රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-03-30

| දානිගල හෙවත් Alien Mountain |

මේ සේයාරුව අන්තර්ජාලයෙනි
මාදුරු ඔය මිටියාවතේ හිටිවනම අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය තරණය කරන්නට පසුගිය දා අපට හැකිවිය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත මේ පර්වතය අදත් හදුන්වන්නෙ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසිනි. එනිසාම මේ පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි.
කන්දේගම පිහිටි මේ පර්වතය ගැමියන් හඳුන්වන්නෙ දනවානාගල ලෙසිනි. එයට හේතුව මුඛ පරම්පරාවෙන් පැවත එන මතයකි. එනම් ධනය වනා තිබූ ගල ලෙස පුරාවෘත්තයන් හි සඳහන් බවට ගැමියන් අදහන මතයක් හේතුවෙනි.
මේ සේයාරුවත් අන්තර්ජාලයෙනි










දානිගල මුදුනේ




දානිගල පාමුල විහාරස්ථානය


එහෙත් මේ පිළිබඳව විදිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ තාමත් කර නොමැත.
එවන් හැදෑරීමක් කරන්නේ නම් ඒ සඳහා වූ අපුරුම තැන් ගණනාවක් මේ වනපෙතෙන් සොයා ගැත හැකි බව ගම්වාසීහු අප හා පැවසූහ.
කොළඹින් පාන්දර 12ට පිටත් වූ අප නුවර මහියංගනය දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල හරහා පසුදා උදේ 6 වන විට කන්දේගම නම් ගම්මානයට පිවිසුණෙමු. මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ යි. 
ඒ ගම්මානයෙන් අපට මග පෙන්වන්නට සුනිල් ශාන්ත මහතා එක් වීය. ඉතාමත් අසීරු කඳු නැගීමේ අද්දැකීමක් අපි සියල්ලෝම ලබා ගතිමු. අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ අපි කෙමෙන් කෙමෙන් පර්වත මුදුනතට ළගා වන විට දහවල් 11 පමණ විය.
ඒ යන අතරමග දුටු එක් දසුනකින් අප කාගේත් සිත් සසල විය. වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙයි. මේ ගුහා දැනට වනපෙතට යට ව ඇති සෙසකි. සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇත. 1985 වසරේදි පමණ මේ විනාශය සිදු කර ඇති බව අපේ මග පෙන්වන්නා පැවසීය. අද ද කිසිවකුගේ අවධානයක් නොමැතිව ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් අගනා පුරාවස්තු රැසක් මෙසේ වන පෙතට යටවෙමින් පැවතීම ගෙන දුන්නේ හදවතට දුකකි.
එවන් සන්තාපයෙන් යුතුව වව කඳූ මුදුනට ආ අපට මාදුරුඔය මිටියාවතේ ඇත කෙළවර දක්වා දිස්වන දසුන දෙනෙතට රසඳුනක්ම විය. 
පිටසක්වල යානා පැමිණෙන්නේ යැයි කියන කියමන එකවරම බැහැර කරන්නට බැරි අපූරුම තැනිතලා බිමක් එහි මුදුනත වෙයි. එය වචනයෙන් විස්තර කරනවාට වඩා සියැසින් දැකගැන්ම වටී.
කඳු මුදුනතට යන්නට අප තෝරාගත් මග එතරම්ම අසීරු නොවුවත් ආපසු කන්ද බසින්නට අප තෝරාගත්තෙ අතිශය දුශ්කර මාර්ගයකි. හිටිවනම පිහිටි බැවුම ගල් ගුහා අතරින් ඉතා අනතුරු දායක ලෙස බසින්නට අපට සිදු විය. මග පෙන්නන්නට සිටි පලපුරුදු සුනිල් මහතාත්, කඳු තරණය වෘත්තිය මට්ටමින් සිදු කරන ඇවිදින්නෝ සමූහයේ පෙර සූදානමත් උපකරණත් හේතුවෙන් ඉතා පරිස්සමින් අපි කන්ද පහළට ආවෙමු. එහිදි ඇවිදින්නෝ හි පළපුරුදු මගපෙන්වන්නන්ගේ සහෝදරාත්මක උදව්වද අපට මහත්ම රුකුළක් විය.
කඳුනැගීමේ අද්දැකීම් ලබන්නට කැමති කා හටත් කදිම තැනකි දානිගල කන්ද තරණය.
ආපසු එන ගමනේදී ඔබට මාදුරුඔය වනෝද්‍යානයේ අලි ඇතුන්ද දැකගනිමින් එන්න හැකිය. ඒ අතර මහඔය උණුවතුර ළිං ද නරඹන්නට අමතක නොකෙරුවෙමු.
මේ කඳු මුදුනේ අලි ඇතුන් ගැවසේ. මහඔය මාර්ගයේ එනවිට හමුවන කන්දක්


මහඔය උණුවතුර ළිං



විස්තරය:
අපේ කණ්ඩායම - සාමාජිකයයන් 12කි
මග පෙන්වීම - කන්දේගම ගමේ සුනිල් ශාන්ත මහතා සහ ඇවිද්න්නෝ
කුමක් සඳහාද - කඳු නැගීම, හැදැරීම, ඡායාරූපකරණය,ගවේශනය
කාලගුණ තත්ත්වය - වියළි කාලගුණයක්, සිසිල් සුළං හමයි.
රැගෙන යා යුතු දේ - කඳු නැගීමට අවැසි ආරක්ෂිත උපකරණ, අවම එක් අයෙකු සඳහා බීමට වතුර ලිටර් 3ක්, කෙටි කෑම වර්ග,
විශේෂ උපදෙස් - කිසිවිටක ප්ලාස්ටික් බඳුන් ඉටිකොළ වැනි දෑ රැගෙන නොයන්න. තවම මෙම පරිසරය එවන් දැයින් කිළිටිව නැත.
වන පෙතට යන්නට පෙර අදාළ පොලිස් ස්ථානය හා ගමේ විහාරස්ථානය දැනුවත් කර අවසර අරන් වනයට ඇතුළුවන්න.

විශේෂ ස්තුතිය ඇවිදින්නෝ කණ්ඩායමේ තිමිර ජනිත් යාපා මහතාට

2017-03-26

| නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙළ 2016 |

වෝටර්ස් එජ් හි ඊයේ (25) සවස් යාමයේ පැවැති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මහත් හරසරින් යුතුව පැවැත්වීණි.
එහිදී මගේ "සමකය වටේ" [ http://samakayawate.blogspot.com ] බ්ලොග් අඩවියට මා ලියූ කොළපතන ඇල්ල සොයා ගිය ගමනක් නම් චාරිකා සටහන වෙනුවෙන් සංචාරක හා ඡායාරූප අංශයෙන් දෙවැනි ස්ථානය හිමිවිය. මා එම සම්මානය ලබන මොහොතේ, මා සමග කොළපතන ඇල්ල චාරිකාවට එක් වූ දෙදෙනකුම [ Sathyajith Kannangara සහ Sanuja Gunawardhana ] ශාලාවේ සිටීම සතුටක් ම විය.

2017-03-20

Knuckles 5 peaks Challenge (නකල්ස් )

ත්‍රාසය පිරි ක්‍රියාකාරකම් සඳහා වත්මන් තරුණ පරපුර වැඩි වැඩියෙන් යොමුවන මේ වකවානුවේ කඳු තරණයට මුල් තැනක් හිමිව ඇත්තේය. අද වන විට බොහෝ පිරිස් තම විනෝද චාරිකාව සඳහා තෝරාගන්නේ මේ කඳු තරණයයි.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්