samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි. ඉතාමත් ගුණ දායක වගේම රසවත් පානයක් මේ තල් පානය. සීතල බීම විදුරුවක් අවශ්‍ය වෙලාවට ඉතාමත් ම ගැලපෙන පානයක් මේ තල් බීම. දාස් ගාණක් තල් ගස් යට මේ ගෙඩි ඉදිලා වැටිලා යනවා. මේ මගින් ව්‍යාපාරයක් ලෙස වුවත් තල් කෝඩියල් නිෂ්පාදනය කරන්න හැකයි. පසු ගිය දවසක අපි මන්නාරමේ කළ සංචාරයේ දී අපට මේ රසවත් බීම වීදුරුවක රස බලන්න ලැබුණා. මේ බීම අපට පිළිගැන්වුයේ මන්නාරම යුද හමුදා කඳවුරේදී. ඇත්තටම බීම රස බලපු අපට හිතාගන්නත් බැරි වුණා මේ මොන වර්ගයේ බීමක් ද කියන එක. පසුව සොයා බැලීමේදි තමයි දැනගත්තේ තල් ගෙඩියෙන් හදන ලද බීමක් බව. ඉතින් ඔයාලටත් මේ බීමක රස බලන්න එය හදන විදිය අපි එය හදපු ගෙන්ම අහ ගත්තා. පහත වීඩියෝවේ තියෙන්නේ මේ තල් ගෙඩියෙන් රසවත්ම බීම එක හදාගන්න සම්පුර්ණ ක්‍රමවේදයයි. දවසක හදලා බලන්න... හැදුවොත් අපටත් කියන්න. සාදන ආකාරය පහත ලින්කුවේ ඇති වීඩියෝවෙන් යු ටියුබය හරහා නරඹන්න.

10 comments:

  1. ds

    දැනටමත් හමුදාවේ අය ඔය කෝඩියල් එක හදනවා..

    ReplyDelete
  2. blank

    ශ්‍රී ලංකා යුද්ද හමුදාව යොදවා උතුරු නැගෙනහිර ආක්‍රමණය කොට සියළුම තල්ගෙඩි ටික දකුණට ගෙන ඒමට කටයුතු කරන මෙන් අප අතිගරු ජානාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  3. blank

    එම පළාත්වල ජිවත්වන අය මෙය ස්වයං රැකියාවක් ලෙස සදා විකුණනවද අවම වශයෙන් යාපනය නගරයේවත්

    ReplyDelete
  4. IMG_0203

    අගේ ඇති වැඩක්.

    ReplyDelete
  5. blogger_logo_round_35

    තල් බිම වල රසයට මම නම් ඒතරම් ප්‍රිය නැහැ.
    හැබැයි තල් කැවුම් නම් නියමයි.

    ReplyDelete
  6. 4612_1153885331604_6370426_n%5B1%5D
    Replies
    1. 4612_1153885331604_6370426_n%5B1%5D

      http://archives.sundayobserver.lk/2013/08/11/fea07.asp

      Delete
  7. 38301002_257608548401655_2251349284500799488_o
  8. Fat-guy-eating-giant-hamburger
  9. blogger_logo_round_35

    තල් හොඳ ඖෂධයක්
    විචාරක දියණිය

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT