නූතන සිංහල නවකතාවේ අන්තර්ගතය තුළ නව ප්‍රවණතා පහක් දකින්නට ලැබේ.
(I) ඓතිහාසික කතන්දර මූලාශ්‍ර ලෙස ගැනීම.
(II) මජර දේශපාලන සංස්කෘතිය නිරූපණය කිරීම.
(III) වලව් සංස්කෘතියේ බිඳවැටීම විග්‍රහ කිරීම.
(IV) නූතන ජීවන පැවැත්ම තුළ ස්ත්‍රියගේ පීඩනය මුදාහැරීම.
(V) තරුණ ජීවිත කේන්ද්‍රකොට පැණි කතා ලිවීම.
2013 දී ස්වතන්ත්‍ර සිංහල නවකතා එකසිය ගණනක් පළ වී තිබේ. ඉන් එකක් - දෙකක් හැරුණු කොට අන් සියල්ල අන්තර්ගතය විසින් ඉහත ශානරයක් නියෝජනය කරනු ලැබේ. නවකතාකරුවන් අතර දක්නට ලැබෙන තවත් පොදු ලක්ෂණයක් වන්නේ ප්‍රබන්ධ කතාවේ ශිල්පීය ලක්ෂණ නො සලකා හැරීම ය. කතා වස්තු පෙළගැසීම, චරිත නිරූපණය හා භාෂා භාවිතය අතින් බොහෝ නවකතා අන්තයට ම දුර්වල ය. ඒ අතර පවතින සාධනීය ලක්ෂණයක් ලෙස ගත හැක්කේ ටික දෙනකු හෝ කෙටි නවකතාව දෙසට ඇදී යෑම ය.
එච්. එම්. ජී. මැණිකේ රත්නායක විසින් රචනා කරන ලද “බොඳ වූ සිහින” නම් ප්‍රබන්ධය අයත් වන්නේ අප මුලින් සඳහන් කළ හතරවන ශානරයට ය. පුරුෂාධිපත්‍යය යටතේ ස්ත්‍රිය මුහුණ දෙන ඛේදවාචකය ඉන් නිරූපිත ය. ඉතා වේගයෙන් කතාව නිමාවක් කරා ගෙන යෑමට කතුවරිය උත්සුක වෙයි. එබැවින් මිනිස් ජීවිතයේ බොහෝ පැතිකඩ කතුවරිය අතින් ගිලිහෙයි. මේ නවකතාවේ කතාන්දරයක් මිස චරිත නිරූපණයක් නැත.
එච්. එම්. ජී. මැණිකේ රත්නායක |
සෝමාවතී ප්‍රතිභා සම්පන්න තරුණියක ලෙස ද දැක්වේ. ඕ කවි ලියති. ක්‍රීඩා කරති. මේ ගතිකය වැඩිහිටි සෝමාවතී තුළ ද දක්නට ලැබේ. පසුව ගුරු පත්වීමක් ලබන ඇය තම විදුහලේ ක්‍රීඩා අංශය දියුණු කරයි. ත්‍යාග ලබයි. එහෙත් පුරුෂයා ඊට කැමැති නැත. ඔහු කාම ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නකු ලෙස නිරූපණය කෙරේ. ඊළඟ පීඩනය මුදාහැරෙන්නේ දරුවන් වෙතින් ය. සෝමාවතීගේ එක දරුවකු හෝ දියුණුව වෙත යන්නේ නැත. සියල්ලෝ ම ඇයට හිංසා කරති. පීඩා කරති.
ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය වෙත මුදාහරින පීඩනය අවස්ථා තුනක් ඔස්සේ මතු කරන්නට කතුවරිය වෑයම් කරයි.
(I) දැරියක ලෙස මාපියන් වෙතින් ලබන පීඩනය
(II) බිරියක ලෙස පුරුෂයා වෙතින් ලබන පීඩනය
(III) වැඩිහිටි මවක ලෙස දරුවන් වෙතින් ලබන පීඩනය
සෝමාවතීගේ අප්පච්චී සාම්ප්‍රදායික මිනිසෙකි. ඔහුගේ අදහස වන්නේ ගැහැනු දරුවන් වැඩිදුර අධ්‍යාපනයක් නො ලද යුතු බව ය. ගැහැනිය පුරුෂයාට කීකරු ව ඔහුට සහාය වෙමින් නිහඬ ජීවිතයක් ගත කළ යුතු බව සෝමාවතීගේ අප්පච්චී සිතයි. ගමේ ආරච්චි ඒ සඳහා අනුබල දෙන බව ද කතාවේ දී කියැවේ. එහෙත් ආරච්චී කිසිදු තැනෙක චරිතයක් ලෙස නිරූපණය වන්නේ නැත. වැඩවසම් සමාජයේ සාම්ප්‍රදායක චින්තනය නිරූපණය කළ හැකි කදිම සාක්ෂියක් හා සංකේතයක් කතුවරිය අතින් හැලෙයි.
සාමාන්‍ය උප ගුරුවරියක ලෙස සේවය කරන එහෙත් රාජකාරියේ දී අවංක සෝමාවතීගේ ඛේදවාචකය සංවේදී ලෙස නිරූපණය වන අවස්ථා දෙකක් මේ කතාවේ එයි. පළමුවන්න නිහාල් නම් ගුරුවරයකු කේන්ද්‍ර කොට සෝමාවතී වෙත එල්ල වන චෝදනාව යි. එම චෝදනාව එල්ල කරනුයේ රත්නසිරි හෙවත් ස්වාමිපුරුෂයා ය. නිහාල් සර්ගෙන් සෝමා ණයට ලබාගත් රතු පෑන රත්නසිරි විසින් දෙකට - තුනට කඩා දමනු ලැබේ.
“අම්මේ තාත්තා මගෙන් ඇහුවා පෑන කාගෙද කියලා. ඉතින් මම කිව්වා නිහාල් මහත්තයගෙ කියලා. ඇයි මම දැක්කනෙ අම්මා පෑන ඉල්ලා ගන්නවා”
“වෙන මොනවද ඇහුවේ?”
“ඇහුවා අම්මා එයත් එක්ක කතා කරනවද කියලා. මම ඔව් කිව්වා. කොහේදි ද කතා කරන්නෙ කියලත් ඇහුවා. මම කිව්වා අපේ පන්තියේදී දවසක් කතා කළා කියලා. ඇයි අම්මේ තාත්තා අම්මට ගැහුවේ?(පිටු 50 -51)
මෙය කදිම නිරූපණයෙකි. රත්නසිරි හෙවත් ස්වාමි පුරුෂයා සිය බිරිය කෙරෙහි සැකයෙන් පසුවේ. ඊට හේතු ගණනාවක් තිබේ. පළමුවන්න ඔවුන් දෙදෙනා අතර ඇති අධ්‍යාපනයේ පරතරය යි. සැකයෙන් පසුවන රත්නසිරි තම සැකය සනාථ කර ගැනීම සඳහා සාක්ෂි විමසන්නේ සිය පුත්‍රයාගෙනි. එය ස්වාභාවික තත්ත්වයකි. සැකය සනාථ කර ගන්නා රත්නසිරි බිරියට පහර දී තර්ජනය කරයි.
“එපා යන්ඩ ඉස්කෝලෙ! ගලවපිය ඔය මං අරන් දීපු ඇඳුම්. තෝ අද ඉස්කෝලෙ යනවා නම් පල නිර්වස්ත්‍රයෙන් බැල්ලී!
(පිටුව - 51)
රත්නසිරිගේ කෝපය, ඊර්ෂ්‍යාව හා මෝඩකම පුපුරා යන්නේ එලෙස ය. දෙවන සාර්ථක නිරූපණය එන්නේ කතාවේ අගභාගයේ දී ය. සෝමාවතීගේ ලොකු පුතා හෙවත් නිමල් නන්නත්තාර චරිතයකි. ඔහු මතට ලොල් වී රස්තියාදුකාර ජීවිතයක් ගත කරයි. අමාරුවෙන් සපයා දෙන රැකියාව අහිමි කර ගනී. පියා හා සහෝදර - සහෝදරියන් ඔහු අතහැර දමන මුත් සෝමාවතීට එය කළ ෙනා හැකි විය. අවසානයේ නිමල් මිය යයි. මේ මරණයෙන් නිරූපණය වන්නේ නන්නත්තාර පුත්‍රයකුගේ ඛේදනීය අවසානය නො ව දැනට ජීවත්වන ශ්‍රී ලංකාවේ අම්මා කෙනෙකුගේ හද ගැහෙන විලාපය යි.
“බොහෝ ෙව්ලා පුතාගේ පිළිරුව දෙස බලා ගෙන කඳුළු සලන මගේ හදවත හඬා වැටෙයි. මා ඒ සිහිනයෙන් මිදෙන්නේ ජීවිතයේ අනියත බව සිහිකර මෙබඳු වැලපීමකින් ඒ දරුවාට වන යහපතක් නැති බව මෙනෙහි කරමිනි. මා මෙතෙක් කර ඇති සියලුම පින් ඔහුට අනුමෝදන් කරමින් සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී හොඳ පරිසරයක යහපත් මවුපියන් ලැබී ඉපිද මේ ලොව සියලු සැප සම්පත් ලැබී ජීවත්වීමට ලැබේවා කියා මම හැමදාම පතමි.”
(පිටුව 88)
සමස්තයක් ලෙස ගත් කළ කතුවරිය මතු කරන්නේ ශ්‍රී ලංකාවේ ගැහැනියගේ පොදු ඛේදවාචකයයි. එහෙත් මෙය තරමක් පරණ කතාවකි. අද තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. ස්ත්‍රිය සමාජයේ පෙරට පැමිණ ඇති අතර ඇය පශ්චාද් ධනවාදයේ වෙනත් ගොදුරක් බවට පත්ව සිටී. එය සංකීර්ණ තත්ත්වයකි. පුරුෂාධිපත්‍යය යන්න පරණ සංකල්පයක් වන තරමට කල් ඉකුත් වී තිබේ. අද ස්ත්‍රීහු පුරුෂයන් අන්දති. ඔවුන් මුළාවේ දමති. ස්ත්‍රී සංවිධාන විසින් ලිංගික නිදහස ඉල්ලා සිටිනු ලැබේ. ඒ සඳහා සටන් කරනු ලැබේ. දික්කසාද පෝලිම තදබදයෙන් යුතු ය. දරුවන් හැදීම මෙන් ම දරුවන් වැදීම ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. ස්ත්‍රියට කියන තරම් පුරුෂ බලපෑමක් ඇත්තේ නැත.
කතුවරිය ඇතැම්විට තම කතාවේ පසුබිම හා කාලය පටලවා ගනී. වරෙක ඈ වර්තමානය සමඟ ගැට ගැසෙනු දක්නට ලැබේ. තව වරෙක ඈ අඩසිය වසක් පමණ ඈතට යනු දක්නට ලැබේ. එක ම චරිත පද්ධතියක් සමඟ එබඳු කාල යාත්‍රාවක නිරත වීම අතාර්තික ය. කතුවරියට සමාජ පරිවර්තන ගැන වැටහීමක් නැත්තා සේම ජීවිත පිළිබඳ දැක්මක් නැති බව ද පෙනී යයි. ඇය බොහෝ සිදුවීම් පටලවා ගන්නා බව ද පෙනෙන්නට තිබේ.
කෙනෙකු මේ කතාවට ස්ත්‍රීවාදී ලේබලයක් ලබා දෙන්නට ද පුළුවන. එහෙත් ස්ත්‍රීවාදය කතුවරියට ආගන්තුක බව ඉතා පැහැදිලිය. ස්ත්‍රීවාදී සාහිත්‍යය හා විචාර කලාව ව්‍යාප්ත වන්නේ මාක්ස්වාදයේ දිගුවක් ලෙසට ය. ධනවාදී සමාජයේ සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය ස්ත්‍රිය කෙරෙහි කෙබඳු බලපෑමක් කරන්නේ ද යන්න සූක්ෂ්ම ලෙස නිරූපණය කිරිම ස්ත්‍රිවාදී සාහිත්‍යයෙහි පරමාර්ථය විය. 1920 ගණන්වල වර්ජිනියා වුල්ෆ්ගෙන් ඊට අදාළ ප්‍රබන්ධ කතා විලාසය ආරම්භ වූවා යැයි කිව හැකි ය. “අ රූම් ඔෆ් වන්ස් ඕන්” කෘතිය ඒ සඳහා පාදක වූ බව පිළිගැනේ.
ස්ත්‍රීවාදී නව කතාවක දක්නට ලැබෙන දේශපාලනය මේ කෘතියේ නැත. ඒ වෙනුවට සරල නියාමන කිහිපයක් කතුවරිය විසින් භාවිත කරනු ලැබේ. එනම්; පවුෙල් බර හා දුක ස්ත්‍රිය විසින් දරනු ලැබේ. පුරුෂයා හැමවිටම ස්ත්‍රියට තලමින් ප්‍රශ්න මග හැර යයි. සැබෑ දරු සෙනෙහස ඇත්තේ මව ළඟ පමණි. යන යල් පීනු සිතිවිලි ය.
රන්ජන් අමරරත්න
මට නං ඔය මොන වාදීත් නෑ කියවන්න පුළුවන් නං..
ReplyDeleteකියැවිම එකක් වින්දනය තවෙකක් විවරණය එයිටත් වෙන්ස් ව්ය හැකියි.
Deleteඅට සමත්වීමෙන් ගුරු පත්වීමක් ලැබීම" පසුබිම නවසීය බර ගණන් යැයි හැන්ගේ.
ReplyDeleteවර්තමාන කාලය සමඟ පටලාවගෙන ඇති බවට විචාරයත් උදාහරණ දී තිබුනානම් අගේය.
මේ අතීත කතාවක් ගයිජින්..
Deleteස්තූතියි ඔත්තුවට...
ReplyDeleteඒ වගෙම විචාරයත් පොත කියව්නන බල කරන තත්වයක තියෙනව...
විචාරය යනු රසවින්දනයේ තවත් ඒ මානයකි
Deleteමේ කතාව තනිකරම බටහිර කාන්තා විමුක්තිවාදී සම්ප්‍රදායන් මත පිහිටලා අපේ සමාජය දෙස වෛරයෙන් බලන්න පුරුදු කරන්න ලියපු අසාර්ථක නිර්මාණයක්. මේ වගේ අසාර්ථක කෘති තවත් එයි ඇවිත් යයි. නමුත් මේ අය සම්ප්‍රදායික කියලා හඳුන්වන ලිංගිකත්වයේ ස්වභාවයන්ට එකඟ සමාජ ගොඩනැගීම් තවත් වැඩි දියුණු වෙන එකයි ලිංගික ස්වභාවයන් සමග එකට ජීවත්වීමට පිටකොන්දක් තියෙන පිරිසගේ පැවැත්ම සාර්ථකව ඉදිරියට යන එකයි වෙන්නේ.
ReplyDelete(I) දැරියක ලෙස මාපියන් වෙතින් ලබන පීඩනය
(II) බිරියක ලෙස පුරුෂයා වෙතින් ලබන පීඩනය
(III) වැඩිහිටි මවක ලෙස දරුවන් වෙතින් ලබන පීඩනය
මේ කාරනා තුනම කොහෙත් අපේ සමාජයට අදාල නෑ. අනෙක මෙතන ඇත්තට වඩා බොරුව වැඩියි. දැරියන් හැටියට කුඩාකළ මාපියන්ගේ රැකවරනය නොලබා කාන්තා විමුක්ති සමලිංගික විකුර්ති කාමුකයන්ගේ රැකවරනය ලබන්නද? බිරියක ලෙස පුරුෂයා වෙතින් පීඩාවට පත්වන අවස්ථා ඇතත් ඇත්ත වශයෙන්නම් මතට ඇබ්බැහි වූ පවුල නඩත්තු නොකරන විනාශකාරී කාලකන්ණියෙකු අතින් මිස හරියට පවුල් වගකීම් ගන්න බිරිඳගේ සියලු උවමනා එපාකම් කෙරෙයි සංවේදී බවක් දක්වන අයෙකුගෙන් නොවේ. එයද සාධාරන ලෙස එසේ වෙද්දී එයත් පීඩාවක් ලෙස සිතයිනම් එතැන ඇත්තේ කාන්තා විමුක්ති මානසික ව්‍යාධියයි. වැඩිහිටි මවුවරුන් පීඩාවට ලක්කරන දරුවන් ඇත්නම් ඒද මතට ඇබ්බැහි වී මවගෙන් යැපෙමින් පවුලටම කරදරයක් වූ කාලකන්ණින් වැනි චරිත මිස වෙනත් කිසිවෙක් නොවේ. දරුවන්ට වැඩිහිටි මවුපියන් රැකබලාගැනීමේ වගකීමක් ඇත. එය කරදරයක් ලෙස සිතන්නට පුරුදු වන්නේ බටහිර කාන්තා විමුක්තිවාදයේ වරදින් මිස රටේ වරදකින් නොවේ. කාන්තා විමුක්තිවාදී උද්දච්චකමින් වල්මත්වූ ගෑනුන් කසාද බැඳගෙන ඔවුන්ගේ කීමට අසරන වැඩිහිටි මවුවරුන් වැඩිහිටි නිවාස වල ගාල්කරන කාන්තා විමුක්තියට හිසනමන පිරිමින් ගැන කතා නැත්තේ ඇයිද යන්නත් මේ ලේඛිකාව දන්නවා ඇති.
මට හිතෙන්නෙත් මේ පොතේ තියෙන කරුණු අපේ රටට ගලපන්න බැරි මතයක් මුල්කරගෙන ගොඩනැගිල තියෙනවා කියලා.
Deleteවිවාහය ලිංගික අවශ්‍යතා හා දරුවන් හැදීමේ අවශ්‍යතා පිරිමින්ට විතරක් තියෙන දේවල්ද? කාන්තාවන්ට මේ සියල්ල කරදරයක්ද? වසරක් පාසා දරුවන් වැදීම තරමක් ගැටළුසහගත වුවත් විවාහ වී දරුවන් හදාගැනීම යනු අතිශය බිහිසුනු හින්සාකාරී ක්‍රියාවක් නොවේ. මේ තුලින් සෝමාවතීගේ සැමියා කාම ඊර්ෂ්‍යාවකින් පෙලෙන්නෙක් ලෙස හඳුන්වාදීමට උත්සහ කිරීම පෙන්නුම් කරන්නේ බටහිර කාන්තා විමුක්තිවාදය වැලඳගත් කතුවරිය පිරිමි ලිංගිකත්වය හා එහි ස්වභාවය කෙරෙහි දක්වන ද්වේශසහගත බවේ වපසරියයි. කාන්තාවන්ට කාන්තාවන් හැටියට ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය මත පිහිටා ජීවත් වීමට ගැටළු ඇත්නම් සැබෑ ලෙස කාන්තාවන්ට බලපානගැටළු මේවායි. නමුත් කතුවරිය මෙතන සාධාරන ප්‍රශ්න ටිකක් එහෙන් මෙහෙන් ඇහිඳගෙන එය අතිශයෝක්තියෙන් උලුප්පා ඊට විසඳුම ලෙස මුලු සමාජයම අවුල් කරන බටහිර කාන්තා විමුක්තිය නිර්දේශ කිරීමට යන බවනම් පැහැදිලියි. වැඩි අධ්‍යාපන මට්ටමක් නැතිව ඉහලට ඉගෙනගන්නටත් අකමැති දැරියක් වැඩිවිය පැමිණ ටිකකලකින් පාසල යෑමද නවතා මවුපියන්ගේ හා ඇයගේද අභිමතය පරිදි සුදුසු සහකරුවෙකු සමග විවාහ වී සතුටින් පවුල් ජීවිතයද ගෙනයමින් දරුවන්ද හදාගෙන සිය සැමියා හා වැඩිහිටි ඥාතීන් සමග කරදරයකින් තොරව ආරක්ෂාකාරී ජීවිතයක් ගත කිරීමේ සිද්ධියක් ගැන මේ කතුවරිය කුමක් කියයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට එහෙම සිද්ධියක් උනත් බලෙන් තමන්ගේ හිතේ විකාර වලට අනුව නැති ප්‍රශ්න ඇති කරලා මේ කතාවේ එන සෝමාවතීගේ ප්‍රශ්නයට පරිවර්තනය කරන්න පුලුවන්නම් කතුවරිය ඊට කැමති වෙන්නත් පුලුවන්. මොකද බටහිර කාන්තා විමුක්තිවාදයේ ස්වරූපය ඒකයි.
ReplyDeleteමේ පොත මා කියවා නැති නිසා පොත ගැන විචාරයක් කළ නොහැකි නමුත් විචාරය දෙස බලා විචාරයක් කරමි.
ReplyDeleteමම කලා නිර්මාණයක් ගැන විචාරයක් කරන විට පහත කරුණු කෙරෙහි සැලකිළිමත් වෙමි.
අප ජීවත් වන සියල්ල සංසිද්ධීන්ය.කලා නිර්මානයකින් අප වෙත සංසිද්ධීන් මාලාවක් කිසියම් රටාවකට ඉදිරිපත් කරයි.
උක්ත සිද්ධීන් කාන්ඩයකට (මෙහි නම් ස්ත්‍රීන්ට ) පමණක් ඉලක්ක වූ ඒවාද
මෙහි පරස්පර කෙබදුද
උක්ත සිද්ධීන් වල සම්භවය අගතිගාමීද
උක්ත සිද්ධීන් අත්‍යාවශ්‍ය වූ ඒවාද (විකල්ප නොවීද ),අභව්‍යද යන්න
මෙම කාන්තාව ජීවත් වූ කාලයේ ගැහැණු ළමුන් පාසල් නොගිය අතර එය සමාජ අවශ්‍යතාවයක් ලෙස නොසළකනු ලැබීය.එකල කාන්තාවන්ට සමාජයෙන් නිර්දේශ වූ යම් යම් සීමාවන් ඔවුන්ගේ ආරක්ෂාව සදහා විය.
එය එකළ සමාජයේ පිළිගත් සාරධර්මයන් මත පදනම් විය.මේ කියන කාලය බසයකට නගින ගැහැණු කෙනෙකුට සීට් එකක් දෙන කාලය විය හැක.අපේ සීයලගෙ කාලෙ.
එකළ කාන්තාවන්ට විශාල පිළිගැනීමක් තිබුනි.ඊට සාපේක්ෂව ඉගෙනීම වැනෙ දේ අනවශ්‍ය ලෙසද සැළකුනි.කාන්තාවකට සිදු වූ සුළු හෝ අකරතැබ්බයක දී සමාජය ම කාන්තාවගේ පැත්තේ විය.මෙවැනි පසුබිමක ඇයට පිරිමියකු ලෙස හැසිරෙන්නට බැරිය.
අපි කියන්නේ එය හරිද වැරදිද කියා නොවේ.වාතාවරනය එබදුය.
ඒ අනුව උක්ත සිද්ධීන් අගතිගාමී හෝ කාන්තාව පීඩනයට පත් කිරීම ඉලක්ක කර නොතිබූ බව පෙනේ.
මීට පෙර මා දේශකයාගේ කතාවක කළ විචාරයට එරෙහිව යන්නට සිදුවන්නේ එහිදී මෙන් නොව මෙහි රත්නසිරි ප්‍රචන්ඩ ලෙසත් අපහාසාත්මක ලෙසත් හැසිරී ඔහුගේ බිරිදට රැකියාව හා ජීවිතය එපා කරවන බැවිනි.
මෙහි පරස්පරය ගෙන එනම් රත්නසිරි සේවය කරන තැනක කාන්තාවක් පටලා සෝමාවතී රන්ඩු කලා නම් එයද වැරදිය.එබැවින් රත්නසිරි වරදක් කරන බව පෙනේ.එහි කතා දෙකක් නැත.ඔහුගේ ක්‍රියා කලාපය අපි අනුමත නොකරමු.
එහෙත් මෙය ස්ත්‍රීන් මූලික කොට ගත්තක් නොවේ.මෙවැනි දේවල් අල්ලාගෙන් පිරිමින් එක්ක රන්ඩු අල්ලන කාන්තාවන් කොතෙක්ද?එබැවින් එය පවුල් ගැටුමක්මය.ස්ත්‍රී පීඩනයක් නොවේ.මෙහි පරස්පරයද බලන්න.
දරුවන් යහමඟට ගැනීමට නොහැකිවීම ට රත්නසිරිටත් සෝමාටත් දෙදෙනාටම චෝදනා කළ යුතුය. ජානමය බලපෑම තිබෙන නමුත් එය ඉක්මවා යම් මඟ පෙන්වීමක් කිරීම කළ නොහැකි දෙයක් නොවේ.සෝමා ගුරුවරියක්ද නිසා ඇය පාසලේ ක්‍රීඩා දියුණුවට වඩා තම දරුවන් ගැන සොයා බැලුවා නම් හොඳය.
සැමට මිතුරු හා ප්‍රතිවාදියා ඔබ දෙදෙනාටම ස්තුතියි. සංවාදයකට මුල පිරිම ගැන හා අදහස් දැක්වීම ගැන
Deleteමෙය ස්ත්‍රීවාදී උපකල්පනය කිරීම් තොගයක් මත පිහිටලා ලියපු සැබෑවට වඩා අතිශයෝක්තිය පිරුනු එකක්. මේ කතාව මොක උනත් මමනම් දකින ප්‍රධාන දේ මේකේ මේ කතුවරිය මහා ලොකුවට ප්‍රශ්න කියලා පෙන්වන දේවල් වලින් සාධාරන මට්ටමේ ඒවා අඩුයි කියන එක. අනෙක අපේ රටේ ප්‍රශ්න අපේ මිනිස්සු විසඳගත්ත අපට ආවේනික ක්‍රමවේදයන් අපේ සමාජයේම තිබිලා තියෙනවා. එහෙම වෙද්දී හැමට බලපාන සමාජ ගැටළු සේරටම ස්ත්‍රීවාදී මානසිකත්වයෙන් පුරුෂයා මූලික වීමේ හා පුරුෂයාගේ ලිංගික ආශාවේ ස්වභාවය මුල යැයි කීමට කතුවරිය අනියම් ආකාරයකට දරා ඇති උත්සහයත් අසාර්ථක එකක්.
Deleteපොත නොකියවා විවේචනයක් කරන එක වැරදි කියලා හිතුණා...බලලම ඉන්නම්. "ස්ත්‍රීන්ගේ තවත් විලාපයක්" කියන එකෙන්ම පොත ගැන අදහසක් දීලා තියෙනවානේ. :)
ReplyDeleteඑය විචාරකයාගේ අයිතියක්නේ පොඩ්ඩ්.
Delete//සමස්තයක් ලෙස ගත් කළ කතුවරිය මතු කරන්නේ ශ්‍රී ලංකාවේ ගැහැනියගේ පොදු ඛේදවාචකයයි. එහෙත් මෙය තරමක් පරණ කතාවකි. අද තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. ස්ත්‍රිය සමාජයේ පෙරට පැමිණ ඇති අතර ඇය පශ්චාද් ධනවාදයේ වෙනත් ගොදුරක් බවට පත්ව සිටී. එය සංකීර්ණ තත්ත්වයකි. පුරුෂාධිපත්‍යය යන්න පරණ සංකල්පයක් වන තරමට කල් ඉකුත් වී තිබේ. අද ස්ත්‍රීහු පුරුෂයන් අන්දති. ඔවුන් මුළාවේ දමති. ස්ත්‍රී සංවිධාන විසින් ලිංගික නිදහස ඉල්ලා සිටිනු ලැබේ. ඒ සඳහා සටන් කරනු ලැබේ. දික්කසාද පෝලිම තදබදයෙන් යුතු ය. දරුවන් හැදීම මෙන් ම දරුවන් වැදීම ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. ස්ත්‍රියට කියන තරම් පුරුෂ බලපෑමක් ඇත්තේ නැත.// මෙන්න හොදම ටික
ReplyDeleteඉතිං ඒක ගැන ඔබේ අදහසත් කිව්වනං නේ හොඳ නේද ඇනෝ..
Deleteසමස්ථ නව කතා කලාව සහ මේ කතාව හැර තවත් කතා තිබේද යන්න අහන්න හිතෙන විචාරයක්.
ReplyDeleteඑහි අපුර්වත්වයක් තිබෙනවා.සමස්ථ ලෝක දර්ශනය තුල මිනිසා සහ ගැහැණිය මුලින්ම හමුවු දා සිට ඔවුන තම අවශ්‍යතාවයන් හමුවේ ඇති කර ගනු ලබන බැදිම් මානව ක්‍රියාකරිත්වයක් වශයෙන් අපි දකින්න උත්සහ කරනවා.නවකතාව හෝ කෙටි කතාව මේ අරමුණ දිගින් දිගටම මේ බව සනාත කරන්න ගන්න උත්සය පන්සිය පනස් ජාතකය තුලත් අපි දකිනවා.
කාන්තාව තමා සතු සිතුම් පැතුම් අතරට වර්තමාණයේ බටහිර තනියෙන් ජිවත් විය හැකි .රස්සාවක් තිබේනම් වැටුපක් ලැබිය හැකි නිතියක් තිබේනම් දික්කසද විය හැකි අරමුණූ තව දුරටත් සමාජ ගත කිරිම හමුවේ වත්මන් කතා කලාව ඉදිරියටම යනු ලබනවා.මේ අරමුණ මෙරට කතා කලාවට එක් කරන්න ගන්න උත්සය හමුවේ .මෙරට අනාගතයෙදි සිදු වන පවුල් කැලඹිම කොතරම් අමානුෂීක වේද යන්න සිතිමටත් අපහසුය.ගැහැණිය හට මෙරට සමාජයේ ලැබි ඇති තැන තවත් සමාජයක නැති තරම්ය.ගලපා ගැනිමට නොහැකි ජිවිතයක් සොයා යන කාන්තාවක් තම අරමුණු සදහා අරගල කරණ විට ඇතිවන අරමුණු නවකතා කරුවන් මාකට් කරනු දක්නට ලැබේ .ප්‍රශ්ණ විසදන කතාවක් අරමුනක් නිමිත්ක් දෙන කතාවක් අප සමාජයට උවමනා කර තිබේ.නවකතා කරුවා යනු හුදෙක් හැම මොහෙතකම නගර සභාවක් විය යුතු නැති බව මා සතු සිතුවිල්ලය.....ලොක්යේ සැම ජිවිතයක්ම නවකතාවකි.නමුත් එය කියවිමට කිසිවෙකු උත්සහ නොගනි ...තමන්ට අවශ්‍ය පංතියේ සිට නියෝජනය කරන්නට පමනක් නව කතාවක් ලියවේ
ජීවිත කියැවීම තමා අසීරුම කරුණ චන්දන....
Deleteඔවු ඇනෝ.ඔය කියන විදියට හිතනවා නම් දැන් කාන්තාධිපත්‍ය කියල වචනයක් ගේන්න වෙනව.දරුවන් ලැබීම හා දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරන නරුම ස්ත්‍රී භූමිකාවක් අද දැකිය හැකියි.තමන් කැමති ඕනම හොර මිනිහෙක් එක්ක යමින් සාහසික ලෙස සමාජයට අභියෝග කරනවා.අපට කළ හැක්කේ බලා සිටීමයි.රට මුස්ලිම් රටක් වී නවතීවි.
ReplyDeleteඇතැම් ලේඛකයන් ට ස්ත්‍රිය යනු ෆැන්ටසියක්.ස්ත්‍රිය යනු නිතරම පුරුෂයාගෙන් ගුටි කන්නියක්.කඳුළු සලන්නියක්.ඒක යථාර්ථයට සම්පූර්නයෙන්ම පටහැනියි.ඇයි නිර්මාන කරන විට පොලවෙ පය ගහල කරන්න බැරි.
අනිවා ඒකේ කිසිම වරදක් නෑනේ. හැමතැනම වෙන්නේ යථාර්ථය යට ගැසීම.
Deleteරන්ජන් ලොක්කා උඹට ගැනු අරහංද බං
ReplyDeleteදන්නා තරමින් නම් කාන්තාවට ඉතාමත් ගරු කටයුතු ලෙස සලකන කෙනෙක් රන්ජන්. හැබැයි නියම කාන්තාවන්ට.
Deleteනලින් බලන්න මේ දවස්වල අහසේ ඇදි සිත්තම කියල අළුත් බ්ලොග් එකක යන ප්‍රේමලතාගෙ කතා.සෝමාවතී ගැන කියනකොට මට මතක් වුනේ ප්‍රේමලතා. ඇයි කවුරුත් ප්‍රේමලතාල ගැන ලියන්නෙ නැත්තෙ.සෝමාවතීල ගැනම ලියන්නෙ ඇයි? අපේ නවකතාකාරයන්ගෙ ඔළුවල ඉන්නෙ සෝමාවතීල.
ReplyDeleteප්‍රේමලතා කතාව ලියන්නෙ ගැහැණියක්ද පිරිමියෙක්ද කියලවත් මට ෂුවර් නෑ.හැබැයි 75% ක් විතර මට හිතෙන්නෙ ඒක ලියන්නෙ ගෑනු කෙනෙක් කියල.
එය මුල සිටම කියවන්නෙක්මි මම.
Deleteස්ත්‍රීවාදී එන්.ජී.ඕ එකකින් ආධාර දීල පුම්බන චරිතයක්ද කොහෙද ඒ
Deleteඅර වනිතා හඬත් ඒ වගේමයි.
Deleteදේශකයත් කියලා තිබ්බ වගේ කම්මැලි නැතිව කියවන්න පුළුවන් පොතක් නම් හොඳයි...පහුගිය කාලේ රාජ්‍ය සම්මාන ලැබුනු පොතක් ලඟදි කියවන්න හම්බුනා...ඒත් පිටු දෙක තුනක් කියවද්දි කියවන එකත් එක්ක එපා උනා...
ReplyDeleteවින්දනය විවිධයි. සාපේක්ෂයි. මටත් මුල්ම කාලේ රුසියන් කතා අප්පිරියයි. ඒත් දැන් ඒවට වහවැටිලා ඉන්නේ.
Deleteනන්දික බැද්දේගම, රන්ජන් අමරරත්න වගේ ය මැලේසියා එනවනම් මට කියන්න නලින් මාමේ ... මගේ බ්ලොගත් පාලුවට යනවා හලෝ ලියන්න වෙලාවක් නැතුව
ReplyDeleteමා දන්නා තරමින් මේ දෙන්නම මැලේ සංචාරය කරලා තියනවා රාළේ.
Deleteකෝ හත් දෙයියනේ මේ අපේ වහ කෙල්ල. එන්න සුදූ.
ReplyDeleteමම නම් ඕනම නිර්මාණයක් රසවිඳින්නෙ නිර්මාණයක් විදිහට විතරයි. ලේඛිකාව ඇගේ මතයට අනුව පොත ලියා තිබුනත් අපි පාඨකයො විදිහට එය කියෙවුවා කියා එය පිළි ගැනීමට අවශ්‍ය නෑ.
නිදහස් මනසෙන් මැද මාවතක ඉදන් කියෙවුවම ලේසියි.
විචාරය යනු එය රසවිඳ තමන් වින්ද දේ ගැන අදහස් පළකිරිමකි. ග්‍රහණය පාඨකයා සතුයි.
Deleteමේ පොතනම් මමත් කියවලා නෑ. ඒත් නලීන් අයියගේ පෝස්ටුවේ තියෙන ස්වල්ප විස්තර කිරීමට අනුව යම් අදහසක් දක්වන්න කැමතියි. ගෑණු පිරිමි කියලා මේ ලෝකේ අනිවාර්ය බෙදීම් විශේෂත්වයන් තියෙන්න ඕනේ. කාන්තාවක් ඇය කාන්තාවක් වීම නිසාම පීඩාවට පත්කරනවනම් ඒක වැරදියි. නමුත් පිරිමින් හැටියට කාන්තාවන් හා ගැහැනු ළමයින් ගැන වගකීමෙන් යුතුව ක්‍රියා කරන එක වරදක් නෙවෙයි. ඒක අනෙක් අතට කාන්තාවට නොරුස්සන දෙයක් වෙන්නත් බෑ. මෙතන ගෑනු ළමයින්ගේ ඉගෙනීම සීමා කරන එක වගේ දේවල් වැරදි උනත් ගෑනු ළමයින්ට ගැලපෙන විදිහේ අධ්‍යාපනයක් ඒ අයට ලැබෙන්න ඕනේ ඔවුන්ගේ ස්වභාවයට ගැලපෙන කියන කතාවත් මමනම් කෙලින්ම කියනවා. ඒක අනෙක් පැත්තට පිරිමි පාර්ශවයටත් අදාලයි ඒ ආකාරයටම. මෙ පොතේ කතුවරිය සමාජය මේ ආකාරයට විවේචනය කර්මින් පිරිමියා මූලික වීමේ වැරදි විතරක් දකින එක සාධාරන නෑ කියලත් මම කියනවා. එහෙමනම් කතුවරිය මේ මේ මිනිස් සමාජයම කෙසේ හැදියයුතුද යන්නත් කියන්න ඕනේ.
ReplyDeleteනවකතාවකින් එය කියන්න එකවරම අමාරුයිනේ පකිස්. ඒත් මෙතැන කර ඇත්තේ කෘතිය ගැන මතයක් කිම පමණයි.
Deleteමැණිකෙගෙ මේකෙ තියෙන ෆොටෝ එක අවුරුදු 40 ක්වත් පරණ ඇති.
ReplyDeleteමෙන්න සිරාත් බලල තියන දේවල්. වයස හිතන්න එපා කෘතිය ගැන හිතන්න.
Deleteමාත් නොකීවට ඕක නම් හිතුවා. ;)
Deleteඅගෙයි නලියෝ.... පොත ගැන ඔත්තුව දුන්නට. විචාරය කියෙව්ව ම පොත කියවන්න ආස හිතෙනවා ස්තූතියි නලියෝ................
ReplyDeleteවිචාරය කියෙව්වම පොතත් කියවල බලන්න හිතුනා..මං හිතුවෙ අතීතයෙ සිද්ධ උන කතාවක් විදිහට ලියල කියල. හැබයි විචාරේ විදිහට නම් කාලය පටලවා ගැනීමක් තියෙනවා වගේනෙ... ඒකට උදාහරණත් තිබ්බනම් හොඳයි.
ReplyDeleteලිපිය කියවුවෙමි.
ReplyDeleteහොඳ විවිරණයක් නලින් අයියා.. පොත කියවලම බලන්න ඕනි.
ReplyDelete\\ස්ත්‍රීවාදී නව කතාවක දක්නට ලැබෙන දේශපාලනය මේ කෘතියේ නැත.\\
ReplyDeleteස්ත්‍රීවාදී දේශපාලනය ඉස්සරහට එන්නේ පරිනත මට්ටමේ ස්ත්‍රීවාදිනියන්ගේ කෘති වලින්. මෙයා ස්ත්‍රීවාදයේ ප්‍රාථමික කොටස් ග්‍රහනයට ගේන ඒ ඔස්සේ මේක අපේ සමාජයට ගලපන්න මුට්ටිය දැමීමක් තමයි කරලා තියෙන්නේ. ස්ත්‍රීවාදය වගේම මාක්ස්වාදයත් අසාර්ථක සහ අපේ රටට කොහොමත් හරියන්නේ නැති මතවාද.