සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

රසික සූරිආරච්චි නොහොත් කතන්දර කාරයා බ්ලොග් අවුරුදු උළෙලට ආවේ නිකම්ම නොවේ. ඔහු විසින් ලියන ලද පොත් ගොන්නක්ද සමගය. එදා ඔහු බ්ලොග්කරුවන් අතර බෙදා දුන් සිවුවසරක් මරදානේ පොත ගැන එදින එහි පැමිණි මා මිත්‍ර මාධ්‍යකරුවෙක් වන නිශ්මං රණසිංහයන් විසින් කකාගේ පොත ගැන කරන විග්‍රහයකි මේ.

සමාජයේ වන්දණිය යැයි සැලකෙන දේ සෙමින් සියුම්ව කොනිත්තන අමුත්තක් රසික සූරියආරච්චිගේ සිව් වසරක් මරදානේ කෘතියෙන් පැහැදිලි වෙයි.සිව් වසරක් වූ ඔහුගේ ආනන්දයේ ජීවිතය තුළ බොහෝ අත්දැකීම් ආනන්දනීය නොවන අතර එම අත්දැකීම් වින්දනය කරන රසික බොහෝ අය තුළ දළු ලන ආනන්දනීය සිහින ඉදිකටු තුඩකින් සූරා හරින්නේ ආනන්දයට අවපැහැයක් එක් වන ලෙස නොව,මේ සමාජයේ පවතින ගරා වැටි සංස්කාතික අගාධය තුළ ආනන්දය යනු අමුතු හිරු කිරණින් බැබළෙන තැනක් නොවන බව පැහැදිලි කරමින්ය. 



අධ්‍යාපනික වශයෙන් මෙන්ම භෞතික වශයෙන්ද රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපාන ගැටලු ආනන්දයට ද ඒ අයුරින්ම පොදු බව කතුවරයා ස්වීය අත්දැකීම් හරහා පෙන්වා දෙන්නේය.ඒවා දිනා ගැනීමට අරගල කිරීමේන්ද නොහැකි සමාජ වටපිටාවක ආනන්දයේ භෞතික වටපිටාවට එයට පමා වී හෝ විසදුම් ලබා දීමට හැකියාව ඇත.එහෙත් සමාජ යථාර්ථය තුළ වෙනත් අධ්‍යාපනස්ථානයකට මේ ගැටලු සදාකාලිකව නොවිසදෙන ඒවා විය හැකිය.එහෙත් වැදගත් මේ ගැටලු විසදීම කෙරෙහි දායක වන්නේ ආනන්දය සිහිනයක් කරගත් පිරිසගේ දායකත්වයෙන් නම් ඒ දායකත්වය වෙනත් තැනක් කරා මුදා නොහැරීමේ ගැටලුව මතු වන්නේ බොහෝ දෙමාපියන් ආනන්දයට ගොඩ වන්නට පඩියක් මතු වෙන තුරා බලා ඉනු විනා තොතැනක හෝ අලුත් පඩියක් තැනීම කෙරෙහි සිය භෞතික දායකත්වය දානය කිරිමට සිත් ඇති කර නොගැනීම නිසාය.


අවුරුදු උළෙල දා කතන්දර( නිල් ටි ෂර්ට්) සහෘද බ්ලොග් කරුවන් සමග

ආනන්දය තුළ ඇති භෞතික වටිනාකම් නිර්මාණය වන්නේ ද මේ සමාජයේ ඉහළ මෙන්ම පහළ මධ්‍යම පාංතික සමාජ සත්වයන්ගේ දායකත්වයෙනි.විවිධ වූ පංති පද්ධති ‍ වලට අනුගත මේ පිරිස් අතර යුක්ති ගරුක භාවය වෙනුවෙන් පෙනී සිටීමේ විෂමතාවයන් ස්වීය ආර්ථික ව්‍යහුයන් සමග බැදී පවතින බව පැහැදිලි වන්නේය.ඇතැමෙක් සිය පියාගේ දේශපාලන ඥානයේ එල්බ සිටින අතර තවෙකෙක් රැස් විහිදන්නේ ස්වීය පවුල වටා ගොඩ නැගී ඇති අසීමාන්තික බලය පදනම් කර ගනිමින්ය.ඒවා දේශපාලනයේ හෝ ආර්ථික ශක්තිමත් භාවයේ ස්වභාවයන්ට සාපේක්ෂව අඩු වැඩි වන බව පැහැදිලිය. 


හොදම උදාහරණය කතුවරයා සිය මිතුරෙකු එවකට කැල්කියුලේටරයක් සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයත් ඔහුට සාපෙක්ෂව කැල්කියුලේටරය යන භෞතික වස්තුව පිළිබදව මැවෙන චිත්‍රයට අනුව එය දිනා ගත නොහැකි සම්පතක් බවට ඔහු තුළ ජනනය වන හැගීමත්ය.
ඒ වගේම පාසල් කාලයේ නූතන ප්‍රේමය ඉක්මවා ගිය අවිහිංසක බවක් සහ නිර්මාණශීලී පසුබිමක් එකල තිබූ බව රසික පැහැදිලි කරන්නේ එකල ප්‍රේමය පිළිබදව තිබූ ගෞරවය සහ බරපතල හැගීම් පිළිබදවද සංඥා කරමින්ය.ඇතැමෙකුට ඒ ප්‍රේම සිහින බදියාම තුළ සහ ප්‍රේමය තුළ විදින්නට වන පරාජිත හැගීම් අද බොහෝ දෙනෙක්ට නොදැනෙන හිස් බවක් ඇති කරන ආකාරය කතුවරයා බරපතල උදහරණ වලින් තොරව පැහැදිලි කරන අයුරු අපූරුය.
කොට සහ දිග කලිසම් සමාජ ආර්ථික තත්ත්වය පැහැදිලි කරන සංකේත ලෙස යොදා ගන්නා ඔහු ඇතැම් විට මතු පිටින් මෙය ස්පර්ශ නොකරන ගුරුවරුන් පවා ඒවා උපහාසයට හාස්‍යයට ලක් කරන්නට යාමෙන් කරන අපහරණය මරදානේ සිව් වසරක් තුළ මනාව පැහැදිලි කරන්නේය.එහෙත් එයට ඔරොත්තු දිය හැකි වානේ මෙන් ශක්තිමත් ගැටවර මානසික ශක්තීන් එයට ප්‍රතිචාර දැක් වූ ආකාරය විස්තර කරන කතුවරයා ඒ ඔරොත්තු දීමේ ශිෂ්‍ය ශක්තියට අනාගතයේ සාක්ෂාත් කර ගත හැකි ජයග්‍රහණ ද පැහැදිලි කරයි. 
මේ සියල්ල තුළ සිදුවන සමාජ ව්‍යසනයන් එක්තරා රටාවකට ලැබූ පරිණාමයන් බව නූතන සමාජ ඛේදවාචකයන්ට සාපේක්ෂව සිතන්නට හැකි පුළුල් වට පිටාවක් කෙරෙහි පාඨක මනසට දෙන මාර්ගෝප දේශනය ඉතාමත් වැදගත්ය.ඒ අයුරින් සිතන කළ රසික ස්වීය කෘතියට පසුබිම් කරනා ආනන්දය සමාජ සකේතයක් පමණක් පමණි.සෙක්කුව වටේ කරකෙන සේ ආනන්දය වටේ සිය අත්දැකීම් කරකවන රසික පාඨක මනස සෙක්කුවෙන් ගැලවී සමාජයේ විවිධ වූ ස්ථාන කරා ඇදෙන්නට හැකි පරිදි අසීමාන්තික කඹයක ඔතනු ලබයි.ඒ සීමාව දැන පමණ දිගු කර ගත හැකි නිදහස් සිතුවිලි වලින් යුක්ත වන විට රසික විසින් පුපුරුවා හරින සමාජ යථාර්ථය ආනන්දයෙන් ප්‍රඥාව කෙරෙහි යොමු කරන මාවතකට පාඨකයාගේ මනස යොමු කරවීම වැදගත්ය.

සියල්ල භෞතිකය.පාර භෞතික කිසිවක් සිදු වන්නේ නැත.එය මරදානේ සිව් වසරක් පුරා පැහැදිලි කරන සමාජ සත්‍යතාවය බව මට හැගේ. විශේෂයෙන්ම සංකල්ප රූප මත ජීවත්වන බොහෝ දෙනාට විද්‍යාලයේ නම අතිශයින් වැදගත් වන්නේ ද ඒ භෞතික වටිනාකම් නිසාමය.එහි ඇති මිථ්‍යාව වැපිරීම මේ නිසාම කිසිවෙක් නොපිළිගන්නා අතර ඒ හරහා කරන ආයෝජනය වැදගත් වන්නේ අධ්‍යාපනය ලබන පියස කුමක් වුව එය ප්‍රතිඵලයේ වර්ගඵලයේ මිනුම්දණ්ඩ නොවිය හැකි බවය.එසේ වීමට නොහැක්කේ ඇයි යන්නද ඔබ පැහැදිලි කරන්නේ සකලවිධ අධයාපන කේෂ්ත්‍රයේ ඇති බාධාවන් සහ නොසලකා හැරිම් ආදි සියල්ලම ද,ඕනෑම පාසලකට පොදු ධර්මතා බව ප්‍රායෝගික නිදසුන් මගින් පහදමින්ය.
කාලය වෙනස් කරන හැගීම් සමුදායන් හී පසුබිම සහ පදනම වන්නේ ලෝකයේ හැඩතල භෞතික වශයෙන් වෙනස් වීමය. 

කොන්කිරීම්,නොතකාහැරීම් හෑල්ලුකිරිම් ආදිය සිදුවන ගතානුගතික වැඩවසම් ඔළු එදා සිටම සමාජයේ අවපැවැත්ම උදෙසා බලපැවත්වෙන සමාජ දේශපාලනික කාරණා ද නොනැවතී සිදු වෙමින් පවතින බව පැහැදිලිය. ඒ සුපැහැදිලි බව ඇතැම් අමිහිරි යථාර්ථයක් රහට විදින්නට සැළස්වීමෙන් ජය ගැනීමට රසිකගේ ලේඛන හැකියාව සමත්කම් දක්වා ඇත.


නිශ්මං රණසිංහ

65 comments:

  1. උඹ කීයක් දුන්නද බං නිශ්මංට මේක ලියන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. යකෝ දේශකයෝ එදා කකා නිශ්මට පොතක් දීල ඒකයි මේ ඌ ලිව්වේ

      Delete
    2. ඔය කකා මට පොතක් දුන්නැති යකා... හැක්..

      Delete
  2. සුන්දර නිහතමානී ද මැල් මහත්මයා ලියපු "මහින්දෙ තමයි ඉස්කෝලේ පොත කියවන්න ආශාවක් ආවා .ඒක මට මාතලන් මහාචාර්ය තුමාගෙන් තමයි තෑගී ලැබුණේ, කකාගේ පොත කියවන්න ආසයි , අපරාදේ අපේ සමියට ඉල්ලගන්න කියන්න තිබ්බේ :( විචාරේ ගොඩක් හොදයි නිශ්මන් රණසිංහ මහත්මයගේ

    ReplyDelete
    Replies
    1. දරුවෝ උඹෙන් දැන් කවුරු හරි ඇහුවොත්...විචාරය හොඳයි කියන්නේ කොහොමද ,පොත කියවන්නේ නැතුව කියලා. කියහන් බලන්න උඹ දෙන උත්තරේ :

      Delete
    2. මේකයි මං මගේ කොමෙන්ට් එකේ කීවා විචාරේ හොදයි කියලා නමුත් පොත හොදයි කීවේ නැහැ. (පොත ගැන නොදන්නා නිසා) කුමන හෝ කලානිර්මානයක් චිතරපටියක්, කවියක්,චිත්‍රයක් ගත්තොත් ඒක නිර්මාණය කරපු කෙනා නිර්මාණය කරන්නේ තමන්ගේ හිතේ ඉපදිච්ච එක මානයක් අනුව. එයාට දෙන්න ඕනේ පණිවිඩය එයා දෙනවා එයාට සුදුසුයි කියලා හිතෙන විදියට , ඒත් ඒක කියවන, බලන ,දකින රසිකයා ඒක දකින්නේ කියවන්නේ ,විදින්නේ තමන්ගේ අත්දැකීම්, බුද්ධිමට්ටම ,හා රසවින්දනය මට්ටම අනුව. සමහර විට නිර්මාණා කාරයා නොහිතපු, නොදැකපු දේවල් කියවන ,රසවිදින රසිකයා දකින්න පුළුවන්, විදගන්න පුළුවන්,,

      //ඒ අයුරින් සිතන කළ රසික ස්වීය කෘතියට පසුබිම් කරනා ආනන්දය සමාජ සකේතයක් පමණක් පමණි.සෙක්කුව වටේ කරකෙන සේ ආනන්දය වටේ සිය අත්දැකීම් කරකවන රසික පාඨක මනස සෙක්කුවෙන් ගැලවී සමාජයේ විවිධ වූ ස්ථාන කරා ඇදෙන්නට හැකි පරිදි අසීමාන්තික කඹයක ඔතනු ලබයි./// මේ දේවල් රසිකසුරියාරච්චිගේ හිතේ තිබ්බ අදහස් වල නොතිබෙන්න පුළුවන්,,, ඒ වගේම තව තැන් කීපයක් දැක්කා,,, මේ සියල්ලම නිසයි අවසානේ මං කීවේ.. ඔයාගේ විචාරේ ගොඩක් හොදයි කියලා ..
      බොහෝවිට මං පොතක් කියවන්න කලින්,, පොතේ මුලින් තියෙන පාඨක අදහස් කොටසත් කියෝනවා . ,,

      Delete
    3. මගේ අදහස් විමසුවාට හොද උත්තරයක් ලැබුනද මන්ද ඔයාට :) නැත්තං එහෙම මට කියන්න ඕනේ ඈ

      Delete
    4. ඔමා......මම මේ ලියන්නේ ඔබවවත්,කකාවත්,නිශ්මංවත් ටාගට් කරගෙන නොවන බව පළමුවෙන් කියන්නම්. මම කැමතියි මාත් නොදන්න දෙයක් සාකච්ඡාවට යොමු කරගන්න.

      ඔමාගේ පැහැදිලි කිරීම තුළින් පොත ගැන යම්තාක් දුරකට අදහසක් ලබා ගන්න පුළුවන් බව සැබෑව. ඒ තුළින් විචාරකයා නිර්මාණය ගැන දක්වන ආකල්පය සහ ඔහුගේ දෘෂ්ටි කෝණය (නිර්මාණය හා සම්බන්ධව ) ගැන අපිට ඉඟියක් සොයාගන්න හැකියි. නමුත් ඒ නිසාම, නිර්මාණය පරිශීලනය නොකර, එය හොඳ විචාරයක් යැයි කිව හැකිද කියා මට හිතෙනවා.

      Delete
    5. හ්ම්,,, ඔයා කියපු දේ මට තේරෙනවා.. පොතට අදාලව හොද විචාරයක්ද කියන්න බැහැ තමයි පොත නොකියවපු කෙනෙක්ට.. නමුත් ඔහුගේ විචාරයේ ආරය දැක්කම මට හිතුණා ඒක හොද විචාරයක් කියලා. නමුත් පොතට අදාලව එහෙම පිටින්ම නරක විචාරයක් වෙන්නත් පුළුවන් තමයි ,, ඔයා මතුකලේ හොදම හොද ප්‍රශ්නයක් තමයි.. මං මේකෙන් ගත්ත දේ නම් විචාරයට ලක්වෙච්ච දේ ගැන නොදැන විචාරය ගැන අදහස් දැක්වීම වටිනාකමක් නැති වැඩක්. ඒ වගේම විචාර කියවීම තුලින් විචාරයට ලක්වෙච්ච දේ කියවන්න පෙළඹීමක් නම් ඇති කරනවා හොදට

      Delete
    6. මේ කතාව හරියට හරි ඔමා.
      //////ඒ වගේම විචාර කියවීම තුලින් විචාරයට ලක්වෙච්ච දේ කියවන්න පෙළඹීමක් නම් ඇති කරනවා හොදට///////

      Delete
    7. අරූ හරි...ඔව් ඉදගෙන

      Delete
    8. හැක් හැක් ඉදගෙන :)

      Delete
    9. මමත් ඒක අනුමත කරනවා අරූ අයියේ.

