samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



තරහට කුණු තක්කාලිවලින් ගැහුවට විනෝදෙට කාට හරි තක්කාලි ගෙඩියකින් ගහන්න පුළුවන් කමක් නැත්තේ තක්කාලි මිල අධික නිසා. විශේෂයෙන්ම අවුරුද්ද , නත්තල වගේ උත්සව ළං වෙනකොට කෙසෙල් ගෙඩි විතරක් නෙමේ තක්කාලිත් හඳෙන් ගෙනාපු ගාණටනෙ විකිණෙන්නේ. ඒත් ස්පාඤයේ වැලෙන්සියා ප්‍රන්තයේ බියුනෝල් නගර වැසියෝ අවුරුද්දකට වතාවක් ජොලියට තක්කාලි ගහ ගන්නවා. මේ අය 1945 ඉඳන්ම මේ තක්කාලි ගැසීම කරගෙන ඇවිත් තියෙනවා.

tomatto-1


tomatto-3

tomatto-2

tomatto-4

tomatto-5

දැන් ඒ උත්සවය ස්පාඤ භාෂාවෙන් හඳුන්වන්නෙ ‘ලා ටොමටිනා’ කියලයි. ‘gigantes y cabezudos’ එහෙමත් නැතිනම් ‘යෝධයෝ සහ ලොකු ඔළු’ කියා හැඳින්වෙන වෙනත් ලතින් උත්සවයකදී තරුණයින් පිරිසකගේ අලකලංචියක ප්‍රතිඵලයක් හැටියට තක්කාලි ගසා ගැනීමක් ඇති වූ බවත්, එතැන් සිට ඇවුරුද්ද පුරා සිරිතක් හැටියට විනෝදෙට එසේ කරගෙන ආ බව තමයි ඒ අය කියන්නේ.

දැන් නම් ප්‍රසිද්ධ ‘ලා ටොමටිනා’ උත්සවය නීති රිතී සහිතව පවත්වාගෙන යනවා. කාටවත් තුවාල නොවනු පිණිස පහරදීමට ඉඩ දී ඇත්තේ කලින් චප්ප කර ගත් තක්කාලිවලින් පමණයි. මේ සඳහා සහභාගී වන්නන් මඟ අවහිර නොකර වාහහනවලට ඉඩදීම අනිවාර්යයි. සෑම වසරකම දළ වශයෙන් මෙට්‍රික් ටොන් 40 ත් 100 ත් අතර ප්‍රමාණයක් බරට තක්කාලි මේ උත්සවය සඳහා භාවිත කරන බව කියැවෙන අතර ඒවා ඒ තරම මිල අධික නැති රසයෙන් අඩු ඒවා බවත් ඒ නගර වැසියන් කියනවා.

තක්කාලි ගැසීම ඇරැඹි බව දන්වා පැයකට පසු දෙවැනි වර කොකා ගස්සා බලධාරීන් දැනුම දුන් විට තක්කාලි විසි කිරීම සම්පූරන්යෙන්ම නතර කල යුතුයි. එසේ නොකළොත් තක්කාලි ගැසීමෙන් පසුව ඇරඹෙන අනෙක් ක්‍රීඩාවලට සහභාගී නොවී ඔබට පොලිස් කූඩුවේ ලගින්නට වෙනවා.

බියුනෝල් වැසියන් සමඟ තක්කාලි ගසා ගැනීමට වසරේ ලෝකය පුරා රටවල්වලින් සංචාරකයන් ඇදී එන බවත් සමාන්‍යයෙන් ‘ලා ටොමාටිනා’ උත්සවයට 40,000 ක පමණ පිරිසක් වාර්ෂිකව සහභාගී වන බව බලධාරීන් ඇස්තමේන්තු බලා ඇති බව ටෙලිග්‍රාෆ් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

තක්කාලි ගසා ගැනීම නිමා වූ පසු ගිනි නිවන ට්‍රක් රථ පැමිණ රතුපාට වූ නගරය සෝදා හැරිය පසු තක්කාලිවල ඇති අම්ල ගතිය නිසා බියුනෝල් නගරෙ මංපෙත් දිළිසෙන්න පිරිසිදු වෙනවාලු.

රන්දුනු බණ්ඩාර
දිනමිණ පුදුමයි ඒත් ඇත්තයි අතිරේකයෙන්

15 comments:

  1. blogger_logo_round_35

    ගහගහන්න එක නම් දන්නෙ නැ, හැබැයි සම්බෝල කොටන කොට එහෙම හොරෙන් කනෝ,, උම්බල කඩ ඒමත් එහෙමයි :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හොර කෙල්ලො ඔහොම්මමයි.. අපේ දෙන්නත් ඔය වැඩේ කරනවා

      Delete
  2. Su+1

    මේක මහා නාස්තියක් වුනාට මෙයින් ලැබෙන සතුට-විනෝදය සෑහෙන කාලයකට ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක ඇත්ත සුමිත්... පුදුම ආශ්වාදයක් ලැබෙනවා ඇති තමා

      Delete
    2. blogger_logo_round_35

      ඇයි නගරේ දිලිසෙන්න සුද්ධ වෙන එක?

      Delete
  3. sira

    අපේ තක්කාලි සෝස් කොම්පැණි ටික ඒ කාලෙට එහෙට ගියා නම් හොදයි නේද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒවත් හලාල් කරලම එවයි නේද සිරෝ

      Delete
  4. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    අඩේ! සෝස් බෝතලේක බැස්සා වගේ තියෙයි නේ! එල එල!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මට මතක් වුණේ වෙන එකක්.

      Delete
  5. MyPhoto

    අපෙත් කාලෙකට තක්කාලි වැඩි වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව්නේ කිලෝව රුපියල් 2ටත් දෙන්න බැරිව යන කාලයක් තියනවනේ පටන් ගම්මුද ඒ කාලෙට.

      Delete
  6. 31999_132872540056416_3560510_n

    අපිට නෑනේ මෙහෙම පිනක් අපි ග්‍රෑම් 250 ගන්නෙත් අමාරුවෙන් මෙක අපිට හිනයක් තක්කාලි මිල දැක්කම සමහර වේලාවට රත්තරන් වගේ අපිට විතරක් තක්කාලි ඇයි මේ ගණන් හැදෙන කාලෙට දඹුල්ලේ ගොවියේ මේ වගෙම විසි කරනවා තමයි විකුණ ගන්න බැරිව..............................

    ReplyDelete
  7. 31999_132872540056416_3560510_n

    This comment has been removed by the author.

    ReplyDelete
  8. 12832864909625

    oya scene eka hindi film ekaka pennuwa wage mathakai.

    ReplyDelete
  9. blogger_logo_round_35

    දඹුල්ලේ විතරක් තක්කාලි අස්වැන්න නෙලද්දී මේ වැඩේ කොරන්න පුළුවන්. (අනිත් එළවලු වලිනුත් පුළුවන් ඒ හරියේ නම්)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT