සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බතලේගල එහෙමත් නැත්තං සුද්දගේ භාෂාවෙන් Bible Rock පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක කියන නගරයට ආසන්නවයි. බතලේ ගල සුන්දරත්වය හොඳින්ම පෙනෙන්නේ දුම්රියෙන් නුවර යනවිට හා මහාමාර්ගයෙන් කඩුගන්නාව දුර්ගය පසුකරද්දියි. අන්න ඒ ඉසව් දෙකේදි ඇතින් පෙට්ටි හැඩය ගත් මේ බතලේගල කන්ද ඉතාමත්ම දර්ශනීය ආකාරයට පේනවා. 
(අපේ චාරිකාව විනාඩි පහක විඩියෝවක් හැටියට මේ තියෙන්නේ. මේක බලලා මගේ යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා සහයක් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි අඩුපාඩුත් මට කියලා දෙන්න. ෆෝන් කැමරාවෙන් විඩියෝ කරලා එඩිට් කරලා හඩ කැව්වෙත් ඉතිං මම ම තමා.)


බතලේගල නගින්න ආසාව බොහෝ කල් සිට තිබ්බත් නොබෝදා තමා එයට අවස්ථාව ලැබුණේ. ඒ Hike Lanka මගින් සංවිධානය කරන ලද කඳු තරණ චාරිකාවක් නිසා. ඒක සංවිධානය කරපු බ්ලොග් ලියන කවුරුත් දන්න ඕනමැන්ටල් නොහොත් දුලිප් සිකුරාජපති තමා මට මේ චාරිකාවට ආරාධනය ගෙන ආවේ. දෙවරක් නොසිතාම මමත් එක් වුණා ඉතින් මේ ගමනට.







බතලේගල නගින්න කොළඹ ඉඳන් යන පිරිස් නිතරම තෝරගන්නේ මාවනැල්ලෙන් අරණායක ට ගිහින් ගැවිලිපිටියෙන් හෝ දිප්පිටියෙන් හැරිලා හත්ගම්පොළ හන්දියෙන් හැරිලා කන්ද නගින මාවතයි.
ඒත් Hike Lanka කණ්ඩායම තෝරගන තිබුණේ කෑගල්ලෙන් හෙට්ටිමුල්ල පාරේ දෙබත්ගමට ගිහින්, සාමසර කන්ද පාමුලින් හත්ගම්පොළට ළගාවන මාවතයි.
සංචාරයට පෙර ප්‍රචාරනයේදි Hike Lanka කට්ටිය කිව්වා මේ ගමනෙදි අපව
තෙත බරිත නොවී "වතුරෙන්" එක්ක යනවා කියලා. මේ කියමන මටත් ටිකක් කුහුලක් ගෙනා කියමනක් වුණා. එත් ගමනේදි තමා ඇත්ත වැටහුණේ. අපි ගිය මාවත වැටිලා තිබුණේ වතුර කියන ගම්මානය මැදින්. වතුර ගම හරහා ගියාට ඉතින් තෙමෙනවයෑ. මෙව්වා ඕනයගේ ප්‍රචාරණ මගඩි තමා ඉතින්. 


නොතෙමි වතුරෙන් අපි ගිය හැටි මෙන්න
සැලසුම් කර පරිදිම අපි කණ්ඩායම උදේ හත වෙනකොට කෑගල්ලට එකතු වුණා.  නමය විතර වෙනකොට අපි දෙබත්ගම හන්දියේ පුංචි තේ කඩෙන් උදේට කෑම කෑවා. කට ඌයියා වෙන කොච්චි සම්බල් පාන් වඩේ ඉදිආප්ප මේ සේරමත් එක්ක අපි හොදට සප්පායං වෙලා ගමන පටන් ගත්තා.
මෙන්න මාර්ග සිතියම

හත්ගම්පොළ හන්දියට ගිය අපි එතැන ඉඳන් පා ගමනින් "බතලේගලට" යන්නේ. මේ ගමනේදි අපට හොදින් පේනවා ආපහු යථාතත්වයට පත්වෙන සාමසර කන්දේ ඛේදවාචකය. 
කොන්ක්‍රිට් මාවතක කිලෝමිටර් එක හමාරක විතර දුරක් අපිට යන්න වුණා. පාර කොන්ක්‍රිට් වුණාට ඒ මාවත කඳුකර මාවතක්. ගමන ටිකක් වෙහෙසකරයි. එත් වන ගහනයේ සිසිලස නිසා මහන්සියක් ඇගට දැනෙන්නේ නෑ.
