      Delete
    10. අප්පට සිරි මෙන්න මහා සංවාදයක් ගිහල්ලනේ මෙතැන.... අයියෝ මං ටිකක් නිදියගෙන.. හිටියේ

      Delete
    11. උඹල හැමදම නිදි තමා.

      Delete
    12. ඉන්දිකලට පේන්නේ අපි නිදි වගේ තමා......

      Delete
  3. කකාගේ නම දැනගත්තේ අදයි.

    ReplyDelete
  4. පොත කියවීමට ආසාවෙන් ඉන්නවා . බලමු ඊළඟ නිවාඩුවට ආවම හොයා ගන්න

    ReplyDelete
  5. පොත හොයගෙන කියවන්න ඕනේ.ආසයි කකා ගේ පොතක් කියවන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා කියවන්න හොද පොතක්

      Delete
  6. කකා අපිටත් මේ පොතක් ලැබෙන්න සලස්වන්න.

    නලීන්.....නිශ්මං රණසිංහ කාලයක් ලංකා පුවත්පතට ක්‍රීඩා විචාර ලිව්වාද?

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ පුවත්පත්වලට ඔහු ලියා තියනවා.

      Delete
  7. OYA KAKKA KIYANA KENA POTHUTH LIYANAWDA? EYA LIYANNE CHOO, PADA, JEE, JOKKU WAGE DEWAL GENA NEDA?

    ReplyDelete
    Replies
    1. හායි කැපිටල් ඇනෝ අංකල් සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  8. අනේ බුදු නලින් අයියේ, ඒ මහත්තයට කියාපංකො ඊළඟ පාර අපි වාගෙ මංඥං ඩයල් වලටත් ඩිංගක් තේරෙන්න ලියන්ටැයි කියලා..අඳෝ සංසාරයක් තේරුන් නෑ ආයිබෝං..බාගයක් කියවද්දි ඔලුව කැරකෙන්ඩ ගත්තා..

    මේක දැකලා විචාරෙ මෙහෙමනං පොත කොහොම ඇද්ද කියලා දාඩියත් දැම්ම බං..
    අපේ කකා සුලුපටු මිනිහෙක්‍යෑ.. ඕං මමත් කතන්දරගෙ එකේ කමෙන්ට් කාරයෙක් කියල පොඩි ගැම්මක් ආව .ෂහ් . දැං ගැහුවහැකි ගමකට තනියෙං, ඕ යේස්

    ReplyDelete
    Replies
    1. පොත සරලයි සුන්දරයි අර්ථාන්විතයි පත්තර මලයෝ. මේ ගැන මෙයිට කලින් මාත් ලියා තියෙනෝ...

      Delete
  9. ෂෙක් අපි පරක්කුවෙලානෙ ආවෙ.නැත්තන් අපිටත් දෙනව නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කලින් ආවනං හරිනේ..

      Delete
  10. කාකාගේ පොත් ටික විකිණිලා නැහැ නේද අර තරං මාකට් කරලත්. පව් අහිංසකයා කවි කොල බෙදනවා වගේ බෙදුවා. අන්න මගේ කොපියත් තියෙනවා කාමරේ මුල්ලේ. කවිද ඕව කතන්දරද ඕන කිය කිය අහලා බෙදුවේ. අනේ ඉතිං ඔය යකාගේ කවිත් එකයි කතන්දරත් එකයිනේ. මං ඒත් අහන්න හැදුවේ කාකා කොමෙන්ට් පොත් නැද්ද කියලා. මොකද අපි ඔය මලදානේ බ්ලොග් එක බලන්නේ එැයැයිගේ කවි කතන්දර කියන මල ජරාව කියවන්න නෙවෙයි කොමෙන්ට් කියවන්න විතරයිනේ.

    කාකා මේ ඔබේ අවධානය පිනිසයි. ලබන වර එන විට ඔය ජරාව නැතිව කොමෙන්ට් පොත් අරං එන්න.

    ReplyDelete
    Replies
    1. කකාගෙ කමෙන්ට් පොතක් මොනාටද බං. ඉල්ලහං කකාගෙ බ්ලොගෙ දාන ඇනෝ කමෙන්ට් පොතක්.

      Delete
  11. පොත ගැන ලියූ විචාරය අගෙයි. පොත කියවන්න දැන් නම් ලොකු ආසාවක් හිතෙනවා. නිශ්ම අපිටත් කියනව ද කකාගේ පොත ගන්නේ කොහොම ද කියලාු. මේ වගේ දෙයක් අගය කරමින් ඔබ ලියූ දෙයකට බොහොම ස්තූතියි. ඒ වගේ ම කකාටත් ඔහුගේ රචනාවන්ටත් ස්තූති කරන්නත් මේක වෙලාවක් කරගන්නවා අපි. බොහොම අගෙයි..................

    ReplyDelete
  12. මට කාකා දුන්න පොත් දෙක කෝටියක් වටිනවා. ඒ ‍සොදුරැ මිනිසා ඊටත් වඞා වටිනවා

    ReplyDelete
  13. සක් මට ලැබුනේ ඔට්ටේලියන් කවි පොතානේ , එකනම් දැන් තුන් සරයක් විතර කියවලා ඉවරයි,

    ReplyDelete
  14. කකාගේ පොත් නම් කියවලා නෑ. ඒත් කතන්දර නම් කියවලා තියෙනවා. ඒ වගේම කාළයක් තිස්සේ කතන්දරවත් කියවලා තියෙනවා. කතන්දරකාරයා වෙනුවෙන් පෙනී ඉඳලත් තියෙනවා. ඒ පෞද්ගලික දැන හැඳුනුම්කමකටවත්, පෞද්ගලික හිතවත්කමකටවත් නෙමෙයි. ඔහුගේ දැක්ම වෙනුවෙන්. මම හිතන්නේ මම ඔහු වෙනුවෙන් පෙනී උන්නේ ඇයි කියලා බොහෝ දෙනෙක් එදා අත්දැකීමෙන්ම විඳගත්තා.

    විචාරය ගැන කිසිත් නොකියමි. මන්ද පොත ගැන කිසිවක් නොදන්නා බැවිනි.

    ReplyDelete
    Replies
    1. රෝයල බොලාට ආනන්දෙ ගැන තීන පොත් දිරවන්නෙ නෑ කොහොමත්. ඒ හින්ද කකාගෙ පොත කියවන එක අතෑරල දාල උඹලගෙ වික්‍රමබාහුගෙ විකාරයක් කියවහන් ගිහින්.

      Delete
    2. යකෝ මගේ බොක්කවල් ගොඩක් ආනන්දේ. අහම්බෙන් මගේ බ්ලොග් ගුරා උනෙත් ආනන්දීයෙක්. ඒ තමයි කකා. මට ආනන්දෙත් එකයි, ධර්මාළෝකෙත් එකයි, කේරී එකත් එකයි, රෝයල් එකත් එකයි. නමුත් රෝයල එකේ ආනන්දෙටත් වඩා සියළුම පන්තීවල, සමාජ ස්තරවල නියෝජනයක් තියෙනවා. ඒක රෝයල් එක ගැන හරියට දන්න ඕන එකෙක් දන්නවා. ඒක සමාජයේ ජීවත් වෙන්න පහසුවක්.

      Delete
    3. ඔය කියලා තියෙන්නේ ඉතින් එකෙන්ම, //නමුත් රෝයල එකේ ආනන්දෙටත් වඩා සියළුම පන්තීවල, සමාජ ස්තරවල නියෝජනයක් තියෙනවා. ඒක රෝයල් එක ගැන හරියට දන්න ඕන එකෙක් දන්නවා. ඒක සමාජයේ ජීවත් වෙන්න පහසුවක්.//

      Delete
    4. "නමුත් රෝයල එකේ ආනන්දෙටත් වඩා සියළුම පන්තීවල, සමාජ ස්තරවල නියෝජනයක් තියෙනවා."
      වෙන්න පුලුවන් මාතලන්, නමුත් රාජකියේ ඉගෙන ගන්න / ඉගෙනගත්තු බොහෝ අය සිතාගෙන ඉන්නේ අපි රජ වැඩකාරයෝ කියලනේ. හරියට රජ තුමාගේ අන්තපුරේ කෙළවරක කොනක හිටිය බිසවකගේ පුත් කුමරෙක් "මමයි ඊළඟට රටේ රජ්ජුරුවෝ "කියලා සිතනවා වගේ .

      දැන් කියමනට කියන්නේ රනිල් නායකයෙක් කෙනක් කියලා නමුත් එයාට මොනවද එයාට කරන්න පුළුවන් හරියට "හඬ විතරයි වැඩ බැ" පුර පොය සඳට බුරන බල්ලෝ වගේ ඉඳලා හිටලා හඳට බුරනවා . මේ රාජකීය විදුහලට ගරහනවා නොවේ .මේක බල්ලොත් එක්ක ලගිනවා නම් මැක්කොත් එක්ක නැගිටපිය කියල කියනවා වගේ වැඩක්
      මාතලන් කැලණියේ ධර්මාලෝකේන් බිහිවෙච්ච රජ වැඩ කාරයක් එකේ දෙකක් නැ එක එකක් .

      Delete
    5. ඔක්කෝම එහෙම හිතන්නේ නෑ ඇනෝ. ඔතන ඉන්නවා එහෙම පන්තියක්. ඒ පන්තියේ සුපිරි නියෝජිතයෙක් තමයි රනිල් කියන්නේ. ඒත් අදත් රට පාළණය තුල යටින් ඉන්න බොහොම දෙනෙක් මේ ඉස්කෝලවල. එතන තියෙන්නේ විශේෂ දෙයක් නෙමෙයි මම අර කියපු. පුළුල් සමාජ අධ්‍යයයනය. කකා උනත් අවුරුදු හතරක්වත් ආනන්දෙට නොගියනම් ඉදිරියට එන්න බයයි. ඇත්ත ඒකයි. ඒකනේ කකා අවුරුදු හතරක් ගියපු ඉස්කෝලේ ගැන ලියන්නේ.

      Delete
    6. @ ඇනෝ 5.20 am
      මාතලන් කියන කතාව හරි. ඔය කොයි ඉස්කෝලේටත් වඩා නොයෙකුත් සමාජ ස්ථරවල අය රෝයල් එකේ හිටියා. දැන් කොහොමද දන්නේ නැහැ. අනිත් එක ඇනෝ...රෝයල් එකේ රජ වැඩකාරයොත් බිහිවුනා. මජර කබ්බෝත් බිහිවුනා. හැබැයි රජ වැඩ්ඩෝ කියලා කියන රෝයල් එකේ එවුන් අඩුයි. එහෙම හිතන අයනම් ඇති. අමතක කරන්න එපා....මම රෝයල් හින්දා කියනවා නෙමේ. ඔතනින් බොහොම විශිෂ්ඨයෝ ගොඩාක් බිහිවුනා. මචං උඹට ඕන නම් ලිස්ට් එකක් දෙන්න පුළුවන්

      Delete
    7. හොඳයි දාන්නකෝ මචෝ ලිස්ට් එකක් නොදන්නා සැමට දැනගන්න එක්කලා එකේ මාතලන් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම . ඇයි ඔයත් ඉන්නවා ද

      Delete
    8. අනේ වාඩියේ මචෝ දාන්නකෝ ඒ ලිස්ට් එක නොදන්නා අප සැමට දැනගන්න. එකේ මාතලන්නම් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ ඇයි ඔයත් ඒ ලිස්ට් එකේ ඉන්නවාද

      Delete
    9. //මම රෝයල් හින්දා කියනවා නෙමේ. ඔතනින් බොහොම විශිෂ්ඨයෝ ගොඩාක් බිහිවුනා. //

      මචෝ, ඔය රෝයල් එකේවත් අනික් ඔය මට්ටමේ ඉස්කෝලවලවත් ( සෙන්ට් තෝමස් හැර ) පොරවල් බිහිවෙන්නෙ අධ්‍යාපනේ තීන අමුතු සිරා මෙව්ව එකක් නිසා නෙමෙයි, ශිශ්‍යත්වෙ පාස්වෙලා එන ක්‍රීම් එක නිසා. ස්පෝර්ට්ස් වල ඉස්සරනං හොඳ උන් ගොඩක් ආවෙ පහසුකම් තීන නිසා. පස්සෙ උනේ වෙන ඉස්කෝලවල හොඳ උන් උස්සපු නිසා.

      සෙන්ට් තෝමස් එකෙන් අර තරම් පොරවල් එන්නෙ නැත්තෙ ඒකට ශිශ්‍යත්ව කාරයො යන්නෙ නැති නිසා.

      රෝයල් එකේ වගේම ආනන්දෙත් හැම ස්ථරයකම උන් ඉන්නව. සමහරවිට රෝයල් එකේ ඉහලම ලේයර් එකේ උන් ටිකක් වැඩිය ඉන්න ඇති ( ඒත් දැන්නම් උනුත් සී අයි එස්, එලිසෙබෙත් මෝයර් වගේ එව්වට යනව මිස රෝයල් යන්න දුක් විඳින්නෙ නෑ) . ඒ අත්දැකීම වෙන පොඩි ඉස්කෝලෙකින් ගන්න අමාරුයි කියන එක මමත් පිළිගන්නව. හැබැයි ඒක මහා ලොකු බිබික්කමක් නෙමෙයි පොරවල් හැදෙන. ඊට වඩා වෙන්නෙ ඔය ලොකු ඉස්කෝලවල කවුරුත් රාජකාරියෙදි, ජොබ් ව්ලට ගිනිද්දි තමන්ගෙ ඉස්කෝලෙ එකාට තැන දීම නිසා වෙන වාසියයි.

      මම කියන්නෙ බහුතරය ගැන මිසක් එකෙක් දෙන්නෙක් ගැන නෙමෙයි. ඒ හින්ද " අඩෝ මම එහෙම නෙමෙයි" කියල කියන්න එන්න හදන්න කලින් ආයි හිතල බලන්න.

      රෝයල් එකේ මාතලන්ගෙ යාළුවො ආනන්දෙ උන්නට රෝයල් කියන එකේ විරුද්ධ පදේ ආනන්ද වෙන තරමට ඔය ඉස්කෝල දෙකේ උන් ගහ මරාගෙන තීනව, තාම ගන්නව. අන්න ඒ නිසා මම දාපු සාකැස්ම් කමෙන්ට් එක මාතලන් සිරා ගත්ත නිසා තමයි මේ තරම් වත් කෙටුවෙ. නැත්තම් මම ඔය ඉස්කෝල ලොකු කරගෙන නටන නාඩගමට හරිම අකමැති කෙනෙක්.

      Delete
    10. ඉස්කෝලේ මොකක් උනහම මොකද බං. මම නම් ඉන්ටවීව් එකකදි කවදාවත් අහපු නැති ප්‍රශ්ණයක් ඕක. රට දිනපු වැඩි පිරිස ගමෙන් ආපු ගමේ ඉස්කෝලවලට ගිය උන්. ඇයි යකෝ කටක් ඇරලා කොහොමෙයි කියන්නේ ජේ ආරුත් රෝයල්. මහින්දානන්දත් රෝයල්. කොහොමද ක්ලාස් දෙක.

      Delete
    11. හත් ඉලව්වයි. මහින්දානන්දයා Royal ද?

      Delete
  15. ඔන්න මටත් වචනයක් කියන්න අවස්ථාව,
    1. අවුරුදු උත්සවේදි මගෙ කැබ් එක ලඟට ආව හැමෝටම කකාගෙන් පොත් ලැබුනා. (අත්සන් කලේ කැබ් එක උඩ තියගෙන...!)
    2. මම ගියෙත් ආනන්දෙට සහ මගෙ පුතා යන්නෙත් ආනන්දෙට නිසා වසර තිහක් විතර පාසල සමග තියෙන සම්බන්ද කම් එක්ක විවේචන වගේම අමතක නොවන දේත් ගොඩාක් තියෙනවා.
    3. අද මම මේ සිටින තැන මම ඉන්නේ සත් වසරක් මරදානේ සිටි නිසා බව නොපැකිලව කියනවා.(කකාගෙ සිව් වසර අවතක්සේරු කරනවා නොවේ.)
    4. දැනටත් මා සමග අකුරු කල අය අතර ඩාර්ලි පාරේ ස්ටිකර් අලවන යාළුවන් මෙන්ම ෆෝචූන්500 ඩිරෙක්ටර්ලාද, තව එකී මෙකී නොකි බොහෝ ක්ශෙත්‍රවල නිපුනයන්ද සිටී.
    5. කෙසේ උවත් සියලු සමාජ තල නියෝජනය කල ආනන්දීයන්ගෙන් ලැබුනු පන්නරය නිසා අදටත් මා ඕනෑම දෙයකට නොපැකිලව මුහුණ දෙමි.
    6. මෙය ආත්මකතනයක්වත් පොර ටෝකක්වත් නොවන බව පිලිගනිත්වා....!!!

    ReplyDelete
    Replies
    1. කන්නන්ගර මහතාණෙනි
      කෙසේ උවත් සියලු සමාජ තල නියෝජනය කල ආනන්දීයන්ගෙන් ලැබුනු පන්නරය නිසා අදටත් මා ඕනෑම දෙයකට නොපැකිලව මුහුණ දෙමි.

      " බුදු බන වගේ සත්‍යයි"

      නමුත් කකාගේ පොතේ 11 පිට තියන කොට කලිසම් කතාවනම් පිළිගන්න බැ

      සමකාලීන සිසුවෙක් හැටියට මමත් A/L පන්තියට යන කම්ම කොටකලිසම ඇන්දේ එහෙම දෙයක් මටනම් වෙලා නැහැ එසේම එහි සදහන් ඒ ගුරුතුමියගෙන් මමද ඉගෙන ගෙන තිබේ බිත්තර පාන් කතාවේ පරිදි කකා යම් කිසි හීනමානය කින් පෙලුණු බව මට හැඟෙ එය ශිෂ්‍ය නායක කමට කකා ඉදිරිපත් නොවීම මගින් ඔහු මනාව කියා පායි පවුද්ගලික කරුණු මත ආනන්ද මාතවට ගරහන එකද අනුමත කල නොහැක. 13 අවුරුද්දක් එතුල සිට මට මෙවන් කතාවක් ඇසුනේ කකාගෙන් පමණි.කකා හොන්ද වෙලාවට ජෙසුවා ,ජඩයා ,.විදියබන්ඩා . ඇඩ්ඩා ගේ පන්ති වල ඉගෙනගෙන නැත

      ආනන්දයෙන් ඉගෙන ගන්න සියලු දෙනා කැම්පස් යන්න ඕනේ කියාල කෙසේවත් කියා හෝ ලියා නැත නොගිය බොහෝ අය ආනන්දෙට බොක්කෙන්ම ලෑදිය . ඔය කැම්පස් ගිය අයගෙන් කීදෙනෙක් පසුව ආනන්දේ දියුනුවට උදව් කරලා තිබේද . පලවෙනි රක්ෂවටයි කසාද බදින්න කෙල්ලෙක් හොයනකොට විතරයි ඒ අයට ආනන්දේ මතක් වෙන්නේ .
      " මොනවා උනත් කකා ආන්නදෙයෙකි." ඒ අනන්දෙට....... ආනන්දයකි


      Delete
    2. කකා ආනන්දෙ ගැන ලියන්නේ නැතුව, ගණේමුල්ලේ සෙන්ට්‍රල් එක ගැන ලියන්න ඈ.......කවුරුත් දන්න පොරකට ගලක් හරි මල්මාලයක් දැම්මම තමයි කවුරුත් කථා කරන්නේ....පේන විදිහට නම් පොත් ලිවිල්ලත් ඒ වගේ...

      ආනන්දෙට කොනිත්තලා කකා පොඩි ආතල් එකක් ගන්නවා....

      Delete
    3. ඔය කොනිත්තන වෙලාවට සීරියස් පොරවල්...කොනිත්තපු එකාට තරව‍ටු කරනවා....නැත්තං එහම කොනිත්තන එක හොද නෑ කියලා සද්ධර්මය දේශනා කරනවා....

      ඒත් බජාර් එකේ පොරවල් නං සද්ධර්මය ගැන එච්චර කලබල වෙන්නේ නෑ...අනිත් පැත්තට කොනිත්තපු එකාවත් පොඩ්ඩක් කොනිත්තනවා.....හැබැයි කොනිත්තනවා විතරයි ඈ...වෙඩි තියලා මරලා දාන්නේ නෑ...:))

      Delete
    4. වෙඩි තියලා මරලා දාන්නේ නැ කියන්නේ...... ඔයා ඇත්ත තුවකුවක් අතින් වත් අල්ලලා තියනවද? අඩු ගානේ ගල කටස් එකක්වත් , බජාර් ගැන කතා කරන්න කලින් ඒවගේ ඉන්නේ කවුද කියලා දැනගෙන එන්න ,මය්යා ආයුද පාවිච්චි කරන්න , අල්ලලා හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ . අවශ්‍යනම් ලබා දෙන්නම් නිත්‍යානු කුලවම හරි .
      ඒකාලේ එහෙම ශිෂ්‍යන්/ ගුරුවරුන් අතරේ පන්ති බේදයක් තිබුනේ නැ කකාට දනුනා වගේ
      කකාගේ ලිවීමේ තියන සුළු අඩු පාඩුවක් මිස නැති ප්‍රශ්නයක් මවා පැම නොවෙයි කෙරෙන්න ඕනේ

      Delete
    5. කන්නංගර! මේ විචාරය ඇතුළෙ කොහෙවත් ආනන්දය විවේචනයකට යන්නෙ නැහැදැනටත් මා සමග අකුරු කල අය අතර ඩාර්ලි පාරේ ස්ටිකර් අලවන යාළුවන් මෙන්ම ෆෝචූන්500 ඩිරෙක්ටර්ලාද, තව එකී මෙකී නොකි බොහෝ ක්ශෙත්‍රවල නිපුනයන්ද සිටී. මේ කාරණය තමයි ඇත්ත.ඒත් හුගක් අය පාසල ඉදිරියෙන් තබා ගෙන කටයුතු කරමින් යම් ගෝත්‍රික හැසිරීමක නිරත වෙනවා.පාසල ගැන ආඩම්බර වීම අවශ්‍යයයි.එහෙත් එයින් තවෙකක් පාගා දැමීමේ අරමුණක් නොතිබිය යුතුයි.කතන්දරකාරයගේ ලිවීම තුළ පැවසෙන්නෙත් දැනටත් මා සමග අකුරු කල අය අතර ඩාර්ලි පාරේ ස්ටිකර් අලවන යාළුවන් මෙන්ම ෆෝචූන්500 ඩිරෙක්ටර්ලාද, තව එකී මෙකී නොකි බොහෝ ක්ශෙත්‍රවල නිපුනයන්ද සිටී. මේ කාරණයම තවත් විදිහකට.සියල්ල පොදු දේවල් ආණ්ඩුවෙ ස්පිරිතාලෙ වගේ .

      Delete
  16. කාලෙකට පස්සෙ සම්පූර්ණයෙන් කියවපු පොත ඕක තමා.

    ReplyDelete
  17. Matath ekak dunna. Godak mahancy wela parana sed uweem mathak karagena liyala thiyenawa. Kakata suba anagathayak.

    ReplyDelete
  18. ලබන පාර මාත් කමෙන්ට් පොතක් අච්චු ගහල බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනවා..
    මට බ්ලොග් නෑ නේ .. ඕ යේස් .. අස්සං කොරල සීල් එකත් ගහල දෙනව .. !!!

    ReplyDelete
    Replies
    1. සීල් තිබ්බ තැනක්වත් නැතුවැති කියල මං හිතුවේ :P

      Delete
    2. සීල් එක කඩල පාස්වර්ඩ් එකක් දැම්මා .තෝ මගෙන් අහගන්ඩෙපා ඈ :D

      Delete
  19. කකාට පුක දෙන එකේ සිමාවක් නැති හැටි මේ වකපුටයට

    ReplyDelete
    Replies
    1. ආ අටං කොහොමද මචං

      Delete
  20. අපි ඉතින් ආනන්දෙට රෝයල් වලට ගිය ය නොවෙයිනේ බොලව් එක නිසා අපිට මොකටද අනුන්ගේ මැට්ටම් .....අපිට හොඳයි අපේ තම්මැට්ටම් කියලා ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉමු අයිබෝවන්ලා

    ReplyDelete
  21. මට නම් මගේ පාසල විතර එකක්වත් හොද නෑ...ඔය කොළඹ පාසල් වලට ලකුණු කොහෙන්ද ගමේ ශිෂ්‍යත්වය පාස් වෙලා එන ළමයි සැට් එක නැත්තං...සුපිරිම වැඩකරුවො ටිකක් පාසලක ගාල් කරගත්තම...එතැන සුපිරිම විභාග ප්‍රතිඵල එන්න ඕනෙ නේද....ඒත් පහුගිය අ.පො.ස සා/පෙ ප්‍රතිඵල වලින් දිවයිනේ පිරිමි පාසල් වලින් අංක 1 ගත්තෙ මගේ පාසල....

    ReplyDelete
  22. මේ පොත ගැන විචාරය ලියූ නිශ්මං රණසිංහටත් එය තමන් ගේ බ්ලොගයේ පළ කළ නලීන් දිල්රුක්‍ෂටත් ඉතා ස්තුතියි.

    පාඨක ප්‍රතිචාරද රස වින්දෙමි! ස්තුතියි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT