ලෙඩක් බලන්න ගිය ගමනක් පුංචි පහේ විනෝද චාරිකාවක් වුණා. අපිත් එක්ක එකට හිටිය අපේ හිතවත් නර්ස් නෝනා කෙනෙක් පඩියකින් පනින්න ගිහින් කකුල බිඳගන දවස් ගානක් තිස්සේ ප්ලාස්ටරය දාගන ගෙදරට වෙලා ඉන්නවැයි කියන ආරංචිය ආවා. පොඩි පහේ දුරක නෙමේ මෙයා මාතර. ඔන්න ඉතින් අපටත් ඉසිඹුවක් ආවේ පසුගිය සෙනසුරාදාවේ.
දන්න කියන උන්ට මේ ගැන කිව්වාම ඔන්න ගමනට කැමති වුණා ඇවිදින්නම උපන් ප්‍රියංගා, සනුවා, දිනේෂ් වගේම පුබ්බා. කවදත් දකුණු පැත්තට යනකොට අප එක්ක එකතුවෙන ජනියා එහෙදි එක් වෙන්නං කිව්වා.
හරි දැන් හය දෙනෙක්ම ඉන්නවනේ එහෙනං අපි උදේම තියන මාතර කෝච්චියේ යමුයි කියලා කති කා කරගත්තා. කෝච්චිය මරදානෙන් උදේ 6ට පටන් ගන්නේ.
ගිරිඋල්ලේ ඉන්න දින්නාත් මීරිගම ඉන්න මාත් පුබ්බත් පාන්දර 3.30 වෙනකොට ගමන පටන් ගත්තා. කොහොම හරි අපි සේරම දෙනා නියමිත වෙලාවට මරදානට ඇවිත් මාතර කෝච්චියට ගොඩවුණා. ඒකනං මාරම කෝච්චියක්. විදුලිය වගේ යනවා. ඒ අස්සේ ඉතිං කෙළිකවට කම් රස කතා මැද සනුවා හදන් ආපු සැන්විච්, ප්‍රියංගා ගෙනා ලොන්ඩපතුරු කකා අපි ගමනේ. කියන්න පුදුමයි අට හමාර වෙනකොට අපි මාතර. ආ මාතර නෙමේ වැලිගම. අපට යන්න තියෙන්නේ උඩුකාවට. වැලිගමින් බැහැපු ගමන්ම අකුරැස්ස බස් එක තිබ්බා. ඔන්න මේ පාරේ තමා අර සුප්‍රකට දෙණිපිටියේ නුග රුක එහෙම තියෙන්නේ. බස් එකේ යනගමන් බැහැලා ඒක බලන්න බෑනේ ඉතිං අපි ඒ දිහා බලාගන ගියා. පාර කිව්ව විදියට විනාඩි 20න් විතර අපි නර්ස් නෝනගේ ගෙදර.
හම්මේ කියන්න සතුටුයි පින්වතුණි අපි යනකොටම මහා දිග කෑම මේසයක් ඇරලා. රතු බත් පොල් සම්බෝල මාළු මිරිසට උයලා. හම්මේ එහෙම කෑම. කොන්ක්‍රිට් පරාදයි.
ඔන්න ඉතින් අපි ලෙඩාගේ දුක සැප අහන්න ගත්තේ හොදට සප්පායං වුණාට පස්සේ.
ඒ වෙනකොටත් ගෙදර කුස්සිය පැත්තෙන් හොඳ සුවඳ හමනවා. ඉතින් ගේ වටේ ම තියන පළතුරු ගස් ටිකත් හොඳට සුද්ද පවිත්‍රකරලා දාපු අපි නර්ස්නෝනගෙන් ඇහුවා මේ පැත්තේ බලන්න එහෙම තැනක් නැද්ද කියලා. ඔන්න එතකොට තමා දැනගත්තේ උඩුකාවේ ඉදන් කිලෝමිටර් 2ක විතර දුරකින් ලස්සන වැවක් තියනවා කියලා. වැවේ නම උඩුවතුර වැව. දැන් කොහොමද පස් දෙනා යන්නේ මේකට අපි කයියක් ගහගන පයින් යමු කියලා කතා කරගන්නකොට නර්ස් නෝනා කියනවා මගේ කාර් එක අරන් යන්න කියලා. අම්මෝ දෙයියෝ දුන්නා වගේ කිරි ටොයියා වගේ ඇල්ටෝවත් අරං අපි ගියා උඩුවතුර වැව බලන්න. පට්ටම ලස්සන දසුන් සහිත වැවක්. වැව මැද මැරී ගිය ඉපල් සහිත උණ පඳුරු පිරිලා. හුළගත් එක්ක මේ උණ ගස්වලින් මහා භයානක ශබ්ද එනවා. රෑක ගියානං හොල්මන් කියලා බය වෙනවා සත්තයි. මේ ශබ්ද අහමින් අපි වැව වටේ පයින්ම ගියා.
නාන්න සූදානමකින් නොගිය නිසා නාගන්න බැරි වූ එක ගැන පොඩි දුකක් තිබ්බත් අවට කුරුල්ලන්, දසුන් නරඹමින් අපි හොඳ විනෝදයක් ලැබුවා මේ ගමනින්.
ගෙදරට එනකොට මෙන්න ආයිමත් අර දිග කෑම මේසේ පිරිලා. මාතරටම ආවේනික කෑම වේලකින්. රතු බත්, කොස් තම්බලා, මාළු ඇඹුල් තියල්, පොල්, කට්ලස්, ගොටුකොළ සලාද, බොන්චි හින්දවලා උයලා.
මෙච්චර තියෙද්දි වෙන මොනවද කෑව ඉතින් බුරි උල් වෙන්නම. කෑමෙන් පස්සේ අතුරුපසට කියලා හදවගත්තු රුහුණු මී කිරි. හරියට ජාඩියට මූඩිය වගේ.
ඔන්න ඉර අවරට හැරිලා පැය දෙකක් විතර ගිහින්. අපට ආපසු එන්න තියෙන කෝච්චිය වැලිගමට එන්නේ හතරයි කාලට. වැලිගම බොක්කේ පොඩ්ඩක් රැල්ලත් පාගලාම කෝච්චියට නගිමු කියන කතිකාව ඇතිව අපි කස්ටිය නර්ස් නෝනටත් එයාගේ අම්මා තාත්තටත් සමු දීලා ජනියාගේ අර පෙට්ටි වෑන් එකට නැග්ගා. ඕක පෙට්ටිය වගේ වුණාට අපි හත් අට දෙනා රට පුරා ඇවිදපු වාහනයක්. කවදාවත් බර වැඩි කියලා නාහෙන් නාඩා මු අපිව අරන් යනවා.
ඔන්න වැලිගම බොක්කේ වැල්ලට ආවා විතරයි සනුවාගේ රෝගය උත්සන්න වුණා. රෝගය කිව්වේ මුල් ළමාවිය සංවර්ධනය නොවු රෝගය. මේකි වැල්ල පුරා බලි අඳින්න තියාගත්තා වතුරේ උඩ පනිනවා එක විකාරයයි. බොහොම අමාරුවෙන් මේකිව ආං බාං කරගන යන්තං හතරයි කාල වෙනකොට කෝච්චියට ඇවිත් නැග ගත්තා. කෑමේ තරම කොහොම කියනවා නං පුබ්බා එක සීරු නිදි.
ඔන්න ඔහෙමයි අපි ලෙඩ්ඩු බලලා ඒ ගමන විනෝද චාරිකාවක් කරගත්තේ.
ඔන්න ගමනේ පොඩි වීඩියෝවකුත් තියනවා.
ඉතින් මගේ යූ ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්නත් එපා.

උබනම් හෙන පින්වන්තයෙක් අයියන්ඩි රට පුරා ඇවිදින්න ලැබෙනවා ..
ReplyDeleteඑල ද බ්‍රා
ඒක මගේ විනෝදාංශයනේ.
Deleteදඹුලු ගිහින් තලගොයිත් මරාගෙන පොඩ්ඩක් නා ගන්නත් තිබ්බා නම් තවත් වටිනවා.
ReplyDeleteඒකත් තිබ්බනං ගතිම තමා. මොනව කරන්නද
Deleteනාගන්නත් තිබ්බනං මරු.
ReplyDeleteමොකවත් අනුමත වෙන්නෙ නැතුව ඔය වගේ ගමනක් ගිහිං ආව කියන්නත් පුදුමයි. හැක්..
ඔව් ඔව් පොදු ප්‍රවාහන සේවය භාවිත කරද්දි ගැල්ලමයිත් අපි එක්ක සිටිද්දි අනුමත වෙන්න අමාරුයිනේ.
Deleteඅඩා පට්ට ප්ලේස් එක.. යන්න ආසා හිතෙන ලිස්ට් එක එන්න එන්න දික් වෙනවා.. :(
ReplyDeleteඒක නෙවෙයි මොනවද බං ලොන්ඩ පතුරු කියන්නේ ?
ඔය උඩ පින්තුරයේ අතේ තියං ඉන්නේ සනුවා ලොන්ඩ පතුරක් තමා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලෙඩාගෙ හිතටත් හොඳයි.. බලන්න ගිය අයගෙ ගතටත් හොඳයි.. අන්න වැඩ.හෙහ් හෙහ්
ReplyDeleteපුබ්බව මතක් කොලා කීන්ට හොඳා..
ජයවේවා..!!
ස්තූතියි ගස්ලබ්බා මචෝ.
Deleteආයෙම දවසක සෙට් වෙමු
ස්තූතියි ගස්ලබ්බා මචෝ.
Deleteආයෙම දවසක සෙට් වෙමු
මේ ඉන්නේ ඇවිල්ලා.
Deleteකෑම ගැන කියලා කටත් ඇවිස්සුවානේ... අපි දන්නෑ බඩේ අමාරුවක් හැදුනොත් එහෙම...
ReplyDeleteවැවේ නෑවනම් ගමන සම්පූර්ණයිනේද...
දිය නෑමට පෙර සූදානමක් තිබ්බේ නෑ නොවැ.
Deleteමාර ලෙඩ්ඩු බැලිල්ලක් නෙ.ට්‍රිප් එකක් යනගමන් කෑම කන්ඩ හෝටලේකට ගියාවගේ.කවදත් වගේ විස්තරය රසවත්.
ReplyDeleteඅපායට ගියත් ඒකත් විනෝද චාරිකාවක් කරගන්නවා අපි.
DeleteNiyamai aiye
ReplyDeleteNiyamai aiye
ReplyDeleteස්තුතියි
Deleteකෑම උයල ලෙඩාගෙ අත් වලටත් අමාරු නැත්නම් හූන්දයි. නියම ට්‍රිප් එක නලීන්. නර්ස් නෝනාට ඉක්මනින් සනීපවේවා. එහෙම නොවුණොත් මේ කට්ටියට ආයිමත් කන්න දෙන්න වැඩි වැඩියෙන් ලැබේවා.
ReplyDeleteඒකනේ ඒකනේ...
Delete//මෙච්චර තියෙද්දි වෙන මොනවද කෑව ඉතින් බුරි උල් වෙන්නම.//
ReplyDeleteඅනේ, අපි නොදන්න ඔයාගෙ කෑම!
අන්න කතාව
Deleteඉතිං මම බුරි උල් වෙන්න කෑවේ මගේ ඇගේ හැටියට නේ හැලප අයියේ.
Deleteමිදිගම වෙරළට ගියේ නැද්ද? ඒ හරියේ හොඳම වෙරළ එතන. උඩුවතුර වැව කියන්නේ නියම තැනක්. මගේ බිරිඳ වැලිගම. උඩුකාවේ ඇගේ ඥාතීන් ඉන්නවා. නර්ස් නෝනාගේ නම මාලිකාද?
ReplyDeleteගොඩක් තැන් තිබුණත් යන්න කාල වේලාව මදි. නර්ස් නෝනා චානි කියලා කෙනෙක්.
Deleteනියමයි... යන්න ආසා හිතුනා...
ReplyDeleteතැන සුන්දරයි..
Delete++++++++++++++
ReplyDeleteස්තුතියි
Deleteෆොටෝ ටික එළ!
ReplyDeleteනලීන් 16:9 ගන්නේ නැත්තේ ඇයි ඒ ලෑන්ඩ්ස්කේප් ෆොටෝ?
මම විශේෂ සම්මත රාමුවකට ගන්නේ නෑ. නිදහස් රාමුවක් තුළ තමා පින්තුර අරගත්තේ. අනික මේ සියල්ලම මම ගන්නේ මගේ ෆෝන් කැමරාවෙන්.
Delete:D
ReplyDeleteහෙ හේ
Deleteඅම්මේ ඒ පැත්තේ ලස්සන. ඒ මදිවට කෑම ගැනත් ලියලා. මටනම් පේන්නේ මේකේ දඹුලු යෑම කෙසේ වෙතත් තලගොයා තමයි ප්‍රධාන පරමාර්තේ වෙලා තියෙන්නේ ;)
ReplyDelete