රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-08-14

“ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහින්” රට හෙල්ලූ පත්තර හෙඩිමක්

කාටුන් චිත්‍රයක් මුල් පිටුවේ මුලින්ම යෙදූ ශ්‍රී ලංකාවේ 
ප්‍රථම සිංහල පුවත්පත ‘කවට කතිකයා’

කර්තෘ -: ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි 
ආරම්භය -: 1872 ජනවාරි 01
මිල-පිටපතක් සත 6යි

1872 ජනවාරි 15 දෙවන කලාපයේ කාටුනය සහිත මුල් පිටුව
අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ, මෙහෙකම් කළ ස්වදේශීකයන් දුර්වලයන් ලෙස කටයුතු කළ අවදියේ ඔවුන් මුදාගෙන මානසික උත්තේජයක් දීමට ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි 1872 , ජනවාරි 01දින ශ්‍රී ලංකාවේ ප්‍රථම කවට පුවත්පත වූ “කවට කතිකයා” ආරම්භ කරන ලදී.


දීර්ඝ කාලයක් සිංහල ජනයාගේ සිත් තදින් ඇද බැඳ ගත් ඉතාමත් ජනප්‍රිය වූ මේ පුවත්පත පවත්වාගෙන ගියේ එදා තරුණයකු වූ 23 හැවිරිදි වියේ පසු වූ පෑලියගෙඩ ඩී. ජී. පෑලිස් අප්පුහාමිය.
මේ පුවත්පත සිංහල ජන සමාජයේ සිත් පින වූ නිසා ඔහු මිය යනතුරුම වසර 40ක් කර්තෘ ධුරය දරමින් එම පුවත්පත පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. 1872 ජනවාරි 01 සිට 1910 දක්වා කර්තෘ ධුරය ද දරමින් වාර්තාවක් ද පිහිටුවේය.
ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි


ඇතුළත කාර්ටුන්


‘කවට කතිකයා’ පත්‍රයේ අරමුණ ප්‍රකාශ කිරීම සඳහා මුල් පිටුවේ කවියක් ද යොදාගෙන තිබුණි.

සිතට පිරියක් කනට මිහිර කවට කමුත්            කරමු
තැනට හොබින පුවත් අනෙක පෙළින් පෙළම කරමු
නිවට නොවම දුදනන් ගති හරිනට තැත්           කරමු
කවට කතික නමින් මෙපත ලක තුළ පළ         කරමු

මෙහි මුල් පිටුවේ දුටුවන් වශීකරන සිනහා උපදවන විකට කාටුනයක් පළ වී තිබුණි. එම කාටුනයේ ලිවීමට යොදාගත් පිහාටු පෑනක් අතින් ගත් පැසුණු රැවුළකින් යුත්, දත් සියල්ලම පෙනෙනා ලෙස සිනාසෙන කවට මුත්තා මේසයක් මත යමක් ලියමින් සිටියි. ඒ අසල විකට ඇඳුමින් සැරසුණු හනුමාය. ‘කවට කතිකයා’ පුවත්පතේ මුල් පිටුවේ සංකේතය වූයේ මේ කාටූන් චිත්‍රයයි.

කවට කතිකයා කර්තෘ පෑලිස් අප්පුහාමි පහත් පෙළේ විහිළු කරන්නකු නොවීය. ඒවා උසස් තත්ත්වයේ තිබූ නිර්මාණාත්මක ඒවාය. තම පත්‍රය බොහෝ දෙනාගේ විනෝදයට හේතු වන පරිද්දෙන් පවත්වාගෙන යාමත් බෞද්ධයන්ට අන්‍ය ආගමිකයන්ගෙන් එල්ල වූ විවේචනවලට උපහාසාත්මකව පිළිතුරු දීමට යොමු වීම නිසා කවට කතිකයා බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය.


මුල් පුවත්පත්වල කාටුන් චිත්‍රය යටින් යොදා තිබූ කව පසු කාලයේ දී වෙනස් විය.

සිතට පිරිය බස් ලියුමට පෑන අතට .........ගත්තා
පවට ඔබින දුසිරිත් දුරලෑම නිතර ...........යුත්තා
කවට කමක් ලැබුණොත් අත නාරිනඑක සත්තා
ලකට පහළ මම ද කවට කතික ..............මුත්තා

“අමුඩ හෙඩිමට උසාවි ගිය ඩී. ජී.පෑලිස් අප්පුහාමි ”

“ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහින්” යන සිරස්තලය යටතේ කවට කතිකයා කලාපයක ලිපියක් පළ කිරීම නිසා රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. මේ සිරස්තලය නිසා එකල යටත් විජිත පාලකයන් පෑලිස් අප්පුහාමි සමඟ මහත් උරණ විය. කෝපාවිශ්ඨ වූ ඔවුන් පෑලිස් අප්පුහාමිට විරුද්ධව රජ පවුලට අපහාස කිරීමේ චෝදනාවට අධිකරණයේ නඩු පැවරීය.

පෑලිස් අප්පුහාමි එම ලිපියෙන් කියා තිබුණේ රජ පවුලේ ඡායාරූපය වෙළෙඳ ලකුණක් ලෙස යොදාගෙන අමුඩ ලේන්සු වර්ගයක් නිෂ්පාදනය කිරීම පිළිබඳ යි.
ඉංග්‍රීසි රජය ඔහුට විරුද්ධව නඩුව අසන දිනයේ දී උදේ පාන්දරින් සුදු සරමක් සහ සුදු කෝට් එකකින් සැරසී උසාවියේ පෙනී සිටියේය.
නඩු වාරය එළඹීමත් සමඟ පෑලිස් අප්පුහාමි නඩුකාරතුමා ඉදිරියේ පෙනී සිටියේය. පෑලිස් අප්පුහාමි වෙනුවෙන් නීතිඥ මහත්වරු නොමිලේ පෙනී සිටීමට ඉදිරිපත් වූවත් තම නඩුවට තමාම පෙනී සිටියේය.
ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි
ඩුව විභාගයට ගත්තේය. විනිශ්චයකාරතුමා රජ පවුලේ රුව සහිත අමුඩ ලේන්සුවක් ඇත්නම් පෙන්වීමට රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කිසිවකු ළඟ රජ පවුලේ රුව සහිත අමුඩ ලේන්සුවක් නොවීය.

තමාගේ අවස්ථාව ලබාගත් පෑලිස් අප්පුහාමි උසාවියේ දී තම උඩුකය වසා සිටි ඇඳුම පළමුවෙන්ම ගැලැව්වේය. ඉන් පසු සරම ද ගලවා දැම්මේය. අමුඩය උස්සා ලේන්සුවේ ඉංග්‍රීසි රජ පවුලේ රූපය පෙන්වීය. විනිසුරුවරයාට ‍වෙනත් සාක්කි අවශ්‍ය නොවීය.

එහෙත් එයින් නොනැවතුණු පෑලිස් අප්පුහාමි අමුඩ ලේන්සුව මුළු මනින්ම ගලවා පෙන්වීමට උස්සාහ ගත්තේය. විනිසුරුවරයා වහාම ඔහුව නිදහස් කර වහාම උසාවියෙන් එළවා දැමුවේය.

ඊට පසු දින පෑලිස් අප්පුහාමි උසාවියෙන් නිදහස් වීමේ පුවත පළවූයේ තවත් අපූරු ‍හෙඩිමක් සමඟිනි.

“රජ අමුඩේ නිදහස් වේ” ලෙසිනි


ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව පෑලිස් අප්පුහාමි කතුවරකු ලෙස අභීතව මෙන්ම නිර්භීතව ක්‍රියා කළ අයුරු අද ද පුවත්පත් කතුවරු කතා කරයි.

ටොන් ගණනිත් කබර අත යට විකිණීමට තිබේ

පෑලිස් අප්පුහාමිගේ ගුරුවරයකු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි දිනක් මාළිඟාකන්ද පිරිවෙනට පැමිණි පෑලිස් අප්පුහාමිගෙන් මෙසේ විමසූවේය.

“කෝ අප්පුහාමි හැමදාම කාටත් විහිළු කරනවා කවදාවත් මට විහිළුවක් කරනෑනේ” යැයි පැවසූවේ.

පෑලිස් අප්පුහාමි පසුදින කවට කතිකයා පුවත්පතින් අපූරු පුවතක් පළ කළේය. 
‘ටොන් ගණනින් කබර අත යට විකිණීමට තිබේ. 
         විමසීම් -: මාළිගාකන්ද පිරිවෙන මරදාන. 

පත්තරය දුටු සුමංගල හිමියෝ කෝපාවිශ්ඨ වූහ. පෑලිස් අප්පුහාමි සොයා ඔහුගේ නිවසට ගියහ. පෑලිස් අප්පුහාමි හිමි එන බව දැක සැඟවුණේය. ගෙදරින් පෑලිස් අප්පුහාමි දුර ගනමක් ගිය බව පැවසුවේය. හොඳයි ආපු දෙන්කෝ පෑලිස් යැයි පවසා හිමි මාළිගාකන්දට වැඩම කළහ.


සුමංගල හිමියන්ගේ දකුණු අත යට කුඩා කබර සුදු පැල්ලමක් විය. තම ළඟින් ඇසුරු කරන කිහිප දෙනෙකු පමණක් දන්නා මේ පුවත පෑලිස් අප්පුහාමිගේ ප්‍රවෘත්තියෙන් මුළු රටම දැන ගැනීම සුමංගල හිමිගේ කෝපයට හේතුවිය. පසුව පෑලිස් අප්පුහාමි හා සුමංගල හිමි සුහද වීය.

අධිකරණය හමුවේ සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට අවශ්‍ය වූ අයකුට ඩී. බී.ජයතිලක මහතා විසින් චරිත සහතිකයක් ලබා දෙන ලදී. මේ පිළිබඳ දැනගත් පෑලිස් අප්පුහාමි කවියකින් ‘කවට කතිකයා’ මඟින් ඩී. බී. ජයතිලක මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බව පැවසේ.

ද ඩි බිඩි ජයතිලක දුර දිග නොබලා
ද ඩි බිඩි ගා දුනි කැරැට්ටුව     ලියලා



කවට කතිකයා පුවත්පතින් පසු බොහෝ කවට පුවත්පත් ඒ වකවානුවේ බිහි වූ නමුත් පෑලිස් අප්පුහාමි‍ගේ කවට කතිකයා තරම් ජනයාට සමීප වීමට ඒ පුවත්පත්වලට නොහැකිවිය.

කවට කතිකයා - පෑලිස් අප්පුහාමි 1872.01.01
කවට මිත්‍රයා - පී. ෆොන්සේකා 1889.04.13
කවට දූතයා - සී. එන් ද සිල්වා 1889.07.10
ලංකා කවට මිත්‍රයා - 1890.08.10
කවට නරේන්ද්‍ර - දොන් බස්තියන් 1891.08.15
කවට රාළහාමි - එම්.ඩබ්.සී. ධර්මවර්ධන 1893.09.15
කවටයා - පේදුරු සිල්වා 1894.09.15
දැනුමැති කවටයා - ඒ. ජේ. පෙරේරා 1895.07.12
මොරටු නරේන්ද්‍රයා - ඩබ්. එච්. ප්‍රනාන්දු 1899
කවට රාළ - 1910.01
සිංහළ කවටයා - බී. එම්. ප්‍රේරා 1912.12.14
කවට අඟන - 1914
කවට තිලක - ඩබ්. එම්. පෙරේරා
ලංකා කවටයා - 1916
කවට රාජ්- ඊ. එස්. ජයසූරිය 1918

ජී. ඩී‍. පෑලිස් අප්පුහාමි චරිතාපදානය 
ගුරුන්නාන්සේගේ දොන් පෑලිස් අප්පුහාමි උපත ලැබුවේ 1847 පෙබරවාරි 27 දින කොළඹ තෙළඟපාත ගමේ දීය. කොළඹ පෑලිගොඩ පන්සලෙන් අධ්‍යාපනය ලබා දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ සිසුවකු බවට පත්විය. සිංහල සංස්කෘත පෝපාතිග්ශාස්ත්‍රයේ පෘථුලයකු බවට පත්විය. කවි ලිවීමේ ද දක්ෂයකු බවට ද පත්විය. 1872.01.01 දින “කවට කතිකයා’ නමින් ප්‍රථම කවට පුවත්පත ආරම්භ කරන ලදී. එහි මිල කි.


මාලිගාකන්ද වි‍දෝදය පිරිවෙන පිහිට වීමේ මූලික වූ විද්‍යාධාර සභාවේ ආදි සාමාජික‍ෙයකි. 1873 ලියන ලද විද්‍යාධාර සභාවේ පළමු ඔප්පුවට අස්සන් කළ 12 දෙනා අතරින් එක් අයකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ගෝලයෙකි. ඔහුගේ දැඩි භක්තිම‍තකි. උන්වහන්සේට ද අහිංසක කවටකම් කෙළේය. 1903 බොම්බා‍යේ පැවැති පුවත්පත් කතුවරුන්ගේ සමුළුවට සහභාගී වී ඇති එතුමා දුනපරේවාදය, මහියංගණවර්ණාව, වල්පොළ පින්කම, කෝරළ ශාන්තිය, දශග්‍රහ ශාන්තිය පොත් රචනා කෙළේය. කවට බසින් රටක් හිනැස්සූ පෑලිස් අප්පුහාමි 63 වසරක් ආයු වළඳා 1910 සැප්තැම්බර් 4 වැනිදා මෙළොවින් සමු ගත්තේය. ඔහු වසර 40ක් ‘කවට කතිකයා’ පුවත්පතේ කතුකම දරා වාර්තාවක් ද පිහිටුවූයේය.
අශ්‍රිත ග්‍රන්ථ:

ආශ්‍රිත ග්‍රන්ථ :- කලුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමි :-
සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය, සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ 2012 :- සඳගෝමි කෝපරහේවා
කවට කතිකයා පළමු කාණ්ඩය- පෑලිස් අප්පුහාමි 1872

විශේෂ ස්තුතිය -  කවටකතිකයා පුවත් පතේ මුල් පිටපත්වල ඡායා පිටපත් ලබා දුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමෙනිතුවේ අධ්‍යක්ෂිකා සරෝජ වෙත්තසිංහ මහත්මියට සමන්තිකා ගුණවර්ධන සරත් දිපවංශ නාමල් රොෂාන් සුනේත්‍රා අතපත්තු මහත්ම මහත්මීන්ට මාධ්‍යවේදි ජයතිස්ස තේන්නකෝන් මහතාට


නන්දික බැද්දේගම

25 comments:

  1. මාරම ස්තුතියක් දෙන්න ඕන මේකට.. තැන්කුයි නන්දික හා නලියාට...

    ReplyDelete
  2. කවට කතිකයා සඳහා ඉන්ගලන්තෙ Punch සඟරාව මොඩ්ල් එක විදිහට ගත්තද දන්නෙ නෑ නේද නලීන්?

    ReplyDelete
  3. අර නඩුවෙන් බේරුන විදිහ නම් මරු. අමුඩෙ පෙන්නලා. :)

    ස්තූතියි විස්තරේට, නලින් අයටත් නන්දිකටත්.

    ReplyDelete
  4. දෙන්නටම ස්තූතියි මේ සුපිරි විස්තරේ බෙදාගත්තට..

    ReplyDelete
  5. එච්චර ඈත අතීතෙත් පත්තර කාටූන් තිබුන කියල අදනෙ දැනගත්තෙ.

    ReplyDelete
  6. නලින් අයියා..විස්තරේ නම් පංකාදුයි..

    පෑලිස් කියන්නේ එසේ මෙසේ බඩුවක් නෙමෙයි බලන් ගියාම.

    ඔය මනුස්සය මේ කාලේ හිටියනම් මොනවයින් න්මොනවා වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බෙරෙගෙදර වැඩට ගන්නව.ඉට පස්සෙටික ඔන නැනේ

      Delete
  7. මේ වගේ ලිපි සිංහල බ්ලොග් අවකාශේ තියෙන්න ඕනි.කවද හරි අපේ ළමයෙක්ට වත් මේව ගැන දැනගන්න ඕනි උනොත්.මහන්සි වෙලා හොයලා මෙව්වා දානවට උඹටයි නන්දික බැද්දේගමටයි පිං.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි දෙන්නටම.රසවත් ලිපියක්.එකාලෙත අද වගෙම මොකක් හරිවැඩක් නැගල ගියොත් අමු අමුවෙම කොපි තොග ගානට එන එක තිබිල නේ

    ReplyDelete
  9. Punch sangarawa Arambakale koikaledakiyala balala apatath kiyanna Prajay.

    ReplyDelete
  10. නඩුවට තමන්ම කතා කරගත්ත එකනම් මරු.

    ReplyDelete
    Replies
    1. තාමත් එහෙම පුලුවන් නේද

      Delete
  11. ඒ කාලෙත් එක්ක බලද්දි පවුලිස් කියන්නෙ මාරම මාර පොරක්!

    ReplyDelete
  12. මීට පස්සේ අපි නලීන්ට කවට කතිකයා කියලා කියමුද ?

    ReplyDelete
  13. මම හිතුවේ විලියම්, කේට් දෙන්නට මඩක් ගහලා කියලා...:D:D

    ReplyDelete
  14. ලස්සන ලිපියක්....
    මේ වගේ ලිපි තව තියෙනවා නම් ලියන්න. ! නන්දිකට නන්රි !

    ReplyDelete
  15. වටිනා කතාවක්.. ඇත්තට ම දැනුමට යමක් එකතු කරාට ස්තූතියි නන්දික

    ReplyDelete
  16. මෑතකදී ඔබ ලියන ලද ඉතාම හොඳ ලිපියක් නලීන්. ඉහලින්ම අගය කරනවා. තවත් මෙවැනි ලිපි ලියන ලෙස ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. නන්දික බැද්දේගම කියලා කෙනෙක් ලියලා තියෙන්නෙ.

      Delete
  17. මුල් වරට තමයි මේ පුවත දැන ගත්තෙ....ඉතාම අගය කරනවා මේ ලිපිය...ඒ වගේම යටත් විජිත කාලෙදි කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න පෑලිස් අප්පුහාමි මහතාට තිබුන ධෛර්යය අගය කල යුතුයි. අද කාලෙ ආණ්ඩුවට කඩේ නොයන එක මාධ්‍යවේදියකු හෝ සිටිත්ද කියලයි මම කල්පනා කලේ.

    ReplyDelete
  18. නලින්ට හා නන්දිකට ස්තුතියි
    පත්තරේ ගාන මගහැරිලා වගේ බලන්න මෙන්න මෙතන පොඩ්ඩක්
    "1872.01.01 දින “කවට කතිකයා’ නමින් ප්‍රථම කවට පුවත්පත ආරම්භ කරන ලදී. එහි මිල කි."

    ReplyDelete
  19. සෑහෙන්න වටින ලිපියක්. බොහෝම පිං. මේවගේ ඒව්ව තව ඒමට අැති.

    ReplyDelete
  20. බොහොම වටින ලිපියක්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්