ගූගල් වෙතිනි |
මෙහෙම ටික කාලයක් අනුන් ගේ වාහන විකුණමින් ගාන කපා ගත් ජනා ටික දවසකින් තමන්ගෙ ම කියලා පරණ වැන් කට්ටක් ගත්ත දෙකට පහට විතර. මේක හෙන ලදරමක් වුණත් වාහනේ ගෙදර ගෙනත් ජැන්ඩිපහට පේන්ට් කරලා හදලා ගත්තා. දැන් වාහනේ කිරි ටොයියා වගේ බැබලෙනවා. මේකා දැන් කයිවාරුවටත් කියන්නේ ඔන්න බලපල්ලා මං මේ වන්ඩිය එකට පහක් තියාගන විකුණනවා කියලයි. මෙහෙම කියපු ජනා කාටත් හොරෙන් මේ දිරුම් වහපු වාහනේ විකුණන්න පත්තරේ දැන්වීමක් දාලා. දැන් මුගේ බලා පොරොත්තුව ඉරිදා දවසේ ගෙදර ඉන්න නිසා එන ගැනුම් කරුවන්ට වාහනේ පෙන්නලා විකුණගන්න එක.
මොකද්ද කරුමෙකට එදා දවසේ ජනාට හදිසියේ වැඩට එන්න කියලා ලොක්කා කතා කරලා කියලා. දැන් මූ ලොකු අමාරුවක. වාහනේ බලන්න මිනිස්සු එනවා. හැමදාම මූ වාහන වික්කේ බොරු අතේ පැළකරලනේ. දැන් මේ වාහන පෙන්නන්නවත් විදියක් නැ මේකට. දහ අතේ කල්පනා කළ ජනා අන්තිමට උගේ අම්මට කියනවා අම්මේ වාහනේ ගන්න කවුරු හරි ආවොත් වාහනේ පෙන්නලා මට කෝල් එකක් අරන් දෙන්න කියලා. එහෙම කියලා ඌ වැඩට යනවා.
මේකා ගිහින් පැයක් ගියේ නෑ ආපි දෙන්නෙක් වාහනේ බලන්න. අම්මටත් දැන් හරි සතුටුයි. දැන් දෙන්නා කැරකි කැරකි වාහනේ වටේ තට්ටු කරකර යනවා. ටිකක් බොල් සද්දේ එනවා නේද බාස් උන්නැහැ. හ්ම් බලමුකෝ අපි තව ටිකක්.
අනේ මහත්තයෝ මහත්තයට කියන්න අපේ එකා මේ වාහනේට මාර ආදරෙන්නේ හිටියේ. උගේ වැඩේම මේ වාහනේ හදන එකමයි. බොරුනං බලන්න මහත්තයෝ මේකා මේ වාහනේට තියන ආදරේ තේරෙයි අර ටින් ගොඩ දැක්කාම. ඔය ටින් සේරම දාලා තමා මේ තරම් ලස්සනට වාහනේ හදාගත්තේ කියලා ගැරෙජ් එකේ කෙළවරකට වෙන්න රෙද්දකින් වහලා දාල තිබ්බ කැට්ලොය් පේස්ට් ටින් තොගයක්ම පෙන්නපි.
එක පාරටම මූණට මූණ බලාගත්තු දෙන්නා හා එහෙමද එහෙනං පුතාට කියන්න අපි ඇවිත් බලලා ගියා කියලා කියමින් බයිසි මොටෝවට නැගල ඉගිල්ලිලා ගියේ දෙවියෝ අපිව බේරුවා කියන ගමන්. අර අම්මා තාමත් කල්පනා කොරනවලු මොකද්ද මගෙන් කියැවුණු වැරැද්ද කියලා.
අම්මෝ..ඔහොම එවුන් ඉන්නවා හැම තැනම..මම වැඩ කරන අතනත් ඉන්නවා.බොරු කෝටියක් කියල ගන්න ඉන්න එකා ව හොඳ ට අන්දලා පරණ යකඩ අගොදවල් විකුනනවා.හැබැයි ඉතින් අර වගේ අම්මල ඉන්නවනම් පුතාලට වැඩි දුර වංචා කරන්න බෑ..
ReplyDeleteමොනවව උනත් අවංක මවක්.
මෙතැනනං වෙලා තියෙන්නේ අම්මා නොදන්න කමයි ෂෙහාන්..
Deleteවාහන ගන ගියාම තමයි තේරෙන්නෙ මිනිස්සුන්ගෙ බොරු.. අතේ පැළවෙන එව්වා කියන්නෙ. ඒවා අහූනත් ලජ්ජාවක් නෑ..
ReplyDeleteවාහන ගනු දෙනුවේදි බ්රෝකර්ලගෙන් හරිම පරිස්සම් විය යුතුයි. වැඩිම ලාභය ගන්නේ උන්
Deleteඑළ කතාව නලියා......
ReplyDeleteජනාට නියම පාට්නර් කෙනෙක් ඉදාලානේ වාහන විකුණන්නට... නියමයි හැමදාම අම්මා හිටියනම් මිනිහා ඔය රස්සාව අතඇරලා ගොඩක් කල්......
මේ කතාව අපි මේකට දැනුත් කියනකොට මු බනින්නෙත් අම්මට කියල තමා
Deleteඅම්ම වැඩේ කාල!
ReplyDeleteවැඩේ අල කරලා....
Deleteඅම්ම නිසා අහිංසකයෙක් බේරුනා , වාහන බ්‍රොකර්ලායි කපුවොන්ගෙයි වැඩි වෙනසක් නෑ. කොහොම හරි ටින්කර් කරපුවා ඇඟේ ගහන්නනේ කපුවොත් බලන්නේ
ReplyDelete+++++++++++++++++++++++++++++++
Deleteඉවාන්ටත් ටින්කර් කරපු එකක්ද අහු උනේ/ අහු වෙන්න යන්නෙ?
Deleteඉවාන කෙහෙද බං ඒවට අහුවෙන්නෙ ....
Deleteඒ කොල්ල සුන්දර බිරිදකගේ දයාබර සැමියෙක්...හෙහ්...හෙහ්....
ඉන්ජො ටිංකරින් පාරවල්වලට අහුවෙන්නේ නැතෝ නේද කෙන්ජයියේ...
Deleteනැතිව නලිය .... අපි වගේ එවුන් අහු වුනත්......:)
Deleteඔය කියලා තියෙන්නේ ලෙසටම! :D
Deleteසෙට් වෙලා බොද්දි වෙන මේ වගේ කතාවක් ඉරිදට හරි දාපං යකූ..... හෙක්...හෙක්....
ReplyDeleteඔව් ඔව් ඉරිදට මේවගේ කතා ලියන්න තමා කල්පනාව දැන්.
Deleteනලියා මගේ ගැලවිජ්ජා ඩ්‍රාමා එකේ ප්ලොට් එකත් ජනා කෙනෙක් තමයි
ReplyDeleteඑහෙමද එහෙමද? ගැලවිජ්ජා සාර්ථක වේවා මචං
Deleteඅප්ප ඔය සෙල් කාරයොයි බ්‍රොකර්ලයි කරන වැඩනම් පොස්ට් එකක් ලියන්න පුලුවන්.බලමු පුලුවන් වුනොත් ලියන්නම් කො.
ReplyDeleteලියමු ලියමු ඒවත් මේකා ගැනම තව කතා තියනවා ඒවත් ලියනවා ඉදිරියට.
Deleteලංකාවට එන්න කලින්ම ඩිජීටල් odometer එකකත් ආපස්සට කැරෙකෙන එකේ......
Deleteගජින් :D
Deleteජනා කියන වචනය හරි භයානකයි. ඔය වචනයට තව අකුරු තුනක් එකතු කරලා දේශපාලන අර්ථ කථන දුන්නොත් 'කේර මලියක්' වෙනවා. ඒ නිසා නම වෙනස් කරමු.
ReplyDeleteමේ නම් මාව හික කරන්න කරපු කමෙන්ට් එකක් හැක් හැක් හැක්..
Deleteඅපේ මරා ගැන එහෙම නෙවෙයි නේද ලිව්වෙ....
ReplyDeleteයකෝ මේ ජනා අපේ ගමේ ජනා ගැන...
Deleteඇත්තනෙ දෙයියනෙ ඔය වාහනේ මුන් ගෙනිච්චත් කවදා හරි බනින්නෙ ඔය අහිංසක අම්මටමනෙ. ඉතිං ඒ අම්මා බලන්න ඇති පිට උන් ගෙන් බැනුම් අහන්නෙ මොකටද කියලා. :)
ReplyDeleteඋඹේ අර වංගුවෙදි හිටින බයික්කෙ විකුනන්න ගිහිල්ලත් ඔහොම උනා නේ බං :D
Deleteහි… ඌ සීන් එක දැන දැන ගත්තෙ බං. :D
Deleteකොහොම හරි පව් වැඩේ ඌ ටික කාලෙන්ම ඒක පංචිකාවත්තට දැක්කුවා. :(
බ්‍රෝකර්ල හොඳයිනේ බං උඹලට වඩා . හැක් :D
Deleteබලන කොට ප්‍රියාත් එක්තරා බ්රෝකර් කෙනෙක් නේ පත්තර මලයා.
Deleteහැමදාම හොර වැඩ කරන්න බෑනේ එලිවෙන්නත් දවසක් තියෙන්න ඕනේ නේ..
ReplyDeleteමේක එයාගේ නොදන්න කමට වෙච්ච දෙයක් ඒ ගැන දන්නවනං එයා කියටවත් අර ටින් තොගේ පෙන්නෙන්නේ නෑ.
Deleteඕ යේස්.. අම්මෝ බ්‍රෝක්‍ර්ල ඇවිල්ල වැඩක් නැ දෙන ආතල් එක නලින් අයියා. වාහනේ විකුනන්න දුක හිතෙනවා ඌ වාහනේ ගැන දෙන රෙකමන්ඩ් එක ඇහුවම.. අම්ම තාත්ත හරි ගනකට අවොත් දෙන ඩයල් ජතියක් !!!!
ReplyDelete++++++++++++++++++
Deleteඅම්මපා ඇත්ත එවුන් බොරු අතේ පැළ කරනවා බං ඒ වගේම තමා වාහන බලන්න අපිම අරන්යන බාස්ලවත් ගානකට ගන්නවා මුන්. බාසටත් ගානක් කපලා දිීලා.
Deleteගෙවල් වල අය වැඩි හොඳට කරන මේ වගේ වැඩ වලින් සමහරුන්ට කෙළ වෙච්ච අවස්ථා එමටයි.
ReplyDeleteඇත්ත ඇත්ත සූදික....
Deleteහුහ්, කැටලෝයි පේස්ට් ටිං එකක්ම කීයයි කියලද හිතන්නේ? ;P
ReplyDeleteඒ වගේද තහඩු වෙනුවට කැට්ලෝයි වලින්ම වහල හදපු එක. පිටින් කිරි ටොයියා වගේ..
Deleteටින් බොඩියක් ද හොයල තියෙන්නේ... :p
ReplyDeleteවාහන ගැන දන්නේ නැති එවුන් පාවිච්චි කරපු වාහන ගන්නවනම් ඕං පරෙස්සමෙන් මේක එක සිද්ධියක් විතරයි මම දන්න කියන කෙනෙකුත් මෙහෙම වැඩ කීපයක්ම කරලා තිබුණා.
ReplyDeleteවාහන බ්‍රොකර්ලා තමයි මිනිස්සු තමංගේ තාත්තට අරං දීපු වාහනෙං ගාණක් තියාගත්තු බ්‍රෝකර් කෙනෙක් මං දන්නවා.
ReplyDeleteනලින් මාමාගේ මේ කතාව කියෙව්වම මටත් යාලුවෙකුට වාහනයක් ගන්න ගිහින් වෙච්චි වැඩක් මතක් උනා ..... යාලුවා ගියේ අවුරුදු 10ක් විතර පාසල් සේවයේ යෙදුන වෑන් එකක් බලන්න ඒක අයිති අන්කල් ඒ වෑන් එකට ඇත්තටම හරි ආදරෙයිලු.... අපිත් එක්ක ගිය ගැරේජ් බාස් වෑන් එකේ කෑටලෝයි තියෙනවද බලන්න වටේටම ටින් ටින් ගා ගා තට්ටු දාගෙන යද්දී කේන්ති ගිය අර වෑන් අයිති අන්කල් කිව්වා යකෝ මම අවුරුදු දහයක් හම්බකරන් කෑව මේකට ටින් ටින් ගා ගා තට්ටු කරන්න මේක ටකයක් නෙමෙයි බොලව් මම මේක බොලට විකුනන්නේ නෑ පලයව් යන්න කියලා අපිව එලව ගත්තානේ.....
ReplyDeleteරාළගෙ යාලුවගෙ ඩයල් එක අප්සට්ද ? ගුටිකන මූණක්ද තිබුනෙ...නැත්තං රාළගෙ ඩයල් එක අප්සට්ද ? වාහන අයිතිකාරයගෙ වයිපරේට, දුවලට ඇහැ කැරකෙව්වද ?
Deleteඔන්න ඕකයි කියන්නෙ හැම තැනටම ඇත්ත කියන එකෙන් වාසියක් ලැබෙන්නෙ නෑ කියලා...පවු නේද ජනා...
ReplyDeleteනලීන්ගෙ මේ පෝස්ටුව දැක්කම පත්තර වල දාන වාහන ඇඩ් මතක් වෙනවා. ඒවයේ තියෙනවා ලේඩීස් ඩ්‍රිවන් වෙහිකල් කියල. අහුවෙන්න නම් එපා. දැන් කාලේ ලේඩීස් ඩ්‍රිවන් කියන්නෙ එන්ජින් ගියර් බොක්ස් අහවර කරපුවා. අපේ පත්තර මල්ලි දන්නව ඇති මේ ඇඩ් ගැන. අම්මෝ ලියනවනම් කතා එමට ඇති.
ReplyDeleteපටන් ගන්න ඕනි ... වාහන බිස්නස් එකක්...
ReplyDelete:3 අම්මට නොකියා ..
මදැයි! හොරාගෙ අම්ම හරියට පේනෙ කියල නෙ
ReplyDeleteමාළුවා නහින්නෙත් කට නිසාළු..........
ReplyDeleteඒ වුනාට අම්ම ඇත්තනේ කිව්වේ,,,,,,, කොතනද ඉතින් වරදක්......?
ReplyDeleteඅම්මා තාම කල්පනා කරනව ඇති හි හි....
ReplyDeleteසුපර් කප් 50 බලන්න ආපු කොල්ලෝ දෙන්නෙකුට අංකල් කිව්වාලු
ReplyDeleteබය නැතුව ගන්න පුතා... 1 st එකයි 2nd එකයි විතරයි පාවිචි කරේ 3 rd එකට තවම දාලවත් නෑ.
එහෙනං ඒ ගියර් වීල් දෙකට අබ සරණං සන්ජීව..
Deleteපට්ට
ReplyDeleteහැබැයි ජනා එදා අම්මට නං හොදට දෙහි කපන්න ඇති නේ
අන්න වචනේ යසිත්...
ReplyDeleteඅඩේ උත්තර දාන්න බෑ බංස්ලා. උත්තර දාන තැන නොවේ වැටෙන්නේ. වෙන තැන්වල. දැන්නං බ්ලොගරයා මාරම විදියට පිස්සු කෙළිනවා.
ReplyDeleteබුවා බොසාගේ අම්ම අප්පා මතක් කරන්න ඇති නේ..?
ReplyDelete