සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දිනය 1751 නොවැම්බර් 27 වැනිදාය. වේලාව පෙරවරු දෙකය.  දළ සහිත වල් ඇතෙකු  පවුර බිඳ ගෙන නගරය තුළට කඩා වැද ඇතැයි යන ආරංචිය දසත පැතිරිණි. දැනට රීගල් සිනමා ශාලාව තිබෙන තැන පිහිටි රොටර්ඩෑම් අට්ටාලයට පීරා ඇතුළු වූ හස්තියා එහි සිටි ආරක්ෂක සෙබළුන් දෙදෙනා ගෙන් එක් අයෙකු මරා අනෙකාගේ අත ඩැහැගත්තෙලු.

කොළඹ නිල වාර්තාවෙන්ම උපුටා දක්වන පහත සටහනෙන් එකල කොටුව අවට පැවැති පරිසර පද්ධති කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීම අපහසු නැත.

  ...මින් පසු ශ්‍රීමත් ආණ්ඩුකාරතුමා ආඥාවක් නිකුත් කළේය. ආඥාව වූයේ ඔවුන්ගේ තෝනි (ඔරු) නම් යාත්‍රා ද මාලදිවයින් යාත්‍රාකරුන් ඔවුන්ගේ බෝට්ටු ද දියත් කරමින් වල් ඇතා ග්‍රහණයට ගත යුතු බවයි. කඹ පිරවූ බෝට්ටුවක් ද මේ සඳහා ඔවුන්ට සපයන ලදි. දහවල් එක වන විට ඇතාගේ පස්සා කකුල් අල්ලා බැඳීමට හැකි විය. මෙහිදී තමා වෙළූ සියලුම බැමි බිඳ හස්තියා කැලේට රිංගා ගත්තේය..
(කොළොම්පුර පුරාවෘත්ත)
මේ සම්බන්ධයෙන් ආර්.එල්. බ්‍රෝහියර් මහතා මෙසේ නිගමනය කළ බව සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.




“මේ සිද්ධිය මඟින් එකල කොලොම්පුරයේ භූ ලක්ෂණය ද කිසියම් ප්‍රමාණයකට අනාවරණය වේ. නගරයේ උතුරු, නැගෙනහිර හා දකුණු දිශාවන්හි ගන කැලෑ පැතිරී තිබූ බව මෙයින් පැහැදිලිය.”


අද තාක්ෂණික විද්‍යාලය පිහිටා ඇති ස්ථානය හා ඒ අවට ද එකල කැලෑ ප්‍රදේශයක්ව තිබී ඇත. තාක්ෂණික විද්‍යාලය පිහිටා ඇති හන්දිය යන අදහසින් “ටෙක්නිකල් හන්දිය” ලෙසින් නම් වත් වී ඇත. 

ටෙක්නිකල් හන්දිය පිළිබඳ කේ.ජයතිලක ශූරීන්ට තිබූ මතකය නම් මේ ආකාරය.
“හතලිහ දශකයේ දී පවා ටෙක්නිකල් හන්දියෙන් යෑම ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ. සවස හය හත වුණු හැටියේ ඒ අවට කැලෑවේ හැංගිලා ඉන්න හොරුන්ගෙන් බේරිලා යන්න හරිම අමාරුයි. හවසට ගාලු මුවදොර පැත්තේ ඇවිදලා ආපසු යනකොට අපි යන්නේ කමිසවල බොත්තම් ගලවාගෙනයි. කමිස ද සුළඟට විසිරෙන්න හැරලා පිස්සු හැදුණු එකකු වගේ තමයි ටෙක්නිකල් හන්දිය පසු කරන්න ඕනෙ. නැත්නම් හොරු අත මිට සූර ගන්නවා.” 

ටෙක්නිකල් හන්දිය එදා සොර සතුරන්ගෙන් ගහන වූ මූකලානක්ව තිබූ බව මින් පැහැදිලි කරුණකි.
අද නගරය ඉතා දියුණුවට පත්ව ඇත. බොහෝ ප්‍රදේශවලට යෑමට ටෙක්නිකල් හන්දිය පසු කළ යුතුය. අලුත්කඩේ උසාවිය පෙදෙසට ද කොළඹ-නුවර-මීගමුව ප්‍රදේශවලට ද බොරැල්ල-මරදානට ද, කොටුව-පිටකොටුව ආදී ප්‍රදේශ කරා යෑමට මේ ස්ථානය මඟීන්ට වැදගත්ය. 
ඒ වගේම කොළඹ නගරයට ප්‍රවිශ්ට වීමේ දී මේ හරහා ආ යුතු ය. එබැවින් කොළඹ නගරයට ඇතුළුවන මඟීන්  ටෙක්නිකල් හන්දිය හොඳින් හඳුන්වා ඇත.
එදා නම කියූ පමණින් කවුරුත් බිය ගැන් වූ ටෙක්නිකල් හන්දිය අද මනා අවබෝධයෙන් හා බුද්ධියෙන් යුතුව පසු කළ යුතු මං සන්ධියක් බව නම් පැවැසිය යුතුය.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න 

51 comments:

  1. වැදගත් ලිපියක්.......... දැනුම අතින් බොහොම ප්‍රයෝජනවත්

    ReplyDelete
    Replies
    1. අපෝ ඕවා මොනාද මෙයා. ඔය දැනුත් ඉන්නෙ ආගමේ නාමයෙන් අහ වලාගේ නම කියලා බෙල්ල කපන උන්... මංකොල්ල කනව වගේද ඒක....

      Delete
    2. අත්තනගල්ලත් පැරදුණු එකේ ඕව මොනාද ඇනෝ.

      Delete


  2. රසවත් අතීත තොරතුරු. බ්‍රෝහියර් ගේ වාර්තා වරින්වර පලකරන්න පුලුවන්නම් හරිම වටිනවා.

    ටෙක්නිකල් හන්දිය දැනුත් බොහොම භයානකයි වාහන ගමනාගමනයට. කිසිම පාලනයක් නැහැ. ඕනෑ ඕනෑ විදිහට යනවා සමහර වෙලාවල.

    ReplyDelete
    Replies
    1. බ්‍රෝහියර ගේ සටහන් ටිකක් දාන්නං කෝ ඉදිරියට

      Delete
  3. ඒ කාළේ මොකක්ද බං. අදත් මහ දවාලේ ඔය කිට්ටුවම කළු කෝට් ගාහපු ටයි දාපු සෙට් එකක් මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන්නේ කිසි ලැජ්ජාවක් නැතුව. එකෙක්ටවත් බය නෑ.

    ReplyDelete
    Replies
    1. වල්ලාපට්ට.....

      Delete
    2. මටත් මතක් වුනේ ඔය සීන් එක

      Delete
    3. මටත් ඇහුනෙ එච්චරයි බං

      Delete
    4. මාතලන් කියන්නෙ ඔය අලුත් කඩයක් ගැනද?

      මුදලාලිලා ඉන්න..

      Delete
    5. නිල අවසරයකින්නේ එයාලා ඒක කරන්නේ මචෝ.

      Delete
    6. //අද මනා අවබෝධයෙන් හා බුද්ධියෙන් යුතුව පසු කළ යුතු// කියන්නෙ ඒක වෙන්නැති. :D

      Delete
  4. මරේ මරු. හෙන ආසයි මේ වගේ ඒවා බලන්න

    ReplyDelete
    Replies
    1. කියවන්න ආසම නැද්ද?

      Delete
    2. දැකුමත් එක මොකද්ද එකක් කියනවනේ

      Delete
  5. ටෙක්නිකල් හන්දිය ගාවින් මේ ලගකදිත් ගියා.දැන් කොළඹ කෑලැ නැහැනේ.තියෙන්නේ උද්‍යාන විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. කැලෑනම් දැන් නෑ ඒත් මේ තැන ගැන හොද විපරමින් යන්න ඕන තැනක්

      Delete
  6. 1800 ගණන් වලත් කොලඹට කිට්ටුව අලි අල්ලන්න ඈත් ගාල් (kraals) තිබිල තියනව.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඇතුල් කෝට්ටේ පැත්තේ අලි අනාථාගාරයක් නම් තියෙනවා

      Delete
    2. දැන් අල්ලන්නේ කොල්ලුපිටිය පැත්තේ තියෙන මන්දිරේකින්.

      Delete
    3. එහෙමද? මට මතක නැනේ මචංලා.

      Delete
    4. @ pra jay
      ම්ඤ්ඤං ද?

      Delete
  7. ඒ දවස්වල කොච්චර හොද පරිසරයක් තියෙන්න ඇද්ද.. අද කොන්ක්‍රිට් වනාන්තරයක්.

    ReplyDelete
    Replies
    1. සංවර්ධනයේ ප්‍රතිපාදන. ඒවට ආස වුණාට ඔතැන පැය ගණන් ලගින්න වුණොත් කතාව වෙනස් නේද?

      Delete
  8. සොර සතුරො නම් දැනටත් ඉන්න එකේ ඔය ගහ කොල ටිකත් ඉතුරු උන නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම නං ඒත් අපිම බනිනවා නේද ඇයි යකෝ මුන්ට මේකවත් හදන්න බැරි කියලා.

      Delete
  9. මං දැක්කා නලියා දෙකක් දාගන රෑ ටෙක්නිකල් හන්දියේ රබර් ඇහැ දාගන ඉන්නවා රෑ කුමාරියො දෙන්නෙක් දිහාවේ

    ReplyDelete
    Replies
    1. අඩේ උඹත් ඒ දිහා ඇහැ ගහං හිටියද? අපරාදේ කතා කරන්න තිබුණේ ඒ වෙලාවේ.

      Delete
    2. දෙන්නම එකට බැහලා එහම නොන්ඞි කරන එක වැරදි ඇනේ

      Delete
  10. //හවසට ගාලු මුවදොර පැත්තේ ඇවිදලා ආපසු යනකොට අපි යන්නේ කමිසවල බොත්තම් ගලවාගෙනයි. කමිස ද සුළඟට විසිරෙන්න හැරලා පිස්සු හැදුණු එකකු වගේ තමයි ටෙක්නිකල් හන්දිය පසු කරන්න ඕනෙ. නැත්නම් හොරු අත මිට සූර ගන්නවා.” //

    දැං කියලා වෙනසක් නෑ. දැං කමිසවල බොත්තං දාල තව ටයි කෝට් එහෙමත් දාපු මහත්හොරු ටෙක්නිකල් හන්දියේ පිටිපස්සට වෙන්ට තියෙන කන්ද උඩ ඉඳල ඒ පැත්තට යන අයගෙ අතමිට විතරක් නෙවේ සබ්බ සකළමනාවම හූරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තමා රතු පාටින්ම ඉගි කර ඇත්තේ.

      Delete
  11. ඔය ඇතා නැවකින් රට පටවන්න සෙට් කරපු එකෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නොදනිමි තොරතුරු.

      Delete
  12. එහෙනම් හම්බන්තොටත් කොළඹ වගේ කරන ඒක එච්චර දෙයක් නෙමේනේ....... එදාට ....... ලෙනාඩ් වුල්ෆ්ගේ ...... හම්බන්තොට ගැන ලියපු කටුක සටහන්, මේ වගේ ඉදිරිපත් කරවී.....
    කොළඹට ආවේ එදා එක ඇතැයි....... හම්බන්තොටට අලි රෑනක් ආපු වෙලාවේ එයාලව එලවන්න , සෙල්ලම් පිස්තෝලෙකින් වෙඩි තියපු හැටි..... අපි නාකි උනාම ලස්සනට ලියල තියෙයි නේද.... නලින් , මේවත් අපේ ඉතිහාසෙට එකතු වෙලා.

    ReplyDelete
    Replies
    1. බැද්දේගම හා ලෙනාඩ් වුල්ෆ්...... හා මත්තල .... හරියට හරි.....මත්තල කියන්නේ එදා බැද්දෙගමලු....... දැන් කොළඹට දෙවෙනි නැ.....

      Delete
  13. එතකොට එහෙමයි ටෙක්නිකල් හන්දියෙ වග තුග...

    ReplyDelete
  14. ටෙක්නිකල් හන්දිය මමත් කාලයක් දවස ගානේ පහු කරපු තැනක්. එක කාලයක් ටෙක් එකේ බිත්තිය අයිනේ තියෙන මහ ගස් මුල කාඩ්බෝඩ් වලින් හට් ගහගෙන පවුල් කීපයක් පදිංචි වෙලා හිටියා. මම නොවරදවාම ඒ පැත්ත බලාගෙන යනවා. හිතෙන් මම කොච්චර වාසනාවන්තද කියලා හිතමින්.

    ReplyDelete
  15. ඔය වගේම බය හිතෙන දෙයකට මෑත අතීතයේ ටෙක්නිකල් හන්දියෙ සිද්ධ වුණා.අපේ රණවිරුවන් පිරිසක් දෙමළ දැරිවියකට ආදරය කරපු හැටි මතක නැද්ද?ඒත් ඔය ටෙක්නිකල් හන්දියෙ මෑත කාලයෙ සිදු වූ විශාලම ඛේදවාචකය හැටියටනෙ වාර්තා වුණේ.ඔය අවට තියෙන ලැගුම්හල් වල කාන්තාර ඇතු‍ළෙ සිදු වූ දේවල් බොහොමයක් අදත් සිද්ධ වෙනවා.වෙනසකට තියෙන්නෙ මූකලානක් නැති එක විතරයි

    ReplyDelete
  16. දැන් නම කියවනකොට බයවෙන හන්දිය තියෙන්නෙ ටෙක්නිකල් හන්දියට උඩහින්.. හල්ට්ස්ඩොර්ෆ්

    ReplyDelete
  17. MAMATH TECHNICAL EKE AWRUDU 30K HITIYA, EKA DAWASAK MANKOLLA KARAYEK PIHIYEN ANNA SALLI MALLA UDURA GANNA, WASANAWAKATA BERUNA.

    ReplyDelete
  18. තිස්ස අබේසේකර ගේ අයාලේ ගිය පොතේ හැව්ලොග් එකට ආ අලියෙක් ගැන කතාවක් තියෙනවා.

    ReplyDelete
  19. පට්ටයි එල සුපිරි (ලිපිය)

    ReplyDelete
  20. තව ටික කාලෙකිං ඔය අනිත් කැලෑ තියෙන හරියවල් ගැනත් ඔය වගේ කතා කියන්ඩ බැරියෑ.ඔක්කොම කප කප එළි කරනවනේ

    ReplyDelete
  21. ෆිස්සු හැදෙනවා නේ නලින් අයියා.

    ReplyDelete
  22. ඉතා වැදගත් ලිපියක්. තවත් මේ වගේ අතීත තොරතුරු ඇති මයෙ හිතේ. ඒවත් දාන්නකෝ අපිට බලන්න.

    ReplyDelete
  23. මේ මම හැමදාම උදේ හවස පහු කරගෙන යන ටෙක්නිකල් හන්දිය ගැනනේ ලියල තියෙන්නේ :D ... ටෙක්නිකල් හන්දිය හරියේ කියන්න බැරි අමුතු ලස්සනක් මොකක්දෝ ගතියක් තියනවා . ටෙක්නිකල් කොලේජ් එකත් හදල තියෙන්නේ අමුතුම විදිහකටනේ .මේකේ දාල තියන ෆොටෝ එක ට වඩා නම් ටෙක්නිකල් කොලේජ් එක ගාව අඳුරුයි ලස්සනයි .මේක කියෙව්වම මට මතක් උනේ, ඉස්සර මම ඒ ගොඩනැගිල්ලට මාරම ආසයි ඒ එකේ අමුතු ලස්සනත් පාරම්පරික ගතියත් හින්ද හැමදාම ඒ හරිය පහු කරද්දි ඒක ඇතුලට ගිහිල්ල කොඉ වගේද කියල බලන්න ඇත්නම් කියල ගොඩක් වෙලාවට හිතුන කොහොම කොහොම හරි අන්තිමට exam එකක් වැටිලා ටෙක්නිකල් කොලේජ් එක ඇතුලට නම් යා ගන්න පුළුවන් උනා :D ... ටෙක්නිකල් හන්දිය කියන්නෙ මගේ සිත්ගත් තැන් වලින් එක තැනක්

    ReplyDelete
  24. මේ දේවල් නම් කියවන්න ආස හිතෙනවා නලින් අයියා,
    කොළඹට අයිති කටුබද්දේ එහෙම කොච්චර නාගරික උනත් තවම වදුරෝ, ඉත්තෑවෝ එහෙම පවා ඉන්නවානේ.. ඉතින් ඒ කාලේ හොද බැද්ද වෙන්න ඇති නේද..
    හම්බන්තොටටත් හොද කලක් යාවි දවසක..:)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT