ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ අතීත බෞද්ධ උරුමය සොයා අප කළ ගවේශනයේ තවත් අපූර්ව ස්ථාන දෙකක් මේ පෝස්ටුවෙන් ඔබ ගෙන එන්නම්.ක්‍රි.පූ 4වැනි සියවසට අයත් මේ පුදබිම හැදින්වෙන්නේ සංකාරම් (SANKARAM) නමිනි. එහෙත් එය අතීතයේ දී හඳුන්වා ඇත්තේ සංගාරාම් යන නමින් බව ඉන්දීය පුරාවිද්‍යාඥයෝ පවසති.
ඒ පිළිබඳ සෙල්ලිපි පවා හමු වී ඇත. සංගාරාම යනු අතීතයේ දි රහතන් වහන්සේලා වැඩ සිටි බිම යන්න අදහස් කෙරේ.
සංකාරම් පුදබිම පිහිටා ඇත්තේ විශාකා පට්නම් නගරයට සැතපුම් 14ක් පමණ නිරිත දිගට වන්නට පිහිටි සංකාරම් පුරයේය.
සංකාරම් පුද බිම සුසැදී ඇත්තේ එකිනෙකට මුහුණ ලා පිහිටි මනරම් කඳු ගැට දෙකක් මත ය. මේ කඳු ගැට දෙක හැදින්වෙන්නේ ලිංගාල කොණ්ඩා සහ බොජ්ජංග කොණ්ඩා ලෙසය.මෙම පුදබිම් දෙකම අදට ත් බෞද්ධ පුද බිම් ලෙස මැනවින් පෙනෙන්නට තිබුණ ද අන්ද්‍රා වැසියන් පවසන්නේ ඒවා හින්දු පුද බිම් ලෙසින්ය. එහෙත් සැබැව නම් මේවා බොදුනුවන්ගේ උරුමයන් බවයි. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ඒවා තහවුරු කොට ඇත.දැඩි ආගම් වාදීන් වෙසෙන ඉන්දියාවේ මේ තත්ත්වය පහදන්නට ගියහොත් ඒ විද්‍යාර්ථීන්ට වන්නේ ද රට හැර දා යන්නට ය.නැතිනම් දිවි පුදන්නටය.
මේ දිස්වන්නේ බොජ්ජංග කොණ්ඩා කඳු ගැටයයි.
දුරට පෙනෙන බොජ්ජංග කොණ්ඩා |
බුදු රුව තාමත් ඇත |
මේ සිව ලිංගයක් නොවේ චෛත්‍යයකි |
ඉහළට යන මග |
විනාශ කරන්නට උත්සාහ දරා |
තාමත් ගාම්භීරලෙස වැඩ සිටී |
කඳු මුදුනේ චෛත්‍යයක නටබුන් |
අතීත සංගාරාමය |
නිදන් හොරු එහෙත් ඇත |
කඳු මුදුනට පෙනෙන දසුන |
කඳු මුදුනේ සම්පූර්ණ ශෛලමය ගුහාවක බුදු රදුන්ගේ රුව රැගත් කැටයම් සහිත ගුහාවකි. ඒ තුළ අඳුරු කුටියක හරි මැද ශෛලමය ස්ථූපයකි.(අද එය ඔවුන් සිව ලිංගුවක් සේ හඳුන්වති). ගුහාවට ඇතුළු වීමට මත්තෙන් බලනවිට ගලේ කෙටූ බුදු රූ හොඳින් දිස්වෙයි. මේව වනසන්නට බොහෝ වාරයක් උත්සාහ ගෙන ඇති සැටි දකින විට හදවත දුකින් පිරී යයි. එහෙත් බුද්ධිමත් ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට පින් සිදුවන්නට මෙතරම් දුරකට හෝ මේ නටබුන් සුරැකී ඇත.
කන්ද මුදුනට යාමට ඇත්තේ ද ශෛලමය මාර්ගයකි.
බොජ්ජංග කොණ්ඩා ගුහාව අනෙක් පසින් තවත් ඉහළට මාර්ගයකි. එය කඳු මුඳූන දක්වා විහිදෙයි. එතැන ඇත්තේ විශාල චෙත්‍යයක නටබුන්ය.
මෙතැන සිට බලනවිට හාත්පස මැනවින් පෙනේ. එය නෙතට මනරම් දසුනකි.
මේ දිස්වන්නේ ලිංගාල කොණ්ඩා පුදබිමයි.
දහස් ගනනත් ගල් චෛත්‍ය |
හැම ගලක්ම චෛත්‍යයක් |
මහත්ම අපූර්වයකි එහි. කළු ගලෙන් නිමවන ලද චෙත්‍ය දහස් ගණනකි එහි දකින සැම ගලක් ම චෛත්‍යයකි.එකල සිටි අපූර්ව කලා කරුවකුගේ අගනා නිමැවුමකි මෙය. මෙම පළාත එකල බුදු දහමින් මනා ලෙස පෝෂණය වී තිබූ බව කියන්නට තවත් සාක්ෂි කුමට ද. එක ළග පිහිටි මෙම පුද බිම් දෙක කියා පාන්නේ එක් කන්දක රහතන් වහන්සේලා මෙහි වැඩ සිටි බවත් අනෙක් කන්දේ වතාවත් සිදුවූ බවත්ය.මෙම පුදබිම් විනාශවන්නට ඇත්තේ මෝගල් අධිරාජ්‍යයාගේ යුගයේදී බව ඉන්දීය විද්වත් මතයයි.
ලොව කොතැන සිටියත් හදවතින්ම ශ්‍රී ලංකිකයි බොජ්ජංග කොණ්ඩා මුදුනේ දි |
මගේ ගමන් සගයා දේශාටන ගවේශක සමන් අතාවුද හෙටිටි ලිංගාල කොණ්ඩාහිදි |
මේවා දකින කොටත් ලේ රත්වෙනවා.. ඒත් ඉතිං මොනවා කරන්නද...
ReplyDeleteතව ටික දවසකින් අපේ පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැන් වලටත් “හෙණ” ගහන්න පටන් ගත්තම “ අඩේ ඔව් බං.... හෙණයක් තමා වැදිලා තියෙන්නේ.... නෑ නෑ බං... ඔය රාවණා නැගිටින්න යන්නේ... බලං හිටපල්ලකෝ... දැං ඇවිත් හබ්බයන්ට වැඩේ දෙනකම්....” කිය කිය බලං ඉන්නවා මිස....
මේච්චරකල් සමන් අතාවුද හෙට්ටි කියන නම අහලා තිබ්බට ඔන්න අද තමයි දැක්කේ..
ස්තූතියි නලීන් අයියේ...
හිරු ඇත්ත කතාව ඒත් මේ දේවල් අපේ නෙමෙයි. පූර්ණ අයිතිය ඉන්දියාව සතුයි.මේ තරම් හෝ රැකී ඇත්තේ උගත් ඉන්දියානුවන් සිටින නිසයි.
Deleteඉන්දියාවෙ ඉන්නෙ මෝඩ වාහෙලා. කණාට මැණිකෙන් ඇති ඵලය කිම. නැත්නම් මෙච්චර වටිනා දහමක් තමන්ගෙ රටේම බිහිවෙලා තියනකොට සිව ලිංගයක් පස්සෙ දුවයිද !
ReplyDeleteසමන් ආතාවුද හෙට්ටි සෑහෙන්න වෙනස් වෙලා..
මේ කුරුල්ලනම් මහ වදයක් බන්.. බැරිද ඕකව කැලේකට ගිහින් දාන්ඩ ? :-)
Deleteසෙන්නගෙ කතාව සහතික ඇත්ත....
Delete//සමන් ආතාවුද හෙට්ටි සෑහෙන්න වෙනස් වෙලා..//
අර කිව්වත් වගේ...සමන් අයියා සෑහෙන වෙනස් වෙලා. කෙට්ටු වෙලා...වයසට ගිහින්..ඇත්ත නේන්නම්...අපි පුංචි කාලෙදි දැක්ක රූපය දැන් නෑනේ...ඒ උනාට මම තාමත් හිතෙන් දකින්නෙ ඉස්සර දැක්ක සමන් ආතාවුද හෙට්ටිවමයි...කාලයේ වෙනස..( මේක දැකලා සමන් අයියා මට හිතෙන් බනීද දන්නෙ නෑ...වයසයි කිව්ව කියලා )
@සෙන්නා - ඉන්දියාව කියන්නේ එක ආගමක් නෙමේ ආගම් ගොඩක් බදාගන ඉන්න රටක්.ඒ ඒ ප්‍රාන්තවල බලය ඇත්තේ කාටද ඔවුන් එහි රජ කරනවා.කුරුල්ලා මටත් වදයක් ඌව අයින් කරන්න තරම් මට පරිගණක දැනුමක් නැ.
Delete@ළිහිණි - අපි කවුරුත් වයසට යනවා. ඒත් සමන් ගේ හැකියාව එදාටත් වඩා අද වැඩියි.
මේ කුරුල්ලා මටත් ඇනයක්. මම කලිනුත් කියල තිබ්බේ. ඌ වහන්නෙම මම කියවන එක උඩම නේ.
Deleteමෙහෙම දේවල් තියෙනවා කියල දැනගන්න හරි පුළුවන් කම ලබල දෙනවට ගොඩක් ස්තුතියි. ඇත්තටම දුක හිතෙනවා මේවා දැක්කම අනේ මේව අපේ වටිනා දේවල් නේද කියල.
ReplyDeleteමේ මේ කුරුලු කතාවට නම් මාත් එකඟයි. එයා හරියට කරදර කරනවා කියවන්න ගත්තම.
ස්තුතියි මධූ....මොනව කරන්නද මං වගේ වයසක පොරක් අනුන්ගෙන් අහගන හදා ගත් බ්ලොගයක මේ කුරුල්ලා අයින් කරන්න දන්නේ නැතිව ඉන්නේ.
Deleteඔය වගේ අප්‍රකට තැන් තව කොච්චර නම් ඇත්ද?
ReplyDeleteසමන්ව මතක් කලා කියාපං.
කෝ බං කුරුල්ලා. සකලයො අඹන්න තිබ්බ එකම බොලොක්කෙ!
විහිලුවට කිව්වෙ. ඌ නැති එක ලොකු දෙයක්!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඉන්දියාව වැනි දැවැන්ත රටක මේවගේ තැන් බොහොමයක් හැංගිලා තමා තියෙන්නේ..සමන්ගේ අංකය එවන්නං ඊතලයකින්.
Deleteඅනිවා ආයේ ඉන්දියාවට ගියොත් බලන්න යන්න ඕනේ!
ReplyDeleteගියොත් අමතක කරන්න එපා.අනිවා බලන්න යන්න. ආසන්නම නගරය විශාකාපට්නම්.ගුවන් තොටක්ද ඇත එහි.
Deleteow dakkama loku dukak enawa mewa vinasa karanne ai kiya .ow kurulla muna diha balagena iddinam dukai eth kiywanna gaththi hithenawa kalekata danna kiyanna thorathuru bedagaththata godak thanks
ReplyDeleteස්තුතියි සහෝ....සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට.
Deleteඅපේ බෞද්ධ උරුමය මෙහෙම විනාස වෙලා තියෙනවා දැක්කම නම් හිතට දුකයි
ReplyDeleteමේ උරුමය අපේ නෙමේ අවතාර් උන්ගෙමයි...අපි තමා ඒක රැක ගන යන්නේ..
Deleteමරු ලිපිය අද තමයි මෙම ස්ථානය දැකගත්තේ. එකපැත්තකින් හිතට දුකකුත් ආව අන්‍යාගමික පාහරයින් අපේ සිද්ධස්ථානවලට කරලා තියෙන විනාසේ දැක්කම.
ReplyDeleteඅපි බෞද්ධ වුණාට උරුමටය උන්ට. හිතූ විදියට වැඩ කරනවා. ඒත් ඉන්දීය පු රාවිද්‍යාඥයෝ ඒකට එරෙහිව ඉන්නවා. ඒ අය පැහැදිලිව කියනවා මේ බෞද්ධ දේ කියලා.
Deleteඅපුරු ස්ථානයක් නේ. අතීතයේ කොහොම තියෙන්න ඇද්ද කියල හිතෙනවා අර නටබුන් දැක්කම.
ReplyDeleteහිතා ගන්නත් බැරි තරම්...මොකද ඉන්නෙම ආගම් වාදියෝ නිසා.. ඒත් රැක දී තිබෙනවා.
Deleteනියම හින්දු දහම අවිහිංසා වාදී එකක් . ඒ වුනාට ඕන අහිංසක ආගමක් විවිධ අය අතින් වෙනස් වීම සිදු වෙනවනේ .
ReplyDeleteඔය ලිංගය නම් නැති තැනක් ඇතැයි. මේ වියට්නාමේත් ඇතිකොට . මොකක්දෝ වාසනාවකට එහෙම්ම ඒ සංස්කෘතිය නැති වෙලා ගිහින් . නැත්නම් මේකත් හින්දු අද වෙද්දී .
නලින් හරි වාසනාවන්තයි මේ වගේ තැන් වල යන්න ලැබුන හින්දා . මෙහමවත් මේවා රැකිලා තියෙන ඒක ගැන සතුටුයි.
කවදාහරි ඉන්දියාව පුරාම ඇවිදින්න යන්නයි හිතන් ඉන්නේ .
සමන් අතාවුද හෙට්ටි අඳුන ගත්තේ ගුවන්විදුලියෙන් . ඇත්තටම දැක්කේ මේ බ්ලොග් එකෙන් තමයි .
අක්කගේ කතාව ඇත්ත.වියට්නාමෙත් මේ ලිංග තියනවා කියල ඇහුවෙත් අදමයි.ස්තුතියි අක්කේ
Deleteමෙ වගෙ තැන් ගැන ගොඩක් අය දන්නෙ නැ කොටින්නම මම දැන ගෙන හිටියෙත් නැ.. ස්තුතියි ඔබට
ReplyDeleteස්තුතියි සචිත්
Deleteඉන්දියාව මගේ ප්‍රියකර සංචාරක ස්ථානයක් වුවත් ඔබගේ මේ විස්තර දකින විට නම් යන්නමයි හිත. ඔබට ජය මේ වැනි තොරතුරු ඉතා වටිනවා.
ReplyDeleteලංකාවෙන් ඉන්දියා යන බොහෝ දෙනෙක් මේ තැන් බලල නෑ.හැමදාම දන්න තැන් විතරයි බලන්නේ.වෙදමහත්තයා ඉන්දියා ගියොත් මේ තැන් බලන්න යන්න.
Deleteනොදැන හිටි තැනක් පිළිබඳව දැනගත්තා.ඒ ස්ථාන විනාශ කරලා තියෙනවා දකිද්දී නම් දුකක් ආවා. ජය..!!
ReplyDeleteකියල වැඩක් නෑ මලයා...
Deleteලස්සන පින්තූර, ලස්සන විස්තරයක් එක්ක හදවත ලස්සන මිනිස්සු... සුන්දරයි
ReplyDeleteස්තුතියි සිරා මල්ලී
DeleteGoogle Map එකකින් මෙතන පෙන්වන්න පුලුවන්ද.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ගූගල් වල පෙන්නනවා මට මෙතනට දාන්න දන්නේ නැ.
Deleteමොනව කරන්නද? සියලු දේ අනිත්‍යයි කියල හිත හදාගන්නවා. අපේ රටේ ඉන්නේ බෞද්ධයෝ. එහෙම වෙලත් මෙහෙ ඔය වගේ වෙද්දී ඉන්දියාව ගැන සන්තෝස හිතෙනවා. අපේ රටවල් වල ඉතින් බලලෝභය තියන නිසා හැම දේටම කලින් ජන්ද පදනම නේ බලන්නේ.
ReplyDeleteඔබ සමග මා එකඟයි ඇලෙක්ස්
Deleteපළවෙනි වතාවටයි මේ තැන ගැන දැනගත්තෙ. ෂ්තුතියි නලීන්! ඉන්දියාවෙ පුරා විද්‍යාඥයින් මේ වගේ තැන් ආරක්ෂා කරගන්න ගන්න උත්සාහය කොයිතරම් වටිනවද... කවදහරි ඉන්දියාව පුරාම සංචාරයක් කියන්නෙ මගෙ හීනයක්. සමකය නිසාත් ඔන්න ලැයිස්තුවට තැන් දෙක තුනක්ම එකතුවුණා.
ReplyDeleteඔයාලගේ මීළඟ නිවාඩුව ඉන්දියාවට යන්න ....
Deleteමටත් මෙ වගෙ ස්තානයක් දකින්න ලැබුනා බොම්බායට කිට්‍ටු කඳු මුදුනක.. ඇත්තෙන්ම ඉන්දීය පුරා විද්යා විශාරදයින්ගේ සැබෑව රැකීමේ සටන නොවෙන්නට බුද්ධ ගයා කපිල වස්තු වැනි ස්තානත් නොරැකෙන්න ඉඩ තිබුනා.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට සරත්ව. ඔබ කියන එක ඇත්ත සරත්
Deleteස්තුතියි අන්කල් අපිටත් මේ දේවල් කියනවට :) ජය!
ReplyDeleteඔබේ වැඩකටයුතුත් සාරථක වේවා.
Deleteඅපේ බෞද්ධ උරුමයන් විනාශ කරලා තියෙන හැටි දැක්කම ඇඟේ ලේත් රත් වෙනවා.
ReplyDeleteඔන්න නලින් අයියා මාත් මේ පැත්තේ ආවා. දිගටම කියවන්න එනවා. :)
අපි මේ උරුමයන් රැකගන්න ඕන තමයි. මේවා කරවද්දි/කරද්දි ඒ හිත්වල මොනතරම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඇද්ද?
ReplyDeleteela...
ReplyDelete