දිනය 1751 නොවැම්බර් 27 වැනිදාය. වේලාව පෙරවරු දෙකය. දළ සහිත වල් ඇතෙකු පවුර බිඳ ගෙන නගරය තුළට කඩා වැද ඇතැයි යන ආරංචිය දසත පැතිරිණි. දැනට රීගල් සිනමා ශාලාව තිබෙන තැන පිහිටි රොටර්ඩෑම් අට්ටාලයට පීරා ඇතුළු වූ හස්තියා එහි සිටි ආරක්ෂක සෙබළුන් දෙදෙනා ගෙන් එක් අයෙකු මරා අනෙකාගේ අත ඩැහැගත්තෙලු.
කොළඹ නිල වාර්තාවෙන්ම උපුටා දක්වන පහත සටහනෙන් එකල කොටුව අවට පැවැති පරිසර පද්ධති කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීම අපහසු නැත.
...මින් පසු ශ්‍රීමත් ආණ්ඩුකාරතුමා ආඥාවක් නිකුත් කළේය. ආඥාව වූයේ ඔවුන්ගේ තෝනි (ඔරු) නම් යාත්‍රා ද මාලදිවයින් යාත්‍රාකරුන් ඔවුන්ගේ බෝට්ටු ද දියත් කරමින් වල් ඇතා ග්‍රහණයට ගත යුතු බවයි. කඹ පිරවූ බෝට්ටුවක් ද මේ සඳහා ඔවුන්ට සපයන ලදි. දහවල් එක වන විට ඇතාගේ පස්සා කකුල් අල්ලා බැඳීමට හැකි විය. මෙහිදී තමා වෙළූ සියලුම බැමි බිඳ හස්තියා කැලේට රිංගා ගත්තේය..
(කොළොම්පුර පුරාවෘත්ත)
මේ සම්බන්ධයෙන් ආර්.එල්. බ්‍රෝහියර් මහතා මෙසේ නිගමනය කළ බව සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.“මේ සිද්ධිය මඟින් එකල කොලොම්පුරයේ භූ ලක්ෂණය ද කිසියම් ප්‍රමාණයකට අනාවරණය වේ. නගරයේ උතුරු, නැගෙනහිර හා දකුණු දිශාවන්හි ගන කැලෑ පැතිරී තිබූ බව මෙයින් පැහැදිලිය.”
අද තාක්ෂණික විද්‍යාලය පිහිටා ඇති ස්ථානය හා ඒ අවට ද එකල කැලෑ ප්‍රදේශයක්ව තිබී ඇත. තාක්ෂණික විද්‍යාලය පිහිටා ඇති හන්දිය යන අදහසින් “ටෙක්නිකල් හන්දිය” ලෙසින් නම් වත් වී ඇත.
ටෙක්නිකල් හන්දිය පිළිබඳ කේ.ජයතිලක ශූරීන්ට තිබූ මතකය නම් මේ ආකාරය.
“හතලිහ දශකයේ දී පවා ටෙක්නිකල් හන්දියෙන් යෑම ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ. සවස හය හත වුණු හැටියේ ඒ අවට කැලෑවේ හැංගිලා ඉන්න හොරුන්ගෙන් බේරිලා යන්න හරිම අමාරුයි. හවසට ගාලු මුවදොර පැත්තේ ඇවිදලා ආපසු යනකොට අපි යන්නේ කමිසවල බොත්තම් ගලවාගෙනයි. කමිස ද සුළඟට විසිරෙන්න හැරලා පිස්සු හැදුණු එකකු වගේ තමයි ටෙක්නිකල් හන්දිය පසු කරන්න ඕනෙ. නැත්නම් හොරු අත මිට සූර ගන්නවා.”
ටෙක්නිකල් හන්දිය එදා සොර සතුරන්ගෙන් ගහන වූ මූකලානක්ව තිබූ බව මින් පැහැදිලි කරුණකි.
අද නගරය ඉතා දියුණුවට පත්ව ඇත. බොහෝ ප්‍රදේශවලට යෑමට ටෙක්නිකල් හන්දිය පසු කළ යුතුය. අලුත්කඩේ උසාවිය පෙදෙසට ද කොළඹ-නුවර-මීගමුව ප්‍රදේශවලට ද බොරැල්ල-මරදානට ද, කොටුව-පිටකොටුව ආදී ප්‍රදේශ කරා යෑමට මේ ස්ථානය මඟීන්ට වැදගත්ය.
ඒ වගේම කොළඹ නගරයට ප්‍රවිශ්ට වීමේ දී මේ හරහා ආ යුතු ය. එබැවින් කොළඹ නගරයට ඇතුළුවන මඟීන් ටෙක්නිකල් හන්දිය හොඳින් හඳුන්වා ඇත.
එදා නම කියූ පමණින් කවුරුත් බිය ගැන් වූ ටෙක්නිකල් හන්දිය අද මනා අවබෝධයෙන් හා බුද්ධියෙන් යුතුව පසු කළ යුතු මං සන්ධියක් බව නම් පැවැසිය යුතුය.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
වැදගත් ලිපියක්.......... දැනුම අතින් බොහොම ප්‍රයෝජනවත්
ReplyDeleteඅපෝ ඕවා මොනාද මෙයා. ඔය දැනුත් ඉන්නෙ ආගමේ නාමයෙන් අහ වලාගේ නම කියලා බෙල්ල කපන උන්... මංකොල්ල කනව වගේද ඒක....
Deleteඅත්තනගල්ලත් පැරදුණු එකේ ඕව මොනාද ඇනෝ.
Delete
ReplyDeleteරසවත් අතීත තොරතුරු. බ්‍රෝහියර් ගේ වාර්තා වරින්වර පලකරන්න පුලුවන්නම් හරිම වටිනවා.
ටෙක්නිකල් හන්දිය දැනුත් බොහොම භයානකයි වාහන ගමනාගමනයට. කිසිම පාලනයක් නැහැ. ඕනෑ ඕනෑ විදිහට යනවා සමහර වෙලාවල.
බ්‍රෝහියර ගේ සටහන් ටිකක් දාන්නං කෝ ඉදිරියට
Deleteඒ කාළේ මොකක්ද බං. අදත් මහ දවාලේ ඔය කිට්ටුවම කළු කෝට් ගාහපු ටයි දාපු සෙට් එකක් මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන්නේ කිසි ලැජ්ජාවක් නැතුව. එකෙක්ටවත් බය නෑ.
ReplyDeleteවල්ලාපට්ට.....
Deleteමටත් මතක් වුනේ ඔය සීන් එක
Deleteමටත් ඇහුනෙ එච්චරයි බං
DeleteHmm
Deleteමාතලන් කියන්නෙ ඔය අලුත් කඩයක් ගැනද?
Deleteමුදලාලිලා ඉන්න..
ගින්දර මාතෙ !!!
Deleteනිල අවසරයකින්නේ එයාලා ඒක කරන්නේ මචෝ.
Delete//අද මනා අවබෝධයෙන් හා බුද්ධියෙන් යුතුව පසු කළ යුතු// කියන්නෙ ඒක වෙන්නැති. :D
Deleteමරේ මරු. හෙන ආසයි මේ වගේ ඒවා බලන්න
ReplyDeleteකියවන්න ආසම නැද්ද?
Deleteදැකුමත් එක මොකද්ද එකක් කියනවනේ
Deleteටෙක්නිකල් හන්දිය ගාවින් මේ ලගකදිත් ගියා.දැන් කොළඹ කෑලැ නැහැනේ.තියෙන්නේ උද්‍යාන විතරයිනේ.
ReplyDeleteකැලෑනම් දැන් නෑ ඒත් මේ තැන ගැන හොද විපරමින් යන්න ඕන තැනක්
Delete1800 ගණන් වලත් කොලඹට කිට්ටුව අලි අල්ලන්න ඈත් ගාල් (kraals) තිබිල තියනව.
ReplyDeleteදැන් නම් ඇතුල් කෝට්ටේ පැත්තේ අලි අනාථාගාරයක් නම් තියෙනවා
Deleteදැන් අල්ලන්නේ කොල්ලුපිටිය පැත්තේ තියෙන මන්දිරේකින්.
Deleteඑහෙමද? මට මතක නැනේ මචංලා.
Delete@ pra jay
Deleteම්ඤ්ඤං ද?
ඒ දවස්වල කොච්චර හොද පරිසරයක් තියෙන්න ඇද්ද.. අද කොන්ක්‍රිට් වනාන්තරයක්.
ReplyDeleteසංවර්ධනයේ ප්‍රතිපාදන. ඒවට ආස වුණාට ඔතැන පැය ගණන් ලගින්න වුණොත් කතාව වෙනස් නේද?
Deleteසොර සතුරො නම් දැනටත් ඉන්න එකේ ඔය ගහ කොල ටිකත් ඉතුරු උන නම්.
ReplyDeleteඑහෙම නං ඒත් අපිම බනිනවා නේද ඇයි යකෝ මුන්ට මේකවත් හදන්න බැරි කියලා.
Deleteමං දැක්කා නලියා දෙකක් දාගන රෑ ටෙක්නිකල් හන්දියේ රබර් ඇහැ දාගන ඉන්නවා රෑ කුමාරියො දෙන්නෙක් දිහාවේ
ReplyDeleteඅඩේ උඹත් ඒ දිහා ඇහැ ගහං හිටියද? අපරාදේ කතා කරන්න තිබුණේ ඒ වෙලාවේ.
Deleteදෙන්නම එකට බැහලා එහම නොන්ඞි කරන එක වැරදි ඇනේ
Delete//හවසට ගාලු මුවදොර පැත්තේ ඇවිදලා ආපසු යනකොට අපි යන්නේ කමිසවල බොත්තම් ගලවාගෙනයි. කමිස ද සුළඟට විසිරෙන්න හැරලා පිස්සු හැදුණු එකකු වගේ තමයි ටෙක්නිකල් හන්දිය පසු කරන්න ඕනෙ. නැත්නම් හොරු අත මිට සූර ගන්නවා.” //
ReplyDeleteදැං කියලා වෙනසක් නෑ. දැං කමිසවල බොත්තං දාල තව ටයි කෝට් එහෙමත් දාපු මහත්හොරු ටෙක්නිකල් හන්දියේ පිටිපස්සට වෙන්ට තියෙන කන්ද උඩ ඉඳල ඒ පැත්තට යන අයගෙ අතමිට විතරක් නෙවේ සබ්බ සකළමනාවම හූරගන්නවා.
ඒ ගැන තමා රතු පාටින්ම ඉගි කර ඇත්තේ.
Deleteඔය ඇතා නැවකින් රට පටවන්න සෙට් කරපු එකෙක් වෙන්න ඇති.
ReplyDeleteඒ ගැන නොදනිමි තොරතුරු.
Deleteඑහෙනම් හම්බන්තොටත් කොළඹ වගේ කරන ඒක එච්චර දෙයක් නෙමේනේ....... එදාට ....... ලෙනාඩ් වුල්ෆ්ගේ ...... හම්බන්තොට ගැන ලියපු කටුක සටහන්, මේ වගේ ඉදිරිපත් කරවී.....
ReplyDeleteකොළඹට ආවේ එදා එක ඇතැයි....... හම්බන්තොටට අලි රෑනක් ආපු වෙලාවේ එයාලව එලවන්න , සෙල්ලම් පිස්තෝලෙකින් වෙඩි තියපු හැටි..... අපි නාකි උනාම ලස්සනට ලියල තියෙයි නේද.... නලින් , මේවත් අපේ ඉතිහාසෙට එකතු වෙලා.
ලෙනාඩ් වුල්ෆ් ගැන අප ලියු සටහනක් මෙතැනින් කියවන්න
Deleteබැද්දේගම හා ලෙනාඩ් වුල්ෆ්...... හා මත්තල .... හරියට හරි.....මත්තල කියන්නේ එදා බැද්දෙගමලු....... දැන් කොළඹට දෙවෙනි නැ.....
Deleteඑතකොට එහෙමයි ටෙක්නිකල් හන්දියෙ වග තුග...
ReplyDeleteටෙක්නිකල් හන්දිය මමත් කාලයක් දවස ගානේ පහු කරපු තැනක්. එක කාලයක් ටෙක් එකේ බිත්තිය අයිනේ තියෙන මහ ගස් මුල කාඩ්බෝඩ් වලින් හට් ගහගෙන පවුල් කීපයක් පදිංචි වෙලා හිටියා. මම නොවරදවාම ඒ පැත්ත බලාගෙන යනවා. හිතෙන් මම කොච්චර වාසනාවන්තද කියලා හිතමින්.
ReplyDeleteඅම්මෝ බයේ බෑ.
ReplyDeleteඔය වගේම බය හිතෙන දෙයකට මෑත අතීතයේ ටෙක්නිකල් හන්දියෙ සිද්ධ වුණා.අපේ රණවිරුවන් පිරිසක් දෙමළ දැරිවියකට ආදරය කරපු හැටි මතක නැද්ද?ඒත් ඔය ටෙක්නිකල් හන්දියෙ මෑත කාලයෙ සිදු වූ විශාලම ඛේදවාචකය හැටියටනෙ වාර්තා වුණේ.ඔය අවට තියෙන ලැගුම්හල් වල කාන්තාර ඇතුළෙ සිදු වූ දේවල් බොහොමයක් අදත් සිද්ධ වෙනවා.වෙනසකට තියෙන්නෙ මූකලානක් නැති එක විතරයි
ReplyDeleteදැන් නම කියවනකොට බයවෙන හන්දිය තියෙන්නෙ ටෙක්නිකල් හන්දියට උඩහින්.. හල්ට්ස්ඩොර්ෆ්
ReplyDeleteMAMATH TECHNICAL EKE AWRUDU 30K HITIYA, EKA DAWASAK MANKOLLA KARAYEK PIHIYEN ANNA SALLI MALLA UDURA GANNA, WASANAWAKATA BERUNA.
ReplyDeleteතිස්ස අබේසේකර ගේ අයාලේ ගිය පොතේ හැව්ලොග් එකට ආ අලියෙක් ගැන කතාවක් තියෙනවා.
ReplyDeleteපට්ටයි එල සුපිරි (ලිපිය)
ReplyDeleteතව ටික කාලෙකිං ඔය අනිත් කැලෑ තියෙන හරියවල් ගැනත් ඔය වගේ කතා කියන්ඩ බැරියෑ.ඔක්කොම කප කප එළි කරනවනේ
ReplyDeleteෆිස්සු හැදෙනවා නේ නලින් අයියා.
ReplyDeleteඉතා වැදගත් ලිපියක්. තවත් මේ වගේ අතීත තොරතුරු ඇති මයෙ හිතේ. ඒවත් දාන්නකෝ අපිට බලන්න.
ReplyDeleteමේ මම හැමදාම උදේ හවස පහු කරගෙන යන ටෙක්නිකල් හන්දිය ගැනනේ ලියල තියෙන්නේ :D ... ටෙක්නිකල් හන්දිය හරියේ කියන්න බැරි අමුතු ලස්සනක් මොකක්දෝ ගතියක් තියනවා . ටෙක්නිකල් කොලේජ් එකත් හදල තියෙන්නේ අමුතුම විදිහකටනේ .මේකේ දාල තියන ෆොටෝ එක ට වඩා නම් ටෙක්නිකල් කොලේජ් එක ගාව අඳුරුයි ලස්සනයි .මේක කියෙව්වම මට මතක් උනේ, ඉස්සර මම ඒ ගොඩනැගිල්ලට මාරම ආසයි ඒ එකේ අමුතු ලස්සනත් පාරම්පරික ගතියත් හින්ද හැමදාම ඒ හරිය පහු කරද්දි ඒක ඇතුලට ගිහිල්ල කොඉ වගේද කියල බලන්න ඇත්නම් කියල ගොඩක් වෙලාවට හිතුන කොහොම කොහොම හරි අන්තිමට exam එකක් වැටිලා ටෙක්නිකල් කොලේජ් එක ඇතුලට නම් යා ගන්න පුළුවන් උනා :D ... ටෙක්නිකල් හන්දිය කියන්නෙ මගේ සිත්ගත් තැන් වලින් එක තැනක්
ReplyDeleteමේ දේවල් නම් කියවන්න ආස හිතෙනවා නලින් අයියා,
ReplyDeleteකොළඹට අයිති කටුබද්දේ එහෙම කොච්චර නාගරික උනත් තවම වදුරෝ, ඉත්තෑවෝ එහෙම පවා ඉන්නවානේ.. ඉතින් ඒ කාලේ හොද බැද්ද වෙන්න ඇති නේද..
හම්බන්තොටටත් හොද කලක් යාවි දවසක..:)