩගින්නයි මහන්සියයි උපරිමයෙන් තිබුණු වෙලාවෙ ගත්ත කෑම දැණුනෙ දිව්‍ය භෝජන වගේ. විශේෂයෙන්ම
තෙඹුකොළ සම්බෝලෙ රස මට තාමත් මතකයි.
කොයිතරම් මහන්සිවුණත් කොච්චර රෑවුණත් හැමෝම
කැමතිවුණා ධූලි ඇල්ලත් බලන්න යන්න......
සංචාරක සටහන
සමුද්‍රිකා හේරත්
//බඩගින්නයි මහන්සියයි උපරිමයෙන් තිබුණු වෙලාවෙ ගත්ත කෑම දැණුනෙ දිව්‍ය භෝජන වගේ//
ReplyDeleteකන්ඩ කලින් මොකුත් කරේ නැතෙයි
හි හි
Deleteෂෝයි අනේ ,,මොනාද අනේ තෙඹු කොළ කියන්නේ ,,,
ReplyDeletethebu kola hari hodai suger thiyena ayata. ape waththeth paduru kihipayak thiyenawa. mellum hadala kannth puluwan. suger thiyena ayata dunnama ikmanata sini mattama pahala bahinawa. me link ekata giyama oyata visthara balaganna puluwan.
Deletehttp://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=1346&s=Local_name
ස්තුති සමන් මන් බලන්නම් අදමයි ඇහුවේ ඒකයි ,,,
DeleteBandura gottak Awrudu ganakin dekke..
ReplyDeleteissara ape palathe thibuna den behethakata wath hoyaganna nehe...
සමුගේ හොද චාරිකා සටහනක්. නලින්ට මතකද අපේ ගයානිත් කන්නෙලියේ ගිහින් විස්තරයක් දැම්මා ඒ වෙලාවේ මම බලාපොරොත්තු උනෙත් මේ විදියෙ විස්තරයක්. මම ඒක කිව්වා.. පරිපුර්ණ චාරික සටහනක්.. ස්තුතියි සමු.. නලින් බොටත්..
ReplyDeleteඉරිසියාවේ බෑ බන් .....
ReplyDeleteහිත නිවන තැනක් වගේ. අහල තිබුණට ගිහින් නෑ. මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ නෙ දැන්. ඇයි එහෙම වෙන්නේ?
ReplyDeleteමේ පෝස්ට් එක දැන් බ්ලොග් රෝල්වලට යන්නේ නෑ අඩු තරමින් මගේ එකේවත් නෑ.. චන්දන හෝ සහන් හෝ දන්න කෙනෙක් මේකට පිළියමක් කියල දෙන්ඩකෝ..
ReplyDeleteඑඩිට් කරල කැටගරි එක වෙනස් කරලා ආයේ දාන්න බලන්න..
Deleteනලින්ට සහ සමුද්‍රිකාට ස්තුතිය් පින්තුර සමග විස්තර අප සමග බෙදා ගත්තට.
ReplyDeleteඅවුරුදු කීපයකට පෙර සිංහරාජේ ගොස් එහි ගග අයිනෙ උඩහ කාමර වල නැවතිල කුඩල්ලන් විමානෙන් බැට කෑ හැටිත්,කැලයේ ඇවිද්ද විදියත්,කුඩා ගම්මානයේ තරුණයන් සමග වොලිබෝල් ගසමින් සහ ගැමි තරුණයන් සමග සංගීත රස විදිමින් සිංහරාජයේ ගත කල රාත්‍රී තුන මතක් වුනා.
මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෘතිම හීතලේ ගැහි ගැහි ඉන්න අපිට මේ වගේ ඡායාරූප දැක්කම නෙතට සිතට දැනෙන සිසිල කියන්න වදන් නෑ...මමත් හරිම ආසයි මේ වගේ පළාත් වල සංචාරය කරන්න...මම ලියපු සිංහරාජ පෝස්ටුව තමයි මට සිහිවුනේ...
ReplyDeleteස්තූතියි අය්යේ ... දැක්කත් හිතට සහනයක් .......
ReplyDelete1989 gini thibbe yako me kaleta newe mekale kapanna atawapu yantra sutra walata...... wahana walata 1989 JVP karayo ehema nokalanam ada thopita balanna yanna kannaliyak ithuru wenne na bola
ReplyDelete