අපේ රටේ සංගීතයට
රාලහාමිලා සිටිති.
මේ රාලහාමිලා පොදුජන සංගීතයට
හෙවත් ජනප්‍රිය සංගීතයට කැමැති නැත.
ඒ අනුව ක්ලැරන්ස් පීචං ය. ජෝති
පීචං ය. එම්. එස්. ද පීචං ය.
සම්භාව්‍ය වීමට නම් සුභාවිත සිංදු
ගායනා කළ යුතු ය. එහෙත් සුභාවිත
සිංදුව ජනතාව අතර නැත.
එබැවින් සුභාවිත සිංදුව නඟා සිටුවීම
සඳහා විවිධ උපායමාර්ග යොදන්නට
රාලහාමිලාට සිදු වී තිබේ. මේ හුටපටයෙන්
ඇබිත්තක් “ක්ලැරා” පොතෙහි අඩංගු වේ.
“ක්ලැරා” නම් ප්‍රබන්ධය අතට ගත්තේ දෙඤ්ඤං බැටේ ලියැවිල්ලකට හිත දැඩි කරගෙන ය. එය මෙහෙයුමක් නම්; ඊට අවශ්‍ය මෝටාර් බෝම්බ, කාලතුවක්කු, යුද ටැන්කි පමණක් නොව; මාර්ග සිතියමක් පවා මා සන්තකයේ තිබිණි. ඊළඟ පියවර වූයේ අණදීම පමණි. අණදුන් සැණෙන් ප්‍රහාරය ආරම්භ වනු ඇත. සංගීතමය නවකතා! කුමක් ද මේ විකාරය? සිංහල ප්‍රබන්ධ කථාවට එය ගැළපෙන්නේ නැත. පරාක්‍රම කොඩිතුවක්කු විකාරයක් එළිදක්වා තිබේ. - ඒ මගේ පළමු කල්පනාව ය.
මේ කතාවේ ප්‍රවේශය කියැවීමි. පුදුමයකි! මට මගේ මෙහෙයුම අමතක විය. ප්‍රහාර අමතක විය. පළමු පරිච්ඡේදය කියැවීමි. මගේ ස්නායු පද්ධතිය කම්පනය වන්නට පටන් ගත්තේ ය. දෙවන - තෙවන පරිච්ඡේද කියවත් ම වචන දිගේ සංගීතයක් ගලා එන්නට විය. එය පියානෝව හා ගිටාරය මුසු වූ සංගීත පද්ධතියකි. D – G – A – D යන ලෙසින් කෝඩ්ස් මාරුවන ආකාරයක් දැනෙයි. පොත බිමින් තබන්නට නො සිතේ. එය පුදුමාකාර ලෙසින් අප ආකර්ෂණය කර ගනී.
මේ කෘතියෙන් මතු කරන රස - භාව - අර්ථ විඳගැනීමට නම්; හිත නිදහස් කරගත යුතු ය. ඉන් අදහස් කෙරෙන්නේ නවකතාව පිළිබඳ රාමුගත කිරීම්වලින් මිදී ඉදිරියට ගමන් කළ යුතු බව ය. එක් අතෙකින් නවකතාවට පමණක් නොව; කිසිදු කලා නිර්මාණයකට නිශ්චිත නිර්වචන නැත. සාහිත්‍ය - කලා නිර්මාණ සම්බන්ධයෙන් ඇත්තේ නිර්වචන නො ව හඳුනාගැනීම් ය. එය සම්ප්‍රදාය ලෙස හැඳින්විය හැකි ය. ඇතැම් කලාකරුවෝ සම්ප්‍රදාය බිඳගෙන ඉදිරියට යති. පරාක්‍රම ද එම වෙනස සිදු කරයි.
කතුවරයාගේ ප්‍රබන්ධ කථාව අතිශය නිදහස් ආරකින් ඉදිරියට ගලයි. පාඨකයා ද ඉබේ ම මෙන් තටු ගසා නිදහස් අවකාශයකට පියඹා යනු දක්නට ලැබේ. කතුවරයා හඟවන්නේ ස්වල්පයකි. එහෙත් පාඨකයාගේ පරිකල්පන ලෝකය තුළ ඊට වඩා විශාල සිතුවමක් මැවෙයි. ඒ දෙකෙහි ඓක්‍යය ලෙස වින්දනය හෝ ප්‍රහර්ෂය හෝ පවතී.
කතුවරයාගේ හැඟවීම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ විග්‍රහ කළ හැකි ය.
(I) ක්ලැරන්ස් නම් සංගීතවේදියාගේ ජීවිත විවරණය
(II) ශ්‍රී ලංකාවේ සංගීත භාවිතය පිළිබඳ පුළුල් විග්‍රහය.
(III) ජීවිතය පිළිබඳ අලුත් කියැවීම
(IV) සංගීතමය නවකතාව සිංහල පාඨකයාට හඳුන්වා දීම.
ක්ලැරන්ස් විජේවර්ධන මේ කතාවේ ප්‍රධාන චරිතය යි. ඔහු අපේ ජනප්‍රිය සංගීතයට පදනම දැමූ සංගීතවේදියා ලෙස ද පොදුජන සංගීතයක් වෙනුවෙන් පෙනී සිටි සංගීතවේදියා ලෙස ද හැඳින්විය හැකි ය. එහෙත් සාමාන්‍ය පාඨකයාට ඔහු පිළිබඳ පූර්ණ වැටහීමක් නැත. පරාක්‍රම කොඩිතුවක්කු මහතා ක්ලැරන්ස්ගේ ගැඹුර සියුම් ලෙස නිරූපණය කරයි. වරෙක ඔහු ක්‍රිෂ්ණමූර්ති කියවයි. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ට සවන් දෙයි. තව වරෙක ඔහු විරාගය කියවයි. ක්‍රිස්තුස්ගේ විද්‍යාත්මක මුහුණුවර සොයයි. තවත් වරෙක වැදි ගීයක තාල රටා විමසයි. එය ජනප්‍රිය ගී ආර සමඟ සසඳයි.
