samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


නිලේන්ද්‍ර දේශප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය 'තණ්හා රතී රගා' නව දිල්ලි  නුවර 'දාදාසහෙබ් පල්කේ' සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

 සම්මාන උළෙල පවත්වනු ලැබුවේ 2014 අප්‍රේල් 30 වනදායි.


වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන  උළෙල,  ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැලකෙන දාදාසහෙබ් පල්කේගේ  ජන්ම සංවත්සරයට සමගාමීව පැවැත්වෙන්නක්. ඉන්දියානු සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේ විශිෂ්ටත්වය සැමරීම එහි මූලික අරමුණක්.

Director's+still+02

FILM+STILL+1

Film+Still+2


Film+Still+3

Film+Still+4

Film+Still+5

Film+Still+6

Film+Still+7


හොඳම චිත්‍රපටය 
තණ්හා රතී රගා (සිංහල / දමිල)
අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය 
 නිෂ්පාදනය - නිලේන්ද්‍ර දේශප්‍රිය නිෂ්පාදන 

හොඳම අධ්‍යක්ෂණය 
රාන්ජානා (හින්දි)
අධ්‍යක්ෂණය - ආනන්ද් L. රායි 
 නිෂ්පාදක - ක්‍රිෂිකා ලූලා  
නිෂ්පාදනය - ඊරෝස් ඉන්ටර්නැෂනල් (ඉන්දියාව)

 හොඳම අධ්‍යක්ෂණය සඳහා වන ජූරියේ සම්මානය 
සහීර් (මලයාලම්)
අධ්‍යක්ෂණය - සිද්ධාර්ථ සිවා 
නිෂ්පාදක - සිද්ධාර්ථ සිවා 
නිෂ්පාදනය - 1:1.3 එන්ටර්ටෙන්මන්ට්ස් 

හොඳම සිනමා කැමරාකරණය 
කාෆිරෝන් කී නමාස් (හින්දි)
ආලෝකකරණ අධ්‍යක්ෂණය - A. වසන්ත්  
නිෂ්පාදක - භර්ගව් සයිකියා
නිෂ්පාදනය - ලොරීන් මෝෂන් පික්චර්ස් (ඉන්දියාව)

හොඳම සංස්කරණය 
ඉන් නොමිනේ සටාන් (ඉතාලි)
සංස්කරණය - එම්මැනුවෙල් සේර්ක්විග්ලිනි 
නිෂ්පාදක - එම්මැනුවෙල් සේර්ක්විග්ලිනි 
නිෂ්පාදනය - ටයිම් ලයින් SRL (ඉතාලිය)

හොඳම තිර රචනය 
ජොලී L.L.B (හින්දි)
තිර රචනය - සුභාෂ් කපූර් 
නිෂ්පාදනය - ෆොක්ස් ස්ටාර් සටුදියොස් (ඉන්දියාව)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග 
ගෝ ගෝවා ගෝන් (හින්දි)
අධ්‍යක්ෂණය - රාජ් නිදිමොරු, ක්‍රිෂ්ණා D.K.
නිෂ්පාදක - සයිෆ් අලි ඛාන්, දිනේෂ් විජාන්, සුනිල් ලූලා
නිෂ්පාදනය - ඉලුමිනටි ෆිල්ම්ස් / ඊරෝස් ඉන්ටර්නැෂනල් (ඉන්දියාව)

හොඳම සංගීතය 
ගොලියොන් කී රස්ලීලා - රාම් - ලීලා (හින්දි)
සංගීත අධ්‍යක්ෂණය - සන්ජේ ලීලා බන්සාලි 
නිෂ්පාදක - සන්ජේ ලීලා බන්සාලි 
නිෂ්පාදනය - බන්සාලි  ප්‍රඩක්ෂන්ස් 

හොඳම රංගන ශිල්පියා 
කාෆිරෝන් කී නමාස් (හින්දි)
රංගන ශිල්පියා - ආලෝක් චතුර්වේදී 
නිෂ්පාදක - භර්ගව් සයිකියා
නිෂ්පාදනය - ලොරීන් මෝෂන් පික්චර්ස් (ඉන්දියාව)

හොඳම රංගන ශිල්පිනිය 
සුර්ඛාබ් (හින්දි / පන්ජාබ්)
රංගන ශිල්පිනිය - බර්කා මාදන් 
නිෂ්පාදක - විවේක් කුමාර්, බර්කා මාදන් 
නිෂ්පාදනය - ගෝල්ඩන් ගේට් ක්‍රියේෂන්ස් (ඇමෙරිකාව)

හොඳම සහය රංගන ශිල්පියා
රාන්ජානා (හින්දි)
රංගන ශිල්පියා - මොහොමඩ් සීෂන් 
නිෂ්පාදක - ක්‍රිෂිකා ලූලා  
නිෂ්පාදනය - ඊරෝස් ඉන්ටර්නැෂනල් (ඉන්දියාව)

හොඳම සහය රංගන ශිල්පිනිය 
ගොලියොන් කී රස්ලීලා - රාම් - ලීලා (හින්දි)

රංගන ශිල්පිනිය - සුප්‍රියා පතාක් 
නිෂ්පාදක - සන්ජේ ලීලා බන්සාලි 
නිෂ්පාදනය - බන්සාලි  ප්‍රඩක්ෂන්ස් 

විශේෂ ඇගයීම් 
ගේබ්‍රියෙල් (පෝලන්ත)

අධ්‍යක්ෂණය - මිකොලායි හැරෙම්ස්කි 
නිෂ්පාදක - පාවෙල්  වෙන්ඩෝෆ් 
නිෂ්පාදනය - ඇනිමා (පෝලන්තය)

විශේෂ ඇගයීම් 
කොආන් ඔෆ් ස්ප්‍රින්ග් (වියට්නාම)
අධ්‍යක්ෂණය - ලෝ මා හෝ 
නිෂ්පාදක - නිකොලාස් පිකාටෝ - මාර්ක්-ඔලිවියෙර් ලුවෝ 
නිෂ්පාදනය - පැන්ඩා මිඩියා (ප්‍රංශය)

අපේ රටට ආඩම්බරයත් රැගෙන සම්මානය අතැතිව නිලේන්ද්‍ර ඊයේ කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට ආ මොහොත මෙසේ සනිටුහන් විය.
DSCF4860

DSCF4874

DSCF4901





15 comments:

  1. blogger_logo_round_35

    මේ චිත්‍රපටයෙන් පෙන්වාදෙන කාරනයයි සමාජයට දෙන පණිවිඩයයි මොකක්ද දන්නේනෑ. සමහර විට චිත්‍රපටිය බලන්නම වෙයි.

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEiT0waCbc0WA7jE5QiWbgMkTmE1SQbTiGL4ceyk1V6CfymG0bKnfGVFdJeyN_EdwywxMfKZ65WgdD-Qk2TpgnfNxlt4HL555fU2_JVqyg8rD285CqXTmAtOqelf85F7VBM/s45-c/

      චිත්‍රපටි හෝ නාට්‍ය තුලින් මිනිස්සුන්ට එක එක ඒවා පෙන්වා දෙන්න හෝ පණිවිඩ දෙන්න ඕනේ'මයි කියල නීතියක් කොහෙවත් නෑ.

      Delete
  2. blank

    මේ ෆිල්ම් එක බලන්න පුදුම උනන්දුවකින් ඉන්නේ. එකක් තමයි සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනය ගැනත් කේමදාස මාස්ටර්ගේ දුව ගයත්‍රි කේමදාසගේ මියුසික් නිසාත්.

    නිලේන්ද්‍ර දේශප්‍රිය ඇතුළු කංඩායමට සුබ පැතුම්!!

    ReplyDelete
  3. 12957658_981562591899718_5460096581317172886_o

    නිලේන්ද්‍ර දේශප්‍රිය සහ කණ්ඩායමට සුබ පැතුම්…!!!

    ReplyDelete
  4. .com/img/b/R29vZ2xl/AVvXsEhS0_EKBtCZT7b_f6-NBJN_Qblrx2yN8zwcEGcmNs81Zt6E90YaqVZZy3EohcAEYtLtvpv9Zm6ch8foQDY9viUyvAnxwFuicd97BaoZEFPvyVbMxZcVt4uuKvcKgbBOCQ/s45-c/
  5. FB_IMG_1561654098205

    සංසාරෙදි අහලා නැති සිනමා උළෙලවල් වලින් සම්මාන 100 ක් ගෙනාවත් වැඩක් තියෙනවද. මේකත් අළුත්ම පාජවක් තමයි. අර සෑම් වගේ. මල ජරාවක් ඒ සෝ එක.

    ReplyDelete
    Replies
    1. blank

      සැමීගේ කථාව බැලුවම හිතුනේ එ් වෙලාවේ බාගයක් ගැහුවනං කොච්චර අාතල්ද කියලා..

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      හෙහ් හෙහ් .. ඒව හොඳ වැඩ.

      Delete
  6. blogger_logo_round_35

    නලින් අයියේ ස්තුතයි.. මම අහමිබෙන් වගේ Beetle ලායනakuru blog එකට ගියා එක නියමයි. සුපිරියි.
    ඌ තවත් ඉවාන් කෙනෙක්

    ReplyDelete
  7. blank
  8. blogger_logo_round_35

    බලමු මෙකේවත් වෙනසක් තියේද කියලා. සිංහල සිනමාවේ එක්කෝ තියෙන්නේ රැල්ලට යන ඒවා නැත්නම් අතාත්වික ඒවා.

    ReplyDelete
  9. blogger_logo_round_35
  10. blogger_logo_round_35

    ලාංක්‍රීය නාමය ලොව පුරා ගෙන යාම වෙනුවෙන් අපෙන් දිරිය සිබ පැතුම්......

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  11. .com/img/b/R29vZ2xl/AVvXsEiT0waCbc0WA7jE5QiWbgMkTmE1SQbTiGL4ceyk1V6CfymG0bKnfGVFdJeyN_EdwywxMfKZ65WgdD-Qk2TpgnfNxlt4HL555fU2_JVqyg8rD285CqXTmAtOqelf85F7VBM/s45-c/

    මම මේ ෆිල්ම් එකේ ප්‍රිමියර් එක බැලුවා. තවම වැඩි දෙනෙක් බලල නැති නිසා මගේ අදහස කෙටියෙන් කියන්නම්.
    >
    සරලවම කිව්වොත් පුද්ගලිකව හොඳ ෆිල්ම් එකක් කියලා මම අදහස් කරන්නේ, රසවින්දනය අතින් මාළු ලෑල්ලේ තෝමස් අයියගේ ඉඳං සම්භාව්‍ය ටෝක්ස් වලින් ෆිල්ම් ඇනලයිස් කරන මහාචාර්ය මහත්තුරු වෙනකන් හැම තලයකම අයට විඳින්න/කියවගන්න දෙයක් තියෙන ෆිල්ම් වලට...
    බ්ලොග් ලිපියකින්ම උදාහරණයක් දෙනවනම්, මාස කීපෙකට කලිං ඔමාගේ හීන බ්ලොග් එකේ ලිපියකින් විස්තර පලවුනු gari's game වගේ ෆිල්ම්.
    කෙටි හෝ දීර්ග චිත්‍රපටි වේවා , ඒ වගේ ෆිල්ම් වලට, මිනිස්සුන්ගේ සියලු රසවින්දන පරාස විනිවිද යන්න පුළුවන්.
    හැබැයි ඒ ගොඩට දාන්න බැරි සියලු ෆිල්ම්, ෆිල්ම් නොවනවා නොවෙයි.
    >
    තණ්හා රති රඟා ' ෆිල්ම් එකේ "මාරයි" , "පට්ටයි" වගේ කියන්න තරම් දෙයක් පුද්ගලිකව මට නෑ. හැබැයි ලංකාවේ හැදෙන ගොඩක් ෆිල්ම් වලට සාපේක්ෂව මට මේ ෆිල්ම් එක හොඳයි.
    ජාතක කතා,බණ කතා දාල හදන කබල් චිත්‍රපටි වලට පොදුවේ මිනිස්සු බහුතරයකගේ තියෙන ප්‍රසාදය දිහා බලද්දී , කවදාහරි ලංකාවේ හොඳ සිනමා කර්මාන්තයක් ගොඩනගන්න නම් ක්‍රමයෙන් මිනිස්සුන්ගේ රහ වෙනස් කරන්න හැදෙන්න ඕනේ, "තණ්හා රති රඟා" මට්ටමේ ෆිල්ම් කියලයි මම හිතන්නේ... හේතුව, "රහ" කියන්නේ ක්‍රමයෙන් වෙනස් කළහැකි දෙයක් කියලා මම හිතන නිසා... මොකද, ලෝක මට්ටමේ චිත්‍රපටි බැලුවා කියල මෙහෙම මිනිස්සුන්ගේ කිසි වෙනසක් වෙන් නෑ.
    *** (හැබැයි , කලා රසවින්දනය තියා, ජිවිතේ සාමාන්‍ය සරල දෙයක්වත් ආගමික දෘෂ්ටියෙන් මිදිලා දකින්න/හිතන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්න රටක , "ඒ අවුලම" රටේ සංස්කෘතිය,අධ්‍යාපනය වැනි දේ තුලින් තවදුරටත් පවත්වාගෙන යන/නඩත්තු කරන රටක හොඳ සිනමා කර්මාන්තයක් කියන්නේ හීනයක් විතරයි)
    >
    ෆිල්ම් එක ඇතුලේ රුප මගින් කතාවට අදාලව විවිධ සඥා භාවිත කරලා තියෙන විදිහටත් මම කැමතියි. හැබැයි අර නයා අරින එක නම් හරි ප්‍රාථමිකයි.
    >
    ජාත්‍යන්තර සම්මාන උළෙලකින් සම්මානයක් ලැබෙන එක ලෝක මට්ටමෙන් නම් ලංකාවට හොඳයි.(එම උළෙලේ තත්වය කුමක් වුවත්..)
    හැබැයි, ඒවගෙන් ලංකාවේ පොදු බහුතර ප්‍රේක්ෂකාගාරේ නම් වෙනසක් වෙන්නේ ගණන් ගන්න පුළුවන් මට්ටමකින් නෙමෙයි. අපේ ප්‍රේක්ෂකාගාරේ හැපනිග්ස් වෙන්න නම් අර flying fish වලට උනා වගේ පජාති සිද්දි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEiT0waCbc0WA7jE5QiWbgMkTmE1SQbTiGL4ceyk1V6CfymG0bKnfGVFdJeyN_EdwywxMfKZ65WgdD-Qk2TpgnfNxlt4HL555fU2_JVqyg8rD285CqXTmAtOqelf85F7VBM/s45-c/

      gari's game කෙටි චිත්‍රපටිය ගැන ඔමාගේ හීන බ්ලොග් එකේ තිබුණු ලිපිය -
      ෆිල්ම් බලලා චිත්තරපටි හැදීම (Geri's Game )

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT