සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අප රැගත් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය හරියටම රාත්‍රී අටට කොළඹ කොටුවෙන් සිය ගමන ආරම්භ කළේ ය. හෙට දින උදැසනම ඇල්ල නගරයට ආසන්නව පිරිටි පුංචි සිරිපාදය නැගීමට ඇති හෙයින් අපි නින්දට වැටුණෙමු. පළමු පන්තියේ නිදන මැදිරි ආසන වෙන්කරගන්නට නොහැකි වුවත් අපට එතරම් සුව පහසු නැති තුන්වැනි පන්තියේ නිදන ආසන ලැබී තිබීම මහත්ම පහසුවක් විය.







 
පහ හමාර පමණ වන විට අප සිටියේ උඩරට දුම්රිය මගේ සුන්දරම ඉසව්ව සේ සැලකෙන ඉදල්ගස් හින්න සමිපයේ ය. හිරු සෙමෙන් නිල වර්ණිතව ඇත ක්ෂිතිජය හරහා රටා මවමින් විකසිත වෙන දසුනින් අපි වශීකෘත වූයෙමු. ඒ දසුන එතරම්ම චමත්කාර ජනකය.
අපේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට ළගා වූයේ නියමිත වේලාවට වඩා පැයක පමණ පමාවක් සහිතවය. උදේ හත වෙන විට අපි ඇල්ලෙන් බැස උදේ ආහාරයෙන් සප්පායමී වීමු.
ඇල්ල යනු සංචාරක කේන්ද්‍රස්ථානයකි. මෙහි සිට පැය කීපයක් ඇතුළත ලංකාවේ ලස්සනම ස්ථාන ගණනාවකට යැමී ඊම් කළ හැකිය. එනිසාමදෝ ඇල්ල නගරය නිරන්තරයෙන්ම විදේශික සංචාරකයන්ගෙන් පිරි පවතී.
අපේ චාරිකාව වූ පුංචි සිරිපාදයට යා යුත්තේ ඇල්ල පස්සර පාරේ කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙනි.
සුප්‍රකට 98 ඒකර්ස් හෝටලයට යන මාවතෙන් හැරි පුංචි සිරිපාදයට ළගා විය හැකිය. එහි සුන්දරත්වය මම විස්තර නොකරමි. සේයා රූ හා විඩියෝවෙන් ඒ සුන්දරත්වය ඔබටම දැක ගත හැකිය.
මෙන්න වීඩියෝව


20 comments:

  1. හරිම වටිනව...යා යුතු ස්ථානයක්...

    ReplyDelete
  2. සුදු කකුල් මරු

    ReplyDelete
    Replies
    1. කළු ගල් නරකද එතකොට

      Delete
  3. ඔහොම යමු!

    මාත් දවසක යන්න හිතා ගත්තා. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. යන්න යන්න ලංකාවට ආව දවසක සුන්දරම ගමනක් වේවි.

      Delete
  4. මමයි පොඩි මෙන්ඩ යි දෙන්නම එකතු වෙලා බැලුවේ ...මේ පොස්ට් දාන විදිහ එල ද බ්‍රා ...
    දවසක යනවා ..ඒ පිං ඔයාට

    ReplyDelete
  5. මමයි පොඩි මෙන්ඩ යි දෙන්නම එකතු වෙලා බැලුවේ ...මේ පොස්ට් දාන විදිහ එල ද බ්‍රා ...
    දවසක යනවා ..ඒ පිං ඔයාට

    ReplyDelete
    Replies
    1. ොඳ ෆන් එකක් ගතහැකි තැනක්

      Delete
  6. කවුරු හරි පින්වතෙක් අර ලී අටල්ලක් උඩ පටෝල තියන එක පල්ලෙහට තල්ලුකර නොදමුවොත්,... එක්කෝ ඉතින් ඒගැන කියා පලක් නැත.

    ReplyDelete
    Replies
    1. එය එතැන නැතිනම් ොඳයි. අකුරැ වදිේ නෑ.

      Delete
  7. බලන්න යන්න ආස උනාට ඇත්තටම බයයි... ඉතිං බොහොම පිං මේ වගේ දුෂ්කර සුන්දර තැන හොයාගෙන ගහින් අපිව දැනුවත් කරන එකට

    ReplyDelete
  8. හරිම ශෝක්... බලන්න යන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. යන්න යන්න යන්න හොදම තැනක්

      Delete
  9. Replies
    1. ස්තුතියි ප්‍රා ජේ

      Delete
  10. නියමයි.ළඟදිද ගියෙ?

    ReplyDelete
    Replies
    1. පසු ගිය සිකුරාදා රෑ කෝච්චියේ ගියා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT