ඉරිදා දවසට පුංචි ජෝක් කතාවක්
ඔන්න මේ ඉරිදත් ජනාගේ කතාවක් අරගෙන මං ආවා. ජනා කවුද කියල මේ වනවිට නොදන්න අය ඉන්නවනං මෙන්න මෙතැන කොටලා බලන්න.කාටුනය ගත්තේ මෙතැනින් |
ඔය අව්අස්සේ මිනිහට හොද බ්‍රෝකර් වැඩක් සෙට් වුණා. ඒ බට් කරපු පැජරෝවක් කාගේ හරි ඇගේ ගහන වැඩක්. මේ වැඩේ කෙරුණොත් ලක්ෂ ගානක් කපාගන්න පුළුවන් බව දැනගත්තු ජනා දවස් කිපයක්ම නිවාඩු දාලා මේ වැඩේට බැස්සේ ලොකු බලාපොරොත්තු තබා ගනිමින්.
ඔන්න දැන් මිනිහගේ ගෙදරට ගැනුම්කරුවෝ එනවා. වාහන ගැන කතා කරනවා. වාහනය පෙන්නන්න එක්ක යනවා. ගෙදර හරිම බිසි මේ දවස්වල මිනිහගේ. ඔන්න එදා තවත් බ්‍රෝකරයෙක් ඇවිත් කතාව ජනා එක්ක.
"මං ළග ඉන්නවා නියම මෝරෙක්. මොකද කියන්නේ ඔය පැජරෝව පෙන්නමුද මිනිහට. හැබැයි මගේ ගාන මට ඕන."
"හරි මගේ ගාන මට එනවනං උඹ ඕන ගාණක් තියං කතා කරගනිං. දැන් කවද්ද එක්ක එන්නේ මෝරව"
"අනිද්ද උදේම එක්කං එන්නද"
"අනිද්දා බෑ බං අද එක්ක වරෙන්කෝ. අද දවසම මං ගෙදර නිවාඩු ගන්න බෑ බං මේ දවස්වල මං නෝපේ යන්නේ.
"හරි හිටාං මං බලන්නං අද හවසට මැන්ස් සෙට් කරගන් පුළුවන්ද කියලා. රයිටෝ අපි කැපුණා. මතකනේ කොන්දේසි."
උදේම ජනාට හරි සතුටුයි ලක්ෂ ගාණක් කපාගන්න පොට පෑදෙන්නයි යන්නේ. අනේ සතුට වැඩි වෙලා තිබුණේ නෑ මේකාට ඇමති තුමා කතා කළා හදිස්සියේම කොහෙ ද යන්න. ඔය ඇමතිත් ජල්තර ගමන් යනකොට යන්නේ ජනා එක්ක. ජාඩියට මූඩිය දෙන්නම. දැන් මූට ඌරු ජුවල්. අතට ගත්ත බත් ටික කටට දාගන්න බැරි හැඩයි. පැයක් යන්න ගියේ නැ ගෙදරටම වාහනේ එවලා තිබුණා ඇමති තුමා. මොනව කරන්නද ජනා නාහෙන් අඬ අඬා වාහනේට නැගලා ගියා.
ජනා ගිහින් පැයක් ගියේ නෑ තව කවුද ගැනුම් කරුවෙක් ආවා ජනාලගේ ගෙදරට. ඉස්සරහට ආවේ ජනාගේ අම්මා.
"ආ අම්මේ, ජනා ඉන්නව ද?"
" මේ මහත්තයා කවුද අපේ පුතාගේ යාළුවෙක් ද?"
"ඔව් අම්මේ, ජනා නැද්ද ගෙදර. අද වැඩට ගියා ද?"
" අනේ ඔව් මහත්තයෝ වැඩට යන්නැතු ඉන්න හිටියේ. ඔන්න ඒකපාරටම කෝල් එකක් ආවා යන්න කියලා. මං හිතන්නේ අද ගියේ ඔපීසියට නෙමේ නෝපේ කියලා දිහාකට. මං අහගන පුතා එයාගේ යාලුවෙකුට කියනවා මේ දවස්වල නෝපේ යන්නේ කියලා.
ආපු යාළුවට තේරුණා වැඩේ මොකද්ද කියලා. මිනිහා හිං හිනාවක් දාගන "එහෙනං මං ගිහින් එන්නං අම්මේ" කියලා ගිහින්. මේ සිද්ධිය උගේ යාළුවෝ සේරටම කියලා ජනාව කින්ඩි කරළා.
"ජනා නෝපේ ගියේ නැතෙයි" කියල ඇහුවනං හොද පද ටිකක් අදත් අහගන්න හැකියි.
නලින් අයියා නෝපේ යන්නේ නැතෙයි
ReplyDeleteමේකා හැමදාම මහ ජරා පස්සේ යන එකානේ.
Deleteමේ මගේ මිත්තරයා උත්තර දීල තියෙෙන්නේ
Deleteඔය නෝපේ ගොඩා…ක් දුරද මන්දා තියෙන්නෙ. :D
ReplyDeleteදුරදත් අහනවා...සමණළ කන්ද කිට්ටුවලු
Deleteඅනේ මෙහෙමත් අම්ම කෙනෙක් කියල ජනාට හිතෙන්න ඇති... ඇයි අප්ප උෟව බයිට් වෙන කතමනෙ කියන්නෙ
ReplyDeleteදැං කවුද ඔය ඇත්තටම ජනා?? මොනවා උනත් පව් හාදයෙක්
ReplyDeleteමේවා නම් නලියටම වෙච්ච දේවල්ද කොහෙද? අහක ඉන්න ජානෙක් පිට දාලා අපට කියනාවා. අපි නොදන්න චෙස් කිව්වලු.
ReplyDelete+++
Deleteඅය්යෝ සල්ලි..
ReplyDeleteජානා නෙමෙයි මචං ජානාගෙ අම්ම තමයි මරු සිරා කොමඩි සීරියස් එකක් කරන්න පුළුවන්
ReplyDeleteනෝපේ............. නෝපේ............. නෝපේ...............
ReplyDeleteපස්ට කතාව. අපිට හිනාය..........
නලීන්ලයි අම්මත් පිස්සු නේ කෙලින්නේ..
ReplyDeleteඔය පැන්නෙ බළලෙක් මල්ලෙන් එලියට. මාතලන් අයියේ මෙතනම් ඒ කතාවත් කියමුද..? නැත්නම් වෙනම පෝස්ට් එකක් දාමුද?
Deleteනලින් අයියා ජනා එක්ක නෝපෙ ගිහින් නැතැයි.
ReplyDeleteපවු නේද අර අසරණ අම්මා.
හෙහ් හෙහ් හෙහ් මල් මතයි ඈ. දන්නවා නේද එක සොල්දාදුවෙක් පලාලියන්න ගිය හැටි?
ReplyDeleteඒ මොකක්ද විචාරක තුමා....?
Deleteඇත්තටම වැඩයි , ඔය කියන ඇමතිගේ වැඩයි, වාහන බ්‍රෝකර් වැඩයි, ඒ මදිවට බ්ලෝග ලියන්නයි ....... ඔයාට වෙලාව ඇති වෙනවද නලින් අයියේ
ReplyDelete+++++++++ :D
Deleteහැක හැක හැක
Deleteඇයි බං ඔය අස්සෙ හැන්දෑවට අනුමත වෙන්නත් එපැයි නලින් අයියා..
Deleteනලින් අයියා අම්මට දොස් කිව්වද ඉතින්? :)
ReplyDeleteඩස්ට් එක හරි කමක් නෑ කාලා වැඩ ටික කරගෙන ඉදිං කිව්ව එකේ අනිත් එක මේක..
ReplyDeleteජනාගෙ අම්මා හැමදාම කියන්නෙ ඔහොම කතාවක්මනේ... අයියූ හොරාගෙ අම්මගෙන් පේන ඇහිල්ලත් වරදක් නෑ නේද බලාගෙන ගියාම.
ReplyDeleteහයියෝ..
ReplyDeleteඉතින් වැඩේ කොරගත්තෙ නැතෙයි....
නලින් අයියෙ කෝ පැජරෝ එක :D උඹ පැජරෝ තියංනේ බං කෝච්චියෙ යන්නේ..චැහ්
ReplyDeleteනෝපෙ කෙසේ වෙතත් නූපෙ කියලනම් ගමක් තියෙනවද කොහෙද..
ReplyDeleteඕ යේස් බං.මාතර නූපෙ..ඔතන හන්දියෙන් තමා අකුරැස්ස පාරට හරවන්නෙ.
Deleteනෝපේ කතාව - මා විසින් මෙසේ අසන ලදී!
ReplyDeletehttp://kathandara.blogspot.com/2012/06/dry-jokes.html
!!!
හැබෑට නලීන් අයියා, ඇමති කාර්ය මණ්ඩලේ අය නෝපේ ගියාට ඇමතිවරු නෝපේ යන්නෙ නැත්ද ඉඳල හිටලවත්. :)
ReplyDeleteජනා කියන්නේ අර සින්දු කියන එකාද?
ReplyDeleteජනා නෙමෙයිනේ ප්‍රධාන චරිතේ අම්ම නේ.
ReplyDeleteI love the information in this post. It’s clever, well-written as well as simple to understand.
ReplyDeleteYou have got my attention on this topic. I will be back for many more enlightening posts.
Feel free to surf to my web blog - Best Acne Treatment (Scourer.co.kr)
කොල්ලා රස්සාව කලේ කොලඹ .. අම්ම හිටියෙ පිටිසර ගමක.. ඔන්න අම්මා හැමදාම ලියුම් එවනවා වරෙං පුට්ජේ ගෙදර ඇවිත් යන්න කියල.මූ යන්නෙ කෙල්ලගෙ ගෙදර විතරයි ඉතිං ඌ අම්මට ලියල යවනවා මෙහෙම.අම්මාඅ ම්ගෙ නිවාඩු ඉවරයි මං එනවා නං එන්න වෙන්නෙ නෝ පේ අරං.. ඒක හොඳ නෑනෙ.. අම්මා තරහ වෙන්න එපා..
ReplyDeleteඅම්ම ලියනවා අනේ පුතෛ.. උඹ නෝ පේ හොයන්න මහන්සි වෙන්න එපා.. ඔය නොදන්න ජාති ගෙනාවත් අපි කන්නයැ ? මට ඕනෙ උඹේ මූන බලන්න විතරයි.
ඇයි බං නෝපෙ යන්නෙ? කලින් අවුරුදු වල නිවාඩු නැතෙයි?
ReplyDelete