samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


sad+angel+wallpaper
සේයා රුව සොයා දුන්නේ රුවා.....
ඇය
පොත් ඉරුව අතර රැඳි
විඩා බර මගෙ නෙතට
අඳුර ඇවිටිලි කරයි
සැතපෙන්න යහන මත

හද මගේ චංචලයි
සිතු දැහැන පැටලිලා
නිදි කුමරි තවම නැත
සැතපුවේ මා නෙතඟ

සුසුම් වැල් ගලා එයි
නිමක් නැති විලාසෙන් 
ඇයිද සඳවතියෙ නුඹ
අමනාප වූ ලෙසම

හෙට නැගෙන හිරු මඬල
දිනෙක අරමුණු ගෙනෙයි
සොබාදම ඔප දමා
තුරු ලතා දලු දමයි

සැවුලන්ගේ ගී හඬින්
අරුණැල්ල පණපොවයි
නවමු සිතුවිලි රැගෙන 
හෙට දිනක් උදාවෙයි

කෙමෙන් විත් අඳුරු රැය
යළිදු හොල්මන් කරයි
හද ගැහෙන හැමවරම
සිතට බිය උපදවයි


ඔහු

සැතපෙන්න කුමරියේ
නිසසලව සයනයේ 
එළිය මෙන් කළුවරද
ජීවයයි ලෝකයේ

නිදි කුමරු පැමිණේවි
ඔබව සතපාලන්න
චංචලව ඇති ඔබේ
හද මඬල සනසන්න

සඳු මෙන්ම හිරු කුමරු 
පෙම්බරය කුමරියේ
සුසුම් වැල් ඉවත ලා 
හිනැහෙමුද නැගෙණියේ

හිරු නැඟෙයි තිර ලෙසම
අපට සැනසුම රැගෙන
වෙර දරමු පියඹන්න
අපේ ලොව ජය ගන්න

සියොත් ගී හඬ මැදින්
හිරු කුමරු හිනැහේවි
පැතුම් පොදි බැඳගනිමු
වැට කඩොලු බිඳලන්න

අඳුර යළි පැමිණියද
නොහැක ඔබ රවටන්න
හද ගැහෙන හැම වරම 
දිරිය තව තව ගන්න


46 comments:

  1. spidy
    Replies
    1. blogger_logo_round_35

      එච්චරටම අප්සෙට්ද

      Delete
    2. spidy

      නෑ. මට කවි එච්චර ගැලපෙන්නෙ නෑ. මම කවි හම්බුනාම කියවන්නෙත් නැතුව අතාරිනවා.ඒත් මේක නම් හොඳයි. මම කියෙව්වා.

      Delete
  2. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    නලීන් අයියේ තව එවුවා එයි නේ ඉස්සරහට??????

    ReplyDelete
  3. Untitled-1.

    හරිම ලස්සනයි...ආදරණියයි පද ටික නලින් අයියා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනේ මන්ද ළිහිණි ඊයේ හවස වැඩ පොඩ්ඩක් අඩුවුණා ජොලියක් ආව නිසා ලිව්වා....

      Delete
  4. pro+pic

    හරිම ලස්සනයි!

    ReplyDelete
  5. cutebaby05

    ලස්සන පද ඇමුණුමක්. ඒත් මට එකක් තේරුනේ නෑ. අර නැගෙණියේ කියල තිබුනේ. මේක කවුරු කාටද කියන්නේ......????????

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මධූ මේ සිතුවිල්ල ලියන මම තරුණ දූවරු ඉන්න තාත්තා කෙනෙක්. මට මෙහෙම ලියවුනේ ඇයි කියල ඇහුවොත් කියන්න තියෙන්නේ මගේ තරුණ කාලෙ මම දැන් මගේ දුව තුලින් වගේම ඒ කාල් මගේ මිතුරු මිතුරියන්ගේ හැඟීම් තුළින් දකිනවා . ඒ නිසයි මෙහෙම ලියැවෙන්න ඇත්තේ.අනික මේක නාකියෙකුගේ පිස්සු වැඩක් කියලත් කියන්න හැකියි

      Delete
    2. blogger_logo_round_35

      ආන්න ඉතින් විහින් නාකි වෙන්න හදනවා. ලියවිල්ලෙන් හඳුනන ඔබ තවම අපිට නම් තරුණයි.

      Delete
  6. 439957-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Man-Making-A-Funny-Face

    shaah naleen aiyata lassanata kavi liyanna puluvan ne :-)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොන කවිද මලයා මේවා..

      Delete
  7. lonely_girl

    හරිම අපූරු කවක්.. අවසාන පද හතර මගේ හිතටත් දිරිය දෙනවා.. මේක මම බුකියේ මගේ පිටුවේ ශෙයා කලා.. :) ආයේ හිත දුර්වල වෙනකොට ඇවිත් බලන්න මතක තියාගන්න ඕනේ නිසා..
    ජය වේවා.. !!!

    ප.ලි.හිතට ආපු සිතුවිල්ලක් කියනව වඩා මේක වෙන මාතෘකාවක් දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේක වයසක පොරක් හදවතින් තරුණ වෙන්න කළ වැඩක්...

      Delete
    2. lonely_girl

      කවියේ නම් කිසිම නාකිකමක් නැ.. හිහි.. කොහොම වුනත් හොඳ අරුතක් තියෙන කවියක්..

      Delete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEi8bVyJhPhH67TlrgOjFROqWkFM0Rjdc2sCEyBGz5_InxkchQoZ8anDLWLEVZg_z17QjeQA33kl1bxlrbxowRNN-wpM4NNUeoYnKSnG20BZcQizqaJNKrojN84flTZRc4g/s45-c/

    මේක හරිම අපූරු කවි පෙළක්.. ලස්සනයි!!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි හිතුවක්කාරී......

      Delete
  9. zentangle_owl_by_lukemac-d83dzhz

    අපූරුයි අංකල්...
    තව ලියමු... :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලියමු ලියමු ඔයාටත් ජය....

      Delete
  10. sira

    කොල්ලා වයසට ගියත් ආදරය නම් සෑහෙන්න තරුණ හැඩයි....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ මගේ ආදරේ නෙමේ ඔයාලගේ ආදරේ මගේ ඇහෙන්

      Delete
  11. IMG_20190902_075227

    ඇත්තටම නලින් මේ සිතුවිල්ල තුල වටිනා අදහසකුත් ගැබ්වෙලා තියෙනවා. කලා කාරයා හැමදාම තරුණයි. කවදාවත් සිත මහළු වෙන්නෙ නෑ..........D

    අඳුර යළි පැමිණියද
    නොහැක ඔබ රවටන්න
    හද ගැහෙන හැම වරම
    දිරිය තව තව ගන්න

    මෙන්න මේ ටිකේ අරුතට තමයි වඩාත්ම කැමති. දියණියන්ට පාඩමක්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හෙලෝ චන්දි අක්කා කවද්ද යන්නේ....සුබ ගමන්....ඇවිත් අපටත් ලියන්න හොඳදෙයක්..

      Delete
  12. blank

    අපුරු කවි සිතුවිල්ලක්..! ලස්සනයි..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තැන්කූ තැන්කූ චන්දන

      Delete
  13. google

    හිතට දැනෙන අදහසක්!
    ලස්සනයි!:)

    ReplyDelete
  14. blogger_logo_round_35

    මදෑ නලීන අයියේ.... මං සෑහෙන පරක්කු වෙලා නේ... හම්මෝ....

    මාරයියගේ රෙසිපියක් අත්හදා බලන්න ගිහින් උදේ මේ පැත්තේ එන්න බැරි උනා.... හි හි...

    ඔන්න මට කවි විචාර නම් බැරියෝ.. ඒත් එකක් තියෙනවා... මම නලින් අයියගෙන් මේ වගේ කවියක් ලියවෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ.... ඔයා හැම තැනම කිය කිය යන්නේ මම නාකියා කියලානේ...හි හි..

    මම හරි අමුත්තක් දැක්කේ මේ කවියේ.... ඇත්තටම ආදරයද, කරුණාවද, සෙනෙහසද කියලා කියන්න බෑ... නමුත් අමුතු මිහිරි හැඟීමක්..... ලස්සනයි පද ගැලපුම......

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අද කාලේ තරුණ තරුණියන්ගේ ලෝකෙ මගේ කෝණයෙන් දැක්ක හැටි. මම හිතින් ඒ වයසට ගිහින් තමා ලිව්වේ.

      Delete
  15. .com/-YyXRCzN9Al0/UwpB3WiA0EI/AAAAAAAAAk4/cl4JgAl2_R4/s35/

    ලස්සණයි... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හම් හම් හැමදාම මට සුබ පතනවා මලය

      Delete
  16. blogger_logo_round_35

    ලස්සණයි නලීන්. හරිම ලස්සණයි.
    කලාව කවදද වයසට ගියෙ. කලාකාරයොත් ඒ වගේමයි. අත්දැකීම් බහුල වෙන්න වෙන්න, කලාකාමී සිත තව තවත් ඔප මට්ටම් වෙනවා.
    කියන්නම ඕනෙ.. හොඳහිත හැමදාම තරුණයි!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි සමු...

      Delete
  17. Image0186

    කවි තේරුම් ගන්න මට සෑහෙන දගලන්ඩ ඕනා බන්.. ඒක හින්දා මම කවි කියවන්ඩ අලසයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කවි රස නොවින්දත් සෙන්නා මේ ඉසව්වට ආපු එක නම් මට ලොකු හයියක්..බොහොම ස්තුතියි

      Delete
  18. Reading-a-book-001

    කවි ටික නම් ගින්දර වගේ. හරිම ලස්සනයි.ඒත් අවුලකට තියෙන්නේ මට ආදරය ප්‍රේමය වගේ මාතෘකා ජීර්ණය වෙන්නේ නැති එකයි.

    ReplyDelete
  19. 1+-+Copy

    අඩේ මෙන්න මේකා කවි ලියන්න පටං අරන්. උඹ ආයෙම බොන්න ගත්තාදමචං?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  20. blank

    අපූරුයි අංකල්! :) ජය!

    ReplyDelete
  21. BeFunky_DSCI1194.jpg
  22. images+%2826%29

    මේ පද දකිද්දී කවුදෝ මතක් වුනා..
    රූපේ ගැලපුනාද මන්ද අංකල්..නියමයි :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT