හිත මිතුරු මොහාන් රාජ් මඩවල ගෙන් ඇමතුම ලැබෙන විට මා සිටියේ බොහෝ වෙහෙසකර දින ගණනාවක් ගෙවා දමා ලද විවේකයක ගම කොනේ පිහිටි විල්ලුවක් අසබඩ මිත්‍ර සමාගමක ය. හිතාදර මිතුරාගේ ඇමතුම බොහෝ ඉසව් කරා විහිද ගියේ ය.
“මගේ ලොවීනා පොත කියෙව්වද මචං“
“තරමක ලජ්ජාවක් ද මසිතට නැගිනි..... නෑ මචං තාම බැරි වුණා... විචාර කීපයක්ම නං කියෙව්වා මචං...“
රන්ජන්ගේ විචාරය කියෙව්වේ නැද්ද?
ඒකත් කියෙව්වා මචං....
එහෙනං උඹත් පොත කියවල බලපං.....
තවත් බොහෝ තොරතුරු හුවමාරුවෙන් පසු අපේ සංවාදය අවසන් විය..
වෙනදා රන්ජන් අමරරත්න දිනමිණ වෙනුවෙන් ලියූ හැම විචාරයක්ම පාහේ මේ අඩවිටය එක් විණි. බොහෝ විට දිනමිණ ට කලින් මේ අඩවියට එක් කරන්නට රන්ජන්ම කැමැති විය. වෙනදා කටගැස්ම වෙනුවෙන් රන්ජන් මේ විචාරය ලියන්නේ මගේ රාජකාරි මේසය අල්ලපු අසුනේ සිටය.. එහෙත් රන්ජන් සිළුමිණ පුවත් පතේ ප්‍රධාන කර්තෘ ධුරයට ගිය දා සිට එය ලියැවෙන්නේ එහි සිටය. අප දෙදෙනාගේ හමුව දුරස් වූ බැවින් කටගැස්ම මා අතට පත් වුයේ ද නැත. මොහාන් රාජ් ගේ ලොවීනා වෙනුවෙන් රන්ජන් අමරරත්න ලියූ මේ කටගැස්ම සටහන ද ලියැවෙන්නේ සිළුමිණ මුල් පුටුවේ සිට ය. මා හිතවතා වෙනුවෙන් රන්ජන් ලියූ එම විචාරය මෙසේ අද සමකයට එක් කරමි.
මොහාන් රාජ් මඩවලගේ අභිනව ප්‍රබන්ධය වූ “ලොවීනා” අපූරු වෘත්තාන්තයකි. ඊට මූලාශ්‍ර වී ඇත්තේ ඓතිහාසික කතා ප්‍රවෘත්තියකි. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ බ්‍රිතාන්‍ය කිරීටයේ ශ්‍රී ලාංකේය නියෝජනය සේ සලකන අග්‍රාණ්ඩුකාරයා හා රොඩී කෙල්ල අතර දිග හැරෙන ප්‍රේමය මේ කතාවෙන් නිරූපණය වේ.
ඉතිහාසයේ හැබෑවට ම සිදු වූ හෝ සිදුවීමට අවකාශ තිබූ හෝ කතා ප්‍රවෘත්ති මුල් කොට නව ප්‍රබන්ධ රචනා කිරීම කතා කලාවේ ප්‍රවණතාවකි. එම ප්‍රවණතාවට සිංහල නවකතා ක්ෂේත්‍රයෙහි ද ඉඩක් ඇති බව නූතන ප්‍රබන්ධ අත්දැකීම්වලින් පෙනී යයි.
යටත්විජිත සමය ආසියානු අප්‍රිකානු හා ලතින් අමෙරිකානු සාහිත්‍යය පෝෂණය කර තිබේ. අප්‍රිකාවේ මහා නවකතාකරුවාවූ චිනුවා අචෙබේ සිය ප්‍රබන්ධකරණය ආරම්භ කරනුයේ යටත්විජිත අත්දැකීම් සංස්කෘතික දැක්මක් මත විග්‍රහ කරමින් ය. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ යන ප්‍රධාන යටත්විජිත ප්‍රවාහ තුනක් ඔස්සේ අප මුලින් කී සාහිත්‍යය විකාශය වී තිබේ.
සිංහල සාහිත්‍ය - කලා ක්ෂේත්‍රයෙහි ප්‍රබන්ධ කථාවට, කවියට, නාටකයට හා චිත්‍රපටයට මුල් වූ යටත්විජිත යුග තුනක් තිබේ. ඒ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුග ලෙස හඳුනාගත හැකි ය. මෙකී ප්‍රධාන සාහිත්‍ය ධාරා හැරුණුකොට ජන සාහිත්‍යයේ මුඛ පරම්පරාගත ව පවතින තවත් කතා රාශියක් ද තිබේ. එම කතාවලට මූලාශ්‍ර වී ඇත්තේ ද සත්‍ය කතා ප්‍රවෘත්තිය. නිදසුනක් ලෙස ත්‍රිකුණාමලයේ ගෝකණ්ණ දළ මොහොර ආදරවන්තයන්ගේ ප්‍රපාතයක් ලෙස සැලකේ.
ඉංග්‍රීසි යුද භටයකු හා ගැමි තරුණියක අතර වූ ප්‍රේමයක් පිළිබඳ කතාව ඊට පාදක වී තිබේ. යුද භටයා සිය මව්බිමෙන් ලැබූ ආඥාවක් අනුව ත්‍රිකුණාමල වරායෙන් නැව් නැඟ ආපසු යන අතර, එය දරාගත නොහැකි වූ තරුණිය මහ හෙලෙන් මුහුදට පැන දිවි නසා ගනී. යටත්විජිත සමය මුල්කොට ප්‍රබන්ධිත මෙබඳු පෙම් කතා ගණනාවක් අප අතර පවතී. මොහාන් රාජ් මඩවල සිය නවකතාව සඳහා තෝරාගෙන ඇත්තේ එබඳු ඓතිහාසික මූලාශ්‍රයකි.
මේ කතාවෙහි විශේෂතා හතරක් දකින්නට ලැබේ.
i ශ්‍රී ලංකාවේ පැවැති කුල විභේදනය නිරූපණය කිරීම
ii ලන්දේසි හා ඉංග්‍රීසි යුගවල සමාජ යථාර්ථය හෙළිදරව් කිරීම
iii ස්ත්‍රිය විෂයයෙහි පවත්නා අනේකාකාර පීඩනය කෙරෙහි අවධානය යොමු කිරීම
iv ජන මූල ඇදහීම් හා චාරිත්‍ර යළි මතු කිරීම
මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා හා ලොවීනා අතර අසම්මත ප්‍රේමය හුදු කායික සම්බන්ධයක් පමණකැ’යි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් කතුවරයා එය සංකීර්ණ තලයකට ගෙන එයි. බලසම්පන්න පුරුෂයකු ඉදිරියේ සමාජයීය වශයෙන් බෙලහීන යෞවනියක දරන ප්‍රතිචාරය එක අතෙකින් කතුවරයාගේ් නිරීක්ෂණයට ලක් වේ. තව අතෙකින් මහා පුරුෂයකු කුලහීන සුන්දර කාන්තාවක ගේ පහසට ගොදුරු වන ආකාරය කතුවරයාගේ නිරීක්‍ෂණයට ලක් වේ. එබැවින් මේට්ලන්ඩ් හා ලොවීනා අතර ඇත්තේ හුදු කායික සන්තර්පණයක්ම නො වේ.
ෙමාහාන් සිත්ගන්නාසුළු ලෙස නිරූපණය කරනුයේ ශ්‍රී ලංකාවේ එදා පැවැති කුල විභේදනය යි. පුන්නා නම් අති සුන්දර ගොවි කුල කාන්තාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අන්තඃපුර කාන්තාව ක ලෙස තෝරා ගැනෙණ නමුදු ඇය අතින් වූ සුළු අත් වැරැද්දක් නිසා රොඩී කුලයට පන්නා දමයි. රජ මාලිගයෙන් නෙරපා හරින පුන්නා රොඩී කුප්පායම තෙක් පා - ගමනින් යයි. ඒ අතර මිනිස්සු ඇයට වේසි යැයි කියමින් කෙළ ගසති. අන්තඃපුර ස්ත්‍රීහු පවා ඇයට අවමන් කරති.
ශ්‍රී ලංකාවේ පැවැති කුල විභේදනය ඉතා තීව්‍ර ලෙස නිරූපණය කෙරෙන අවස්ථා ගණනාවක් ම මේ කෘතියට අයත් ය.
”ඔවුන් හැකි හැමවිට ම පැමිණියේ කැළෑ පාරවල් මැද්දෙනි. වන සතුනට ඔව්හු බිය නොවූ හ. සැබැවින් ම ඔවුන් වන සතුනට වඩා බිය වූණේ කුලවතුන්ට ය.”
මොහාන් රාජ් මඩවල
(පිටුව 201)
රොඩී කුප්පායමේ එක් කණ්ඩායමක් අභය දානය ලබනු වස්; පදිංචිය අතහැර ඉබාගාතේ යයි. එහිදී ඔව්හු ගම්මාන මඟහැර මූකළාන් මැදින් ම ඇවිද යති. මේ ගමනේ දී ඔවුන් වටහා ගනු ලබන යථාර්ථය වන්නේ තිරිසනකුට වඩා කුලවතා නරක බව ය.
යටත්විජිත යුගවල ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු පීඩිත මිනිසාට දැනුණු එක් සත්‍යයක් කෙරෙහි ද කතුවරයාගේ අවධානය යොමුවෙයි. එනම්; තමන්ගේ පාරම්පරික නායකයාට හා ඔහුගේ චාරිත්‍ර - වාරිත්‍රවලට වඩා කොල්ලකාර විදේශිකයා හා ඔහුගේ චාරිත්‍ර - වාරිත්‍රවලට යහපත් බව ය.
පීඩිතයාට ඒවා හිතකර වන අතර, එහි ම නිදහස හා යුක්තිසහගත භාවයක් ද පවතී. නරේන්ද්‍රසිංහ රජුගේ ක්‍රියා කලාපයෙන් පීඩිතයා අන්තිම ගර්හාවට ලක් වූව; මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා පීඩිතයා දෙස බලනුයේ අනුකම්පාවෙන් ය. මෙය ඔවුනොවුන්ගේ ඉලක්ක හා අරමුණු පිළිබඳ ගැටලුවක් මිස මානව දයාව පිළිබඳ අමුතු තත්ත්වයක් නොවේ. කුමක් වුව කතුවරයාගේ සියුම් නිරීක්ෂණයට එය හසු වී තිබීම වැදගත් ය.
නවකතාකරුවා මැනැවින් හෙළිදරව් කරනුයේ අතීත සිංහල සමාජය තුළ ස්ත්‍රිය කෙරෙහි බලපෑ අසීමිත පීඩාකාරී තත්ත්වය යි. අවස්ථා ගණනාවක දීම එය මැනැවින් නිරූපණය වේ.
”ගෑනු අප දුර්වලයි තමයි... ඒත් දෙකෙන් එකක් අපි තෝරාගන්ඩ ඕන... එක්කො මේ දුක් උහුලගෙන ජීවත් වෙන්ඩ... නැත්තං මේ ඔක්කෝම අත ඇරල මැරෙන්ඩ...”
මේ සංවාදය පවතින්නේ රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් දෙදෙනකු අතර ය. ඒ පුන්නා හා ප්‍රමිලා දේවී යන ස්ත්‍රීහු වෙති. අන්තඃපුර ස්ත්‍රීන්ගේ ඛේදවාචකය ද කර්තෘ අතින් නිරූපණය වේ. රජතුමා සතු ගැහැනුන්ගේ ගණන රජතුමා ම නොදනී.
”ගෑනු ඉපදිලා තියෙන්නෙ ගෑනු වෙනුවෙන් නෙමෙයි. පිරිමි වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්ඩ...”
(පිටුව 62)
ස්ත්‍රී ඛේදවාචකයේ උපරිමය සටහන් වන්නේ 299 පිටුවේ ය. ඒ ලොවීනා සිය ආදරවන්තයාගේ අතුරුදන් වීම ගැන පශ්චාත්තාප වන අවස්ථා නිරූපණයෙන් ය.
”ඇය බලාසිටියා ය. තව තවත් බලා සිටියා ය. ඈත මානා පඳුරු අතරින් ඔහු මතුවේ යැයි, මුහුදුරළ දෙබෑ කරගෙන ඔහු ඒවි යැයි ඇය බලා සිටියාය. එහෙත් දවස කෙමෙන් ගෙවී ගිය නමුත් ඇගේ ඇස්මානයට ඔහු පැමිණියේ නැත.”
ලොවීනාගේ ආදරවන්තයා උතියා මිස මෙට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා නො වේ. උතියා හා ලොවීනා අතර ආදරය ගොඩනැඟෙන්නේ කුඩා කාලයේ පටන් ය. මේ ආදරයට අතරමඟ දී කඩා වදින මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා සමඟ තුන්කොන් ආදරයක් කතාවේ අවසන් කාර්තුවේ ද නිරූපණය වේ. එය අතිශය සංකීර්ණ මානව සම්බන්ධතාවක් ලෙස දැක්විය හැකි ය.
ලොවීනා කතාවේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ සිංහලයේ ජන මූල ඇදහීම් හා චාරිත්‍ර - විධි උත්කර්ෂවත් ලෙස දැක්වීම ය. ඒවා නිරූපණය වන්නේ රොඩී කුලය ඔස්සේ ය. පුන්නීගේ දේව ඇදහීම්, ඇයගේ අතිශය පුරාණ බෙහෙත් වට්ටෝරු, දුම් ඇල්ලීම හා අසීමිත ශක්තියත් පාඨකයා තුළ ඇති කරනුයේ අපූරු ආස්වාදයෙකි.
ලොවීනා නවකතාවේ ශිල්පීය පක්ෂය දෙස බලනවිට ද කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබේ.
i කතුවරයා ඉතිහාසය හා වර්තමානය ගළපන අයුරු කතා වස්තුවක් ගොඩනඟයි
ii කෘතිය පුරාම දකින්නට ලැබෙන්නේ ඒකාකාරී රිද්මයකි.
iii උද්වේගකර දර්ශනවලින් දුරස් වී, සංයමයකින් යුතුව අවස්ථා නිරූපණය කරයි.
iv පාඨකයාගේ පරිකල්පන ලෝකයට වැඩි බරක් තබයි.
ලොවීනා නවකතාව ආරම්භ වන්නේ වර්තමාන කතා වස්තුවේ මැද හරියෙන් ය. එම කතාවේ මුල් කාර්තුව විකාශය වන්නේ ඉතිහාස කථාන්දර මුල්කර ගනිමින් ය. නැවත වර්තමාන කතා වස්තුව ආරම්භ වන්නේ කෘතියේ අවසන් භාගයේ දී ය. ඒ අතර තවත් ඉතිහාස කතා රැසක් කෙරෙහි කතුවරයාගේ අවධානය යොමු වෙයි. එහෙත් කිසිදු තැනෙක නො ගැළපීමක් නැත. එකිනෙක අවස්ථා - සිද්ධි චරිත හා කථාන්දර මනාව ගළපා ගැනීමට කතුවරයා සමත් වෙයි. කෘතිය ආරම්භ වන්නේ මන්දගාමී රිද්මයක් ඔස්සේ ය. මේ කෘතිය පුරා ම එම රිද්මය රඳවා ගැනීමට මොහාන් සමත් වෙයි. ඔහු සිය ප්‍රබන්ධය ඔස්සේ මනා පරිණතභාවයක් ද පෙන්නුම් කරයි.
මොහාන් රාජ් මඩවල වෙත එල්ල වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ලිංගික අවස්ථා උද්වේගකර ලෙස නිරූපණය කරන්නේ ය යන්න ය. එම චෝදනාවේ සත්‍යාසත්‍ය බව කුමක් වුව, උද්වේගකර හෝ අතිශයෝක්තියෙන් යුතු හෝ ලිංගික අවස්ථා නිරූපණ මේ කෘතිය තුළ දක්නට නැත.
කතුවරයාගේ තවත් විශේෂතාවක් වන්නේ පාඨකයාගේ පරිකල්පන ලෝකයට වැඩි අවස්ථාවක් දෙමින් සිය වියමන ඉදිරිපත් කිරීම ය. ඔහු ටිකක් කියා වැඩියමක් පාඨක සිත්හි නිරූපණය කිරීමට වෑයම් කරයි. මේ සඳහා ඔහු දක්වන ඉඟි හා සංකේත ඉතා වැදගත් ය.
”ඉබ්බෙක් රිංගුවා ගාල අස්සට... මං මේ ඌ කොයි ගිහින්ද කියලා බැලුවෙ...?”
පුලා සිය නාඹර ඇඹේණියගේ රූපශ්‍රීය නරඹන්නේ හොරෙන් තැන - තැන සැඟවීගෙන ය. ඒ අතර ඔහු නියපොතු සපයි. අවසානයේ පුලාගේ බිරියට ලැබෙන පළමු දරුවාගේ නියපොතු නැත. මෙබඳු අපූරු නිරූපණවලින් ලොවීනා කතාව සර්ව සම්පූර්ණ ය. කාලෙකට පසු කියැවීමට ලැබුණු රසවත් නවකතාවක් සේ "ලොවීනා" හඳුන්වමි.

රන්ජන් අමරරත්න
රන්ජන් අමරරත්න සියල්ලම හොඳයි කී දුර්ලභ අවස්තාවක් ...
ReplyDelete//”ගෑනු ඉපදිලා තියෙන්නෙ ගෑනු වෙනුවෙන් නෙමෙයි. පිරිමි වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්ඩ...”// බොහෝදෙනා සිතිය යුතු තැනක්
රන්ජන් හොදයි කී පොත් කීපයක්ම තිබුණා ඉවාන්
Deleteඉතුරු කරන්ඩ වටින්නෙ නෑ ඔහොම කියපු කෙනා :D
Deleteහොඳ පොතක් බව පෙනෙනවා. අරගෙන බලන්නම්. රන්ජන් අමරරත්නත් දෙන්නම් බැටේ ක්‍රමයට නැතුව විවේචනයක් ලියලා තියෙන්නේ.
ReplyDeleteවිචාරක තුමනි තාම මා ද මේ පොත කියවා නැත... රන්ජන් මේ ලෙස හොඳයි කියන්නේ කලාතුරකින්ම පොතකට විතරයි.
Deleteකියවා රස විඳීමට සිතුණි..
ReplyDeleteනලීන් තුමා කිසිත් නොලියන එක නම් හෙලා දකිමි. :(
ජාල ගත වීමට ඇති ඉඩකඩ හා කාලය පිළිබද ගැටලුවකය මා මේ දිනවල ඉන්නේ. හැකි වහාම ලියන්න ගන්නවා රෙහානි.
Deleteමේක පටන් අරන් තියෙන විදිහට මම හිතුවේ රන්ජන් ලොක්කා හරි මොහාන් ලොක්ක හරි කූරියා ගහලා කියලා..:( රයිටෝ හොඳයි කිව්වා නම් ඉතින් එළටම ඇති..මේ ටිකේ මගේ රාගයත් ඇවිස්සිලා තියෙන්නේ..හොයන් කියවන්න ඕනේ... අපිට කියලත් යන දවසක් තියෙන්න එපැයි ...
ReplyDeleteඔන්න බලන්න සහන් සිංහල බසේ අරුමය. එක වදනකට පුළුවන් වෙනස්ම හැගුමක් දෙන්න. ඔබ පෙන්වා දුන් පසු මා එක වදනක් විතරක් වෙනස් කළා ඔන්න. ඒ වගේම තමයි ඔබටත් ඕනම තැනක සියුම්ම දේ අහුවෙනවා නේද?
Deleteඔහේ පලයන් ... වෙනස් හැඟුමක් දෙන සියුම් එකක් දැක්කේ නැ යකෝ මං ..ඔහේ කට වාචාල කමට කොමෙන්ට් එකක් කොටලා ගියා... දැන් ඇවිත් බලද්දි මෙහෙම එකක් දැක්කේ.. හැබෑටම මොකක්ද ඒ සියුම් එක ...?
Deleteහැක් හැක්.. මූට වදින්නේ ඔහොම චෑන්ස් තමා..
Deleteහැක් හැක් ...
Deleteහොද ලිපියක් ,, මොකෝ මෙච්චර දවස් ආවේ නැත්තේ ?
ReplyDelete// ගම කොනේ පිහිටි විල්ලුවක් අසබඩ මිත්‍ර සමාගමක ය// හොදට බොන්න ඇති ඉදගෙන මෙතුමා
නො ආවේ අවිවේකය නිසයි අසුචියේ.....
Deleteඩොල්කි පාරක් ගහගෙන ලන්දේ බූටෑවේ හැන්දැව මොන තරම් සුන්දරද විවේකීද? ඉතින් නොබී කොහොමෙයි අනේ
පොත බලන්නම වෙනවා.
ReplyDeleteබලන්න බලන්න මාත් බලන්න ඉන්නේ
Deleteමාගම් සෝලියයි මේකයි දෙකම කියවන්න හිතන් හිටියේ මේ පාර ගන්න බැරිවුනා. ස්තූතියි නලින් අයියට.
ReplyDeleteමාගම් සෝලියනම් මම කියෙව්වා කුමාරිහාමියේ...
Deleteහරි ඔයා කියනවනම් අපි පොත දාගෙනම (කියවලම) බලන්නම්කෝ
ReplyDeleteමැලේ රටේ මේ පොත හොයා ගන්න තියේද?
Deleteමගේ නම් පොත් කියවීම අඩුයි නලින් අය්යේ.. :/
ReplyDeleteහරි හරි අපි දන්නවා ඒක පොතක් පෙරලමු එහෙනං..
Deleteලොවිනා ටිකක් බර වැඩිද මන්ද :)
ReplyDeleteඅනේ එච්චර බර නෑ දරුවෝ
Deleteමෙහෙ ඉන්නකොට තියෙන කරුමේ ඔන්න ඕකයි. පොතක් පතක් වත් බලන්න නැහැනේ වටිනා කියන. :(
ReplyDeleteආවම බලමු මලයා මොනව කරන්නද නේද එයිට වඩා වටිනවනේ ජීවිතය ජය ගන්න එක
Deleteමටනම් ඕක කියවන්න වෙන්නෙ ලංකාවට ආවාට පස්සෙ.
ReplyDeleteඑහෙම කරමු වෙන මොනව කරන්නද මලයා
Deleteපත්තරවලින් කියවපු ටික පමනයි දන්නේ. නලීන් හරිම බිසි බව තේරුනා පහුගිය ටිකේ. කසුරි ගොයියා නැද්ද දැන්....මොහාන් මාධ්‍යයත් එක්ක වැඩ නැද්ද නලීන්?
ReplyDeleteසිරාවටම අරූ... මේ ටිකවත් කොටන්නේ ගෙදර යන ගමන් කෝච්චියේ ඉදගන්න අසුනක් ලද නිසා.
Deleteමොහාන් රාජ්ගේ මාගම්සෝලියනම් කියෙවුවා.. මේක නම් කියවලා නැහැ.. බලමුකෝ..
ReplyDeleteමාත් එමමයි මේ සති අන්තයේ කියවනවා
Deleteපරිකල්පනයෙන් සිදුවීම් මවා ගන්න තත්වෙට තියෙන සිංහල පොත් මට හම්බුවෙලා තියෙන්නෙ බොහොම ටිකයි... එයින් එකක් තමයි උලමගේ රාත්‍රිය.. තව එකක් තිබ්බ කකුලත් සොත්ති පොඩි කොල්ලෙක් ගැන ලියවිච්ච පොතක්... දෙකම කියෙව්වෙ ඉස්කෝලෙ යන කාලෙ... පොත ගැන නං මතකයක් ඇත්තෙම නැති කරං... ඒත් දැනටත් යන්තමට හිතේ රැඳිලා තියෙනවා එදා මවා ගත්ත රෑප ටික.... තව ඒ වගේ කීපයක් තිබ්බ.. මට දැං මතක නෑ ඒවා පරිවර්තනද කියල... මට හිතෙන්නෙ මේකත් ඒ තත්වෙ ඇති කියල... කාලෙකට පස්සේ පොතක් කියවන්න හිතෙන විචාරයක් තියෙන්නෙ රංජන්ගෙන්... පුටුව මාරු උන නිසාද දන් නෑ... හි හි... ( මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ...)
ReplyDeleteපුටුවේ කිසිම බලපෑමක් නෑ මේ විචාරයට.
Deleteවටිනා කියන යමක් වගේ පෙනීයනව
ReplyDeleteමිණි කැට එක වරම හදුනගන්න අමාරුනේ මචෝ
Deleteමාගම් සෝලිය කියෙව්වා. මට නම් අදහාගන්ට බැරි කතාවක්. :D
ReplyDeleteමේක නම් එහෙම නෙමේ වෙන්ට ඇති කියලා හිතෙනවා. හොයාගෙන බලන්නම්.
අධි යථාර්තවාදී කතාවක් පොඩ්ඩි මේක
Deleteකුමාරිහාමිත් මේ දෙන්න ගැන කාලෙකට කලින් ලිපියක් ලිව්ව නේද?
Deleteබලමු
ReplyDeleteහය හතර
බලමු බලමු දමිත්
Deleteසමහරු උඩ පැන පැන වන්දනා මාන කලත් ලංකාවේ තිබුන රාජාන්ඩු ක්‍රමය අන්තිම අජූතයි කුල ක්‍රමය නිශ්පාදන සම්බන්දතා මත බැඳුන එකක්. වැඩිපුර කේවල් කරන්න පුලුවන් උන එවුන් වැඩි ආදිපත්‍යයක් දැරුවා අනෙකාව තලා පෙලා දමමින්. කවදත් ගැහැනිය දේපලක් විදිහට තමයි භාවිතා උනේ ඕනම සමාජ ක්‍රමයක් ඇතුලේ වැඩිපුර ගැහැනු අයිතිකරගෙන වැඩිපුර පැටව් හදන එක තමා පිරිමියැකුගේ පරිනාමික කාර්ය්‍යය.
ReplyDeleteමේ ලොවීනා කියන පොතට පසුබිම් උනේ තොමස් මෙට්ලන්ඩ් හා සත්‍යය ලෙසම පෙමින් බැඳුන ලොවීනාගේ (ලැවේනියා) කතාව වන්නට පුලුවන්. අදටත් ගල්කිස්ස මවුන්ට් ලැවේනියා ලෙස හඳුන්වන්නේ ඒ ඇය නමින්. කාලෙකට කලින් දිනමිනේ පලවූ මෙම ලිපිය බලන්න.
ස්තුතියි මොරම්බා මේ ලින්කුවෙන් තවත් ලොකු කතාවක් කියැවෙනවා... නැවතත් ස්තුතියි.
Deleteඔය රන්ජන් අමරරත්න ලියපු පොත් නැද්ද..ආසයි එහෙම එකක් කියවන්න...
ReplyDeleteමාගම් සෝලිය එක්තරා ඉමකින් පස්සෙ, මොහාන් භාවිතා කරන අධි යතාර්ථවාදී ශෛලිය පාඨකයාට බෝරිං වෙනවා වගේ. ඒ අනුව බැලුවහම සයිමන් නවගත්තේගම ඒ ශෛලිය භාවිතා කල ක්‍රමය ඊට වඩා සාර්ථකයි. කතාවට වඩා ශෛලිය ඉස්මතු වෙන්නෙ නෑ. "ලොවීනා" ඉක්මනින් හොයාගෙන කියවන්න ඕනේ.
ReplyDeleteමාගම් සෝලිය කියෙව්වා ගෙන් පස්සේ නම් මොහාන් රාජ් මඩවල ගේ පොතක් දිහා අහක් ඇරලා බලන්නේ නෑ කියලා උන්නේ..
ReplyDeleteඑත් මාගම් සෝලිය වගේ නොවේ යයි කියන නිසා එයත් කියවා බලන්න ඕනේ..
මොහාන් රාජ් මඩවල ගේ කතා ඉතිහාසික පැත්තෙන් හරිම අපුරුයි.. නමුත් ඔහුගේ අනවශ්‍ය ලිංගික අවස්ථා සම්බන්ද යෙදීම නිසා කියවීම එපා වෙනවා...