සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. විවිධ වර්ගයන්ට අයත් මසුන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතුර යට කිමිදෙමින් ද මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. 
ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් තියනවා එසේ කිමිදෙමින් මසුන් නරඹන්නේ නම්. ඒ සියල්ලටම ඔබ එකඟ විය යුතුයි.
මෙහිදි ඔබට වතුර යට සිට දරුණු වර්ගයේ මෝරන් වැනි මත්ස්‍යයන් සමග ගැවසෙන්න හැකියි. ඔබේ ආරක්ෂාවට ඔබ වතුර යට සිටින්නේ යකඩ කූඩුවක් තුළයි.

shark encounter එහෙමත් නැත්නම් මොර හමුව තියෙන්නෙ burj kalifa වල යට තට්ටුවේ. මේක පුදුමාකාර නිර්මාණයක්.
මේ අවස්ථාව උදාකරගන්න නම් විශාල මුදලකුත් යට කරන්න වෙනවා. එත් විදෙස් සංචාරයට කැමති අය තමන්ගේ ලයිස්තුවට දාගන්න මේ තැන ගැනත්. වීඩියෝවේ සිටින්නේ අපේ ශ්‍රී ලාංකීය යුවතියන් දෙන්නෙක් කිමිදෙමින් ඒ අද්දැකීම ලබාගත් ආකාරයයි.
ඩුබායි හි රාජ මාලිගයේ වූ සත්වෝද්‍යානයේ සත්ව වේදිනියන් සේ කටයුතු කරන මේ දෙන්නා දිය යට කරන දේ ඔබට වීඩියෝව මගින් නරඹන්න හැකියි.
මෙසේ මේ දිය යට සිටින්නේ සනුජා ගුණවර්ධන සහ යශෝධා කළුවැල්ල කියන ශ්‍රී ලාංකීය සොයුරියන් දෙන්නෙක්.
දිය යට විඩියෝව යු ටියුබයෙන් නරඹන්න මෙතැනින් යන්න.



5 comments:

  1. 3ඩ් ආකාරයේ සජීවී මින් මැදුරක් වගෙයි
    විචාරක දියණිය

    ReplyDelete
  2. දන්න කියන නංගි කෙනෙක්නේ :)

    ReplyDelete
  3. මේ සටහන තුලින් තවත් විස්තර ඉදිරිපත් කලා නම් හොදයි.අපූරු අත්දැකීමක් වග පේනවා .

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT