සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඉරිදා දවසට පුංචි ජෝක් කතාවක් 

ඔන්න මේ ඉරිදත් ජනාගේ කතාවක් අරගෙන මං ආවා. ජනා කවුද කියල මේ වනවිට නොදන්න අය ඉන්නවනං මෙන්න මෙතැන කොටලා බලන්න. 
කාටුනය ගත්තේ මෙතැනින්
මේ කතාවත් සිදු වුණේ මෙයිට දැවුරුද්දකට විතර ඉස්සර. ඔය කාලේ ජනා වැඩ කොළේ එක්තරා ප්‍රධාන ඇමතිවරයෙකුගේ  කාර්ය මණ්ඩලයේ. එතැන වැඩ කරන ගමන් බොහොමයක් කෙරු‍වෙ වාහන බ්‍රෝකර් වැඩේ තමා. ඒ වුණාට ඇමැති කාර්ය මණ්ඩලක සේවය කරපු නිසා මිනිහට නිතර නිතර එක එක දිහාවල්වල යන්න සිද්ධ වුණා. මේ හන්දම බොහෝ වෙලාවට මිනිහගේ බිස්නස් වැඩවලට නිවාඩු ගන්න සිද්ධ වුණා. ඒකෙන් වුණේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ජනා ගේ නිවාඩු ටික ඉවර වුණු එකයි.

ඔය අව්අස්සේ මිනිහට හොද බ්‍රෝකර් වැඩක් සෙට් වුණා. ඒ බට්  කරපු පැජරෝවක් කාගේ හරි ඇගේ ගහන වැඩක්. මේ වැඩේ කෙරුණොත් ලක්ෂ ගානක් කපාගන්න පුළුවන් බව දැනගත්තු ජනා දවස් කිපයක්ම නිවාඩු දාලා මේ වැඩේට බැස්සේ ලොකු බලාපොරොත්තු තබා ගනිමින්.
ඔන්න දැන් මිනිහගේ ගෙදරට ගැනුම්කරුවෝ එනවා. වාහන ගැන කතා කරනවා. වාහනය පෙන්නන්න එක්ක යනවා. ගෙදර හරිම බිසි මේ දවස්වල මිනිහගේ. ඔන්න එදා තවත් බ්‍රෝකරයෙක්  ඇවිත් කතාව ජනා එක්ක.

"මං ළග ඉන්නවා නියම මෝරෙක්.  මොකද කියන්නේ ඔය පැජරෝව පෙන්නමුද මිනිහට. හැබැයි මගේ ගාන මට ඕන."

"හරි මගේ ගාන මට එනවනං උඹ ඕන ගාණක් තියං කතා කරගනිං. දැන් කවද්ද එක්ක එන්නේ මෝරව"

"අනිද්ද උදේම එක්කං එන්නද"

"අනිද්දා බෑ බං අද එක්ක වරෙන්කෝ. අද දවසම මං ගෙදර නිවාඩු ගන්න බෑ බං මේ දවස්වල මං නෝපේ යන්නේ.

"හරි හිටාං මං බලන්නං අද හවසට මැන්ස් සෙට් කරගන් පුළුවන්ද කියලා. රයිටෝ අපි කැපුණා. මතකනේ කොන්දේසි."

උදේම ජනාට හරි සතුටුයි ලක්ෂ ගාණක් කපාගන්න පොට පෑදෙන්නයි යන්නේ. අනේ සතුට වැඩි වෙලා තිබුණේ නෑ මේකාට ඇමති තුමා කතා කළා හදිස්සියේම කොහෙ ද යන්න. ඔය ඇමතිත් ජල්තර ගමන් යනකොට යන්නේ ජනා එක්ක. ජාඩියට මූඩිය දෙන්නම.  දැන් මූට ඌරු ජුවල්. අතට ගත්ත බත් ටික කටට දාගන්න බැරි හැඩයි. පැයක් යන්න ගියේ නැ ගෙදරටම වාහනේ එවලා තිබුණා ඇමති තුමා. මොනව කරන්නද ජනා නාහෙන් අඬ අඬා වාහනේට නැගලා ගියා.

ජනා ගිහින් පැයක් ගියේ නෑ තව කවුද ගැනුම් කරුවෙක් ආවා ජනාලගේ ගෙදරට. ඉස්සරහට ආවේ ජනාගේ අම්මා.

"ආ අම්මේ, ජනා ඉන්නව ද?"

" මේ මහත්තයා කවුද අපේ පුතාගේ යාළුවෙක් ද?"

"ඔව් අම්මේ, ජනා  නැද්ද ගෙදර. අද වැඩට ගියා ද?"

" අනේ ඔව් මහත්තයෝ වැඩට යන්නැතු ඉන්න හිටියේ. ඔන්න ඒකපාරටම කෝල් එකක් ආවා යන්න කියලා. මං හිතන්නේ අද ගියේ ඔපීසියට නෙමේ නෝපේ කියලා දිහාකට. මං අහගන පුතා එයාගේ යාලුවෙකුට කියනවා මේ දවස්වල නෝපේ යන්නේ කියලා.

ආපු යාළුවට තේරුණා වැඩේ මොකද්ද කියලා. මිනිහා හිං හිනාවක් දාගන "එහෙනං මං ගිහින් එන්නං අම්මේ" කියලා ගිහින්. මේ සිද්ධිය උගේ යාළුවෝ සේරටම කියලා ජනාව කින්ඩි කරළා.

"ජනා නෝපේ ගියේ නැතෙයි" කියල ඇහුවනං හොද පද ටිකක් අදත් අහගන්න හැකියි.


35 comments:

  1. නලින් අයියා නෝපේ යන්නේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. මේකා හැමදාම මහ ජරා පස්සේ යන එකානේ.

      Delete
    2. මේ මගේ මිත්තරයා උත්තර දීල තියෙෙන්නේ

      Delete
  2. ඔය නෝපේ ගොඩා…ක් දුරද මන්දා තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. දුරදත් අහනවා...සමණළ කන්ද කිට්ටුවලු

      Delete
  3. අනේ මෙහෙමත් අම්ම කෙනෙක් කියල ජනාට හිතෙන්න ඇති... ඇයි අප්ප උෟව බයිට් වෙන කතමනෙ කියන්නෙ

    ReplyDelete
  4. දැං කවුද ඔය ඇත්තටම ජනා?? මොනවා උනත් පව් හාදයෙක්

    ReplyDelete
  5. මේවා නම් නලියටම වෙච්ච දේවල්ද කොහෙද? අහක ඉන්න ජානෙක් පිට දාලා අපට කියනාවා. අපි නොදන්න චෙස් කිව්වලු.

    ReplyDelete
  6. ජානා නෙමෙයි මචං ජානාගෙ අම්ම තමයි මරු සිරා කොමඩි සීරියස් එකක් කරන්න පුළුවන්

    ReplyDelete
  7. නෝපේ............. නෝපේ............. නෝපේ...............

    පස්ට කතාව. අපිට හිනාය..........

    ReplyDelete
  8. නලීන්ලයි අම්මත් පිස්සු නේ කෙලින්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය පැන්නෙ බළලෙක් මල්ලෙන් එලියට. මාතලන් අයියේ මෙතනම් ඒ කතාවත් කියමුද..? නැත්නම් වෙනම පෝස්ට් එකක් දාමුද?

      Delete
  9. නලින් අයියා ජනා එක්ක නෝපෙ ගිහින් නැතැයි.

    පවු නේද අර අසරණ අම්මා.

    ReplyDelete
  10. හෙහ් හෙහ් හෙහ් මල් මතයි ඈ. දන්නවා නේද එක සොල්දාදුවෙක් පලාලියන්න ගිය හැටි?

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද විචාරක තුමා....?

      Delete
  11. ඇත්තටම වැඩයි , ඔය කියන ඇමතිගේ වැඩයි, වාහන බ්‍රෝකර් වැඩයි, ඒ මදිවට බ්ලෝග ලියන්නයි ....... ඔයාට වෙලාව ඇති වෙනවද නලින් අයියේ

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක

      Delete
    2. ඇයි බං ඔය අස්සෙ හැන්දෑවට අනුමත වෙන්නත් එපැයි නලින් අයියා..

      Delete
  12. නලින් අයියා අම්මට දොස් කිව්වද ඉතින්? :)

    ReplyDelete
  13. ඩස්ට් එක හරි කමක් නෑ කාලා වැඩ ටික කරගෙන ඉදිං කිව්ව එකේ අනිත් එක මේක..

    ReplyDelete
  14. ජනාගෙ අම්මා හැමදාම කියන්නෙ ඔහොම කතාවක්මනේ... අයියූ හොරාගෙ අම්මගෙන් පේන ඇහිල්ලත් වරදක් නෑ නේද බලාගෙන ගියාම.

    ReplyDelete
  15. හයියෝ..
    ඉතින් වැඩේ කොරගත්තෙ නැතෙයි....

    ReplyDelete
  16. නලින් අයියෙ කෝ පැජරෝ එක :D උඹ පැජරෝ තියංනේ බං කෝච්චියෙ යන්නේ..චැහ්

    ReplyDelete
  17. නෝපෙ කෙසේ වෙතත් නූපෙ කියලනම් ගමක් තියෙනවද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඕ යේස් බං.මාතර නූපෙ..ඔතන හන්දියෙන් තමා අකුරැස්ස පාරට හරවන්නෙ.

      Delete
  18. නෝපේ කතාව - මා විසින් මෙසේ අසන ලදී!

    http://kathandara.blogspot.com/2012/06/dry-jokes.html

    !!!

    ReplyDelete
  19. හැබෑට නලීන් අයියා, ඇමති කාර්ය මණ්ඩලේ අය නෝපේ ගියාට ඇමතිවරු නෝපේ යන්නෙ නැත්ද ඉඳල හිටලවත්. :)

    ReplyDelete
  20. ජනා කියන්නේ අර සින්දු කියන එකාද?

    ReplyDelete
  21. ජනා නෙමෙයිනේ ප්‍රධාන චරිතේ අම්ම නේ.

    ReplyDelete
  22. I love the information in this post. It’s clever, well-written as well as simple to understand.

    You have got my attention on this topic. I will be back for many more enlightening posts.


    Feel free to surf to my web blog - Best Acne Treatment (Scourer.co.kr)

    ReplyDelete
  23. කොල්ලා රස්සාව කලේ කොලඹ .. අම්ම හිටියෙ පිටිසර ගමක.. ඔන්න අම්මා හැමදාම ලියුම් එවනවා වරෙං පුට්ජේ ගෙදර ඇවිත් යන්න කියල.මූ යන්නෙ කෙල්ලගෙ ගෙදර විතරයි ඉතිං ඌ අම්මට ලියල යවනවා මෙහෙම.අම්මාඅ ම්ගෙ නිවාඩු ඉවරයි මං එනවා නං එන්න වෙන්නෙ නෝ පේ අරං.. ඒක හොඳ නෑනෙ.. අම්මා තරහ වෙන්න එපා..
    අම්ම ලියනවා අනේ පුතෛ.. උඹ නෝ පේ හොයන්න මහන්සි වෙන්න එපා.. ඔය නොදන්න ජාති ගෙනාවත් අපි කන්නයැ ? මට ඕනෙ උඹේ මූන බලන්න විතරයි.

    ReplyDelete
  24. ඇයි බං නෝපෙ යන්නෙ? කලින් අවුරුදු වල නිවාඩු නැතෙයි?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT