මුල්ම දිනමිණ වෙසක් කලාපය
දිනමිණ පුවත්පත සමඟ වෙසක් කලාපයක් පළමුව නිකුත් කොට ඇත්තේ 1929 මැයි මස 22 දින ය. මෙකල දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය දැරුවේ ඇලෙක්ස්සැන්ඩර් වැලිවිට මහතායි. දිනමිණ සමඟ විශේෂ අතිරේකයක් ලෙස නොමිලේ මේ කලාපය පිරිනමා ඇත. ඉන් අනතුරුව 1930, 31, 32, 33 වසරවල මේ කලාපය නිකුත් වූ බව දිනමිණ ඉතිහාසයෙන් පැහැදිලි වේ.
1933 මැයි 06 දින සෙනසුරාදා දිනමිණ පුවත්පතේ වෙසක් අතිරේකය ගැන පළවී තිබූ දැන්වීම මෙසේය.
“දිනමිණ වෙසක් පත්‍රය”
“සාරවත් ලිපි ප්‍රතිරූප කාව්‍ය දියෙන් සරසනු ලබන දිනමිණ වෙසක් පත්‍රය මේ මස 08 වෙනිදා (ලබන සඳුදා) නිකුත්කරනු ලැබේ.
පිටු 16කින් යුත් මේ විශේෂ පත්‍රයේ මිල ශත 05යි. ප්‍රමාද වී පශ්චාත්තාප නොවී පත්‍ර උවමනා අය වෙළෙන්දුන්ට කලින් දන්වා පත්‍රය ලබාගත යුතුය.”
දිනමිණ වෙසක් කලාපය 1934 විශේෂ පොතක් ලෙස පිටු 100ට අධික ප්‍රමාණයකින් වර්ණ පින්තූර සමඟ වෙළෙඳ දැන්වීම් සහිතව නිකුත්කොට ඇත. මෙහි මිල ශත75 කි. තැපැල් ගාස්තු ශත35කි.1935 වසරේ දිනමිණ වෙසක් කලාපයේ මිල රු: 1.00කි. 1934 සිට වෙනම පොතක් ලෙස අද දක්වා මේ දිනමිණ වෙසක් කලාපය වාර්ෂිකව නිකුත් වී ඇත.
අද මෙහි මිලරුපියල් 200කි.
දිනපතා පුවත්පතක් වශයෙන් 1930 වකවානුව වනවිට දිනමිණ ප්‍රචාරයට පත්වූවත් ඒ අවධියේ ලේක්හවුස් ආයතනයෙන් ඉරිදා සිංහල පුවත්පතක් පළවූයේ නැත.
1930 මාර්තු 23දා ඩී. ආර්. විජයවර්ධන මහතාගේ අදහසක් පරිදි “සිළුමිණ” නමින් අලුතින් ඉරිදා පුවත්පතක් ආරම්භවිය. ඩී.ආර්. විජයවර්ධන මහතා මේ පත්‍රය ආරම්භකළේ එකල ජනප්‍රියව පැවති ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ ස්වදේශ මිත්‍රයා පත්‍රය සමඟ තරග කිරීමටය.
එහි කර්තෘ ධුරයට පත්වූයේ පියසේන නිශ්ශංක මහතායි. සිළුමිණ ආරම්භයේ දීම එහි සේවයට එක්වූ පත්‍ර කලාවේදීන් අතර අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඇන්.එෆ්.ඇම්.ඇස්. ගුණසේකර, චාල්ස් අභයගුණරත්න (පසුව පඹුරණ මෙත්තෙය්‍ය හිමි) ආදීහු කැපී පෙනේ. එකල සිළුමිණේ පළ වූ ‘සීයා’ නැමති ජනප්‍රිය විශේෂාංගය ලියන ලද්දේ තරුණ පත්‍ර කලාවේදී චාල්ස් අභයගුණරත්න විසිනි.
1934 සිළුමිණ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක මහතාට එම පත්‍රයේ කර්තෘ ධුරයට අමතරව දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය ද ලැබිණි. 1934 දී ඩී.ආර්. විජයවර්ධන මහතා දිනමිණ ආරම්භක වෙසක් කලාපය සංස්කරණය කිරීමේ වගකීම පවරන්නේ චාල්ස් අභයගුණරත්න මහතාටයි. අතිශය චමත්කාර ජනක චිත්‍රයෙන් හා සාරගර්භ ලියුම්වලින් ද සරසා දිනමිණ වෙසක් කලාපය නිකුත් කිරීමට චාල්ස් අභයගුණරත්නට හැකිවිය.
චාල්ස් අභයගුණරත්න |
එම ආරම්භක වෙසක් කලාපය දුටු එකල සෞඛ්‍ය ඇමැති වූ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා ඩී.ආර්. විජේවර්ධන මහතාට ලියා යවමින් “ඔබ තෝරාගත් පුද්ගලයා නම් මේ සඳහා සුදුසු ම තැනැත්තාය”යැයි දැන්වීය.
එම ආරම්භක දිනමිණ වෙසක් කලාපයේ කිසිතැනක ඔහුගේ නම සඳහන්ව නැත. ලිපිවල පමණක් සීයා යනුවෙන් සඳහන් වේ. සිළුමිණ පුවත්පතට කිසිවිටක තම නම වූ චාල්ස් අභයගුණරත්න නමින් ලිපි නොලියූ මොහු සැමවිට සීයා නමින් ලියුවේය.
එකළ බොහෝ දෙනා මේ අපූරු ලිපි ලියන සීයා දැක ගැනීමට දිනමිණ කන්තෝරුවට ආවේය. එවිට ඔවුනට දැක ගත හැකිවූයේ 20 හැවිරිදි චාල්ස් අභයගුණරත්නයන්ය. පැමිණෙන සැවොම මොහු දැකීමෙන් මවිතයට පත්විය. මෙතරම් තරුණ අයකු ලියූ ලියවිලි ගැන විස්මය පළ කළේය. එම වකවානුවේ මොහු තරම් දක්ෂ ලියවිලිකාරයකු (ලේක්හවුසියේ) විල්පායහී නොසිටි බව රිචඩ් ද සිල්වා මහතා සඳහන් කරයි.
එම වකවානුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ පසුව අගමැති වූ පණ්ඩිත ශ්‍රී නේරුතුමාගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට පැවරෙන්නේ චාල්ස් අභයගුණරත්න මහතාටයි. ඉංග්‍රීසි සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති මේ ශාන්ත තරුණයා දුටු නේරු ද මොහුට වශී විය.
ලෝකයෙන් ම පළමු වෙනියා වී මාතර සාන්ත තෝමස් විදුහලට නිවාඩු
1910 වසරේ මැයි මස 13 වැනි දින මාතර පඹුරණදී උපන් චාල්ස් අභයගුණරත්න පළමුව පඹුරණ පාසලින් ද , පඹුරණ වාලුකාරම විහාරයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.
පසුව මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළත්වී ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීය. එකළ පැවති ඩෙන්හෙම් රචනා තරගයට ඉදිරිපත් වූ මොහු ලෝකයෙන් ම පළමුවෙනියා ලෙස පත්විය. මාතර සාන්ත තෝමස් විදුහලට මේ ශිෂ්‍යයා ගෙන දුන් ගෞරවය නිසා බෙහෙවින් සතුටු වූ එකල විදුහල්පති ජේ. ඩබ්ලිව්. බුල්ජන්ස් මහතා විදුහලේ සිසුන්ට එක් දවසක නිවාඩුවක් දුන්නේ ය. මහත් ප්‍රසිද්ධියට පත් දේව මෙහෙයක් පවත්වා චාල්ස් අභයගුණරත්නයන්ට ආශිර්වාද කළේය.
මොහු කඹුරුගමුවේ රතනජෝති හිමි වෙතින් පාලි, සංස්කෘතික හා බුද්ධ ධර්මය පිළිබඳ හසල දැනුමක් ලබාගත්හ. කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් ද උසස් ලෙස සමත් වූ මොහු ලේඛන කලාව කෙරෙහි කුඩාකල සිට දැක්වූ ආශාව නිසා වයස අවුරුදු 19දී දිනමිණ කාර්යාලයේ කර්තෘ මණ්ඩලයට බැදුණේය.
තරුණ පුවත්පත් කලාවේදියකු වූ ඔහුට උවමනා කෙළේ වැටුප නොව හැකිතරමින් සිළුමිණ පුවත්පතට සේවය කිරීමයි. බම්බලපිටියේ වජිරාරාමයේ නවාතැන් ගෙන සිටි මොහු සැමවිට පැලෑනේ වජිරඤාණ හිමිගෙන් හා නාරද හිමිගේ අවවාද අනුශාසනා ලැබීය. හැමවිට ධර්ම - ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සාකච්ඡා කළේය.
වජිරාරාමෙය් සිට පයින් ම කොටුව දිනමිණ කන්තෝරුවට එන මොහු පයින්ම වැඩ අවසන් වූ පසු බම්බලපිටිය වජිරාරාමය කරා ගමන් කරයි. වජිරාරාම බෝමළුවේ හෝ විහාරයේ භාවනායෝගීව සිටින මොහු පසුව අලුයම නැවත් දිනමිණ කාර්යාලයට යයි.
ලේක්හවුසියෙන් ගන්නා පඩිය හිඟන්නන්ට
මුදලට තනතුරුවලට කිසිවිට ගිජු නොවූ මොහු දිනමිණ කාර්යාලයෙන් ලැබුණ වැටුප කිසිවිට තම ප්‍රයෝජනයට නොගත්තේය. පයින් වජිරාරාමය වෙත එන අතරතුරේ වැටුපෙහි මුදල් මාර්ගයේ අයිනේ සිටින දුප්පත් අයට ගැනීමට තැනින් තැන තබා වජිරාරාමයට විත් භාවනායෝගීව සිටියේය. බුද්ධ ධර්මය ගැන උසස් දැනුමක් ලබාගත් මෙතුමාට ගිහිගෙය ක්‍රමයෙන් කලකිරෙන්නට පටන් ගත්තේය.
මෙසේ සිටිනාවිට 1934 ජූලි මස 1 ඉරිදා සිළුමිණ පුවත්පතේ පළවූ සීයාගේ ලිපියෙන් පසු මොහු අතුරුදන් විය. සිළුමිණේ සීයාගේ අවසන් ලිපියෙන් කොටසක්
“ක්ෂණයෙන් ක්ෂණය, තත්ත්පරයෙන් තත්ත්පරය, විනාඩියෙන් විනාඩිය, පැයින් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මසින් මස, අවුරුද්දෙන් අවුරුද්ද, ජීවිතයෙන් ජීවිතය පාරමී පුරන දරුවනි. යම් තැනක දානයට බාධා ඇත්ද? ශීලයට බාධා ඇත්ද? එතනින් වහා නික්ම යෙත්වා”
“මා යම් සේ සැපතකට කැමතිද? මාගේ සහෝදරයාත් සැපතට කැමතිය. මා යම්සේ දුකින් මිදීමට කැමතිද? මාගේ සහෝදරයාත් දුකින් මිදෙන්නට කැමතිය. මා අපමණ ආත්ම භාවයන්හි මාගේ සහෝදරයාටත් වඩා දුස්සීලව සිටින්නට ඇත. අහෝ දැන් මම සිල්වත්මි. මාගේ සහෝදරයාත් සිල්වත් වේවා. මම යම් යම් උතුම් මඟකට බටුයෙමිද? මාගේ සහෝදරයාත් ඊට බසීවා. කිසිවකුට නොමඟ යන්නට ඉඩ නොදේවා.
තවුස්දම්පුරා බුරුමයට ගොස් මහණ වෙයි
සිය මවට හා පැලෑණේ වජිරඤාණ හිමිටත් ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාටත් ලිපි තුනක් ලියා තබා කිසිවකුට නොදන්වා දඹදිව බලා පිටත්විය. තමා ළඟ තිබූ දුනු පිහියෙන් හැකි පමණ කෙස් කපාගෙන අසල සිටි ද්‍රවිඩ අයකු ලවා ඉතිරි කෙස් ටිකද කපාගෙන ගුරු පාට රෙද්දක් පොරවාගෙන උතුරු ඉන්දියාව බලා පාගමනින් පිටත්විය. උතුරු ඉන්දියාවට ගිය මෙතුමා දුකසේ තවුස් දම් පිරීය. පසුව බුරුමයට ගොස් සංඝ රාජාරාමයේදී පැවිදි උපසම්පදාව ආයාචනය කළේය. මෑණියන්ගේ අවසරය නොමැතිව බුරුමයේදී පැවිදි උපසම්පදාව දෙනු නොලබන නිසා මෑණියන්ගේ අවසර ඉල්ලා ලංකාවට ලිපියක් ලියා එවන ලදී. මෑණියන්ගේ අවසර ලැබිණි. ඉන්පසු පඤ්ඤා මෙත්තෙය්‍ය නමින් පැවිදිවිය. බුරුම රටේදී කලක් භාවනායෝගීව වාසය කළ උන්වහන්සේ උපසම්පදාව ලබා ඉන්දියාවට නැවත පැමිණ දඹදිව සිද්ධස්ථානවල භාවනායෝගීව වැඩ විසුවේය.
දිනකට එක්වරක් දානය වළදයි
දිනකට එක්වරක් පමණක් දානය වැළඳූ උන්වහන්සේ පාත්‍රයට ලැබුණු යමක් විවේක ස්ථානයකට ගොස් වළදා පාත්‍රය සෝදා තබයි. ඇතැම්විට මුන්වහන්සේ යන මාර්ගයේදී ගිඟන්නන් හමු වේ. තම පාත්‍රයට ලැබුණු සියල්ල අන්ධ හිඟන්නන්ට දී පාත්‍රය සෝදා තබා ශාන්තව වැඩහිදියි. මෙසේ තම ආහාරය කෙනකුට දෙනවා කිසිවකු දිටී නම් උන්වහන්සේට නැවත දන්පිරිනමයි. නැතිනම් උන්වහන්සේ පසුදින වන තුරු නිරාහාරව ශාන්තව භාවනායෝගීව වැඩ සිටී.
මෙසේ කටුක ජීවිතයක් ගත කළ මුන්වහන්සේ රෝගීවිය. පසුව ලංකාවේ වජිරාරාමයට වැඩම කළේය. අවුරුදු තුනක් ම රෝගී ජීවිතයක් ගත කළේය. “දිවි ගියත් විකාල භෝජනාදී ශික්ෂාව නොබිඳි මැ” අධිෂ්ඨානයකින් ක්‍රියා කළේය. වෛද්‍යවරු කෙතෙක් නියම කළද අකැපදේ ගැනීම හා අවේලාවේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
රෝගී සිටියමුත් භාවනා කිරීම අත්නොහැරියේය. මාතර පඹුරණ වාලුකාරාමාධිපති වීරකැටියේ විදුර හිමි පැවසූ පරිදි උන්වහන්සේගේ ගුරු හිමි වූ පොල්හේනේ සංකිච්ච හිමි තමන්වහන්සේට පවසා ඇති පරිදි පඹුරණ වාලුකාරාමයේ මාස කිහිපයක් වැඩ සිටි මෙත්තෙය්‍ය හිමියන් සැමවිට භාවනායෝගීව විහාරයේ බෝ මළුවේ වැඩසිටියේය. එකම ඉරියවුවෙන් ඇතැම්විට පැය 8 -10 සිටින මේ හිමියන් උදෑසන 3.00 සිට ඇතැම්විට දවල් දානය මග හැරෙන තුරු පස්වරු දක්වා භාවනා කරයි. නැවත දානය වළදන්නේ පසුදාය. එදින ද උන්වහන්සේට දානය ලබාදිය යුතුනිසා කිසිවකු ගොස් භාවනාවට බාධා නොවන ලෙස දානයට වඩින ලෙස දන්වයි. නැතිනම් උන්වහන්සේට එදිනද දානය මඟහැරී යයි. ඇතැම් දිනයන්හිදී බලනවිට තම ඇග මත කොළවැටී බෝමළුවෙහි ශාන්තව භාවනායෝගීව වැඩවසන මේ හිමි දැකගත හැකි වෙනවාලු. පොල්හේනේ සංකිච්ච හිමි පැවසූ පරිදි මෑත භාගයේ යම් මාර්ග පලයක් ලැබූ හිමිනමක් වැඩ සිටියානම් ඒ පඹුරණ මෙත්තෙය්‍ය හිමි පමණයි.
වයස අවු 40දී අපවත් වෙයි
මෙසේ රෝගීව සිටීමත් භාවනා කිරීමත් අත්නොහළ මුන්වහන්සේ 1950 පෙබරවාරි 07 දින වයස අවුරුදු 40 වැනි කෙටිකාලයක් තුළදී බම්බලපිටිය වජිරාරාමයේදී අපවත් විය. මුන්වහන්සේ ලියන ලද පොත්පත් රාශියකි. සෙත් සිලිලාර, අමාදාර, ශාවක ධාතු චරිතය, දැග සවුද? පෙරහැර, යන සිංහල ග්‍රන්ථද අසෝක ලයිට් ඔෆ් ද යුනිවර්ස් නම් ඉංග්‍රීසි පොත්ද ලියා ඇත. වර්තමාන බෝධි පූජා බුද්ධපූජා භාවනා ආදී විවිධ සිංහල කවි රැසක කිසිවකු නොදන්නා නිර්මාර්තෘ පඹුරණ මෙත්තෙය්‍ය හිමියන්ය.
1950 මාර්තු මස තුන්වන දින කොළඹ සිට සරසන ලද විශේෂ දුම්රියකින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ මාතරට ගෙන එන ලදී. මේ භෂ්මාවශේෂ පිළිගැනීමට පාසල් 14ක සිසුන්ද, මාතර නගරාධිපති විල්ප්‍රඩ් ගුණසේකර මහතා ඇතුළු 5000ක් ඉක්මවා ගිය පිරිසක් මාතර දුම්රිය ස්ථානයේ රැදී සිටියේය. මාතර දුම්රිය ස්ථානාධිපතිතුමා වූ කේ. ඒ. ගුණවර්ධන මහතා මුලින් ම දුම්රිෙය් වැඩමකළ මහා සංඝරත්නය වෙතින් භෂ්මාවශේෂ කරඩුව පිළිගෙන පඹුරණ වාලුකාරාමාධිපති කඹුරුගමුවේ රතනජෝති හිමිවෙත පිළිගන්වන ලදී. රතනජෝති හිමියෝ මාතර ජනයා වෙනුවෙන් නගරාධිපති විල්ප්‍රඩ් ගුණසේකර මහතා වෙත භාරදෙන ලදී. ඉන්පසු රන් සිවිගෙයට වැඩමවූ භාෂ්මාවශේෂ අලංකාර ලෙස සරසන ලද මාතර මාර්ග ඔස්සේ පඹුරණ වාලුකාරාමයට වැඩමකරන ලදී. පඹුරණ වාලුකාරාමයේ පවත්වන ලද මෙත්ත්‍යෙය ගුණ අනුස්මරණ සභාවකි. යූ.ඇම්. මැන්දිස් මහතා ඇතුළු ගුණ අනුස්මරණ කමිටුවේ යෝජනාවක් ඇනුව “මෙත්මල්” නමින් මාසික සඟරාවක් සම්පාදනය කිරීමට යෝජනා විය. පසුව එම මාසික “මෙත්මල්” සඟරාව බොහෝකල් පඹුරණ වාලුකාරාමයේ දායකයන් මුද්‍රණය කරන ලදී. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දැනට එම “මෙත්මල්” සඟරා සියල්ලහි එකතුවක් ඇත. මෙත්තෙය්‍ය හිමියන් විසින් ලියන ලද සියලුම දහම් ලිපිවල එකතුවක් මේ “මෙත්මල්” සඟරාවට ඇතුළත්කොට ඇත.
මෙත්තෙය්‍ය හිමියන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සාදන ලද සිහිවටනයක් දැනට මාතර පඹුරණ වාලුකාරාමයේ දී දැකගත හැක.
ඔබ හොඳනම් ලොවට සැපයි. අනුකම්පා කරනු මැනවි. ලෝකයා දයාව කරුණාවෙන් බලනු මැනවි. ලෝකයා ගැන කරුණාවෙන් කතා කරනු මැනවි. අනුන්ගේ සිත් තුළ ද කරුණාව උපදවනු මැනවි. ඉරහඳ පවත්නා තුරුම ලෝකයේ කරුණාව ද පවතියි. පතනු මැනවි ජීවිතේ හැම මොහොතක්ම කරුණා කිරීමට මොහොතක්.
- පඹුරණ මෙත්තෙය හිමි
බුදු පියාණන්වහන්ස, තුන්ලොව ඇවිද තුන්ලොව ඇති සෑම මල්ම, ගෙනවිත් බුදු පියාණන්ට පිදූ මේ දරුවෝ සිතින් පිරිසිදුහ. නෛෂ්ක්‍රම්‍ය කල්පනා හා මෛත්‍රී කල්පනා හා කරුණා කල්පනා ඇත්තෝය.
අවසර බුදු පියාණන් වහන්ස මමත් මාගේ පින්වත් දරුවෝත් බුදු පියාණෝ සරණ යම්හ. ඒ නවලෝකෝත්තර ධර්ම සරණ යම්හ.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඤාණා, සම්මා විමුත්ති, යන දස අංගයන්ගෙන් සමන්විත වූ ඒ ආර්ය සංඝයා සරණ යම්හ. අපි හැම නිවන්යම්හ.
- “සීයා” 1934 දිනමිණ වෙසක් කලාපයෙන්
දරුවකු ලබන බෞද්ධ මව වනාහි විමුක්ති රාජ්‍යයකටත් වැඩි ලාභයක් ලබන්නීය. එම දරුවා පැවිදිව බුද්ධපුත්‍රව දෙවි බඹුන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන්නෙක් විය හැකියි. රහත්විය හැකියි. මේ භවයෙහි නොවේ නම් මතු භවයකවත් බුදුවිය හැකියි. සිය බිළිඳාට ඉතා හොඳින් සැලකිය යුතුයි. පුංචි දරුවා කාටත් මෛත්‍රි කරයි. කිසිවකු අවිශ්වාස නොකරයි. නාගයකුට වුවත් වෙෂ නොකොට ආදරයෙන් අල්ලාගනී. පුංචි දරුවා කාටවත් භය නොදෙයි. පුංචි දරුවනට බය කිසිවකුත් නැත. පුංචි දරුවෝද සාම කුමරන්ය.
- “පඹුරණ මෙත්තෙය හිමි”
පුංචි දරුවාගේ මුවින් පළමුකොට පිටවුණේ අ...ම්...මා! යන මිහිරි හඬයි.
ඒ නිසා හැම අක්ෂර මාලාවකට ම මුල අකුරත් “අ” යන්න විය. හැමට පළමු පුංචි දරුවනට ආදරයකළේ අම්මාය. හැමට පළමු පුංචි දරුවා ආරක්ෂා කළේත් අම්මාය. හැමට පළමු පුංචි දරුවාට ඉගැන්නුවෙත් අම්මාය. ඒ නිසා පුංචි දරුවා සැමට පළමු අම්මාට සලකන්න මව් අන් සියලු දෙවියනටත් වඩා උතුම්ය. ඒ නිසා හැම දෙවියනට පළමු මව් දේවිට වදින්න. අම්මා දරුවාට දැක්වූ දයාව දරුවා මුළු ලොවට දක්වන්න.
- පඹුරණ මෙත්තෙය හිමි
ගැහුවත් ගහන්නේ නෑ
බැන්නත් බනින්නේ නෑ
ඉවසීම අපටම බාරයි
දුක්විදිමු අපි
පඹුරණ මෙත්තෙය හිමි
සිතක් සිතක් පාසා ඉවසිලි වේවා
ගෙයක් ගෙයක් පාසා සැනසිලි වේවා
ගමක් ගමක් පාසා සමගිය වේවා
රටක් රටක් පාසා සෙත් සුව වේවා
ආශ්‍රිත ග්‍රන්ථි
”මෙත්මල්” 1950 මාර්තු 07 සිංහල වීරයෝ, ටී ඇස්. ධර්මබන්දු සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ ආචාර්ය සඳගෝමි කෝපරහේවා 2012 දිනමිණ වෙසක් කලාපය 1934
විශේෂ ස්තුතිය
අමරපුර ධම්මරක්ෂිත නිකායේ අනුනායක අහංගම ආනන්ද හිමි, පඹුරණ වාලුකාරාමාධිපති වීරකැටියේ විදුර හිමි, පඹුරණ මෙත්තෙය හිමිගේ ඡායාරූප ලබාදුන් ජාතික කෞතුකාගාර පුස්තකාල කාර්ය මණ්ඩලයට.
නන්දික බැද්දේගම
යන්තම් කොම්බුව හරි ගිහිල්ල වගේ
ReplyDeleteසිංහල ඩ්‍රයිව් එක ගලවලා අලුතින් දැම්මාම හරිගියා.
Deleteමෙච්චර වැදගත් ලිපියක් කියවද්දිත්, මැළයා හොයල තියෙන්නෙ "කොම්බුවේ වැරදිමනෙ". පිටරටක හිටියත් සිංහලයා..සිංහලයාමයි. මම අද පටන් ඉවාන් පැනිලූශා ගෙ පැත්තේ.
Deleteඅපොයි ඇල්බා මේ රාළ කියන්නේ මගේ ඊයේ දවසෙම කොම්බුව වැදුණේ නැති එක ගැන.
Deleteකෙටි කලක් ජීවත් උනත් උන්වහන්සේ නියම බුදු පුතෙක් හැටියට වීර්ය වඩලා සසරෙන් එතෙර වෙන මගට එන්න එති කියල මට හිතෙනවා. මේවගේ බුදු පුතුන් හිටි අපේ රටේ අද ඉන්නෙ යුදපුතුන්..
ReplyDeleteඅසන්නට තියෙන දේ හැටියට එහෙම වන්න ඇති කියලා හිතෙනවා.
Delete1934වගේ කාලෙකට සඟරාවක් හැටියට මේක මිළ අධිකයි කියලා මට හිතෙනවා. මොකද සත හැත්තෑ පහක් කියන්නේ ලේසි ගානක් වෙන්න බෑ. අනික ඔයිට අවුරුදි තිස්පහකට විතර පස්සෙත් පත්තර සත විසිපහට විකුණලා තියෙන නිසා මුදල බාල්දුවීමත් එක්ක බැලුවාම මට එහෙම හිතෙන්නේ.
ReplyDeleteඅද වුවත් වෙසක් කලාපයේ මිල පත්තරයක මිලට සාපේක්ෂව ගණන් වැඩියි ඩූඩ්.
Deleteඅද මේවගේ බුද්ධපුත්‍ර රත්නයන් නැත්තේ ජාතියේ වගේම අපෙත් අවාසනාවට කියලා හිතෙනවා
ReplyDeleteඅනිවා මල් මල්.... ඒ අඩුව තදින්ම දැනේ. මේ නියම පැවිදි හිමි වරු.
Deleteවටිනා තොරතුරු රැසක් තියෙන වටිනා පොස්ටුවක්...
ReplyDeleteබුදු පුතුන් නැති රටක මේ වගේ බුදු පුතෙක් පහළ වේ නමං ඇත්තෙන්ම අපි යම් තරමක් හො ්වාසනාවන්තයි
අතීතයේ සුවඳ පමණි දැන් අපට සැනසුමට ඇත්තේ ආගමික පැත්තෙන්.
Deleteවැදගත් ලිපියක් නලින් මාමේ... නිවාඩු පාඩුව හෙමින් කියවන්ට ඕන.
ReplyDeleteහාකෝ බස්සි දුවේ නිවාඩුව කියවලා බලන්නකෝ
Deleteපඹුරන මෙත්තෙය හාමුදුරුවො කොයි විදියෙ අධිෂ්ඨානයකින් කටයුතු කලාද මම දන්නෙ නෑ නලීන් අයියා, ඒත් සිද්ධාර්ථ බෝසතාණන් ශරීරයට අධික දුක් දෙන පිළිවෙතින් මැදින් පිළිවෙතට එළඹිල බුදුබව ලැබුව කියල සඳහන් වෙන නිසා මම හිතනව උන්වහන්සේත් එවැනි මාර්ගයක ගමන් කළා නම් වඩා යහපත් කියල. මොකද කියන විදියට උන්වහන්සේට හොඳ ලේඛන හැකියාවක් දැනුමක් තිබිල තියෙන නිසා අඩු වයසෙන් අපවත් වුනු එක ඇත්තටම අපරාධයක්.
ReplyDeleteපඹුරන අපේ ගම් පළාත් නලීන් අයියා, ඒ වුනත් මම ඔය වාලුකාරාමෙට ගිහින් තියෙන්නෙ තවමත් දෙපාරක් ද කොහෙද. (කොහොමටත් මම භක්තිමත්ව පන්සල් යන බෞද්ධයෙක් නෙවි) චාල්ස් අභයගුණරත්න, මෙත්තෙය හාමුදුරුවො ගැන අහල තිබුනට මේ වගේ විස්තරයක් මම දැනගෙන හිටියෙ නෑ.
අත්තකිලමතානුයෝගය තමා බුදු හිමියන් තෝරගත්තේ. ඒ මොනවා වුණත් එවක සිටි අති දක්ෂ ලේඛකයෙක් චාල්ස් කියන්නේ. සියා නමින් තමා ඔහු දිගටම පෙනි ඉදලා තියෙන්නේ. ගම් පළාතේ ගිය වෙලාවක මේ ගැන ටිකක් හොයලා බලන්නකෝ විස්තර. එතරම් අඩු වයසකින් ඔහු මිය යන්න ඇත්තේ අර අන්තවාදී සිරුරට දුක් දිමම වෙන්න ඇති.
Deleteනලින් ඔයාට මංඥන්ද? නැත්නම් හිතාමතාම බුදු දහම විකෘති කරනවද? බුදුන් තෝරාගත්තේයැයි පැවසෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නොවේද?
Deleteඅැනෝ මචෝ මට කියන්න ගිය දේ පැටලිලා. කාමසුකල්ලිකානු හා අත්තකිලමතානු යෝග අතැර බුදුන් වහන්සේ සොයා ගියේ මැදුම් පිළිවෙත. මේවරද පෙන්වා දීම ඉතාමත් අගේ කොට සළකනවා. ඊයේ රැ දුම්රියේ යන ගමන් කමෙන්ට් එක කෙටුවේ එය සම්පූර්ණයෙන්ම වැරදියි. එම කමෙන්ටුවේ පළමු වැකියම ඉවත් විය යුතුයි. අනේක වාරයක් ස්තුතියි.
Deleteඅද රුපියල් දෙසීයි කියන්නේ ඉස්සර ශත හැත්තෑපහයි කියන්නේ ගානේ වටිනාකම වෙනසක් නා බැලුවම ,
ReplyDeleteදිනකට එක වේලක් වැළඳුවා කියන එක අදනම් විශ්වාස කරන්නත් අමාරුයි වගේ
මිල සංසන්ධනයකදි මහා වෙනසක් නැ වගේ තමයි . දෙවැන්නනං අද කාලේ සිදුවනවානම් ඒ ආරණ්‍ය සේනාසනවල පමණයි.
Deleteඅගේ ඇති ලිපියක් නලියා. මෙවැනි උත්තමයින් දැන් දකින්න තියා අහන්න තරම්වත් අපි පින්කරලා නෑ මං හිතන්නේ.............
ReplyDeleteඇත්ත මචං මේවා බොහෝ දෙනෙක් නොදන්න නිසයි අපි අලුතින් මේ වගේ ලිපි පෙළක් පත්තරයට අරගත්තේ.
Delete1934 රුපියල් 1 ක් කියන්නේ සෑහෙන ලොකු මුදලක්. මොකද 1984 "මිහිර" පත්තරේ සත 40 ට ගත්තා මට මතකයි.
ReplyDeleteමචෝ මම මිහිර මුලින්ම ගත්තේ සත 15ට. ඒ 1975 අවුරුද්දේ.
Deleteඔබ මාධ්‍ය වේදීයෙක් විදියට මේ තොරතුරු අබට ඉතාම සමීපයිනෙ. ඉතින් මේ වගේ පෞරාණික වටිනාකමක් තියෙන සාමාන්‍ය ජනතාව වෙච්ච අපේ ඇස්මානෙන් ගොඩක් දුරින් තියෙන මේ වගේ වටිනා විස්තර ගේන එකනම් අපිට ගොඩක් වටිනවා. ස්තූතියි නලීන් අයියේ.
ReplyDeleteඅනේ මන්දා යන්තං තොරතුරු ටිකක් ගෙනාවා තියන ඉඩකඩ හැටියට
Deleteඒත් ඒක අපිට ලොකු දෙයක්.
Deleteමේ ලිපිය ලියූ නන්දිකට මගේ ප්‍රණාමය! මේ ඉඩකඩ සලසන නලීන්ට ස්තූතිය!!
ReplyDeleteමේ දේවල් බලු සේනාවන්ට පස්ස පැත්තේ භූමිතෙල් වගේ ඇති.
අනිවා අරූ.... මේ කරන්නෙත් තියන පුංචි ඉඩකඩ තුළ පමණයි.
Deleteදැන් ඉන්න බහුතරයක් චීවරධාරින් සමඟ බලත්දි සැබෑ හිමිවරු.……
ReplyDeleteඇත්තෙන්ම වැදගත් ලිපියක් අයියෙ. කාලෝචිතයි කියලා හිතෙනවා.
මෑත ඉතිහාසයෙන් බොහොම පොඩ්ඩක් විතරයි
Deleteමේ ආදර්ශවත් කතාව අපට ගෙන ආ නලීන්ටත් පින් සිදුවෙනවා. ඇත්තටම මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා දුර්ලභයි.
ReplyDeleteතරුණ ගිහියෙක්. තරුණ පැවිද්දෙක්. දක්ෂ භාෂා හසුරුවන්නෙක්. ලාංකිකයන්ගේ අවසනාවට අකාලයේ මියගිය පුද්ගලයෙක්. ඒ වගේම තරුණයෝ දාස්ගාණක් අකාලයේ දිිවි පුදා තිබෙනවා මේ දෙරණ වෙනුවෙන්. ඒ දරදිය ඇදි කෙනෙක් ඔබත්. ආයිමත් ඒ කැපවීම අපේ සිංහල තරුණයන්ට කරන් එන හැඩක් මේ දිනවල වන දේවලින් පේන්න තියනවා.
Deleteබොහෝම ස්තුතියි නලින් අයියා..මෙතුමා ගැන දැනගෙනහිටියෙ නෑ. අදමයි දැනගත්තෙ.
ReplyDeletePretty great post. I simply stumbled upon your blog and wanted to say that I've truly loved surfing around your
ReplyDeleteweblog posts. After all I'll be subscribing on your rss feed and I'm hoping you write once more very soon!
Here is my homepage - recipe
http://arugeadaviya.blogspot.com/
ReplyDeleteඇවිත් ගියා.
ReplyDelete