samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


nyc-eat-and-drink-local-bar
සේයාරුව ගූගල් වෙතින්
මගේ මතකයේ හැටියට ඒ 1995 වසරයි. වෘත්තීය පත්‍ර කලාවේදින්ගේ සංගමයේ දැඩි ඉල්ලීම මත පුවත්පත් කලාවේදීන් ට එක් රැස්වෙන්නට සාකච්ඡා පවත්වන්නට රජයෙන් ගොඩනැගිල්ක් ලැබිණි.(පුරෝගාමී වූයේ එවකට ජනමාධ්‍ය ඇමැති ධර්මසිරි සේනානායක මහතාය) ඒ සමගම මත් පැන් උදෙසා බලපත්‍රයක් ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නමින් අප වෙත ලැබිණි. මේ සියල්ල එකතුව කොටුවේ පොලිසිය පිහිටි ඉඩමට යාබදව රජයේ ප්‍රකාශන අලෙවි අංශය පිහිටි ගොඩනැගිල්ලේ "ප්‍රෙස් ක්ලබ්" ( press club)ඇරැඹිණි. එතැන් පටන් පත්තරකාරයෝ, කලා කාරයෝ එහි ආ ගියහ. ඉතා සහන දායි මිලකට හැම දේම ලැබිණි. මහත් ගාම්භීර බවක් නිරන්තර එහි තිබිණි.



එහි එන ඇතැම්හු කති බොති, ඇතැම්හු සංවාද පවත්වති, තවෙකෙක් බීර විදුරවක් පසෙක තබා ගෙන ලිපියක් සකසති. කාලයාගේ ඇවෑමෙන් 
"ප්‍රෙස් ක්ලබ්" යනු බොහෝ පුවත්පත් කලාවේදීන් යාවජීවව යනෙන තැනක් බවට පත් විය.
දවසේ වැඩ කටයුතු නිමාවේ දැනෙන වෙහෙස නිවාගන්නට මම ද සැන්දෑවට මේ තැනට නිතර ආ ගිය අයෙක්මි. 
සත්‍ය ලෙසම මෙය තවත් එක් තැබෑරුමක් ම නොවී ය. බොහෝ හරවත් සංවාද, සාහිත්‍ය කතිකා ගොඩනැගුනු තැනකි. මධු විතද එයිට සමගාමීව දෙතොළග රැදිනි. 

එවන් සංවාදයන් ට එක් වූ අජිත් සමරනායක, සුජීව දිසානායක, සුනිල්මාධව, චින්තන ජයසේන, ග්‍රේෂන් ආනන්ද, විමල් කුමාරද කොස්තා, රන්ජන් අමරරත්න වැන්නන් ගේ මතකයන් මසිතට ගෙන එන්නේ සොම්නසකි. ඉහත නම් සඳහන් කීප දෙනෙකු ම අද අප අතර නැත.

එසේම "ප්‍රෙස්ක්ලබ්" නමින් අපට උරුමව තිබූ ඒ ස්ථානය ද අද අපට අහිමිය. 

කොළඹ කොටුවේ ඉදිකිරීමට යෝජිතව තිබූ ක්‍රිෂ් ව්‍යපෘතිය හේතුවෙන් එම බිමෙන් "ප්‍රෙස් ක්ලබ්" ඉවතට විසිවුණි.
මෙතෙක් මා කියුවේ මෑත කාලීන "ප්‍රෙස් ක්ලබ්" කතාවයි. 

එහි අතිතය ගැන කියන්නට කදිම සටහනකි පහත දැක්වෙනුයේ. එකී සටහන අන්තර්ගත වූයේ "නික්ම නොගිය අප්‍රමාණ මිනිසා තිස්ස අබේසේකර" නම් ග්‍රන්ථයේ ය. එකී පුස්ථකයට ආතර් යූ අමරසේනයන් ලියු සටහනක් හෙතෙම ආරම්භ කොට තිබුණේ තිස්ස අබේසේකරයන් ම ලියු සටහනකිනි. ඒ මෙසේයි.

සිනමාව ගැන පුවත්පත් හා සඟරාවලට මා ලිපි ලියන්නට පටන් ගත්තේ හැටේ දශකයේ මුල් අවුරුදුවල දී විය යුතු ය. සිරිල් බී පෙරේරා, ඔගස්ටස් විනයාගරත්න, සුගතපාල ද සිල්වා, ධර්මසිරි වික්‍රමරත්න වැන්නවුන් කල්ලි ගැසී අසීමිතව චිත්‍රපට බැලීමටත් ගාලු මුව දොරට නුදුරින් පිහිටි සිමියොන් අයියාගේ "ප්‍රෙස් ක්ලබ්" එකට වැදී මැදියම් වනතුරු මී විත තොලගාමින් නැරඹූ චිත්‍රපට ගැන කතා කිරීමටත් අප පුරුදුව සිටි සමයකි ඒ.                    - තිස්ස අබේසේකර

තිස්ස අබේසේකරයන්ගේ ඉහත සටහනින් කියැවෙන්නේ ශ්‍රී ලංකා "ප්‍රෙස් ක්ලබ්" ඉතිහාසයයි. එකි බලපත්‍රය පත්‍රකලාකරුවන් වෙනුවෙන් ලබාගන්නට එකල දර දිය ඇදි මිනිසුන් අතරින් ඉහළම කැප කිරීමක් කළ අයෙකි අද ගිලන් ඇඳේ සිට වුව පුවත්පත්වලට ලිපි ලියන ඩී ඒෆ් කාරියකරවන සූරීන්.

එවන් කැපකිරීම් මැද ලබා ගත් "ප්‍රෙස් ක්ලබ්" අද අපට නැත. අපේ ලයිසොම මැක්රින් මුදලාලිගේ ගිලටියනයට හසු වී ඇත. කොටුවේ බේරේ වැවට යාබදව මැක්රින් ආපාන ශාලාවේ "ප්‍රෙස් ක්ලබ්" නමින් ආයතනයක් පවත්වාගන ගියද අද එහි යන්නේ අවශේෂ පුද්ගයන්ය. වෙනදා ඇතිවුණු හරබර සංවාද අද එහි නැත. ඒ වෙනුවට ඇත්තේ කඨෝර වල්පල් දෙඩවිලිය. වරායේ ටෙලිකොම්හි සේවකයන් මෙන්ම ලෝකවෙළද පළේ වෙළෙදුන් ද නාටාමිලා ද මැද එක් කොනක පුංචි මේස දෙකක් පමණක් පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් නමට මෙන් වෙන් කොට ඇත. එදා තිබූ සහන මිල ගණන් අද නැත.

දැන් එහි යන පත්තරකාරයෙක් වෙත් නම් ඒ මා පමණක් ම විය හැක. ඒ ද ඉදහිට සහෘද බ්ලොග්කරුවන් දෙතුන්දෙනකු මා හමුවන්නට ආ දිනක පමණි.

දියව් දියව් අපේ ප්‍රෙස් ක්ලබ් අපට දියව්..... මේ සටහන සටනක ඇරඹුමකි.................


91 comments:

  1. ds
  2. blogger_logo_round_35

    ඇත්තටම නලිය ප්‍රෙස් කල්බ් එකට ආ ගිය අය ගැන කතා කරන කොට ලෝටස් පාරෙ තිබුණු එකටත් ආව ගිය අය මතක් කරන කොට සිටි ට්‍රැ‍ෆික් එකේ සෙට් එකකුත් පුරුදුවෙලා හිටියා.එතනටත් එන්න ඕනි නැති අය ඔක්කොම ආවා.හැබැයි උඹ කියන ආකාරයේ ගල් බෝතලයක වටිනාකමට ගන්න බැරි මහ දෙයක් අර ගන්න අපට පුළුවන් වුණා.අජිත් අයියා තමයි මම මෙතනදි දැකපු සොදුරුම මිනිහ.ඉංග්‍රිසි පත්තරේක ප්‍රධාන කතුවරයෙක් වුණත්.ඒ පත්තරය ආණ්ඩ්‍රවෙ වුණත් ඔහු ස්වාධීන අදීන මිනිහෙක්.
    ඒක පැත්තක තියමු.මේක ඇත්තටම බ්ලොග් කරුවන්ටත් අයිති දෙයක්.අපි ඒකත් තහවුරු කර ගන්න ඕනි.හැබැයි මාධයකරුවාට බොන්න තැනක් නැති කරනවට වැඩිය දෙයක් දැන් වෙමින් තියෙනවා.ඉස්සරහට අපිට ලියන්න තැනක් නැති වෙයි.ඒක දැනටත් වෙලා ඉවරයි.මමත් යම් අාකාරයක ඒ ඉරණමේ ගොදුරක්.ඒ නිසා බොන්න සටන් කරන්න ඉස්සර ලියන්න කතා කරන්න සටන් කරන්න වෙනවා.ප්‍රෙස් ක්ලබ් එක තිබුණනම් මේවා සාකච්ඡා වෙනවා හැස වෙලේම.ප්‍රෙස් කල්බ් එක නැති නිරීමත් මාධ්‍ය නිදහසට එරෙහිව කටුව ගැහීමක් වෙන්නෙම ඒකයි.ඒ වගේම ආණ්ඩුවෙ ඕනිම වැරද්දකට මැදිහත් වෙනව කියල දකින් කිසි බේබි කෙනෙක් ඕව දකින්නෙ නැත්තෙත් මාධ්‍යකරුවන්ගේ සල්ලාපයට සහ එක්වීමට ඔවුන් තුළ ඇති අකැමැත්තයි.ඒ නිසා මෙක බොන්න ඉල්ල කරන සටනක් නොවෙයි.මාධයවේදියො කියන්නෙ රටේ ප්‍රශ්න එක්ක සංවේදි මිනිස්සු.ඒ අයට තැනින් තැන ඇණ ගහල තියෙන පාරවල් හදා ගන්න මේ වගේ නිදහස් සහ විවෘත සංවාද සහ අදහස් බෙදා ගන්න තැනක් අවශ්‍යයි.බොන එක නෙමෙයි බොන්න එන එකයි බීල නැගිටින එකයි අතර ලොකු පරතරයක් තියෙනවා කියල ප්‍රෙස් ක්ල්බ් එකේ බීපු එකෙක් දන්නවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නිශ්මා බොන්න ඕන තරම් තැන් තියනවා. අපි අතර ඇතිවු සංවාදයන් දැන් ඇතිවෙන්නේ නෑ. හේතුව තැනක් නැතිකම. ඒ නිසාම මෙය බොන තැන අල්ලන සටනක් නොවේ. සංවාද මණ්ඩපයක් නැවත ලබා ගන්නා සටනකි. අතිතයේද සංවාද ඇතිවී ඇත්තේ ප්‍රෙස් ක්ලබ් තුළයි. තිස්ස අබේසේකරයන්ගේ කෙටි සටහනින් එය මනාව පේනවා. ඔහු ලියන්නේ 1960 ගනන්වල කාලය.

      Delete
    2. blogger_logo_round_35

      මාධයවේදියො කියන්නෙ රටේ ප්‍රශ්න එක්ක සංවේදි මිනිස්සු.ඒ අයට තැනින් තැන ඇණ ගහල තියෙන පාරවල් හදා ගන්න මේ වගේ නිදහස් සහ විවෘත සංවාද සහ අදහස් බෙදා ගන්න තැනක් අවශ්‍යයි.බොන එක නෙමෙයි බොන්න එන එකයි බීල නැගිටින එකයි අතර ලොකු පරතරයක් තියෙනවා කියල ප්‍රෙස් ක්ල්බ් එකේ බීපු එකෙක් දන්නවා.
      මම කියන්නෙත් ඒකමනෙ බං
      ReplyDelete

      Delete
    3. lion

      ලක්බිමේ ගයාන්කුමාර එකතරා විදියකට මගේ පරණ ගෝලයෙක්, හොඳ මිත්‍රයෙක්. උගෙ පත්තර උනා නිසා ප්‍රෙස් අපි බෞද්ධ සම්මේලනේ වැඩ වලට කොටුවට ගිහින් එන ගමන් ප්‍රෙස් ක්ලබ් එකට රින්ගනව ලොකු "පොරවල්ගෙ" කතා අහගෙන ලාබෙට දෙකක් දාන් එන්න.

      මම හිතන්නෙ ලන්කාවෙ පත්තරකාරයන්ට (මාධ්‍යවේදියො කියන නම බරයි බං ) ලැබුන සොඳුරුම ඇමති තමයි ධර්මසිරි සේනානයක කියල.

      ප්‍රෙස් ක්ලබ් එක ගැන කියහන්කො අර ඉඳිඅප්ප පාටියෙදි. මතට තිත කියල මාරුවෙයිද දන්නෑ හැබැයි!

      නිෂ්මං, තාක්ෂනේ දියුණුව එක්ක උඹලට ලියන්න වේදිකා අනන්ත තියෙනව. ඒත් ලියල ජීවත්වෙලා ඉන්න තමයි තැනක් නැතිවෙන්නෙ.

      Delete
  3. blogger_logo_round_35

    අදනේ දන්නේ ඒ කාලේ ඉඳලා අපි අහලා තියන ප්‍රෙස් ක්ලබ් එකට කෙලවෙලා කියලා. හරි හරි ඒ නිසා වෙන්න ඇති මාස තුනකට සැරයක් බ්‍රෙක්ෆස්ට් ක්ලබ් එකක් හෙවත් අනියමින් තර්ජනය කරන හමුවක් තියන්නේ.

    අනේ අනේ.................. ලෝකෙට පරකාසේ තමයි ඉතිං. ඉල්ලන්න නෙවෙයි නලින්, දීපිය යකෝ කියලා උදුරගන්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. blank

      ආණ්ඩු ගැත්තර නලියට මේව කියලා වැඩක් නෑ විචාරක. ඕක කරන්නෙත් මහින්දට කඩේ යන එකම තමා.

      Delete
    2. blogger_logo_round_35

      අනේ මචෝ උඹ කාට කඩේ ගියත් කමක් නැ මේ තැන අරන් දියං හැකිනං....

      Delete
    3. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

      "දීපිය යකෝ ප්‍රෙස් ක්ලබ් එක" නලින් ඔන්න එකෙන්ම අපේ සහයෝගය.

      මැකරින් ගේ ලඟ පරණ තැන තිබුණ සේවාවවත් ඒ තිබුන ප්‍රෙස් ක්ලබ් කියන ගතියවත් නෑ. තනිකර වාණිජ අරමුණක් සඳහා මාධ්‍යවේදීන්ගේ රටබීම ලයිසන් එක භාවිතාකිරීම විතරයි මැක්රිනලගෙන් වෙන්නෙ.

      Delete
  4. blogger_logo_round_35

    ලංකාවෙ පත්තරකාරයන්ට අඩු එක ම දෙය ප්‍රෙස් ක්ලබ් එක පමණි.

    ReplyDelete
    Replies
    1. images+%282%29

      මෙන්න නලිය අජිය කියල....

      Delete
    2. blogger_logo_round_35

      සමාජවාදියෙකුගේ අදහස එයයි කෙන්ජයියා. මං කතා කළේ පත්තරකාරයෙකුට ආයතනය ඇතුළට මිතුරෙකුවත් ගෙනියන්න බැරි තත්ත්වයක් තුළ එවන් අයෙකු හා කතාබහකට හෝ තිබ්බ තැන ගැනයි. මම බොන එකා හන්දා හිතනවා ඇත්තේ ලාබෙට බොන්න තැන නැති වු එකට දුකට ලියලා කියලා. ප්‍රෙස් ක්ලබ් යනු මාධ්‍ය කරුවන්ගේ සාකච්ඡා මණිඩපයයි. පැරා දන්නැතුව ඇති අපි හැමදාම බොනවා. ඒත් ප්‍රෙස් ක්ලබ් එකේ තරම් සංවාදයක් සාකච්ඡාවක් ඒ කිසිම තැනක නෑ.

      Delete
    3. lion

      නලින්, මේ ලිපිය උඹ නැතුව ජනරළ පත්තරේ හරි රාවයෙ හරි එකෙක් ඔය පිටරටක පත්තරකාරයො සෙට් වෙලා හවස කතා කරපු න්‍යායක් එහෙම ගාල දැම්මනං පැරාගෙ රිප්ලයි එක වෙනස් වෙන්න තිබ්බ.

      ඒත් ඉතින් උඹ ආන්ඩුවට කඩේ යන පත්තරකාරය වෙච්චි, එහෙව් එකේ බොලාට තීන්නෙ තවත් ප්‍රතිගාමී ලුම්පන් උවමනාවක් විදියටයි මේක අර්ථදැක්වෙන්නෙ.

      Delete
    4. Close-up+of+baby+holding+mother%27s+finger

      ධනවාදී ව්‍යාපාරික පන්තිය විසින් නිර්ධන පංතියේ මාන්සික ශ්‍රමිකයා සතු සම්පත් සූරාකෑමක් කියන ඈංගල් එකෙන් බලන්ඩ පැරා ..

      ආන්න , ආව නේද පොඩි මෙව්ව එකක් ??? කෙලිං උනා නේ මයිල් ???

      ඇටිකිචි කොල්ලො.වෙච්ච අපිටම ඕව කියල දෙන්ඩ වෙච්චි හැටි .. චැහ් !!

      Delete
    5. V

      පත්තර මල්ලි +++++++++++


      මේ උලව් යල් පැන ගිය හිරවෙච්ච කොටුවේ මාක්ස්වාදී චින්තනේ නිසා තමා, ජනහිතවාදී සමාජවාදය පණ පොවල හිටවන්න මේ පොළවේ බැරි වෙන්නේ.

      නලීන් කතාකරන්නේ මොනවා ගැනද කියලාවත් පැරාට තේරුණා නම්.

      නලීන්..ඇයි ඔයාට තියන මේ උවමනාව සුවහසක් පත්තරකාරටන්ට නැත්තේ? රෙජිමයට හෝ රෙජිමය නියෝජනය කරන අංගවිකල ක්‍රමය අල්ප මාත්‍ර විවේචනයට හෝ තියන දුටුවන 'හුජ්ජ' ගලන බයද?

      Delete
    6. blogger_logo_round_35

      අමම්ට හු ඩු ...මම දනෙත් නැති පත්තර මල්ලිලත් ඉනවානේ බොලේ ..මෙතන ...පත්තර මලයෝ අනුන්ගේ බ්‍රෑන්ඩ් පාවිචි කරන එකට කියනෙත් ..මාන්සික ශ්‍රමිකයා සතු සම්පත් සූරාකෑමක්

      Delete
    7. lion

      නුවන් මල්ලි, උඹ පත්තර මල්ලි හැටියට බ්‍රෑන්ඩ් එකක් හද ගත්තු එක හරි. ඒත් මේ ඇත්තට ඉතාලියෙ පත්තර බෙදන කොල්ලෙක්. එතකට ඌටත් ශුද්ධ අයිතියක් තීනව "පත්තර මල්ලි" හැටියට ඉන්න.

      හැබැයි ඌ උඹෙ පින්තූරෙ එක පාවිච්චි කිරීමටනම් ගේමක් ඉල්ලන්න තිබ්බ ඔන්න :D

      Delete
    8. blogger_logo_round_35

      නුවන මාචෝ ලංකාවේ පත්තර මල්ලි හැටියට විද්‍යත් මාධ්‍යෙයන් කරලියට ආවේ ඔබ තමා. මේ අනිත් පත්තර මල්ලි ඇවිත් අපි හොදින්ම දන්න ඉතාලියේ ඉන්න අපේ බුවෙක්. ඌටත් පත්තර ලෝකේ වගේම ගුවන්විදුලි මාධ්‍යෙය්ත් බොහෝ සබදතා හා උරුමයන් තියනවා. ඉන්දික කිව්වා වගේ අර පොටෝව නං මාරු කරා නං තමා හොඳ. ඒ ගැන මං ඌට දන්නන්නං.

      Delete
    9. blank

      පැරා කියනදේ කවුරුත් හරියට තේරුම් ගත්තාද මන්දා. අද මාධ්‍යවේදියාගේ බිහිසුනු ඛේදවාචකය තමයි ඔය පැරා නොකිය කියන්නේ. සියල්ල බොරුවෙන් යටවී ඇත. ඉල්ලා සිටින්නේ ඉල්ලා සිටිය යුතුදේ නොව (priority wise )
      ඒ කෙසේ වෙතත් මෙයද ඉල්ලීමක් සහ අහිමිවීමට ඉඩ දිය යුතු දෙයක් නොවේ. කෙසේ වෙතත් නලීන් මතක් කරන්නේ මාටින් නිමලෝර් බව නම් කිව යුතුමය.

      Delete
    10. Close-up+of+baby+holding+mother%27s+finger

      අම්මටහුඩු !!! මට වැටෙන තොප්පි.

      සමාවෙන්න නුවන් ලියනගේ මචං.. මං නොදැන නොසිතා කරාට වැරැද්ද වැරැද්දමයි.මම උඹේ පත්තර මල්ලි කියන මීඩියා අයිකන් එක හොරකම් කරන්න හිතකවත් තිබුනේන නෑ.. පොටෝ කෑල්ල නං ඉතිං ජාලෙන් හොරකං කරගත්තා..ජීවිතේ වෙනසක් උන වෙලාවක කරන ජොබ් එකට අමතරව අවුරුද්දක් විතර පත්තරත් බෙදුවා..ඒකයි මං "පත්‍තර මල්ලි" කියන නම තෝරගත්තේ..

      ඔලුව නමල වැරැද්ද භාරගන්නවා අයියේ.. මේ නමින් මං හිරු /නෙත් පත්තර මල්ලි කරන උඹ කියල පෙන්නනුවෙ නෑ. . මං මට වෙනම අනන්න්‍යතාවයක් බ්ලොග් ලෝකෙ හදාගත්තා.. ඒත් ඔරිජිනල් පත්‍ය්හර මල්ලි අයිති උඹටයි..

      උන වැරැද්දට සමා වෙයන්.. උඹ අවසර දෙනවනම් මම දිගටම මේ ලෝගො එකයි නමයි පාවිච්චි කරන්නම්.. නැත්තං වෙන එකක් මං ක්‍රියේට් කරගන්නම් මචං.. කිසිම අවුලක් නෑ.ඒක උඹේ !!!!

      පුලුවන් නම් යටින් උත්තරයක් කමෙන්ට් එකකින් හරි නලින් අයියට හරි දියං මචන් !!!!

      Delete
    11. blogger_logo_round_35

      එල ඉතාලි පත්තර මලිලියා.... මං හෙට නුවන්ට කතා කරන්නං මේ ගැන. ඒ වගේම උඹත් බ්ලොග් අතර හදාගත් නාමය අමරණියයි. බිය නැතුව ඒ නම වෙනස් කරගන්නත් හැකියි. ඒ මන්ද යත් බ්ලොග් ලියන්නෝ දන්නේ උඹ පත්තර මල්ලි. එක රැයින් උඹ නම වෙනස් කළා කියන එක අපි පතුරන්නං. නිකමට ඉන්බොක්ස් කියපන් නුවන්ට උඹ කාගේ කවුද කියන එකත්. එක්කෝ උඹ කියන්න එපා මං කියන්නං එයාට.

      Delete
    12. blogger_logo_round_35

      @ අරූ....පැරාවන් විදග්ද මාධ්‍ය කරුවකුට ඔබ කියනා ඔය ටික මොන තරම් අගේට කියන්න තිබුණද? ඒත් එය පැරා වෙනුවෙන් කරන්නේ ඔබ එංගලන්තයේ ඉදගන. ඒ අතින් ඔබනේ ඉදිරියෙන්ම ඉන්නේ...

      Delete
    13. Close-up+of+baby+holding+mother%27s+finger

      අම්ම තාත්තගේ කීර්තියෙන් යන ගමන තාවකාලිකයි නලින් අයියේ.. මගේ ටැලන්ට් එකක් තියනවනං මම ගමනක් යයි.. උඹ කියනෙ මොකෝ.. ?? ඇත්ත නේ.. පුලුහන්නනං ඔරිජිනල් පත්තර මල්ලිගෙන් අහල කියපං මං ටික දවසක් අලුත් නමයි මෙ නමයි පාවිච්චි කරන්නද කියලා .පුලුවං නේ ??? මං මටම එකක් හදාගන්නං.

      Delete
    14. blogger_logo_round_35

      ඔය පත්තර මල්ලි ලෝගෝ එක මට හදලා
      දුන්නේ අපේ අංජන ඉන්ද්‍රජිත් ...පත්තර මල්ලි කියන නම නම් පාවිචි කලාට කමක් නැ ඕක මගේ කියලා කියන්න මට සදාචාරාත්මක අයිතියක් නැනේ ...මොකද පත්තර විකුනන මල්ලිලා තව ඉන්නවනේ මචෝ ..අනෙක උබ කියන ගොඩක් දේ වලට මාත් එකග නිසා නෝ ප්‍රොබ් ....එත් රූප කාය ..පාවිචි නොකරමු නේද ...නලියා ...එහෙම හොදයි නේද ??????

      Delete
    15. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/
    16. Close-up+of+baby+holding+mother%27s+finger

      නුවන් අයියා .. පිස්සුද මචං . මේ දැං මාරු කරනවා මේ දැං කිසිම අවුලක් නෑ..මෙච්චර කල් පාවිච්චි කලාට මම උඹටයි අංජනටයි බොහෝම ස්තූතියි කරනවා.. මං බ්ලොග් අස්සෙ උඹව වැඩිය දැකල නෑ..දිගටම ඉඳපං අපිත් එක්ක..

      Delete
    17. 29472859_1646887432064557_5693423662783266816_n

      අප්පටසිරි ඇත්තම පත්තර මල්ලිත් ඇවිත්

      ( දෙන්නම ඇත්තම පත්තර මල්ලිලා . එක්කෙනෙක් පත්තරයේ තියන ඒවා
      කියවපු මල්ලි , අනිකා ඇත්තටම පත්තර බෙදපු මල්ලි )

      එනකොට හැමදාම වගේ පෙරහැර ගිහින් ,

      ( හොද වෙලාවට )

      හරි හරි දැං ඉතින් අවුලක් නැනේ

      ඔය දෙන්නම මම කැමති චරිත ,

      එක්කෙනෙක් ගේ ගෙදර මම නිතරම යනවා , අනික දෙපාරක් අපේ ගෙදර ආවා ,

      එකෙක් මාව දන්නව අනික මාව දන්නැ ,

      කොහොම හරි කමක් නැ ,

      දෙන්නටම ජය වේවා.

      Delete
    18. ds

      මදෑ අපේ පත්තරයට කෙලින්න තව පත්තරයෙක් ආවා.. හැක්.. හැක්.. නුවන් ලොක්කා මීට හොදයි නේ මේ පත්තර මලයට අළුතින් ලොගෝ එකක් හදල දුන්නොත්. ඇත්තම කිව්වොත් දැං මේක උගේම වෙලා නෙව...

      Delete
  5. blogger_logo_round_35

    ප්‍රෙස් ක්ලුබ් එක ගැනනම් මම අහලා තිබුණට වැඩි විස්තර දන්නේ නෑ. ඒත් මට ඔය ක්ලුබ් ගැනනම් මෙහෙම දෙයක් මතකයි. සාමාන්‍ය වශයෙන් ගොඩක් ක්ලුබ් වල බාර් එකකුත් අනිවාර්‍යයෙන් තියෙනවා. ඒක නිසා සමහරු බාර් පර්මිට් ගන්න බැරි උනහම මොකක් හරි ක්ලුබ් එකක් දගන්නවා. විශේෂයෙන් ස්පොර්ට්ස් ක්ලබ්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉංගිරිසි වදන අතහැර ශ්‍රිලංකා පුවත්පත් සමාජය කියන නමින් හිතලා බලන්න. බොන්න හැමතැනම තියනවා. හැබැයි ප්‍රෙස් ක්ලබ් එකේ අන් හැම තැනකටම වඩා මිල අඩුයි. අන් තැන්වල පහසුකම් වැඩියි. තිස්ස අබේසේකරගේ වදන් කියවන්න නැවත වරක්. බොහෝ දේවල් සිද්ධවුනේ මේ තැන්වල මුලික කතා බහෙන්.

      Delete
  6. photo

    කාරියකරවන ශූරීන් ඔහුගෙ දසක සතක මතක පොතේ ප්‍රෙස් ක්ලබ් එක ගැන ගොඩක් විස්තර ලියල තියෙනවා,මම හිතන්නෙ තිස්ස අබේසේකරයන් කියා ඇත්තේ ඔහු මැදිහත්වී මුලින්ම ආරම්භකළ ප්‍රෙස් ක්ලබ් එක ගැනයි.මොකද මත්පැන් බලපත්‍රය සිමියොන් අයියට ලබාදීම ගැනත් ඔහු ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් හැලපයියේ... කස්ටිය වල්ගේ පාගාගෙන... ලැයිසොම ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ නමට. එත් ඒක කරන්න ගිවිසුම් පිට තවෙකකුට දෙනවා එදා වුණෙත් ඒක අද වෙලා තියෙන්නෙත් ඒක. ඒත් ගිවිසුම එදාට වඩා වෙනස් වෙලා. මාධ්‍යකරුවාගේ ස්වාධීනත්වය එතැන අද නැතිවෙලා. එදා එකට බිව්වත් ඒ දන්න එවුන් අතර. අද මොකා ඒ අතර ඉන්නවද කියන්න කිසිවෙක් දන්නේ නෑ.

      Delete
  7. blank

    නලින්ට දැන් තමයි ඇඟට දැනිලා තියෙන්නේ.දැන්නම් ප්‍රමාද වැඩියි වගේ.

    ReplyDelete
    Replies
    1. images+%282%29
    2. blogger_logo_round_35

      මොනවද ඇගට දැනෙන්නේ.......මචෝ....
      කියල තියන දේ වටහගනින්......

      Delete
    3. blank

      මේ ටික ලියල තියෙන්නේ උඹල දෙන්නට නේද බං
      //සිහිය විකල් වෙලා ඇදට ගෙනිච්ච ගෑනුන්ගෙ කලව වල වටප්‍රමාණය කතා කරන තැනක බුද්දිමය සංවාදයකට ඉඩ සීමිතයි,//

      Delete
    4. Close-up+of+baby+holding+mother%27s+finger

      ඕක ලිව්වේ මමයි ඇනෝ පහල කමෙන්ට් එකක. එහෙම අදහස්කින් නෙමෙයි මචං කීයටවත් .මම පැහැදිලි කරන්නං ..

      චයිනීස් එකක බොන්න සෙට් උනාම ගොඩක් අයට දෙක වදිද්දි කියවන්නෙ මොනවද මචං ..

      මං අම්බානකට ගහලා එකසිය අසූවට පෑගුවා
      ගැහුවා මචං කකුල් කරට අරං
      දුන්න ඩෝ සෙට් එකකට දුවනකං

      ඔය වගෙ ගොන් පාට් බයිලනෙ..එක එයාලගෙ සතුට . එලකිරි.
      කිසි අවුලක් නෑ..
      ඒත් මචං තව අය ගීතයකට පද ගලපනවා. විචාරයක් ලියනවා. ඒ අයට ඒ නිදහස තියන තැන රැකල දෙන්න කියන්නයි මට උවමනා උනේ.

      Delete
    5. blank

      ඉතිං බං උඹ කියල තියන ටික කිරිගහට මෝල් ගහෙන් ඇන්න වගේ ඇත්තනේ. උඩ ඇනෝටයි ඒකට වැට දාන් ජපනටයි උඹේ කියමන හරියන්නැද්ද කියලා.

      Delete
    6. Close-up+of+baby+holding+mother%27s+finger

      හැක් හැක් ... ෆිට් තමා ඇනෝ මචං.. උඹත් මරු පොරක් බං !!

      Delete
  8. images+%282%29

    ඌ.....දැනට කතා කරන්නෙ ලාබෙට බොන එකට කෙලවිච්ච එක ගැන විතරයි බං ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙච්චර දන්න අදුනන කෙන්ජයියත් උඩින් පල්ලෙන් කියවල වගේ. මේ ටිකයි මුල්ම පැරාවයි කියෙව්වනං හොඳා
      //සත්‍ය ලෙසම මෙය තවත් එක් තැබෑරුමක් ම නොවී ය. බොහෝ හරවත් සංවාද, සාහිත්‍ය කතිකා ගොඩනැගුනු තැනකි. මධු විතද එයිට සමගාමීව දෙතොළග රැදිනි.//

      Delete
  9. images+%282%29

    මම පොදුවෙ ආසයි මාධ්‍ය කාරයන්ට කෙළවන එකට.....100% කඩේ යන මාද්‍ය කාරයන් වෙනුවෙන් මෙවැනි ලිපියක් ලියන්න කොන්දක් තිබීම ගැන මගේ ප්‍රණාමය....
    (ලියන වනම් කොන්ද කෙලින් තියං ලියන්න මෙයිට වඩා දේවල් තියෙන එක වෙනම දෙයක්.... හෙක්...හෙක්...)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තම මතයට පටහැනිව ලියන හැම මාධ්‍ය කාරයාටම අනෙකා අකමැතියි. ඒ පොදු සත්‍යය මාධ්‍යකරුවා දන්නවා. හැමෝම උඩ දාන්නේ ලාබෙට බොන්න තිබුණ එක ගැනයි. ඒ මොන තැනකටත් වැඩිය ලාබෙට වයින් ස්ටෝස් එකකින් ගන්න හැකියි. මා කියන්නේ බොන එක ම නොවේ ඒ තැන ඇති වූ සංවාද ගැනයි. පොඩ්ඩක් නිශ්මං ගේ කමෙන්ටුව කියාවා එන්න අයියා.

      Delete
  10. GOPR1796

    තොටලග පාලම යටින් මට්ටක්කුලි යන පාරෙ ඉස්සර රා තැබෑරුමක් තිබුනා. මං මේ ලගදි ඒ පැත්තෙන් යනකොට දැක්කා ඒ හරියෙ අලි සයිස් බිල්ඩිම්ක හදනවා.. දැන් රා කඩේ අයින් කරලා ඇති.
    හැබැයි රා කඩේ ගැන ලියන්න කලිසං කාර මාධ්‍යවේදින් නම් එතනින් බොන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මාතර ඉදන් ටෙලිකෝම් ඉන්ජෙක් වෙලා ආපු ඔයා ඒ රා තැබැරුමේ බැහැලා නෑ. ඉන්ජෝ බයයි ඒ තැන්වල බහින්න. ඒ වුණාට ඒ ඉන්ජා අහනවා කලිසංකාර මාධ්‍යවේදින් ගැන. ඉන්ජෝ උඹ දන්නේ නැතුවට මාධ්‍ය කරුවා හිගන්නගේ වේසෙනුත් යන්න ඕන තැනට යනවා. ඔය තැනට නං ගිහින් නැතුව ඇති .//මං මේ ලගදි ඒ පැත්තෙන් යනකොට දැක්කා// ඒත් රා තැබෑරුම් නං නොවේ රා පොට් බොහෝ තැනකට ගිහින් උන් එක්ක ලුණුකැටයයි ලූණු කැල්ලයි එක්කත් සප්පායං වෙලා තියනවා මම පුද්ගලිකව. මේ වගේ සිද්ධියක් පොඩි ඒක කේන්ද්‍රීය සිද්ධියකට ලගු කිරීම ඉංජිනේරු මහත්තයා ඔබට තරම් වේද?

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      නලින් ++++++++++++++++++++++++++++

      Delete
    3. blank

      මදැයි අහගත්තා පන්ඩිතයා.හොදි ඕන්නැ නේද ගැනු කිචෝ

      Delete
    4. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

      නලින් amila යනකොට දැකපු, දැන් නැති තැන් තව කොච්චර තියනවාද දන්නෙ නෑ. උඹගේ ලිපිය වැරදියට තේරුම් අරගෙන බලන්නෙත් අපේ එවුන්ම වීම අභාග්‍යයක්.

      Delete
  11. aa55

    නමින් club එකක් උනත්, වැදගත් වැඩ කීපයක ආරම්භය ..... එතන නම් .....නැවතත් නැතිව ගිය දේ ඉල්ලීමේ ගැටළුවක් නැත. මද්‍යවෙදින් අතන මෙතන රස්තියාදු ගහනවට වඩා , නම්බු පිටින් ඉන්න පුළුවන් තැනක් නම් ඇති කර ගත්තට කම් නැත.
    මං හිතන්නේ නලින් සහෝදරයා මේ ගැන ලිව්වේ, බොන්න ඕන කියන අදහසින් නෙමේ. යම් කිසි වැඩක් ආරම්භ කිරීමට ගැප් එකක් විදියට , මේ වගේ තැනක් තිබ්බොත් හොදයි යන ආකල්පය මත වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොන්න හැම තැනම තියනවා. ඒත් සංවාද ඇත්තේ කොහේද?

      Delete
  12. blogger_logo_round_35

    මේක බොන්න තැනක් නැති වීම ගැන ප්‍රශ්නයක් නෙමේ...විවිද අදහස් තියෙන නමුත් එකම පවුලක සහෘදයන් එකම තැනක එකතු වෙන එක බොහොම වටිනා දෙයක්. ඔය කියන ප්‍රෙස් ක්ලබ් එක ගැන මම අහල තිබුනට එක නැති වෙලා කියල දන්නේ අද..මේ රටේ හැම දේටම කෙල වේගෙන යන මී කාලේ ප්‍රෙස් ක්ලබ් එක විතරක් ඉතුරු වෙන්නේ කොහොමද...අපේ වාසනාව..රටේ ආශ්චර්යය..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගැටලුව තේරුම් ගැන්ම ගැන ප්‍රණාමය ෂෙහාන් සහෝ.... බොන්න හැම තැනම තියනවා. ලාබෙටම බොන්න ඔන්නං වයින් ස්ටෝස් තියනවා. ගත්තා ගැහුවා ගියා. මෙතැන එවන් තැනක් නොවේ. විද්වත් කිකිකා මණ්ඩපයක්.

      Delete
  13. 1620660_540673746066368_1008982561639182722_n
    Replies
    1. blogger_logo_round_35

      කාරියකරවන සූරින් ගේ පොත් ටික කියවන්න මේ තැනින් වු සේවය එහි ඇති පැහැදිලිව.

      Delete
  14. 12957658_981562591899718_5460096581317172886_o

    ඉල්ලුවත් ආයෙ හම්බ වෙන එක නම් හීනයක් තමා නලින් අයියෙ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බලපත්‍රය අපේ මචෝ..... අපට අවැසි නිදහසේ අපේ උන් පමණක් ඉන්න තැනක සංවාද කතිකා ඇතිකරගන්නයි... අන්‍යයන් කවුරුන්ද යන්න අපි නොදනිමු.

      Delete
    2. 12957658_981562591899718_5460096581317172886_o

      ඒක හරි අයියෙ. සටනට සුබ පැතුම්…

      Delete
  15. Close-up+of+baby+holding+mother%27s+finger

    නලින් අයියා.ආතල් කමෙන්ට් එකක් දාන්න ආවත් එහ්ව්ම යන්න හිත දුන්නේ නෑ..කෙටියෙන් කියන්නම්

    උඹ කතා කරන්නේ අඩුවට බොන්න තිබුන තැනක් නැතිවීම ගැන නෙවෙයි.. මාධ්‍යවෙව්දීයා සහ මත්පැන් කියන සාධකය එක්තැන් වෙලා හැදෙන අපූරු සංවාද මණ්ඩපයක් නැතිවීම ගැන.ඔය තැන් මට අරුමයක් නෙමෙයි.. බොහොමයක් නිර්මාණ වලට /පද රචනා වලට හේතු වුනු කාරනා ගැඹුරින් සාකච්ඡා වෙලා විශිශ්ට නිර්මාණ බිහිවෙන්න ඔය තැනුත් බලපෑවා,

    බොහොමයක් නවකයන්ගේ හැකියාවන් උරගා බලන තැන් උනෙත් ඔවැනි තැන්.මං හිතනවා ඒ සම්මුඛ පරීක්ශන හෘදයාංගමයි - සාර්තකයි.. පුද්ගලිකව මා දන්නා දැනට ආන්ඩුකාරයකු වන ගායකයෙකු මතුවුනෙත් ඔවැනි තැනකින්.උදාහරණ අනන්තයි.ප්‍රේමකීර්‍තිගේ පද රචනා වලට තෝතැන්නක් උනෙත් මෙවැනි සාකච්ඡා.කපුගේ නොටේශ්න් දැම්මෙත්
    ඔහොම ඉන්න ගමං..
    ඒක බීමහලක්වෙන්නත් පුලුවන් .ක්වාටස් එකක්,චමරියක්වෙන්නත් පුලුවන්.මං පොඩිකාලෙ හැදුන ක්වාටස් එකත් මගෙ මවයි පියයි නිසා ඔහොම තැනක් උනා..පසුකාලිනව යංතං තේරෙන වයසෙදි පියා මෙවැනි තැන්වල්දි මට ඉන්නට ඉඩහැරියා..ඒ මත්පැනින් රසවත් වූ හරබර සාකච්ඡා මට පොත් දහසක දේ ඉගැන්වූවා.

    කාරනේ මේකයි.මගේ තාත්ත උඹ එක්ක බීල තියනවා ඔහොම.. මමත් උඹ එක්ක බීල තියනවා. උඹේ ඒ නිහතමානී කමට මම ගරු කරනවා.මාධ්‍යවේදියො කියන්නෙ ලොකු පොහොසත්තු නෙමෙයි.
    උන්ට නිදහසේ වචනයක් දොඩමලුවෙන තැනක් නැති කරනවා කියන්නෙ නිර්ණාන දහසක් වැලලෙන්න පුලුවන් .තේරුම් ගන්නෝ ගනිත්වා. !!,

    සිහිය විකල් වෙලා ඇදට ගෙනිච්ච ගෑනුන්ගෙ කලව වල වටප්‍රමාණය කතා කරන තැනක බුද්දිමය සංවාදයකට ඉඩ සීමිතයි, එහෙම තැනක නිර්මාණකරුවෙකුට ඉඩක් නෑ.. මේක බීම කියන සාධකය දෙවනුව පැවතුන සල්ලාප මණ්ඩපයක් නැතිවීම ගැන කෙරුණ දුක් ගැනවිල්ලක් යන්න තේරුම් ගැනීම තම තන්ගේ බුද්දියට සාපේක්ෂයි..

    අන්තිම එක. උඹ ඔහොම බීල මලොත් ! තොගෙ මලගෙදර තාත්ත එයි. මං එන්නෙ නෑ , එච්චරයි !!!!!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රජ රට කියන්නේ මෙරටට කලාකරුවන් ගොන්නක් බිහි කළ තැනක්. ඒ තැන ඒ කලාකරුවන්ට හැදෙන්නට අත දුන් ශේෂ්ඨයෙකුගේ පුතෙක් විදියට මේ සටහන හරියට වටහාගත් එක ගැන උඹටත් උම්මා එකක්. මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ලියන්නෙත් මේ තැනක සිට ලද අද්දැකීම්... ඒ ගැන කුමට කතා දන්නෝ දනිත් නොදන්නෝ නොදනිත් වල් පල් දොඩවත්. බොන්න කොටුවෙන් එළියට බැස්සාම මීටර් 100න් 100ට තියනවා. අඩු මිලටනං වයින් ස්ටෝර්ස් තියනවා. ඒත් හොද හරවත් සංවාද කොහෙද ඇත්තේ. ඉදහිට තැනක ඇසෙයි කපුගේගේ සිංදුවක් නං. ඒත් ඒ කිසිවෙක් ඒ සිංදුව ලිව්වේ කුමක් සදහා කවුද කියලවත් දන්නේ නෑ. එවන් මිනිසුන් එක්ක මොන කතාද මචෝ

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      This comment has been removed by the author.

      Delete
    3. Close-up+of+baby+holding+mother%27s+finger

      හරියට හරි.. මේ කතා කරන්නෙ ලාබෙට බොන්න අඩියෙ අඩිය තියන බාර් නෙමෙයි..පහල දමිත් අයිය කියනව වගේ සුන්දර මිනිස්සු එකතුවෙන නිර්මාණ වලට තිඹිරිගෙයක් !!

      Delete
    4. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

      පත්තරේට මල් මිටක්.

      Delete
    5. Close-up+of+baby+holding+mother%27s+finger

      සාගර අයියේ.. ආව කාලෙක ඩිංගක් අනුමත වෙලා පොඩි කයියක් ගහමු නලියත් අල්ලං !! ජය වේවා

      Delete
    6. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

      @පත්තර මල්ලි : අනිවා මලයා. ආවම සෙට් වෙමු.

      Delete
  16. blogger_logo_round_35

    මට හිතෙන්නෙ මෙක කැලෙ යනව වගෙයි.බොන්න තැනක් නෙමෙයි හොද සන්වාද කෙරෙන තැනක්,තර්ක විතර්ක කෙරෙන තැනක් ඉවත් කරන එක ලොකු අපරාදයක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දමියා කස්ටිය කැලේ යනවග දැනගනමයි මං තිස්ස අබේසේකර වැන්නෙකුගේ වැකියක්ද ඇතුළත් කළේ. ඒත් කොහෙද?
      //සිරිල් බී පෙරේරා, ඔගස්ටස් විනයාගරත්න, සුගතපාල ද සිල්වා, ධර්මසිරි වික්‍රමරත්න වැන්නවුන් කල්ලි ගැසී අසීමිතව චිත්‍රපට බැලීමටත් ගාලු මුව දොරට නුදුරින් පිහිටි සිමියොන් අයියාගේ "ප්‍රෙස් ක්ලබ්" එකට වැදී මැදියම් වනතුරු මී විත තොලගාමින් නැරඹූ චිත්‍රපට ගැන කතා කිරීමටත් අප පුරුදුව සිටි සමයකි ඒ// මේ මිනිසුන් රැ මැදියම් වන තුරු කළේ උසස් නිර්මාණයක රසවිදීමයි.... එතැන ඇත්තේ කතිකාවක්.....

      Delete
  17. blogger_logo_round_35

    නලීන්,

    කට්ටිය කීප දෙනෙක් ම වැඩේ තේරුම් අරං තියෙන විදිහ වැරදියි කියලා පේනවා. නලීන් කියන්නේ ඔවුන්ට නැති වුණ සංවාද මණ්ඩපය ගැනයි. කට්ටිය තර්ක කරන්නේ අඩුවට බොන එක ගැනයි. අපි බ්ලොග් එකක් විදිහට අමද්‍යපයි. ඒත් සංවාදයන් සඳහා තිබූ වේදිකායක් අහිමි කිරීමටත් අපි විරුද්ධයි. සටනට අපි එකඟයි. බේබද්දන්ට උල්පන්දම් දීමක් නොව අනාගතය නිර්මාණය කෙරෙන සංවාදයන් සඳහා වූ වේදිකාවක් වෙනුවෙන් පමණයි.......................

    හැබැයි

    ReplyDelete
  18. DSC00022

    සෑහෙන හිතේ අමාරුවෙන් වගේ.ජන මතයක් වෙනස් කරන්න පුළුවන් මාද්‍ය වේදීන්ට මෙහෙමනම් අවසේස අපි ගැන කවර කතාද ? කොහොම උනත් බෙදා වෙන්කළ තරමට පාලනය පහසුයි නොවැ.මල්ලට දාගෙන තියන ප්‍රමානේ අනුව ඔය ගැන කතා කරන්න 10ක් වත් එකතු කර ගන්න එක ලේසි වෙන්නේ නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වඩුවගේ ගෙදර පුටුව නෑ කියන කතාව අයි ටි අය අහලා නැතුව ඇති.

      Delete
  19. 31999_132872540056416_3560510_n

    මම මේ සමහර කොමන්ටු ගැන ප්‍රසාදයක් ඵලකරන්නේනෑ .නලින් මහත්තයා කියන කතාව ගැන අවබෝදයක් නැති කම නොවේ ඒ අදහස් වල තියෙන්නේ.වෙනත් අරමුණු කියලයි මම හිතන්නේ .මේ සංවාද මණ්ඩපය තිබුනා නම් මමත් අම්පාරේ ඉදලා මමත් ඉදහිට හෝ එනවා .ඒ බොන්න ඕනෑ හින්දා නෙවේ .ජිවිතේ පටන් ගන්න මිනිස්සු වඩිවෙන තැනක කතා කරන්න.සමහර විට ඔතන සිදුවන සිදුවිම් හින්දා බිහි වුන සිනමාවක් ඇති නිර්මාණ ඇති .ගී පද රචනා ඇති .නමුත් පාලකයින් ට මේ කතා කරයේ එකතු වෙන තැන් මළවදයක් මොකද කලාව කලාව සදහා නොව මිනිසා සදහා කියන නිර්දේශය ගොඩනැගුනම දේශපාලකයින්ට ජනතාව මුලා කරන්න බැරි වෙන හින්දා .අද කලා කාරයේ පත්තර කාරයේ දේශපාලනයේ තුරුම්භු එව වමද දකුණද නිලද කොළද රතුද කියලා නොවේ . මෙවැනි සංවාද මණ්ඩප නැති නිසා .එක ජාතියේ කුරුල්ලන් එක ඉත්තේ වැසිම කොතරම් සුන්දරද නමුත් ඒ සුන්දරත්වය නැති වුන හැටි තමයි .මේ ලිපය පුරාවටම තියෙන්නේ .මම හිතන්නේ නෑ මේ කතිකාව අහලා මේ වගේ තැනක් හදන්න කව්රුවත් තිරණය කරයි කියලා .නමුත් බොන්න ඕනෑ නම් බොන එකා බොනවා නමුත් රසය මවන තැනක් ගොඩනග්න කව්රු හරි හිතනවා නම් අගය කරනවා .මොකද නිර්මාණ කියන්නේ පැහැදිලිවම තනියම මැවේන චින්තනයක් නොවේ .එය පන්නඑය ලබන්නේ මුවහත් වෙන්නේ මෙවැනි තැන් නිසා .මේ කරුණ ඉස්මතු .කිරිම ගැන නලින් මහතාට මගේ ප්‍රණාමය

    ReplyDelete
  20. blank

    නලියා......ප්‍රෙස් ක්ලබ් කියන්නේ බොන තැනකට වඩා බොමින් බොහෝ දේ සාකච්ඡා කරපු තැනක් බව මා තරුන කාලයෙදි අත් විඳ තියෙනවා. අමරබන්ධු මහත්මයා ඉන්න කාලේ මාවත් එක්කන් යනවා. මමත් වාඩිවෙලා ඕවා අහගෙන ඉන්නවා.

    මාධ්‍ය කරුවාගේ ජීවිතවලින් පටන් ගෙන මාධ්‍ය නිදහස දක්වා සහ මාධ්‍ය කරුවාගේ කන බොන මේසයටත් කෙලින කාලයක් ඇවිල්ලා තියෙන්නේ. මේ මාධ්‍යකරුවා අද වැටී ඇති තත්වයයි.

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger

      ///මාධ්‍ය කරුවාගේ ජීවිතවලින් පටන් ගෙන මාධ්‍ය නිදහස දක්වා සහ මාධ්‍ය කරුවාගේ කන බොන මේසයටත් කෙලින කාලයක් ඇවිල්ලා තියෙන්නේ. /////

      සමස්ත හරය එක වාක්‍යකින්. විශිෂ්ටයි !!!!!

      Delete
  21. blank

    නලීන්....නිකන් ඉන්න ගමන් ඔය හෙඩිමේ තියෙන prees එක press කරලා දාපන්. :D

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger

      පාස්වඩ් එක දුන්නනං මට උනත් කරල දාන්න තිබුනා :D

      Delete
    2. blogger_logo_round_35

      ස්තුතියි මචෝ දැන් හදනවා ඒ වැරැද්ද

      Delete
  22. 156582_2134116490686_798455850_n

    අරගල කරන එක හොදයි.. මොකද ඉතින් මෙතන වැඩියෙන් වටිනකම දැනෙන්නේ නලීන් අයියලාටනේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙතැන අති විශිෂ්ඨ කෘති බිහිවෙන්න අඩිතාලම වැටුණු තැනක් දිනේෂ් මලයා..

      Delete
  23. blogger_logo_round_35

    හැබැයි ඉතිං සාකච්ඡා කරන්න බොන්න ඕනෑම නෑ. හොඳම උදාහරණය තමයි මෙතන යන මේ සාකච්ඡාව!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නොබොන මිනිසුන්ද මෙතැනට එනවා. අදහස් හුවමාරු කරගන්නවා කකා. අන් මතවාද හා සංවාද කෙරෙනවා..... ඒකයි මෙතැන ඇති වැදගත් කම... සමහරු එන්නේ ආහාර ගන්න ඒ ගමන් ම විවිධ කතාබහේ නිරතවෙනවා. බොහෝ උසස් නිර්මාණයන්ට මග විවරව ඇත්තේ මේ තුළ බව ඔබට වැටහේවි කාරියකරවනයන්ගේ පොත් ටික කියෙව්වොත්...

      Delete
    2. 29472859_1646887432064557_5693423662783266816_n

      මෙතන කි දෙනෙක් බිලද නැද්ද දන්නේ කවුද

      Delete
  24. Original+Logo+-+Sandumal

    නලීන් අයියේ මගේ වැඩේ අමතකවෙලාදෝ...??

    ReplyDelete
    Replies
    1. 29472859_1646887432064557_5693423662783266816_n

      අයියා කරල දෙයි හොද ළමයා වගේ හොදිං හිටහං

      Delete
  25. blogger_logo_round_35

    ඔබේ සටනට ජය නලින් අයියා.
    මර්ධනය කියන දේ අපිට පේන්න වගේම නොපෙනන්නත් කරන්න පුළුවන් දෙයක්.මෙතන දැන් වෙලා තියෙන සංවාද දිහා බැලුවමත් පේන්නේ සමහරක් අය නලින් අයියා කියන දේ නිවැරදිව වටහා ගෙන නොමැති බවකුයි.ප්‍රශ්නේ අඩුවට බොන්න තියෙන තැනක් නැති වීම නෙමේ.සංවාද මණ්ඩපයක් අහිමිවීමේ ගැටළුවකුයි තියෙන්නේ.

    මේකත් අපිට නොපෙනෙන මාධ්‍ය මර්ධනයේ එක පැතිකඩක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  26. blogger_logo_round_35

    නලින් මල්ලි මං උත්තරයක් බලං ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. 29472859_1646887432064557_5693423662783266816_n

      රහස් කතා කිරිම රහසින්

      Delete
  27. V

    මම බොන්නේ නෑ. සටනට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. 29472859_1646887432064557_5693423662783266816_n

      සටනටත් ඉන්න එකේ ඔන්න ඔහේ ටිකක් බීහං

      Delete
  28. blank

    There are few of ex journalists in the ruling party. Ex. Dalas . Why don't you try taliking to them. Just my opinion .

    ReplyDelete
  29. pp

    මම හිතන්නේ මේක ගැන හෙන්රි ජයසේන මහත්තයා එයාගේ නිම් නැති කථාවක් පොතෙත් කියලා තිබ්බා.. එතැන සිදුවීම් හා සමහර නාට්‍ය වලට පසුබිම සකස් කරගත්ත හැටි එහෙම

    ReplyDelete
  30. 29472859_1646887432064557_5693423662783266816_n

    This comment has been removed by the author.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT