ප්‍රසන්න ජයකොඩි නම් තරුණ නිර්මාණ කරුවාගේ නවතම සිනමා කෘතිය වූ කර්ම මංගල දර්ශනය නරඹන්නට ඇරියුමක් ලදි මි. මේ මංගල මොහොත එන්න ට පෙර මාස ගණනාවක් පුරාවටම දැවැන්ත ප්‍රචාරන යාන්ත්‍රණයක් ද කර්ම වෙනුවෙන් දියත් කොට තිබිණි. ඒ සඳහා ටෙලිවිෂන් පත්තර ගුවන් විදුලි මතු නොව සයිබර් අවකාශයද නිර්මාණාත්මක ව භාවිතයට (මුහුණු පොත,වෙබ් අඩවි හරහා) ගෙන තිබිණි. මේවා පරිශීලනයෙන් ලද උත්තේජනයත් ප්‍රසන්න ජයකොඩිගේ පෙර නිර්මාණ හොඳින් රස විඳ තිබීමත් හේතුවෙන් මම ද සොම්නස් සිතින් යුතුව සියලු වැඩ පසෙක ලා නියමිත වේලාවට රීගල් සිනමා ශාලාවට ගොස් අසුන් ගත්තෙමි.
මං මුලාව ඇරඹෙන්නේ එතැන් සිටය.
ආරම්භයම මල විකාරයකි. දිය ටැංකියක ඇති වතුරේ ගිලි නාන්නේවත් කිමිදෙන්නේවත් විනෝදවන්නේවත් නැති තරුණයෙකි. මෙය බලන ප්‍රේක්ෂකයා මුලින් සිතන්නේ තරුණ මල සිරුරක් වතුර ඇතුළේ පාවෙනවා වැනි හැගීමකි.එහෙත් එකී තරුණයා එක් වරම ප්‍රෙක්ෂක කන් බිහිරි කරවමින් ජලයෙන් මතුවෙයි.මේ රූප රාමුව ගෙනෙන්නට උත්තම කැමරා භාවිතයක් නම් යොදා ගෙන ඇත. නමුත් ප්‍රේක්ෂකයා වෙත ගෙනෙන පණිවුඩයක් නම් නොමැත. මෙලෝ දෙයක් නොතේරේ. කාටත් නොතේරෙන මේ අපභ්‍රංසයට සම්භාව්‍ය ලේබලය අලවා ප්‍රේක්ෂකයා ගොනාට අන්දවා ඇත.
මේ ගොනාට ඇන්දිල්ල හරියටම එළිවන්නේ කර්ම එළි දක්වන්නටත් පෙර සිටම සයිබර් අවකාශය හරහා විවිධ පුද්ගලයන්ගේ මත ලෙසින් (ලාංකීය විචාරකලාව භුක්තියට සවිකරගන සිටින්නන් හරහා) කර්ම වැනි චිත්‍රපට තේරුම් ගැනීමට නම් ලාංකීය ප්‍රේක්ෂක සමාජය තව බොහෝ දියුණු විය යුතුය වැනි පඬි වදන් විසුරුවා හැර තිබීම නිසාය.
මේ වදන් හරහා(ලාංකීය විචාර කලාවේ පරවේණි කරුවන්) තමන් සිනමාවේ කෙළ පැමිණි තැනැත්තන් ය ප්‍රේක්ෂකයන් මොඩයන්ය
යන ආකල්පය සමාජ ගතකොට අවසන්ය.
දැන් සිනමා ශාලාවට යන ප්‍රේක්ෂකයා මෙලෝ දෙයක් නොතේරුණත් මොඩයා ලේබලයෙන් ගැලවීමට නියමයි මාර චිත්‍රපටිය කියමින්
බලු කුක්කන්සේ ආපසු යති. (රජෙක් හෙලුවෙන් ඇරියේ මේ න්‍යායෙනි)
දැන් අප යළිත් කෘතිය දෙසට හැරෙමු.
ඇදුම රෝගයෙන් මිය යන ගැහැනියකගේ හුස්ම ගැනීමේ ශබ්දය, පූසන්ගේ ශබ්දය,ආදී ශබ්ද ඔස්සේ භාව ප්‍රකාශනයක් කරන්නට අධ්‍යක්ෂවරයා වෙහෙසක් ගෙන ඇතත් ඉන් ද විඳවන්නට වී ඇත්තේ ප්‍රේක්ෂකයාටම ය. එම ශබ්ද භාවිතව ඒ තරමට ම කනට අමිහිරිය.
ප්‍රසන්න මීට පෙර ඔහුගේ සංකාරා චිත්‍රපටය ශබ්ද ඔස්සේ මැනවින් හසුරුවා තිබූ අයුරුද සිහිපත් කළ යුතුය.(යුවතියකගේ වළලු ගැටෙන හඬ). එහෙත් කර්ම තුළින් ඒ ප්‍රතිභාව ද වළ පල්ලේ ය. වසන්ත ඔබේසේකර අශෝක හඳගම වැන්නෝ ශබ්දය නිර්මාණ ශිලිව භාවිතයට ගෙන ඇත.
මෙයින් නොනැවතෙන අධ්‍යක්ෂවරයා බර්ග්මාන් ශෛලියක් ද කෘතියට දක්කාගෙන ඇවිත් යළිත් නා ගනී. බලෙන් ඔබ්බවන ලද වේදිකානාට්‍යාකාරයෙන් පෙන්වනු ලබන සිහින දර්ශන ඊට කදිම නිදසුන්ය. මේ දසුන් මගින් කියන්න හදන්නේ මොනවා ද?මානවීය
මනෝ භාවයේ සංකීර්ණත්වය ද? නැත නරඹන්නාට අනුව නම් කාලය කා දැමීමක් පමණකි
//අධ්‍යක්ෂ වරයාම පවසන පරිදි කර්ම කතා සාරාංශය මදක් ගෙන බලමු.
තම මවගේ වියෝව පිළිබඳව ස්වයං වරදකාරී හැගීමක පසුවන පියල්, තම ජීවිතය තුළ ඇති වූ රික්තකය පුරවාලනු වස්, යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිලිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙමිවතා වන නදී තුළ, ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවන්නට පටන් ගනී.
තම බාහිර රූපසෝබාව කෙමෙන් වියකී ගිය ද, පියල් තමා පිළිබඳව ඇති හැගීම හුදෙක්ම
ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල්ව ඉන් නිදහස් කරලීමේ අටියෙන් ඔහුව පොළඹවා ගනී.
අමන්දා පියයුරු පිලිකාවකින් පෙළෙන මරණාසන්න රෝගියෙකු
බවත්, ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දෑසින් දැකගන්නා පියල් තමා තම මව හා සංවාසයේ යෙදුනාක් මෙන් හැගීමකින් කම්පාවට පත්වෙයි.
තමා තුළ ඇති වූ වරදකාරී හැගීමෙන් නිදහස් වනු වස්, පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැකබලාගනු ලබයි.
මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැස ගත්තා වූ දුර්මත පසෙකලා පියල් තම මවගේ අභාවය යථාර්තයක් ලෙස භාරගැනීමට පෙළඹේ//
මෙහි කතාව දිවෙන්නේ පියල් නදී හා අමා වටාය. මේ තිදෙනාම තිරයට එන්නේ ඕපපාතිකයන් ලෙසින්ය.අග මුල මැදක් නැත. අවසන අපට හැගෙන්නේ මේ ද ඕපපාතිකයෙකුගේ පිස්සුවක් ලෙසින්ය.
අධ්‍යක්ෂ වරයාට අනුව නම්, තම මව මරණය සමග පොර බදද්දී ඒ ඇඳේම සුව නින්දක පසුවන පියල් ඒ රික්තකය පුරවාගන්නේ අල්ලපු කාමරයේ සිටින ගැහැනියගේ රෝගි තත්ත්වයන් තුළ දී ඇය රැක බලාගැනීමෙනි. මේවා කාට කියන්න ද?
මව ගේ මරණයෙන් පසු පියල් ගෙදරින් නික්මෙයි.එය ඉතා මැනවින් සිනමාරූපීව ඉදිරිපත් කරන්නට අවස්ථාව උදාකරගෙන තිබියදීත් පියල් ට පණ දෙන නළුවා ගේ අධි රංගන ශෙලිය හේතුවෙන් එතැනද අනා ගනී. පියා සහ පියල් අතර ඇතිවන දුරකථන සංවාදය ඉතා කදිමට (තා....තාත්.... තාත්තේ...)ආරම්භ වුවත් තප්පර කීපයකින්ම එය විනාශකරගන්නේ අධ්‍යක්ෂණයේ දුර්වලතා හේතුවෙනි.
දැන් අප අධ්‍යක්ෂවරයාගේ මේ වැකිය ගෙන බලමු.
//(මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැස ගත්තා වූ දුර්මත පසෙකලා පියල් තම මවගේ අභාවය යථාර්තයක් ලෙස භාරගැනීමට පෙළඹේ.)//
ඉහත කියමන යාථාර්තයක් කරන්නට ගෙන ඇති පියවර කුමක්ද යන්න අපට ඇතිවන ගැටලුවයි. වතුර ටැංකියක ජලයේ පාවීම මගින් ද එය කියන්න හදන්නේ.මේවා මහා අවුල් ජාලාය.
මේ අධ්‍යක්ෂවරයාගේ තවත් කියමනකි.
//(තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක් ...... එක් පසෙක තනිකඩ තරුණයෙක් ......අනෙක් පස වසර ගණනකට පසු හමුවූ පෙම්වතුන් යුවලක් ...... )/ /
චිත්‍රපටය නරඹන විට මෙය පල් බොරුවක් බව පසක් වෙයි. විටෙක පියල් උඩ තට්ටුවකය. යුවළ පහල තට්ටුවේ ය. එහෙත් කාමරයේ සිට පියල් ජනෙල්කවුළුවෙන් අල්ලපු කාමරය බලයි. මේවා අධ්‍යක්ෂවරයා ගේ අතින් සිදුව ඇති අත් හල නොහැකි වැරදිය.
එසේම අතිශ සියුම් ලෙස සිනමා භාවිතය ප්‍රෙයා්ජනයට ගත් තැන් ද නැතුවා නොවේ. පූසාගේ මිය යාම , නාන කාමරයේ වතුර එළියට යන තැන කාණුව කකුලෙන් වැසෙන සේ සිටීම වැනි දර්ශන සුපසන් ය.
එහෙත් නොසෙල්වෙන රූප රාමු දෙස බලමින් ප්‍රේක්ෂකයාට ගෙවන්නට වෙන කාලය අති මහත්ය. මෙය සිනේ කැමරාව භාවිතයේ හොඳ ඉසව්වක් විය හැකි මුත් ඉන් කෘතියට වු සුගතියක් නම් නැත. එසේ නම් උත්තම කැමරාකරුගෙන්ද වැඩක් වී නොමැත.
සමස්ථයක් සේ ගත් කල අපට සිනමාහලෙන් එළියට එන්න වන්නේ මෙලෝ රහක් නැති ගන්න හසරක් නැති රූප මාලාවක් දැකගැනීමෙන් ඇති වන කේන්තියත් සමගය. එය මට අනුව නම් කරුමයක් ගෙවු මිනිත්තු 80කි. අපරාදෙ කාලේ.....
මේ
නලින් දිල්රුක්ෂ වන
මගේ අදහසයි...
මේ පිළිබඳව වෙනත් ඕනෑම පාර්ශ්වයකට කිසිදු සංස්කරණයකින් තොරව තම අදහස් දැක්වීමට මෙම බ්ලොග් අඩවියෙන්ම ඉඩ වෙනකොට ඇත.පූර්ණ සංවාදයකට ද විවෘතයි.
ඔබේ අදහස් (කුණු හරුප වලංගු නැත) සිංහල යුනිකේතවලින් ලියා මතු දැක්වෙන විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
ndilruksha@gmail.com
සේයා රූ උපුටා ගැනීම කර්ම fb පිටුවෙනි
සේයා රූ උපුටා ගැනීම කර්ම fb පිටුවෙනි
වේගය අඩු එකනම් ෆිල්ම් එකේ තියෙන එක අඩුවක්....
ReplyDeleteඇත්ත. මටත් ඒක නම් එපාවුනා
Deleteඕක සිනමාවේ පමණක් නොව ලෝකෙම හැටියකි.හැමදේම අතිශෝක්තියෙන් මවා පානවා.. බැලුවම තමයි තේරෙන්නේ මුකුත් නැති බව. සිනමාවක් අදාළ පැය ගණන බලාගෙන සිට නැගිට්ටාට පසු ප්‍රේක්ෂකයාගේ අදහස වන්නේ "ෂික්!! මේක බලපු මගේ වෙලාව අපරාදේ" කියල නම්.. ඒක ඒ සිනමාවේ පිටපත් රචකයාගේ සිට ඇති වැරද්දක්...
ReplyDeleteපෝස්ට් එක විශිෂ්ටයි..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
පණු බැලුවද මේක..??
Deleteබලල නැති නිසා මොනවත් කියන්න බෑ.තේමා ගීතය නම් ලස්සනයි
ReplyDeleteබොක්ස් ටිකට් අරන් යන උන්ට නම් ආතල් විනාඩි 80 ක් වේවි....
ReplyDeleteවේගය අඩු නම් අවුල් ඇති...කතාව නොබලා වෙන මොකුත් කියන්න බෑ
ReplyDeleteබලන්නෙ නැතුව මොනවත් කියන එක සදාචාර සම්පන්න නෑනෙ. හැබැයි අව්‍යාජව ලියල තියෙන එක ගැන නම් සතුටුයි.
ReplyDeleteවේගෙ අඩු වුණාම නම් එපා වෙනව තමයි.
http://www.sarasaviya.lk/2012/10/18/?fn=sa12101812
Deleteමමත් කතාව බලලා නෑනේ!
ReplyDeleteබලල නැති නිසා මොනවත් කියන්න බෑ.තේමා ගීතය නම් ලස්සනයි (ප්‍රමුදි)
ReplyDeleteමම ඒ මතයේ ඉන්නේ...
අනේ මංදා අපේ සිනමාවට මොනවා වෙලාද කියලා !
ReplyDeleteඉහත කමෙන්ට් දාපු හැමෝටම තුති...
ReplyDeleteඇත්තටම බලපු දාක අවංක අදහස කියන්නකෝ
වින්දනය තීරණය වෙන්නේ සිනමා ශලාව තුලට යන පුද්ගලයාගේ උවමනාව අනුවය..ඔබ යන්නේ සටන් චිත්‍රපටයක් නැරඹීමටනම්, ආදර කතාවක් නැරඹීමටනම්, විහිලු කතාවක් නැරඹීමටනම්, වැඩිහිටියන්ට පමනක් වූ කුනුහරපයක් බැලීමටනම් මෙම චිත්‍රපටය නැරඹීම 100%ක්ම කාලය කා දැමීමක්ය..
ReplyDeleteනමුත් ඔබේ ඔලුවේ තියෙන කතාව මෙම නිර්මාණයෙන් බලපොරොත්තු නොවී, නිර්මාණයේ තියෙන අර්ථය ඔලුවට දාගත්තනන්, නිහඩ සිනමාවේ තියෙන සුන්දරත්වය තෙරුම් යනු ඇත..
කෙසේ වෙතත් මෙම නිර්මාණය " උගත් වැඩිහිටියන්ට පමනයි " යනුවෙන් නම් කිරීම ඉතාම සුදුසුය....
බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව.ඔබ ඉහත දක්වන ලද කිසිම ලේබලයක් යටතේ එන දෙයක් හෝ බලන්නට නොවේ මා ගියේ. ඔබත් උගත් ලේබලයට යට වී ඇති හැඩයි. එහෙමනම් පිරවි වගේ නිර්මාණයකුත් බලලම එන්නකෝ.
Deleteමා මෙහි දකින්කේ ඉතා හොඳ සංකල්පයක් ඉදිරිපත් කරගැනීමේ දී අසාර්ථකව ඇති තත්ත්වයක්.
ඔබ කතා කරන්නේ "පිරවි" වැනි නිර්මාණයක් ගැනය.. 100%ක්ම ඔබට වැරදුනේ ඔතනයි.. ඔබ සිනමා ශාලාවට ගියේ හෝ චිත්‍රපටය අවසානයේ ඔබ මෙම නිර්මාණයෙන් බලාපොරොත්තු වූයේ "පිරවි" වැනි චිත්‍රපටයක් නම්, එය කාලයම කාදැමීමක්ය.
Deleteනමුත් මෙය "පිරවි" නොව "කර්ම"ය.
**ඔබ මට වඩා වැඩිමහල් බැවින් උගත් ලේබලය ගැන කතා නොකරමි**
ඔබ සිතන්නේ ස්වසන ශබ්දාර්ථය මෙහි එන රූපාවලියන් හා අනෙක් ශබ්ද සමග මුසූකිරීමෙන් ලීෆ්ලටයේ දී ඇති පරිච්ජේද 4 ජයගන්නට සිනමාකරු සමත්ව තිබේ කියලද.එකී ලීෆ්ලටයට අදාලවනම් බොහෝ දේ හිතන්නට ඇත. එහෙත් එය ඉදිරිපත් කීරිමේදි ඉටුව නැත.මේ පිළිබද වැඩි කරුණු දෙවන ලිපියෙන් ගෙනහැර දක්වමි.
Delete"ඔබ සිතන්නේ ස්වසන ශබ්දාර්ථය මෙහි එන රූපාවලියන් හා අනෙක් ශබ්ද සමග මුසූකිරීමෙන් ලීෆ්ලටයේ දී ඇති පරිච්ජේද 4 ජයගන්නට සිනමාකරු සමත්ව තිබේ කියලද ? "
Deleteවෙලාවක් තිබුනොත් අයෙත් ගිහින් බලන්න.. ස්තූතියි
ඔබේ කොමෙන්ටුව කොතරම් මෝඩ දැයි සිතේ.මෙම ලිපියේ රචකයා කිසිම තැනක රුචිකත්වයක් ගැන සඳහනක් කර නැතුවාක් මෙන්ම ඔබද ලිපියේ අන්තර්ගතය නිසිලෙස උකහාගෙන නැත.
Deleteරචකයා මෙම ලිපියෙන් ජනිත කොට ඇත්තේ "ප්‍රසන්න ජයකොඩි" රුචිකත්වයෙන් ඔහු චිත්‍ර පටය නැරබීමට ගිය බවත් , අධ්‍යක්ෂ වරයාට තමන් ගේ පැරණි ප්‍රතිභාව මෙහිදී නැවත දැක්වීමට අපහසු වී ඇති බවත් ය.
මදක් අවංකව සිතන්න,අප වටා සිදුවන සිදුවීම් වලින් සෑම විටම අප සමග නතර වන්නේ සිද්ධි දාමයන්ගේ සාරාංශයක් නොවේද?.අප මතක ලෙස අර්ථ දක්වන්නේ එයම නොවේද.සිතන්න අප කැමැත්තෙන් නරබන සෑම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ වින්දනාත්මක මතකයක් නොවේද?.චිත්‍රපටය නැරබීමේ අවසාන ප්‍රතිපලය ලෙස ප්‍රේක්ෂකයා පැටළිලි සහගත තත්වයට පත්වන්නේ(වෘතාන්තයක් ගැන අදහස් නොකලෙමි.එසේම සමහර චිත්‍රපට වල අවසානයේ ප්‍රේක්ෂකයා ගැටළු සහගත තත්වයට පත් කරන්නේ කුතුහලයද සමගිනි.ඒ නිර්මාණයේ අවසානයෙන් පසුවද කල්පනා කිරීමට යමක් ඉතුරු කිරීමකි.මා මෙහිදී අදහස් කලේ සිතන්නට දෙයක් විඳින්නට දෙයක් නොමැතිව අවසන් කිරීම) නම් එය සාර්ථක නිරමාණයක් විය හැකිද.
//වින්දනය තීරණය වෙන්නේ සිනමා ශලාව තුලට යන පුද්ගලයාගේ උවමනාව අනුවය..ඔබ යන්නේ සටන් චිත්‍රපටයක් නැරඹීමටනම්, ආදර කතාවක් නැරඹීමටනම්, විහිලු කතාවක් නැරඹීමටනම්, වැඩිහිටියන්ට පමනක් වූ කුනුහරපයක් බැලීමටනම් මෙම චිත්‍රපටය නැරඹීම 100%ක්ම කාලය කා දැමීමක්ය.//
කිසිවිටකත් මිනිසුන් දෙදෙනෙකුගේ රුචිකත්වය සමාන නොවන අතර මිනිසෙකු විචාරයක යෙදෙන්නේ තමන්ගේ දැනුමට සමරුපිවය.
මා දන්නා අන්දමට සාර්ථක සිනමා නිර්මාණයක් යනු කුමන බුද්ධි මට්ටමකන් හෝ වේවා, ප්‍රේක්ෂකයා ඊට අනුගත කර ගත හැකි රූපාවලොකනයකටයි.
ප.ලි - මා උගත් නැත.මෙය මාගේ පෞද්ගලික අදහස පමණි.
මානවකගේ කොමෙන්ටුවට ජය වේවා !
Deleteහදවත ස්පර්ශ කළ බොහෝ නිර්මාණ ජාත්‍යන්තර සම්මාන ඇතුව හෝ නෑතුව , විවිධ චින්තනයන් ඇති බහුවිද ප්‍රේක්ශකයන් එක සේ සසල කල අයුරු ඉතිහාසයෙහි පෙනෙයි.
Shawshank redemption නැරඹිය යුත්තේ එයට IMDB රෑන්ක් ඈති නිසා හෝ ඔස්කාර් ලෑබුන නිසා නොව , එය විපරීත බොහෝ හදවත් එක සේ ස්පර්ශ කල නිසාය.
බහුතර හදවත් තිගස්වන ඕනෑම නිර්මානයක් පෑටිකිරිය නොසොයා , සාර්තක කියා කීමටත් , ඒ වාගේම , රටේ ලෝකේ කොයි තරම් අය ආවෑඩුවත් , එය බොහෝ හදවත් සසල නොකරන ලද්දේ නම් එය මෙලෝ රහක් නෑතෑයි කියන්නටත් එක සේ නනිර්භය වෙමි.
කර්ම මෙන්ම සංඛාර තුලද , නිර්මාපකයා තීව්‍ර ප්‍රකාශනයකට අපොහොසත් වී ඈතෑයි මගේ පුද්ගලික හෑඟීමයි...
සීතාම්බරයට යට වු අයට මේක පේන්නේ නැනේ...අපට තවත් සගයෙක් එක් වු සොම්නසින්
Deleteපොඩි උපදෙසක් දෙන්නම්. ලීෆ්ලටය දිහා බලලා ඒකත් එක්ක සසදලා විචාර කරන්න එපා. ලීෆ්ලටයේ අන්තර්ගතය එක එක්කෙනාගේ දැනීමේ හැටියට වෙනස් විදියට පේන්න පුලුවන්. ඒ උනාට නියම අන්තර්ගතය තියෙන්නේ චිත්‍රපටිය ඇතුලේ. මේ වගේ මෝඩ තර්කයක් නම් මම නලීන් සොයුරාගෙන් බලාපොරොත්තු උනේ නෑ.
Deleteහොඳ වෙලාවට මම සිංහල ෆිල්ම් බලන්න කැමති නැහැ :)
ReplyDeleteචිත්‍රපටය නම් නරඹා නැත. එනිසාවට කිසිවක් කිව නොහැකිය. ඉහත අදහස් අනුව නම් " කර්ම " චිත්‍රපටය මෙම ලියුම් කරුවාට " කරුමයක් " වූවා වැනි හැඟීමකි...
ReplyDeleteහි හී නලින් අයියගෙ භාෂාවෙන් ලියන්න පොඩි ට්‍රය් එකක් දුන්නා.. තාම බලලා නෑනෙ අයියේ. ඒත් ඉතින් කරුමයක් නම් බලලා වැඩකුත් නෑ.
කලින්ම සීතාම්බර න්‍යාය දාලා මාකට් කරපුවම ගොඩ.. කවුද කැමති තමන්ට තේරෙන්නෑ.. කියන්න.. ගෝනි එළුවා පෙන්නන්නෙත් ඔහොම තමා...
ReplyDeleteඅයියෝ මම බලන්නේ නැහැනේ
ReplyDeleteසිංහල, හින්දි, ටැමිල්, ෆිල්ම් නොබලමි. විචාරයක් යනු කුමක් දැයි නොදනිමි. මගේ පටු රුචිකත්වය ඇත්තේ චීන සටන් , කාටුන් , මාවල්ස් වැනි චිත්තරපට ඔස්සේ පමනි. සම්භාව්‍ය ලේබලය ඇත්තේ නම් හැරිලාවත් නොබලමි. එබැවින් කියන්න කිසි අදහසක් නැත.
ReplyDeleteඑල එල, මටත් ඔය මෝඩ තේරවිලි තෝර තෝර ඉන්නවට වඩා එපා කරපු දෙයක් නෑ :D
Deleteතාම බලන්න නම් බැරිවුනා..බලලා අදහස් දක්වන්නම්..සම්භාව්‍යයි කියපු ගොඩාක් චිත්‍රපට වල මම දැක්කේ හිස් බවක් විතරයි..මට තේරෙන හැටිද චිත්‍රපට වල හැටිද කියන්න මම දන් නැ..ඒත් පේන විදිහට කිසිම දෙයක් නැති හිස් බවට සම්භාව්‍ය ලේබලය අලවන්න අපේ අධ්‍යක්ෂකවරු රුචිකත්වයක් දක්වන බව පේනවා..මට තේරෙන විදිහට මේ චිත්‍රපට හදපු මනුස්සයට තේරෙන්නෙත් නැ ..බලන මිනිස්සුන්ට තේරෙන්නෙත් නැ..හැබැයි මාර සම්භාව්‍යයි..මම බලපු චිත්‍රපට වලිව් බඹර වළල්ල මගේ කෝණයෙන් යම් දෙයක් ගන්න පුලුවන් ආසාවෙන් බලන්න පුලුවන් මට සම්භාව්‍ය එකක්....
ReplyDeleteමම බලලා ඇවිත් බනින්නම්.. නොබලා බනින්න හොඳ නෑ... නමුත් ජගත් මනුවර්ණ මම පුද්ගලිකව හරිම ආස නලුවෙක්. මම කලාතුරකින් බලපු වේදිකා නාට්‍ය දෙක තුනකම මගේ පිටුපස අසුනෙ අහඹු ලෙස ජගත් මනුවර්ණ හිඳ හිටියා...ඒ නිසාම මට ඒ මුහුණ මතකයි...නදීක ගුරුගේ මගෙ ප්‍රියතම සංගීතඥයා..මාස්ටර් මියගියාට පස්සෙ...ඒ නිසා ඕකට විචාරයක් ලියද්දි මම පක්ෂග්‍රහී වෙයිද මන්දා.. කොහොම වුණත් බලන්න ඕනේ.. ගෙදර අය එක්ක යන්නත් බෑ. තාරක එක්ක යන්නත් බෑ..තනියම යනවා හිතුණොත් හැමෝටම හොරා
ReplyDeleteබනින හිතකින් බලන්න එපා අවංක අදහස දක්වන්න.ජගත් නදීක මෙන්ම ප්‍රසන්නත් මගේ ප්‍රියතමයන් එහි වෙනසක් නෑ. පුද්ගල නාම අමතක කොට කෘතිය කියවමු.
Deleteමම චිත්‍රපට බලා නැත හොඳ විවේචනයක්. විවේචනය කරන්න විවේචකයාට නිදහසක් තිබිය යුතුයි.. මම නම් ෆිල්ම් එකක් බලන්නේ විචාර හරහායි.. නැත්නම් අපේ උන්ට වැල්ලේ රෙන එකත්, කෙල්ලෙක් පිලිකන්නේ වමනේ දාන එකත් සම්භාව්‍ය දර්ශන.. අනේ මගේ කටට එන ඒවා. ඒත් මෙයා කුණුහබ්බ කියන්න එපා කියලනේ..
ReplyDeleteහරි හරි අපි සංයමයකින් යමුකෝ..මේ පිලිබඳ තව ලිපි කීපයක්ම තියනවා.ඒවයින් ඔබ පෙන්වා දුන් තැනුත් හෙළිදරව් වෙනවා.
Deleteමුලින් ෆිල්ම් එක බලලා ඉන්න ඕනා.
ReplyDeleteකොහොමත් අපේ සමහර සිංහල චිත්‍රපටි හදපු අය විසින්ම පෙන්නන්නත් කලින් බොරුවට පුම්බනවනේ.
මේ කුරුල්ලා වාතයක් බන්..
ReplyDeleteඅයින් කරන ක්‍රෙම් මාත් දන්නෑ හැමෝම කියනව ඕක
Deleteට්වීටර් කුරුල්ලා නේද? ඌ කොහොමද මේකට රිංග ගත්තේ :)
Deleteකුරුල්ලාගෙන් කරදරයි කියලා මාත් කියන්ඩ තමා මේ හිටියේ
Deleteසංකාරා නම් මමත් බැලුවා. ඒකට කැමතිත් හිතුනා. මේකනම් මට බලන්න අවස්ථාවක් එන එකක් නැහැ. මටත් පේන්න බහ ඔය කිසි දෙයක් තේරුම් ගන්න බැරි විදියට හදපු අනවශ්‍ය ගැඹුරු බවක් ආරෝපණය කරපු චිත්‍රපටි. ඒ ගැඹුරු බව උනත් තියෙන්න ඕන සීමාවක් ඇතුව.
ReplyDeleteසංකාරා වලට මමත් හරිම කැමතියි.ඒ වගේම ප්‍රසන්නගේ ටෙලි වලටත් මම කැමතියි.ඒත් මේක නම් දිරවන්නේම නෑ.
Deleteමට හිතෙන්නේ මෙහෙමයි.. මෙකෙ තේමාවනම් චිත්‍රපටියක් හදන්නම කියාපු එකක්.. (අධ්‍යක්ෂ වරයා මොනව කරගෙනද කියන්න මම දන්නේ නෑ.. මොකද මම මේක බලල නෑ.) හැබැයි මෙහෙම එකක් තියෙනව. අපේ රටේ අධ්‍යක්ෂවරු මොකක් හරි වීඩියෝ එකක් අරගෙන ඇවිත් ෆිල්ම් හෝල් එකේ දාල පෙන්නල ඒක බලන්න මිනිස්සු ආවෙ නැති වුණහම මිනිස්සුන්ට බනිනව ප්‍රේක්ෂකයො මෝඩයි කියල. ඒ අය දන්නෙ නෑ මේ රටේ බහුතරය සාමාන්‍ය මිනිස්සු මිසක් මහාචාර්ය වරු නොවන බව. මොන ශාස්ත්‍රීය පදනමේ ඉඳල ලියුවත් වැඩක් නෑ සාමාන්‍ය ප්‍රේක්ෂකයට තේරුම් ගන්න බැරිනම්.
Deleteමම 'ප්‍රසන්න' දුටුවේ නිසල විලෙන්....
Deleteජයසේන ජයකොඩි සිතූ දෙය , ප්‍රසන්න සෑබෑ තාත්වික චරිත සමග ප්‍රතිනිර්මාණ කළ අයුරම ප්‍රසන්නගේ දස්කම් මෑනවින් පවසන සාක්ශි...
ඒත් එහෙවු දෙයක්ම කළා නම් යුගයේ අසහාය ටෙලි නිර්මාපකයකුගේ භූමිකාවෙහි අද දෑකිය යුතු ප්‍රසන්න , ප්‍රමාණාත්මක හොඳක් ඇති සිනමා නිර්මාපකයකු වීම අවාසනාවකි.
මට හිතෙන්නේ මෙහෙම. ...
සමහරු ඉන්නවා , භූමි දර්ශන හෙම බලාගෙන අඳින්න හරිම රුසියො. සෑබෑ දක්ශයො. ඒත් දෙයක් කල්පනා කරල හිතලා අඳින්න සමත් නෑහෑ. අන්න ඒ වගේ....
කදිම උදාහරණය මල්....
Deleteමේක බැලුවේ නෑ මමත්..
ReplyDeleteමම තවම බැලුවේ නම් නැහැ අංකල්.නමුත් පෝස්ට් එක සම්පුර්ණයෙන් කියෙව්වා.
ReplyDeleteජයම වේවා!
ස්තුතියි
Deleteඔබට බොහොම ස්තුතියි. බලන්න සිතා සිටියත් ඒ අදහස ඉවත් කර ගත්තා. විනාඩි අසූවකට වචන නම් කීයක් ටයිප් කරන්න පුලුවන්ද?
ReplyDeleteකියල වැඩක් නෑ වෙද මහත්තයා මේ අය සෝබන සංකල්ප අල්ලගෙන රටේ ඉන්න අය ගොන්නුන්ට අන්දනවා.
Deleteමම ෆිල්ම් එක බැලුවේ නෑ අන්කල්. බට් පෝස්ට් එක නම් කම්මැලි නැතිව කියෙව්වා. :)
ReplyDeleteඅනේ මේකෙත් අමා කෙනෙක් ඉන්නවද? :/ :(
ඔව් නේ මේකේ ඉන්නෙත් අමා ම තමයි.ෆිල්ම් එක බලද්දී මට ඔයාව මතක් වුණා.
Deleteමට තේරෙන දේ කියන්නම්.... චිත්‍ර පටියක් කරනවනම් අන්න නියම තේමාවක්. (අධ්‍යක්ෂ මොනව කරගත්තද කියන්න මම දන්නේ නෑ.. මොකද මම ඒක බලල නෑ..) හැබැයි මෙහෙම එකක් තියෙනව. චිත්‍රපට අධ්‍යක්ෂ වරු, මොකක් හරි එකක් වීඩියෝ කරල ඒක ෆිල්ම් හෝල් එකේ දාල, ඒක බලන්න මිනිස්සු ආවේ නැති වුණහම මිනිස්සුන්ට බනිනව "ප්‍රේක්ෂකයෝ මෝඩයි" කියල. ඔවුන්ට තේරෙන්නේ නෑ ලංකාවේ බහුතරය චිත්‍රපට අධ්‍යක්ෂ වරු, මහාචාර්ය වරු නොවන බව. මොන ශාස්ත්‍රීය පදනමක ඉඳල ලියුවත් චිත්‍රපටියේ තේමාව,චිත්‍රපටිය ප්‍රේක්ෂකයින්ට තේරෙන්න ඕන. ඔවුන් දැන ගන්න ඕන මේ චිත්‍රපටි හදන්නේ සාමාන්‍ය ජනතාවට බව.(වැදගත්:- මේක ලංකාවේ නවකතා වලටත් අදාලයි)
ReplyDeleteඒකනේ මලයා මෙයාල චිත්‍රපටය පෙන්නන්නත් කලින්ම ප්‍රේක්ෂකයට සීතාම්බර සළුව අන්දනවා.ඒකට ඇන්දෙන හැමෝම ගොලුවෝ කසාය බිව්වා වගේ ඉන්නවා.
ReplyDeleteබලලම කියන්නම් අදහස
ReplyDeleteකමෙන්ටුවක් දෙන්න තරම් අවබෝධයක් නෑ... ෆිල්ම් එක දැන්ම බලන්න වෙන්නෙත් නෑ..
ReplyDeleteබලලම තමයි මොනවා හරි කියන්න වෙන්නේ
ReplyDeleteනොබලපු ෆිල්ම් එකක් නිසා මට නම් මොකුත් කියන්න බැහැ. ඉඩක් ලැබුනොත් බලන්න ඕනෙ නලීන් කියන්නෙ ඇත්තද කියලා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්තටම බලල යමක් කියන්න හෙන්රි.මම මේක පුද්ගලික දේකට ලියූ දෙයක් නෙමේ.....
Deleteමම මෙව්වා නොඹලමි O.o ඒත් බලන අයට වැදගත් වේවි. ස්තුතියි !
ReplyDeleteමේවා නොබලන තරමට හොදය.මක් නිසාද යත් අපට ගොනාට අන්දන නිසාය. එය කරන්නේත් නිර්මාණය එළි දකින්නටත් පෙර සිටය.
Deleteකවදාවත් ක්‍රිකට් මැච් එකක් පැරදුනාම මේ කතාව කියන්නේ නෑ නේද? වැරැද්ද චිතුපටියේ නෙවෙයි. ගොනාට අන්දන මාධ්‍ය සහ ඒවා ගැන තියන විශ්වාසය. අපේ ගොන්නු ඒවා ඇදගන්නවනේ හැබෑටම :D ඇදගත් පසු දුක් කතා කීමෙන් වැඩක් නැත :p
Deleteහොඳ විචාරයක්. ෆිල්ම් එක බැලුව නම් මටත් යමක් ඔබට එකතු කරන්න තිබුණා.
ReplyDeleteකියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියනවනේ. මමත් මේ ෆිල්ම් එක බලන්න යන්න හිටියේ. එත් මේ ලිවිල්ල දැකලා හිත පොඩ්ඩක් අදිමදි කරනවා බලනවද නැද්ද කියලා. මොකද ඔබ කෙසේ කිවත් ෆිල්ම් එක ගැන, ෆිල්ම් එක බලන්නේ නැතුව මට ඔබ තුමාගේ කතාවට එකඟ වෙන්න බැරි හන්දා. ෆිල්ම් එක බලලා තිබුනා නම් මට මේක ඇත්තක්ද කියලා තේරේවි. මම දැන් ෆිල්ම් ඒක බලන්න ගියත් ඔබතුමාගේ ලියවිල්ල කියවල තියන හින්දා ෆිල්ම් ඒක බලනකොට ඔබ කියන දේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. ජය වේවා.
ReplyDeleteපළමුව චිත්‍රපටය බලන්න. අනික මම නලින් ඔබ තුමා අයින් කරන්න.ඇත්තටම හැගෙන දේ කියන්න.සීතාම්බර සළුවට නොරැවටෙන්න.
Deleteමුලින් ෆිල්ම් එක බලල ඉන්නම් :)
ReplyDeleteබලල නැහැ . බලන්න වෙයිදත් මන්ද . මචං චිත්‍රපටය ලඟදි ටොරන්ට් වලින් බැලුව . මේකත් කවද හරි දවසක බලන්න ඕන .
ReplyDeleteමොනව කියන්නද. මේකත් බැලුවේ නෑ නොවැ...
ReplyDeleteපොදුවේ සිංහල චිත්‍රපට ගැන මගේ අදහස නම් සම්භාව්‍ය කියන චිත්තරපටි සාමාන්‍ය ප්‍රේක්ෂකයාට නොතේරෙන මහා භාව ලීලා සහිත, ලොකූ ගැඹුරු මතෘකා යටතේ ලොකු හෝල් වල යන ඒවා වන අතර, ප්‍රේක්ෂකයාට තේරුම් ගත හැක්කේ වැස්සේ තෙමි තෙමී ගස් වටේ දුවන රෝසපාට, තැඹිලි පාට ඇස් කඩාගෙන යන ගමේ වැඩිහිටියන්ට පමණයි හෝල් එකේ දුවන චිත්තරපටිය යන අදහසේ අපේ චිත්‍රපටි නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු සහ විචාරකයෝ එල්බගෙන සිටින බවයි......
නොබලා මුකුත් කියන්න බැරිය. ඒත් මේ කියලා තියන ටිකවත් මට තේරෙන්නේ ද නැතිය. කොහොමත් ඔය සම්භාව්‍ය සිනමාපට මහා පිස්සු විකාර ලෙස මට පෙනේ. ඒ මොඩලයේ සිනමා පටයක් නම් මම නැගිට එමි.
ReplyDeleteමගේ වින්දනය පටු ඇති. ඒත් විඳින්නේ මම නිසා මම සිනමා විචාර නොසලකමි. හේතුව මා අන් සියලුදෙනා හා වෙනස් වන්නා සේම අන් සියලු දෙනා මට ද වෙනස් වෙන නිසා ය.
බලල නැති නිසා මොනවත් කියන්න බෑ.. කොහොමත් සම්භාව්‍යයි කියලා තිබ්බොත් බලන්නෙම නෑ..තේරෙන්නෙ නෑනේ.. ලස්සන බ්ලොග් එක..
ReplyDeleteජය වේවා!!
බැලුවේ නැති නිසා මොකුත් කියන්න බෑ.
ReplyDeleteඑත් මේ ලිපිය ගැන මගේ මතය වෙන්නේ මිනිහෙක් විචාරයක් කරන්නේ තමන්ගේ දැනුමට සමරුපිව.ඒ නිසා වෙන කෙනෙකුට කියන්න බෑ මේ මතය වැරදියි කියලා.විශේෂයෙන්ම රූපන විචාරයකදී.මට පෙන දේ අනිත් කෙනාට නොපෙනෙන්න පුළුවන්, මොකද කියනවනම් දැනුම මට්ටමින් සමාන දෙන්නෙක් ලෝකේ කොහෙවත් නෑ.සමාන රුචිකත්ව තියන අය ඉන්න පුළුවන් හැබැයි සැමරූපී රුචිකත්වයක් තියන දෙන්නෙක් ඉන්න විදියක් නෑ.
බොහොම විවාදාත්මක කියමනක්.ඒ ගැන තර්ක නොකරමි.සිනමා පටය බලා සංවාදයකට යමු.
Deleteනිර්මාණය නොදැක කිසිවක් කීමට නොහැක.. :) නමුත් සංවාදය මතු වුවහොත් එය කිවවීමට පුල පුලා බලාසිටිමි..
ReplyDeleteඊනියා මත දරණ සාම්ප්‍රදායික විචාරකයෙකුගේ වචන ටිකක් විතරයි මේක...
ReplyDeleteස්තුතියි තුසිත අපි හැමොටම දැනුවත් වෙන්නත් එක්ක සාම්ප්‍රදායෙන් තොර ඔයාගේ විචාරයත් (වචනවලට සීමා නොවුණු)එවන්නකෝ...ඒකටත් හොඳ ඉඩක් දෙන්න සමකය වටේ සුදානම්.
Deleteමේ පලවෙනි වතාවට තමයි මම ෆිල්ම් එක බලන්න කලින් විචාරයක් කියෙව්වේ ,හැබැයි ඉතින් සමහර ෆිල්ම් බලල ආවහම ලියන්න වෙන්නෙත් මේ වගේ විචාර තමයි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
ReplyDeleteබලල ඇවිත් ඔයාගේ අදහසත් කියන්නකෝ
Deleteබැලුවේ නෑනේ තාම...
ReplyDeleteඑක්කො ඕන්නෑ බලන්න...
මේ දවස් වල රිම් එකෙං යන්නේ...
This was a brlliant movie!!! You guys are just criticizing, as usual...
ReplyDeletePlease learn to appreciate things in life.
හොදමයි ඇනෝ..
Deleteබැලුවෙත් නැත්තම් බලන්නෙත් නැත්තම් අහවල් ඉලව්වකට කොමෙන්ට් කරනවද මන්ද.. මම නම් මේක බැලුව. මම ගියෙත් ප්‍රසන්න ජයකොඩි මහත්තයාගේ හින්ද සිරා ෆිල්ම් එකක් කියල හිතල..( ඇත්තටම එහෙම වෙන්න ඇති) ඒ උනාට මට නම් බලල ඉවර වෙනකොට පිස්සු වගේ.. වෙලාවට විනාඩි 80න් ඉවර උනේ..අඩු ගානේ ජවනිකා ටිකවත් පිළිවෙලට තිබුන නම් තව ටික තේරෙන්න තිබුන. නලින් කිව්වා වගේ අර වට පිටාවේ සද්ද, විශේෂයෙන් හුස්ම ගන්න සද්දේ හරිම වදයක්. ගෙදර ගිහින් කල්පානා කරලා බලද්දී නම් කතාව ටිකක් තේරුණා. විවරණය කියෙව්වට පස්සේ සෑහෙන්න තේරුණා.. එක නිසා හෙනම ප්‍රබුද්ධ කෙනෙක් නෙමෙයි නම් බලන්න යනකොට අඩු ගානේ විවරණේ බලල තියෙන එක හොඳයි වගේ... මම ඉතින් ෆිල්ම් බැලුවට විචාරය කරන්න තරම් දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඒ උනාට මටත් හිතෙනවා වැදගත්තේමාවක් අපරාදේ නාස්ති කළා කියල. සමහර විට මේ ක්ෂේත්‍රය ගැන දන්නා කෙනෙක්ට මේක සිරා ෆිල්ම් එකක් වෙන්න ඇති.
ReplyDeleteබොහොම අවංකව අදහසක් දැක්වූවාට තුති.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතාම මම නම් ෆිල්ම් එක බැලුවෙ නම් නැහැ. කොහොම උනත් ‘කරුමේ ඩබල් පින සින්ගල්‘
ReplyDeleteමානවක දාන කොමන් කතාවේ හැටියට වින්දනය තීරණය වෙන්නේ සිනමා ශලාව තුලට යන පුද්ගලයාගේ උවමනාව අනුවය..මේක ඇත්ත වෙන්න බෑ ප්‍රේකෂකයා එතන නතර කරන්න මේ ලොව කිසිදු නිරිමාණයක් කරනනේ. නෑ ලොව පහල කල සියළු නිරිමාණ වල ඇත්ත මිනිසා සහ සිතුවිලි වෙන්ස් කරන්න හැකිද යන්න අර්ථවත් කිරිමට මිස තිබේන රත්තලර නැවත වරක් දැකිමට නම් යම් අයෙකු සිනමා ශාලාවකට මුදල් දි කාලය නස්ති කරන්නට උවමනාවක් නැත.
ReplyDeleteසිනමාව තුල බිහිවන සැම රුප රාමුවකම පවතින කුතුහලය හේතුවෙන් එහි රැදි සිටන්නට ප්‍රෙක්ෂකයා දක්වන කැමැත් මිස වෙන දෙයක් නෑත. මේ කුතුහලය තුල ප්‍රේක්ෂකයා ජිවත් වන පරිසරය ඔහු බලාපොරොත්තුවෙන් යන බවක් දක්නට නැත.මේ නිසා පුද්ගල උවමනාව මත සිනමාව නිරිමාණය විය යුතු බවක් දක්නට නැත .ඇත්තේ කුමක් සිදුවෙද යන් මිස මනෙවක කියන කොටු කරගත් රසයක් නොවේ.කෙසේ වෙතත් සිනමාව භාෂාවක්ය එය සියළුදෙනාහට තේරුම් ගත හැකි නිසා නැරඹිය හැකිය.හින්දි සිනමාව දෙමළ සිනමාව බටහිර සිනමාව ලොව සියළු දෙනා නරඹනුයේ හුදෙක් එම සිනමා පටය තුල ඇති කතා භාෂාව තේරුම් ගෙන නොව සිනමාව නැමැති විශ්ව භාෂාව තේරැම් ගෙනය නමුත් කර්ම සිනමා පටය එම විශ්ව භාෂාව අමතක කර ඇත.මානවක මේ ගැන හිතන්න
විනාඩි 80ක් ඇතුලත සම්මාන රාෂියක් පස්සේ පන්නන් හදපු හොඳ උත්සහයක් අගක් මුලක් මැදක් නැති අවසානේ තෙරෙන්නේත් නැති හිස් චිත්‍රපටියක් කොටින්ම කියුවොත් තිරගත කිරිමට පෙර සිටි ප්‍රෙක්ෂකයාගේ මනසට මේ ච්ත්‍රපටිය ගැන දල අවබෝධයක් දි වෙනස්ම මඟකට ගෙනගොස් වෙනස්ම තැනකින් අතහැර වෙනස්ම අරුථකතයක් දෙන ච්ත්‍රපටියක්
ReplyDeleteමට නම් අසාර්ථකයි..ඒ හැර නෙ කිසිම දෙයක් කියන්න නැහැ
මේ පලාතට ආවාට තුති. ඔබේ අදහසත් මසුරං
Deletenaleen ayye balanda apu film eka chater kiyala danagatha gamanma nagitala awanam oka ochara karumayak wenne nane. ochara chater nam ai oka iwara wenakanma baluwe???????????
ReplyDeleteඉවරවෙනකම් නොබැලුවනම් මෙහෙම දෙයක් ලියැවෙන්නේ නැනේ..
Deleteලන්කාවෙ හෑදෙන ෆිල්ම් වලට සාපෙක්ශව හොද චිත්‍රපටියක් නෑරබුවෙමි....වෑඩිය හිතන්නෙ නෑතුව බලුවොත් සරල තෙරුමක් සහිත කතාවකි....ඕනවට වඩා ගෑබුරින් හිතන්න ගිය විට මුකුත්ම නොතෙරේ...
ReplyDeleteඈත්තටම ෆිල්ම් එක බලල නෑ බෑලුවෙ නෑහ බලන්නෙ නෑහ වගෙ මෝඩ වදන් දාන්නෙ ඈයි??
නලින් තමන්ගෙ මතය ඔප්පු කිරීමට දරන දෑන්ගලිල්ල දුටු විට සිනහවකුත් අනුකම්පාවකුත් ඈති වේ :-)
අනේ ඇනෝ.....තාම ඔයා ඇඳගත් සීතාම්බර සලුව ගලවල නෑ කියලයි මට හිතෙන්නේ
Deleteසේරටම කලින් මේ බ්ලොගයේ ඇති කර්ම ගැන ලියැවුණු පෝස්ට් 3ම කියවන්න. එවිට මගේ භූමිකාව මොකක්ද යන්න වැටහේවි.
ඉතිත් කොන්ද නැති මේ ඇනෝ ගැන මට කියන්න තියන්නෙත් දුකයි හලෝ කියලම තමා...
ලබන සතිෙය් බලන්න ඉන්ෙන් බලලම තමා තීරණය කරන්න ෙවන්ෙන්
ReplyDeleteඅයිෙයා් ෙම් කුරැලු තඩියාව අහක් කරන්න මළ වදයක් ෙම්කා
බලලා කියන්න ශානී. කුරුල්ලව අයින් කරන්න දන්නේ නැතිව ඉන්නේ.
Deleteමේ වගේ විචාර දිහා බලනකොට හැමතිස්සෙම මට සිහිවෙන්නෙ ලෝකෙ වටේ ඉන්න පිස්සො කන්ඩායම්, තමන්ගෙ කන්ඩායමට පිස්සු නෑ කියන්න හදන වෑයම් කියලයි. එක පිස්සො සෙට් එකක් වැඩක් කරනකොට අනිත් පිස්සො උන්ට පිස්සු කියල කෑ ගහන්නවා. වැඩේ කරන උන් කෑ ගහන උන්ට පිස්සු කියලා හිත හදා ගන්නවා. කොහොම උනත් වැඩි පිස්සො ප්‍රමාණයක් අනුමත කරන දේ සමාජගත වෙනවා. හැබැයි එක දෙයක්. සිනමාව ගැන දැනීමක් නැති, අත්දැකීම් නැති පුද්ගලයන් විචාර කරන එක, ඒවා සමාජගතකරන එක රටේ සිනමා අනාගතයට කරන ලොකු වැරැද්දක්.
ReplyDeleteබොහොම හරි උපුල්....
Deleteඔයා දන්නවද දන්නේ නෑ තව පිස්සෝ සෙට් එකක් මෙලෝ රහක් නැතිව පිස්සන්ට කඩේ යනවා..ඒ පිස්සෝ හිතන්නේ මං පොර කියලා.
හරියටම හරි. මම film එක බලන්න කලින් music ටික හම්බුනා. පිස්සු හැදෙනවා. හැබැයි ඒ music ටික අහලා film එක බලන්න ගියාම මගේ බලාපොරොත්තු ඔක්කොම සුන් උනා. music video ටිකවටවත් හරියට සැලකිල්ලක් දක්වලා නෑ. ඒවා විදින්න හැකියාවක් නෑ රූපත් එක්ක. ප්‍රසන්න හිතලා තියෙන්නේ තමන්ට කියන්න ඕනේ දේ කොහොම හරි එලියට දාන්න විතරයි. අනිත් දේවල් ගැන කිසිම හැගීමක් කරලා නැති බවයි මගේ හැගීම. අනිත් එක මේක අනිවාර්යෙන් පිටරට සම්මාන බලාගෙන කරපු එකක්. ඒකේ දෙකක් නෑ
Deleteමම අද ෆිල්ම් එක බැලුවා. මට නම් කියන්න තියෙන්නේ "සරල කතාවකට සංකීර්ණ පෙනුමක් දෙන්න ගිහින් ෆිල්ම් එක අනාගන" කියලා විතරයි.
ReplyDeleteඔබ සිනමා පටය බැලූ නිසා නේ එහෙම හිතෙන්නේ..පිලිගන්නව මේ ඉසව්වට.
Deleteඅර උඩ පින්තූරුවල ඉන්න නලුවා ටෙලි ඩ්‍රාමා වල දැකලා තියනවා. උද්වේගී චරිත රඟ දක්වන්ට අපූරු බවකුයි ඒ වෙලාවෙදි හිතුනේ.
ReplyDeleteකතාව නොබලා විවේචනයක් කරන්ට අමාරුයි. ඔය වගේ අබූත පරාන අපි අතර ඉන්න හන්දා මේ වගේ චිත්‍රපටියක් හැදුනා කියලා හිතන්ට බැරිද?
ඊයේ තමා මේක බැළුවේ...
ReplyDeleteඑයිට කලින් මේක කියවලා යන්න තිබුනනං හොඳයි කියලා හිතෙනවා. කලින් මේ ගැන ලියවෙච්ච තැන්වලදී හුග දෙනෙක් කිවුව දේ තමා එකම දේ වැඩි වේලාවක් පෙන්නනවා කියන එක... මං හිත හදං ගියේ මොන කෙහෙම්මල් පෙන්නුවත් මුල ඉදන් අගටම බලනවා නොනැගිට කියලා.. ඒ හින්දා අවසානය දක්වාම බලන එක අමාරු උනේ නැහැ... හැබැයි නලීන් කියනවා වගේ සීතාම්බර සළු පොරවන සෙට් එකක් මේක ප්‍රමෝට් කරවන්න බැහැලා ඇති වගක්නං මටත් තේරුනා මේක බලපුවාට පස්සේ... "කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා සේ" කියනවාට වඩා "කන්දක් රෙන්න තටමලා තටමලා මී බෙට්ටක් රිවුවා" සේ වගේ කියන්න මං වඩාත් කැමතියි.
මාරේ ඉතාම සතුටින් මේ පැත්තට පිළිගන්නවා. (අපේ රැහේ එකෙක්නේ). කර්ම ගැන ඔයා ලියු පෝස්ටුව නම් මරේ මරු. මේ ඇත්ත අපේ විචාරක බාප්පලට පේන්නේ නැති එකයි මට දුක.
Delete@ Naleen උන් ඉන්නේ අර කියුව සීතාම්බර සළු පොරවගෙන
Delete:d)
Deleteකැඩපතක ඡායා චිත්‍රපටිය පටන් ගන්නේ අන්තර්ගත කථාවේ මැදින්... ස්වර්ණා හිරේ ඉඳල එළියට තැන ඉඳල... ඒත් අන්තිමට ඔලුවේ පැටලිල්ලක් ඉතිරි වෙන්නේ නෑ... නිර්මාණයක සම්මත කථාවක් තියෙන්න ඕනෙම කියන්නේ නෑ... ඒත් තමන් ඉදිරිපත් කරන නිර්මාණය පොදු විඳීමකට යටත් වෙන්න ඕනේ කියලයි මමත් හිතන්නේ.. ඔය හුස්ම ගන්න හඬ මරදන් කඩවල යකඩයා කෝච්චියෙන් පැනල දුවන දර්ශනක ඉඳන් හැඟෙන්න තැන දක්වාම තිබ්බනම් ඔන්න අවුලක් නෑ... ඒත් මේ සක්කගල් වාගේ අඩුපාඩු තැන් පුරවන්න සංගීතයත්, රූප ප්‍රයෝගත්, සිද්ධි පටලැවීමත් කරනවනම් එක්කෝ ඒ කරන්නේ අත්හදා බැලීමක්... එහෙමත් නැත්නම් මූලික තේමාව අභිබවා අනෙකුත් අංග වලට මුල් තැන දෙන්න යාමක්.... කෙනෙක් කියනවනම් මේක දෙතුන් වතාවක් බලලා ගොඩදාගන්න ඕනේ කියල එහෙමනම් අධ්‍යක්ෂක මේකේ සම්පූර්ණ කාලය තුනට බෙදල තුන්වතාවක් පෙන්නන්න සකස් කරන්න ඕනේ... මොකද අපට වඩා ඔහු දන්නවා ඔහු ඉදිරිපත් කරන්න හදන දේ...
ReplyDeleteකැඩපත ඡායා චිත්‍රපටියේ ස්වර්ණා ඇසිඩ් බඳුන අතැතිව සුදානම් වන මොහොතේ සංගීත ඛන්ඩය මතකද...? එහෙම නැත්නම් දඬුබස්නාමාණයේ ප්‍රාශ්වාස හඬ...?
'අපේ ආරච්චී මැතින්දා වීරයා',
'යනවිට පාරේ උකුල වැනෙන තාලේ - ලස්සන කෙසේ වනම්දෝ'
'හෝ හෝ තුෂාරා..'
'ගිගිරි ජගරි හඬමිනා - කසෙන් අසුට තලමිනා..'
'රෑ සීතලයි ආශා ගලයි - රඟන රඟදෙන රඟහල ජීවිතයයි'
ඔය බොහොම සරල චිත්‍රපටි ගී ටිකක්.. අදටත් රස විඳිය හැකි...
චිත්‍රපට සංගීතය අපේ සාමාන්‍ය සරල සිංහල ගීතයට වඩා ගොඩක් උඩ තැනක තිබ්බ රසාස්වාදනය පැත්තෙන්...
රේඛාව, ලසඳා, සංදේශය, බඹරු ඇවිත්, හිතක පිපිනු මල්, නෑදෑයෝ, වසන්තයේ දවසක්, චිත්‍රපටි ගීත ගැන කීයනුම කවරේද???
බලන කෙනෙක් බලාපල්ල කියල චිත්‍රපටි හදනවනම් ඉතින් අවුලක් නෑ...
එහෙමනම් මේ වගේ විචාරයන් උවමණා වෙන එකක් නෑ...
ඒත් මිනිස්සුන්ට විඳගන්න කියල නිර්මාණ කරනවනම් සමාජය කුට්ටි කරල නිර්මාණ මුදාහරින්නේ නැතිව කරන්න ඕනේ කියල මම හිතනව... කොයි කලා මාධ්‍යයටත් ඒක සාධාරණයි නේද නලීන්..?
එහෙම නිර්මාණ මෙහෙම විචාරයන්ට හසුවියම යුතුයි...
ජය!!!
බොහොම සාදරයෙන් පිළිගන්නවා තිස්න දොඩංගොඩ සහෝදරයවත් මේ ඉසව්වට. ඇත්තටම තිස්ස ඔයාගේ අදහසක් මං මුලින්ම දැක්කේ මාරයාගේ අඩවියෙන්. ඔබ බොහොම පරිනත ආකාරයෙන් සමාජය දකින්නෙක්.හුදි ජනයාට යමක් තේරෙන්න විචාරය කරන්නෙක්. ඇත්තටම කියනවා නම් සාම්ප්‍රදායික විචාරකලාව භුක්තියට ලියාගත් එවුන්ට වඩා මම ඔබගේ විචාරවලට කැමැත්තක් දක්වනවා. විචාර තිබිය යුත්තේ පාන්ඩිත්‍ය පෙන්විමට නොව අනෙකුත් ජනයාට කෘතියක් වින්දනය උදෙසා උත්තේජයක් ලබා දෙන්නයි.මා සලකන්නේ ඔබත් ඒ ගොඩේ ඉන්න දක්ෂයෙක් ලෙසයි.
ReplyDeleteඔබ වැන්නෙක් සිතාම්බරයට යට නොවීම ගැන ආඩම්බරයි.
කර්ම ගැන මොන ක්‍රමයකින් හෝ කර්ම බැලුවොත් පමණක් කථා කරන්නම් , කොහොම වුනත් ලාංකීය සිනමාව වර්ථමානයේ ඉන්න අනවශ්‍ය ධ්‍රැවි කරනය ගැන නම් කණගාටුයි . සිනමාත්මක භාවිතාවන් දකින්න තියන නියම සිනමා නිර්මාණ එක කල්තරයක් ඉලක්ක කරගත් ඒවා , සාමාන්‍ය මිනිහෙකුට රසවිඳින්න පුලුවන් නිර්මාණ ටෙලිනාට්‍යකින් වෙනස් වෙන්නේ බොහොම අල්ප වශයෙන් . නමුත් ලෝක සිනමාවේදි මේ තත්වය සහමුලින් වෙනස් . ඕනිම සරල කථා තේමාවක් ඇතුලේ සිනමාත්මක ලක්ෂණ භාවිතා වෙනවා . සම්භාව්‍ය - කලාත්මක -Art House ගණයේ චිත්‍රපට බොහෝ වෙලාවට විවිධ ශෛලීන් අනුගමනය කිරීමෙන් හෝ පුද්ගල චරිත හෝ සිදුවීම් වඩාත් ගැඹුරුව විග්‍රහ කිරිමෙන් තමා අතනින් වෙනස් වෙන්නේ ,
ReplyDeletefilm eka nam beluwa....
ReplyDeleteYamak lalpana karanna puluwan then wagema punchi punchi nogelapena thenuth nathuwa newei...
Kohoma unath meke palakarapu wichara walath yam sathyak thiyenawa.okkoma oboma awadaanen kiyewuwa...
Bohoma sthuthiyi hamotama.
නැවත වතාවක් චිත්‍රපටිය නරඹන්න කියල තම කියන්න තියෙන්නේ,ඔබ පවසා ඇති පරිදි පියල්ගේ මව මැරෙන්න පන අදිද්දී("අධ්‍යක්ෂ වරයාට අනුව නම්, තම මව මරණය සමග පොර බදද්දී ඒ ඇඳේම සුව නින්දක පසුවන පියල්") පියල් සුව නින්දක පසුවන බව පවසා ඇත.ඔබට චිත්‍ර පටියේ අරම්භයම පැටලී ඇත....නැවත වරක් නරඹන්න...
ReplyDeleteඅද ලෝකයේ මෙවැනි චිත්‍රපට හදුන්වන්නේ පුවත් පත් ,වලින් බ්ලොග් වලින් පමනක් "නැරඹිය" (කියවිය) යුතු චිත්‍රපටි කියාය. මෙතනින් බලගත්ත මට ඇති.
ReplyDeleteමලේ නියම සංකල්පයක්නේ ඒක. ඒ ගැන හොයන්නම ඕනැ
Deleteඔව් නලින් මේවා බලන චිත්රපටි නොවෙයි ඔයාල වගේ අය ලිව්වම කියවන්න විතරයි තියෙන්නේ
Deletesuch films can be 'seen' (read) only on news papers!
මේ චිත්‍රපටිය දාන්න පුළුවන් වෙන්නේ සමාන්තර සිනමාව කියන වර්ගයට
වැඩිදුර දැනගන්න මෙතනින් බලන්න http://en.wikipedia.org/wiki/Parallel_Cinema
අළුතෙන් හිතන්නට කිසිම දෙයක් නැත. විඳවන ජීවිත 3 ක් ගැන කියවෙන කතාවක්. බලද්දි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ලෝකය දිහා අළුත් විදිහට බලන්න, සමාජය තේරැම් ගන්න කිසිම දෙයක් අන්තර්ගතවෙලා නැති චිත්‍රපටයකි. මට දැණුනෙ එහෙමයි
ReplyDeleteමට දැනුනෙත් ඔය විදියටම තමා.
Deleteමම ගිය ඉරිදා රීගල් එකේ මේ ෆිල්ම් එක බැලුවා...ගූ හතයි..මෙලෝ රහක් නෑ......අපරාදේ O.D.C ටිකට් එකට ගෙවපු රු.250 ! අනේ කවුරු හරි පිංවතෙක් ඉන්නවනම් ඒක refund කරලා දෙන්න....හෝල් එකෙන් 1/2 වඩා වැඩියෙන් මැදදි නැගිටලා ගියා....මමත් අන්තිම මිනිත්තුව දෙක හිටියේ නෑ...අඩුගානේ ඉක්කමනට බස් එක හරි ගන්න පුලුවන්නේ කියලා නැගිටලා ආවා....ඇයි මේ වගේ ගූ ෆිල්ම් හදන්නේ ??? සල්ලි වැඩි වෙලාද? වැඩිනම් අපිට දියල්ලකෝ, ඒමදිවට අපිව රවට්ටනවත් එක්ක Adults Only කියලා
ReplyDeleteලංකාවේ අය හැදුවොත් හදයි පරණ රජ කතාවක්. ඒ වගේ පොඩි එවුන් හිනස්සන බඩු (පොඩි වුන්වත් බලන්නේ නෑ). වැඩක් නෑ. තිත්ත වුනත් ඇත්තනම් අපි මොනව බැලුවත් අන්තිමට හොඳයි කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපටියක්. නැත්තම් හින්දි චිත්‍රපටියක්. ඒවයෙන් සමාජයට දෙන ආදර්ශය සෙට් වුනේ නැත්තත් රසාස්වාදය උපරිමයි.
ReplyDeletehttp://3mana.com/%E0%B6%85%E0%B6%B4%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%BD-%E0%B7%86%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B7%99/
ReplyDeletedvd එක ගත්තා මොකද තනියම ගිහින් බලන්නද
ReplyDeleteබලලාම කියන්නම් කෝ
හුදකලා නොවු සිතුවිලි වල ලින්ක් එකෙන් අහම්බෙන් ආවේ මෙතෙන්ට
හිතාගන්න බැ
මට හරි ආසයි ඒක බලන්න, ඔයාලගේ කොමෙන්ට් කියවන එක සහ මේ ලිපිය ඊට වඩා හරවත් නෙට් එකේ තියනවා නම් ලීක එකක් දෙන්නකෝ ,,
ReplyDelete