රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-05-30

නිවුන් පොල් හෙවත් දෙබිඩි පොල් - Lodoicea maldivica (Areceaceae)

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඇති ශාක අතුරින් Lodoicea maldivica (Areceaceae) සුවිශේෂ ශාකයකි. මෙය විශේෂිත වන්නේ ලොව දුර්ලභ ගණයේ ශාකයක් වන නිසාය. 
සීෂෙල්ස් දූපත්වලට ආවේණික මෙය වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බැවින් එරටෙහි නීති මඟින් ආරක්ෂා කර ඇත. අතීතයේ දී මුහුදේ පාවී වෙරළට ආ ගෙඩි නිසා මේවා මාලදිවයින් පොල් ලෙස ද හඳුන්වා ඇත. එබැවින් ඒවා සාගර ශාකයක බීජ බවට ද එකල විශ්වාස කර ඇත. 









ක්‍රි.ව. 1500 දී පමණ ඉන්දියන් සාගරයේ පාවෙමින් තිබිය දී දෙබිඩි පොල් බීජ සොයා ගන්නා ලද නමුදු සීෂෙල්ස් දූපත්වලින් ශාකය ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ ක්‍රි.ව. 1743 දී ය. ස්ත්‍රි හා පුරුෂ ශාක වෙන් වෙන්ව ඇති අතර, ස්ත්‍රි ශාකවල හට ගන්නා විශාල පලවල ඇති බීජය ශාක ලෝකයේ විශාලතම බීජය මෙන්ම බරින් වැඩිම බීජය ද වේ. 
සාමාන්‍යයෙන් එහි බර කිලෝග්රෑම් 10 සිට 20 දක්වා වන අතර, මේරීමට අවුරුදු 5 සිට 8 දක්වා කාලයක් ද, පැළවීමට අවුරුදු 1 සිට 2 දක්වා කාලයක් ද ගත වේ. මෙහි බීජ දෙබිඩි නිවුන් දරුවන් දෙදෙනෙකු ලෙස එකට ඈදී පොල් ගෙඩි දෙකක් ලෙස පැවැතීම නිසා මෙයට දෙබිඩි පොල් යන නම ව්‍යවහාර වේ. ළපටි පලයේ මද සීෂෙල්ස් වැසියෝ ආහාරයට ගනිති. බීජ ඖෂධීය ගුණ ඇති බැවින් චීන ජාතිකයෝ මේවා ආහාර සඳහා භාවිතා කරති. මෙය ප්‍රථමවරට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලද්දේ ක්‍රි.ව. 1850 දීය.
උද්‍යානය නරඹන්න එන කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට මේ ගස සමත් වෙයි. එබැවින් කවුරුත් බොහෝ වේලාවක් මෙහි රැඳී සිට ඒ පිළිබඳ තොරතුරු අසා දැන ගැනීමට මහත් රුචියක් ද දක්වති.
ආචාර්ය අචලා අත්තනායක
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

39 comments:

  1. ///ස්ත්‍රි හා පුරුෂ ශාක වෙන් වෙන්ව ඇති අතර, ස්ත්‍රි ශාකවල හට ගන්නා විශාල පලවල ඇති බීජය ශාක ලෝකයේ විශාලතම බීජය මෙන්ම බරින් වැඩිම බීජය ද වේ. /// මේ තොරතුර අද දැනගත්තේ.මේ ගස් ඒක ලින්ගිකයි කියන එකත්.

    ලිපියේ උධ්‍යානය ලෙස කීප තැනක සදහන් වෙන්නේ මොන උධ්‍යානයද.

    ReplyDelete
  2. උද්‍යානය පේරාදෙණිය උද්‍යානයද?

    තොරතුරු ටික නම් මසුරන්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පේරාදෙනි ගියාට ඕව දැක්කෙ නෑ නේද ?? අවුලක් නෑ ගිය වැඩේ කෙරුනනං :D

      Delete
    2. මෙයා පොඩි දොඩං ගෙඩි දෙකක එල්ලිලා ඉන්නවා පත්තර මල්ලිත් දැක්කද?

      Delete
    3. ඔව් ඔව් එල්ලිලා නං බැරියෑ. මේ ගැට දොඩං නේ බං.තාම පැඟිරි රහ එන්නේ :D

      Delete
    4. රස දන්නෝ රස දනිිති

      Delete
  3. "බීජ ඖෂධීය ගුණ ඇති බැවින් චීන ජාතිකයෝ මේවා ආහාර සඳහා භාවිතා කරති."
    චීන්නු ඉතින් නොකන්නේ මොනවද

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප ඒකම වෙන්නැති අපිත් චයිනීස් කන්නම යන්නේ නේද දේශෝ

      Delete
  4. වටිනා විස්තරයක් නලින් අයියා..

    ReplyDelete
  5. සමහර වෙලාවට මේ නෝනා දැකල නැතිව ඇති. ඔය ගහේ පිරිමි ගහකුයි ගැහැණු ගහකුයි දෙකක් තියෙනවා. අර කූර වගේ මල හටගන්නේ පිරිමි ගහේ. ගෙඩි හැදෙන්නේ ගෑණු ගහේ. රෑට ඔය කූර තියෙන ගහයි, ගෙඩි හැදෙන ගහයි බදා ගන්නවලු. ඊට පස්සෙලු ගෙඩි හැදෙන්නේ...

    ඔය ගහ ගැන තියෙන විහිළු කතාවක් හොඳේ...

    ReplyDelete
    Replies
    1. මොන දේටත් කූර නැතුව බැරියෝ...

      Delete
    2. කැහි කූර වෙන්ඩැති :D

      Delete
    3. හ්ි he maath issara ohoma hithuwa sudu mahaththayo.
      Liyanna postekak gas gana

      Delete
    4. තනමල්විල ගස් ගැනද

      Delete
  6. තල් වලට සමානයි නේද?

    ReplyDelete
  7. ම්න් දකලා තියනවා... මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අද.. නියමයි...

    ReplyDelete
  8. මේ ගැන කියනකොට කියන්නම ඕනේ එක ලියවිලා නැද්ද මන්දා.
    මේක හඳුන්වන්නේ Coco de Mer කියලා
    මේක සේෂල්ස් දූපත් වලට ඉතාම වැදගත් ශාකයක්.
    මේ මාලදිවයික් කතාව විද්‍යාත්මක නම වුනාට ඒක ඓතිහාසික වැ‍රැද්දක්. මේ ගහ මාල දිවයිනේ කොහෙවත් මම දැකලා නෑ. ඇත්තෙන්ම ඔය නම් වැටෙන්න හේතුව, සේෂල්ස් වලින් මුහුදට වැටිලා නැගෙනහිර දිහාට පාවෙලා ඇවිත් මාලදිවයින් මුහුදු වෙරළෙන් අහුලා ගන්න ලැබුන නිසා ඇති වුනු වැරදි සංකල්පයක්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඉතාම කෙටියෙන් කියැවිලා තියනවා නේද මචං

      Delete
  9. නිකං තල් වගේ පෙනුමකුත් තියනෝ නේ!

    ReplyDelete
  10. අදමයි දැනගත්තෙ ....අචලා...නිශ්ශංක......& නලින් ...... තිදෙනාටම තුති.....!

    ReplyDelete
  11. නිකං බලල අත ඇරල දාන එවෑ කොච්චර වටිනාකමක් තියෙනවද කියල හිතෙනවා‍ මේවෑ ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර වලට පොඩි පොතක් දෙන්න පුළුවන්නම් මරු කියල හිතෙන් නැද්ද.නැත්නම් ඉතිං ඔහේ වටේ ඇවිදල මරුයි ලස්සනයි කියල එන එක මිසක් වෙන දෙයක් එකතු වෙන්නෙ නැහැනෙ

    ReplyDelete
  12. තොරතුරට තුති

    ReplyDelete
  13. දෙබිඩි පොල් ආවේනික සීෂෙල්ස් වලට
    දෙබිඩි මිනිස්සු ආවේනික ලංකාවටද මන්දා....?:D

    ReplyDelete
  14. මම මේ කල්පනා කලේ ඕක ගාන්නේ කොහොමද කියලා...:)

    ReplyDelete
  15. මමත් ඔක බලන්න ගිය වෙලාවෙ ඔය විස්තරෙ දැන ගත්ත

    ReplyDelete
  16. වටිනා ලිපියක්. මේවට දෙබඩි පොල් කිවට ටිකක් අමුතු ශාක ජාතියක්

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  17. අපිත් නොදන්න දේවල් ගොඩක් තියනවනෙ බලන් ගියාම, තැන්කියු තොරතුරු ගේනවට

    ReplyDelete
  18. ඔය වර්ගයේ ගස් ගම්පහ උද්භිත උද්‍යානයේත් තියෙනවා...ගෙට්ටුවට ආව වෙලේ බොලා දැක්කෙ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  19. නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්ත මේ ලිපියෙන්. බොහොම ස්තූතියි.

    මම හිතන්නෙ ඊයේ මම ඔබව දැක්කා. මාලඹේ කිට්ටුව මහ පාර අයිනෙ තිබ්බ shop එකක පඩිපෙල බැහැගෙන සුදු පාට t-shirt එකක් ඇඳන් ආවේ ඔබ වෙන්නැති කියල අනුමාන කලා.  හවස 3.30 ට විතර. ඒ ඔබ නම්. ඒ වෙලාවෙ එතන නවත්තල තිබ්බ Bus එකේ ජනේලෙ ගාව වාඩිවෙලා බලං උන්නෙ මම තමා. :) ඔබත් මාව දැක්කා

    ඒ ඔබ වෙන්නැති කියල හිතුනා. එහෙම නෙවේනම් ඒක වැරදීමක්..සමාවෙන්න. :)

    ReplyDelete
  20. පේරාදෙණියට යනවා මේ ගස් දිහා බලල එනවා මේ වගේ දෙයක් මෙච්චර කල් හාංකවිසියකින් වත් දැනං හිටියෙ නැහැනේ

    ReplyDelete
  21. නොදැන හිටි අපූරු කතාවක්.ස්තූතියි.

    ReplyDelete
  22. නොදැන හිටි දෙයක් දැන ගත්තා. අචලා මහත්මියට බොහොම ස්තුතියි මේ ලිපිය සම්පාදනය කලාට.

    ReplyDelete
  23. පොල් ගෙඩියේ ගාන ඇහුවම එලොව පොල් පේන මේ කාලේ, දෙබිඩි පොල් වල වග තුග අපට කීවට බොහෝමත්ම ස්තූතියි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්