පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - නුවරඑළිය
ගමන් මඟ -
නෝර්ටන් බ්‍රිජ් හරහා ශ්‍රී පාද මාර්ගයේ කිරිවන්එළිය පසුකොට ගියවිට දක්නට ලැබේ.
බලන බලන තැන, ඇසට පි‍්‍රය හරිත වර්ණයෙන් බබලන්නේය. උදෑසන ළා හිරු රැස් වලාකුළු අතරින් මිදී රන්වන් රේඛාවන් සේ පැමිණ එකට අත්වැල්ලා සිටින සත් සොයුරියනට ආශිර්වාද කරන්නේ සදාදාරණීය තාත්තා කෙනකු මෙනි.
මේ සත් සොයුරියන් ද හිරු දෙවියන් තම පියා ලෙස සළකා තව තවත් හිරු රැසට තුරුළු වන්නේ පියකුගෙන් ලැබෙන උණුසුම් රැකවරණය සොයාගෙනම ය.
මොහොතින් මොහොත රිවි කිරණ තම දියණියන් දෑතින්ම ගෙන, උතුරා යන සෙනෙහසින් ළයට තුරුල් කරගන්නා අපූර්ව දර්ශනය දකින්නට මගේ දෑස පින්කර තිබේ.
ඒ සෙනෙහස අපූරුය. චමත්කාර ජනකය. මලානිකව සීතලට මිදී, රැකවරණය අහිමිව මෙතෙක් වෙලා අසරණව සිටි මේ නව යොවුන් තරුණියෝ සත් දෙනා, පිය සෙනෙහසින් ප්‍රබෝධවත්ව නව ප්‍රාණයක් ලැබ රන්වන් පැහැයෙන් දිලිසෙන්නෝය.
මගේ සිතුවිලි තේරුම්ගෙන මෙන් හිරු රැස් ටිකින් ටික මා වැලඳ ගනිද්දී, දැනෙන උණුසුමට තව තවත් ළං වන්නට මට සිත් විය. මට පිය සෙනෙහස දැනෙන්නට විය. ‘හිරු’ මගේ පියා දැයි මට සිතේ.
“එසේ නම්, සත් සොයුරියනි, ඔබ මගේ සහෝදරියන් ය. අපි හැමෝගේම සහෝදරියන්!”, ඔවුහු ලැජ්ජාවෙන් මෙන්, මිහිඳුම් සළුවෙන් මුහුණු වසා ගත්තෝය.
නෝටන් බ්‍රිජ් නගරය පසුකර ශ්‍රී පාද මාර්ගය දිගේ කිලෝමීටර් තුනක් පමණ ගිය තැන හමුවන “අංගමුත්තු කඩේ” ළඟ සිටින මට, ඒ සත් සොයුරියන් මැනවින් දර්ශනය වෙයි. මා සිටින තැනට පහළින් කඩා හැලෙන්නේ සුන්දර ලක්ෂපාන දිය ඇල්ලයි.
අතේ ඇඟිලි පහ විවිධය. එලෙසම මේ නොඉඳුල් සොයුරියන් සත් දෙනා ද හැඩයෙන් විවිධාකාරය. එලෙසම එකියක් අවිහිංසකය. තවත් කෙනෙක්, ගුවන් අනතුරු ද සිදු කරන තරමට රෞද්‍රය.
ඔවුහු සත් දෙනාටම එක නමකි. ‘සප්ත කන්‍යා කඳු වැටිය’ සමනල අඩවියේ රූමත් දඟකාරියන් මේ ‘සප්ත කන්‍යාවියන්මය’
සප්ත කන්‍යා ගවේෂණයට මා සමඟ මිතුරු නීල් ද එක් විය.
මම යතුරු පැදිය පණ ගැන්නුවෙමි. නීල් පසු පස අසුනට ගොඩ විය.
ශ්‍රී පාද මාර්ගය දිගේ ඉදිරියට ගිය අපි ‘හතර කණුව’ හන්දියෙන් දකුණට හැරී කොත්තැල්ලෙන මාර්ගයට පිවිසියෙමු.
අහසට විහිදුණ කඳු ශිඛරයන් දෙස බලමින් අපි දෙදෙනා සප්ත කන්‍යා වැටියට ඇතුළු වීමට මඟක් සෙව්වෙමු.
කොත්තැල්ලෙන මාර්ගයේ ටික දුරක් එන විට පාර දෙපසකට බෙදී යයි. දකුණු පැත්ත ‘කොතැල්ලෙන-හඟරාපිටිය’ මාර්ගයයයි. වම් පැත්ත ‘අලුඔය’ මාර්ගයයි. “අලු ඔය පාරෙන් ගියොත් කන්දට යන්න ලේසියි.” නීල් පැවසීය. ඒ අනුව අපි වමට හැරුණෙමු. අලු ඔය මාර්ගය කඳු බෑවුම් සහිත පටු මාර්ගයකි.
හිතවත්, වතු අධිකාරිවරයකුගේ නිවසක යතුරු පැදිය තැබූ අපි, තේ වත්තක් දිගේ ඉහළට නැග්ගෙමු.
තේ වත්ත අවසාන සීමාවේදී හමුවන්නේ ‘සප්ත කන්‍යා රක්ෂිතයට’ ඇතුළුවීමට මඟකි.
වනයට ඇතුළුවීමට පෙර, ගමන් මලු බිම තැබූ නීල් මදෙසට හැරුණේය.
“අපි ඇතුළු වෙන්න යන්නේ සමන් දෙවියන්ගේ අඩවියට නිසා උන් වහන්සේට පින් දීලා අවසර ගන්න ඕනේ.”
මම ද ඔහු අනුව යමින් ශ්‍රී සුමන සමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථාව සිතින් කීවෙමි.
සමන් දෙවියන්ගෙන් අවසරගත් අපි දෙදෙනා වනයට ඇතුළුවූයෙමු. මේ ගමන, සිතූ තරම් ලෙහෙසි කටයුත්තක් නොවන බව මට වැටහීමට වැඩි වේලාවක් ගියේ නැත.
අපි පිළිගන්නට කූඩැල්ලන් පොකුරු පිටින් මඟ දෙපසය. පොළොව තෙත් ස්වභාවයෙන්ම යුක්තය. තවම හිරු රැස් තදින් නොවැටුණු ශාක පත්‍ර මත පිනි කැට ඇති ආකාරය සිත් ගන්නා සුලුය. වනාන්තර තුළ දැඩි අඳුරු ස්වභාවයක් ඇත්තේ වියනක් ලෙස පැතිර ඇති, ගස් මුදුන් නිසා බව පැහැදිලිය.
එක්වරම කන් බිහිරි කරවන රැහැයි සංගීතය පටන් ගති.
“මේ පොඩි පොඩි ශබ්ද විතරයි, තව යමුකෝ ඇතුළට” නීල් පැවසීය.
නීල් සංචාරක මඟ පෙන්වන්නෙකි. ඔහු කීප විටක්ම සප්ත කන්‍යා කඳු ගවේෂණ වල යෙදී ඇත. ඇතැම් අවස්ථාවල දින දෙක තුන කඳු අතර ගත කරමින් සංචාරකයන්ට මඟ පෙන්වූ බව ඔහු පැවසුවේය.
මෙවන් ගමනකදී මඟ පෙන්වන්නකු ගේ සහය අත්‍යාවශ්‍යමය.
අඳුරු වනාන්තරය ගුප්තය. අනතුරු ද සැඟවී ඇත.
“මම එක දවසක් ෆොටෝස් වගයක් ගන්න තනියම කැලයට ආවා, මට ටික වෙලාවකින් මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වුණා. අමුතු අමුතු සද්ද ඇහෙන්න ගත්තා. ඇස් නිලංකාර වුණා. මට එහෙමම සිහි නැති වෙලා, මට සිහිය එනකොට හවස හතරට විතර ඇති, මට පාර හොයාගන්න බැරි වුණා. මම එහෙ මෙහෙ ඇවිදින කොට මෙතන මේ දිය පාර හම්බවුණා. නීල් කියාගෙන ගියේය.
මසිත බයෙන් බීරාන්ත විය. මේ පැමිණියේ මෝඩ ගමනකැයි මට සිතිණි.