ක්ලැරන්ස් යනු ගිටාරයක් බෙල්ලේ බැඳගෙන ප්‍රසංග වේදිකාවේ කණ්ඩායම් ගීතයට පණදුන් තරුවක් පමණක් නො ව; දැවැන්ත පෞරුෂයකින් හෙබි දැක්මක් ඇති නිර්මාණකරුවකු බව පළමුවරට සනාථ වන්නේ මේ පොත ඔස්සේ ය. දර්ශනය, දේශපාලනය, ආගම, ජනප්‍රිය සංගීතය පිළිබඳ ලෝක මට්ටමේ පුළුල් අධ්‍යයනයක් ඔහුට තිබිණි. ඒ හැරෙන්නට බොහෝ දේවල් දරාගනිමින් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමේ හැකියාවක් ද ඔහුට තිබිණි. ක්ලැරන්ස් ගැන පාඨකයන් නො දන්නා බොහෝ දේ මේ කෘතියෙහි සටහන් ව තිබේ.
ක්ලැරන්ස් පිළිබඳ තොරතුරු ජීවමාන කිරීම සඳහා ද විශ්වසනීයභාවය රැකගැනීම සඳහා ද කතුවරයා විසින් උපාය මාර්ග කිහිපයක් භාවිත කරනු ලැබේ. එය පහත සඳහන් ලෙස ය.
(I) ක්ලැරන්ස්ගේ දිනපොත්
(II) මාධ්‍ය සාකච්ඡා
(III) කතුවරයා හා ක්ලැරන්ස් අතර පැවැති සංවාද
(IV) ක්ලැරන්ස්ගේ ලියුම්
(V) ක්‍රිස්ටිගේ ප්‍රකාශන
(VI) සත්‍ය සිදුවීම්
අමෙරිකන් ප්‍රබන්ධ කතාවේදී ජීවමාන චරිත ගැනත් හැඟුම්බර සංවාද ගැනත් වැඩියෙන් ම කතා කළේ අර්නස්ට් හෙමිංවේ ය. ඔහු ගේ කතාවල කැපී පෙනෙන ලක්ෂණය ද ජීවමාන චරිත නිරූපණය යි. ක්ලැරා කෘතියෙහි ද එම ජීවමාන ගතිය තිබේ. කතුවරයා විටින්-විට මැදට පැන විග්‍රහ - විවේචන ඉදිරිපත් කළ ද ඒවා නීරස නැත. කතාවේ ගලා යෑමට ද ඉන් හානියක් නැත. ක්ලැරන්ස් නම් සංගීතවේදියා පිළිබඳ මහත් වේදනාවක් හා ශෝකයක් ද අවසන් ලෙස පාඨක සිතට ඇතුළු වේ.
සිය නිර්මාණ සඳහා ක්ලැරන්ස් කළ කැපවීම වරින්-වර මතුවෙයි. ඔහු ආගිය අතක් නැතැ’යි වරක් සියල්ලෝම ඔහු හඹා යති. ක්ලැරන්ස් සිටියේ ද අසනීප තත්ත්වයෙනි. මල්ලීට ඔහු මුණගැසෙන්නේ දොරවල් විවෘත කළ මෝටර් රථය තුළ දී ය. ඔහු ගිටාරයත් ලයෙහි හොවා නිදාගෙන සිටී. ගීතයක තනුවක් සමඟ වෙහෙසට පත්වූ ඔහුට ඉබේ ම නින්ද යන්නට ඇත. තව වරෙක දියවැඩියාව නිසා ඔහුගේ පාදයක ඇඟිල්ලක් ඉවත් කෙරේ. ඔහුට එය ගණනක් නැත. රෝහල් වාට්ටුවේ ඔහුගේ ඇඳ අද්දර ඇත්තේ ගිටාරය යි.
ක්ලැරන්ස් අවුරුදු 54ක් වැනි අඩු වයහසකින් ජීවිතයෙන් සමුගනී. ජීවිතය නිමාව කරා ගමන් ගන්නා බව දුටු ඔහු මෙසේ කියා නිහඬ වෙයි.
“Happy, I Contribute to the Country; Nothing… No Thing!”
ඔහු වෛද්‍යවරයාට එසේ කියා සිටිය ද; පෞද්ගලික ජීවිතයේ දී ඔහු දරාගත් වේදනාව සුළුපටු නැත. සමාජ සම්මුතීන් නිසා ද, අධිපතිවාදී සංගීතකරුවන් නිසා ද ඔහු පීඩනයට ලක් විය. ඒ අතර සුගම ගායනාවකින් එම වේදනාව දිග හැරේ.
“හිරුගේ උදේ දී අපි හමුවෙමු
සඳුගේ රැයේ දී අපි වෙන්වෙමු”
ක්ලැරන්ස් සතු කවීත්වය මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් වී නැත. ඔහුගේ කවීත්වය මුවහත් වන්නේ පුවත්පත්වලට කවි රචනා කිරීමෙන් ය. ක්ලැරන්ස්ගේ චරිතය ගොඩනැඟීමේ දී කතුවරයා ඉතා පරෙස්සම් සහගත ක්‍රමවිදි අනුගමනය කර තිබේ.
මේ කෘතියේ දෙවන ලක්ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ භාවිත සංගීතය පිළිබඳ පුළුල් විග්‍රහයක් පැවැතීම ය. සංගීතයේ ආධිපත්‍යය හිමි කරගත් භාරතීය සංගීත ශිල්පීන් ගුවන් විදුලිය ඔස්සේ සිදුකළ අමනකම් ගැන දැඩි ප්‍රහාරයක් ද ඊට ඇතුළත් ය. පොදු ජනයාගේ සංගීතයට හෝ ජනප්‍රිය සංගීතයට හෝ රට තුළ පිළිගැනීමක් නොවූයේ මන්දයන ගැටලුවට පිළිතුරක් ද එහි තිබේ. කුමක් වුව හේතු - සාධක සහිතව නිර්දය විවේචනයක් එල්ල කිරීම කතුවරයාගේ ක්‍රමය වී තිබේ. එය යුක්තිසහගත යැයි සිතිය හැකි ය.
ලෝකයේ වැඩිම අවධානයකට ලක් වූ පොප් හා ජෑස් සංගීත සම්ප්‍රදායයන් පිළිබඳ යම් දැනුමක් ද මේ පොතෙන් උකහාගත හැකි ය.
“බටහිර සංගීතයේ හැඟීම් ප්‍රකාශනය මේ රටේ සංගීතකරුවන්ට තේරුම් ගියේ නැහැ. Evita චිත්‍රපටයේ Don’t cry for me Arjantina ගීතය ලොවම හැඬවූ ගීයක්. ආර්ජන්ටිනාවේ සිටි පළමු ආර්යාව Evita වැනි ආර්යාවක් ඉකුත් සියවසේ ලෝකයේ කිසිම රටක සිටියේ නැහැ.”
(පිටුව 157)
‘ක්ලැරා’ ප්‍රබන්ධයේ තවත් කරුණු දෙකක් ඔස්සේ ජීවිතය පිළිබඳ අලුත් කියැවීමකට යා හැකි ය.
I. ක්ලැරන්ස් පිළිබඳ චරිත නිරූපණය
II.කතුවරයාගේ ප්‍රකාශන ආකෘතිය
ක්ලැරන්ස් යනු ණයට ගිටාරයක් ලබාගෙන තනිව සංගීතය හැදෑරූ ශිල්පියෙකි. මේ සංගීතවේදියා නිර්මාණය වන්නේ පුහුණුවීම හා කියැවීම මත ය. ඔහුගේ ගමන් මඟ කතුවරයා විසින් හැඟුම්බර ලෙස නිරූපණය කරනු ලැබේ. කැලැරන්ස්ගේ සමස්ත කෙටි ජීවිතයම තවත් නිර්මාණ ශිල්පියකුට ජවය සපයන එන්නතක් වැනි ය. ඔහුගෙන් බොහෝ ආදර්ශ ගත හැකිය. බොහෝ උත්තේජන ලැබිය හැකිය. කතුවරයාගේ ප්‍රකාශන ආකෘතිය තුළ ඇත්තේ ජීවිතය හා සමාජය විවිධාකාරයෙන් විමර්ශනය කිරීම ය. එය ද අලුත් පාඩමකි.
මේ කෘතියේ වඩාත් වැදගත් ම ලක්ෂණය වන්නේ සංගීතමය නවකතාව සිංහල පාඨකයාට හඳුන්වාදීම ය. මෙබඳු කෘතියක් මීට පෙර සිංහල භාෂාවෙන් පළ වී නැත. අමෙරිකාවෙ සාහිත්‍ය පිළිබඳ සහාය මහාචාර්යවරයකු වන Emily Peterman විසින් The musical Novel නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ. එහි නවකතා දෙවර්ගයක් ගැන සඳහන්ය. එකක් සංගීතමය නවකතා ය. අනෙක ජෑස් නවකතා ය. මේ දෙවර්ගයට ම පාදක වන්නේ පොප් සංගීතයේ කැපී පෙනෙන පාත්‍ර වර්ගයා ය.
සංගීතමය නවකතාවලින් විග්‍රහ වන්නේ හෝ නිරූපණය වන්නේ හෝ සංගීතය නො වේ. සංගීතයට සම්බන්ධ චරිතවල ගනුදෙනු ය. නැතහොත් සමාජ සම්බන්ධතා ය. ඒ හැරෙන්නට සංගීතය හා ජනතාව අතර පවත්නා සහසම්බන්ධයත් මේ නවකතා ඔස්සේ නිරූපණය වේ. ජෝන් ඒ. වෝකර් විසින් 1999 දී පළකරන ලද Musical Novel නම් ප්‍රබන්ධය ඊට නිදසුන් ය. එහි ප්‍රධාන චරිතය හා මුදල් ගනුදෙනු පිළිබඳ දීර්ඝ විවරණයක් කතාවට ඇතුළත් ය. ප්‍රධාන චරිතය පොප් සංගීතඥයෙකි.
පරාක්‍රම කොඩිතුවක්කු “ක්ලැරා” නම් නවකතාව ඔස්සේ සිංහල නවකතාවේ බරපතළ වෙනසකට මුල පුරයි.
රන්ජන් අමරරත්න
ඒ මං එක.............................
ReplyDeleteහැබැයි තාම කියෙව්වේ නැහැ.................
බුදු අම්මේ හාවා හද දැක්කා.. කළු නික සොයාගත්තා..
ReplyDeleteකලවං නැති ගල් බෝතලයක් හොයාගත්තා !!!
Deleteරන්ජන් අමරරත්න නවකතාවකට හොඳක් කියලා! අද වහී! දාමුද පාටියක්? :D :D
ReplyDeleteරන්ජන් හොද කියපු පොත් කීපයක්ම තිබුණා බස්සි
Deleteඒ පොත් විකිනෙන්නේ නැතිව ඇති මචෝ...
Deletehikz
Deleteමටනම් හිතෙන්නෙ රංජන් හොරා වගේ සමකය වටේ කියවනවා කියලයි... හැහ් හැහ්... :D
Deleteසෙන්නා ගෙ කමෙන්ට් එක දැක්කට පස්සෙ ආයෙත් පෝස්ට් එක කියවන්න හිතුනා :D :D
Deleteනලියා..................... රන්ජන්................
ReplyDeleteඇත්තට ම හරිම සිත්ඇදගන්නා සුළු රචනයක්... විශේෂයෙන් ම ක්ලැරන්ස් කියලා මහා පෞරුෂය ගැන මගේ සිතේ තියෙන ගරුත්වය තවත් වැඩි කරා... ඇත්තටම කියවන්න ආස හිතෙනවා... කොහොම හරි හොයා ගන්නවා.. ස්තූතියි මේ දේවල් අපි වෙත ගෙන එනවාට...
ක්ලැරන්ස් !!!!!
ReplyDeleteමං විශ්වාස කරනවා එදාමෙදා තුර ලංකාවෙ පහල වුණ දක්ෂතම රිදම් ගිටාර් වාදකයා කියලා..ගිටාරයයි ඔහුයි දෙකක් නෙවෙයි එකක්..පොත කියවන්න ආසාවක් ආවා.. තැන්ක්ස් නලින් බොස් …
ඇත්තටම ක්ලැසිකල් ගිටාර් එකත් එක්ක තමයි මටනම් ක්ලරන්ස්ව මතක් වෙන්නේ, කණ්ඩායම් සංගීතයට , විශේෂයෙන් ක්ලැසිකල් ගිටාර් වාදකයා ශිල්පියෙක් බවට පත් කරපු ගමනේ පුරෝගාමියා ක්ලැරන්ස්.
Deleteහැබැයි හොඳම ගිටාර් ගුරු තමා පත්තරේ ...
ශ්‍රී ලංකා ගුවන් විදුලියට විදුලි ගිටාරය හඳුන්වා දුන් පුරෝගාමියා ක්ලැරන්ස් කියලයි මම අහලා තියෙන්නෙ. ඔහුට කිසිවෙකු කරපු අභියෝගයකට පිළිතුරු ලෙස තමයි සුරගන වෙස් වලා කියන ගීතයෙදි විදුලි ගිටාරයෙන් වන්නමක් වයන්නෙ....අන්න එහෙමයි වැඩ කාරයො....
Deleteහිරුගේ උදේ දී අපි හමුවෙමු
ReplyDeleteසඳුගේ රැයේ දී අපි වෙන්වෙමු
ක්ලැරන්ස් ගේ මං ආසම සිංදුවක්. ක්ලැරන්ස් ජීවිත කතාව ආශ්‍රයෙන් කෘතියක් කරන්නට හිතාගත්තා කියන්නෙත් ඇත්තටම විප්ලවීය අදහසක් . පරාක්‍රම කොඩිතුවක්කු නිසාම හොඳයි
ඊයේ දවාලේ අපගේ ලොවේ.. ආශා දැහැන් යා වුණා...
Deleteකෝමද ඒ සිංදුව ?
මාත් ආස සිංදුවක් ඒක.. හැබැයි මට මතක විදිහට සිංදුවෙ තියන්නෙ හිරුගේ ලොවේ දි අපි වෙන් වෙමු _ සඳුගේ රැයේ දී යලි හමු වෙමු" කියල වගෙ.
Deleteඒ වගෙම තව එකක් තියන්නෙ "ලොව නිසසල වී - නවතින මොහොතේ... කියල. ඒකත් සිරා.
ක්ලැරන්ස්ගෙ මම කැමතිම සින්දුව වියරු වැලි තීරයේ...ඒක යුග ගීතයක් ලිලන්ති කරුණාරත්න කියලා ගායිකාවක් සමග ගායනා කරපු. ලංකාවෙ සිවිල් යුද්ධය ඉතාම දරුණුවට ඇදී ගිය වකවානුවක ඒ තේමාවට අදාළව ලියවුන එකක්. ඒක අහලා බලන්න මිත්‍රවරුනි. හරිම ලස්සන තනුවක්... මෙන්න පාර https://soundcloud.com/user116146633/0m9qdvau0sdu
Deleteචන්දන හරි ,
Deleteහිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
සඳුගේ රැයේදී යලි හමුවෙමු
චන්දන, ඔය //ලොව නිසසල වී - නවතින මොහොතේ..// කියන සින්දුව නිරංජලා ගයන වික්ටර්/ප්‍රේම් හදාපු සින්දුවක් නෙමෙයිද?
Deleteලොව නිසසල වී නිරංජලාගෙ ගීතයක්...
Deleteඉන්දික & සිරා
Deleteඔව් ඔව්... ඒක නිරංජලා ගෙ සින්දුවක් තමයි. සින්දුවෙ අනෙක් පාර්ශවයන් ගැන නම් මට ඇත්තටම මතක නෑ ඉන්දික.
මදැයි හොඳක් කිව්වා.
ReplyDeleteඋඹල දෙන්න හොදයි බානේ බදින්න
Deleteමදැයි යන මදිද යන්න ලෙස නිවැරදි විය යුතුය.අක්ෂර වින්‍යාසය නිවැරදි නම් කමෙන්ටුව වඩාත් හොඳයි.
Deleteහැලපයා
රංජන් මහතා --
ReplyDeleteවිචාරය හොඳයි අකුරු වැරදි හදාගත්තානම් තවත් හොඳයි
හැලපයා
ඇනෝ හිතවතා
Deleteමම කියන්නට හිතාගෙන ආවෙ ඔය කාරණය තමයි.මට වඩා ඔබ ඉස්සර වෙලා.
හැලපයා
හැලප නමින් එන ඇනෝ... මා දන්නා තරමින් රන්ජන් ගේ බස බොහෝ සෙයින් නිවැරැදි ය. පද බෙදුම පවා නිවැරැදි ය. ඇනෝ ගොඩට එන අලුත්ම ඇනෝ අපහාස නොකර උපහාසයෙන් යමු ඉදිරියට
Deleteමචෙ, ඔය මාතෘකාවෙ එන "රාලහාමි" යන්න ලියවෙන්න ඕනෙ "රාළහාමි" කියල නෙමෙයිද?
Deleteමෙන්න කාලෙකින්. ඇති යන්තම් මතක් උනා. කැලැරන්ස්ලාට, ජෝතිලාට හොඳ ගීත සාහිත්‍යක් තිබුනා. ඔවුන් ප්‍රසංග වේදීකවට ගීත ලිව්වා. කරුමෙ කියන්නෙ ඒ ගැම්ම ඒ විදියටම අරන් යන්න පුලුවන් එවුන් අද නෑ. විලාප විතරයි තියෙන්නෙ.
ReplyDeleteපරාක්‍රම ජෝති ගැනත් පොතක් ලිව්වනෙ. ඒ අතින් පරා නියම "පොරක්"!
ReplyDeleteක්ලැරන්ස් මොනතරං හොඳ දක්ෂ කෙනෙක් උනත්, ක්ලැරන්ස් හදා දුන්නු සින්දු අද එයාගෙ නෝන අඩුම ගානෙ ඉඳ්‍රාණිට, ඇනස්ලිටවත් කියන්න දෙන්නෙ නෑ.
කොහොම උනත් ක්ලැරන්ස් කියන්නෙ ලංකාවෙ සංගීතෙ එක මාවතක් හදාපු මිනිහෙක්. ඒක විවෙචනය නොකරන කෙනෙක් නෑ මම හිතන්නෙ.
නලියත්, රන්ජන්ටත් ස්තූතියි මේ ඔත්තුවට.
තැන්කූ නලීන් අයියා තොරතුරට.පොත හොයාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා...බලමු කියවලාම:)
ReplyDeleteEththenama,Nalin,Wishesayenma obata,Sthuthi,Ranjan Amararathnage lipiya palakalata,Parakrama Kodithuwakku "Clera"kiyala pothak liyala thibena bawa denagaththata,me lipiyen potha gena honda wetaheemak lebuna.Mewennak kalgatha wee,hari siduweema Ithama Sathutak,(samaharu,Kuhaka kamata CLERANCE gena hera,Hema Bailawak Genama Liwa)(Ranjan-D)
ReplyDeleteහොද පොතක් වාගේ පේන්නෙ.
ReplyDeleteපොත ගන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන අදහස් ටිකක්.. ස්තුතියි
ReplyDeleteරන්ජන් බොස් බොහොම ස්තූතියි!! ගෙන්න ගන්න හිතාගෙන ඉන්න පොතක්. රන්ජන්ගේ විග්‍රහයත් එක්ක කියවන්නම හිතුනා.
ReplyDeleteපරාක්‍රම කොඩිතුවක්කු බොහොම නිර්භීත ලේඛකයෙක්. අම්මා අප්පාට වුනත් කියන්න තියන දේ කියන මිනිහෙක්. රන්ජන් අමරරත්න වගේ ටිකක් දෙඤ්ඤම් බැටේ විචාරයට බර කෙනෙක් වුනත් යම් යථාර්ථයක් මේ කෘතිය තුළ දැක තිබෙනවා.
ReplyDeleteතමන්ට ගයන්නට හැකියාව තිබියදීත් ක්ලැරන්ස් වෙනත් ගායකයන්ට ඉතා අලංකාර තනු සකසාදී තිබෙනවා. ඇත්තටම ක්ලැරන්ස් ගැන පොතක් ලියන්න තරම් මහ ගොඩක් දේවල් තියනවා. පාසල් සිසුවකු ලෙස ඔහුව මුලින්ම වේදිකාවකදී දැක්ක දවස අද වගේ මතකයි. අපේක්‍ෂා චිත්‍රපටියේ සංගීතය තුළ ක්ලරන්ස්ගේ හදවතේ ගැස්ම තිබෙනවා.
බොහොම ස්තුතියි නලීන් වටිනා පොතක් හඳුන්වා දුන්නාට.
//පරාක්‍රම කොඩිතුවක්කු බොහොම නිර්භීත ලේඛකයෙක්//
Deleteකොඩිතුවක්කුල කවුරුත් එහෙම තමයි :-)
හුකෑස්
Deleteරන්ජන් අමරරත්නත් ඉඳලා තියෙන්නේ කොහේද කියලා මේ විචාරයෙන් පැහැදිලිව පේනවා.. පොත අතට ගත්ත ගමන් දෙන්න ඉන්නේ.. එයාටත් ක්ලෑරන්ස් කියන්නේ පීචං පොරක් නිසා.. ඒත සංගිතය ගැන අබ මල් රේඛුවක දැණීමක් තියෙන ඕන එකෙකුට.. රසවින්දනය කියන්නේ මොකක්ද කියලා දන්න ඕන එකෙක් දන්නවා ක්ලෑරන්ස් කියන්නේ ලංකික සංගීතයේ රජ්ජුරුවෝ කියලා. කරුමේ උනේ ක්ලැරන්ස් ගිටාර් එකක් බද ගත්ත එක.. සිතාර් එක බදාගෙන නැෂනල් එකක් දාගෙන ඉන්දීය රාගතාල වැනුවා නම් ක්ලැරන්සුත් පොරක්. ඔය මොන සංගීත කාරයා මැරිලා ගියත්.. කාටවත් ක්ලැරන්ස් මරන්න බෑ කවදාවත්..
ReplyDeleteකැමති එකෙක් මේ ළිපියත් කියවන්න...
Deletehttp://nalakagunawardene.com/2014/10/05/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-187-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E2%80%8D/
හරියට හරි. අපේ සංගීත රාලහාමිලට ගිටාර් පීචං සිතාර් වන්දනීයං
Deleteඒ උනාට අර මෙලෝ රහක් නැති ටකට ටකට ඔක්ට්ටෝපෑඩ් නං ගහනවා.
සංගීතය තුල ඉතාමත් ප්‍රභල රසයක් මවන ඩේස්ටෝෂන් ගිටාර් දිහා බලන්නේවත් නෑ
ක්ලැරන්ස් ගේ සංගීතය තුල ඉතාමත් සරල බවක් පවතිනවා. සරල බව තුල අරගෙන තියෙන මිහිරියාව උපරිමයි.
ReplyDeleteසිහින ලොවක් දුටුවා මතකයි ගීතයේ A කෝඩ් එකෙන් D කෝඩ් එකට මාරු වෙන අතරේ A Seventh කෝඩ් එකකට ගිහින මාරු කරන්නේ. A කෝඩ් එක A Seventh කරන්නෙ කම්බි අල්ලාගෙන ඉන්න ඇඟිලි තුනෙන් එක ඇගිල්ලක් එසවීමෙන්. ඉතාමත් සරල දෙයක්. නමුත් ගීතයේ තියෙන ලස්සනම තැන එතනයි.
ඔහුගේ පද රචනා තුල අර්ථය ඉතාමත් හොඳින් සඟවලා තියෙනවා. ඒ අතින් ගත්තොත් අති දක්ෂ රචකයකුද වනවා. රෑ තාරකාවෝ ගීතය කියන කී දෙනෙක් අර්ථය තේරුම් අරන් ඉන්නවද කියල සැකයි.
ක්ලරන්ස්ගේ ගීත අතර හොඳම ගීත ගොඩක් තියෙන්නේ ජනප්‍රිය නොවන ගී එකතුවේ. කළා කරුඑං දේශපාලන උවමනාවන් වෙනුවෙන් කඩේ යැවීම ගැන කියවෙන ගීතයක් තියෙනවා. කියවෙන්නේ ටවර් හෝල් ගායකයන් ගැන. මට දැන් ගීතය මතක නැහැ. මතක කෙනෙක් ඉන්නවනම් කියන්න.
ක්ලැරන්ස්ගෙ දේශපාලනය ගැන මට අවභෝධයක් නෑ. ඒත් මිනිහ ප්‍රේමෙ ඉන්දැත්දිම මෙහෙම සින්දුවක් ලිව්ව එක මාර බ්‍රෙව් වැඩක්!
Deleteමේක කළාකරුවො දේශපාලනය වෙනුවෙන් කඩේ යැවීමම නෙමෙයි, ප්‍රේමෙ ඒ කාලෙ පාරෙ සින්දු කියපු හිඟන්නො අල්ලල ටවර් එකේ "මාවතේ අපි" කියල ෂෝ එකක් කරා. පස්සෙ ඒක රට වටෙත් ගෙනිච්ච. අන්න ඒකට තමයි ක්ලැරා මේ සින්දුව කිව්වෙ.
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
https://www.youtube.com/watch?v=956_BQkq7gA
ලිරික්ස් කොපි කරගත්තෙ -
http://geepadura.blogspot.com/2014/08/mawathe-api-yai-kiya-clarance.html
මම දන්න තරමින් රෑ තාරකාවෝ ලියලා තියෙන්නේ රූකා.. මම හරිද දන්නේ නෑ.. ක්ලැරන්ස් ගායනා කරන ගීත අතර මගේ ප්‍රියතම ගීතය..
Deleteචිත්‍රපටයකට හෝ නාට්‍යකට ගීයක් හැදුවම, ඒ ගීය අයිති ඒ නාට්‍යට/චිත්‍රපටයට සහ එහි න්ෂ්පාදකයට.
Deleteඅන්න ඒ හින්ද තමයි "හිස් ටින් එකක්" සින්දුව තිස්ස නාගොඩවිතානගෙන් ධනුෂකට අයිතිවෙන්නෙ.
නමුත් ක්ලැරන්ස්ගෙ නෝනල ඒව වෙනස් කරල සුසීමා නාට්‍යට හදාපු ඔය රෑ තාරකාවෝ සින්දුව ( සහ එන්ක් ගී සෙට් එකම ) විකුණගෙන කනව, සහ අනෙකෙකුට ගයන්න නොදී නඩු දානව.
වැඩි විස්තර මෙන්න. ඒකයි මම කිව්වෙ ක්ලැරන්ස්ව නැති කරන්නෙ මණුස්සයෙග් පවුල කියල.
ඉන්දික,
Deleteමට පොඩි වැරදීමක් වෙලා තමා. ඔය සින්දුව ගොඩක් ඉස්සර අහපු එකක්
අර මරදානේ පැරණි සිනමාහලේ කෑල්ල තමා වරදින්න හේතු උනේ.
මාතලන්,
ඉන්දික දාල තියෙන ලින්ක් එකට අනුවත් රෑ තාරකාවෝ ක්ලරන්ස්ගේම තමයි.
අනික ඔය සින්දුවේ තමා ක්ලරන්ස්ගේ ලස්සනම ඉන්ටලුඩ් එක තියෙන්නේ
මමත් මේක කියෙව්වා ඉතාමත් රමණීය කාව්‍යමය බසකින් ලියැවුණ සංගිතමය චරිතයක් වටා ගෙතුන නවකතාවක්. හරිම රසවත්. චරිතාපදානයකට වඩා ඉහළ රසයක් ගෙනදෙන පොතක්
ReplyDeleteක්ලැරන්ස් කියන චරිතය මමත් ආස කරන චරිතයක්.. පොත හොයාගෙන කියවන්න ඕනේ කියලා හිතුනා.. බලමුකෝ..
ReplyDeleteමාත් ඉස්සර පරාක්‍රම කොඩිතුවක්කුට කැමතියි. ආලෝක මිනසා සහ තවත් කවි පොත් කීපෙකුත් මා ලඟ තියෙනවා. නමුත් සමහර දේවල් ගැන පොර ඔහුගේ කොලමේ ලියූ අදහස් කියවා මට පොරව එපා වුණා!
ReplyDeleteරංඡන් පොත කියවන්න පටන් අරගෙන තියෙන්නේ කැත හිතකින්...
ReplyDeleteඔින ප්‍රබුද්ධ පොරක් දෙකක් දාගත්තහම කියන්නේ පිචං ගායකයන්ගේ සිංදු තමයි.
ක්ලැරා” න පබන්ධය අතට ගත්ත් දඤ්ඤං බැ ලියැල්ලකට හිත දැ කරගන ය. එය මහයුමක් න; ඊට අවශ මටා බබ, කාලතවක්ක, යුද ටැන්කි පමණක් නාව; මාග සිතියමක් පවා මා සන්තකය් ති.//
ReplyDeleteක්ලැරා-පරා කොහොම උනත් අමරෙ නම් එපාවුනා මේක දැක්කම!
// අප් ර සංගීතයට රාලහාලා සිති. රාලහාලා පාජන සංගීතයට හවත් ජනපිය සංගීතයට කැමැති නැත. ඒ අනුව ක්ලැරන්ස් පීචං ය. ජති පීචං ය. එ. එස්. ද පීචං ය. සභාව මට න සුභාත සිං ගායනා කළ යුත ය. එහත් සුභාත සිංව ජනතාව අතර නැත. එබැන් සුභාත සිංව නඟා සිටුම සඳහා ධ උපායමාග යාදන්නට රාලහාලාට සි ති.//
ReplyDeleteමම විශ්වාස කරන හැටියට ඕනෑම කලාවක් සම්බන්දව සම්භව්ය සහ පීචන් කියල වර්ග දෙකක් තියනව. ඒකෙ අව්ලක් නෑ. නමුත් අමරෙ දැන් කියන මේ හෑල්ල (වෙනඩා අමරෙගෙ නිර්දය විචාරයට ලක්වෙනා සාහිත්ය නිර්මාන වලට ආදේශ කලාම එන්නෙ දැඩි විසන්වාදයක්.
කිසිම කළාවක එහෙම දෙයක් නෑ.. පිස්සෝ එහෙම දෙයක් හදාගෙන ඉන්නවා... කළාව කළාව ලෙස මිස.. වෙන කෙහෙල්මල් වලින් බලන්න ගියාම පිස්සන්ට එහෙම ලෙඩ හැදෙනවා..
Deleteරාජ් රන්ජන් දෙන්නං බැටේ සංකල්පයෙන් පොත අතට ගන්නේ //සංගීතමය නවකතා// කියන මුල් පිටුවේම තියන සටහනත් එක්කයි. ඒ නිසාමනේ ඔහු තම දෙවැනි පරිච්චේදයෙන් //මේ කතාවේ ප්‍රවේශය කියැවීමි. පුදුමයකි! මට මගේ මෙහෙයුම අමතක විය.// යනුවෙන් සටහන් කරන්නේ. එය ඹබ වැන්නෙකුට නොවැටහෙන්නට හේතුවක් නොමැත.
Deleteනලින් අයියෙ මටත් ඔය අවුල ආව බං.. මං අහන්නේ "සංගීතමය නවකතා" කියන සටහන දැක්කම අර මක්කටයි දෙංඥං බැටේ කියල පූරව් නිගමනයකට එන්නෙ ?? ඇයි තමන්ට නුහුරු දෙයක් දිහා වපර ඇසින් බලන්නෙ ?? ඒක හරියට ලංකාවට කෝච්චි ආව කාලෙ ගං වල මිනිස්සු කෝච්චියට බය වෙලා "හූ" කියල පුක පෙන්නුව වාගෙනෙ බං…
Deleteපස්සෙ උන්දැලැම ඒකෙ නැගල කොළඹ ආවෙ හරියට හූ කීවෙ උං නෙමෙවෙයි අපි වාගෙ :D
ඉතිං බං මලයා ඒකමනේ ඌ දෙැවැනි පරිච්චේදයෙන් එය නිවැරදි කරල තියෙන්නේ.
Deleteසංගීත නවකතා යනු සිංහල පාඨකයාට නුහුරුම දෙයකි. ඒ නිසාවෙන්ම නේ //පරාක්‍රම කොඩිතුවක්කු “ක්ලැරා” නම් නවකතාව ඔස්සේ සිංහල නවකතාවේ බරපතළ වෙනසකට මුල පුරයි.// යන සටහනත් දමන්නේ. මේ වියමනේ කෑලි අතහැර කියෙව්වොතින් සමස්ත ලිපියේ අදහස විකෘති වේ.
Deleteමේ ටික දැක්කද මලයා //සංගීතමය නවකතා! කුමක් ද මේ විකාරය? // සිංහල පාඨකයාට මෙය නුහුරු දෙයකි. ඒ නිසාවෙනි පළමු ඡෙිදය ඒ වෙනුවෙන් ලියා ඇත්තේ.
Deleteෆෝන් එකෙන් කොටපු නිසා කමෙන්ටුව ටිකක් අවුල්.
Deleteඅමරෙගෙ විචාරයන් හොඳයි. එ‍්කෙ දෙකක් නෑ. සමහරු අමරෙ දෙඥ්ඥං බැටේ විචාරකයෙක් කියද්දිත් මම අමරෙ වෙනුවෙන් කතා කලත් මතකයි. කොහොම උනත් මට පේන විදියට බළල මල්ලෙන් එලියට පැනපු සීන් එකක් මේකෙ තියෙන්නෙ. නලින් කියන විදියට //සංගීතමය නවකතා// කියන එක දැක්ක ගමන් උනත් මොකටද අර්ශස් තද කරගන්නෙ?
මාතලන්,
මම කිව්වෙ මගේ අදහස. ප්‍රබුද්ධ සහ පීචං කියන වචන දෙකට මගේ කැමැත්තක් නැතුවා උනත්, සහ ඔයදෙකේ වෙන්වන රේඛාව ටිකක් අපැහැදිලි උනත් ඔහොම දෙකක් නං තියනවම තමයි. උදාහරණයක් විදියට අමරෙගෙ කලින් විචාරයෙන් නිර්දය විවේචනයට ලක්වූ ජාතියෙ පොත් වලට පීචං කියන වචනයත් හොඳ වැඩියි මට නං. (හැබැයි ඒවට පීචං කියනව වගේම පීචං නිර්මාණ(?) කරන්න/කියවන්න තියන අයිතියට එරෙහිව කඩුපොලු අරගෙන එන්නෙ නං නෑ). සිනමාවෙදි නං මේවට කියන වචන "ජනප්‍රිය" "වානිජ" ...... වගේ නෙව!
රන්ජගෙ ලිවිල්ලට මම කොහොමත් කැමතියි.ඒ වගෙම උගෙ පෙවිල්ලටත් කැමතියි.පෙවිල කරන දෙඩිල්ල නම් ටිකක් භයානකයි.
ReplyDeleteපොත් බලන්න පෙරේතකමක් ඇති කරන ලිවිල්ලක් ලියන රන්ජා දිගටම සාහිත්‍යකරණයේ නොයෙදෙන එකනම් පට්ට අවුලක්.එතකොට මේවා ලියන්නෙ උඹද අහන්නෙ නැතිව ලියාපංකො අඩු ගාණෙ කරාතේ ගැනවත් හොද පොතක්.
මේ සටහන විශේෂ වන ඊ ළග කාරණය පරාක්‍රම කොඩිතුවක්කුගේ අකීකරු සිසුවෙක් ලෙස පාසල් කාලය විදින්නට ලැබීම.මගේ ලිවීමේ අකීකරුකමට ස්ර් පොඩි කැමැත්තක් තිබුණා.ඒත් ඒ ගැන දිගින් දිගට මොකුත් අහ ගන්න නොලැබුණේ මම ලියන දේවල් පෙන්නන්නෙ අඩුවෙන් නිසා.(හැසිරීම ගැනනම් එහෙමට පිළිගැනීමක් තිබුණෙ නැහැ.)
මට තියනවා 40ශ්‍රී ලොරියක්.... ලබන අවුරුද්ද දිහාවට විකුනලා දාන්ඩ කියල බැළුවෙ....
ReplyDeleteIf I remember correctly, around 1980, in an interview with Silumina H R Jothipala said “ඒගොල්ලො (obviously a reference to the Patricians of Sinhala music) ප්රබුද්ද ගයකයො නම් අපි පීචන්ග් ගයකයො” Next week an incensed Nihal Nelson said “Jothi is mad. He should have said ඒගොල්ලො ප්රබුද්ද නම් අපි සුප්රබුද්යි” It is a tragedy that the Sri Lankan society was not able to value different shades of talent and realised our loss only after some of them departed. That was the case with a range of talented singers and musicians; Jothipala, Clarence, Milton Mallawarachchi, Milton Perera etc
ReplyDelete