සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

යකා ගේ පඩිපෙළ දිගේ ( Devil’s Staircase) චාරිකාවක් යනවා අපිත් එක්ක එක් වෙනවද? ඒ මවෙත ආ ඇරියුමකි. මම ටිකක් අන්දමන්ද වීමි. මොකක් ද මේ යකාගේ පඩිපෙළ. එය තවමත් බහුතරය අතර කුකුසක් ගෙනෙන පැනයකි. බොහෝ දෙනෙක් තාමත් නිසි ලෙස මේ යකාගේ පඩි පෙළ යනු කුමක්දැයි නොදනිති.
යකාගේ පඩිපෙළ යනු ඔහිය සිට උඩවේරිය තේ වත්ත හරහා කළුපහන නගරය වෙත ගමන් කළ හැකි කිලෝ මීටර් 23ක පමණ දුරක් විහිදෙන මාර්ගයකි. මාර්ගය වැටී ඇත්තේ තේ වතු මැදින් ය.

සුදු පාලන සමයේ තේ වතුවල නිෂ්පාදන නගරයට ගෙන එන්නට මේ මාර්ගය නිර්මාණය කොට තිබේ. මහා දුර්ගයක් හරහා සර්පයෙකු ඇදෙන ආකාරයෙන් මේ මාර්ගය නිර්මාණය කොට ඇත. 
මෙහි ඇති විශේෂත්වය නම් ලංකාවේ සුන්දරත්වය මැනවින් පෙනෙන දර්ශන ගණනාවක් දැකගන්නට හැකී වීමයි. මහා දුර්ගය කපමින් දැවැන්ත ප්‍රපාත හා ගිරි නිම්න හරහා වැටී ඇති මේ මාර්ගයේ පා ගමන අපූරු ම අත්දැකීමකි.









මේ වන විට යකාගේ පඩිපෙළ මාර්ගයේ ෆෝ වීලර් ජිප් රියකට හෝ මෝටර් සයිකලයකට හෝ අසීරුවෙන් ගමන් කළ හැකිය. අනෙකුත් වාහන සඳහා නම් කිසිසේත්ම යෝග්‍ය නොවේ. අප තෝරාගත්තේ පා ගමනයි. මේ එම චාරිකාවේ හද රැඳි මතකයයි මේ.
ඇමතුමක් හරහා ම වෙත කෙරුණු ආරාධනය අනුව මම විස්තර සෙවුවෙමි. ඒ අනුව මූහුණු පොතේ පිටු අතර සැරිසරද් දී ට්‍රැවල් විත් දිලිනි Travel with Dilini පිටුවේ වූයේ ඔහියේ සිට කළුපහන දක්වා වූ අතිශය දුෂ්කර මාර්ගයක් වූ යකාගේ පඩිපෙළ ඔස්සේ කෙරෙන පාද චාරිකාවක වග තුගයි. දෙවරක් නොසිතාම එයට එක් වන්නට මම තීරණය කෙරුවෙමි. කතිකා කරගත් පරිදිම සිකුරාදා සවස්වන විට එකා දෙන්නා ලේක්හවුසිය ඉදිරිපිටට එක් වූහ. නඩයට 28 දෙනෙක් ඇතුළත් වූහ. මේ පිරිසෙන් මා කලින් සිට දැන සිටියේ අභීත, දුලිප්, නිල්මිණි හා රුසිරු පමණකි. නොදන්නා පිරිස වැඩි වුව කිසිදු චකිතයක් නොදැනිණි. සියල්ලෝම බොහෝ ළෙන්ගතු වූහ. හමුවී විනාඩි ගණනක් ඇතුළත සියල්ලෝම සහෝදරත්වයෙන් එකාවන්ව එක් වූහ.
සිත් සේ විනේද වෙමින් රස කතා කියමින් රැය පහන් කරමින් චාරිකාව ඇරැඹූහ. පාන්දර 5 පමණ වන විට පට්ටිපොළ සූදානම් කර තිබූ නවාතැනට අපට ළඟා වෙන්නට හැකි විය.
ඒ අපේ චාරිකාවේ පළමු දිනයයි. උදේම ප්‍රණීත ආහාර වේලක් සකසා තිබිණි. ඉන් සන්තර්පණය වූ අපි එදින එක් එක් ඉසව් සඳහා වෙන් වෙන්ව සුදානම් වුණෙමු. ඇතැමෙක් රේල් පාර දිගේ හපුතලේ යන චාරිකාවට සූදානම් වූහ. තවත් අය කිරිගල් පොත්ත කන්ද තරණයටත්, තවත් අය තොටුපළ කන්ද තරණයටත් සූදානම් වූහ. මම ද තොටුපළ කන්ද හා හෝර්ටන් තැන්න බලා යන සංචාරක පිරිස අතරට එක් වුණෙමි.
සුදු සේලයක් දිග හැරියා සේ ගත දැවටෙන මී දුමත් සමග සීතලේ පහස විදිමින් ඒ දිනය පුරා අපි සිත් සේ විනෝද වූයෙමු. උදේ කාලයේ වෙන් වූ අපි සියල්ලෝම යළිත් සවස් කාලයේ නවාතැනේ දී එකතු වූයෙමු. එදින රාත්‍රියද මහත් විනෝදයක් ලැබූ දිනයක් ම විය.






