සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වෙනසක් පතන ඔබට එක්දින චාරිකාවකට කදිම තැනකි කුකුලේ ගඟ ලයා ලෙෂර් හෝටලය. (laya leisure). කොළඹ සිට පැය දෙකක ගමනකින් මේ ස්ථානයට ළගා විය හැකිය.








 
ඉතාමත්ම නිස්කලංක පරිසරයක අතිශය සුන්දර ලෙසින් පවත්වාගන යනු ලබන ස්ථානයකි laya leisure හෝටලය. මෙහි පරිපාලනය සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ යුද හමුදාව මගිනි. අනි තරු හෝටල් සේම ඊට නොදෙවෙනි සත්කාරයන් අපට මෙහිදීද ලබා ගත හැකිය.
ඔබ ආයතනයක හෝ මිතුරු කැළකට දිනක විනෝදයක් ලබන්නට අවැසි නම් මේ එයට කදිම ස්ථානයකි. 
ඔබේ නිස්කලංක විනෝදයට මෙන්ම නැටුම් ගැයුම්වලටද මෙහි පහසුකම් ඇත. එපමණක් නොව ඔබ ත්‍රාසජනක ක්‍රියාවන්ට ලැදි නම් ඊටද මනා පුහුණු උපදේෂක වරුන් යටතේ ඒ අවස්ථාවන් ලබා ගත හැකිය. ගඟ හරහා එහා ඉවුරේ සිට කේබලයක ආධාරයෙන් ගුවනේ පාවි විත් ජල තලයේ දෙපා ගාවමින් මෙගොඩට ඒම ඒ අතර අපුරු ක්‍රියාකාරකමකි.
අශ්වයන් පිටේ චාරිකා, කඳුකර පාපැදි සවාරි, දුනු විදීම්, ඉලක්කයට වෙඩි තැබීම්, වනගත ඇවිදීම් ආදියද ඔබේ මනාපය පරිදි මෙහිදි ලබාගත හැකි පහසුකම් ය.
පසුගිය දා අපි ඒ අද්දැකීමි ලැබුවෙමු. මෙ එහි මතකයයි.
මේ සමග වීඩියෝ දර්ශන දෙකක් ඇත. බලන්න එම ස්ථානය ඔබටත් ගැලපෙන තැනක් ද කියා.



11 comments:

  1. දුරකතන අංක
    මිල
    තව විස්තර දෙන්න

    ReplyDelete
  2. ටිපිකල් සිංහල අනාථයන්ට හරියන සාම්ප්‍රදායික තැනක්. හරිම බෝරිං.

    ReplyDelete
    Replies
    1. යන පිරිස අනුව තමා බෝරිං වෙන්නේ

      Delete
  3. අපිට ඉතිං පිරිසක් ඉන්න එකක්යැ.

    ReplyDelete
    Replies
    1. දේසකයට කිව්වනං පිරිස එක්කරයි

      Delete
  4. ඉතාම සොඳුරු ස්ථානයක් බව ඡායාරූප වලින් පැහැදිලි වේ. මෙවැනි කේබල් වලින් ගොස් යාමට ඇති සංචාරක ස්ථානයක් නේපාලයේ ඇතිබව අසන්නට ලැබුණා. විදේශ රටවල මෙය හුරුපුරුදු දෙයක් උනත් ලංකාවේ නම් මෙය අපූරු අත්දැකීමක් වේවි. මුලින්ම ලංකාවේ කේබල් භාවිතා කැටල තියෙන්නේ තේ දළු ප්‍රවාහනයට බවයි මා අසා තිබෙන්නේ විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. මේ කේබල් ගමන ත්‍රාසය අගයන අයටයි.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT