උපුල් ශාන්ත සන්නස්ගල ලියූ
පිරිමි ගොඩයි මං විතරයි පොත ගැන යමක්
උපුල් ශාන්ත සන්නස්ගල |
පිරිමියා :- අවුරුදු හතළිස් පහක – හයක අම්ම කෙනකුට ඇඟේ කෙඩෙත්තුව හැදුණා. වමනෙ ගියා. කෑම අප්‍රිය වුණා. පස්සෙ දොස්තර කෙනෙක් ළඟට ගියා. දොස්තර ලෙඩාව හොඳින් පරීක්ෂා කරලා මුත්‍රා සාම්පලයක් ගේන්ට කිව්වා. ඒකෙ වාර්තාව බලපු දොස්තර කිව්වා.....ආයෙමත් ඔයාට බබෙක් කියලා! අම්ම උඩ ගියා; ඒක වෙන්ට බෑ කියලා හත් අතේ දිව්රල කිව්වා.
මහත්තය රට ගිහින් අවුරුදු දෙකක්. අම්මට වෙනින් සම්බන්ධයක් තිබුණෙ ම නෑ. දොස්තර ඇහුවා ගෙදර වෙන කවුද ඉන්නෙ කියලා. අම්මගෙ උත්තරේ වුණේ මගෙ එක ම පුතා අවුරුදු දහනමය යි කියලා. එයා A/L කරනව කියලත් කිව්වා.
දොස්තර මේ සිද්ධිය හඹාගෙන ගියා. අන්තිමේ රහස තිබුණෙ කිරි කෝප්පෙක, පුතා රෑට පාඩම් කරන නිසා අම්මා කිරි කෝප්ප දෙකක් හැදුවා. එකක් පුතාට – අනික අම්මට. අම්මගෙ කිරි කෝප්පෙට හොරෙන් ම බේතක් දාන්ට පුතා පුරුදු වුණා. කිරි බිව්වට පස්සෙ අම්මට මළා වගේ නින්ද ගියා.
මට කියන්නට තියෙන්නෙ එච්චරයි !
ගැහැනිය :- (හිනා) නිකං පච නොකිය ඉන්නව ඕයි! තමුසෙ එන්නෙ වෙනින් පටලැවිල්ලකට! මං ඕවට නෑ!
පිරිමියා :- අනේ මං ළඟ එහෙම අදහසක් නෑ. තිබුණම කියමුකො; ඒත් ඕවට වියදම් කරන්ට සල්ලි කෝ? මේ කාලෙ හැටියට කාමරේකට කීයක් ගන්නව ද?... ඒ වුණාට බබෝ මේ කතාව සහතික ඇත්ත, මට කිව්වෙ ඉස්පිරිතාලෙ කංකානම කෙනෙක් අම්මපා... බොරු නෙමෙයි.
ගැහැනිය :-(සුසුමක් හෙළයි) යුද්ධයක් තිබුණු රටක ඔහොම අපභ්‍රංස සිද්ධ වෙන්ටත් පුළුවන්!.... පවු තමා; මොක ද කරන්නෙ? සේරම කරදර ගෑනුන්ට ම නෙ...!
පිරිමියා:- යුද්ධෙ කීවහ ම තව කතාවක් මතක් වුණා; ඔහේ දන්නව ද වැඩක්!?
ගැහැනිය:-මේක පායන වැස්සක් නෙමෙයි; ඕනෑම කෙහෙම්මලක් කියනවා මං අහගෙන ඉන්නවා...!
පිරිමියා :-මේක උතුරෙත් සිද්ධ වුණා; නැඟෙනහිරත් සිද්ධ වුණා. එල්.ටී.ටී.ඊ. කාරයො ගෙවල්වලට පැනලා කොල්ලොයි - කෙල්ලොයි දෙගොල්ලම පැහැරගෙන ගියා. කොල්ලො නම් කාරි නෑ; කෙල්ලො කුදලගෙන ගියහම මොකද වෙන්නෙ? ඉතින් තාත්තලට සිද්ධ වුණා; තමන්ගෙ තරුණ දෝණියන්දලා, අම්මලා බවට පත් කරන්ට! ගර්භිණී අය ත්‍රස්ත කල්ලිවලට ගත්තෙ නෑ. හින්දු සංස්කෘතිය ඇතුළෙ වුණත් එහෙම දේවල් සිද්ධ වුණා.
ගැහැනිය:- ඔහේ ඔහොම කියන කොට මට මතක් වෙනව අලුත් ම නව කතාවක්! ඒකෙ ඉන්න කෙල්ල, බාප්ප එක්කත් ඉන්නවා; තාත්ත එක්කත් ඉන්නවා! චුට්ටී; බම්බුව ?
පිරිමියා:-ඇයි චුට්ටිගේ අක්ක සුද්දි ? එයත් එහෙමයි. හාමුදුරුවො එක්ක ඉන්නවා. ළමයි මරනවා; නොයෙක් හුටපට? හැබැයි එක දෙයක් තියෙනවා. මේවා සේරම ඇත්ත! එකක්වත් බොරු නෙමෙයි!
ගැහැනිය:-කොරන -කොරන හැම ලබ්බම කියන්ට ඕනෑ ද?
පිරිමියා:- (හිනා) නෝනට තියෙන්නෙ සදාචාරය ගැන ප්‍රශ්නයක්! සදාචාරයත් හරියට ප්‍රජාචාරය වගෙයි නෝනා. ඒක බොරුවක්! ලෝරන්ස්ගෙ පොත් අශ්ලීලයි කියල ඒවට ගිනි දැම්මා! ශේක්ෂ්පියර්ගෙ ව්‍යාකරණ වැරැදියි කියල එයාගෙ කවි ඉගැන්වීම නැවැත්තුවා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ? ලෝරන්ස්ගෙ නවකතා නැතිව, ශේක්ෂ්පියර්ගෙ කවි – නාට්‍ය නැතිව ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍ය හදාරන්ට බෑ! ඕක ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක්, සම්ප්‍රදාය ගැන ප්‍රශ්නයක්, නව ප්‍රවණතා ගැන ප්‍රශ්නයක්.
ගැහැනිය:-තමුසෙ කියන කුණුහරප මට තේරෙන්නෙ නෑ ඕයි!
පිරිමියා:-කොරන්ට හොඳයි; කියන්ට නරකයි! කුණුහරප කියලා දයක් නෑ නෝනා!
ගැහැනිය:- එතකොට තමුසෙ කියන්නෙ ‘පිරිමි ගොඩයි මං විතරයි” විශිෂ්ට නවකතාවක් කියල ද?
පිරිමියා :- (හිනා) එහෙම කියන්ට මට පිස්සු ද? මේක අන්තිම කබල් නවකතාවක්! හැබැයි එහෙම වෙන්නෙ සදාචාරය ගැන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. සන්නස්ගල ත්‍රිල් එකට ප්‍රබන්ධ ගොතන මිනිහෙක්. එයා කරන්නෙ ත්‍රිල්එක ඉස්සරහට දාල මිනිස්සු අන්දන එක. ඉන් එහා දෙයක් සන්නස්ගලට නෑ!
ගැහැනිය :- හැබෑට ම මොකද් ද නවකතාව කියන්නෙ? වැස්සත් තව ම අඩුනැති නිසා කියමු කො බලන්ට! මාත් හොඳට පොත් කියවන ගෑනියක්. හරියට චුට්ටි වාගෙ (හිනා)!?
පිරිමියා:- අපේ නෝන මහත්මයා හොඳට හිතට ගන්ට! ලෝකෙ බිහිවුණු සෑම ශ්‍රේෂ්ඨ නවකාවක් ම උත්තරීතර මානුෂික නිෂ්පාදනයක්. ඒක බුද්ධිවිෂය කලා නිර්මාණයක්. ජීවිතය විවරණය කළත්, සමාජ විශ්ලේෂණයක් කළත් ඓතිහාසික සිදුවීම් ප්‍රති – නිර්මාණය කළත්, යථාර්ථය හොඳ ප්‍රතිනිර්මාණය කළත් , නවකතාවකින් සමාජය උකහාගන්නා පරමාර්ථ තියෙනවා. අර්ථ තියෙනවා. එහෙම නැත්නම් ජීවිතය පුරවාලන වින්දනයක් තියෙනවා.සිංහලෙන් ලියවෙන කබල් නවකතාවල ඒ කිසි දෙයක් නෑ! සන්නස්ගලගෙ කතා ගොන්නත් එහෙම තමා.අපරාධෙ කඩදාසි නාස්ති කරනවා!
ගැහැනිය :- තමුසෙත් එක ජාතියක පණ්ඩිතයෙක්! ඒ වුණාට යටි පෙළ තේරිලා නෑ!?
පිරිමියා:- මොන බොරු ද නෝන මහත්තයා, දැන් ගහන නවකතාවල යටිපෙළ හොයන්ට ඒ පොත් හම ගහන්ට ඕනෑ. එතකොට ඉතිරි වෙන්නෙ කඩදාසි කෑලි විතරයි. සමහර බක පණ්ඩිත විචාරකයො මනෝ විශ්ලේෂණ ගැන කියනවා. මැජික් රියැලිසම් ගැන කියනවා. සංස්කෘතිවාදය ගැන කියනවා. ඒ ඔක්කොම තියෙන්නෙ එයාලගෙ ඔළු ගෙඩිවල විතරයි. පොත්වල එහෙම දෙයක් නෑ.
ගැහැනිය :- එතකොට මේ කතාවෙ එන චුට්ටිගෙ චරිතෙන් වැඩක් නෑ!?
පිරිමියා:- එහෙනම්; නෝනටත් යමක් – කමක් තේරෙනවා. නවකතාවක ප්‍රධාන ලක්ෂණය චරිත නිරූපණය තමා. ඊ.එම්. ෆොස්ටර්, ඒ ගැන හොඳට විග්‍රහ කරලා තියෙනවා. ෆ්ලෝබෙයාගෙ ඉඳලා මිලාන් කුන්දෙරා දක්වා ම චරිත නිරූපණයේ විවිධ ස්වාභාවයන් හඳුනාගන්න පුළුවන්. “සන්නස්ගලත් ශ්‍රී ලංකාවෙ නූතන නවකතාකාරයො වගේම යි. කිසි වෙනසක් නෑ. මේ කට්ටිය චරිත විස්තර කරනවා. ඒවා ලියනවා. නිරූපණයක් නෑ’ නිකං බොරු ප්‍රබන්ධ! පොත් ගෙඩි!
ගැහැනිය :- මේ මහත්තයා, හැම නවකතාවක්ම එකවාගෙ නෑ. එක එක ඒවාට එක එක මෝස්තර තියෙනවා! ඔහේ, මේ මොඩල් එකක් බදාගෙන දඟලනවා!?
පිරිමියා :- ඔබතුමිය හරි. කිසි ම නවකතාවකට නීති දාන්නට බෑ. ඒවා රාමුගත කරන්නට බෑ. ඒ වුණත් පොදු දේවල් කීපයකුත් තියෙනවා. චරිත නිරූපණය එකක්. සමාජ කාර්යය තව එකක්. අපේ නවකතාකාරයෝ සමාජ කාර්යය දන්නෙම නෑ. මෝස්තරේ වෙනම එකක්. ලතින් අමෙරිකාවෙ මෝස්තරේ ඉන්දියාවට ගලපන්ට බෑ. ඉන්දියාවෙ මෝස්තරේ අප්‍රිකාවට ගලපන්නට බෑ. අප්‍රිතාවෙ මෝස්තරේ ලංකාවට හරියන්නෙ නෑ. අපට අවශ්‍ය හා ගැළපෙන මෝස්තරේ තවම අපි හදාගෙන නෑ.
ගැහැනිය:- මහත්තයලා වගේ කට්ටිය අලුත් මෝස්තරේකට ඉඩ දෙන්නෙ නෑ. ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නෙ.
පිරිමියා :- ඒක බොරු කතාවක්. අපි කියන්නෙ මෝස්තරේ එන්ට ඕනෑ අන්තර්ගතයත් එක්ක. එහෙම නැතිව නාලාගිරිදමනය විතරක් කොපිකෙරුවට පලක් නෑ. අනික නාලාගිරි දමනය හැමතැනටම ගලපන්ට බෑ කියන එකත් සන්නස්ගල දැනගන්ට ඕනෑ.
ගැහැනිය :- (හිරි අරියි) වැස්ස පායගෙන එනවා මහත්තයා. ඒත් මං මහත්තයත් එක්ක දිගට ම කතා කරන්න කැමතියි.
පිරිමියා :- (හිනා) එහෙනම් ආයෙමත් වහින්ට වෙයි.
ගැහැනිය :- වහින්ට ඕන නෑ මහත්තයා! ගැහැනු හරි එඩිතරයි. චුට්ටි වුණත් එහෙමයි. යෝජනාව මගෙන්. අපි යමු නිදහස් තැනකට.
මෝසම් වැස්ස තුරල් වී; ඉතා තද අව්වක් පැතිර යන්නට පටන්ගත්තේය. ජුන්ඩාවේ සිට පැන්ඩාව දක්වා දුවන කබල් බස් රථයක් පැමිණ බස් නැවතුමේ හිටෙව්වේය. එහි සිටි මැදිවියේ ජෝඩුවක් අතිනත් ගෙන, බස්රථයට ගොඩවෙනු දක්නට ලැබිණි.
රන්ජන් අමරරත්න
සර් ගේ පොත ගන්න හම්බුනේ නෑ තාම.. පොත කියවලාම ආයිත් කොමෙන්ට් එකක් දාන්නම් මම
ReplyDelete"මේ මහත්තයා, හැම නවකතාවක්ම එකවාගෙ නෑ. එක එක ඒවාට එක එක මෝස්තර තියෙනවා! ඔහේ, මේ මොඩල් එකක් බදාගෙන දඟලනවා!"
අද කාලේ ගොඩක් හෙලාදකින්නන් ට මේක නම් හොඳටම ගැලපෙනවා ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
සර්ට ගෝලයෝ ගොඩයි..... මාව කයිද දන්නැ කස්ටිය...
Deleteනැතුව, මේ මොහොතේ ඉන්න හොඳම ගුරුවරයාට ගෝලයෝ නැතුව කෝමෙයි. ගෝලයෝ ඉන්නවා රට පිරෙන්නම... :)
Deleteඅනිත් අය නම් කයිද දන්නේ නෑ.. ඒත් මං පනුච්චි දන්නවා එක එක්කෙනාගේ සිතුවිලි සහ සිතන විදි වෙනස් කියල. හැබැයි ඉතිං අවශ්‍යම වෙලාවට නැගී සිටින්නත් බැරි කමක් නෑ ..
ඒයි චන්ඩි ගොලයෝ සන්න කියන්නේ මගේ පෞද්ගලිකවම හොඳ යාලුවෙක්...යාලුකමයි නිර්මාණයක් විවේචනයයි දෙකක්...
Deleteලංකාවට ආව වෙලාවක අරන් බලන්න ඕනේ
ReplyDeleteහරි මලේ...
Deleteපොත කියවන්න ආස හිතුනා....
ReplyDeleteනරකම නෑ මේක
Deleteපට්ටය.ආයෙත් පට්ටය.ආයෙමත් පට්ටය.ඔබට ස්තූතිය.
ReplyDeleteඑළ එළ...රතු...
Deleteඒ පොත ගැන අහලා තිබ්බ, අර අම්මට නින්ද යන බෙහෙත් දෙන කතාව මට මතකයි, පොත හොයාගෙන කියවන්න ඕනි. හැම කතාවක්ම එක වගේ නෑ. එකවගේ වුනා නම් මිනිස්සුන්ට පොත් කියවන එක නීරස වෙයි. ඒක කියනවා වගේ ඒක රාමුවකට කොටුවෙන්න හොඳ නෑ, සාම්ප්‍රදාය රකින්න ඕනේ ඒත් සාම්ප්‍රදායට වහල් වෙන එක හරියි කියල මමත් හිතන්නේ නෑ. අලුත් කෝණ ස්පර්ශ කරන්න නවකතාකරුවෙක් උත්සාහ ගන්න ඕනේ, ඔහුගේ සොයා ගැනීම කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. අනික ලේඛකයෙක් ලියන කතාවක්, කියවන හැම මනුස්සයටම ඒ කතාව හොඳ කතාවක් කියල හිතෙන්න ඕනේ නෑනේ. එක එක්කෙනාගේ රසවින්දනේ වෙනස්. මට හිතෙන්නේ එහෙම.
ReplyDeleteඔබේ අදහසට හදවතින්ම එකඟයි.
Deleteසන්නස්ගල කියන්නේ ගලේ කෙටූ නමක්. පොරක්. විශේෂයෙන් තරුණ පරපුර අතර. පොතේ නම බලන්න. ඒ එයාගේ ටැලන්ට් එක. ඉතින් පොතේ අකුරු නොතිබුනත් පොත විකිනෙනවා. මේක නම් කියෙව්වේ නෑ, ඒ උනාර සන්නාගේ පොත් රහයි. සරළයි...
ReplyDeleteමාකටින් වලට ලංකාවේ ඉන්න නොම්මර එක. ඕන මගුලක් විකුණයි සුටුස් ගාලා
Deleteපොත කියවන්නට ඕනේ.. සන්නස්ගල තමන්ගේ අනන්‍යතාවක් තියාගෙන වැඩ කරන කෙනෙක් විදිහටයි මම දකින්නේ.
ReplyDeleteදක්ෂයන් අතර දක්ෂයෙක්..
Deleteහ්ම්ම්..කියවල බලන්නම් අංකල්..
ReplyDeleteහිතනවා අපූරු ඇති කියල..
රිහානගේ සිංන්දුවක් තරම්ම නම් රසවත් වෙන එකක් නැ ඔයාට..
Deleteකියවලා නෑ... කියවන්නේත් නෑ...
ReplyDeleteසාකච්ඡාව නම් අපූරුයි... ඒත් කිසිම තාත්වික බවක් නෑ.... අනේ මන්දා... ලෝරන්ස් කියෝපු අපෙ රටේ මැදිවියේ කෙනෙක්....??? අඩු ගානේ මෙච්චර කාලයක් මතක තියෙන කෙනෙක්....???? ම්හු......
ඔන්න අවුරුදු 85ක් 95 විතර එක්කෙනෙක් නම් අවුලක් නෑ.... බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා හිටපු කාලේ ඉස්කෝලේ ගිය කෙනෙක් වෙන්ඩෝනෑ... හි හි...
ඒත් ඉතිං එච්චර වයසට ගියාම අර අන්තිම ජවනිකාව රඟ දක්වන්නත් බෑනේ .. නේද.....
ඒක විචාරය ගැන...
සන්නස්ගලගේ පොත් ගැන... මට නම් ( කියවලා තියෙන කීපයෙන්) අල්ලන්නේ නෑ... මොකද වහලා තියෙන කඩතුරාව ඇරියාම පේන්න තියෙන දේවල් අප්පිරියා සහගතයි කියලා දැන දැනම ඒක ඇරලා බලන්න මට හිතෙන්නේ නැති නිසා... සාමාජයත් එහෙමයි... ඒක හරියට සිංහල චිත්‍රපටියක් බලලා..... හපොයි... අපේ සමාජයේ මේවත් තියනවද .. කියලා හිත හිත හෝල් එකෙන් එළියට එනවා වගේ.... ඊට වඩා මම කැමතියි අවසානය ලස්සන හින්දි ෆැන්ටසියක් බලලා හිනා වෙවී හෝල් එකෙන් එළියට එන්න....
අපි ඇත්ත ජීවිතෙත් අඬනවා... ෆිල්ම් බලලත් අඬන්න වෙනවා.. පොත් කියෝලත් අඬන්න... ???? බෑ අප්පා.....
ඔය ඉතිං මට හිතෙන හැටි තමා.....
""ඊට වඩා මම කැමතියි අවසානය ලස්සන හින්දි ෆැන්ටසියක් බලලා හිනා වෙවී හෝල් එකෙන් එළියට එන්න.... ""
Deleteමරු කතාව අක්කේ... (Y)
මෙන්න ගුරාගේ පොත් නොකියවන ගෝලයෙක්...
Deleteහැමදාම අඬන අපි මොන ඉලව්වටද අඬන්න පොත් කියවන්නේ ඒක හරි මමත් එකඟයි ඒකට
නලීන් අයියට මම කිව්වනේ....
Deleteවච වලට මාව අඬවන්න පුළුවන්, හිනස්සවන්න පුළුවන්.. ඒක හින්දි ෆිල්ම් එකක් හෝ ලංකාදීප පත්තරේ මංගල යෝජනාවක් හෝ ටිං ටිං කාටූන් එකක් හෝ වේවා... ඒක මගේ සංවේදීකම....
ඒත් මම පොතක්, චිත්‍රපටියක් හොඳයි කියන්නේ මට ඇඬෙන වාර ගනනින් නෙවෙයි...
මෙදා පාර ගත්ත පොත ( මගේ කුළුදුල් පෙම්වතිය) කියෙව්වා... හොඳටම ඇඬුවා... කඳුලු පෙර පෙර, හොටු හූර හූර.... ඊට පස්සේ ඒක පැත්තකින් තිබ්බා... නිදා ගත්තා...
නින්ද යනකම් කල්පනා කළා ඒ පොතෙන් ඇති වැඩේ මොකද්ද කියලා.... ම්ම්හු..... මුකුත් නෑ... දිනේශ් කොළඹගේ ගේ “ සුළඟ වගේ ඇවිදින්” මීට වඩා තාත්විකයි කියලා හිතුනා.. එච්චරයි...
ඔබ සමඟ මම එකඟයි හිරු....
Deleteඔලු ගෙඩියට පොල්ලකින් පත බෑවා වගේ බං!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එහෙම හැඟීමක් එනවද හෙන්රි...සන්නා අපේ හොඳ හිතවතෙක්...
Deleteඒම පොත් නම් කියවන්න නම් හිතෙන්නෙ නෑ.කියෙව්වොත් කියවන්නෙ සන්නස්ගලගෙ නම හින්දා.
ReplyDeleteහැම දේම තම රුචිකත්වයට තමා..
Deleteනිර්මාණ වල තියනවා කියනවා නේ මොනවද රස කීපයක්. එහෙම නේද..? ඉතින් මේ රසයට නම් මං කැමති නෑ. පොත හොඳ ඇති, ඒත් මගේ අදහස ඒකයි.
ReplyDeleteරුචිකත්ව විවිධයිනේ චන්දන...
Deleteපුදුම ලිවිල්ලක්... සමහර තැන් මීටර් වෙන්නෙ නෑ... පෙරේදා වැස්සට තෙමුන හින්දද මන්දා...
ReplyDeleteහෙ..හේ... වේලුන ගමන් ආයිත් හරියයි සිරා
Deleteඕක පත්තරේ ගියා නේ..
ReplyDeleteමං කියෙව්වා..
ඔව් මල්ලී ඒත් මේ ලිපියම තමා....මං වැඩකරන්නෙත් ඒ පත්තරේම තමා නේ...රන්ජන් ඉන්නෙත් එතනම තමා..
Deleteමම කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වා පත්තරේ ඵලවෙද්දි.
ReplyDeleteහදගමගේ "අක්ෂරය" ක්ෂතිමය අත්දැකීම් ගොන්නක්, ඒකෙ නිෂිපාදකයා වුන සන්නනස්ගලගේ "පිරිමි ගොඩයි මං විතරයි" නව කතාවත් ක්ෂතිමය අත්දැකීම් ගොන්නක්.
සුමිත් ඔබ හරි..මටත් එහෙම හිතෙනවා
Deleteමම පෞද්ගලිකව උපුල් සන්නස්ගලගේ පොත් වලට කැමති නෑ. හේතුව ඇයි කියන්න මම දන්නෙත් නෑ. පොත් එකක් දෙකක් කියවලා තියෙනවා. ඒත් මට ඒවා දිරවන්නේ නෑ... බැන බැන කියවන පොත් වලට වඩා හොඳයි නොකියවා ඉන්න එක...
ReplyDeleteඒක හරි ළිහිණි...හැම දෙයක්ම තම රුචිකත්වයට අනුව විය යුතුයි..
Deleteමේක සන්නස්ගලම ලියපු එකක් හෙම නෙමෙයි නේද? :)
ReplyDeleteඒ තරං පුතයා.
අන්න රාවයෙත් හෙන ඇඩ් එකක් දාල සුදත් මෙනේරිපිටිය.
'පුතාවත් නොකියවූ තාත්තාගේ පොත' කියලා පතුරු යන්ඩ හතර වරිගෙටම නෙලලා. සන්නස්ගලය වගේ ගල් ආඳෙක්...... :D
සන්නස්ගලට එහෙම චෝදනාවකුත් තිබුණානම් තමා ඒ කාලේ ලලිතා සරච්චන්ද්‍රෙගන්....හෙ හෙ..
Deleteසන්නස්ගලගේ පොත් පුතාලට කියවන්න දෙන්න පුළුවන් කියලා මම නං හිතන්නේ නෑ... උදාහරණයක් විදියට “ නේත්‍රා”....
Deleteසංවාදය හොඳ තැනකට ඇවිත් වගෙයි
Deleteමූණු පොතෙන් දැකල මමත් මේ පැත්තට ආවෙ. මම නම් මේ ගැන විචාර දෙන්න තරම් මට්ටමක නෑ. ඒත් සන්නස්ගලගෙ ශෛලියට මං කැමතියි. ඔහු අදහස් ප්‍රකාශ කරන්නෙ ඉතා විවෘතවයි.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මධුරංග සහෝ
Deleteකතාවටම යා වෙලා යන ගැඹුරකින් තියෙනවනම් කුණුහරුප වුණත් කමක් නෑ පොතක... විසේකාරි ( The Bad Girl ) වගේ...
ReplyDeleteමේ පොත ගැන රාවයේ විවේචනයත් කියෙව්වා... කොහොමටත් මම සන්නස්ගලගෙ පොතක් ලැබුණොත් කියවනව මිස, සල්ලි දීල අරන් නම් කියවන්නෙ නැහැ...
ඔබවත් සාදරයෙන් පිළිගන්නවා...තරු
Deleteසර්ගෙ අලුත් පොත ගැන දැනුයි දැනගත්තෙත්...මුලින්ම ඒකට තුති...මම නම් නොවැදිව අනිවාර්යෙන් සර්ගෙ පොත් දෙතුන් ගමනක් කියවනව.....
ReplyDeleteඅර උඩින්ම තියෙන පිරිමියා; කියන දෙබස
ReplyDelete"අවුරුදු හතළිස් පහක – හයක අම්ම කෙනකුට ඇඟේ කෙඩෙත්තුව හැදුණා. වමනෙ ගියා. කෑම අප්‍රිය වුණා. පස්සෙ දොස්තර කෙනෙක් ළඟට ගියා. දොස්තර ලෙඩාව හොඳින් පරීක්ෂා කරලා මුත්‍රා සාම්පලයක් ගේන්ට කිව්වා. ඒකෙ වාර්තාව බලපු දොස්තර කිව්වා.....ආයෙමත් ඔයාට බබෙක් කියලා! අම්ම උඩ ගියා; ඒක වෙන්ට බෑ කියලා හත් අතේ දිව්රල කිව්වා."
ඔන්න ඔය කතාව මම කොහේදි හරි අහල තියෙනව.මතක විදියට ඔය කතාව කිවුවෙ මගේ තර්කශාස්ත්‍රය උගන්නපු සර්...
ඔව් එයා තමයි.දැන් මතක් උනා.. ඕක එයා කිවුවෙ අපේ අම්මල තාත්තල ඉස්සරහ...දෙමාපිය රැස්වීමකදී.. අපිට නම් හොල්මන්.
ජයවේවා!!
පොත සල්ලි දීලා ගත්තා.ඒත් භාගයක් කියවන් යද්දි මට එපා වුණා.මට දැනුණු විදිහට මේ පොතේ කතාවක් අහු වුණේ නෑ.සිද්ධි සමූහයක් විතරයි.ඔහුට මේ කතාව මීට වඩා රසවත්ච,ස්වල්ප සංයමයකින් කියන්න තිබුණා කියලා හිතුණා.ඒත් ඔහුට තියෙන්නෙ පුදුම හදිස්සියක්.ඔහුට පාඨකයන්ගෙන් තුට්‍ටුවක වැඩක් තියෙන පාටක් පේන්න නෑ.අපි කතාවට සම්බන්ධ වෙන්නෙ නෑ.අපි දිගටම ඉන්න උත්සාහ කරන්නෙ කතාවෙන් පිට පැත්තෙ.මේ සිද්ධි දාමය කියන්න උත්සාහ කරන විදිහෙයි මට අවුල තේරුණේ.
ReplyDeleteඉතින් මම කියවන එක පොතේ භාගයකින් විතර පස්සෙ නැවැත්තුවා.
ඒක ගත්ත සල්ලිවලින් ශෙහාන් කරුණාතිලකගේ Chinaman නොගත්ත එක ගැන දුක් වුණා.
මගේ කියවීමේ දුර්වලකමක්ද කියන්න දන්නෑ.මේ මට හිතුණ විදිහ.
මම සන්නස්ගලගෙ කතා කියෙවුවෙ ඉස්සරම ඉස්සර කුමරි පත්තරේ වස්සාන සිහිනය කොටස් වශයෙන් යන කාලෙ. (ඒ තරම් වයසයි)
ReplyDeleteතවමත් මම ආසම කතාවක් තමයි වස්සාන සිහිනය. තවමත් සමහර දේවල් මතකයි.. වසර 15-20 ක් ගියත්.. සරසවි දියණියෝ කියෙවුවත්, ඒකෙ කිසිම දෙයක් හරියට මතක නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බෑ.
කොහොම වුනත් සන්නස්ගල කියන්නෙ මාර මාකටිං මොළයක් තියෙන පොරක්. යුගයේ අවශ්‍යතාවයයි රැල්ලයි හරියටම දන්න කෙනෙක්...
මේක නං තේරුම් ගන්න ටිකක් වෙලා ගියා...
එච්චරයි..
2003 දි අපේ සිංහල පන්තියෙ ඉස්සරහම බංකුවට වෙලා මම සර් දිහා බලාගෙන හිටියෙ දෙවි කෙනෙක් දිව්‍ය විමානෙන් වැඩල කියල හිතාගෙන.
ReplyDeleteපස්සෙ තේරුනේ මාකටින් කියල.
රිද්මා....? රිද්මා අඬන්නේ නෑ....අනිත් එවුන්ට (පිරිමින්ට )හිනා වෙනවා.... පොන්නයෙක් කසාද බඳිනවා...පුතෙක් වදනවා.....
ReplyDeleteපොත අරගත්තා. කියෙව්වා...ඊට පස්සෙත් මම හිටියේ කියවන්න කලින් හිටපු තැනමයි. පොතක් කියවලට ඉවරවුනාට පස්සේ අපිට මොනවා හරි රසයක් දැනෙන්න ඕනේ, එහෙම නැත්නම් දැනුමක් එන්න ඕනේ. මේකේ ඒ කිසිම දෙයක් නෑ...
ReplyDeleteඋපුල්ගේ වස්සානය ඇහට කඳුලු උනනවා, නේත්‍රා වෙනස්, සරසවි දියණියෝ තාත්විකයි,මේකේ ඒ කිසිම දෙයක් නෑ...
නාලාගිරි දමනයෙන් කොපි කරපු උපමා රටාවත්, ඊ-මේල් වලින් පැතිරෙන ජෝක් පොතේ චරිත විසින් සොයාගත්තා සේ දාන එකත්, ලංකාවේ සහ වෙනත් රටවල නවකතා සහ චිත්‍රපටි වලින් ණයට ලැබුන චරිතත් (කාපිරි කොලුවා, හිටපු අගමැති), ලංකාවේ ගෑනියෙක්ගේ ජීවිතේ කියන්නේ ලිංගික කම සූරාකන එක විතරයි කියන ප්‍රසිද්ධ එන්.ජී.ඕ මතයත්,විකෘති ලිංගික ආසා සියල්ල එකතැන් කල වචන ටිකකුත් තියන කඩදාසි කොල ටිකක් විතරයි.
හැබැයි මේකට සම්මාන නම් හම්බුවෙන්න ඉඩ තියෙනවා එන්.ජී.ඕ වරුන්ගෙන්.
මාකටින් ලෝකයේ නරක හෝ හොඳ නෑ. බනින එකත් හොඳ ප්‍රසිද්ධියක් (සක්විති රණසිංහ උසාවියේදි රෙදි ගැලෙව්වා වගේ), බැනිල්ල පොත විකිනෙන්නත් උදව් වෙයි...හැබැයි ප්‍රසිද්ධ වෙන්න හෝ අනිත් සියල්ලන්ගෙන් වෙනස් වෙන්න කියලා තමන් රෙදි ගලවගන්නම ඕනේ නෑ.
උපුල්...ඔබ හොඳ ලේඛකයෙක්...පොරක්...විහින් තමන්ව නැතිකරගන්න හදන්න එපා...