“කැලේදී අතරමංවුණොත්, වතුර පාරක් හොයා ගෙන ඒ වතුර ගලන පැත්තට ගියොත් පාර හොයා ගන්න පුළුවන්” නීල් ඔහුගේ අත්දැකීම් මට විස්තර කළේය. මම බිය වූ බවක් ඔහුට නොඇඟවීමි.
“අපි කඳු නගින් නැතිව පහළ හරියෙන් ඇවිදිමු.”
මගේ යෝජනාවට නීල් ද එකඟ විය.
“මේ තියෙන්නේ ‘කුඩා හැඩයා’ පඳුරක්” ගහක වැවී තිබූ කුඩා පත්‍ර සහිත අපිශාකයක් නීල් මට පෙන්වීය.
අපි කඳු දෙකක් මැදින් ගමන් කර කන්දේ අනෙක් පැත්තට ගියෙමු.
“අර පේන්නේ දැරණියගල පැත්ත, රත්නපුරේ අර පැත්තට වෙන්න”
නීල් ඇඟිල්ල දිගු කරමින් මට පෙන්වීය.
“අර තියෙන්නේ මොනවද කියලා පේනවද” නීල් ඇසීය. මට කිසිවක් නොපෙනිණි.
“”යමුකො පෙන්නන්න” මම ඔහු පසු පස ගියෙමි.
“මේවා අඳුරනවද?” මම පුදුම වීමි. ඒ අලි වසුරුය. මීට මොහොතකට පෙර පහකළ වසුරු බවද පැහැදිලි විය. “සප්ත කන්‍යා කන්දේ අලි ඉන්නවා” මම පුදුමයෙන් කීවෙමි. “මෙහේ කුරු අලි රෑනක් ඉන්නවලු. හැබැයි මම නම් තවම දැකලා නෑ.”
“මේ නම් කුරු අලි වෙන්න බෑ. පේනවද අඩියේ ප්‍රමාණය”
බෑගයෙන් ලණු කැබැල්ලක් ගත් නීල් බිම සටහන්ව තිබූ අලි අඩියක වට ප්‍රමාණය මනින්නට විය.
“අඩි හතරක් වගේ තියෙනවා. අලියෙකුගේ කකුලේ වට අඩි ගණන වගේ දෙගුණයක් ඌ උසයි. එහෙනම් මූ අඩි අටක් විතර උසයි. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ අලියෙක්” නීල් පැවසීය.
මෙතැන අලි දෙදෙනකු සිටි බවට සාක්ෂි ඉතිරි වී තිබිණි.
අපි නැවතත් කන්දේ අනෙක් පසට පැමිණියෙමු.
“මේ තියෙන මල දැක්කද?” එතරම් උස නැති අමුතු හැඩයේ මලක් සහිත පැලයක් නීල් මට පෙන්වීය.
“ඔය නාරිලතා මලක්” ඔහු හඳුන්වා දුන්නේය. මා එක්වරම දුටුවේ කොළ පැහැති අතු අතර අමුතු රංගනයක යෙදෙන කොළ පැහැයටම අනුවර්තනය වූ කුඩා සර්පයෙකි.
“ඔය ඇහැටුල්ලෙක්, කිසිම විසක් නැති අහිංසක සතෙක්. මේ සතා ඇස්වලට පනිනවා කියලා මිථ්‍යා අදහසක් නිසා මිනිස්සු මේ සතාව දැක්කම මරලා දානවා” නීල් පැවසුවේ කනගාටුවෙනි.
වනාන්තරය තුළ යටි වගාව පඳුරු ලෙස වැඩී ඇත. පියන් ආකාර මහ ගස් නිසා පඳුරුවලට හැරෙන්නට වෙනත් ශාකවල උචිත එළියක් නොලැබේ.
“අර බලන්න ලස්සන ඕකිඩ් පඳුරක්” ගසක් උඩ තිබූ ඕකිඩ් පැළයක් මම නීල්ට පෙන්නුවෙමි.
ඒ අසලම තිබුණ වැල ‘වෙනිවැල්ය.’
එතරම් උසට නොවැඩුණු මේ ගස් අතර, කැකුණ, මිල්ල, නැඳුන්, මිහිරිය, කීන වැනි ශාක ඇති බවට මම නීල් ගෙන් දැන ගතිමි. වේවැල් පඳුරු කීපයක් ද පසු කරගෙන අපි තරමක් කඳු මුදුන දෙසට ගියෙමු. කඳු මුදුනට ළං වෙත්ම ශාකවල ස්වභාවය වෙනස්ය. උසින් අඩු වූ ශාක කඳ ඇඹරුණ ස්වභාවයකින් යුක්තයි.
සුළඟට ඔරොත්තු දෙන ලෙස ශාක අනුවර්තනය වී ඇත. කන්ද මැද ප්‍රදේශයේදී මිහිරි කුරුලු නාද වලින් අඩුවක් නැත.
“මේ හරිය ලංකාවේ ආවේණික කුරුල්ලෝ 20ක් විතර ඉන්නවා.” සමනල වර්ගත් ගොඩක් ඉන්නවා. නීල් කීවේය. අපි නැවත පහළට බැස්සෙමු. ඒ අතර වාරයේ වනයේ දුවන සතුන්ගේ අඩි ශබ්ද කීප විටක්ම ඇසිණි. “අන්න, අන්න දඬු ලේනෙක්” නීල් අත දිගු කර පෙන්විය.
“මේ කැලේ ගෝන්නු, මුවො, මීමින්නො, හම්බාවො, ඌරෝ ඕන තරම්”
“ළඟකදී ඉඳන් කොටියෙකුත් ගම් වැදිලා බල්ලො, කුකුලෝ අරන් යනවලු”
“කොළ දිවියො, ඉත්තෑවො, හාවො හවස් වෙද්දී එළියට එනවා.” නීල් විස්තර කළේය. අප ඉදිරියෙන් දිව ගියේ ‘වලි කුකුළෙකි’ ඒ අලංකාර පක්ෂියා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ය.
“බලාගෙන ඔය කොළ රොඩුවලට කකුල තියන්නෙ” නීල් අනතුරු ඇඟෙව්වේ සර්පයන් සිටිය හැකි නිසාය. “අර පේන කන්දෙ තමයි, ප්ලේන් එක හැප්පුණේ, පේනවද ගල් පොත්ත කැඩිලා තියෙනවා”
නීල් තරමක් ඈතින් කඳු ගැටයක් මට පෙන්වීය. “ඔතැනම පහළ ස්මාරකයක් හදල තියෙනවා. යන ගමන් බලාගෙන යමු.” නීල් යෝජනා කළේය.
දැන් දහවල් 12.45ට පමණ ඇත. අපි වනයෙන් පිට වීමට තීරණය කළෙමු. අපි, වනයට ඇතුළු වූ මාර්ගය නොව, වෙනත් මඟක් වනයෙන් පිටවීමට යොදා ගතිමු.
ගම්මානයට ළං වත්ම අපට දක්නට ලැබුණේ අහිංසක සතුන් ගොදුරු කර ගැනීමට අටවා තිබූ උගුල්ය.
අලු ඔය ගම්මානයට පැමිණි අපි, වතු අධිකාරිවරයාට ස්තූති කර යතුරු පැදිය ගෙන, ගමන් අන්දර සිහි කරන ස්මාරකය නරඹන්නට ගමන් ඇරඹුවෙමු.
කොත්තැල්ලෙන් මාර්ගයේ ටික දුරක් යන විට, යතුරුපැදිය නතර කරන ලෙස නීල් සංඥා කළේය.
ඒ කුඩා දේවාලයක් අසල ය. දේවාලය ඇත්තේ හුණු ගලක් ආශි‍්‍රතවය.
“මේ හුණු ගල ලියලනවා.” මම හුණු ගල දෙස බැලීමි. “අර තියෙන පඩිපෙළෙන් පහළට බැස්සම ලක්ෂපාන දිය ඇල්ල උඩ කොටසට වැටෙනවා.” අපි නැවත යතුරු පැදිය පණගන්වා ගතිමු.
“සප්ත කන්‍යා කියන්නෙ, ඖෂධ ගබඩාවක්, අපි නොදන්නවා වුණාට හැම තැනම වටිනා ඖෂධ. මම කලින් කිව්වා වගේ, ඒක දේශීය ශාක වගේම, සත්තු, කුරුල්ලො මේ කැලේ ඉන්නවා.
කොත්තැල්ලෙන පාරේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගිය අපි, ගුවන් යානය ගැටුණ කඳු ගැටය පාමුල යතුරු පැදිය නවතා ඉහළට යොමුවුණ සිමෙන්ති පඩිපෙළක් දිගේ අපි ඉහළට නැග්ගෙමු.
නඩත්තු කිරීමක් නැති මෙම මාර්ගය වල් වැදී ඇත. මිනින්තු දහයක පමණ කාලයකින්, අපි ස්මාරකයට ළං වුණෙමු.
ස්මාරකය අලංකාරවත් ලෙස නිර්මාණශීලිව ගොඩනඟා තිබුණි. අලංකාරවත් විශාල ගස් දෙකක් ස්මාරකය දෙපස අප පිළිගැනීමට සැදී පැහැදී ඇත.
අනතුරට ලක් වූ ගුවන් යානයේ කොටසක් ස්මාරකය ලෙසින් සවිකර තිබුණි.
“වසරකට සැරයක් වගේ, ගුවන් අනතුරින් මිය ගිය අයගෙ ඥාතීන් මෙතනට එනවා. ඕලන්ද ජාතිකයන්” ගුවන් අනතුරේ ගොඩක් විස්තර මට මතක නැහැ. බුද්ධික දන්නවද? නීල් ඇසුවේය.
‘සප්ත කන්‍යා’ කඳු වැටිය පිළිබඳ මට බොහෝ කරුණු ලබාදුන්, නීල්ට කරන කෘතගුණ සැළකීමක් ලෙස ගුවන් අනතුර ගැන මම ඔහුට විස්තර කළේ, මට අසන්නට ලැබුණු තොරතුරු අනුවය.
“මේ අනතුර වෙලා තියෙන්නෙ 1974 දෙසැම්බර් 04 වෙනිදා, රාත්‍රි 10.10 විතරලු, ඕලන්දයේ - මාටින් එයාර්”ගුවන් සමාගමට අයත්, ඒ-8 ගුවන් යානය තමයි, මේ අනතුරට ලක්වුණේ,
ගුවන් යානයේ ගමන්කළ 191 දෙනෙක් ගුවන් අනතුරෙන් මිය ගිහිල්ලා, ඒ-8 ගුවන් යානයේ ටයර් එකක් තමයි, නෝටන් බ්‍රිජ් පොලීසිය ඉස්සරහ තියෙන ස්මාරකය.
මා දන්නා තොරතුරු ඔහුට පැවසීය. ගුවන් අනතුරෙන් මියගියවුන් සිහිකළ අපි ස්මාරකය අසලින් නික්මුණෙමු. “මේ පාර දිගේ පහළට ගියොත්, ගිනිගත්හේන-කොළඹ පාරේ කළුගල හන්දියට වැටෙනවා” නීල් පැවසීය. “කොළඹ ඉඳලා එන කෙනෙකුට මෙතනට එන ලේසි ළඟම පාර කළුගල හන්දියෙන් මේ පාරට ඇවිත් ද?”
“මේ පාර ළඟයි. ඒත් ලේසි නැහැ. කඳු පල්ලං, වංගු, පාරත් කැඩිලා. ඒ නිසා නෝටන් පාර තෝරගන්න එක වඩා සුදුසුයි.” මගේ පැනයට නීල් පිළිතුරු දුන්නේය. 4-කණුව හන්දියේදී අපි දෙදෙනා යතුරු පැදියෙන් බැස නැවත “සප්ත කන්‍යා සොයුරියන්” දෙස බැලුවෙමු.
“ගමන ඉවර වෙනකල් අපිව ආරක්ෂා කරපු සමන් දෙවියන්ට අපි පින් දෙමු.” මම නීල්ට කීවෙමි. ඔහු ද ඒ අදහසෙහිමය.
“මේ කඳු වැටිය, නුවරඑළිය පැත්තට පේන්නේ නිදා සිටින ගැහැනු කෙනෙක් වගේලු. ඒ නිසා ‘ස්ලීපින් ලේඩි’ කියලත් සමහර අය හඳුන්වනවා. නීල් තවත් කරුණක් එළි කළේ ය.
උදෑසන උතුරා යන සෙනෙහසින් තම දියණියන් වැලඳගත් සූර්යයා දැන් තාවකාලිකව ඔවුන් හැර යාමට සූදානම් ය.
මිහිඳුම් කුමරුවන් සොයුරියන් සත් දෙනා අසල දැවටෙන කෙළිලොල් රංගනය, හිරු බලා සිටින්නේ රාස්සිගේ අව්ව සමඟය.
‘සප්ත කන්‍යාවන්ගෙන්’ දැන් මා ද හිරු මෙන් සමුගත යුතු ය.

බුද්ධික එස්. රත්නායක
ඡායාරූප නිශ්ශංක විජේරත්න
මැදැයිකෝ! හෙඩිම දැකලා පිඹගෙන ආවා.....
ReplyDeleteහෙඩිමක් දැමිමත් එක් තරා කලාවක්නේ....
Deleteපත්තර කාරයන් අතර කියමනක් තියනවා ඔලුවක් නැතුව සිරස්තලයක් කොයින්ද කියලා...
තව පින්තූරු තිබ්බා නම් තමයි නලීන් අයියේ ලස්සන
ReplyDeleteපිංතුරනම් තිබ්බා ඒත් ලෝඩ් කරන්න වෙලා යන නිසා අඩු කළේ..
Deleteහරිම ලස්සනට ලියලා තියෙනවා බුද්ධික.මාතෘකාවත් ආකර්ෂණීයයි :) ස්තුති... උඩම ෆොටෝ එක හරි ලස්සනයි
ReplyDeleteඔයත් පැණි හඳේ ගියේ ඔය කන්ද පාමුළ තැනකට නේද?
Delete:D
Deleteහුකෑස්.. පත්තරයා හියර්
Deleteඇත්තට ම හරිම ස්වාභාව සෞන්දර්යයක් තියෙන පැත්තක්.... ඔබ එය හරි අගේට විස්තර කරලා තියෙනවා බුද්ධික.............
ReplyDeleteඔව් මචං නියමෙට ලියා තියේ
Deleteලියාපු රටාව අපූරුයි.
ReplyDeleteඒ ගෞරවය බුද්ධිකටයි...
Deleteඋඩ ෆොටෝස් ටික නම් දැක්කත් ආසයි. අපරාදෙ හැබැයි නාරිලතා ෆොටෝ එකකුත් දාන්නයි තිබුනෙ.
ReplyDeleteසප්ත කන්‍යා කියාපු ගමන් මතක් වෙන්නෙ ගුවන් අනතුර.
ස්තූතියි බුද්ධික. ස්තූතියි නලින් අයියෙ.
ඉන්න මං නාරිලතාවක් තියේ දැයි නිශ්ශංකගෙන් අහන්නං
Deleteතව ෆොටෝ ටිකක් තිබුනනම් කියලා වැඩක් නෑ.. මොකද මම ඉතින් ගිහින් නැහැනේ මේ පැත්තේ..
ReplyDeleteබර වැඩි වෙනවා මලයෝ ඒකයි දැම්මේ නැත්තේ...
Deleteනලින් අයියා නොගිය ගමනක් කියලා මුලින්ම තේරුනා.. " වනයට ට ඇතුල් වෙන්න කලින් වෙහෙස නිවාගන්නට අප රැගෙන ආ මල්ලේ තිබූ … … … … … "
ReplyDeleteකියන කෑල්ල තිබුන් නෑනෙ :D
හරි අපූරු විස්තරයක්.. ලියපු විදියත් සිත්ගන්න සුලුයි ..
රසවින්දා .. බොහොම ස්තූතියි.
අන්න කතාව පත්තර මලයා අපේ හදවත ගැහෙන විදිය අදුනන්නේ අපි වගේම මහපොළවේ පය ගහන ඉන්න කොල්ලොම තමා....සාමාන්‍යෙයන් අපි කදුනැග්මක යනවානං ගන්නේ මූඩියෙන් එකයි කලාවට. කිලෝමිටරයයි මූඩියයි... කොහොමද රටාව දන්නෙම නැතුව කන්ද උඩ අපි..
Deleteනලියා......ඔය කිලෝමීටරේට මූඩියක් වැඩේ මීටර් දෙසීයට වගේ මූඩියක්වෙලා මට හරි අමාරුවුනා ස්කොට්ලන්ඩ්වල BEN NEVIS කියන උසම කන්ද නගින්න ගිහිල්ලා. බීලා කරන්න පුළුවන් වැඩක් නෙමේ ඒක.
Deleteකැහිකුරු නම් සෙන්ටිමීටරේට එක බැගින්
Deleteකැහිකූරු මතක් කරපු ගමන් එකක් පත්තුකර ගන්න හිතුනා. ඔමාලා දාන ලෙඩ.
Deleteඅපොයි පෝය දවසේ මාත් පවක් කරගත්තා නේද ඉදගෙන :( දැන් විනාඩි 6ක් ගිහින් දැන් ඉවර ඇති ඇදලා :((
DeleteHa ha කවුද ඔමාට ඔය විනාඩි හයේ කතාව කියලා දුන්නේ. මට විනාඩි 7-8ක් යනවා. මම හෙමින් බොන්නේ මගේ හිතේ.
DeleteComent dala man nidagana giya aiye dan dakke. Naha man nikan hithala kiwe ehema welawak danne naha. Eka ithin bona kenage tests ekane. :D
Deleteමොනාද මේ කතා නලින් අයියා..අපි දන්නවනෙ බඩු කව්ද කියන්ඩ :D ඒක බං උත්තෙජනයකට මිස පෙරේතකමට බොන බීමක් නෙමේන මං නං හරිම කැමතියි ලිමිට් එකට වැඩේ යනවට..ඊටවඩා සැපක් තියේද බං ??
Deleteඅපූර්වි. අන්න කතාව .කැහිකූරු සෙන්ටිමීටරේට එක බැගින්. උඹත් හැදිලා දැං
අරූ අයියා.. මට වයස 16 ක් විතර කාලෙ ට්‍රේන් එකේ ෆුට් බෝඩ් එකට බැහැලා දුමක් ඇද්දා.. අනේ බං දෙපාරයි ඇද්දේ ෆිල්ටරේ ගාව :D
අරු මචං..... ඇත්තටම කදු නැග්මකදී බ්‍රැන්ඩි මූඩියක් කිලෝම්ටරයකට විතර ගත්තාම මාර පිකප් තමා. මහන්සිය ඇත්තෙම නෑ
Deleteනියම විස්තරයක් එක්ක ලස්සන ෆොටෝ ටිකක්, දිනේෂ් කිව්වා වගේ තව ෆොටෝ ටිකක් තියේ නම් අගෙයි...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ධනුෂ්....
Deleteආසා හිතෙන ගමනක්. එක අවුලක් තියෙනවා. අර ගුවන් යානය DC8 නේද?
ReplyDeleteඔව් හෙන්රි එය නිවැරැදි විය යුතුයි. ස්තුතියි..
Deleteසටහන ලියලා තියන විදිය හරිම ලස්සනයි. මටත් යන්න ඇත්නම් කියලා හිතුනා.
ReplyDeleteලංකාවට ආවාම යන්න සයුරි හොඳ සංචාරයක්
Deleteසයුරිගෙ කීමට මම ත් එකඟයි... ආස හිතුණා සප්ත කන්‍යාවන් දකින්න..
Deleteනලින් මල්ලි ඔය ලියන මල්ලිලාට කියන්ඩ ලියන දෙයක අගය තියෙන්නෙ පොඩ්ඩක් හදාරලා ලියන කොටයි කියලා.
ReplyDeleteMartin Air චාටඩ් ෆ්ලයිට් එක ඉන්දුනීසියාවෙ සිට මක්කම බලා වන්දනාකරුවන් රැගෙන ගිය එකක්. මට ඔය ප්‍රවෘත්තිය පත්තරේ හෙඩ්ලයින් ගියා තවම මතකයි. නෝටන් හන්දියෙ තියෙනවනෙ ඔය ගුවන් යානයෙ රෝදයක්. ඒකෙ පින්තූරයක් දාල නැද්ද?
හර්ෂ
https://www.youtube.com/watch?v=DoKLge5xCIA
Delete@ හර්ෂ..නලීන්....ඔය මුකුත් ඕන නැහැ. මේක අහන්න. අන්න පොරවල්. සියළුම විස්තරය විනාඩි දෙකෙන්.
හරියට හරි අරුණ...
Deleteහර්ෂ