යකාගේ පඩිපෙළ ඔස්සේ කළුපහනට චාරිකාව ඇරැඹියේ පසුදින අලුයමයි. සියල්ල සූදානම් කරගත් අපි කණ්ඩායම බස් රියෙන් ඔහිය ට පැමිණියෙමු. එතැන් සිට වූයේ මහා දුර්ගය ඔස්සේ යා යුතු පාද චාරිකාවයි. විටෙක තේ වතු මැදින් ද විටෙක ඝන කැලෑව මැදින්ද බොහෝ සුන්දර දසුනින් සිත සුවපත් කරගනිමින් අපි ඇවිද ගියෙමු. ඒ අතර තුර දකින්නට බොහෝ තැන් විය. ඔහියේ සිට කිලෝමීටර් 23ක දුරක් අපි පයින්ම චාරිකා කෙරුවෙමු. මෙසිරිලක සැබෑ සුන්දරත්වය දැකගතිමු. ඈත ක්ෂිතිජය දක්වා පෙනෙන අයස්කාන්ත දසුනින් අපි වශීකෘත වූයෙමු.
ගමනේ අවසන් භාගය වන විට මහා කැලයෙන් වැසී පවතින ලංකා ඇල්ල දැක ගතිමු. ලංකාවේ උසම දිය ඇල්ල වූ බඹරකන්ද ඇල්ලේ දිය දහර පටන් ගන්නා තැන දැකගතිමු.  බඹර කන්ද ඇල්ලේ මුදුණත පිහිටි කුඩා දිය දහරත් මහා ඇල්ලත් අතර පිහිටි ස්වාභාවික දිය තටාගයෙන් ඇඟ දොවා ගත්තෙමු.




ළෙන්ගතු මිතුරු මිතුරියන් පිරිසක් සමඟ අපි බොහෝ සේ විනෝද වූයෙමු.
මෙවන් චාරිකාවක දී ඔබ සැලකිල්ලක් දැක්විය යුතු කරුණු බොහොමයකි.
ගමන් මාර්ගය-

රතු පැහැ ඉරෙන් දක්වා ඇත්තේ යකාගේ පඩිපෙළ මාර්ගයයි
කළුපහන සිට කන්ද තරණය කරමින් ඔහිය දෙසට පැමිණෙන්න හැකි මුත් අප තෝරාගත්තේ ඔහිය සිට කළුපහන දක්වා පල්ලම බැසීමේ මාර්ගයයි.
ඔහිය - උඩවේරිය වතුයාය - යකාගේ පඩිපෙළ - බඹරකන්ද - කළුපහන
ඔහිය සිට කිලෝමීටර 3 ක් පමණ යද්දී උඩවේරිය ස්ටේට් (Udaweriya Estate) යනුවෙන් නම් කළ පුවරුවක් සහිත අතුරු මාර්ගයක් වම්පසට දක්නට ලැබෙයි. ඒ ඔස්සේ මෙන්ම මෙම මාර්ගය පසුකොට තවත් කිලෝමීටර 2ක් පමණ යනවිට වම් පසට දිවෙන අතුරු මර්ගය ද එක්වන්නේ යකාගේ පඩිපෙළටම ය. පාගමන සදහා වඩා සුදුසු යැයි අප තෝරාගත්තේ පළමු වැනි මාර්ගයයි.
වැදගත්-
බිමට ජලය අව් වැසි ආවරණ රැගෙන යන්න
පා ගමනින් යන නිසා අවම ඇඳුම් සහ භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යන්න.
පිටේ එල්ලා ගත හැකි බෑගයක් වඩාත් සුදුසුය (දෑත නිදහස්ව තිබීම පා ගමනේ දී පහසුවකි).
ඇතැම් තැන්වල තේවතු හරහා මාර්ගයේ පහළට ගමන් කිරීමෙන් මුලු දුර කිලෝ මිටර් 17ක තරම් දුරකට අඩු කරගැන්මට ද ඔබට හැකිය. එහෙත් එය ප්‍රෙව්ශමෙන් කර යුතුය. ඒ මන්ද යත් මාර්ගය මග හැරී අතර මං වන්නට ඇති ඉඩ කඩ ඉහළය.

නලීන් දිල්රුක්ෂ


20 comments:

  1. කකා බිබී ඉන්නා ජීවිතයකට
    මකා ගන්න පාළුව පොඩි වෙනසකට
    එකා එකා එක්වී සති අන්තෙකට
    යකාගේම පඩි නගිනට හිතෙයි මට.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. යන්න යන්න දවසක ගොස් අත් විඳිය යුතුම අපුරු චාරිකාවක් මේක.

      Delete
  2. පින්තූර ටිකත් අපූරුයි. හැබැයි නලීන් අයියේ සෙල්ෆිය වෙනුවට දර්ශන ටිකක්ම දැම්මනම් පට්ටෙට වටිනවා.. ජය
    මේ අපි මොටර් බයිසිකලෙන් ඉහලට ගිය ගමන
    http://sulakkhana.blogspot.com/2016/12/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහනත් කියෙව්වා. ඒකත් මරු. මට කැමරාවක් නෑ මේ සේරම ෆෝන් කැමරාවෙන් ගත්තුවා එනිසා තමා සෙල්ෆි වැඩි වුණේ.

      Delete
  3. මරුනෙ.
    තව පින්තූර ටිකක් තිබුණනං අගනේයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.

      Delete
  4. නලීන් මං හිතන්නේ සෙල්ෆි ඔයිට වඩා ටිකක් සූම් අවුට් කරලා අරගෙන ඊට පස්සේ පබ්ලිෂ් කරන කොට අත හරිය කපලා ට්‍රිම් කරලා දැම්මොත් හොඳයි කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ගන්නවානං ස්ටික් එකකින් තමා ගන්න වෙන්නේ. මේ අතේ තියාගන ගත් නිසා සුම් අවුට් කරන්න බෑ.
      හොඳ අදහසක්..

      Delete
  5. මේ ගමන් සටහන කියවන විට මතක් වුනේ මගේ පාසල් සහයෙකු හිටියා ජයන්ත කළුපහන කියා. උසස් පෙළ කළායින් පසු හමුවී නෑ. පසුව ඒ නම ඇති වෙනත් අයෙකු ෆේස්බුකියේ දැක්කත් (පුවත්පතක සේවය කරන) ඒ ඔහු නොවෙයි.

    ReplyDelete
    Replies
    1. දෙැවැනි ජයන්ත කළුපහනව නම් මාත් ටිකක් දන්නවා....

      Delete
  6. දරු මල්ලොත් එක්ක ඔය වගේ ගමන් යන එක නොවැ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඒකනං ටිකක් අපහසු ගමනක්. හේතුව ගමන දුෂ්කර නිසා...

      Delete
  7. නියම ගමනක්.මම බඹර කන්ද දිය ඇල්ල නැගල තියනවා.ළඟදි වෙච්ච අනතුරකින් පස්සේ ඇල්ල උඩට නගින්න සහ කඳවුරු බඳින්න දෙන්නෑ කියල කතාවක් තියනවා ඇත්තද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒත් විශේෂ අවසරයක් ගෙන සිටිය හැකියි. ටිකක් අවසරය ගන්න කරදරයි.

      Delete
  8. අගෙයි මේ සටහන්..ලංකාව කියන්නේ කොච්චර සුන්දර රටක්ද...නේද

    ReplyDelete
    Replies
    1. තව කොපමණ තැන් තියේද අප නොදුටු..

      Delete
  9. නලීන් කොණ්ඩය බූ ගා තියෙන බව දැනගත්තේ මේකෙන්. ටෙලියක හාමුදුරු චරිතයක් වත් රඟපානවද?

    ReplyDelete
    Replies
    1. ම් ම් ටෙලියකට නම් නෙමේ... එක් මම බොහෝ අවස්ථාවල කොණ්ඩය බූ ගා සිට තියනවා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT