samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



කැළෑ ගමක අසිරිය නමින් පසුගිය දවසක මා පෝස්ටුවක් ලිව්වා මතකනේ අපේ ගමේ ලස්සන තැන් ගැන.ඒ ලිපිය මෙතැනින් කියවන්න ඔන්න ඊයේ ආයිමත් ඒ පැත්තට යන්න වුණා. ඒ සුන්දරත්වය බලන්න නම් නොවෙයි දොළ පාරේ සුන්දරත්වය අසුන්දර කරන කට්ටියක් අවිත් කියන ආරංචිය ගමේ පැතිරිලා ගිය නිසා. සෙනසුරාදා දවසේ ගෙදර හිටිය එකේ මාත් ගියා ඒ පැත්තේ මොකද වෙන්නේ බලන්න. එදා මං පෝස්ටුවෙන් පෙන්නපු ඉසව්වට ටිකක් ඉහළට වෙන්න පාරට නොපෙනෙන ඉසව්වක තමා මේ කියන ගැටව් ටික රිංගලා තිබුණේ. 
අපි එතැනට යනකොට මෙන්න නරි නැටුම්....

IMG00091-20121202-1241

IMG00095-20121202-1249

IMG00100-20121202-1251

IMG00102-20121202-1256

IMG00104-20121202-1256

IMG00106-20121202-1515

IMG00107-20121202-1515

IMG00110-20121202-1516

IMG00111-20121202-1517

මේ ආරංචියත් එක්ක ගමේ ගැටව් මේ ඉසව්ව වටලන්න සූදානම. 
ඔන්න අපි දැන් ඒ ඉසව්ව ට හතර පැත්තකින් ළගා වුණා. කට්ටියක් බරටම වැඩ. බෝතල් පැත්තක. කොංගොවක් තාලෙට හැඬවෙනවා.එතැනට අපේ ආගමනයත් එක්ක තරමක උණුසුම් කතා බහක්. වැඩේ ඒ තරම් උණුසුම් වෙන්න නොදී බොහොම ලෙංගතුව කියු දේ සමඟ එතැන උන් එක් තරුණයෙක් කෙළින්ම අප හා කතාවට ආවේ සමාව ඉල්ලමින්. 
ඔහු යුද හමුදා තරු දෙකේ නිලධාරියෙක්. නිවාඩුවට ගෙදර ඇවිත් එයාගේ යාලුවෝ සෙට් එකක් එක්ක විනෝද වෙන්න තමා ඇවිත් තියෙන්නේ. මා ඔයේ විනොද වෙන්ය යන්න හිතන් ආවත් බෝතල් ගත්ත තැනින් කියු මං සලකුණු ඔස්සේ තමා අපේ ගමේ කැළෑ රොදට ඇවිත් තියෙන්නේ.
ඒ අවස්ථාවේ මේ ක්‍රියා නිසා අපේ ගමට වන හානිය හා ගම් වැසියන්ට වෙන අපහසුතා පෙන්වා දුන්නට පස්සේ මේ තරුණ නිලධාරියා බොහොම නිහතමානීව වරද පිළි අරන් යළිත් එවැන්නක් නොකරන්නටත් පොරොන්දු වුණේ එතැන එයත් එක්ක ම ආ අනෙක් නහර කාරයෙකුටත් හොඳ ආදර්ශයක් දෙමින්.

මෙන්න හානියෙන් ටිකක්
IMG00083-20121202-1230

IMG00084-20121202-1230

IMG00097-20121202-1250

IMG00098-20121202-1250

අප ද ඒ වන විටත් එම පරිසරටය වී ඇති හානිය ඔහුට පෙන්වා දුන්නේ දෑසට පේන සාක්ෂිත් එක්කමයි. ඒ වනවිටත් අවට හිස් බියර් ටින් බෝතල් කටු සිලි කවර ආදියෙන් දොළ පාර විනාශ වී තිබුණා.
ඒ මොහොතේ බිම හා ගැයුම වෙනුවට මේ තරුණයා කළේ අමුතුම යෝජනාවක්. හරි මෙතැන විනාශවෙලා තියනදේ අපි සේරම එකතු වෙලා දැන්ම පිළිසකර කරමු. ඒ යෝජනාවට අපි ත් එක හඬින් එකඟ වුණා. පැය භාගයක විතර පුංචි ශ්‍රමදානයකින් සේරම කහල ගොඩවල් එකතැනකට එකතුවුණා. ආයිත් පරිසරය තිබූ තත්ත්වයටම ගෙන ආවා. එකතු කළ සේරම බෝතල් කටු ටින් කබල් අර තරුණයාම බැග්වල දාගෙන එයාලගේ වාහනේන්ම ගෙනියන්නත් එයා එකඟ වුණා.

අවසානේ මේ වගේ ගොඩවල් කිපයක්ම තැන්තැන් වලට එකතු කළා.


IMG00112-20121202-1613

අවසානයේ එයාල එතැනින් යන්න හැදුවත් අපි සේරම කිව්වේ අද ආ ලෙසම විනෝද වෙලා යන්න කියලයි. අපටත් ඒ ඉල්ලීම නොකර ඉන්න බැරි තරමට ඒ නිලධාරි තරුණයා ආදර්ශවත් වුණා.
ගමේ අපි සියල්ලන් එතැනින් නික්මුණේ තවත් හිත හොද ආදර්ශමත් තරුණයෙක් මිතුරෙක් කරගනිමින්. අපේ ක්‍රියාව ගැන ඒ තරණයත් අප සැමට හදවතින්ම ස්තුතිවන්ත වුණා.
ඔන්න දැන් පුරුදු ලස්සන


IMG00080-20121202-1229

IMG00082-20121202-1230

IMG00085-20121202-1231

IMG00086-20121202-1231

IMG00087-20121202-1232

IMG00088-20121202-1232

IMG00089-20121202-1233

IMG00090-20121202-1241

IMG00092-20121202-1248

IMG00093-20121202-1248

IMG00094-20121202-1249

IMG00096-20121202-1249

IMG00099-20121202-1251

IMG00101-20121202-1256

IMG00103-20121202-1256


මේ සේයා රූ සේරම පොන් කැමරාවෙන් තමා

49 comments:

  1. 197344_156019957792520_5855085_n
    Replies
    1. 197344_156019957792520_5855085_n

      බ්ලොග් එකක මං මුලින්ම කොමෙන්ට් එකක් දැම්මමයි :D
      මේක ගැන කියනව නම් මුං එළ කොල්ලො සෙට් එකක්නෙ.. බීල ඉඳලත් යමක් තේරුම් ගන්න පුළුවන් උනා කියන්නෙ.. වෙන උන් නම් අනිව වලියක් අදිනව..

      Delete
    2. blogger_logo_round_35

      මලයට කේක් කැල්ලක් එවන්නංකෝ තැපැලෙන්

      Delete
  2. ds

    අනේ බං ඇත්තටම කදුලක් ආවා මෙහෙම සංවේදි දේවල් සංවේදි මනසකින් විසදපු විදිය දැකල. ඇත්තටම බං හැම එකක්ම පෑහෙන්න කරල තියෙනවා. නියමයි නලින්.. උඹලා ආරක්ෂා කරන පරිසරයට මමත් ආසයි. ඒ වගේම උඹලගේ ක්‍රියාවට මා හිස නමා ආචාර කරනවා. හුගක් අය නමට පරිසරකාමියෝ විතරක් වෙච්චි කොට මේක ලොකු දෙයක් බං

    ReplyDelete
    Replies
    1. ds

      ඔන්න බලාපන්‍ෙකා් ලස්සන පෙන්නන්න ගිහිල්ල වෙචිචි දෙයක්. උඹේ කලින් කොටපු එක මුං දැක්ක නං ඕක කලින්ම නිවාරණය කරගන්න තිබුනා. වසයක නලින් කොල්ලා ඇතුළු සියළු කොල්ලන්ට ප්‍රණාමය. මොකද උං ආයේ ඒ වගේ වැඩ කරත් බොහොම අඩුවෙන් කරාවි.. ජය

      Delete
    2. blogger_logo_round_35

      ඇත්තටම ඒ පෝස්ටුව කියවපු කෙනෙක් එතෙන්ට එන එකක් නෑ කියල තමයි අපි හිතන්නේ.

      Delete
  3. new

    ශා.... පංකාදු වැඩක් නලින් අයියේ ඔන්න ඔයාට මගේ ප්‍රණාමය.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  4. lotus_flower-300x225

    ඔබට වගේම ඒ තරුණයටත් ස්තුති කරන්න ඕන . කතා බහෙන් විසඳන්න පුළුවන් දේවල් කොපමනද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්තටම වෙනදාට නම් මෙතැන වලියක්ම තමා....

      Delete
  5. logo

    බීලා බොරුවට වලියට ඇවිත් පොර වෙන්න හදන්නේ නැතුව, කියන දේ තේරුම් ගත්ත සිරා පොරක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හොඳ විනයක් ඇති කොල්ලෙක්

      Delete
  6. sameera

    බීලා බොරු චන්ඩි නොවුන හොද පිරිසක්. ගම ආරක්ෂා කරගැනීම පිණිස ඔබගේ ඇති කැපවීමද බෙහෙවින් අගේ කරමි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගමේ කව්රුත් මේ පරිසර පද්ධතිය රැකගන්න වෙහෙසෙනවා

      Delete
  7. images

    නියම මිනිස්සු ටිකක්.
    සමහරු නම් බීලා අරක්කු බෝතලේ ගල් වල ගහලා කුඩු කරලා දාලා යනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එතැන එහෙම දේවල් වෙලා තිබුණා ඒ සේරම අප ඉවත් කළා එදා.

      Delete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    අප්පේ..මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා ඇහුවමයි!!හිස නමා ආචාර කරනවා!

    ReplyDelete
  9. Su+1

    අන්න නියම මිනිස්සු....

    මේ කිසි දෙයක් නෑ කාලා බීලා ටිකක් විනෝද වෙන්න පුළුවන් නිදහස් තැන් පළාත් පාලන ආයතන ගානෙම හදලා දෙනවනම්.(මින්සුන්ට ඔරොත්තුදෙන ගාණකට..)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අරක්කු බීලා මොන ජොලිද සුමිත් අය්යේ.... ජොලිය තියෙන්‌ෙන් අරක්කු බීමේ නෙවෙයි.. වට වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත් වල..

      Delete
    2. blogger_logo_round_35

      බියර් චුට්ටක් ගැහුවනං මර නේ හිරුවෝ

      Delete
    3. blogger_logo_round_35

      @සුමිත්... ඇත්තටම රජයෙන් මේ වගේ තැන් සාදා ජනතාවට ලබා දිය යුතුයි.

      Delete
    4. blank

      අනේ හිරු උඹයි මායි දන්න අරක්කු

      Delete
  10. blogger_logo_round_35

    අඬේ මට කඳුළුත් ආවා නලීන් අයියේ....

    ඔන්න පුළුවන් නම් පත්තරෙත් දාන්න පුළුවන් වැඩක්..... ගමේ අය වලියට යන්නේ නැතුව කාරණා පැහැදිලි කරලා දුන්න වගේම, නහරකාර‌යො පැත්තකට දාලා විනයක් තියෙන කෙනෙක් ඉදිරිපත් උන එකෙන් සිද්ධ වෙච්ච හොදේ තරම මේ පෙන්නේ.. බලද්දි අපේ රටේ මිනිස්සු තාම ඉන්නවනේ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හිරු ඒ කොල්ල පෙන්නුවේ හමුදා විනයටත් වඩා උගේ තිබු හැදියාව.එහෙම උන් හිටින එකත් රටකට වාසනාවක්.

      Delete
  11. Untitled-1.

    මේ වගේ සුන්දර තැන් අප්‍රසිද්ධව තියෙනවට මම නම් හරිම කැමතියි. ස්වභාවධර්මයා වනසලා දාන මේ වගේ මිනිස්සු එක්ක පරිසරය කොහොම රැඳෙන්නද...මට මතකයි ඉස්සර අපි නාච්චිමලේ ගිහින් නාලා ඒ පරිසරයේ සිසිලස එක්ක ගැවසිලා එන අපූරුව.. දැන් නාච්චිමලේ ගියාම දකින්න ලැබෙන්නෙ මොනවද..බීලා මදිවට ඒ බෝතල් වතුර මැද තියෙන ගල්වල ගහලා කඩලත් දාල..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ළිහිණි ගේ කතාව හරි නාච්චිමලේ අද පරිසර පද්ධතියක් නොවෙයි අමු කහල ගොඩක් වෙලා.වතුරට බහින්න බෑ බෝතල්කටු

      Delete
    2. blogger_logo_round_35

      අප්පා.. එක නම් ඇත්ත.. නාච්චිමලේ විනාසයි...

      Delete
  12. spidy

    ඒ කස්ටියට මේ තැන ගැන කියලා තියෙන්නේ බඩු ගත්ත තැනින්ලු නෙහ්? ඒ ගැන පියවරක් ගන්න. මිනිස්සු මේ ගැන දැනගන්න එක වැරදි නෑ. ඒත් බෝතල් ගන්න අයට නම් කියන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. spidy

      එක හොඳ මිනිහෙක් හරි හිටිය එකේ, හැමෝම නරි කිව්ව එකත් ටිකක් හරි නෑ නේද?

      Delete
    2. blogger_logo_round_35

      ඔබේ කතාවට මා එකඟයි මලේ...පාර කියු බාර් එකත් සමග පොඩි දැනුවත් කිරිමක් කළ යුතුම තමා. මම නරි කියපු එක වැරදි වගේ කියා දැන් මට ත් හිතෙනවා.

      Delete
  13. DDT

    බිව්වට පස්සෙ හුඟක් එවුන් එක්ක ප්‍රශ්නයක් කතාකරන්න බෑ නේ, ඌත් එක්ක තව සෙට් එකක් ඉන්නවනම් කොහොමටත් වලියට බරයි. ඒ අතින් ඔය කියන යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව, තමන්ගෙ ලොකුකම් පෙන්නන්න යන්නෙ නැතුව. ඇත්තෙන්ම ඔහු නියම හමුදා පුහුණුවක් ලබපු විනයක් තිබෙන අයෙක් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉතා හොඳ පුද්ගලයෙක් ඔහු.

      Delete
    2. blank

      //යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව//

      නැතුව නැතුව මීට කලින් ගං ගුටි වල රස දන්නවත් ඇති

      Delete
  14. CTK3133

    වටින කතාවක්...

    තව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙතැන බේරගන්න හරි අමාරුයි මාරේ. මොක්කු හෝ එනවා බොන්නම බලාගෙන.

      Delete
  15. IMG_20190902_075227

    නලීන් මේ තරුණයින් මේ දේ තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. එකට තේරුම් කරල දෙන කෙනාගෙත් දක්ෂතාව වැදගත්. ඒ කියන්නෙ කියන විලාසය. දවසක් අපිත් එක්ක ඔය වගේ බීල හිටිය කට්ටියක් කතාවට ආවා. අපේ මහත්තයා බොහොම නිවුන කෙනෙක්, එයා කතා කල විදිහට ඒ අය සුහද උනා. ඒක මමත් අත්හදා බලලා තියෙනවා කොච්චර ආවේගයෙන් හිටියත් අපි මෛත්‍රී සිතින් කතා කලාම ඒ අය නිවෙනවා. බොහොම සතුටු උනා මේ සටහන බලලා. ඒ අයටත් ඔබටත් ස්තූතියි! සොබා දම් මව රැක ගත්තාට.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කතාබහෙන් බොහෝ දේ විසදගන්න හැකියි චන්දි.

      Delete
  16. DSC002481

    මං හිතුවට වැඩිය හොඳ අවසානෙකට ඇවිලිල තියන එකට සතුටුයි. ......වගේ කෙනෙක් උනානං මේ වගේ කතාබහ කිරීමත් අවදානම්.
    එකක් කියන්න තියනව. ලංකාවෙ අපේ බහුතරයක් පරිසරයේ තියන වටිනාකම දන්නෙ නෑ. සුන්දර ස්ථාන වල වීදුරු කටු සහ ප්ලාස්ටික් කෑලි ඉතිරි වෙන්නෙ ඒකයි. ඉන්දියන්කාරයන් මහා මාර්ගයේ මළපහ කරනව වගේ අපේ උදවියගෙ ඇ‍ඟෙන්ම එන දෙයක් තමයි මේක. හැබැයි නිරන්තර දැනුවත් කිරීම් වලින් මේ පුරුද්ද වෙනස් කිරීම අමාරු නෑ කියලයි මට නං හිතෙන්නෙ. මේ කතාවෙ ඉන්න නිලධාරිය නං ආයේ මේවගේ දේවල් කරන එකක් නෑ. ෆේස්බුක්වල ෂෙයාර් කරන්න ඕන මෙන්න මේ වගේ යහපත් දේවල්.

    අමතර-පුවත් අඩවියකට වඩා මම නං කැමති පෞද්ගලික බ්ලොග් අඩවියක් කියවන්න. සතියට එක ලිපියක් තිබුනත් ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රාජ් ඔබේ අදහසට මා එකඟයි. මා කාලය එක්ක දැඩි සටනක් කරන ගමන් තමා මේ තරමටවත් බ්ලොග ලියන්නේ. පුවත් එක් කලේ බොහෝ පරිස්සමින් තෝරාගන. පුවත් එක්කමනේ මං ජීවත් වෙන්නේ. මේ පොඩි කෑල්ලෙන් මා ඉන්නා තත්ත්වය තේරුම් ගන්න ඔබට හැකිවෙයි කියා හිතනවා.

      Delete
  17. blogger_logo_round_35

    දෙපිරිසම බුද්ධිමත්... අපුරුවට ප්රිශ්නය විසදිලා ති‍ේයෙනවා... ‍අ‍පේ ර‍ටේ අනිත් ප්රපශ්න විසදන්නත් ‍මේ ක්රිම‍වේදයම අනුගමනය කරන්න පුළුවන් නම් අ‍ගෙයි...වැ‍ඩේ ති‍යෙන්‍නෙ ‍මේ ව‍ගේ හිතන අය නැහැ‍‍‍නෙ හැම තැනම.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සාකච්ජාවට බොහෝ දේ කළ හැකියි.

      Delete
  18. 393156_3563762052755_1879415722_n

    සිරාවටම පත්තරේ දාන්න ඕනෑ කතාවක්...

    ReplyDelete
  19. blogger_logo_round_35

    ඒක ඇත්ත මානවක. ඒත් එහෙම කලොත් තැන ප්‍රසිද්ධ වෙනවා.

    ReplyDelete
  20. 11406625_1047576465270789_967693792463328651_n

    හොඳ අවසානයක්!! පරිසරය අප රකී! රකිමු අපි පරිසරය.!!
    ක්‍රියාවෙන්ම ඔප්පු කල එකම ආදර්ශමත් :)

    ReplyDelete
  21. blank

    නලින්
    උඹටත් කියන්න දෙයක් තියනවා

    ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව .ඇලත් සුද්ද කරලා ගිය උන්ට අඹ නරි කියලා කියපු එක වැරදියි

    කැමතිනං ඒක හදහං

    අනික සමහරක් අයව අදුරන්ඩ පුළුවන්

    මුහුණු ටික වහලා දැම්මානං නරකද

    ( බ්ලොග් එක ඔයාගේ කැමැත්තක් කරන්න )

    ReplyDelete
    Replies
    1. untitled

      ඒ කතාවට මම විරුද්ධයි....
      තව ලං කරලා දැම්මා නම් තමා හොඳ.කාලකන්නි!

      Delete
  22. imagesCA0PDJJ2

    එතන හිටපු අයට විතරක් නෙමෙයි ට්‍රිප් යන අපි කාට කාටත් මේක පාඩමක්..

    ReplyDelete
  23. untitled

    මුංට ගහන්න ඕනා නලින් අයියේ මඩු වලිග වලිං. කන බොන එකට කිසි විරුද්ධත්වයක් නෑ. ඔය ඔක්කොම උං කරේ තියං බොන්නම් මම. (පොරක් නෙමෙයි. බීමේ හා සිහියෙන් සිටීමේ හැකියාව පමනයි.) අපි මාසෙට ට්‍රිප් දෙක තුන යනවා. අනන්තවත් ඔය වගේ තැන් වලට ගිහින් ඇති. කවදාවත් ඔය වගේ තැන් වල බොන්නෙත් නෑ. විනාස කරලා දාලා එන්නෙත් නෑ. ස්වභාවදර්මය විඳින වෙලාවට උපරිමෙන් ඒක විඳින්න ඕන. පින්තූර අරගෙන, නාලා ඒ දේවල් කරලා ආවට ප්‍රශ්නයක් නෑ ඔය වගේ තැන් විනාශ කරන්නේ නැතුව. බොන්න නම් යන්න ඕන බාර් එකකට. රෙද්ද.. මොන මඟුලක්ද. හැටි මුංගේ. හොක්කට දෙකක් අනිනවා අපි ගිය වෙලාවක ඔය වගේ තැනක අහු උනා නම්. කොයි එකත් එකයි.

    ReplyDelete
  24. blogger_logo_round_35

    ඒ නිලධාරියාගේ නම ගම වතගොත ටිකක් දැම්මනං මේ පෝස්ට් එක මසුරන්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT