ලංකාවේ පලතුරු විවිධය. බොහෝය. වෘක්ෂ රෝග සම්බන්ධයෙන් මීට වැඩි සැලකිල්ලක් දැක්වුවහොත්, ගස්වලට මීට වැඩි සාත්තුවක් කළහොත්, පලතුරු වර්ග මීටත් වඩා අධික විය හැකිය.
රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට තුන ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද, එම ගසට අතක් නොතැබිය හැකි ය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාපති තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාපති තැන පලතුරු පරීක්ෂා කර බලා නොකැළැල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය.
එදා හෙළදිව - රොබට් නොක්ස්
(පිටුව 81)
හෙළයෝ පලතුරුවලට මහත් ඇල්මක් දක්වති. වැඩිපුර අනුභව කරති. ඒ ගැන කතාබහ කරති. පෙර රජ දරුවෝ ද පලතුරු කෙරෙහි වඩා වැඩි සැලකිල්ලක් හා ඇල්මක් දැක්වූ බව ඉතිහාසයෙහි පැහැදිලි සාක්ෂි සටහන්ව ඇත.
නිශ්ශංකමල්ල රජු ද පලතුරු උයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් හා අවධානයක් යොමු කළ බව ජනප්‍රවාදයේත් පැවැසේ. ඔහුගේ පලතුරු උයන හා බැඳි කතා වස්තූන් රසවත්ය. බොහෝ හාස්කම් හා අද්භූත සිද්ධීන්ගෙන් පොහොසත්ය.
අදත් ඒ පිළිබඳ ඇති කතාබහ හා විශ්වාසයන් එමටය. ඔහුගේ පලතුරු වත්ත අද මහා වනාන්තරය විසින් වසා ගත්ත ද, ඔබගේ රසවින්දනය උදෙසා එකී පලතුරු උයන සොයා ගිය රසවත් කතාන්දරය මෙසේ දිග හරිමු.
සිහින් දිය කඳු අතරින් පැන නැඟි සුදු සේලවන් සොඳුරු දිය ඇලි පෙළක් අප ඇස් මානයෙනි. නේක හැඩතල මවමින් ගලන මේ දිය ඇලි මීරියාගොඩ වත්තට එක් කරන්නේ චමත්කාරයකි.
කල්තොනි හෙවත් මීරියාගොඩ වතුයාය දැන් අප ඉදිරියෙනි. මා දැන් කිලෝමිටර් 40ක් පමණ සාමිමලේ නගරය පසු කොට පැමිණ ඇත.
යා යුතු මඟ දුෂ්කර යැයි හැඟේ. හාත්පස ගැවැසී ගත් වන රොදින් ලබා දෙන පහසින් ගත ප්‍රබෝධවත් වෙයි. වෙහෙස දුරු කරන්නේ යැයි ද හැඟේ. එකිනෙක හා වෙළී පැටළී ගිය තුරුලතා අලංකාර දසුන් මවා දෙයි. සැණින් මිහිඳුම් වලාවන්ගෙන් හාත්පස වැසී යන්නට එතරම් වේලාවක් ගත නොවිණි. මා සමඟ එක් වූ ගමන් සගයා රාජා ය. ඔහු කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශයේ ජීවත් වන්නෙකි. එබැවින් ඔහු මේ වනාන්තරය ගැන වඩාත් හොඳින්ම දන්නා පුද්ගලයා ය.
නිශ්ශංකමල්ල රජුගේ පලතුරු උයන ගැන ම’සිතේ බොහෝ දෑ හොල්මන් කරයි. විටෙක එය ඵලින් බරව ඇත. විටෙක කුරුල්ලන් ඇතුළු පක්ෂීන් එහි ගැවසෙනවා ඇත. බොහෝ පලතුරුවලින් ගැවැසී ගත් පලතුරු උයනේ රජු මහත් ගාම්භීරත්වයකිනුත්, සතුටකිනුත් සක්මන් කරනවා ඇත. රාජ පුරුෂයෝ අප වළක්වාවිද? තව ද ඇති තරම් පලතුරු කා හැකියි. ඒත්, කිසිවක් රැගෙන ආ නොහැකිය.
කවුරුන් හෝ පලතුරු රැගෙන එන්නට උත්සාහ කළොත් ඔහු වනයේ අතරමං වෙනු ඇත. නැතහොත් කවුරුන් හෝ ඔහු මෙහෙයවා අතුරුදන් කරනු ඇත. ම’සිත විටෙක බියෙන් මුසපත් වෙයි. මම එසේ නොකරමි. කිසි විටෙකත් එසේ නොකරමි. මම දැඩි සිත් ඇති කර ගතිමි. ම’සිතට දිරිය දෙන්නා, ගමන් සගයා මා අසලමය. මා ඔහු පසුපසින් ඇදෙමි. මහා රූස්ස ගස් අතරේ සරනා පුංචි බටිත්තන්, සැළලිහිණියන්, කැහිබෙල්ලන් සහ කොණ්ඩයන් මිහිඳුම් පටල කපාගෙන පියඹා විත් උරුහන් බාන්නේ මහ වනාන්තරය ජීවයෙන් පුරවාලමිනි. හාවා, මුවා, ගෝනා, වල් ඌරා සහ දිවියා මේ මහා වනයේ වන දරුවෝය.
වන වියන්, දිය කඳුරු, බට පඳුරු හා රූස්ස ගස් පසුකරමින් දැන් අප කිලෝමීටර් 4ක පමණ දුරක් ගෙවා පැමිණ සිටී. දැඩි වෙහෙසකර බවිනුත්, කූඩැල්ලන්ගෙන් එල්ලවන ප්‍රහාර හේතුවෙනුත් මා හෙම්බත්ව ඇත. අප රැගෙන ආ සබන් හා ලුණු දෙපා මත තවරා ගත්තේ අන් කළ හැකි යමක් නොවුණු බැවිනි.
“මහත්තයට මහන්සියි වගේ...ගණනකට ගන්න එපා..මේ සමන් දෙවියන්ගේ අඩවිය අප ගැන උන්වහන්සේ බලා ගන්නවා මහත්තයෝ...” තරමක් ගැඹුරු හඬක් හා වන වියනම දෙදරුම් දෙන හඬක් ඈතින් ඇසෙන්නට පටන් ගති. ම’සිත මහත් වූ භීතියකින් පිරී ගියේය. මා යටි සිතින් දෙවියන් සිහිකර අප ආරක්ෂා කර දෙන මෙන් අයැද සිටිමි.
“මහත්තයෝ මේ ගමන දුෂ්කරයි. ඒත් අපට යන්න පුළුවන් දුර හරි යමු. මෙහේ අද්භූත බලවේග තියෙනවා. අපි යන්නේ යහපත් චේතනාවෙන්..අපට වැරදෙන්න විදියක් නෑ. අපි දොරගල පහු කළොත් අපිට එතැනින් එහාට යන්න අවසර තියෙනවා..”
කතාව රසවත්ය. ඝන වනාන්තරය පීරමින් තද වර්ෂාව නොතකා මම ඔහු පසුපසින් ඇදුණෙමි. සිතේ හටගත් සිතුවිලි සමුදාය පලතුරු වත්ත දැක ගැනීමේ ආශාව දැඩි කරවීය. සිත වරක්, දෙවරක් නොව තෙවරක්ම තිගැස්සිණි. ඈතින් අමුතු හඬවල් කිහිපයක්ම ඇසුණි. දැන් දැන් ඒවා ළඟ ළඟම බව වැටැහිණි. ඒත්, මගේ ගමන් සගයා එඩිතරය. මගේ ආරක්ෂාවට ඉන්නේ ඔහු පමණකි. ඔහුගේ ආරක්ෂාවට ඉන්නේ මා පමණකි.
“මහත්තයෝ අර ඈත පෙනෙනා දොරගල ගැන රසවත් කතාවක් තියෙනවා. අර පල්ලෙහා පේන ගම්මානයේ සිටි අම්මා කෙනකු දරුවකු අඬනවා කෙළවරක් නැති නිසා දොරගලේ දැල්වෙන පහන පෙන්නලා උඹ එතනට ගිහින් දමනවා ඇඬිල්ල නවත්වපන් කියලා තියෙනවා.
ඒ කියලා තියෙන්නේ ඉලිපත්ත ඒ පැත්තට පෙන්නලා. එදා ඉදන් අද වෙන තුරුම අර දොරගල වැහිලයි තියෙන්නේ. හැබැයි දෙවියන්ගේ කෙම්මුර දවස්වලට මේ පියන් දෙක අතරින් පහනක් දැල්වෙනවා පේනවාලු. මේ හාස්කම් බලගතුයි මහත්තයෝ.”
දොරගල ගැන ම’සිත මහත් වූ ආල්හාදයකින් උතුරා යන්නට විය. මා දොරගලේ ඡායාරූප කිහිපයක් කැමරා කාචයේ සඟවා ගතීමි. ජනප්‍රවාදයේ පැවැසෙන්නේ මේ ලෙන් දොරේ වස්තුව තිබෙන බවයි. ඒ වගේම මෙහි ළඟා වීම කිසි විටෙකත්, කිසිවකුටත් කළ නොහැක්කක් බවයි. සමනල විශේෂ හා හාවන්, හබන් කුකුලන්, ගෝනා, මුවා, ඉත්තෑවා, වැලිමුවා, උරුලෑවා, මීමින්නා වැනි සතුන් මෙහි දක්නට ලැබේ.
අරළු, බුළු, නෙල්ලි, දොඹ, මී, කළුවර, පලු, වනරාජ, ගම්මාළු, දුම්මල, සුදු හඳුන් ආදි වෘක්ෂයන්ගෙන් ද මේ පෙදෙස වැසී පවතී. මේ සුන්දර වූද, දැඩි වෙහෙසකර වූද ගමන් මඟේ අපි දැන් කිලෝමීටර් 8ක් පමණ ගෙවා පැමිණ සිටිමු. අපි දැන් දොරගල ආසන්නයේ ය. නැඟෙනා භයංකර ශබ්ද කෙළවරක් නැත. හමන සැඩ සුළං අපව පෙරළා දමන්නට වෙර දරයි. කෙසේ වෙතත් අපි දොරගලට ළඟා වීමු.
පලතුරු උයනට යන්නට නම් තව කිලෝමීටර් 15ක් ඝන වනාන්තරය පීරා යා යුතුය. කාල වේලාව ද බොහෝ ගෙවී ගොසිනි. අප පැමිණ ඇත්තේ අතිශය දුෂ්කර වූද, භයානක වූද ගමනකැයි දැන් මට වැටහී හමාරය. මහ වනය මධ්‍යයේ සිටින මිනිසුන් දෙදෙනා අප පමණකි.
නිශ්ශංකමල්ල රජුනි, ඔබගේ පලතුරු උද්‍යානයට ඇතුළුවීමට අපට අවසර නැත. සමාවන්න. අපි ආපසු හැරෙන්නෙමු.
ඡායාරූප හා සටහන -
නිශ්ශංක විජේරත්න
නිශ්ශංක මල්ල රජු ඉතිහාසය වෙනස් අයුරකින් ලියවූ රජෙක්
ReplyDeleteජනප්‍රවාදත් රැසක්ම තියනවා ඒ රජු ගැන
Deleteහැබැයි එයාට ඉස්සර හිටි රජවරු කල වැඩ එයාගෙ මල්ලට දාගන්න සෙල්ලිපි පවා වෙනස් කලා නේද ?
Deleteනිශ්ශංකමල්ල රජුගේ උයන ගැන නිශ්ශංකගෙන් සටහනක්.…
ReplyDeleteඅපරාදෙ එතනින් එහාටත් යන්න තිබුනානම්…
ෆොටෝස් ටික නම් මරු. විශේෂෙන්ම අර අග ඉදන් තුන් වෙනි එක.
ස්තූතියි නලින් අයියෙ. සටහනට ස්තූතියි නිශ්ශංක.
ගමන සම්පූර්ණ කළානං වටිනම චාරිකා සටහනක් වනවා මෙය
Deleteමේ ලියලා තියෙන්නේ ඉතා වටිනා ඉතිහාසයත් එක්ක බැඳුනු පලතුරු උයනක් ගැන. නිශ්ශන්ක මල්ල වැනි කලා කාමි රජ කෙනෙක් මේ නිර්මාණ කල පලතුරු උයන කොතරම් අගනේද?
ReplyDeleteසෝම හාමුදුරුවෝ අපවත් වුනාද? අපවත් කලාද? සංවාදයට එකතු වෙන්න
ඉතිහාසය කෙසේ වෙතත් ජනප්‍රවාදය හා බැදි ස්ථානයක් ගැනයි මේ
Deleteබොහොම වැදගත් වගේම රසවත් විස්තරයක්. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ හොඳින් සංවිධානය නොවී ගිය ගමනක් කියලයි. නැත්නම් මීට වඩා තොරතුරු රැසක් ලියන්න තිබුණා.
ReplyDeleteසත්තකින්ම විචාරක තුමනි, අද්දැකිම් ඇති අයෙක් මේ ගමනට ළං නොකර ගත් එකයි ලියුම් කරුගේ වරද? එවන් අයෙකු සිටියානම් පෙර සූදානම සහිතව මොන තරම් දෙයක් කරන්න තිබුණද? මමත් මේ ලිපිය ගත් ගමන් කළේ මේකාට බැනපු එක. ඔබ හරියටම හරි. නොදන්නා පරිසරයකට යනවානං ඒ ගමේ මිනිසුන් වගේම වෘත්තිය පලපුරුද්ද ඇති අයත් සිටිය යුතුයි. මා මෙවන් ගමන් ගොස් ඇත්තේ පුහුණුවලත් කමාන්ඩෝ සෙබළ මිතුරෙක් හෝ ඇතිවයි. ඒ උවදෙස් සියක් වාරයක් වටී.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපලතුරු වගේම රසවත් ලිපියක්!!!
ReplyDeleteනිශ්ශංක කෙනෙක්ම ලීව එකත් හරිම අපූරුයි.
අපරාදේ තව විස්තර ලියන්ට තිබ්බා පලතුරු හොයාගත්තු හැටි ගැන.
රතු පාටට පේර ගෙඩියක් ගහක තියෙනවා දැක්කමද කොහෙද...
තාමත් කැළැබදව මෙවන් පළතුරු තියනවා
Deleteකොල පාට පොටෝ ටික දකිද්දි ඇස් දෙකට මාර සනීපයක් දැනුනා නලින් අයියෙ..
ReplyDeleteහරිත උයනක සිසිලස නේ ....
Deleteමම මේකට කමෙන්ට් කළාම නිහ්ශංකලා තුන් දෙනෙක් සෙට් වෙනවා.නිශ්ශංකයා ලියපු එකක් දැක්කමයි.සතුටුයි මචං.මේ වනයේ අද්භූත කතා නම් නොකිව්වට කමක් නැහැ.පළතුරු ගැන මිසක් කාටවත් ගස් වග කදේ වට ප්‍රමානය වගේ දේවල් කියන්න එපා.ඔය ඉන්න භූතයොත් එක්ක ගස් ටික අතුරුදහන් වෙයි.හුගක් අය මේ වනාන්තරවල තියෙන අපේ උරුමයට ආදරයට කපල එළියටම ගේන්නනෙ බලන්නෙ.මම හිතන්නෙ ඒක තමයි දේශප්‍රේමය.ඒ වගේ අය හුගක් වෙලාවට ජනතා නියෝජිතයො වෙන්නෙත් ඒකනෙ.මහජන ආශ්චර්යය!
ReplyDeleteනිශ්ශංකලා ත්‍රිත්වයක් එක තැනකට... අනිත් කරුණු නම් උඹ කියන විදියටම වෙයි තමා මචෝ.... විල්පත්තුව පැත්තෙත් ඔය වෙනවැයි කියන්නේ..
Deleteරජ්ජුරෙුවො මල් කඩන්න ඇත්තෙත් මේකේ තමා...
ReplyDeleteවෙරළු මල් ද?
Deleteදැනුත් මල් වතු තියනව තණමල්විල පැත්තට වෙන්න නං !!
ReplyDeleteදැන් නං හැම තැනම තියනව ඒ මල් නං...
Deleteමේ වගේ පළතුරුඋයනක් අපේ ප්‍රදේශයේත් තියෙනවාලු ,පලතුරු ගෙන්න බෑ කියන එකත් එ අවට ගම් වල මිනිස්සු කියනවා බලමු යන්න වෙලාවක් ලැබුණොත් ඒ ගැන හොයා බලන්න ....ඔය වගේ තැන් ගැන කට කතා නම් බොහොම තියෙනවා
ReplyDeleteසහෝදර ඒ ගැන විස්තර ටිකක් මට මේලට දාන්නකෝ....
Deleteපළතුරු උයන් හැදීම රාවණා යුගය තරමට ඈත අතීතයට යන බවට සාක්ෂි තිබෙනවා.
ReplyDeleteවෙන්ඩ පුළුවනි ......වෙන්ඩ පුළුවනි.....කොටින්ම ඔය නිශ්ශල මල්ල රජ්ජුරුවන්ගේ පළතුරු උයනත් වෙන රජ කෙනක් හදපු එකකට පොඩ්ඩක් රේපයාර් එකක් දාලා නිශ්ශක මල්ල රජ්ජුරුවෝ නම ගහ ගත්තා වෙන්නත් බැරි නෑ
Deleteවෙන්න ඇහැකි මේවා බොහෝ ජනප්‍රවාද මගින් ආ දේවල්නේ
Deleteඅපරාදේ ඔය කිලෝමීටර් පහළොවත් ඇදලා පලතුරු උයනට ගියානම් නලින් අයියට බඩ කට පුරා කාලා එන්න තිබුනා ..
ReplyDeleteඒකනේ මේ නිශ්ශංක මගින් හැරුණනේ.....
Deleteවිස්තර ටිකත් පින්තූරත් අපූරුයි... ස්තූතියි දෙන්නටම
ReplyDeleteඔබටත් ස්තුතියි
Deleteහරිම අගෙයි. ස්තුතියි...
ReplyDeleteසම්පූර්ණ කිලෝ මීටර් 46 ක විතර ගමනක් දවසකින් යන්න පුළුවන් කියලා මංනං හිතන්නේ නැහැ... ඔය ගිය කිලෝ මීටර් 16ත් සාමාන්‍යයෙන් දවසකදී ගිහින් ආපහු එන එක ලේසි වැඩක් නෙවෙයි..විශේෂයෙන්ම තෙත් පරිසරයක.. කූඩැල්ලනුත්.. ලිස්සන පසුත් එක්ක... වියළි කලාපේ ගමනක් නම් වතුර ප්‍රශ්නේ ඇරුනම සාමන්‍යයෙන් හොද වේගයක් තියගෙන ගිහෑකි.. ඒත් සම්පූර්ණ ගමනට නම් දවසක් මදි... යනවනං දවසක් අත මග නවතින්න බලං යන එකයි හොදම දේ.. අනික දෙන්නෙක් මදි... සිතියම් කාම්පාසු මගින් පාර හොයාගන්න විදියක් නැති තැනක් හින්දා මග පෙන්වනුනෙකුත් උවමනයි.. අඩුම ගානේ මග පෙන්වන කෙනත් එක්ක හතර දෙනෙක්වත් හිටියනං හොඳයි...
ReplyDeleteමේ ලිපියෙන් යන හැටි ගැන ඒ හැටිම තොරතුරක් නැති හින්දා නලින් අයයිට පුළුවන්නං මට ම් ගමන යන හැටි ගැන කතුවරයගෙන් අහලා විස්තර ටික දාලා ඊයක් විදින්න පුළුවන්ද..?
මට ආයිත් නිශ්ශංක හමු වෙන්නේ හෙට. සියලුම ගමන් විස්තර දන්වන්නං....එහෙන් උපකාර ගත හැකි අයගේ අංකත් එක්කම
Deleteමේ වගේ ගමනක් යන්න තියනවානම් නියමයි. නලින් සෙට් කරන්නකො මේ වගේ සංචාරයක්.
ReplyDeleteබලමු උත්සාහයක් අරන් ඒ ගැන.
Delete