samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ඉරාන සහ රුසියානු තානාපතිවරුන් හමුවේ ඇමති චම්පික කියයි

With+Russian+Embassidor+(3)• න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට, ශ්‍රී ලංකාව රුසියාව සමඟ අත්වැල් බැඳගනී
• සම්බාධක මඟින් ඉරානය කොටුකළත්, ජනතාව එකමුතුවෙන් සිටීම අපිට ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂෙත්‍රයේ ඉදිරි වසරේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා 02 ක් ඉරාන සහ රුසියානු තානාපතිවරුන් සමඟ අද (13) අමාත්‍යාංශයේදී පැවැත්විණ. 

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය විදුලි ව්‍යාපෘති, "විදුලමු ලංකා"සඳහා ඉරාන ආධාර ලබාගැනීමේදී වර්තමානයේ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් විශෙෂ අවධානයක් මෙහිදී යොමුවිය. මේ වනවිට ඉරාන ආධාර සහිතව ක්‍රියාත්මක ග්‍රාමීය ව්‍යාපෘති දහසක් (1000) නවතා දමා ඇති බව අමාත්‍යවරයා පෙන්වාදුනි. ඒ සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට ලබාදීමේදී, ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක හරස් වී ඇති බව ඉරාන තානාපති ආචාර්ය එම්.එන්.හසනි කෝර් මහතා පැවසීය. මේ තත්ත්වය මත අපේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි අමාත්‍ය චම්පික රණවක මහතා මෙහිදී සඳහන්කර සිටියේය. සම්බාධක මඟින් ඉරානය කොටුකළත්, එරට ජනතාව එකමුතුවෙන් සිටීම, ශ්‍රී ලංකාවට ආදර්ශයක් බව අමාත්‍ය චම්පික රණවක මහතා ඉරාන තානාපතිවරයා හමුවේ ප්‍රකාශකර සිටියේය. න්‍යෂ්ටික භාවිතය හේතුවෙන් ඉරානයට සම්බාධක පැනවූවත්, තම රටෙහි ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සාමකාමී න්‍යෂ්ටික භාවිතයට රුසියාවටත් අයිතිය ඇති බවත්, එය මේ වනවිට ලෝකයේ රටවල් 45 ක් සිදුකරන දෙයක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. 
With+Iran+Embassidor

With+Russian+Embassidor+(2)

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියටත් කටයුතු මෙහෙයවීමට අවශ්‍ය පියවර අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන ගන්නා බවට අමාත්‍යවරයා ඉරාන තානාපතිවරයා හමුවේ පොරොන්දු විය. 

අනතුරුව රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් ඒ. කර්චාවා මහතා සමඟද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවේදී ලෝක බල තුලනය සඳහා රුසියාව අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අමාත්‍ය චම්පික රණවක මහතා සින් විශේෂ ඇගයීමක් සිදුකෙරිණ. එදා සෝවියට් සංගමය ලෝක බල තුලනය සඳහා කළ මෙහෙය, අද රුසියාව පවත්වාගෙන යාම තුළින් ආසියාව කෙරෙහි විශේෂ අවධානයක් සහ නැඹුරුවක් ලෝකයේ අනෙක් රටවල් එල්ලකර ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකයේ බලවත් රටවල් වෙත එය විශාල බලපෑමක් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ආසියාවේ සහ ඉන්දියාවේ න්‍යෂ්ටික තාක්ෂණයේ විවිධ යොදාගැනීම් සඳහා රුසියාව ඉදිරිපත් වී සීටී. ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රුසියාවේ සහාය අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වාදුනි. ඒ පිළිබඳව තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් මහතා සිය ප්‍රසාදය පලකළ අතර ඉදිරි මාස 02 ඇතුළත ඒ සම්බන්ධයෙන් රුසියාවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට තමන් කටයුතු කරන බවද ප්‍රකාශකළේය. 

නිල සාකච්ඡාවෙන් පසු රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින මිත්‍රත්වයත්, වත්මන් දේශපාලනික තත්ත්වයත් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරතවීමටද, අමාත්‍ය චම්පික රණවක මහතා සහ  ඇලෙක්සැන්ඩර් ඒ. කර්චාවා මහතා මෙම හමුවීම අවස්ථාවක් කරගත්හ. 

6 comments:

  1. blogger_logo_round_35

    ඉරානෙන් කරගන්න බැරි වෙච්ච දේ කොහොම හරි රුසියාවෙන් හරි කරගන්න පුලුවන් වෙයි කියල ප්‍රාර්ථනාවක්වත් කරන්න වෙයි.

    ReplyDelete
  2. 197344_156019957792520_5855085_n

    තවත් සුදු අලියෙක්දෝ ????????????????????

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියන්නත් බෑ වෙන දේ බලං ඉම්මුකෝ

      Delete
  3. blogger_logo_round_35

    බලමුකෝ මක්කෙයි වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපිට හැකි ඒකම තමා නිෂාන්

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT