නූතන සිංහල නවකතාකාරයා හරියට ම සිල්ලර කඩයක මුදලාලියකු බඳු ය. ඔහුට විකුණනන්නට බැරි දෙයක් නැත. සමහරු පැණි කතා විකුණති. තව සමහරු පෙම් කතා හා ඉතිහාස කතා විකුණති. තවත් සමහරු ලිංගික කතා විකුණති. ඔවුන්ගේ අලුත් ම මෝස්තරයක් වී ඇත්තේ වැද්දන් විකිණීම ය. සඳරුවන් ලොකුහේවා වැද්දන්ගේ කතාවක් විකිණීමට ගොස්; සැලැකිය යුතු අමාරුවක වැටී තිබේ. ඔහුගේ වෙළෙඳා ම සවුත්තු ය. පාඩු සහිත ය. “වන මැද පුර හඳ” නිසා සඳරුවන් ලොකුහේවාට හඳ පායන්නේ නැති බව නම්; ඉතා පැහැදිලිය.
බෝවල බල ඇති දෙවියෝ
ඊටත් වැඩියෙන් ගිනිමල් දෙවියෝ
කයෙන් පැමිණි දුක් හිරිහැර දැවියෝ
වඩිති කියන්නේ බෝවල දෙවියෝ
වැද්දන්ගේ ජීවන රටාව, භාෂාව හා සංස්කෘතිය සාහිත්‍ය - කලා නිර්මාණ සඳහා අපූරු උත්තේජනයක් සපයයි. එහෙත් අද වැදි පරපුරක් නැත. වැදි සංස්කෘතියක් ද නැත. වැද්දා යනු මැකී ගිය පරපුරක නෂ්ටාවශිෂ්ටයකි. ධනේශ්වරය විසින් ගිලගන්නා ලද ඔව්හු ස්වල්ප දෙනා දැන් ජංගම දුරකථන භාවිත කරති. වෙළෙඳාම් කරති. එන්. ජී. ඕ. සංවිධාන වෙතින් ද විදේශිකයන් වෙතින් ද ආධාර ගනිති. ක්‍රිකට් ගසති. පොරෝ කෙටි ගෙන අහස් යානාවල නැඟී රට – රටවල සම්මන්ත්‍රණවලට සහභාගි වෙති.
වැද්දා දැන් වෙළෙඳ භාණ්ඩයෙකි. ඔහු දුනු හා ඊතල භාවිත කරනුයේ ප්‍රදර්ශනයට මිස සතකු එළාගැනීමට නො වේ. දැන් වැද්දන් නැත. එහෙත් වැද්දන් පිළිබඳ අපූරු ස්මරණයක් අපට ඇත. ඒ ස්මරණය දිගේ බොහෝ දුර යා හැකි ය. බොහෝ විඳීම් ලද හැකි ය. මේ අනුව ජනශ්‍රැති අධ්‍යයන මුවාවෙන් ද, විවිධ ප්‍රබන්ධ කරන මුවාවෙන් ද වැද්දන් සොයා යන ලේඛකයෝ සිටිති. එහි අලුත් ම මෝස්තරය වී ඇත්තේ වැද්දන් මුල්කොට නවකතා ලිවීම ය. සිංහල නවකතාවේ එක තැන පල්වෙන ගතිය මේ මඟින් යම් පමණකට අපෝ වන නමුදු සාර්ථක නවකතාවකට පාර කැපෙන බවක් නම්; පෙනෙන්නට නැත.
සඳරුවන් ලොකුහේවාගේ “වන වැද පුරහඳ” නම් ප්‍රබන්ධය අප අතට පත්වන්නේ එබඳු වටපිටාවක් අතරෙහි ය. ඔහු ද වැදි සංස්කෘතිය අධ්‍යයනය කරමින් කතාවක් ගොතයි. වරෙක ඔහුට තම ගමන අමතක වෙයි. ඉලක්ක හා පරමාර්ථ අමතක වෙයි. ඔහු නවකතාව පසෙක තබා පර්යේෂකයකු ලෙස ලියාගෙන යයි. නැවත කතාවට එයි. නැවත විමර්ශන කරයි. කුමක් වුව යම් කුහªලක් හා රසයක් රඳවා ගැනීමට ද කතුවරයා සමත් වේ. එබැවින් වැඩි ආයාසයකින් තොර ව කියැවීමට හැකි කතාවක් අප අතට පත් වේ.
නවකතාවක ප්‍රධාන ලක්‍ෂණය වන්නේ චරිත නිරූපණය යි. චරිත නිරූපණය සාර්ථක වූ තරමට ම නවකතාවේ කලාත්මක අගය ද ඉහළට යයි. චරිත නිරූපණය යන්නෙහි සරල අදහස වන්නේ; යථාර්ථය මතුකිරීම සඳහා කිසියම් පුද්ගලයකුගේ අභ්‍යන්තර හා බාහිර හැසිරීම් සූක්ෂ්ම ලෙස දැක්වීම ය. එය කතා කලාවේ සුවිශේෂ කුසලතාවක් නොහොත් ප්‍රතිභාවක් ලෙස අර්ථ දක්වා තිබේ. සඳරුවන් ලොකුහේවා මහතා සූක්ෂ්ම චරිත නිරූපණය වෙනුවට කතුවරයා ඉදිරියට පැන කරන විග්‍රහවලින් තම කෘතිය සම්පූර්ණ කරගෙන තිබේ.
“සෑම ජන කොටසක ම ශිෂ්ටාචාරයේ මුල් තැන්පත් ව ඇත. කල්යත් ම ඔවුන් ශිෂ්ටාචාරයෙන් ඉදිරියට ගමන් කරන්නේ ඒ නිසා ය. ආර්ය ජාතිකයෝ වේදය, උපනිෂද් ආදී ග්‍රන්ථ ද පුරාණ කාව්‍යය ආදිය ද ලියූහ. ජ්‍යාමිතිය, වෛද්‍ය විද්‍යාව වැනි විද්‍යාවන් සොයා ගත්හ. වීනස්, ටජ්මහල් ආදී කලා කෘති නිර්මාණය කළහ. සංගීතය, නර්තනය ආදී කලාංග ඔස්සේ නව නිර්මාණ බිහි කළහ. යාන වාහන, දුම්රිය, අහස් යානා ආදී තාක්ෂණික මෙවලම් නිර්මාණය කළහ. ගුවන් විදුලියේ සිට රූපවාහිනිය දක්වා ද, කොම්පියුටරයේ සිට ඉතා සියුම් තාක්ෂණික මෙවලම් දක්වා ද දහසක් නව නිපැයුම් කළහ.”
(3 – පරිච්ඡේදය – 43 – පිටුව)
ස්වකීය පාණ්ඩිත්‍යය හුවාදැක්වීම සඳහා ඉදිරිපත් කරන මෙබඳු අසම්පූර්ණ එහෙත් දීර්ඝ විස්තර මෙහි කතා වස්තුව සමඟ කිසිදු පෑහීමක් නැත. ඒ මඟින් සිදුවන්නේ පාඨකයා වෙහෙසට පත් වීම ය. කතුවරයා මැදට පැන සිදුකරන මෙබඳු බලපෑම් ප්‍රබන්ධයක දුර්වල ලක්‍ෂණයක් ලෙස සැලකේ. සඳරුවන් ලොකුහේවා ළඟ පමණක් නො ව මාර්ටින් වික්‍රමසිංහ මහතා ළඟ ද මේ දුර්ගුණය තිබිණි.මේ නවකතාවේ සෑම පරිච්ඡේදයක ම පාහේ කතුවරයාගේ විග්‍රහ, නිර්දේශ, නිගමන දකින්නට ලැබේ. එය ප්‍රබන්ධය මඟින් ගොඩනඟන කතාවට බාධාවෙකි. නවකතාව යනු දැනුම මුල් කරගත් ව්‍යායාමයක් නො වේ. එය නැඹුරු විය යුත්තේ හැඟීම් උත්පාදනයට ය. කතුවරයා තම දෝෂය වසාගැනීම සඳහා සිය පෙරවදනෙහිලා මෙසේ සඳහන් කරයි.
“මෙහිදී හුදෙක් කතා ප්‍රවෘත්තිය දිගින් දිගට ම ඉදිරිපත් නො කර, වන ගැබෙහි තොරතුරුත්, පරිසර විස්තරත්, වැද්දන්ගේ හා හේන් ගොවියන්ගේ තොරතුරුත් ඉදිරිපත් කර ඇත්තේ සාංස්කෘතික ප්‍රවාහයන් පිළිබඳ කිසියම් ආකල්පයක් පාඨකයන් තුළ ඇතිකිරීම මගේ ප්‍රධාන පරමාර්ථය වූ හෙයිනි.”
කතුවරයා තම වරද පිළිගෙන එය වසන් කිරීම සඳහා තවත් ප්‍රෝඩාවක් කර තිබේ. එය සමාවට කාරණයක් නො වේ. මේ කතුවරයාට තිබුණේ නවකතාවක් නො ලියා පර්යේෂණ කෘතියක් ලියන්නට ය. කතුවරයාගේ ව්‍යාජය සනාථ වන්නේ ලෙනාඩ් වුල්ෆ්, ආර්. එල්. ස්පිටල් වැනි රචකයන්ගේ සාර්ථක ප්‍රබන්ධ ඇසුරු කරන කල්හි ය. ඔව්හු සාර්ථක චරිත නිරූපණයක් ඉදිරිපත් කරන අතර ම වනාන්තරය පිළිබඳ විචිත්‍ර වර්ණනාවක් ද ඉදිරිපත් කළහ. එහෙත් සඳරුවන් ලොකුහේවා සාර්ථක නවකතාවක් ගොඩනඟන්නේ නැත. විචිත්‍ර වර්ණනාවක් ඉදිරිපත් කරන්නේ ද නැත.
සිංහල පාඨකයන්ගෙන් 99% ක් ම වැදි භාෂාව දන්නේ නැත. එහෙත් කතුවරයා සිය සංවාද සඳහා මුළුමනින් ම යොදාගන්නේ වැදි භාෂාව ය. මෙය තර්කයක් වශයෙන් ගත් කළ නිවැරැදි වන්නට පුළුවන. එහෙත් පාඨකයා වැදි භාෂාවෙන් වෙහෙසට පත්වීම තුළ කතුවරයාගේ අභිප්‍රායයන් ඉටු නො වේ. ඒ සඳහා සාර්ථක ශිල්ප ක්‍රමයක් යොදාගන්නට කතුවරයා සමත් වී නැත.
නවකතාවේ සමස්තාර්ථය මෙරට වැදි සංස්කෘතියේ පරිණාමය දැක්වීම යැයි කෙටියෙන් කිව හැකි ය. වීරා, කදිරා, මලිති යන කව්රුත් අවසානයේ හේන් ගොවියෝ බවට පත් වෙති. ඔවුන්ගේ ඊළඟ පිම්ම වී ඇත්තේ සිංහල හා දෙමළ සමාජවල දී වැද්දා යන අභියෝගයට මුහුණ දීම ය. වැද්දා සංස්කෘතික වශයෙන් සේ ම ආර්ථික වශයෙන් ද ධනේශ්වර අභියෝගවලට මුහුණ දිය යුතු ය. එසේ නො වුණහොත් පැවැත්මක් නැත.
මේ කතාව ඔස්සේ සමාජයට වැදගත් සංවාද කිහිපයක් ගොඩනැඟීමට ඉඩ තිබිණි. එහෙත් කතුවරයා ඒ සියල්ල මඟහැර වැදි සමාජය උඩින් – මත්තෙන් ස්පර්ශ කරගෙන තමන්ගේ විග්‍රහ ඉදිරිපත් කරයි. වැදි සමාජය හා ඔවුන්ගේ සංස්කෘතිය නිරූපණය කළ හැක්කේ භාෂාව අනුකරණය කිරීමෙන් පමණක් ම නො වේ. ඊට වැඩි ගැඹුරක් ඒ ජීවිතවල තිබේ. වැද්දා යනු මේ පරිසරය තුළ අනේකවිධ අකරතැබ්බවලට මුහුණ දෙන මිනිසෙකි. ඔහුගේ දුක හා කටුකත්වය අපට මේ කෘතියෙන් දැනෙන්නේ නැත. කොහොමටත් මේ කතුවරයා වෑයම් කර ඇත්තේ තමාගේ ම විග්‍රහ ඉදිරිපත් කිරීමට ය.
නවකතාවකින් තමන්ගේ හැඟීම් – දැනීම් හා විග්‍රහ ද ඉදිරිපත් කළ හැකි ය. එය කළ හැක්කේ චරිත හා සිදුවීම් මනාව ගළපා ගනිමින් ය. සඳරුවන් ලොකුහේවා සිදු කරනුයේ චරිත - සිදුවීම් හා කථා වස්තුව අමතක කොට තම දැනුම පමණක් පෙරට දැමීම ය. ඒ මගින් ප්‍රබන්ධය විනාශ වේ. කතුවරයා සිය ප්‍රබන්ධය ගැන සැලකිල්ලක් දක්වා නැති බව ද මේ කෘතියෙන් පැහැදිලි වේ.
ඔහු මඟහරින සමාජ සංවාදය මෙසේ ය.
1. වැදි පරපුර නූතන වෙළෙඳ සමාජයේ අභියෝගයනට මුහුණ දෙන ආකාරය.
11. වැදි පරපුරේ සාංස්කෘතික චර්යාවන් වියළි කලාපීය ගැමි සංස්කෘතිය හා ගැටෙන අන්දම.
111. වැද්දාට උරුම වූ අලසබව, අපිරිසුදු බව හා ලිංගිකත්වයේ ආශක්ත බව නිරූපණය කිරීම.
නූතන වෙළඳ සමාජය වැද්දා සූරාකෑමට ලක් කරන අන්දම.
ආරච්චි නිලමේ, පිනා වැනි චරිත වැදි චරිත නොමඟ යවන ආකාරය ද මුළා කරන ආකාරය ද යම් පමණකින් කතුවරයාට හසු වී ඇත. එහෙත් ඒවායෙහි ඇත්තේ ව්‍යාජ බවකි. එම තේමාවන් ඔස්සේ වැදි ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථ දැනවීමට කතුවරයා අසමත් ය.
කතුවරයා අසාර්ථක කතාවක් ගොතන අතර ජනශ්‍රැති පර්යේෂකයකු ලෙස පෙනී සිටී. මේ කතාවෙන් අපට උකහා ගත හැක්කේ වැදි භාෂාවේ වචන හා යෙදුම් ටිකක් පමණි
-------------------------------------------------------------------------------------------
රන්ජන් අමරරත්න
ආයේ කතා පොජ්ජක් කරන්න සිදාදියට එන්න බැරිදෑ ....?
ReplyDelete27 වැනිදට ගම්පහට එන්න ඔබටත් ඇරියුම් කරනවා...එදා අපේ බ්ලොග් කරුවන්ගේ කාරියන්ගේ සුහද හමුව...
Deleteසල්ලි හම්බ වෙනවනම් කබරයා මොකෝ තල ගොයා මොකෝ...........
ReplyDeleteඒකනේ හෙනේ ට හිටියේ මලේ...
Deleteමට මේ රන්ජන් අමරරත්න ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නලීන් අයියේ...... මං දවස් ගානක් තිස්සේ අහන්න හිටියේ..
ReplyDeleteමෙයාට විචාර වලට හම්බුවෙන්නේ ලංකාවේ ලියවෙන වැඩකට නැතිම පොත්ද, නැත්තම් මෙයා ස්ටයිල් එකට හැම පොතකම වැරදිම ලියනවද....? එහෙමත් නැත්තම් ලංකාවේ නවකතාකාරයෝ එක්ක තරහක්වත් තියෙන කෙනෙක්ද..? නැත්තම් වෙන මොකක් හරි දෙයක්ද.... ?
මෙහෙම විචාර ලිව්වම කියවන්න හිතෙන පොතක් වත් කියවන්න හිතෙන්නේ නෑ.. ඇත්තම කිව්වොත් මේ බ්ලොග් එකේ වැටෙන ලිපි වලින් මම කියවන්‌ෙන් නැතුව අතාරින පෝස්ට් එකක් අද ඉඳලා මේ ලිපිය...
පොත් ලියන්නෙත් කීප දෙනයි.. ඒ ලියන ටික විකුණ ගන්නෙත් අමාරුවෙන්.. ඒ අස්සේ මෙයාගේ මේ විචාරේ නිසා කියවන්න හිතන කෙනත් ඒ වැඩේ අතාරිනවා...
ඔබ ඔහුගේ සියලුම විචාර කියවා නැති හැඩයි. ඔහු හොඳ කියු පොත් ද තිබේ. එසේම මේ විචාරයට ලක් වූ පොත් ඔබ ද කියවා නැතැයි හැගේ.
Deleteමම මේ බ්ලොග් එකේ ගිය ඔක්කොම වගේ විචාර ටික කියෙව්වා... හැම එකටම කමෙන්ට් කළේ නම් නෑ... ඇත්ත නලීන් අයියේ.. මම මේ පොත් නම් කියවලා නෑ..
Deleteමේ විචාරයට ලක් වුනු පොත් කීපයක් ගැනම කියවපු අයගේ අදහස් ඇහුවාම මට තේරුනේ ඒ තරම් ලොකු වැරැද්දක් නැති පොතුත් මේක කියෙව්වම මට කීයක්වත් වියදම් කළ යුතු නැති පොත් කියලා හිතුන බව... විචාරකයෝ පොත් කියවන විදියට නෙවෙයිනේ පාඨකයෝ පොත් කියවන්නේ...
ඒකයි මම මෙහෙම හිතුවේ... පොත් වල වැරදි තියෙනවා.. පොතක හොඳ හෝ නරක ගැන විචාරයක් ලියන්න ඕනේ කියවන්නා තුළ ඒ පොත කියවීමට පෙළඹවීමක් ඇතුව කියලා මට නම් හිතෙන්නේ.. ඒ කියන්නේ මේ කියන දේවල් ඇත්තද කියලා හොයලා බලන්න හිතෙන විදියට වත්.. නමුත් මේ විචාරයකට අහුවෙච්ච පොතක් ගැන නම් මට හැමදාම හිතෙන්නේ ඒක නම් සල්ලි දීලා අරන් කියවන්න වටින්නේ නෑ කියලා..
අනේ මන්දා.. මට විතරද කියලා එහෙම හිතුනේ...
( බ්ලොග් එක ලෝඩ් වෙන්නේ හෙන හිමින්.. මගේ කනෙක්ෂන් ස්ලෝ... හි හි.. ඒකයි කමෙන්ට් දාන්නේ නැත්තේ හොදේ.... )
නෑ හිරූ මෙවන් විචාරයක් තුළින් ලේඛකයාට තවත් හොඳ ප්‍රචාරයක් ලැබෙනවා. ගුණම වයන කෘති පිට කසන විචාරකලාවට අයිති වෙනවා. මේ ලේඛකයා තම පොත ගෙනැවිත් දුන්නේම නැතිවෙන්න ගැහුවත් කමක් නෑ කියලයි. මෙවන් අයට විචාරයක් තබා ඇගයීමක් වත් නැති යුගයක මේ විචාරය එයාලාට වටිනවා. අපේ නම් දැරූ විචාරකයන් කරන්නේ තමන් දන්නා කියන ගුරු කුලවල අයට පෝර පාරක් දැමීම පමණයි. අපට ගුරු කුල නැ ඕනම කෙනකුගේ යමක් දැනෙන්න කරලා ඇත්නම් එය විචාරයට ගන්නවා.
Deleteහිරුගේ කමෙන්ට් එක දැක්කම හිතන්න දේවල්
Deleteගොඩක් ආව..ඇත්තටම කියවන්න යන කෙනත්
ආපහු නිකන් ඉන්න වෙන්නේ මේ දෙයින් නලීන් ..
තව සිළුමිණ පත්තරෙත් ඉන්නවා ඔය වගේ මිනිහෙක්
හැම එකාගෙම වැරදි හොයන..
අන්තිමට අගයන්න කෙනෙක් නැහැ..
කුහක කම නේද ඔය ?
nalin meke thadi...thadi wadi ape suttan ewata
thadi ewa set wenne naha ban..:(
වැදී පරිසරය ආශ්‍රිත කතා වලට මම නම් පට්ට ලයික්. ඒත් මේ පොත නම් කියවන්න ලැබුනේ නෑ.
ReplyDeleteමාත් ලයික් මලේ...ස්පිට්ල් ගේ පොත් ටික තමා මරුම.
Deleteවෙන කෙනෙකුගේ විචාරයක් කියවලා පොතක් ගැන තීරණය කරන පුරුද්දක් මට නෑ. දැන් අවුරුද්දකින් විතර මම අලුතෙන් පොතක් අරගෙන තියවලත් නෑ. මෙනවා කිව්වත් මම කියවන පොත හොදද නැද්ද කියලා තීරණය වෙන්නෙ ඒ පොත මට දැනෙන විදිහට.
ReplyDeleteවිචාරය විවිධ ඉසව් කරා පැතිර පවතිනවා. විචාරයකින් වන්නේ කෘතියක් රස හෝ නිරස විදින්න උත්තේජයක් ලබා ගැන්මයි. මේ සදහා එක කෘතියක් වෙනුවෙන් ලියැවුණු විචාර කීපයක්ම අධ්‍යයනය කිරිමෙන් වඩා යහපත් ප්‍රතිපල ලැබෙනවා.
Deleteමුල පටන් ගෙන තියෙන්නෙ සිංහල නවකතාකාරයට අද ඕනෑම දෙයක් ලියලා විකුණගන්න පුලුවන් යැයි හැඟෙන අදහසකින්. මම නම් ඒක අහලා හරියට සතුටු වුනා!!!!
ReplyDeleteHonoré de Balzac ලියූ Lost Illusions කියෙව්වොත් 1800 ගණන් වල මැද කාලයේ පැරිසියේ පොත් විචාරකයන් ගැන සෑහෙන්න රසවත් විස්තර දැනගන්න පුලුවන්. නිර්මාණයක් හෙළා දකින විවේචනයකින් පොතේ අලෙවිය වැඩි කරන හැටිත් විශේෂයෙන් දැක්වෙනවා.
සුචරිත ගම්ලතුන්ගේ දෙන්නං බැටේ විචාර කලාව ලංකාවට අනුගත වෙන්නේ ඒ අර්ථයෙන්ම තමා අරුණි.
Deleteමං නං විචාර කියවන්නෑ...
ReplyDeleteලංකාවේ විචාරකයොනේ..
සල්ලිනෙ නිකන් හිටියොත් ඒකත් නැහැ :)
ReplyDeleteවිචාරය එකක්. විවේචනය එකක්. ඒම නේද?
ReplyDeleteවිවේචනය විචාරයෙම කොටසක්ද කොහෙද, නේද?
Deleteමෙව්ව ගැන නම් මට දැනුම් තේරුම් නෑද කොහෙද...
ReplyDeleteමට පේන්නේ ලේඛකයා ලියන්න කලින්ම වරද්දගෙන වාගෙ ජන ශ්‍රැති පර්යේෂණය, නවකතාව, කියන එකවත් තේරුම් අරන් නැති හැඩයි.
ReplyDeleteපොත කියවන්නේ නැතිව පොත ගැන මට අදහසක් දෙන්න බැහැ. ඔබ මේ උපුටනයේ දක්වා ඇති කරුණු වලින් මට පොත ගැන හැඟෙන්නේ යහපත් ප්‍රතිරූපයක්නම් නෙවෙයි. ඒත් මං හිතනවා මම පොත ගැන යමක් කියන්න කලින් කියවා ආවොත් මධ්‍යස්ථ වෙයි කියලා...
ReplyDeleteනමුත් අපේ රටේ ආදිවාසීන් ගැන යමක් කියන්න හිතයි. ඇත්තටම අද ඔවුන් වාණිජකරණයට ලක් වෙලා. ඔවුනටත් නොදැනී සංස්කෘතින් දෙකක අතරමැදියන් වෙලා ස්ව සංස්කෘතියත් පිරිහීගෙන නෙවෙයි, ක්ෂය වීගෙන යන තැනටයි වැටිලා තියෙන්නේ. හරිම කනගාටුවට කරුණක්.
කොළොම් පෝරුගම්පොජ්ජෙ ඇත්තො හිතන්නෙ වැදි හූරො අමුතු සත්තු ජාතියක් කියලයි. අපි දවසක් තිසාහාමි එක්ක කතා කර කර ඉද්දි, එයාලව බලන්න ආපු බාගෙට ඇඳන් හිටපු නෝනල වගයක් දැකලා තිසා හාමි එයාගෙ භාෂාවෙන් කීවා, දැන් වැද්දො කවුද කියලා එයාටත් ආය හිතන්න වෙලා තියෙනවා කියලා. බොක්කිලා ඇත්තො, බොට කඳා, හොට බරියා බලන්න කැලෑ පොජ්ජෙ මන්දො කරනව වගෙයි කොලොම්පෝරුගම් පොජ්ජෙ ඇත්තො දඹාන මන්දො කරන්නෙත්. වැදි බාෂාවෙන් කීවොත් කොදෝමැයි කියල ප්‍රතික්ෂේප කරන්න ඕනි මේ තත්වය. මොකද, ඔවුන් අපේ සංස්කෘතියේම පිරිසක්. සත්තු නෙවෙයි. නමුත් ප්‍රදර්ශනාත්මක මට්ටමින් අද පවත්වාගෙන යන අඳාන ආදර්ශ ගම්මානය නිසා ඒ මිනිස්සු මහ අන්ත තත්වයකට වැටෙනවා. සත්තුන්ටත් පහළ තැනකට. ඒක හරි අවබෝධයට නොගෙන ඒ ගැන ලියන අය කරන්නෙ හරවාගන්න බැරි මහා අසාධාරණයක්.
මම මේ ලියපු ටික ලිපියට අදාල නැහැ. නමුත් හරි වේදනයි ආදිවාසී ජනතාව ගැන. නිල්ගල රතුගල දානිගල පොල්ලෙබැද්ද වගේ ප්‍රෙද්ශ වල ඒ මින්ස්සු කන්න දෙයක් හොයා ගන්න බැරිව කුළි වැඩ කර කර අනන්ත දුක් විඳිනවා. අපේ මහ ලොකු මහත් හොරු ඒ මිනිස්සුන්ගේ සමාජ මට්ටම විකුණන් කාලා බඩ වඩා ගන්නවා. තව ලීවොත් මගේ සංයමය ගිලිහෙන නිසා මෙතනින් මං නවත්වන්නම්...
මිට වඩා සමාජය දැණුවත් කළ යුතුයි නිවැරදි ක්‍රමයට. බඩ වඩා ගැනීමෙන් නෙවෙයි. සෙලිග්මාන්ලා ඒ කාලෙ හැටියට මොන තරම් සේවයක් කළාද...? ඒත් අද...... හරිම ඛේදනියයි
කවුරු මොනවා කිව්වත් මට අහුවෙච්ච එක කියවන්නයි මම පුරුදුවෙලා තියෙන්නේ. අනික විචාර විවේචන තිබිය යුතුයි. එයාලගේ කතාව අහලා අපි කියවන්න ඕන හෝ නොකියවා ඉන්න ඕන කියලා එයාලා කියන්නෙත් නෑ, අපි එහෙම කරන්න ඕනත් නෑනේ.
ReplyDeleteඅද කොයි දේටත් මුලික මුදල කිය හිතන්නෙ..අම්ම තාත්ත විකුණල හරි මුදල් හොයන්න බලන්නෙ..ඒකයි...
ReplyDelete