කන්දට නැඟ හාත්පස බලන අපේ පිරිසට ඈත උතුවන්කන්දත්, ඌරාකන්දත්, අම්බුළූවාව කන්දත්, සාමසර කන්දත් කඩුගන්නාව දුරගය හරහා වැටී ඇති දුම්රිය මග වගේම මහා මාර්ගයත් ඉතා හොදින් පෙනෙනවා. ඒ වගේම කන්ද මුදුණේ පුංචි පන්සලක් හදලා තියනවා. කිසිවකු එහි නොසිටියත් කන්දට අමුතු සිරියක් මේ විහාරය නිසා ලැබිලා තියනවා.
කන්දේ එක් බැවුමකට වෙන්න අපුරු ගල් ගුහාවක්ද තියනවා. දහ දොළොස් දෙනකුට නොතෙමි ඉන්න හැකි ගුහාවක් ඒක. මේ සේරම දේවල් බලලා අපි ආපසු එන්න හැරුණේ ළගදිම දවසක මේ කන්ද මුදුණේ රාත්‍රී කඳවරු අද්දැකීමක් ලබන්නට කතිකා කරගනයි. කන්ද උඩ සිට පොය දිනක පහළින් හඳපායනවා බලන ගමනට එක් වන්න මේය කියවන කීප දෙනකුටත් අවස්ථාව තිබෙනවා.

17 comments:

  1. නියමයි.


    //බ්ලොග් ලියන ඕනමැන්ටල්// ඇත්තටම ඕනමැන්ටල් ඇරෙන්න වෙන මොකක්හරි මිනිහ ලියනවද. :D

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා තොගයක්ම.

      Delete
    2. ඕනමැන්ටල් ලියන්නෙ නෑ . . . වෙන එවුව දෙක තුනකටනං කන්ට්‍රිබියුෂන් එක දෙනව

      Delete
  2. අපුරුයි අයියේ !!! වැඩිය මේ පැත්ත ගැන දැනන් හිටියේ නෑ.මේ විස්තර දැන ගත්තහම නම් අර ඊලග ගමනට එකතුවෙන්න තියෙනවනම් හොදයි කියල හිතුනා.

    ReplyDelete
  3. ලස්සන පරිසරය.
    සාමසර කන්දේ නාය පෙනෙනවා කඩුගන්නවා මුදුනටත්

    ReplyDelete
    Replies
    1. කඩුගන්නාවට පෙනෙන්නේ හුගක් දුරින්නේ. බතලේගලට පේන්නේ බොහොම ළගින්. ගලා ආ පස් කන්ද වෙල් යායටම ඇවිත් තිබ්බ හැටි මෙතැනට හොදට පෙනෙනවා.

      Delete
  4. ෂා. මැන්ටලේ ඕන දෙයක් ඕගනයිස් කරනවනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නොකරන දෙයක් නෑ පොර.

      Delete
    2. වැහි පීලි සුද්ද කරනවා, බල්ලො නාවනව, ලිං ඉහිනව, ගෑස් ගේනව, කානු කපනව, තනකොල ට්‍රිම් කරනව, තැඹිලි බානව.....

      Delete
  5. නයිටක් ගහන්ඩ නියම තැන.අපිත් ලඟදි ගම්පොල පැත්තට එනගමන් බතලේගල ගිහින් අසුපිනි ඇල්ලත් බලාගෙන ආව.මේ වීඩියෝ වැඩේනම් පට්ට.

    ReplyDelete
  6. ළගදීම නයිට් කෑම්පින් කරනවා එතැන අපි හත් අට දෙනෙක්.

    ReplyDelete
  7. පට්ට.. ඕනෙයාටත් නලියා ටත් දෙන්නටම ස්තුතියි .. මේ වගේ ඒවට ඉන්විටේශන් ආවට 'ඉන්ටෙරස්ටින්' කියනවා මිසක් 'ගොයින්' කියන්න විදියක් නැති එක තමයි දුක.. :(

    ReplyDelete
    Replies
    1. අපි වගේ රස්සාවෙන් අයිංවෙලා ඇවිදින එක රස්සාව කරගනිං

      Delete
  8. අපූරු සටහනක් සමග සුන්දර පින්තූර ගොන්නක්...
    බතලේගල මගෙත් තාම හැබෑ නොවිච්චි හීනයක්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT